Friday, August 11, 2023

W3 Article 04


 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 4

 

ආහාර කල් තබා ගන්නා ඉපරැණි ක්‍රම

 

අප පරිභෝජනයට ගන්නා සෑම ආහාරයක් ම නරක් වීමට භාජනය වන අතර ආහාරයක් නරක් වීමට ජීව විද්‍යාත්මක මෙන් ම රසායනික සහ ⁣භෞතික හේතු වැනි හේතූන් ගණනාවක් ම බලාපනු ලබයි. මෙලෙස පරිභෝජනය කරනු ලබන ආහාර නරක් වීම වළක්වා ගැනීමට විව්ධ ක්‍රම භාවිත කරයි. මෙලෙස විවිධ වූ ක්‍රම උපයෝගි කර ගනිමින් ආහාර නරක් නොවී කල්තබා ගැනීමට  අපේ පැරැන්නන් කාලයේ සිට ම කටයුතු කර තිබේ.

 

මෙලෙස පරිරක්ෂණ ක්‍රම සරල සහ නවීන තාක්ෂණික ආදී වශයෙන් හැදින්විය හැකි අතර තක්ෂණික ක්‍රම වෙනුවට සරල පරිරක්ෂණ ක්‍රම විශාල වශයෙන් ගෘහණියන් අතීතයේ සිට ම උපයෝගි කර ගෙන තිබේ. ඒ අනුව කොස්, දෙල් වැනි ආහාර වැඩි වශයෙන් ඵලදාව දරන කාලවල ඒවා වියළා අටු කොස්, දෙල් වියළීම ආදි වශයෙන් නවීන ආහාර වර්ග සෑදීම අතීතයේ පටන් පැවති කල්තබා ගන්නා ක්‍රමයකි. එසේ ම ඇතැම් කාලවල දෙහි ඵලදාව අතිරික්ත වූ විට ලුණු දෙහි දැමීම අතිරික්ත දෙහි ප්‍රමාණයෙන් සිදු කරයි. මෙය අතීතයේ භාවිතා කරන ලද ඉතාමත් ජනප්‍රිය පරිරක්ෂණ ක්‍රමයකි.

 

මීට අමතර ව අලවලින් දෝසි සෑදීම ද අතීතයේ දී භාවිත කරන ලද්දකි. මෙය විශේෂයෙන් ම ස්වයං රැකියාවල නිරතවන්නන් බහුල ව භාවිත කරන්නකි. ඒ හා සමාන ව චට්නි සෑදිම, සෝස් සෑදීම ද ඉපැරණි සමයේ සිට අද වන තෙක් භාවිත කරන ලද පරිරක්ෂණ ක්‍රමයකි. මෙය ද ස්වයං රැකියාවල නිරතවන කාන්තාවන්, පිරිමින් විසින් සිදුකරනු ලද කටයුත්තකි. මෙලෙස ආහාර කල්තබා ගැනීම සදහා උපයෝගි කරගන්නා පරිරක්ෂණ ක්‍රම නිසා ම ඇතැමුන්ට ඒ හරහා අමතර ආදායමක් ඉපයීමට ද හැකියාව ලැබේ. එය මෙම පරිරක්ෂණ ක්‍රම මගින් සැලසෙන තවත් වාසියකි.

 

එසේ ම මුහුදු බඩ ප්‍රදේශවල මෙන් ම අනෙකුත් ප්‍රදේශවල ද භාවිතා කරන තවත් ඉපරැණි ආහාර කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස ඇඹුල් තියල් නම් කළ හැකිය. මාළු ඇඹුල් තියල් යනු නම් ඇසු පමණින් කටට කෙළ උනන ප්‍රණීත වූ ආහාරයකි. ඇඹුල් තියල් සෑදීම තුළින්ද මාළු නරක් නොවී කල් තබා ගත හැකිය.

 

ඉහත සදහන් කළ සෑම ආහාරයකින් ම වනුයේ ආහාර නරක් වීමට බලපාන හේතු පාලනය කිරිමක් වන අතර ඒ හරහා ආහාරවල සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අක්‍රිය වීමක් ද ආහාරයේ අඩංගු එන්සයීන විනාශ විමක් ද සිදු වී ආහාර දිගු කලක් නරක් නොවී කල්තබා ගත හැකි තත්ත්වයට පත් වේ.

