Monday, October 23, 2023

World Polio Day..


Every year on 24th October, we observe world polio day to raise awareness of the importance of Polio vaccination to protect every child from this disease. 

Polio (Poliomyelitis) is a life threatening disease caused by the poliovirus. In 1988, Poliovirus was present in 125 countries, paralyzing an estimated 1000 children per day. The WHO European region was declared polio free in 2002 and has sustained this status every year since then. But the disease remains consistently present in Afghanistan and Pakistan.

So the challenges are remain. To ensure a polio free future for everyone, efforts must continue maintain high immunization coverage, implement high quality surveillance to detect any presence of the virus and prepare to respond in the event of an outbreak.

Leo Hiruni Aththanayaka

First year

Faculty of Arts

Monday, October 16, 2023

ලෝක දිළිඳුකම තුරන් කිරිමේ දිනය


ජීවිතයක වටිනාකම දරිද්‍රතාවයෙන් පිරිහේ...

දරිද්‍රතාවය නැතිනම් දිළිඳුකම තුරන් කිරිමේ දිනය ප්‍රථම වරට 1987 ඔක්තෝම්බර් 17 වන දින සමරන ලදී. 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලියන ලද පැරිසියේ ට්‍රොකැඩෙරෝ වෙත එදින 100,000 කට අධික පිරිසක් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටියහ. එහි දි දරිද්‍රතාවය මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් එම අයිතින් තහවුරු කිරීමට සහයෝගය අවශ්‍ය බවත් යන කරුණු ඉරිපත් කර ඇත. අවසානයේ 1922 දෙසැම්බර් 22 එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 47/196 යෝජනාව මගින් දිළිඳුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

2023 වර්ෂයේ දිළිඳුකම තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ "විනීත වැඩ සහ සමාජ ආරක්ෂණය, සැමට ගෞරවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම" යන්නයි.

ගෝලිය ගැටලුවක් ව පවතින දිළිඳුකම තුරන් කිරීමේ වැදගත්කම සිහි කිරීම උදෙසා මෙම දිනය ජාත්‍යන්තර ලෙස ඉතා වැදගත් ය. වර්තමානය තුළ දී පවතින විවිධාකාරයේ ගැටලු තුළින් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇත. අවිධිමත් රැකියා ඔස්සේ බොහෝ මිනිසුන් තම එදිනෙදා ජීවන වියදම පිරිමසා ගැනීමට උත්සුක වෙයි. එය ලෝක වැඩ කරන ජනගහණයෙන් බිලියන දෙකකටත් වැඩිය. මෙලෙස අන්ත දිළිදුකමට පත් වීම ට අඩු අධ්‍යාපන මට්ටම, සමාජ ආර්ථික තත්ත්වය සහ දිළිදුකමේ අපකීර්තිය හේතුවෙන් රැකියා අවස්ථාවන් නොලැබිම ප්‍රධාන හේතු කාරක වී ඇත. එසේ ම ආහාර , ජලය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය බිලියනයකට අධික ජනතාවට අහිමිව ගොස් ඇත.

වර්තමානයේ බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, දකුණු සුඩානය , කොංගෝ සහ සෝමාලියාව දරිද්‍රතාවයෙන් ඉහළම රටවල් බවට පත් වී ඇත. මෙහී දී අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම, ළමා විවාහ ක්‍රම අඩු කිරීම,සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සැලසුම් කිරිම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම ආදි බොහෝ ක්‍රියාමාර්ගයන් දරිද්‍රතාවය අවම කිරීම සඳහා සිදු කළ හැකිය. තව ද එක්සත් ජාතින්ගේ සංවිධානය ද 2030 වන විට දිළිඳුකම තුරන් කීරිම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතියි.

