Wednesday, November 22, 2023

කඨින මහා චීවර පූජාව


 "යාවතා සබ්බ පරික්ඛාරේ

සංඝස්ස සත්තං දදෙ

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං

ගිරිරාජ සමං රාසිං

සංඝදෙති තිචීචරං

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං"                                                     

  "හික්ෂූන් වහන්සේට නිතර පූජා කරන සියලු පරිෂ්කාරකයන්ට වඩා කඨින දානයකින් ලැබෙන පින ඉතා විශාල ය.මහාමේරු පර්වතය තරම් උසට තුන් සිදුරු(තනිපට සිවුර,දෙපට සිවුර,අඳන සිවුර)ගොඩගසා සංඝයාට පූජා කළ ද ඊට වඩා වැඩි ආනිශංසයක් එක් කඨින චීවර පූජවකින් ලැබේ"...

කඨිනය යන්නෙහි අර්ථයෙන් නොවෙනස්වන්නා වූ ශක්තිමත්භාවය හඟවයි.කඨින චීවර පූජා කිරීමට සහභාගි වීම,අටපිරිකර පූජා කිරීම,සේනාසන(කුටි/සංඝාවාස/පන්සල්)තැනීම සහ නඩත්තු කිරීම,බුද්ධප්‍රමුඛ සිව්වනක් පිරිසට දානය පිළිගැන්වීම,සද්ධර්මය ලිවීමට/පටිගත කිරීමට/මුද්‍රණය කිරීමට/ප්‍රකාශ කිරීමට සහ බෙදා හැරීමට ආධාර කිරීම හා සහභාගී වීම,සඟ පරපුරේ ඉඩම් හා නියමිත ඉඩකඩ පූජා කිරීම,බුද්ධ රූප සහ පිළිම සෑදීම,සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා වැසිකිළි තැනීම සහ තැනීමට සහභාගී වීම යනාදී වූ අටමහා කුසලයන්ගෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නා වූ කුසලය කඨින මහා චීවර පූජාවයි.ඒ නිසාම ලෝ වැසි බෞද්ධ ජනතාව කඨින පූජාවට සුළුවෙන් හෝ සිය දායකත්වය සපයති.මෙම පූජාව ආනන්තරීය පාප කර්මයන්ට හැර වෙනත් කිසිඳු අකුසල මූලයක් විසින් යටපත් කළ නොහැකි බැවින් ද 'කඨිනය' යන නාමයෙන් හඳුන්වනු ලබයි.

       වසරකට එක් වරක් පමණක් විහාරස්ථානයක් ඇසුරින් පැවැත්විය හැකි ගෞරවනීය වූත් සුවිශේෂී වූත් පින්කමක් ලෙස මෙය දක්නට ලැබේ.ඇසළ පුර පසළොස්වක පොහෝ දින විනය කර්මාදී කටයුතු සිදුකරන භික්ෂූන් වහන්සේලා එදා සිට තෙමසක් වස් ආරක්ෂා කරති.මෙම තෙමසක කාලය තුළ සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්කාරයන් යටතට අයත් ගිහි-පැවිදි යුතුකම් ඉටු වේ.එබැවින් ගම සහ පන්සල අතර ඇති සබඳතාවය වැඩි වැඩියෙන් ප්‍රකට කරවන කාලවකවානුවක් ලෙස මෙම කාලවකවානුව සැබෑ බෞද්ධයන්ට වඩා ධර්මනුකූල ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගැනීමට මාවත විවර කරන පුණ්‍ය කර්මයකි.එහිදී වස් කාලය නිමා වී චීවර මාසය එළඹෙත්ම මිනිසුන් පිං දහම් වල නිරත වන අතර භික්ෂූන් වහන්සේලා ද දායකයන් හා අනාගත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අවිවේකීව සිය දායකත්වය සපයයි.  

     බුද්ධ දේශනාවට අනුව කඨින චීවරයක් ලැබීමට සුදුසු වන්නේ තෙමසක් වස් වසා,අතිරේක ශික්ෂා පද වලට අනුගත වී,වස් කාලය තුළ බුදුන් වහන්සේ විසින් දේශිත ගුණ ධර්ම පූර්ණය කළ භික්ෂූන් වහන්සේ නමකට පමණි.කඨින චීවර පූජා කිරීමෙන් අනතුරුව කඨින චීවරලාභී භික්ෂූන් හට ශික්ෂා පද පහකින් නිදහස් වී සුව සේ ගුණධර්ම පිරීමට නිදහස හා අවකාශය බුදුන් වහන්සේ විසින් සළසා දෙන ලදී.චීවර මාසය ආරම්භ වන වප් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට මැදින් පුර පසළොස්වක පොහෝ දින තෙක් පස් මසක් පුරාවට කඨින චීවරලාභී භික්ෂූන් හට මෙම ශික්ෂා පද වලින් නිදහස් වීමේ අයිතිය ලැබේ.

"අත්ථක කඨිනානං වෝ භික්ඛවේ පඤ්ච කප්පිස්සන්ති

අනාමන්ත චාරෝ අසමදාන චාරෝ

ඝනභෝජනං යාවදත්ත චීවරං

යෝච තත්ථ චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති"...

ඒවා පහත පරිදි වේ.

 1)අනාමන්තචාරය

      කඨින චීවරලාභී භික්ෂූන් වහන්සේ නමකට ධර්ම චර්‍යාවක් සඳහා හෝ යහපත් කටයුත්තක් සඳහා අවශ්‍ය මොහොතක කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් බැහැර වීමේ අයිතිය ඇත.

