Sunday, January 14, 2024

අභිරහස් කතා කලාවෙ රැජිණ


රහස් පරීක්ෂක, අභිරහස් ප්‍රබන්ධ කතා ආදි කතාංගයන්ට සාහිත්‍ය ලෝකය තුළ ලැබී තිබෙන්නේ අද්විතීය ස්ථානයකි.ඒ පාඨකයා කිසිදු ලෙසකින්වත් නොසිතන ආකාරයේ  සිදුවීම් ආදිය අපූරුවට ගළපා කුතුහලය දනවන ආකාරයට එම කථා රචනා වී ඇති නිසාවෙනි.

එවැනි කතා බොහෝමයක් නිර්මාණය කළ අගතා ක්‍රිස්ටි  "අභිරහස් කතා කලාවේ රැජිණ" ලෙස හඳුන්වන අතර ඇය ලෝක සාහිත්‍ය සාහිත්‍ය තුළ නොමියෙන කීර්තිමත් චරිතයකි.ලොව මෙතෙක් වැඩියෙන්ම අලෙවි වී ඇති ග්‍රන්ථ අතර මුල් තැන අද වන තෙක්ම අගතා ක්‍රිස්ට්ගේ ග්‍රන්ථවලට හිමි වන්නේ ඇයගේ ග්‍රන්ථකරණය රසික සිත් තුල කොතරම් දුරට කාවැදී ඇත්දැයි යන්න පෙන්වා දෙමින්ය.

1890 වර්ෂයේ සැප්තැම්බර් 15වන දින එංගලන්තේ උපත ලැබූ අගතා ක්‍රිස්ටි තම අධ්‍යාපනය ලබා ඇත්තේ නිවසේදී ඇගේ මවගෙනි.ක්‍රිස්ටි පළමු ලෝක යුධ සමයේදී හෙදියක් ලෙස සේවය කරන කාලය අතරතුර රහස් පරීක්ෂක ප්‍රබන්ධ කතා ලිවීම ආරම්භ කොට තිබේ. ඇගේ පළමු නවකතාව "The mysterious affair at style" වූ අතර වැඩිම විකුණුම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන්නේ වරද හා යුක්තිය යන තේමාව වටා ගෙතුණු "And then there were none" නම් රහස් පරීක්ෂක නව කතාවයි."Muder on the orient express","The muder of roger ackroyd","Death on the nile" ඇගේ වඩාත් ප්‍රසිද්ධ කෘති කිහිපයකි.

රහස් පරීක්ෂක කතා 66ක් ද කෙටි කතා 14ක්ද රචනා කර ඇති ක්‍රිස්ටි වසර 20ක් පුරා රහස් අන්වර්ථ නාමයකින් ආදර කතා කිහිපයක්ද  රචනා කර  ඇත.ක්‍රිස්ටි වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Hercule poirot හා Miss marple  වැනි සංකේතාත්මක ප්‍රබන්ධ රහස් පරීක්ෂකයින් නිර්මාණය කිරීම නිසාවෙන් වන අතර ඇගේ කතා බොහෝ විට සංකීර්ණ, විස්මිත අවසානයක් හා මානව මනෝවිද්‍යාව කෙරෙහි අවධානය යොමුව ඇති ඉතා සාර්ථක කතාංගයන් වේ.ඇගේ බොහෝ කෘති ප්‍රමාණයක් රූපවාහිනි කතා මාලා හා වේදිකා නාට්‍ය නිෂ්පාදන වලට අනුවර්තනය වී ඇති අතර ඇගේ ග්‍රන්ථ පිටපත් මිලියන සියයකට වඩා අලෙවි වී තිබේ.එපමණක් නොව ඇගේ ග්‍රන්ථ භාෂා සියයකට වඩා අධික ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙන්නේ ලොව පුරා අතිමහත් රසික ප්‍රජාවක් ඇය වටා එකතු කරමින්ය.