මෙලෙස දරිද්‍රතාවය පිටු දැකීම සාක්ෂාත් කරගත හැකි ඉලක්කයකි. එම නිසා තිරසාර සංවර්ධනය උදෙසා මෙම වසංගතය තුරන් කීරීමට ගෝලිය වශයෙන් උත්සුක විය යුතුය. ජීවිතයක වටිනාකම සුරක්ෂිත කිරීමට මානව හිමිකම් ආරක්ෂා කරමින් ජීවත් වීමට අවශ්‍ය සන්ධර්භය ගොඩනැගීම දරිද්‍රතාවය තුරන් කිරීම තුළින් ළගා කරගත හැකිය. එම නිසා දිළිඳුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය මඟින් දිළිඳුකම තුරන් කිරීම සියලු දෙනාගේ ම වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

Leo Imesha Hansanie

First Year

Faculty of Arts

Sunday, October 15, 2023

World Food Day


 World Food Day 

World Food Day was established in 1945 by the Food and Agriculture Organization (FAO), a specialized agency of the United Nations. But it would be another 34 years before it was recognized as a world holiday at the 20th FAO conference in November 1979. Following this, 150 countries proceeded to celebrate the day once it gained its official recognition by the United Nations. Since 2014, the popularity of the day has been used to promote the idea of feeding the world and eliminating poverty in rural nations.

In recent years, World Food Day has used its annual day of celebration to focus on different aspects of food security and agriculture, including fishing communities, climate change and biodiversity.

A number of different themes have been attributed to World Food Day over the years.

World Food Day 2023 will focus on the theme, 'Water is Life, Water is Food. Leave No One Behind'. The theme aims to highlight the critical role of water for life on earth and water as the foundation of our food.


Leo Tharushika Hansamali 

Second year

Faculty of Arts

Thursday, October 12, 2023

ලෝක ආපදා අවම කිරීමේ දිනය


 'අනතුරු හැඟවිය හැකි බව සැබෑ ය

පෙර සූදානම ලබා තිබීම මදකට හෝ ප්‍රමාණවත් ය

එකිනෙකා දරා හිටිහැටියේ පිළිසරණ සොයා යන්නට වන ගමනක් ය

ආපදා අප වෙත එන්නේ සැබවින් ම කල් යල් නොබලා ය' එබැවින් අපි සෑම විට ම සවිමත් ව සිටිය යුතු වන්නෙමු.

ආපදා අවම කිරීම සහ එම අවදානම පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට දිනයක් වෙන් කරන මෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී 1989 දී  කළ ඉල්ලීමකට අනුව ඔක්තෝබර් 13 වන දින ලෝක ආපදා අවම කිරීමේ දිනය ලෙස ජාත්‍යන්තර වශයෙන් නම් කෙරුණි.

ස්වභාවික සහ මිනිසා ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ඇතිවන ආපදා නිසා අහිමි වන ජීවිත, ජීවනෝපාය මාර්ග, ආපදා අවදානම සහ හානි අවම කිරීම සදහා ලොව අනුගමන කර ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබදව ලෝක අවධානය යොමු කිරීමට ඇති අවස්ථාවක් ලෙස ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය වැදගත් වේ.

රටක් වශයෙන් තනිවම මුහුණ දිය නොහැකි ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් මුල්‍යාධාර සැපයීම මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම අරමුණු කරගත් විවිධ ආයතන සහ ජාත්‍යන්තර සහයෝගීතාවයන් ද අත්‍යවශ්‍ය වන බවත් ලෝකයේ එවැනි සහයෝගීතා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව ද මෙ වන විට දැකිය හැකිවීම ඇගයිය යුතු තත්වයකී.

ආපදා‍ කළමනාකරණයේදී අවදානම් එක්තරා අනුපිළිවලකට විසඳයි. වැඩි අලාභයක් ඇතිවිමේ සම්භාවිතාව හා වැඩි අවදානම් පළමුවත් සුළු අලාභයක් ඇති විමට සම්භාවිතාව හා අඩු අවදානම් ඉන්පසුවත් තොරා ගනී. කෙසේ වෙතත් ප්‍රයෝගිකවශයෙන් මෙය පහසු නොවේ. එමෙන්ම විශාල පාඩුවක් නමුත් අඩු සම්භාවිතාවයක් ඇති අවදානම් හා සුළු පාඩුවක් නමුත් වැඩි සම්භාවිතාවක් ඇති අවදානම් සමබරව පාලනය අවශ්‍ය වේ. නමුත් මෙම දෙවර්ගයම වැරදියට හැසිරවීම බොහෝ විට සිදු වේ.