 2)අසමදානචාරය

      තුන් සිවුරෙන් කැමති සිවුරක් ළඟ තබාගැනීමටත් කැමති සිවුරක් බැහැර කිරීමටත් අයිතිය ඇත.

 3)ඝන භෝජනය

       කුමනාකාරයෙන් ආරාධනා කළ ද දායකයින්ට අනුග්‍රහ පිණිස හා තම මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා ඒ ආරාධනාවන් පිළිගෙන දන් වැළඳීමේ අයිතිය ඇත.

 4)යාවදත්‍ත චීවරය

        තමන් කැමති තාක් සිවුරු පිරිකර පරිහරණය කිරීමටත් අන්‍යයන්ට ලබා දීමටත් අයිතිය ඇත.

 5)යෝච තත්ථ චීවරුප්පාදය

         සඟ සතු කර ලැබෙන සිවුරු හා කඨිනානිශංස පවතින මාස පහ ඇතුළත ලැබෙන සිවුරු තමාට පරිහරණය,අන් අයට ලබා දීම හෝ පූජා කිරීම ආදී ලෙස තම කැමැත්තට අනුව කටයුතු කිරීමට අයිතිය ඇත.

     සෑම කෙනෙකුටම ජීවත් වීමට අවශ්‍ය වන සියලු ආම්පන්න වස් විසූ භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය සමඟ පූජා කරනු ලබයි.එහිදී සිවුරු,පාත්‍ර,වටාපත්,ඉඳිකටු,නූල්,බෙහෙත් වර්ග,බෙහෙත් තෙල් වර්ග,ඇඳ පුටු ආදිය පූජා කිරීමට හැකි වේ.එපමණක් නොව ධාර්මික බෞද්ධ ප්‍රජාව මෙම කඨින චීවර පිංකම මුල් කරගෙන ඊට සමගාමීව මාස තුනක් පුරාවට මල් පිංකම්,බෝධි පූජා පිංකම්,පිරිත් දේශනා,අෂ්ට පරිෂ්කාර පූජා,අවශේෂ සිවුරු පිරිකර පූජා,වස්ත්‍ර/බෙහෙත් පූජා,ආහාර පාන පූජා,ගරු භාණ්ඩ පූජා ආදිය සැදැහැයෙන් පේ වී සිදු කරනු ලබයි.මෙසේ කඨින චීවර මහා පූජාවෙන්  බෞද්ධයාට ලද හැකි අති උත්තම ආනිශංස රාශියක් බුද්ධ භාෂිතයේ අසන්නට දකින්නට ලැබේ.උපනුපන් ආත්මභාවයන් හිදී දිව්‍ය/මනුෂ්‍ය/පරිවාර සම්පත්, ඉඳුම් හිටුම්, වස්ත්‍රාභරණ,සියලු දෙනාගේ ගරු බුහුමන්,වැඳුම් පිදුම් පුද සත්කාර ලැබීමටත්, සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමටත්, සියලු අකුසල කර්මයන්ගෙන් ආරක්ෂා වීමටත්, බඹ ලොව ඉපදීමට අවශ්‍ය ධ්‍යානාදිය උපදවන්නට හේතු වීමටත්,සියලු දෙව් මිනිසුන් අබිබවා ආයු-වර්ණ-සැප-බලයෙන් මෙන්ම ප්‍රඥාවෙන් ආඪ්‍ය ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලැබීමටත්,අවසන උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම මහා කුසලය හේතු වේ.

     බොහෝ පරිවාර පරිෂ්කාරකයන්ගෙන් හා පරිවාර පූජාවන්ගෙන් ආඪ්‍ය වූ දීර්ඝ කාලයක් බලාපොරොත්තු ඇති කරගනිමින් සිදු කරන පූජාවක් වන මෙම පුණ්‍ය කර්මය තුළදී   දුප්පත් පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැන්පත් කිරීමට කටයුතු කිරීම තුළින් ප්‍රදේශවාසී හිතමිත්‍රාදින් අතර සබඳතා දියුණු කරගැනීමට ද මෙය ඉවහල් වේ.එබැවින් පින් කැමති සියල්ලෝ මෙම කඨින චීවර පූජාවට ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පූජෝපහාර දක්වා උත්තම නිර්වාණය අවබෝධ කරගනිත්වා!යි බෞද්ධ අපගේ පැතුමයි.

Leo Dinithi Devindi

First Year

Faculty of Arts

Sunday, November 19, 2023

ආදරේ නීතිය…


නිස්සාර ජීවිතේ එක්තරා කාල සීමාවක හමු වූ නුඹ මට සැබැවින්ම අහම්බයක්. අහම්බකාරක හමු වීමක් ඇතුලේ ආදරණීය කතාවක ආදරණීය මනුස්සයකු ලෙසත්, විටක හදවත පාරන රුදුරු වූ නපුරකු විදිහටත් මුණ ගැහුණු නුඹ ආදරේ නීතිය ගැන කියලා දුන්නේ හරි අපූරු පාඩමක්…

මඟක් රැන්දූ සොඳුරු පද වැල් අතුරින් කඳුළු තෙපලූ ආදරණීය මතක ගොන්නකට අවසානයේ ආදරණීය මතක කියලා කියන්න අපි හැමෝම හිත් හදාගත්ත හැටි හරි පුදුමයි…

     “තාම නුඹ ගැන ලියනවා

     නොකියවන බව දන්නවා

     එකම එක වතාවක් අහන්නම්

     දැන් මට ආදරේ නැ නේද මේඝ…”

                   (අභිෂේකා විමලවීර)

“ ජීවිතේ හැමදේම බෙදාගත්ත

  ඔයාට ඇයි

  ආදරේ බෙදාගන්න බැරි

  මගේ ඇස්වල ගෞරවය

  ඔය ඇස්

  පළවෙනි වතාවට කියන්නම්

  මං ආදරේ නැ අභී

  තව ටිකක් ඉවසන්න තිබුණා…”

