Sunday, November 12, 2023

සාර්ථකත්වය යනු?


සාර්ථකත්වය කියන්නේ මොකක්ද බැලූ බැල්මට නම් සරල වචනයක් වගේ පෙනුනට මේ පුංචි වචනය ඇතුලේ ගැබ්වුණු ලොකු අදහසක් තියෙනවා. සාර්ථකත්වය යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිආත්මීය සංකල්පයකි. ඕනෑම පුද්ගලයෙකු ජීවිතයට අනිවාර්යෙන්ම ළඟා කරගත යුතු සංකල්පයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි. යම් කෙනෙකු වේ ද ඔහු හෝ ඇය සාර්ථකත්වයත් දකින්නේ තමන්ගේ හීන, අරමුණු ,ඉලක්ක තුලයි. අයෙක් තමන්ගේ රැකියාව තුළින්, සමහරෙක් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වෙන්න උත්සහ දරන විට,  තවත් අයෙකු තම ව්‍යාපාර තුළින්, තවත් අයෙක් තමාගේ පවුල් ජීවිතය තුළින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරයි. මේ විදිහට ජීවිතේ ජීවිත කාලය පුරාවටම විවිධ අරමුණු, බලාපොරොත්තු පසුපස හඹා යන මිනිසා ඒ තුළින් සාර්ථකත්වය අත් කර ගන්න උත්සාහ දරයි.

Success is a journey-not a destiítion.

සාර්ථකත්වය කියලා කියන්නේ ගමනාන්තයක් නොවේ. ඇත්තෙන්ම එය ගමනාන්තයන් ගොන්නක් පිරිවරා ගත්  දීර්ඝ ගමනෙකි. මේ දිගු ගමන තුළ තාවකාලික සතුටක් ලබා දෙමින් තීරණාත්මක අවසානයක් කරා පොලඹවන එක් සුවිශේෂී සංසිද්ධියකි. ජීවිතයේ පුරාවටම අපි දකින හීන පසුපස හඹා යමින්, ඒවා ඉෂ්ට කර ගනිමින්,  ඉදිරියට තබන පියවරක් පාසා අපි තුලම ඉබේම දිරිගැන්වීමක් ඇති කරගනිමින් යන ගමනක ආරම්භය ලෙස සාර්ථකත්වය හඳුන්වා දිය හැකිය.

සාර්ථකත්වය නැතිනම් successful වෙන්න අපි මොනවද කරන්න ඕනි? ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න අරමුණු, හීන, බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවනි. අවසානයේ ඒවාගේ උපරිම ප්‍රයෝජන ලඟා කරගන්න අපි මනා අවබෝධයකින් යුතුව අපේ අරමුණු දිගේ ගමන් කරන්න අපිටම පැවරෙන වගකීමක් තියෙනවා. සාර්ථකත්වය කරා යන ගමන එක්තරා චාරිකාවක් නම් අපිට මේ චාරිකාව පුරාවටම රළු, කටුක මාවත්, කඳු, ගිරි, හෙල්  යනාදී නොයෙක් බාධක හමු වෙන්න පුළුවනි. නමුත් මේ සෑම බාධකයක් ම ජය ගෙන අවසානයේ අපගේ ගමනාන්තය කරා යොමු වීම තමයි අපි සාර්ථකත්වය කියලා හඳුන්වන්නේ.  අපේ හීන වල ම විතරක් නෙවෙයි අපි කරන හැම වැඩක්ම වාගේ සාර්ථකව ඉටු කරන්න අපි වග බලා ගත යුතුය.

අපිට හැම වෙලාවකම පළමු උත්සාහයෙන්ම සාර්ථක වීමට හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වෙලාවට අසාර්ථකත්වය හොඳම දිරිගැන්වීම ලෙස හිතේ තබා ගනිමින් පෙරටත් වඩා සාර්ථකත්වය කරා පියමන් කළ යුතුයි. ඒ වාගේම ඕනෑතරම් අපට මිනිසුන් මුණ ගැසෙයි අසාර්ථක වෙලා එතනින් එහාට සාර්ථකත්වයක් ගැන නොසිතා ඒ තුළම එළඹගෙන සිටින.  හැබැයි අපි ඒ  සෑම මොහොතක්ම ජිවිතයට අලුත් දේවල් එක්කර ගනිමින් සාර්ථක ගමනකට හිමිකම් කිව යුතුය. මේ සාර්ථකත්වය කරා යන  ගමනේ දී අපි අරමුණු ඉලක්ක වලට ලඟා වෙනවා වගේම ගුණධර්ම අතින් ද යහපත් සාර්ථක පුද්ගලයෙක් විය යුතුය.  එමෙන්ම මේ ළඟා කරගන්නා සාර්ථකත්වය තුල සතුට  අනිවාර්යෙන්ම අත්කර ගත යුතුය.මොකද අපි කොච්චර සාර්ථක වුණත් ඉන්  ප්‍රයෝජනයක් නැති වෙන ඒ සාර්ථකත්වය  භුක්ති විඳීමට බැරිනම්. ඒ නිසා හීන පසුපස හඹා යමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්  උපරිම සතුට ළඟා කර ගනිමින් අවසානයේ කරා යන තෙක්ම  නොයි ද ලැබෙන සුළු දෙයකින් පවා සතුට ළඟා කර ගනිමින් නියම සාර්ථක මිනිසකු ලෙස ජීවිතය ජය ගන්න ඕනි.

Leo Ayesha Dilhani

First Year

Faculty of Arts

University of Colombo

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...