ආපදාවක් ඇතැම් විට කල්තියා අපට හඳුනාගත හැකි වුවත් ඇතැම ආපදා ක්ෂණික ව ද ඇති වේ.එවන් විටක දී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව පෙර සූදානමක් ලබා තිබිම අතිශයින් ම වැදගත් ය.ආපදා තත්වයකදී එකිනෙකා උදෙසා කැපවීමේ මානුෂීය ගුණය වඩාත් ඉස්මතු ව පෙනේ.

ස්වභාවික උපද්‍රව හමුවේ ඇති වන ආපදාවන් මෙන් ම මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාදමයන්හි ප්‍රතිඵල ලෙස ද ආපදා තත්ව නිර්මාණය වේ.ඒ කෙරෙහි අප වඩාත් සැලකිලිමත් වීම වටී.පරිසරය පෙරළා අපට ලබා දෙන්නේ අප ඔවුන්ට ලබාදෙන දේ ය.එබැවින් පාරිසරික හානිය අවම වන පරිදි අපගේ මානුෂ ක්‍රියාකාරකම් සිදු කිරීම මිනිසාගේ යුතුකමක් බවට පත්  වන්නේ ය.

Leo Yasuri Hasara

First Year

Faculty of Arts

Wednesday, October 11, 2023

ලෝක දෘෂ්ටි දිනය


ලෝක දෘෂ්ටි දිනය අදයි.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ 12 වන දිනට ලෝක දෘෂ්ටි දිනය යෙදී ඇත.ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයකුටම තමා ගේ නෙත් තම ප්‍රාණය හා සම වේ. කෙතරම් මිල මුදල්, යාන වාහන තිබුණ ද මෙලද මෙලොව ජීවත්වීමට නෙතේ  පැවතීම අත්‍යවශ්‍ය වේ .ලෝකය දැකීමට ,ලෝකය පිළිබඳ අවධාරණය කර ගැනීමට ඕනෑම පුද්ගලයකුට පවතින ප්‍රධානම අංගයක් වනුයේ ද තම නෙත් ය.

ලංකාවේ මෙන්ම ලෝකයේ ජනගහනයෙන්  70%  කට  ආසන්න ප්‍රමාණයක් විවිධ දෘෂ්ටි ආබාධවලට ගොදුරු වී පවතින තත්ත්වයක් දැකගත හැකි ය. ලෝක ජනගහනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට දෘෂ්ටි ආබාධ ඇතිවීමට බලපාන මූලික හේතුව වනුයේ ඇසේ සුද ඇති වීමයි .ලංකාවේ ළමා හා වැඩිහිටි ජනගහනය පිළිබඳ සලකා බලන විට ලක්ෂ 2 කට වැඩි පිරිසක් අන්ධභාවයෙන් පෙළෙති. බහුතරයකගේ අන්ධභාවයට මූලික හේතුව වී ඇත්තේ ඇසේ සුද ඇති වීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 39ක ට වැඩි පිරිසක් අන්ධභාවයනුත්, මිලියන 285 දෙනකුගේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දෘෂ්ටි ආබාධ වලට ගොදුරු නොවී ඉතා සුරක්ෂිතව නෙත් ආරක්ෂා කර ගැනීමට අප සැම වගබලා ගත යුතුය.දෘෂ්ටි ආබාධ ඇතිවීමට හේතු එවැනි තත්ත්ව ඇතිවීමෙන් පසු කළ යුතු දේ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය.  මිනිසෙකුට තම නෙත් යුගලය නොමැතිව ජීවත්වීමෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය.  අදට යෙදී ඇති (ඔක්තෝබර් 12) ලෝක දෘෂ්ටි දිනයේ  එක්කරන පැතුම නම්, ලෝකයේ දෘෂ්ටි ආබාධවලින් පෙළෙන සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා!! යි යන්නයි.නෙත් අපේ  ප්‍රාණය මෙන් රැක ගනිමු.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

Monday, October 9, 2023

World Mental Health Day


Good mental health makes the world a better place to live. Since 2013, Global Mental Health Day has been observed on 10th October. Everyone must have mental health, but mental health is missing from many people today because everyone must build up their own mental health.

With modernization, people sacrifice their lives for narrow goals like money, work, and education, etc. They have no time to free their minds to see themselves within themselves, and they have no chance to connect with nature. Now is the time to empower mental health around the world. Depression, loneliness, pressure, and pain affect mental health negatively. In this situation, we can treat it psychologically.