 

“දැනුණු තරමට රිදෙනවා

රිදුණු තරමට දැනෙනවා

ඒ තමයි ආදරේ නීතිය මේඝ…”

           ( මිහිඳු ආරියරත්න )

සොඳුරු වූ පදවැල් ලස්සන වචන මතු වෙද්දි, මේ වචන එක්තරා විදිහකට හදවත පසාරු කරන්න තියපු රතුම රතු වෙඩි වරුසාවක් කියලා හිතන්න පුළුවන්. විවිධාකාර වූ මානව සමාජය තුළ  අපි ආදරේ කරන මිනිස්සුන්ගෙන් අසාමාන්‍ය ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඉතිං එහෙම බලාපොරොත්තු වෙන ආදරයක් ඇතුලේ මනුෂ්‍යයකුට තිබිය යුතු වටිනාම අකුරු හතර ඉවසීම කියලා කියන්න පුළුවන්…ඉතිං ආදරණීයනි, ආදරය තුළ එකිනෙකා තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ඒ වගේම විරහවද දරාගන්නට හුරුවෙලා ඉමු.

අන්තිමට ලියන්නම්,

 “ කලු ගලක් බව හිතන් හිටියට

  කඳුළු මුහුදට වැටෙනවා…”

අපි හිනාවෙලා සතුටින් ජීවිතය ජීවත් කරමු.


ශශිකලා කල්හාරි

අධ්‍යාපන පීඨය

දෙවන වසර

ජාත්‍යන්තර පිරිමි දිනය


ජාත්‍යන්තර පිරිමි දිනය වාර්ෂිකව නොවැම්බර් මස 19 දින සමරනු ලබයි.මෙය දෙමාපියන්ගෙන් වෙන්වීම්, අපයෝජනය , නිවාස නොමැතිකම , සියදිවි නසාගැනිම සහ ප්‍රචණ්ඩත්වය ඇතුලු පිරිමින් මුහුණ දෙන බොහෝ ගැටලු සදහා ගෝලීය දැනුවත් කිරීමේ දිනයකි.

නොවැම්බර් 19 දින ජාත්‍යන්තර පිරිමි දිනය ලොව පුරා සිටින පිරිමින්, ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ මෙම සමාජයට දායක වීම සදහා ඔවුන් ඉටු කරන කොටස සැමරීම අරමුණු කරගෙන ඇත.බොහෝවිට සමාජ අපේක්ෂාවන් සහ ඒකාකෘති මත සිරවී සිටින පුරුෂයා පින්තාරු කිරීම සදහා අත්වැල් බැද ගනී.

⭕පිරිමි දිනයේ අරමුණ කුමක්ද?

සමාජය , ප්‍රජාව, පවුල, විවාහය ,ළමා රැකවරණය සහ පරිසරය සදහා පිරිමින්ගේ ධනාත්මක  දායකත්වය සැමරීම අරමුණයි.පිරිමින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු යොමු කිරීමයි.සමාජ, චිත්තවේගීය, ශාරීරික සහ ආධ්‍යාත්මික , සමාජ සේවා, සමාජ ආකල්ප සහ අපේක්ෂාවන් සහ නීතිය යන ක්ෂේත්‍ර වල පිරිමින්ට වෙනස් කොට සැලකීම ඉස්මතු කරයි.

⭕2023 ජාත්‍යන්තර පිරිමි දිනයේ තේමාව.

මේ වසරේ තේමාව වන්නේ පිරිමින්ට සහ පිරිමි ළමයින්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කළමනාකරණය කර ගැනීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන ''ශූන්‍ය පිරිමි සියදිවි නසා ගැනිම'' යන්නයි.නොවැම්බර් මාසය පිරිමි ආත්මයන්ට වැදගත් වන අතර පිරිමි ප්‍රජාවට විවෘත වීමට ආරක්ෂිත අවකාශය නිර්මාණය කරයි.

⭕පිරිමි දිනයේ ආරම්භය

පිරිමි දිනය 1999දී ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ හි ආරම්භ වූ අතර එය ඔහුගේ පියාගෙ උපන් දිනය සැමරීම සදහා ආචාර්ය ජෙරොම් තුලුක් සිං විසින් නිර්මාණය කරන ලදි.මෙය වසර 22 ක් වේගයෙන් ඉදිරියට යන අතර දැන් රටවල් 80 කට අධික සංඛ්‍යාවක් සමරනු ලබන්නේ පිරිමින් මානසිකව හා ශාරීරිකව මුහුණ දෙන සාමාජීය ගැටලු ඉස්මතු කිරීමේ අරමුණෙනි.

⭕ජාත්‍යන්තර පිරිමි දිනයේ අරමුණු මෙසේ දක්වා ඇත.

      ➡️ ධනාත්මක පිරිමි ආදර්ශ ප්‍රවර්ධනය කිරීම.

      ➡️ සමාජය, ප්‍රජාව, පවුල, විවාහය ,ළමා රැකවරණය සහ පරිසරය සදහා පිරිමින්ගේ ධනාත්මක දායකත්වය සැමරීම.

      ➡️ පිරිමින්ගේ සෞඛ්‍ය හා යහ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම.

      ➡️ සමාජ සේවා, සමාජ ආකල්ප , සහ අපේක්ෂාවන් සහ නීතිය යන ක්ෂේත්‍ර වල පිරිමින්ට වෙනස් කොට සැලකීම ඉස්මට්තු කිරීම.

      ➡️ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වැඩි දියුණු කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම.

