Tuesday, May 2, 2023

"මිහිමඬලේ අරුමැසි උරුමය -ජලය" 


ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන ජලය පෘථිවි තලය මත ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරයි.හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අණු සංයෝග වීමෙන් සැකසී ඇති ජලය ඝණ, ද්‍රව,වායු යන අවස්ථා 3න් පෘථිවි තලය මත හඳුනා ගත හැකිය. ජලය පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් පමණ ඇති සියලුම ජලයෙන් 96.5% ක් සාගර තුළ ලුණු ජලය ලෙස අඩංගු වන අතර ඉතිරි 3.5% මිරිදිය විල් සහ ශීත කළ ජලය ග්ලැසියරවල සහ ධ්‍රැවීය අයිස් තට්ටුවල සිරවී ඇත.මිනිස් පරිභෝජනය සඳහා ඉතා සීමිත ජල මට්ටම අද වන විට ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් මත විශාල වශයෙන් දූෂණයට ලක් ව ඇත.කර්මාන්තශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය,සුපෝෂණය,කෘෂි රසායනික;නොදිරන අපද්‍රව්‍ය ; රෝග කාරක විෂ බීජ;සතුන්ගේ මල පහ ආදිය ජලයට එකතුවීම,තෙත්බිම්වල කුණු කසල පිරවීම,හදිසි අනතුරු නිසා වන ජල දූෂණය.

(උදා-කොළඹ වරාය අවට තෙල් නැව්වලින් ඇති වන අනතුරු),කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම ආදිය මගින් ජල දූෂණය සිදු වේ.මෙසේ සිදුවන ජල දූෂණය ජීවි පැවැත්ම කෙරෙහි අනිසි බලපෑමක් නිතැතින් ම එල්ල කරයි.ජීවින්ට ලෙඩ රෝග ඇති වීම;ගංගා දූෂණය වීම නිසා උදරාබාධවලින් ලෝක ජනතාව වසරකට මිලියන 5ක් පමණ මිය යති. මිනිසුන්ගේ අවශ්‍යතාවලට යොදා ගැනීමට නොහැකිවීම,නිසි ජල සැපයුමක් නොමැති වීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම වැනි කිසිදා මුහුණ නොදුන් අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදුවනු ඇත.මේ නිසා මිහිමවගේ අරුමැසි ත්‍යාගය සුරක්ෂිත කිරීම ඔබගේත් මාගේත් නියම යුතුකමකි.

Leo Shasheema Piyumi


 

  1. ත්‍රිමාන සිනමා තාක්ෂණය 


ඩිජිටල් ප්‍රක්ෂේපණය සහ උසස් තත්ත්වයේ ශබ්ද පද්ධති ඇතුළු නවීන තාක්‍ෂණයෙන් සිනමාව අද වන විට පුළුල් පරිවර්තනයකට බදුන් වී ඇත. ත්‍රිමාන සිනමා තාක්‍ෂණය එයට කදිම නිදසුනකි.ත්‍රිමාන සිනමා තාක්ෂණය අද ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙරට ද ත්‍රිමාන තාක්ෂණයෙන් සිනමාපට ප්‍රදර්ශනය කරන සිනමාශාලා කීපයක්ම ඇත. නිදසුනක් ලෙස සැවෝයි ත්‍රිමාන සිනමා ශාලාව සුවිශේෂී වේ. එමෙන්ම අද වන විට සිනමාශාලවලට අමතරව ත්‍රිමාන තාක්ෂණයෙන් යුත් රූපවාහිනී යන්ත්‍රද නිපදවා ඇත. මෙමගින් නිවසේ සිටම ත්‍රිමාන සිනමා අත්දැකීම් ලබා ගැනිමට අපට හැකියාව ලැබී ඇත. විශේෂ කණ්නාඩියක් පැළද මෙම සිනමාපට නැරඹීම නිසා විවිධ රෝග (හිසරදය,කායික අපහසුතා)  හට ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඇති කැමැත්ත ඉන් අඩුව ගොස් නැත.ත්‍රිමාන සිනමාපට නිර්මාණය සදහා එම දර්ශන කැමරාගත කළ යුත්තේද  ත්‍රිමාන සිනමා කැමරාවක් ආධාරයෙනි. විවිධ වෙළද නාම යටතේ මෙම ත්‍රිමාන කැමරා මිලදී ගැනීමට තිබේ. එමෙන්ම සිනමා ශාලාවේ තිරය මතට අදාළ දර්ශන ලබා දීමට ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙකක් මෙහිදී යොදා ගනී. ත්‍රිමාන ආකාරයෙන් සැකසූ දර්ශන ප්‍රධාන වර්ණ දෙකට බෙදා මේ එක් එක් ප්‍රක්ෂේපණ යන්ත්‍ර හරහා යම් ආනතියකට තිරය වෙතට දර්ශන ලබා දීමක් සිදු කරනු ලබයි.