Even money cannot buy mental health; it must be created within the individual. Meditation, listening to music, reading novels, and connecting with nature can help avoid stress and build mental health.

If everyone leads a free life with good mental health, it is worth more than everything in the world. 

Leo Imasha Nilushi

First Year

Faculty of Arts

අසහාය රංගධර ජැක්සන් ඇන්තනීයන්...

 


ඔහු විටෙක ප්‍රතිභාපූර්ණ නළුවෙකි.විටෙක සිනමා අධ්‍යක්ෂකවරයෙකි.විටෙක නිෂ්පාදකවරයෙකි.විටෙක තිරකථා රචකයෙකි.විටෙක තීරු ලිපි රචකයෙකි.විටෙක නවකතාකරුවෙකි.විටෙක චිත්‍ර කතා රචකයෙකි.විටෙක ගායකයෙකි,විටෙක තනු නිර්මාපකයෙකි.විටෙක ගීත රචකයෙකි.එසේම ඔහු ගවේශකයෙකි,සංචාරකයෙකි.එකි නොකි විවිධ විෂයයන් ඔස්සේ පරිපූර්ණ දැනුමකින් යුක්තව සිනමාව,රූපවාහිනිය හා වේදිකාව අතික්‍රමණය කල ඔහු සම්මානනීය යුග පුරුෂයෙකි.ලාංකීය කලා කෙතේ මතු උන්නතිය උදෙසා මහත් වූ වෙහෙසක් දැරූ, ජාතියේ අවාසනාවට මෙලොවින් සමුගත් ඔහුගේ ජීවිත කථාවයි මේ.

බස්නාහිර පළාතේ,ගම්පහ දිස්ත්‍රික්කයේ,රාගම නගරයේ,පිටිසර ග්‍රාමයක් වූ පොඩිවීකුඹුර ග්‍රාමයෙහි විසූ කොන්ගනීගේ බෙනඩික් ඇන්තනී පියාට දාව රෝලින් පෙරේරා මෑණියන්ගේ කුසින් වර්ෂ 1958 ජූලි මස 08 අඟහරුවාදා දින මෙලොව උපන් පුත්‍ර රත්නයට නම තැබූවේ කොන්ගනීගේ ජෝෂප් මැල්සි ජැක්සන් ඇන්තනී ලෙසිනි.එදා තමන්ට දාව උපන් මේ පුතණුවන් පසු කාලීනව ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නොමැකෙන සළකුණක් තබමින් සිනමාවේ එක් සුවිශේෂි චරිතයක් වේයැයි බෙනඩික් ඇන්තනී මහතා නොසිතන්නට ඇත.

සහෝදරයන් පස් දෙනෙකුගෙන් සමන්විතව හැදී වැඩුණු ජැක්සන් ඇන්තනී ශූරීන් සිය පළමු අධ්‍යාපනය සඳහා යොමුවන්නේ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයටයි.එහි සිටියදී තම පියාගේ යොමු කිරීම අනුව උපතින් කතෝලික ජැක්සන් බණ්ඩාරවෙල පන්සලකින් බෞද්ධ දර්ශණය ඉගෙනීමට යොමු වෙයි.එම ඉගෙනීම ඔස්සේ තවමත් හැදෑරීම් කරන ජැක්සන් ඇන්තනී මහතා පවසන්නේ  බෞද්ධ දර්ශණය ඉගෙනීම පසු කාලීනව තමන්ගේ වෘත්තීය ජීවිතයට මෙන්ම පෞද්ගලික දිවියටද මහත් අස්වැසිල්ලක් වූ බවයි.

බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයේ සිව්වන වසර දක්වා ඉගෙනුම ලද ජැක්සන් ඇන්තනීහු ඉන්පසුව ඇතුලත් වන්නේ හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලයටයි.එහි පස්වන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ඔහු එම කාලය තුලදී පාසලෙහි ඇදි චිත්‍ර මැතක් වන තුරුම පැවතුණි.