      ➡️ මිනිසුන්ට ආරක්ෂාකාරි විය හැකි සහ ඔවුන්ගේ සම්පුර්ණ විභවය කරා ලගාවීමට වර්ධනය විය හැකි ආරක්ෂිත සහ වඩා හොද ලෝකයක් නිර්මාණය කිරීමයි.

⭕විවිධ වර්ෂවල තේමාවන් මෙසේය.(පසුගිය වසර 6 තුල)

       ➡️2017 - පිරිමින්ගේ අද්විතීය අවශ්‍යතා සහ ගැටලු.

       ➡️ 2018 - ධනාත්මක පිරිමි ආදර්ශ.

       ➡️ 2019 - පිරිමි සහ පිරිමි ලමුන් සදහා වෙනසක් ඇති කිරීම.

       ➡️ 2020- පිරිමි සහ පිරිමි ලමුන් සදහා වඩා හොද සෞඛ්‍යක් ඇති කිරිම.

      ➡️ 2021 - පිරිමි සහ ගැහැනු අතර වඩා හොද සම්බන්ධතා.

      ➡️ 2022- පිරිමි සහ පිරිමි ලමයින්ට උදව් කිරීම.

මේ ආදී වශයෙනි.

⭕ජාත්‍යන්තර පිරිමි දිනය ප්‍රවර්ධනය කරන්නේ කෙසේද? 

සිසුන්ගේ යහ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන ක්‍රියාකාරකම් ඇතුලත් වේ.පිරිමි සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සදහා අරමුදල් රැස් කිරීම, පිරිමි ලමුන් සදහා විශේෂ උදෑසන ආහාර සහ දහවල් ආහාර ලබා දිම.ප්‍රජා සාමාජිකයින්ට පැමිණ පිරිමිකම, පුරුෂභාවය සහ පිරිමින්ගේ මානසික සෞඛ්‍යය ගැන් සිසුන් සමග කතා කිරීමට ආරාධනා කල හැකිය.

මෙම සුප්‍රසිද්ධ නොවැම්බර් 19 දින ඉන්ධිරා ගාන්ධි සහ නිළි ජෝඩි පෝස්ටර් වැනි සුවිශේෂී පුද්ගලයන් උපත ලබා ඇත.එමෙන්ම මෙදිනට ජාත්‍යන්තර කදවුරු දිනය සහ ලෝක වැසිකිලි දිනය යෙදී ඇත.මෙහි පූජනීය වර්ණය නිල් පැහැය වේ.තවත් විශේෂ කරුණක් නම් ජාත්‍යන්තර කාන්තා දිනය මෙන් නොව ජාත්‍යන්තර පිරිමි දිනය එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් පිලිගන නොමැත.

⭕⭕වැදගත්කම⭕⭕

ලෝකය පුරුෂාධිපත්‍ය සහ ස්ත්‍රීවාදය අතර දීර්ඝ කාලයක් තිස්සේ අරගල කර ඇත.පුරුෂාධිපත්‍යවාදී සමාජයක වසර ගණනාවක් ජීවත් වුවද තම අදහස් ප්‍රකාශ කිරීමේදී පුරුෂයා සිටින්නෙ පසුපසය.පිරිමින් දුෂ්කර පුද්ගලයන් වී ඇති අතර ඔවුන් තත්ත්වයන් තමන්ට දැනෙන ආකාරය හෝ සිතෙන ආකාරය යන්තම් පෙන්වන අතර අවදානමකට ලක්වීමෙන් වැළකී සිටිති.එවැනි පිරිමින් සැමරීමට ජාත්‍යන්තර පිරිමි දිනය වැනි අවස්ථාවක් වැදගත් වන්නේ ඔවුන් කොතරම් වැදගත්ද යන්න සහ ඔවුන්ගේ දායකත්වය වටින්නේද යන්න ඔවුන්ට දැන ගැනීමටය.

Leo Poornima Nethmini Dissanayaka .

First year

Faculty of Arts

Thursday, November 16, 2023

ලෝක දර්ශන දිනය

යුනෙස්කෝව මඟින් මානව චින්තනය වර්ධනයටත් විවිධ සංස්කෘතීන් හා විවිධ පුද්ගලයින් සඳහා දර්ශනයේ කල්පවත්නා වටිනාකම අවධාරණය කිරීම පිණිසත් සෑම වසරකම නොවැම්බර් මස තුන් වන බ්‍රහස්පතින්දා දින ලෝක දර්ශන දිනය සමරනු ලබයි.2023 වර්ෂයේ දී  එය යෙදී ඇත්තේ නොවැම්බර් මස 16 වන දිනටයි.

දර්ශනය යනු ආශ්වාදජනක මෙන්ම සමාජය පරිවර්තනය කළ හැකි එදිනෙදා භාවිතයකි. තර්කානුකූල සිතීමටත් තර්කානුකූල මත ගැටුමකට මනස අවදි කිරීමටත් ගෞරවනීය සමාජයක් ගොඩ නැගීමටත් දර්ශනය උපකාරී වේ.