"Mistress of mystery","මරණයේ ආදිපාදවරිය" යන අන්වර්ථ නාමවලින්ද ඇයව හදුන්වනු ලබන අතර "අභිරහස් කතා කලාවේ රැජිණ" ලෙස ඇයව හැදින්වීමට මූලිකවම හේතු වී ඇත්තේ ඇගේ ග්‍රන්ථ සංකීර්ණ කතා ශෛලියකින් හා කුතුහලය පිරි එමෙන්ම කිසිලෙසකින්වත් අමතක නොවන චරිත සැකසීමේ ඇගේ දක්ෂතාව හේතුවෙනි.

නව පරපුරේ ලේඛකයන් දිරිමත් කරමින් රහස් පරීක්ෂක ග්‍රන්ථ ප්‍රභේදයට අගතා ක්‍රිස්ටිගෙන් ලැබුණු දායකත්වය ලෝක සාහිත්‍යය තුළ සදාකාලික බලපෑමක් ඇතිකෙරිණි.සිය ජීවිතය අවසන් සමය තෙක් ග්‍රන්ථකරණයේ යෙදී වයස අවුරුදු 85දී අගතා ක්‍රිස්ටි මිය ගියේ ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කුතුහලය දනවන ප්‍රශ්න රැසක් ඉතිරි කරමින් ය.ඇය මිය ගියද ඇගේ ග්‍රන්ථ අදටත් පාඨක ප්‍රජාව නවමු ලොවකට රැගෙන යන සදාකලික සාහිත්‍යංගයන් බවට පත්වී තිබෙන්නේ ඇගේ අපූරු දක්ශතාවයන් තවදුරටත් පසක් කරමිනි.

Leo Madhvi Maheshika

First Year

Faculty of Arts

තෛපෝංගල් උත්සවය


තෛපෝංගල් උත්සවය

ලොව පුරා ජීවත් වන දමිළ ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන ප්‍රධාන උත්සවයක් ලෙස තෛපොංගල් උත්සවය පෙන්වා දෙන්න පුළුවන්. අලුත් වසරකට ආවඩා ආයුබෝ කියමින් සූර්ය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කිරීම මේ පෝංගල් උත්සවයේ නිමිත්තයි.ලොව පුරා සිටින දමිළ මෙන්ම දමිළ නොවන ජනතාව ද මේ පෝංගල්  උත්සවය ජනවාරි 15වන දිනට උත්සවශ්‍රීයෙන් සමරයි.

♦️පොංගල් සමරන්නේ මෙහෙමයි....

හින්දු ජනයා මුල්කරගත් තෛපෝංගල් උත්සවය සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරයි.දමිළ දින දර්ශනයට අනුව ඔවුන්ගේ දසවන මාසය වන "තායි"මාසයේ පළමු දිනයේදී මේ පෝංගල් උත්සවය සමරයි.සූර්යයා උතුරු දිශාවට ගමන් කිරීම එනම් "උත්තරායනය "සිදුවන්නේ මේ දිනයේ බව ඔවුන්ගේ මතයයි.

දමිළ ජාතිකයින් නව මැටි බදුන්වල පෝංගල් පිසීම සිදු කරයි .සිංහල අපි කිරි උතුරවනවා හා සමානව ඔවුන් පෝංගල්  උතුරවමින් පෝංගල් උතුරා යන විට "පෝංගලෝ පෝංගල්" යනුවෙන් ප්‍රීති ඝෝෂා නගයි.මෙම තයිපෝංගල් උත්සවය "භෝගි පෝංගල්, " "සූර්ය පෝංගල් ","මාට්ටු පෝංගල්" හා "කානුම් පෝංගල් "යනුවෙන් දින කිහිපයක් පුරා සැමරේ.

♦️පෝංගල්වල අරමුණු...

 තෛපෝංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වනුයේ  නෙළා ගන්නා අලුත් අස්වැන්නෙන් කොටසක් දෙවියන්ට  පිදීමයි.වසරක් පුරා වගා කළ දෙයින් කොටසක් දෙවියන්ට පූජා කිරීමෙන් සෞභාග්‍යය ,සමෘද්ධිමත් බව හා  කෘතගුණත්වය දැක්වීම එයින් අපේක්ෂා කෙරේ.

♦️ප්‍රධාන තැනක් ගන්නා චාරිත්‍ර වාරිත්‍ර...

දමිළ ජනතාව මේ උත්සවය කාලසීමාවේදී අලුත් ඇඳුමින් සැරසී චාරිත්‍ර රාශියක් සිදුකරයි.කෙසෙල්, උක් ගස්  ආදියෙන් මකර තොරණක් සෑදීම, අලංකාර කෝලම් රටාවලින් නිවස ඉදිරිපස සැරසීම, ස්වභාවධර්මයට කෘතගුණ දැක්වීම,ගොවිතැනට උදව් කරන ගවයන්ට කෘතගුණ දැක්වීම, නෑ හිතමිතුරාදීන්ගේ සුව දුක් බැලීමට යාම ආදිය ප්‍රධාන තැනක් ගනියි.

♦️හැඩමවනා කෝලම් රටා...

තෛපෝංගල් උත්සව කාලයේදී කාන්තාවන්ට හිමිවන විශේෂ කාර්යයක් වනුයේ කෝලම්රටාවලින් නිවසේ හැඩ මැවීමයි.මිදුලේ ගොම ගාන ලද බිමක සුදු, රතුපාට යොදා ගනිමින් ධ්‍යාන කුඩු හා විවිධ පාට ගන්වපු පොල් කුඩු වලින් අලංකාරජනක කෝලම් රටා නිර්මාණය කරයි. කෝලම් රටා යනු ,හින්දු සංස්කෘතියේ  සුවිශේෂී ස්ථානයක්  හිමිකර ගන්නා  සංස්කෘතික අංගයකි.

♦️රස ඉතිරෙන පොංගල් කෑම...

මේ උත්සව කාලයට රස මවන කෑම වර්ග රාශියක් දක්නට ලැබේ.  ප්‍රධාන වශයෙන් පෝංගල් බත ,වඩේ, මුරුක්කු ,තෝසෙ, පායාස්මී, උළුඳු වඩේ  වැනි රස කැවිලි මේ කාලයට පෝංගල් කෑම මේසය හැඩගන්වයි.

දෙවියන් පුදනා ,ගොවිතැන වටා ඒකරාශී වූ සංස්කෘතියක් පවතින, සශ්‍රීකත්වය උත්සවශ්‍රීයෙන් සමරන අයුරු පෙන්වා දෙමින් ,සොබා දහම හා ජනතාව අතර පවතින අවියෝජනීය බන්දුතාවය නිරූපිත තෛපෝංගල් උත්සවය ලංකාවාසී ,ලෝකවාසී දමිළ ජනයා ඇතුළු සියලු දෙනාටම සෞභාග්‍ය කැන්දන ප්‍රීතිමත් පොංගල් උත්සවයක් වේවා!!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts


Thai pongal Festival

As a country of diverse ethnic groups, the country is bound to celebrate several festivals. Moreover, among the varying festivals that Sri Lankans celebrate, Thaipongal holds a significant place. Tamils celebrate Thai Pongal as the very first festival of the year. Moreover, the Tamils in India, Sri Lanka, and other parts of the world where Tamil citizens reside celebrate this festival impressively. In addition, South India's multi-day harvest festival takes place in the second week of January.

The celebration of Thai Pongal is visible in the North, East, Central Hill Country and other areas where Hindus live in Sri Lanka. Thai Pongal unites Tamils all across Sri Lanka in a devoted prayer of thanksgiving for a bountiful harvest. The Tamils pay tribute to the Sun God (Surya) during this festival. Moreover, farmers worship the sun on this special day and they enjoy the harvest, the entire year. Even though the Thai Pongal Festival is celebrated grandly including Bhogi Pongal, Surya Pongal, Mattu Pongal and Kanum Pongal in India, which last for four days, in Sri Lanka Thai Pongal Festival is limited to a two-day celebration.