එකොළොස්වන ශ්‍රේණිය සමත් වූ ජැක්සන් ඇන්තනී ශිෂය්‍යාහට අ.පොස.උසස් පෙළ සඳහා යෑමට පාසක් දෙකක් පැවතුණි.ඉන් පළමු වැන්න ගුරුකුළ විද්‍යාලයයි.දෙවැන්න ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.දෛවයේ සරදමකට මෙන් ඔහු තෝරා ගනු ලැබූවේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.එදා ගත් එම තීරණය පසු කාලීනව ඔහුගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද වෙනස් කළ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් විය.

ස්ථානය-ගලහිටියාව මැදි විදුහල් විසල් අරලිය ගස් සෙවන.

මෙම සෙවනට වී සිටිනා උස,හීන්දෑරී කොණ්ඩය තරමක් වවන ලද තරුණයෙකි.පෙනුමෙන් නම් ඔහු යම් ප්‍රශ්ණයක සිටිනා බවකි.එක්වරම නිහඩ පරිසරය හරහා හමා ගියේ ඇසු ඇසුවන් වශීකරනා මියුරු වස්දඬු රාවයකි.උස තරුණයා එක් වරම ගල්ගැසී ගියාක් මෙනි.මිනිත්තු කිහිපයක් එසේ සිටි තරුණයා ඒ වස්දඬු රාවය ඔස්සේ ඒ සංගීතයේ නිමාපකයා සොයා ගියේය.ඔහු එසේ වස්දඬු රාවය ගෙන ගියේ අරලිය ගස් සෙවනට මඳක් එපිටින් පිහිටි සංගීත කාමරය දෙසටයි.ඔහු සොරෙන් සංගීත කාමරයට එබී බැලූ විට ඔහුගේ දෑස් අදහා ගත නොහැකි විය.ඒ සුරූපි තරුණියෙකි.සුදෝ සුදුවන් පාසල් ගවුමකින් සැරසී ගත් ඒ තරුණිය දුටු ඔහුගේ සිතෙහි කිව නොහැකි සතුටක්ල් ඇති වුණි.ඔහු එතනින් නික්ම ගියේ "කවදා හෝ මැය මගේ කරගම්හයි "යන අදිටනින් යුතුවය.ඒ උස තරුණයා ජැක්සන් ඇන්තනීය.වස්දඬු රාවය ඔස්සේ ඔහුගෙ සිතට මල් හීසර විදින ලද ඒ තරුණිය අද ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි සඳලතා මුණසිංහයන්‍ ය.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ජැක්සන් ඇන්තනි තරුණයා තුල වූ කලාකරුවා මතු කලේය.ඊට පෙර තම ආදරණීය පියාගේ මැදිහත් වීම මත විවිධ සංගීත ප්‍රසංගයන් සඳහා යොමුවී ජයග්‍රහණ අත්කොටගෙන තිබුණද ඔහු තුළ වූ සකල විධ හැකියාවන් ඔප් නැංවූ තෝතැන්න වූයේ ගලහිටියාව මැදි විදුහලයි.එහි උසස් පෙළ හදාරන සමයේදී එනම් 1976 වසරේ දී ඔහු තමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සිදු කලේය. ඒ මේ කොයි යන්නේ නම් නාට්‍යයයි.එහි ප්‍රධාන චරිතය වූ වත්සලා නම් අන්ධ තරුණියගේ චරිතයට තෝරා ගනු ලැබුවේ පසුකලෙක ඔහුගේ පෙම්වතිය හා බිරිඳ වූ කුමාරී මුණසිංහයන්‍ ය.

ඉන්පසු ඔහු තම වෘත්තීය වේදිකා රංගන දිවිය ආරම්භ කරමින් 1977 දී නෙවිල් ඩයස් සුබසිංහයන්ගේ වාරුවෙන් යන මිනිස්සු හි චරිතයක් රඟපෑ අතර එහිදි ඔහුගේ මුල්ම පඩිය ලෙස ලැබුණේ එකල මුදලට අනුව රුපියල් දහයකි.

පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයට බැදුනි.කුඩා කල පටන් විප්ලවීය අදහස් දැරූ ජැක්සන් ඇන්තනීහු 1976 නොවැම්බර් 11 දින සිදු වූ ප්‍රථම ශිෂ්‍ය ඝාතනය වූ රෝහණ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා ඒ ආශ්‍රිත විද්‍යාල කිහිපයක් හා එක්ව උද්ඝෝෂණයක් පවා සිදු කලේය.ඔහුගේ විප්ලවීය ගමන් මඟ වෙනස් වූ කරුණු කිහිපයක් ඇති අතර ඉන් එකක් නම් ’83 කළු ජූලිය ආරම්භයේ සිට අවසානය දක්වා සියැසින් දැකීමයි.ඉන් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ කළකිරුණු ඔහු විප්ලවීය ගමන් මඟ අතැර දැමීය.තවත් එක් හේතුවක් නම් එවකට සිටි සුප්‍රකට නාට්‍යකරුවන් කිහිප දෙනෙකුම මේ නැගී එන තරුණයා දෙස ඇස ගසා ගෙන සිටීමයි.කොළඹ සරසවියෙන් සිංහල හා සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් ඔහු පසුව පේරාදෙණිය සරසවිය තුළින් ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ ආචාර්‍යය උපාධිය ලබා ගත්තේය.

 

1982 දී පමණ දයානන්ද ගුණවර්ධණ මහතාගේ මධුර ජවනිකා නාට්‍යය ඔස්සේ  ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු එදා සිට අද දක්වාත් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි.ඉන් පසු,

§  එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලෝම හංස නාට්‍ය,

§  සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍ය,

§  ධර්මසිරි බණ්ඩාරණායකගේ ධවල භීෂණ,

§  ජයන්ත චන්ද්‍රසිරිගේ අත්,මෝරා,ඔත්තුකාරයා

                                                                                                    වැනි,

ජනප්‍රිය තලයේ වේදිකා නාට්‍යයන්හි ඔහුට රඟපෑමට හැකියාව ලැබුණු අතර ඉන් ඔහුගේ නාමය ජනප්‍රිය විය.

මේ කාලයේදී ඔහු කුමාරි මුණසිංහයන් හා විවාහ වූ අතර විවාහ වී වසරකට පමණ පසු මරාසාද් නාට්‍යයට පෙර දින අවසන් පුහුණුව සිදුකොට නැවත නිවස බලා යද්දී මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පිරිසක් තමන් කොල්ල කෑ සැටිත්,තමන් ට මරණ බිය දැනුණු සැටිත්,තම බිරිද වූ කුමාරි විසින් තමන් බේරා ගත් සැටිත් ඔහු සිහිපත් කරනුයේ ත්‍රාසයෙන් යුක්තවය.කෙසේ වූවත් එම ජීවන අත්දැකීම පසු දින ඇසු සුගතපාල ද සිල්වා මහතා එහිදි ජැක්සන් ඇන්තනීට පැවසුවේ මරාසාද් නාට්‍යයේ එන මරා නම් චරිතය එල්ලා මරණ අවස්ථාවේදී ජැක්සන් ඇන්තනීට එදා දැනුණු මරන බිය එසේම නිරූපණය කරන ලෙසයි.එය කොතෙක් සාර්ථක වීද යත් 1988 පැවති ජාතික වේදිකා නාට්‍ය උළෙලේ දී හොදම නළුවා ලෙස ජැක්සන් ඇන්තනී මහතා සම්මානයට නිර්දේශ වීමට එක් හේතුවක් වූයේ ද මරණයේ අභිනයන් සාර්ථකව නිරූපණය කිරීමයි.

1984 දී ධම්ම ජාගොඩයන් විසින් අධ්‍යක්ෂණය කල ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වන පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ විජේපාලගේ චරිතය සිදු කරමින් රූපවාහිනියට පැමිණෙන ජැක්සන් ඇන්තනී මහතා එතැන් සිට,

§  තාරාදේවි

§  කඩුල්ල

§  ඇල්ල ලඟ වළව්ව

§  වෙද හාමිනේ 

§  අකාල සන්ද්‍යා

§  කන්දේ ගෙදර

§  පිටගම්කාරයෝ

§  සුසීමා

§  අප්පච්චි

§  බණ්ඩාර දෙවියෝ

                               ආදී,

ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වන ලදී.