මේ වන විට , නව ත්‍රිමාණ රූප තාක්ෂණයන් අතරින් රියල් ඩී තාක්ෂණය වඩාත් බහුලව භාවිතා වේ. පැරණි ත්‍රිමාණ තාක්‍ෂණයේ මෙන් නොව, රියල් ඩී පද්ධති සමඟ පැළඳ සිටින කණ්නාඩි වර්ණවත් නොවේ. මෙය විශේෂත්වයකි. ඩොල්බි ත්‍රිමාන තාක්ෂණයද අද වන විට බහුලව යොදා ගනී.ලොව පළමු ත්‍රිමාන සිනමාපටය ලෙස සැලකෙනුයේ 1992 වසරේදී තිරගත වූ “The Power of Love” සිනමාපටයයි.Avatar, Gravity, How to train your dragon, The walk වැනි ත්‍රිමාන සිනමාපට ඉතා ජනාදරයට මෙන්ම ඉහළ ආදායම් ලැබීමටද සමත් විය.සිනමා ශාලාවලට අමතරව දිනෙන් දින වර්ධනය වන ත්‍රිමාන තාක්ෂණයෙන් යුත් රූපවාහිනි, වීඩියෝ ක්‍රීඩා පද්ධති, මෙන්ම ජංගම දුරකථන මගින් ද පසක් වනුයේ මෙම අද්විතීය නැරඹුම් අත්දැකීම අත්හදා බැලීමට සහ භුක්ති විඳීමට පුද්ගලයන් කොතරම් රුචිකත්වයක් දක්වනවා ද යන කරුණයි.ත්‍රිමාන තාක්ෂණයේ හෙට දවස විප්ලවීය වෙනසකින් අවසන් වනු නොවනුමානය.


 Leo Thiwasha Nethmi


 


Christmas is fun 

For everyone

Soft,Shimmering snow

You can throw

The snow is as cold as ice cream 

And like snowy frost is a dream

Santa and Rudolph soaring through the starry sky

Gifts of the sleigh are piled up high

He coutiously creeps like a mouse...

Down the chimney and into the house !

The pile of presents is a mountain of joy

A train set,some dolls and cuddly toy

The childrens' faces are full of glee

As they open their presents by the tree

The dinner is a banquet fit for king and Queen 

It's the most wonderful Christmas 

I 've ever seen...! 


 -Nuwanshi Nawodika

 Faculty of arts-


 🎄 නත්තල🎄

හැමතැනම නත්තල් 

වචනයෙන් විතරක්ද ?

දුප්පතුන් බඩගින්නේ 

ඒ නත්තලේ අසිරියද ?

මත් දුම් රැලි අතරේ පොහොසතුන් රැගුමක්

ජේසු එක්ක සැබෑ නත්තලක් 

ඒක අද අපිට හීනයක් ....


-Oshara

 Faculty of arts-


 සාමයේ කුමරුන් ලොවට දායාද කළ නත්තලේ සැබෑ අරුත 


     නත්තල වූ කලි ජේසු බිලිදාගේ උපත සිහිපත් කරමින් සමරන භක්තිය උතුරා යන, නැති බැරි අයට ඇති හැකි අය විසින් උදව් උපකාර කෙරෙන අවස්ථාවකි.ගව ලෙනක උපත ලබා ලෝක සත්ත්වයාට විමුක්තිය ලබාදීමට සිය ජීවිත කාලය ඇප කැප කළ උන් වහන්සේ මිනිස් වර්ගයා වෙනුවෙන්ම සිය ජීවිතය පුද කළ අයෙකි.එබැවින් අද රට පුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතී ගී වල  සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි  නාද වනු ඇත.

      නත්තලේ සැබෑ අරුත වන්නේ එකිනෙකා තුළ සාමය සහෝදරත්වය හා ආදරය පැතිරවීම සහ බෙදා ගැනීමයි.එහෙත් වත්මන් සමාජය නත්තලේ සැබෑ ආධ්‍යාත්මික අරුත අමතක කර දමා  ලෞකිකත්වයට මුල්තැන දෙමින් එකිනෙකා පරයා නැගී සිටින්නට උත්සාහ ගන්නා බව පෙනී යයි.නමුත් අප කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් මානව දයාවේ පණිවුඩය සෑම දනන් තුළ  පතුරුවන්නට ක්‍රියා කිරීමයි.

      මෙහිදි සාමය පිළිබඳ ව අර්ථ නිරූපණයෙහි යෙදෙන බයිබලය, සාමය සිරස්‌ අතට හා තිරස්‌ අතට විහිද යන්නක්‌ බව පැහැදිලි කරයි.සිරස්‌ අතට විහිදෙන සාමයෙන් අදහස්‌ වන්නේ මිනිසා සහ දෙවියන් අතර ඇතිවන සාම සබඳතාවයි.තිරස්‌ අතට විහිදෙන සාමය යනු මිනිසා තමා අතරත්,මිනිසා සහ මිනිසා අතරත් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා සහනශීලතා සම්බන්ධතා ය.එනම් සාමය සෑම අස්සක් මුල්ලක් නෑර ම ස්පර්ශ කරන බැව් මේ අර්ථ නිරූපණයෙන් පැහැදිලි වෙන අතර ම නත්තල අර්ථවත් කරන්නේ සාමය ම බැව් ද සපථ වේ.