 

විශේෂයෙන් ම අතීතයේ පුද්ගලයින් ආහාර නරක් වීම පාලනය කිරිම උදෙසා පමණක් නොවන අතර අතිරික්ත ආහාර කල්තබා ගැනීමට ද මෙලෙස මෙම පරිරක්ෂණ ක්‍රම උපයෝගි කරගෙන තිබේ. අද වනවිට එම ඉපරණි කල්තබා ගන්නා ක්‍රම හරහා අමතර ආදායමක් ලබන තත්ත්වයට පවා ඇතැම් පුද්ගලයින් පත් ව තිබීම රටේ ආර්ථිකයට සේ ම තමන්ට ද සැලසෙන වාසියකි. එනම් අද පටන් ඔබත් ආහාර ඉවත නොදමා කල්තබා ගැනීමට උචිත ක්‍රම උපයෝගි කරගනිමින් ඒ හරහා රටට සේ ම තමන්ට ද වැදගත් වූ යමක් සිදුකිරිමට අදිටන් කරගත යුතු ය.

 

අපගේ මීළග ලිපිය හරහා E-Waste” යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By,

Leo Pavani Kasuntha

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


W3 Article 03


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 3

 

ආහාර සහ ජලය මිනිසාගේ යහ පැවැත්මට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවියට අත්‍යවශ්‍යම සාධක දෙකකි. ඒවා ක්‍රමවත්ව හා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව අප දැනුවත් වූවද, අප ඒවා සැබවින්ම ක්‍රියාත්මක කරනවාද?

 

කෑම මේසයකදී ආහාර බෙදා ගත් පසු, “මට තව කන්න බෑ, මේක රහ නෑ, මට ඇති ලෙස සිතා හෝ පවසා කෙතරම් ආහාර ප්‍රමාණයක්  විසිකර ඇත් ද?

 

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 2021 ආහාර අපද්‍රව්‍ය දර්ශකයට අනුව, ලෝකයේ සෑම වසරකම ආහාර අපද්‍රව්‍ය ටොන් මිලියන 931ක් නිෂ්පාදනය කරන අතර එයින් ටොන් 569ක් පැමිණෙන්නේ කුටුම්භවලිනි.

 

පොදු ජල නළයක හෝ නිවසේ ජල කරාමයක ඉඳුල් සේදීමේදී, රෙදි සේදීමේදී අපි නොදැනුවත්වම ජල කරාමය අධික ලෙස විවෘත කිරීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙවතාවක් තෙවතාවක් සේදීම සහ ජල කරාමය නිසිලෙස නොවැසීම අනන්ත වතාවක් සිදු වෙයි.

 

පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) ඇස්තමේන්තුවට අනුව සාමාන්‍ය නිවසක දිනකට ජලය ගැලුම් 90ක් අපතේ යන බව දක්වයි.

 

මෙම නාස්තිය වළක්වා ගැනීමට අපට කළ හැකි සරල දේවල් ,

 

දිනකට හෝ වේලකට සරිලන  පරිභෝජනයට ප්‍රමාණයවත් ආහාර පිස ගන්න.

 

ආහාර අවශ්‍ය ප්‍රමාණයට පමණක් බෙදා ගන්න.

 

ජලය පුරවා ගැනීමෙන් පසු ජල කරාමය හොඳින් වසා ඇද්දැයි පරික්ෂා කරන්න.

 

පෞද්ගලික ජල පරිභෝජනයේදී, නාස්තිය අවම කිරීම.

 

මෙවැනි කුඩා පියවර කිහිපයක් තුළින් අත් කර ගත හැකි ප්‍රතිඵල බොහොමයකි.

 

අපගේ මීළග ලිපිය හරහා ආහාර කල්තබා ගන්නා ඉපැරැණි ක්‍රම යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Fathima  Nehala

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives

Thursday, August 10, 2023

W3 Article 02


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 2

 

අද අපි කතා කරන්නේ පරිභෝජනයෙන් පසු ඉවතලන ප්ලාස්ටික්  නැවත භාවිතයට ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ යි.

 

ඒ සදහා අපි කොළඹ විශ්වවිද්‍යාලයීය ZeroPlastic Colombo Communityහි සාමාජිකාවක් වන කවීෂා හංසි සොයුරියව සම්බන්ධ කරගත්තා.