ජැක්සන් ඇන්තනී නම් සිනමා ශිල්පියාගේ සිනමාගමනය සිදු වන්නේ 1993 වසරේ දීය.ඒ ගුරු ගෙදර සිනමා පටයේ සුනන්ද නම් චරිතයට පණ පොවමිනි.එතැන් පටන්,

§  අයෝමා හි විල්සන්,

§  බව දුක හා බව කර්මහි පේදුරු,

§  ගිනි අවි සහ ගිනි කෙළි හි තුන්මුල්ලේ පද්මේ,

§  සූරිය අරණෙහි සේදිරිස් නම් දඩයක්කරුවා,

§  ගරිල්ලා මාර්කටින් හි ග්‍රේගරි මහාධිකාරම්,

§  කුස පබා හි කුස රජු

§  ප්‍රවේගයෙහි බැන්ඩු නම් පාතාලා නායකයා,

§  ඇඩ්ඩ්‍රස් නෑ හි නාසිවත්තේ හිට්ලර්,

වැනි ප්‍රේක්ෂකයාට මතක සිටිනා චරිත රැසක් සිදුකරමින් ප්‍රේක්ෂක මනසේ මතක සිටිනා චිත්‍රපට නළුවෙක් විය.

එසේම ජැක්සන් ඇන්තනීහු ජනප්‍රිය ලේබලයේ චිත්‍රපට රැසක අධ්‍යක්ෂක වරයෙක්ද විය.ඉන් ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ 1994 දී තිරගත වූ ජුලියට් ගේ භූමිකාව නම් චිත්‍රපටයයි.එසේම ශ්‍රී ලාංකීය ඉතිහාසය අළලා සිදු කල චිත්‍රපට රැල්ලේහි ආරම්භකයා වන්නේද ජැක්සන් ඇන්තනී මහතාය.ඒ එතුමා විසින් අධ්‍යක්ෂණය කල අබා නම් චිත්‍රපටය හරහා ය.ඉන් පසු 2015 දී තිරගත වූ ඇඩ්‍රස් නෑ චිත්‍රපටය හා තිරගත වීමට නියමිත එකගෙයි සොකරි චිත්‍රපටයද ජැක්සන් ඇන්තනී මහතාගේ සිනමා අධ්‍යක්ෂණයන් වේ.

එසේම දස්කොන්,සී රජ වැනි ජනප්‍රිය තලයේ ටෙලිනාට්‍යයන්හි අධ්‍යක්ෂක වරයා වූ මෙතුමා අද පවා දනන් තුඩ තුඩ කියවෙන හපන් පැදුර නම් ජනප්‍රිය ළමා වැඩසටහනේ නිෂ්පාදකවරයාද වෙයි.

එසේම ජැක්සන් ඇන්‍තනී මහත්මා සංචාරකයෙකි. ගවේෂකයෙකි.මෙරට ප්‍රථම වරට සංචාරාත්මක වැඩසටහන් නිර්මාණයේ පෙර මං නියමුවා වන්නේද ජැක්සන් ඇන්තනී මහත්මා ය. ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ඟග ආරම්භයේ සිට අවසානය දක්වාම ගඟ දිගේ නම් සංචාරාත්මක වැඩ සටහනක් කල ලංකාවේ එකම පුද්ගලයා වන්නේද ජැක්සන් ඇන්තනී ශූරීන්‍ ය. එයද සිදුකලේ ලංකාවේ නැගෙනහිර පළාත කොටි ග්‍රහණයේ පැවතෙද්දී වීමද සුවිශේෂි ය. එසේම සිරිපා අවාරේ, සලංහන්තේ, මහා සංචාරය සහ කළු ගඟ දිගේ වැනි සම්මානනීය වැඩසටහන් රැසක් ද මෙතුමා සිදුකොට ඇත.

එසේම ජැක්සන් ඇන්තනී මහතා කතුවරයෙකි.ඔහු විසින් රචිත පලමු කෘතිය වන්නේ මනමේ නාට්‍ය ඇසුරින් ලියවුණු ‘එබැවින් බිහිවිය මනමේ’ ග්‍රන්ථයයි. ඉන් පසු,

§  පනාපුත්‍රගේ මතක වස්තුව නම් තීරු ලිපි සංග්‍රහය

§  මහා සිංහලයේ වංශ කතාව

§  කන්ද උඩ ගින්දර

                                      වැනි,

කෘතීහු එතුමා විසින් රචනා කොට ඇත.

