Monday, October 16, 2023

ලෝක දිළිඳුකම තුරන් කිරිමේ දිනය


ජීවිතයක වටිනාකම දරිද්‍රතාවයෙන් පිරිහේ...

දරිද්‍රතාවය නැතිනම් දිළිඳුකම තුරන් කිරිමේ දිනය ප්‍රථම වරට 1987 ඔක්තෝම්බර් 17 වන දින සමරන ලදී. 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලියන ලද පැරිසියේ ට්‍රොකැඩෙරෝ වෙත එදින 100,000 කට අධික පිරිසක් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටියහ. එහි දි දරිද්‍රතාවය මානව හිමිකම් උල්ලංඝනය කරන බවත් එම අයිතින් තහවුරු කිරීමට සහයෝගය අවශ්‍ය බවත් යන කරුණු ඉරිපත් කර ඇත. අවසානයේ 1922 දෙසැම්බර් 22 එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 47/196 යෝජනාව මගින් දිළිඳුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

2023 වර්ෂයේ දිළිඳුකම තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ "විනීත වැඩ සහ සමාජ ආරක්ෂණය, සැමට ගෞරවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම" යන්නයි.

ගෝලිය ගැටලුවක් ව පවතින දිළිඳුකම තුරන් කිරීමේ වැදගත්කම සිහි කිරීම උදෙසා මෙම දිනය ජාත්‍යන්තර ලෙස ඉතා වැදගත් ය. වර්තමානය තුළ දී පවතින විවිධාකාරයේ ගැටලු තුළින් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇත. අවිධිමත් රැකියා ඔස්සේ බොහෝ මිනිසුන් තම එදිනෙදා ජීවන වියදම පිරිමසා ගැනීමට උත්සුක වෙයි. එය ලෝක වැඩ කරන ජනගහණයෙන් බිලියන දෙකකටත් වැඩිය. මෙලෙස අන්ත දිළිදුකමට පත් වීම ට අඩු අධ්‍යාපන මට්ටම, සමාජ ආර්ථික තත්ත්වය සහ දිළිදුකමේ අපකීර්තිය හේතුවෙන් රැකියා අවස්ථාවන් නොලැබිම ප්‍රධාන හේතු කාරක වී ඇත. එසේ ම ආහාර , ජලය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය බිලියනයකට අධික ජනතාවට අහිමිව ගොස් ඇත.

වර්තමානයේ බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, දකුණු සුඩානය , කොංගෝ සහ සෝමාලියාව දරිද්‍රතාවයෙන් ඉහළම රටවල් බවට පත් වී ඇත. මෙහී දී අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම, ළමා විවාහ ක්‍රම අඩු කිරීම,සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සැලසුම් කිරිම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම ආදි බොහෝ ක්‍රියාමාර්ගයන් දරිද්‍රතාවය අවම කිරීම සඳහා සිදු කළ හැකිය. තව ද එක්සත් ජාතින්ගේ සංවිධානය ද 2030 වන විට දිළිඳුකම තුරන් කීරිම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතියි.

මෙලෙස දරිද්‍රතාවය පිටු දැකීම සාක්ෂාත් කරගත හැකි ඉලක්කයකි. එම නිසා තිරසාර සංවර්ධනය උදෙසා මෙම වසංගතය තුරන් කීරීමට ගෝලිය වශයෙන් උත්සුක විය යුතුය. ජීවිතයක වටිනාකම සුරක්ෂිත කිරීමට මානව හිමිකම් ආරක්ෂා කරමින් ජීවත් වීමට අවශ්‍ය සන්ධර්භය ගොඩනැගීම දරිද්‍රතාවය තුරන් කිරීම තුළින් ළගා කරගත හැකිය. එම නිසා දිළිඳුකම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය මඟින් දිළිඳුකම තුරන් කිරීම සියලු දෙනාගේ ම වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

Leo Imesha Hansanie

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...