 

ආයුබෝවන් කවීෂා  - ආයුබෝවන් ශානි

 

ඇත්තටම කවීෂා  අපි එක්වරක් භාවිතා කරලා ඉවත් කරන දේවල් නැවත භාවිතයකට ගන්න පුලුවන් කියන කතාව ඇත්තක් ද?

 

ඔව් අනිවාර්යයෙන් , හැම දෙයක් ම නෙමෙයි නමුත් බොහෝ ද්‍රව්‍ය එක් වරකට වඩා භාවිත කරන්න පුළුවන්.

 

එවැනි අවස්ථාවන්ට උදාහරණ කිහිපයක් කිව්වොත්?

 

ප්ලාස්ටික් , රෙදි , ලී ,වීදුරු වගේ අමුද්‍රව්‍යවලින් නිපදවන  භාණ්ඩ නැවත භාවිතයට ගන්න පුළුවන් සහ ඒවා ප්‍රතිචක්‍රිකරණය කරලා නව නිෂ්පාදන කරන්න පුළුවන්.  විශේෂයෙන් ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය හරහා නව නිෂ්පාදන හදලා නැවත භාවිත කරන්න පුළුවන්.

 

අපේ රට තුළත් එවැනි ආයතන, සංවිධාන හෝ පුද්ගලයන් දැකගන්න පුලුවන් ද?

 

ඔව් , රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් ම මේ ප්ලාස්ටික්  ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා නව නිෂ්පාදන කරන්න පටන් අරන් තියෙනවා. නමුත් තවම ඒක ප්‍රමාණවත් මට්ටමකින් සිද්ධ වෙනවා අඩුයි.

 

ඔබ කිව්වත් වගේ සළකා බැලිය හැකි මට්ටමකින් එවැනි අවස්ථා මෙරට තුළ නොතිබෙන නිසාම මම කැමැතියි ඔබගෙන් විමසන්න, සංවිධානයක් විදියට ඔබලා සතුව පවතින රට තුළ පවතින මෙකී තත්ත්වය වෙනස් කිරීමට සුදුසු යෝජනා අදහස් මොනවාද යන්න?

 

අනිවාර්යයෙන් ශානි, ZeroPlastic Colombo Community විදියට අපි උත්සාහ කරනව ශ්‍රී ලංකාව තුළ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන විනාශය පිළිබඳ නිර්මාණශීලී ප්‍රවේශවලින් ප්‍රජාව දැනුවත් කරන්න සහ මේ ප්ලාස්ටික් දූෂණයට එරෙහි විසඳුම් යෝජනා කරන්න.

 

එතනදි අපි කතා කරන්න කැමති 3R සංකල්පය ගැන. අපිට පුළුවන් ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න ,Reduce. ඊළඟට ප්ලාස්ටික් නැවත භාවිත කරන්න , Reuse. ඒවගේ ප්‍රතිචක්‍රිකරණය කරන්න , Recycle. මේ විදියට භාවිතය අඩු කිරීම , නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය තුළින් අපට පුළුවන් මේ ගැටළුවට යම්කිසි තිරසාර විසඳුමක් හොයාගන්න. ඉතින් ප්‍රමාණවත් තරම් විධිමත් ආයතනික යාන්ත්‍රණයක් තවමත් රට තුළ නිර්මාණය වෙන මොහොතක තනි පුද්ගල ක්‍රියාකාරීත්ව ඉහළ නැංවීම ගොඩක් වැදගත්. මේවා ඒ තරම් අපහසු දේවල් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ජීවන රටාවෙ පොඩි වෙනසක්.

 

තනි තනි පුද්ගලයන්ට පවා මෙහෙදී සුවිශේෂි කාර්යභාරයක් හිමිවෙන බවද ඔබ අදහස් කරන්නේ?

 

ඔව් ඇත්තටම. ශ්‍රී ලංකාව තුළ පමණක් ගත්තත් ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිතය ඉතා ඉහළයි. ශානි අහල තියෙනවා නෙ කතාවක් මම හැදුනොත් අපි හැදේවි   කියල . අපි තනි තනිව තිරසර ජීවන රටාවක් වෙත යොමු වෙනවා නම් අවසානයේ මුළු සමාජයම මේ තිරසර ඉලක්ක වෙත ළඟා වෙලා තියේවි.

