Wednesday, October 11, 2023

ලෝක දෘෂ්ටි දිනය


ලෝක දෘෂ්ටි දිනය අදයි.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ 12 වන දිනට ලෝක දෘෂ්ටි දිනය යෙදී ඇත.ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයකුටම තමා ගේ නෙත් තම ප්‍රාණය හා සම වේ. කෙතරම් මිල මුදල්, යාන වාහන තිබුණ ද මෙලද මෙලොව ජීවත්වීමට නෙතේ  පැවතීම අත්‍යවශ්‍ය වේ .ලෝකය දැකීමට ,ලෝකය පිළිබඳ අවධාරණය කර ගැනීමට ඕනෑම පුද්ගලයකුට පවතින ප්‍රධානම අංගයක් වනුයේ ද තම නෙත් ය.

ලංකාවේ මෙන්ම ලෝකයේ ජනගහනයෙන්  70%  කට  ආසන්න ප්‍රමාණයක් විවිධ දෘෂ්ටි ආබාධවලට ගොදුරු වී පවතින තත්ත්වයක් දැකගත හැකි ය. ලෝක ජනගහනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට දෘෂ්ටි ආබාධ ඇතිවීමට බලපාන මූලික හේතුව වනුයේ ඇසේ සුද ඇති වීමයි .ලංකාවේ ළමා හා වැඩිහිටි ජනගහනය පිළිබඳ සලකා බලන විට ලක්ෂ 2 කට වැඩි පිරිසක් අන්ධභාවයෙන් පෙළෙති. බහුතරයකගේ අන්ධභාවයට මූලික හේතුව වී ඇත්තේ ඇසේ සුද ඇති වීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 39ක ට වැඩි පිරිසක් අන්ධභාවයනුත්, මිලියන 285 දෙනකුගේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දෘෂ්ටි ආබාධ වලට ගොදුරු නොවී ඉතා සුරක්ෂිතව නෙත් ආරක්ෂා කර ගැනීමට අප සැම වගබලා ගත යුතුය.දෘෂ්ටි ආබාධ ඇතිවීමට හේතු එවැනි තත්ත්ව ඇතිවීමෙන් පසු කළ යුතු දේ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය.  මිනිසෙකුට තම නෙත් යුගලය නොමැතිව ජීවත්වීමෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය.  අදට යෙදී ඇති (ඔක්තෝබර් 12) ලෝක දෘෂ්ටි දිනයේ  එක්කරන පැතුම නම්, ලෝකයේ දෘෂ්ටි ආබාධවලින් පෙළෙන සියලු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා!! යි යන්නයි.නෙත් අපේ  ප්‍රාණය මෙන් රැක ගනිමු.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

International Women’s Day - 2026

International Women’s Day - 2026 Celebrating Women’s Strength and Leadership on International Women’s Day International...