In addition, Tamils celebrate Thai Pongal on the tenth month of the Tamil calendar, known as the 'Thai' month. The only Hindu festival that follows a solar calendar is Thai Pongal, which takes place in mid-January each year. Pongal is a Sanskrit term that means "boiling over." During the Thai Pongal festival, Tamils offer sweet Pongal rice to the Sun God.

        Furthermore, a clay pot is painted and prepared for the vital role it will play in the festivities. Tamils place it on a temporary hearth made of three bricks and place it in the offering area. Also, when the milk in the pot boils over, they add rice, jaggery, raisins, cashew nuts, and mung dhal to make the delectable Pongal and they share it among family and guests.

On this day, Tamils sing Pajans along with morning activities (devotional songs), and the rest of the day is spent in unity with family, colleagues, and friends after visiting the Kovil (Temple) where more prayers of thanksgiving take place.

Tamils enhance the cow's beauty in specific ways, by bathing them and painting their horns in bright colours. During the day, friendly contests between the village cows and young men take place. They tie money to the horns of bulls. The young men chase, catch and tame these fierce bulls and take the money. Tamils believe in bringing man and beast together in a spirit of peace and honour.

On Thai Pongal, Tamils use kolam or rangoli to beautify homes and places of worship, and families participate in Pongal events. Moreover, their rituals and traditions further enhance the delight of this celebration.

Other events include firework shows, traditional songs, and dance. Generally, these get-togethers last well into the night. During Thai Pongal, Sri Lankans can witness particular streets with beautifully decorated homes. Coloured rice flour and other products, while decorations on floors are visible with banana and mango tree leaves.

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts


தைப் பொங்கல்

பொங்கல் என்று பொதுவாக அழைக்கப்படும் தைப் பொங்கல் பண்டிகை, உலகெங்கிலுமுள்ள தமிழ் சமூகத்தால் கொண்டாடப்படும் ஒரு பாரம்பரிய அறுவடைத் திருநாள் ஆகும்.  குளிர்கால சங்கிராந்தியின் முடிவையும் அறுவடை பருவத்தின் தொடக்கத்தையும் குறிக்கும் வகையில் இப்பண்டிகையானது  பொதுவாக  தை(ஜனவரி) மாதத்தில் கொண்டாடப்படுகிறது. 2024 ஆம் ஆண்டு தைப்பொங்கல் பண்டிகையானது ஜனவரி 15 ஆம் திகதி கொண்டாடப்படுகிறது. 

தைப்பொங்கல் ஆழமான கலாச்சார மற்றும் மத வேர்களைக் கொண்டுள்ளது. அறுவடைக்கு நன்றி தெரிவிக்கும் மற்றும் விவசாய செழிப்புக்கான ஆசீர்வாதங்களைத் தேடும் சூரியக் கடவுளான சூரியனுக்கு இந்த திருவிழா அர்ப்பணிக்கப்பட்டுள்ளது. "பொங்கல்" என்பது பண்டிகையின் போது தயாரிக்கப்படும் பாரம்பரிய உணவைக் குறிக்கிறது, இது புதிதாக அறுவடை செய்யப்பட்ட அரிசி, வெல்லம் (ஒரு வகை சுத்திகரிக்கப்படாத சர்க்கரை) மற்றும் பாலுடன் சமைக்கப்படும் இனிப்பு அரிசி புட்டு ஆகும். 