 මුල්ම වරට යුනෙස්කෝව විසින් 2002 වර්ෂයේ ලෝක දර්ශන දිනය සැමරූ අතර 2005 වර්ෂයේ සිට එය සෑම වසරකම සමරනු ලබන පරිදි ස්ථාපිත කරන ලදී.දර්ශනයේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කළහොත් දර්ශනය අපගේ අදහස් වල සුවිශේෂීතා ප්‍රකාශ කිරීමටත් දුෂ්කර කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් අපගේ ලිවීමේ හා කථන අපැහැදිලිතාඉවත් කිරීමටත් උපකාරී වන බව පෙන්වා දිය හැකිය.දර්ශනයට උදාහරණ ලෙස පාරභෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, ඥාන විද්‍යාව, තර්කනය,සෞන්දර්ය යන විෂයන් වැදගත් තැනැක් ගනී.2023 වර්ෂයේ ලෝක දර්ශනය දිනයේ තේමාව වී ඇත්තේ බහුසංස්කෘතික ලෝකයක දාර්ශනික පරාවර්තනය යන්නයි. මෙම තේමාව විවිධ සංස්කෘතීන් හා ඉදිරි දර්ශන අතර අවබෝධය හා සංවාදය ප්‍රවර්ධනය කිරීමේ දී දර්ශනයේ ඇති වැදගත්කම ඉස්මතු කරයි.

දර්ශනය නොමැතිව, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු ලෝකයක් ගැන සිතීමට අප භාවිතා කරන බොහෝ සංකල්ප අපට නොතිබෙනු ඇත. තාර්කිකවාදය, අනුභූතිවාදය සහ විඥානවාදය වැනි ලෝකය ගැන සිතීමේ විවිධ ක්‍රම ද අපට නොතිබෙනු ඇත.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

Tuesday, November 14, 2023

සමාජ කාංසාව


ලෝකයේ මිනිසුන් සුලභව පීඩා විදින ප්‍රධාන මානසික රෝග තුන අතරින් එකක් වන සමාජ කාංසාව නැති නම් සමාජයට මුහුණ දීමට ඇති අසාමාන්‍ය බිය ජනගහනයෙන් සෑම සිය දෙනකුගෙන්ම පුද්ගලයන් හත් දෙනෙකු පමණ පීඩා විඳින මානසික රෝගී තත්ත්වයකි.

නව යොවුන් වියේ දී හෝ වැඩිහිටි වියේදී වැඩි වශයෙන් ඉස්මතු වන මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් එදිනෙදා  ජීවිතයේදි පිරිසක් ඉදිරියට යාමට හෝ අනෙක් පුද්ගලයින් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට දැඩි බියක් දක්වති.මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක කතාවක් පැවැත්වීම හෝ එවැනි  අවස්ථාවන්ට සහභාගි වීම මගහැරීම ,එසේත් නැතිනම් පිරිස් වැඩිවශයෙන් සහභාගිවන උත්සව ආදියට සම්බන්ධ නොවි ඒවා මගහැර හුදකලාව කාලය ගතකිරීම මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විදින පුද්ගලයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි.මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් අනාගතය පිළිබඳ අනියත බියක් ඇති කර ගනිති. මේ හේතුව නිසා ඔවුන් පිරිසක් ඉදිරියට යාමට පෙර සිටම ඍණාත්මකව සිතීමට පෙලඹෙන අතර ඔවුන් පිරිසක් ඉදිරියට යාමේ දී අන් සියලු දෙනා තමා දෙස විවේචනාත්මක ස්වරූපයෙන් බලා සිටිනවා යන හැඟීමක් ඔවුන් තුළ ඇති වේ.මේ නිසා අධික දහඩිය දැමීම, වේගයෙන් හුස්ම ගැනිම,ක්ලාන්ත ගතියක් ඇතිවීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, උදරයේ අපහසුතා ඇතිවීම, අත්පා වෙව්ලීම,මුහුණ රතුවීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

මෙම රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයින් තුළ තමන්  අවට සිටින්නන්ගේ දෝෂ දර්ශනයට, ප්‍රතික්ෂේප වීමට  ලක් වේය යන හැගීම දැඩිව පවතියි.මේ හේතුව නිසාම ඔවුන් එදිනෙදා ජීවිතයේ දී වැදගත් අවස්ථා මග හැරීමටත් අභියෝගයන්ට මුහුණ නොදී ඒවායෙන් පලා යෑමටත් උත්සාහ කරති.එසේ සිදුකිරීම යහපත් තත්ත්වයක් නො වන්නේ එම නිසා මෙම රෝගී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීමත් එදිනෙදා  කටයුතු වලට බාධා වීමේ  ඉඩකඩ වැඩි වීමත් සිදුවීමයි.මෙම සමාජ භීතිකාව නැතිනම් සමාජ කාංසාව  කුමන මට්ටමක පැවතියද කණගාටු වීමට කරුණක් නොවේ මන්ද එය නිසි ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව පැවතීමයි.

මෙම රෝගයෙන් මිදීමට ඇති ප්‍රධානම උපක්‍රමයක් ලෙස තමා තුළ පවතින ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කර ඒවායින් මනස නිදහස් කර ගැනීම පෙන්වා දිය හැකිය. තමාගේ සිතුවිලි වල නිර්මාණකරු තමා පමණක් වන අතර එම සිතුවිලි තමා පිළිබඳව සෘණාත්මක ඒවා ද නැතිනම් ධනාත්මක ඒවා ද යන්න තීරණය කළ හැක්කේ ද තමාට ම පමණක් බව තේරුම් ගත යුතුය.සෑම මොහොතකම ධනාත්මකව සිතීමට උත්සාහ කිරීම තුලින් සිතේ ඇති නිශේධාත්මක සිතුවිලි වලින් මිදීමට හැකි වේ.

මෙයින් මිදීමට ඇති තවත් උපක්‍රමයක් නම් අන් අය තමා පිළිබඳව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳ සිතීම නැවැත්වීමයි.මෙම රෝගය ඇති පුද්ගලයින් බොහෝ විට පිරිසක් ඉදිරියට යාමට බිය වන්නේ අන් අය තමාව වැරදි අයුරින් විනිශ්චය කිරීමට ලක් කරයි හෝ ලැජ්ජාවට පත් කරයි හෝ යන හැඟීම පැවැතීමයි.නමුත් අප සිතන තරම් මිනිස්සු අප දෙස බලා සිටින්නේ හෝ අපව විනිශ්චය කරන්නේ හෝ නැත.එය හුදෙක්ම සිත තුල පවතින  සිතුවිල්ලක්ම පමණි.