 

ඔව් ඔබ හරි. මම හිතනවා මෙය කියවන පාඨකයන්ට පවා මේ හරහා ඉතා වටිනා පණිවුඩයක් සම්ප්‍රේෂණය වෙන්න ඇති කියලා. ඉතින් කවීෂා අවසාන වශයෙන් ඔයාට අපිත් එක්ක බෙදාගන්න සුවිශේෂි පණිවිඩයක්  තියෙනවද?

 

මං කැමතියි මෙහෙම කියන්න.

 

මේ අපි ඉපදුණු පොළව. අපට සියල්ල ලබා දුන් පොළව. ඉතින් අපේ අත්වලින් ම ඒ මව් පොළව විනාශ කරන්නෙ ඇයි? අපි අපේ ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරමු. 3R සංකල්පය සමඟ එකතු වෙමු.

 

එහෙනම් කවීෂා ඔබටත් ZeroPlastic Colombo Community එකටත් බොහොම ස්තූතියි අද අපිත් එක්ක එකතුවීම සම්බන්ධව.

 

අපට ආරාධනා කිරීම වෙනුවෙන් ස්තූතියි !

 

අපගේ මීළග ලිපිය හරහා ආහාර හා ජලය ක්‍රමවත්ව හා අරපිරිමැස්මෙන් භාවිතය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Shani Batuwanthudawa

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives

 



W3 Article 01




W3

Waste | Wise | Waves

Phase I

 

Article 1

 

මොකක්ද මේ,

Responsible Consumption  එහෙමත් නැත්තන් වගකිවයුතු පරිභෝජනය කියන්නෙ

 

මෙය පාරිසරික, සමාජීය සහ දේශපාලන සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් වන අතරම එමගින් මිනිසා තම පරිභෝජන පුරුදු වෙනස් කර, තම සැබෑ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසර සංරක්ෂණය සහ සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන වෙළඳපොලේ ඇති විකල්ප සඳහා යොමුවීම පිළිබඳව අදහසක් විදිහට අපට හදුනාගන්නට පුළුවන්.

 

නමුත් මෙහි සරලම අදහස වන්නෙ,

 

ඔබ යම් දෙයක් පරිභෝජනය කරන්නේ නම් එය වඩාත් පරිසර හිතකාමී විය යුතු බවත්, එසේම එමගින් සිදුවන සමාජ හා ආර්ථික බලපෑම් පිලිබඳවද මනා සැලකිල්ලක් දැක්විය යුතු බවත්ය…

 

අපට වගකිවයුතු පරිභෝජනය සිදුකිරීමට හැකිද

 

සැබවින්ම ඔබට කිරීමට ඇත්තේ ඉතාමත් කුඩා කාර්යයන් කිහිපයක් පමණයි

 

 ඔබ යමක් මිල දී ගන්නා විට එය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය මොනවාද, එහි නිෂ්පාදන ක්‍රියාවලිය පරිසරයට බලපාන්නේ කෙසේද සහ එයින් සමාජය (සමාජ සම්මතයන්ට) කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවන්නේ දැයි හොඳින් බලන්න.

 

අළුතින් මිලදී ගැනීමට පෙර, ප්‍රතිචක්‍රීකරණය කරන ලද, නැවත නැවත භාවිතා කළ හැකි භාණ්ඩ පරිභෝජනය කරන්න.

 

ඇසුරුමට වඩා අන්තර්ගත ද්‍රව්‍ය පිලිබඳ අවධානයක් දෙන්න.

 

ඔබ යමක් මිල දී ගන්නා සෑම අවස්ථාවකම අපද්‍රව්‍ය හා කසළ නිසා ඇතිවන බලපෑම ද සලකා බලන්න.

 

නිෂ්පාදන ආපසු ලබා දිය හැකි හෝ නැවත භාවිත කළ හැකි බහාලුම්වලට ප්‍රමුඛත්වය දෙන්න.

 

නොමිලේ භාවිත කල හැකි දේවල් සඳහා නිතරම යොමුවන්න.

 

ඔබ පරිභෝජනය කරන සියලු දේ සඳහා මෙම ප්‍රමුඛතාවයන් ලබා දෙන්න (ආහාර, ඇදුම්, උපාංග, ...)