     කෙසේ නමුත් නූතන සමාජය වෛරයෙන් ඔද්දල් ව ප්‍රේමයෙන් දුරස්ථ ව ගිය බවක් පෙන්නුම් කෙරෙයි.සමාජයේ පහළ ම ස්ථරයේ සිට ඉහළ ම ස්ථරය දක්වා ගැටුම විසින් සමාජය ගිලන් කර තිබේ.එනම් දිනෙන් දින අපට ඇසෙන්නට ලැබෙන්නේ මානව ගරුත්වය කෙලෙසන සිදුවීම් ගැන යි.ලෝක මට්ටමෙන් ගත්ත ද බරපතළ යුද ගැටුම් නිසා ආගමික වෛරය මතු වී ඇති අවස්ථා අපමණය.මෑත කාලිනව සමස්ත විශ්වීය මානව වර්ගයාම කොතරම් අභියෝග,බාධක වලට මුහුණ පෑවද අප සෑම කෙනෙකුගේම ජිවිතය  මොහොතකින් තණ අග පිනි බිඳු සේ වියැකී යා හැකි බව තවමත් ආගන්තුක සේ වී ඇත. මේ සියල්ල පසුපස ඇත්තේ අසීමිත වෛරයයි.නමුත් වැපිරිය යුත්තේ සාමයයි.සාමය වැපිරීමට අවැසි වන්නේ ලයාන්විත හදවතක් පමණී.එකී හදවතක් සතු වෙන්නේ අනෙකා වෙනුවෙන් කැප වෙන, වද වෙන සොඳුරු ඉවසන සිතක් ඇත්නම් පමණී.එබැවින් එය අමතක නොකරන ජනතාවක් අවැසි ව තිබේ.

       ඒ අනුව නත්තලෙහි අභිමතාර්ථය වන්නේ ඡේසු සමිදාණන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය අනෙකා සමඟ බෙදා හදා ගැනීම ය. ඡේසුතුමන් "සාමයේ කුමරා" ලෙසින් හැඳින්වෙන්නේ මේ නිසා ය.නත්තල නිමිතිකොට සාමය පතුරුවන්නේ තමන්ට ඇති සම්පත් අසරණ අය සමඟ බෙදා හදා ගැනීමෙනි.මෙය ඈත අතීතයේ සිට ම පැවත ආ කිතුනු සාරධර්මයකි.

       මේ අනුව බලන විට නත්තලේ පණිවුඩය මිහිමත සුසිල් ජනතාවට සාමය උදාවේවා යන්න යි.සැබෑවින්ම මෙදා නත්තල සාමය, සාධාරණත්වය හා සංහිඳියාව අපේක්ෂාවෙන් සිටින සැමට අභියෝගයක්.එහෙත් අපේ ඒකායන අරමුණ විය යුත්තේ සාමය නම්,සංහිඳියාව නම් සුරදූත ගීතයට සවන් යොමුකර නත්තල සැමරීම යි.එනම් අප නත්තල අප දැකිය යුත්තේ අරුණෝදයේ එළැඹුමක් ලෙස ය.එසේම නොයෙකුත් ආර්ථික අපහසුතා මැද එළැඹි නත්තල සැමගේම නත්තලක් වෙන්නට නම් සවිඥානික විය යුතු බවද මේ නත්තල දා ආවර්ජනය කළ යුතුම කාරණාවකි.කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද එකිනෙක හා බෙදාහදා ගනිමින්,නැති බැරි අයට ශක්තියක් වෙමින් උදා වු නත්තල මිනිස් වටිනාකම් ජිවත් කරවන සැබෑ නත්තලක් කරගන්න.

     

  තරුෂිකා සෙව්වන්දි 

  පළමු වසර

  ශාස්ත්‍ර පීඨය

  කොළඹ විශ්ව විද්‍යාලය


 🎄🎄නත්තලේ හිමිකම🎄🎄


බලාපොරොත්තුවේ ආලෝකය 

තිබෙන්නේ තවමත් ඈත

පතයි මිනිසුන් තවම

සාමය සතුට සැනසීම

අවැසි නම් රජුනි

දෙන්න දුප්පතුන්ට නත්තල

නොලැබුණු සාමය සතුට

................................

ලැබෙන තුරු බලා සිටිති 

නත්තල දා තවමත් දොරකඩ 


කාංචනා ඒකනායක 

පලමු වසර 

ශාස්ත්‍ර පීඨය


 "The  blessing season,

           Is the Christmas "


The end of the year, 

with the coolest winter, 

we are waiting for the

Warm gifts  from you.

Dear Santa, 

surely we are waiting for you.


Christmas bells are ringing 

We know that you are on the way 

With lovely friend ,"Snow Deer"

To accept our heartfull welcome !


The star of venus is sparkling in the heaven 

With the wind, 

Your blessing sound 

Is echoing.

Believe! That's the magic blessing 

Of the new year...


Let there be peace on the earth

Santa,you save the joy in the coolest December,

On innocent hearts...

Let's spread the beauty of the peace 

In the Merry Christmas!!!

 

   - Kasuni Sankalpana 

    Faculty of Arts-


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...