බියට නොපැකිළව මුහුණ දීම මෙම රෝගයෙන් මිදීමට ඇති තවත් ක්‍රමයකි. මෙම සමාජ භීතිකාව ඇති පුද්ගලයින් බොහෝ අවස්ථාවල තමාට පිරිසක් ඉදිරියට යාමට,නව පුද්ගලයන් මුණගැසීමට ඇති අවස්ථා මඟ හරියි. එමගින් මෙම රෝගයෙන් මිදීමට අපහසු වේ.නමුත් ක්‍රම ක්‍රමයෙන් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.බියක් ඇති වු විට අඩු වේගයකින් ගැඹුරු හුස්මක් ගැනීම,මනස සැහැල්ලු කරන භාවනා ක්‍රම අනුගමනය කිරීම, ව්‍යායාම් වල නිරතවීම මගින් සිතේ ඇති කැළඹිලි ස්වභාවය නැතිකොට  සිතට ශක්තිය ලබාගත හැකි අතර  එමගින් යම් තාක් දුරකට මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමටත් ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමටත් හැකිවේ.

පිරිසක් ඉදිරියට ගොස් කතාවක් පැවැත්වීමට හෝ එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවකදී තමා ලැබු කුඩා  ජයග්‍රහණයක් පිලිබද හෝ තමා හදවතින්ම සතුටු වූ අවස්ථාවක් මතක්  කරගැනීම එසේත් නැතිනම් අනාගතය පිළිබඳ ධනාත්මකව සිතීම මගින් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීම සිදු කළ හැකිය.එතුළින් තමාට තමා පිළිබඳව අභිමානයක් ගොඩනගා ගැනීමටත් එම අවස්ථාවට සාර්ථකව නොබියව මුහුණ දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේ.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම රෝගයෙන් මිදීමට නොහැකි ලෙස  දරුණු අයුරින් පවතී නම් මනෝ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය වළක්වා ගැනීමට හැකියාව පවතී.

Leo Madavi Maheshika

First Year

Faculty of Arts

World Diabetes Day


ලෝක දියවැඩියා දිනය

දියවැඩියා රෝගයේ සෞඛ්‍යමය බලපෑම් සහ එය ලෝකයේ දිනෙන් දින ඉහළ යන ආකාරය, මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය වන අතර එය ප්‍රධාන ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් බවට සැකයක් නැත. අපට රෝගයට එරෙහිව සටන් කළ හැක්කේ එකට පමණි. එබැවින් ලෝක දියවැඩියා දිනය වාර්ෂිකව නොවැම්බර් 14 දිනට යෙදී ඇත.

මෙහීදි දියවැඩියා රෝගය Diabetes mellitus ලෙසද හැඳින්වේ. ශරීරයේ අග්න්‍යාශ ග්‍රන්ථියට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට හෝ ශරීරයට නිපදවන ඉන්සියුලින් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ විට ශරීරයේ දියවැඩියාව ඇතිවේ. එය නිදන්ගත රෝගයකි. ඉන්සියුලින් යනු පත්‍ර වැනි අග්න්‍යාශය මගින් නිපදවන හෝමෝනයක් බව අපි ඔබට කියමු.

ප්‍රධාන වශයෙන්, දියවැඩියාව වර්ග තුනක් ඇත. එනම් Type 1, Type 2 සහ Gestational වශයෙනි.Type 1 diabetes : එය ඕනෑම වයසක දී වර්ධනය විය හැකි නමුත් බොහෝ විට එය ළමයින්ට සහ නව යොවුන් වියේ දරුවන්ට බලපායි.

Type 2 Diabetes: වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන අතර බොහෝ විට 90% දියවැඩියා රෝගීන් වන්නේ Type 2 පමණි. ගර්භණී දියවැඩියාව (GDM): මෙම වර්ගයේ දියවැඩියාව තුළ ගර්භණී සමයේදී රුධිරයේ ග්ලූකෝස් වැඩි වන අතර මවට සහ දරුවාට සංකූලතා ඇති කළ හැකිය.

 එබැවින්, ලෝක දියවැඩියා දිනය වාර්ෂිකව නොවැම්බර් 14 වන දින සමරනු ලබන අතර එය දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීම, එයට ප්‍රතිකාර කිරීම සහ අධ්‍යාපනය ලබා දීම සඳහා ලොව විශාලතම දියවැඩියා ව්‍යාපාරය වේ

ලෝක දියවැඩියා දිනයේ ඉතිහාසය විමසා බලන විට 1922 දී චාල්ස් බෙස්ට් සමඟින් ඉන්සියුලින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රීමත් ෆෙඩ්රික් බැන්ටිං ගේ උපන්දිනය නොවැම්බර් 14 වැනි දින ලෝක දියවැඩියා දින සැමරුම සනිටුහන් කළේය. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය 1991 දී ලෝක දියවැඩියා දිනය ආරම්භ කළේ දියවැඩියා රෝගයෙන් මතුවන සෞඛ්‍ය තර්ජනය ඉස්මතු කිරීමට ය. 2006 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මත කිරීමෙන් ලෝක දියවැඩියා දිනය නිල එක්සත් ජාතීන්ගේ දිනය බවට පත් විය.