 

ඉතින් තවත් කල් නොයවන්න ඔබෙන් පටන් ගන්න වගකීමෙන් භාණ්ඩ පරිභෝජනය කරන්නට හුරු වන්න එවිට ඔබද මුළු මහත් සමාජයද රැකෙන බව මතකයෙහි තබාගන්න

 

අපගේ මීළග ලිපිය හරහා පරිභෝජනයෙන් පසු ඉවතලන දෑ නැවත භාවිතයට ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Malshan Fernando

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives



Monday, July 31, 2023

ඇසළ පොහොය

 



ඇසළ පොහොය


ඇසළ පුන් පොහොය දිනය අදට යෙදී තිබේ.ඇසළ පෝය වනාහී ලෝකවාසී සියලු බෞද්ධ

ජනතාවටම සුවිශේෂී වූ පෝය දිනයකි.විශේෂයෙන් ම ලංකාවේ සිව් දිගේ වූ පුදබිම්

උත්සවශ්‍රීයෙන් බබළවන්නේ ඇසළ සමයටයි.

බෞද්ධ ඉතිහාසයේ වූ සුවිශේෂි සිදුවීම් රැසක් අද වැනි ඇසළ පුන් පොහොය දිනයේදී සිදුවී

ඇත.අප මහ බෝසතාණෝ තුසිත දෙව්ලොව දී දේවතාරාධනයෙන් පස් මහා බැලුම් බලා මිනිස්

ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්නේ ඇසළ පොහොය දීනයකදි ය.එසේම

ගිහිගෙය කලකිරීමට හේතු වු සතර පෙරනිමිති දැක අභිනිෂ්ක්‍රමණය සිදු විමත්,සිද්ධාර්ථ

කුමරුගේ පුතණුවන් වන රාහුල කුමරු ජනිත වීමත් සිදු වන්නේ ඇසළ පොහොය දිනයේදීය.

එසේම බුදු රජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බිදීම සඳහා ගන්ධබ්බ රුක්ඛ මූලයේදී

යමාමහ පෙළහර පෑම සිදුකළේද අද වැනි පෝය දිනයකදී ය.එමෙන්ම මාරයා විසින් සිදුහත්

බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේ

ද ඇසළ පෝ දිනයේදී ය.ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව

බරණැස ඉසිපතන මීගදායේ දී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන

සූත්‍රය දේශනා කොට වදාළේ ද ඇසළ පොහොය දිනකයි.

මේ ආකාරයට ඇසළ පොහොය දිනය බුද්ධ චරිතයට අදාළ සිදුවීම් වලට අමතරව ශාසන

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට ද හිමිකම් කියයි.විශේෂයෙන්ම ලක්දිව කිත් සිරි මෙවන්

රජ සමයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමරයා විසින් ලංකාවට වැඩම කරවන ලද

දන්තධාතුන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන මහනුවර දළදා පෙරහැර ආරම්භ කිරීම සිදු

කරන්නේ ද මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනකයි.

මෙලෙස ඓතිහාසික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් ද සුවිශේෂී වූ වැදගත්කම්

රාශියක් නිසාවෙන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනයාට ඉතා වැදගත්

වේ.එබැවින් ගිහියෙකු වන ඔබත් ආමිස හා ප්‍රතිපත්තිමය පුජා වලටද දායක වෙමින් අද දිනය

වඩාත් අර්ථවත් දිනයක් බවට පත් කරගැනීමට අදිටන් කර ගන්න.


රචනය -

ලියෝ තරුෂි වීරසිංහ

දෙවන වසර

කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨය

Monday, July 3, 2023

ESALA POYA DAY

 Esala Poya Day is a significant religious observance celebrated by Sri Lankans with great reverence. Falling in the month of Esala (July/August), it commemorates pivotal events in the life of Lord Buddha. This auspicious day holds immense importance for the Buddhist community, as it marks the first sermon delivered by the Buddha, known as the Dhammacakkappavattana Sutta.


The specialty of Esala Poya Day lies in the vibrant and elaborate Esala Perahera, a grand procession held in the city of Kandy. This magnificent cultural event showcases beautifully adorned elephants, traditional dancers, drummers, and the sacred Tooth Relic of Lord Buddha. The air becomes filled with devotion, as locals and tourists alike gather to witness this spectacular display of religious fervor and cultural heritage.