 சடங்குகள் மற்றும் மரபுகள்

  1.  போகி பொங்கல் : பழைய மற்றும் பயன்படுத்தப்படாத பொருட்களை அப்புறப்படுத்தும் சடங்குக்காக அர்ப்பணிக்கப்பட்ட போகி பொங்கலுடன் திருவிழா தொடங்குகிறது. மக்கள் தங்கள் வீடுகளைச் சுத்தம் செய்து, பழமை அழிந்து புதியன வருவதைக் குறிக்கும் வகையில் நெருப்பு மூட்டுகிறார்கள். 
  2.  தைப் பொங்கல் : திருவிழாவின் முக்கிய நாளான தைப் பொங்கல், பொங்கல் உணவு சமைப்பதன் மூலம் குறிக்கப்படுகிறது. பாரம்பரிய களிமண் பானைகளில் சிறப்பு உணவைத் தயாரிக்க குடும்பங்கள் கூடி, முதல் அறுவடையை சூரிய கடவுளுக்கு வழங்குகிறார்கள். பானை நிரம்பி வழிவது செழிப்பு மற்றும் மிகுதியைக் குறிக்கிறது.
  3.  மாட்டுப் பொங்கல் : மூன்றாம் நாளான மாட்டுப் பொங்கல், விவசாயத்தில் பங்காற்றிய கால்நடைகளுக்கு மரியாதை செய்யப்படுகிறது. நன்றி தெரிவிக்கும் விதமாக கால்நடைகளைக் குளிப்பாட்டி, அலங்கரித்து, தெருக்களில் ஊர்வலம் நடத்துகின்றனர். 
  4.  காணும் பொங்கல் : இறுதி நாளான காணும் பொங்கல் குடும்ப உல்லாசப் பயணங்கள் மற்றும் பிக்னிக்களுக்கான நாளாகும். உறவினர்களும் நண்பர்களும் ஒன்று கூடி அறுவடையின் மகிழ்ச்சியைப் பகிர்ந்து கொள்ளும் நேரம் இது. 

தைப் பொங்கலானது தமிழ் நாட்டில் வேர்களைக் கொண்டிருந்தாலும், அது உலகத் தமிழர்களால் கொண்டாடப்படுகிறது. கணிசமான தமிழ் புலம்பெயர்ந்த நாடுகளில், கலாச்சார மரபுகள் மற்றும் சடங்குகளைப் பேணுவதற்கு, திருவிழாவைக் கடைப்பிடிக்க சமூகங்கள் ஒன்று கூடுகின்றன. சிறப்பு பிரார்த்தனைகள் மற்றும் நிகழ்வுகளை நடத்துவதில், சமூகம் மற்றும் கலாச்சார அடையாளத்தை வளர்ப்பதில் கோயில்கள் முக்கிய பங்கு வகிக்கின்றன.  பாரம்பரிய பொங்கல் உணவைத் தவிர, பண்டிகையின் போது பல்வேறு இனிப்புகளும் தயாரிக்கப்படுகின்றன. கரும்பு, எள்ளுருண்டை, தேங்காய் சாதம் போன்ற சிறப்பு உணவுகள் பண்டிகையின் சுவையைக் கூட்டுகின்றன. 

தை பொங்கல் ஒரு துடிப்பான கொண்டாட்டமாகும், இது விவசாய வளத்தைக் குறிப்பது மட்டுமல்லாமல், குடும்பம், சமூகம் மற்றும் நன்றியுணர்வின் முக்கியத்துவத்தை வலியுறுத்துகிறது. இயற்கையின் அருட்கொடைகளுக்கு மக்கள் பாராட்டு தெரிவிக்கும் காலம் இது.  2024  தைப்பொங்கல் பண்டிகையானது நமது உலகளாவிய சமூகத்திற்கு பன்முகத்தன்மையையும் வண்ணத்தையும் சேர்க்கும் வளமான கலாச்சார நாடாவை நினைவூட்டுகிறது. 

அந்த வகையில் இன்று தைப்பொங்கல் பண்டிகையைக் கொண்டாடும் உலக வாழ் தமிழ் மக்கள் அனைவருக்கும் எமது லியோ கிளப் சார்பாக தைப்பொங்கல் வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறோம்.