 මෙහීදි 2022 ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේ"දියවැඩියා අධ්‍යාපනයට ප්‍රවේශය" යන්නයි, එය "දියවැඩියා සත්කාර සඳහා ප්‍රවේශය" යන විශාල බහු-වසර තේමාවට සහය දක්වයි . දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැති ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත පුද්ගලයින් කෙරෙහි තේමාව අවධානය යොමු කරයි. එසේම, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට ඔවුන්ගේ තත්වය කළමනාකරණය කිරීමට සහ සංකූලතා වළක්වා ගැනීමට අඛණ්ඩ සත්කාර සහ සහාය අවශ්‍ය වේ.

මේ ආකාරයට විවිධ තේමාවන් ඔස්සේ අවුරුද්දක් පාසා ලෝක දියවැඩියා දිනය සැමරීමටත් ලෝකයේ දියවැඩියා රෝගීන් අඩු කර ගැනීමටත් විවිධ ප්‍රයත්න දරන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකියාවක් පවති. 

Leo Rashmi Shasikala

Faculty of Art

First Year


World Diabetes Day 

We believe everyone should know about diabetes. Since 2006 every November 14 World Diabetes Day id commemorated.

The birth of sir Fredrick Banting who co-discovered insulin along with Charles Best in 1922.

World Diabetes Day (WDD) is the world’s largest diabetes awareness campaign.

The logo of world Diabetes Day is a blue -circle and this is recognized by hundreds of thousands of people with diabetes throughout the world.

The theme for world Diabetes Day 2021-23 is access to diabetes care.

Globally an estimated 422 million adults were living with diabetes in 2014.

Diabetes is a major cause of blindness, kidney failure, heart attack.

Healthy diet physical activity and avoiding tobacco use/ can prevent diabetes.

People with diabetes require on going care and support to manage their condition and avoid complications.

Diabetes is a chronic disease; it often vaults from excess body weight and physical inactivity.

World Diabetes Day is celebrated in a vast number of ways arrowed the globe.

These include a range of activities and events including meetings and lectures to spread public information.

Sporting events for adults & children

Television and radio programs leaflet

Exhibition & conference.

I wish those suffering from diabetes get well.

Leo Imasha Nilushi

First Year

Faculty of Arts


உலக நீரிழிவு தினம்

ஒவ்வொரு ஆண்டும் நவம்பர் 14ஆம் தேதி உலக நீரிழிவு நோய் விழிப்புணர்வு தினமாக அனுசரிக்கப்பட்டு வருகிறது.

நீரிழிவு நோய்க்கு மருந்தாக பயன்படும், இன்சுலினை கண்டுபிடித்த ‘பேண்டிங்க் அண்ட் பெஸ்ட்’ என்ற விஞ்ஞானியின் பிறந்த நாளான நவம்பர் 14ம் திகதி “உலக நீரிழிவு நோய்” தினமாக, உலக சுகாதார நிறுவனத்தால் பிரகடனப்படுத்தப்பட்டது.

சர்வதேச ரீதியில் இந்த நீரிழிவு நோய் குறித்த பிரசாரங்கள் செய்யப்படுகின்றன. இன்றைய தலைமுறையில், வயது வித்தியாசம், இன பேதம் என தயவு தாட்சண்யம் பார்க்காமல் அனைத்து தரப்பினரும் சர்க்கரை நோயினால் பாதிக்கப்பட்டுள்ளனர்.

2023 உலக நீரிழிவு தினத்திற்கான கருப்பொருள் நீரிழிவு பராமரிப்புக்கான அணுகல் (Access to diabetes care) ஆகும்.

உலகெங்கிலும் உள்ள மில்லியன் கணக்கான நீரிழிவு நோயாளிகளுக்கு நீரிழிவு சிகிச்சைக்கான அணுகல் இல்லை.

நீரிழிவு நோயாளிகள்  இச்சிக்கல்களைத் தவிர்க்க தொடர்ச்சியான கவனிப்பு  தேவைப்படுகிறது.

அனைத்து நீரிழிவு நோயாளிகளுக்கும் தகுந்த சிகிச்சை கிடைக்க வேண்டும்.

நீரிழிவு சிகிச்சை மற்றும் அதனை தடுப்புக்கான முதலீட்டை அதிகரிக்க அரசாங்கங்கள் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும்.

நீரிழிவு என்பது வாழ்நாள் முழுவதும் ஒரு தீவிரமான குறைபாடாகி விடக்கூடிய நோயாகும். இது ஒவ்வொரு ஆண்டும் ஒரு மில்லியனுக்கும் அதிகமான மக்களைக் கொல்கிறது - யாருக்கு வேண்டுமானாலும் இந்த பாதிப்பு ஏற்படலாம்.

ரத்த ஓட்டத்தில் உள்ள அனைத்து சர்க்கரையையும் (குளுக்கோஸ்) உடலால் செயல்படுத்த முடியாதபோது இது ஏற்படுகிறது; அதன் சிக்கல்கள் மாரடைப்பு, பக்கவாதம், பார்வை இழப்பு, சிறுநீரக செயலிழப்பு மற்றும் காலைத் துண்டிக்கும் அளவுக்கான பிரச்சனைகள் ஆகியவற்றுக்கு கொண்டு செல்லும்.

மேலும் இது ஒரு வளர்ந்து வரும் சர்வதேச பிரச்னை ஆகி வருகிறது - உலகளவில் 422 மில்லியன் மக்கள் நீரிழிவு நோயுடன் வாழ்கின்றனர் - உலக சுகாதார அமைப்பு (WHO) தரவின்படி, இது 40 ஆண்டுகளுக்கு முன்பு இருந்த நிலையை விட தற்போது நான்கு மடங்கு அதிகமாகியுள்ளது.