Esala Poya Day is not only a time for religious observances but also an occasion for self-reflection, meditation, and acts of generosity. Sri Lankans engage in meritorious deeds, such as donating alms, engaging in meditation retreats, and visiting temples to offer prayers and seek spiritual solace.


Overall, Esala Poya Day serves as a unifying force, bringing people together in the shared celebration of their faith and cultural heritage, promoting peace, harmony, and spiritual growth among Sri Lankans.



#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1 

#LeoMD306 

#LeosOfSriLankaMaldives


ඇසළ පොහොය දිනය

 ඇසළ පොහොය දිනය ශ්‍රී ලාංකිකයන් මහත් ගෞරවාන්විතව සමරන සුවිශේෂී ආගමික උත්සවයකි.ඇසළ මාසය (ජූලි/අගෝස්තු) යෙදෙන අතර එය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිහිපත් කරයි.ඇසළ පොහෝ දිනයේ වැදගත් සිදුවීම් වශයෙන් සිදුහත් කුමරුවන් මව්කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය කිරීම,රාහුල කුමරුවන්ගේ උපත, සම්බුදුරජාණන් විසින් පස්වග මහණුන්ට දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කරමින් මංගල ධර්ම දේශනාව පැවැත්වීම ,තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා සැවැත්නුවර ගණ්දබ්බ රුක මුලදී යමාමහ පෙලහැර පෑම, සම්බුදුන් දෙව්ලොවට වැඩම කරවා මාතෘ දිව්‍ය රාජය ඇතුළු දෙවියන්ට ගැඹුරු අභිධර්මය දේශනා කිරීම, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කාශ්‍යප මහ රහතන් වහන්සේ මුල් වරට ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරීම,කොණ්ඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම,භික්ෂූන් වහන්සේලා පෙරවස් එළඹීම සහ අරිට්ඨ කුමරු සහ සිංහලයින් 56 දෙනෙකු උපසම්පදාව ලැබීමත් සිදු විය.තවද ශ්‍රී ලාංකිය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීම සනිටුහන් කරන මෙම උතුම් දිනය බෞද්ධ සමාජයට ඉමහත් වැදගත්කමක් දරයි.


ඇසළ පොහෝ දිනයේ විශේෂත්වය වන්නේ මහනුවර නගරයේ පවත්වනු ලබන මහා පෙරහැරක් වන විචිත්‍රවත් ඇසළ පෙරහැරයි. මෙම අතිවිශිෂ්ට සංස්කෘතික උත්සවය අලංකාර ලෙස සැරසුණු අලි ඇතුන්, සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්, බෙර වාදකයන් සහ බුදුරජාණන් වහන්සේගේ පූජනීය දළදා වහන්සේ ප්රදර්ශනය කරයි. ආගමික උද්යෝගය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ මෙම දර්ශනීය සංදර්ශනය නැරඹීමට ස්වදේශීය සැදැහැති බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයන් ද , සංචාරකයින්ද එක්රැස් වන බැවින් සෙංකඩගල රාජධානිය භක්තියෙන් පිරී යයි.මීට අමතරව කතරගම,රත්නපුර,දෙවිනුවර දේවාලයන්හිද ඇසළ පෙරහැර පැවැත්වෙයි.


ඇසළ පොහොය දිනය ආමිස පූජාවන්ට මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට ද අවස්ථාව සලසයි.ශ්‍රී ලාංකිකයන් දාන,සීල,භාවනා ආදියෙහි යෙදෙමින් ආධ්‍යාත්මික සැනසීම ලබා ගැනීම සඳහා ආගමික වතාවත්වල නිරතවෙයි.


සමස්තයක් වශයෙන්, ඇසළ පොහොය දිනය ශ්‍රී ලාංකිකයන් අතර සාමය, සහජීවනය සහ අධ්‍යාත්මික වර්ධනය ප්‍රවර්ධනය කරමින්, ඔවුන්ගේ ඇදහිලි සහ සංස්කෘතික උරුමයන් බෙදාහදා ගනිමින් සැමරීමට ජනතාව එක්සත් කිරීමේ බලවේගයක් ලෙස ක්‍රියා කරයි.


ඔබ සැමට ධර්මාවලෝකයෙන් සිත් සතන් සැනසෙන පින්බර අධි ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!!!


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...