Sunday, November 19, 2023

ආදරේ නීතිය…


නිස්සාර ජීවිතේ එක්තරා කාල සීමාවක හමු වූ නුඹ මට සැබැවින්ම අහම්බයක්. අහම්බකාරක හමු වීමක් ඇතුලේ ආදරණීය කතාවක ආදරණීය මනුස්සයකු ලෙසත්, විටක හදවත පාරන රුදුරු වූ නපුරකු විදිහටත් මුණ ගැහුණු නුඹ ආදරේ නීතිය ගැන කියලා දුන්නේ හරි අපූරු පාඩමක්…

මඟක් රැන්දූ සොඳුරු පද වැල් අතුරින් කඳුළු තෙපලූ ආදරණීය මතක ගොන්නකට අවසානයේ ආදරණීය මතක කියලා කියන්න අපි හැමෝම හිත් හදාගත්ත හැටි හරි පුදුමයි…

     “තාම නුඹ ගැන ලියනවා

     නොකියවන බව දන්නවා

     එකම එක වතාවක් අහන්නම්

     දැන් මට ආදරේ නැ නේද මේඝ…”

                   (අභිෂේකා විමලවීර)

“ ජීවිතේ හැමදේම බෙදාගත්ත

  ඔයාට ඇයි

  ආදරේ බෙදාගන්න බැරි

  මගේ ඇස්වල ගෞරවය

  ඔය ඇස්

  පළවෙනි වතාවට කියන්නම්

  මං ආදරේ නැ අභී

  තව ටිකක් ඉවසන්න තිබුණා…”

 

“දැනුණු තරමට රිදෙනවා

රිදුණු තරමට දැනෙනවා

ඒ තමයි ආදරේ නීතිය මේඝ…”

           ( මිහිඳු ආරියරත්න )

සොඳුරු වූ පදවැල් ලස්සන වචන මතු වෙද්දි, මේ වචන එක්තරා විදිහකට හදවත පසාරු කරන්න තියපු රතුම රතු වෙඩි වරුසාවක් කියලා හිතන්න පුළුවන්. විවිධාකාර වූ මානව සමාජය තුළ  අපි ආදරේ කරන මිනිස්සුන්ගෙන් අසාමාන්‍ය ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඉතිං එහෙම බලාපොරොත්තු වෙන ආදරයක් ඇතුලේ මනුෂ්‍යයකුට තිබිය යුතු වටිනාම අකුරු හතර ඉවසීම කියලා කියන්න පුළුවන්…ඉතිං ආදරණීයනි, ආදරය තුළ එකිනෙකා තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ඒ වගේම විරහවද දරාගන්නට හුරුවෙලා ඉමු.

අන්තිමට ලියන්නම්,

 “ කලු ගලක් බව හිතන් හිටියට

  කඳුළු මුහුදට වැටෙනවා…”

අපි හිනාවෙලා සතුටින් ජීවිතය ජීවත් කරමු.


ශශිකලා කල්හාරි

අධ්‍යාපන පීඨය

දෙවන වසර

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...