எனவே இது குறித்த விழிப்புணர்வை மேலும் அதிகரிப்பதன் மூலம் நலமான வாழ்வுக்கு வழி வகுப்போமாக!

Leo Nifla Najeem

Second Year

Faculty of Arts

Sunday, November 12, 2023

සාර්ථකත්වය යනු?


සාර්ථකත්වය කියන්නේ මොකක්ද බැලූ බැල්මට නම් සරල වචනයක් වගේ පෙනුනට මේ පුංචි වචනය ඇතුලේ ගැබ්වුණු ලොකු අදහසක් තියෙනවා. සාර්ථකත්වය යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිආත්මීය සංකල්පයකි. ඕනෑම පුද්ගලයෙකු ජීවිතයට අනිවාර්යෙන්ම ළඟා කරගත යුතු සංකල්පයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි. යම් කෙනෙකු වේ ද ඔහු හෝ ඇය සාර්ථකත්වයත් දකින්නේ තමන්ගේ හීන, අරමුණු ,ඉලක්ක තුලයි. අයෙක් තමන්ගේ රැකියාව තුළින්, සමහරෙක් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වෙන්න උත්සහ දරන විට,  තවත් අයෙකු තම ව්‍යාපාර තුළින්, තවත් අයෙක් තමාගේ පවුල් ජීවිතය තුළින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරයි. මේ විදිහට ජීවිතේ ජීවිත කාලය පුරාවටම විවිධ අරමුණු, බලාපොරොත්තු පසුපස හඹා යන මිනිසා ඒ තුළින් සාර්ථකත්වය අත් කර ගන්න උත්සාහ දරයි.

Success is a journey-not a destiítion.

සාර්ථකත්වය කියලා කියන්නේ ගමනාන්තයක් නොවේ. ඇත්තෙන්ම එය ගමනාන්තයන් ගොන්නක් පිරිවරා ගත්  දීර්ඝ ගමනෙකි. මේ දිගු ගමන තුළ තාවකාලික සතුටක් ලබා දෙමින් තීරණාත්මක අවසානයක් කරා පොලඹවන එක් සුවිශේෂී සංසිද්ධියකි. ජීවිතයේ පුරාවටම අපි දකින හීන පසුපස හඹා යමින්, ඒවා ඉෂ්ට කර ගනිමින්,  ඉදිරියට තබන පියවරක් පාසා අපි තුලම ඉබේම දිරිගැන්වීමක් ඇති කරගනිමින් යන ගමනක ආරම්භය ලෙස සාර්ථකත්වය හඳුන්වා දිය හැකිය.

සාර්ථකත්වය නැතිනම් successful වෙන්න අපි මොනවද කරන්න ඕනි? ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න අරමුණු, හීන, බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවනි. අවසානයේ ඒවාගේ උපරිම ප්‍රයෝජන ලඟා කරගන්න අපි මනා අවබෝධයකින් යුතුව අපේ අරමුණු දිගේ ගමන් කරන්න අපිටම පැවරෙන වගකීමක් තියෙනවා. සාර්ථකත්වය කරා යන ගමන එක්තරා චාරිකාවක් නම් අපිට මේ චාරිකාව පුරාවටම රළු, කටුක මාවත්, කඳු, ගිරි, හෙල්  යනාදී නොයෙක් බාධක හමු වෙන්න පුළුවනි. නමුත් මේ සෑම බාධකයක් ම ජය ගෙන අවසානයේ අපගේ ගමනාන්තය කරා යොමු වීම තමයි අපි සාර්ථකත්වය කියලා හඳුන්වන්නේ.  අපේ හීන වල ම විතරක් නෙවෙයි අපි කරන හැම වැඩක්ම වාගේ සාර්ථකව ඉටු කරන්න අපි වග බලා ගත යුතුය.

අපිට හැම වෙලාවකම පළමු උත්සාහයෙන්ම සාර්ථක වීමට හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වෙලාවට අසාර්ථකත්වය හොඳම දිරිගැන්වීම ලෙස හිතේ තබා ගනිමින් පෙරටත් වඩා සාර්ථකත්වය කරා පියමන් කළ යුතුයි. ඒ වාගේම ඕනෑතරම් අපට මිනිසුන් මුණ ගැසෙයි අසාර්ථක වෙලා එතනින් එහාට සාර්ථකත්වයක් ගැන නොසිතා ඒ තුළම එළඹගෙන සිටින.  හැබැයි අපි ඒ  සෑම මොහොතක්ම ජිවිතයට අලුත් දේවල් එක්කර ගනිමින් සාර්ථක ගමනකට හිමිකම් කිව යුතුය. මේ සාර්ථකත්වය කරා යන  ගමනේ දී අපි අරමුණු ඉලක්ක වලට ලඟා වෙනවා වගේම ගුණධර්ම අතින් ද යහපත් සාර්ථක පුද්ගලයෙක් විය යුතුය.  එමෙන්ම මේ ළඟා කරගන්නා සාර්ථකත්වය තුල සතුට  අනිවාර්යෙන්ම අත්කර ගත යුතුය.මොකද අපි කොච්චර සාර්ථක වුණත් ඉන්  ප්‍රයෝජනයක් නැති වෙන ඒ සාර්ථකත්වය  භුක්ති විඳීමට බැරිනම්. ඒ නිසා හීන පසුපස හඹා යමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්  උපරිම සතුට ළඟා කර ගනිමින් අවසානයේ කරා යන තෙක්ම  නොයි ද ලැබෙන සුළු දෙයකින් පවා සතුට ළඟා කර ගනිමින් නියම සාර්ථක මිනිසකු ලෙස ජීවිතය ජය ගන්න ඕනි.

Leo Ayesha Dilhani

First Year

Faculty of Arts

University of Colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...