ජැක්සන් ඇන්තනී මහතා ගීත රචකයෙක්ද වෙයි.වර්ථමාන පරම්පරාවේ අතිශය ජනප්‍රිය වූ ස්වර්ණපාලියේ,මිහිරාව ආවා,වැනි ගීතයන් රචකයා වන්නේද මෙතුමාය.එපමණක් නොව මෙතුමා දක්ශ ගායකයෙකි,

§  ලන්දේ උකුළ උඩ

§  සිතේ සුසුම් නිවනා ගායනා

§  දෑස පියා ගත් කල මට මැවෙන්නේ ඔබේ රුව

§  රෑ රෑ තාරකාවෝ

§  බණ්ඩාර දෙවියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය

වැනි ගීතයන්ට ජැක්සන් ඇන්තනී මහතා විසින් සිය කටහඬ මුසු කරනා ලදී.

එසේම මෙතුමා එකල දක්ෂ චිත්‍ර කතා ශිල්පියෙකු වූ බව අප්‍රකටය.

ජැක්සන් ඇන්තනී මහතා 1985-1987 කාලයන්හි ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිංහල හා ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස සේවය කල අතර 1987-1990 කාලයේ ජාතික පුස්තකාල මණ්ඩලයේ සහකාර පුස්තකාලාධිපතිවරයෙකු ලෙසත් සේවය කරනා ලදී. එසේම කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කල මෙතුමා ස්වර්ණවාහිනීයේ නිර්මාණ අධ්‍යක්ෂක වරයෙකු ලෙසද සේවය කරනා ලදී. තමන්ගේම ආයතනයක් වන ක්‍රියේටිව් හේලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද එතුමා සේවය කලේය.

එසේම ජැක්සන් ඇන්තනී මහතා සම්මානනීය නළුවෙක් ද වෙයි.

§  UNDA සම්මාන උළෙල

§  සුමති සම්මාන උළෙල

§  රයිගම් සම්මාන උළෙල

§  සරසවි සම්මාන උළෙල

§  ජනාධිපති සම්මාන උළෙල

§  සිග්නිස් (SIGNIS) සම්මාන උළෙල

§  OCIC සම්මාන උළෙල

ආදී දේශීය සම්මාන උලෙළවල් හී සම්මානයට පාත්‍ර වූ මෙතුමා,

§  ආසියානු සම්මාන උළෙල

§  FOX INTERNATIONAL සම්මාන උළෙල

වැනි ජාත්‍යන්තර වට්ටමේ සම්මාන උළෙලවල් හී ද සම්මානයට පාත්‍ර වූ ගෞරවණීය චරිතයකි.

 දිනය 2022 ජුලි 2 වන දිනයි. සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වී ජැක්සන් ඇන්තනී මහතා ඔහුගේ බාල සොහොයුරා වන සමන් ඇන්තනී සහ මිතුරෙකු සමඟ සිය පෞද්ගලික වාහනයෙන් ආපසු කොළඹ බලා එමින් සිටියේය. නමුත් අවාසනාවකට අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථය වන අලියෙකුගේ ගැටුනි. තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර ජූලි 3 වැනිදා උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කෙරිණි. දැඩි සත්කාර ඒකකයේ පැය හතක ශල්‍යකර්මයකට භාජනය වූ ඔහු මාස 15ක් පමණ මාරයා සහ සටන් වැදුණි. නමුත් අවසානයේ මාරයා ජයග්‍රහණය කෙරිණි. 2023 ඔක්තෝබර් 9 අලුයම ඔහු මෙලොව හැරදා ගියේ ශ්‍රී ලංකාවට ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, සාහිත්‍යකරුවෙක්, ගවේශකයෙක් සහ රටට වැඩදායක මිනිසෙකු අහිමි කරමිනි.

 

ලංකාවේ පිටිසර ගමක ඉපිද, විවිධ දුක් කරදර මැද රුපියල් දහයකින් තම වෘත්තිය ආරම්භ කොට ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නොමැකෙන සළකුණක් තැබූ  කොන්ගනීගේ ජෝෂප් මැල්සි ජැක්සන් ඇන්තනී නොහොත් පනාපුත්‍ර කුහුඹු පැණියාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

 

“HE IS BETTER THAN OTHERS.”

                          -සුරේෂ් බාලාජී (ධර්මයුද්ධය දමිළ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.)


Leo Kasun Sapumohotti

Zone Director 

Zone B1

Leo District 306 A1

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...