Tuesday, May 2, 2023

 

  1. ත්‍රිමාන සිනමා තාක්ෂණය 


ඩිජිටල් ප්‍රක්ෂේපණය සහ උසස් තත්ත්වයේ ශබ්ද පද්ධති ඇතුළු නවීන තාක්‍ෂණයෙන් සිනමාව අද වන විට පුළුල් පරිවර්තනයකට බදුන් වී ඇත. ත්‍රිමාන සිනමා තාක්‍ෂණය එයට කදිම නිදසුනකි.ත්‍රිමාන සිනමා තාක්ෂණය අද ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙරට ද ත්‍රිමාන තාක්ෂණයෙන් සිනමාපට ප්‍රදර්ශනය කරන සිනමාශාලා කීපයක්ම ඇත. නිදසුනක් ලෙස සැවෝයි ත්‍රිමාන සිනමා ශාලාව සුවිශේෂී වේ. එමෙන්ම අද වන විට සිනමාශාලවලට අමතරව ත්‍රිමාන තාක්ෂණයෙන් යුත් රූපවාහිනී යන්ත්‍රද නිපදවා ඇත. මෙමගින් නිවසේ සිටම ත්‍රිමාන සිනමා අත්දැකීම් ලබා ගැනිමට අපට හැකියාව ලැබී ඇත. විශේෂ කණ්නාඩියක් පැළද මෙම සිනමාපට නැරඹීම නිසා විවිධ රෝග (හිසරදය,කායික අපහසුතා)  හට ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඇති කැමැත්ත ඉන් අඩුව ගොස් නැත.ත්‍රිමාන සිනමාපට නිර්මාණය සදහා එම දර්ශන කැමරාගත කළ යුත්තේද  ත්‍රිමාන සිනමා කැමරාවක් ආධාරයෙනි. විවිධ වෙළද නාම යටතේ මෙම ත්‍රිමාන කැමරා මිලදී ගැනීමට තිබේ. එමෙන්ම සිනමා ශාලාවේ තිරය මතට අදාළ දර්ශන ලබා දීමට ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙකක් මෙහිදී යොදා ගනී. ත්‍රිමාන ආකාරයෙන් සැකසූ දර්ශන ප්‍රධාන වර්ණ දෙකට බෙදා මේ එක් එක් ප්‍රක්ෂේපණ යන්ත්‍ර හරහා යම් ආනතියකට තිරය වෙතට දර්ශන ලබා දීමක් සිදු කරනු ලබයි.

මේ වන විට , නව ත්‍රිමාණ රූප තාක්ෂණයන් අතරින් රියල් ඩී තාක්ෂණය වඩාත් බහුලව භාවිතා වේ. පැරණි ත්‍රිමාණ තාක්‍ෂණයේ මෙන් නොව, රියල් ඩී පද්ධති සමඟ පැළඳ සිටින කණ්නාඩි වර්ණවත් නොවේ. මෙය විශේෂත්වයකි. ඩොල්බි ත්‍රිමාන තාක්ෂණයද අද වන විට බහුලව යොදා ගනී.ලොව පළමු ත්‍රිමාන සිනමාපටය ලෙස සැලකෙනුයේ 1992 වසරේදී තිරගත වූ “The Power of Love” සිනමාපටයයි.Avatar, Gravity, How to train your dragon, The walk වැනි ත්‍රිමාන සිනමාපට ඉතා ජනාදරයට මෙන්ම ඉහළ ආදායම් ලැබීමටද සමත් විය.සිනමා ශාලාවලට අමතරව දිනෙන් දින වර්ධනය වන ත්‍රිමාන තාක්ෂණයෙන් යුත් රූපවාහිනි, වීඩියෝ ක්‍රීඩා පද්ධති, මෙන්ම ජංගම දුරකථන මගින් ද පසක් වනුයේ මෙම අද්විතීය නැරඹුම් අත්දැකීම අත්හදා බැලීමට සහ භුක්ති විඳීමට පුද්ගලයන් කොතරම් රුචිකත්වයක් දක්වනවා ද යන කරුණයි.ත්‍රිමාන තාක්ෂණයේ හෙට දවස විප්ලවීය වෙනසකින් අවසන් වනු නොවනුමානය.


 Leo Thiwasha Nethmi


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...