Leo Rusdha Nisthar

Second Year 

Faculty of Arts

කොතල හිඹටු


පොදු
නාමය                - කොතල හිඹටු

විද්‍යාත්මක නාමය -  Salacia reticulata

English  Name         - Salacia reticulata

 

"සැලේසියා රෙටික්‍යුලේටා " යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොතල හිඹටු ශාකය   ශ්‍රී  ලංකාවට ආවේණික නිවර්තන ශාකයකි.විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මෙම ශාකය " plantae" රාජධානියට අයත්වන අතර "celastraceae" පවුලට අයත් " salacia"  කුලයේ ශාකයකි . මෙම ශාකය තෙත් කලාපයේ මෙන්ම අතරමැදි කලාපයේ සුලබවම හමුවන ශාකයක් ලෙස පෙන්වා දිය හැකිය .

කොතල හිඹටු ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව සලකා බලන විට මෙම ශාකය ප්‍රධාන  වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා දකුණු ප්‍රදේශවල දක්නට ලැබෙයි. අනුව එහි වර්ධනයට හිතකර දේශගුණය හා පාංශු තත්ත්වයන් පැවතීම ඊට හේතු වී ඇත. කෙසේ වුවද විවිධ පාරිසරික සාධක හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් මෙම ශාකය විවිධ පරිසරයන්ට හොඳින් අනුවර්තනය වී ඇති බවක් දැකගත හැකිය.

මෙම කොතල හිඹටු ශාකය ඉහළ නගින කාෂ්ඨීය වැලක් වන අතර පඳුරු ස්වරූපයක් ගනී.මෙහි කද තරමක් දැඩි .පත්‍ර සරල වන අතර සම්මුඛව පිහිටයි.මෙම ශාකය සාමාන්‍යයෙන් 2 m -3 m පමණ දක්වා උසකට ළගාවන අතර සිහින් අතු සහ දිලිසෙන ගැඹුරු කොළ පැහැ ඉලිප්සාකාර පත්‍ර පවතී.මෙය ශාකයේ සශ්‍රීක පෙනුමට දායක වේ.අතු එකිනෙක විහිදී සංකීර්ණ ජාලයක් ලෙස විහිදී ගොස් ඇත.මෙම ශාකයේ පුෂ්ප පොකුරු ලෙස හටගන්නා අතර ඒවා කහ පැහැති වේ.මෙම කොතල හිඹටු ඵලය කුඩා කොතලයක හෙවත් කළයක හැඩය ගන්නා බැවින් " කොතල හිඹටු " යනුවෙන් ව්‍යවහාරයට පැරැන්නන් යොමු වී ඇත.මෙම කොතල හිඹටු ඵලය ඉතා රසවත් වන අතර තැඹිලි වර්ණයෙන් යුක්ත වේ.මෙහි බීජ කහ  පැහැති වන අතර 1-4 ක් පමණ බීජ ප්‍රමාණයක් පවතී.          

මෙම කොතල හිඹටු ශාකය මගින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ මුල් බැස ඇති සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වැදගත්කම පිළිඹිබු කරයි.මෙම ශාකයේ මුල්,පොතු සහ කොළ සියවස් ගණනාවක් තිස්සේ භාවිතකර ඇත.

මෙම ශාකය ඖෂධයක් ලෙස අප රටේ මෙන්ම විදේශ රටවල අවධානයට යොමු වී ඇති වටිනා ඖෂධීය ශාකයකි . අනුව රුධිරයේ අධික සීනි ප්‍රමාණය පාලනය කිරීමට මෙය දිව ඔසුවක්  ලෙසින් පුරාණ වෙදැදුරන් දක්වා ඇත.එසේම ආහාර දිරවීමට සහාය වීමට,ආමවාතය හෙවත් ආතරයිටිස් රෝගයට ,චර්ම රෝග ආදියට ඉතාමත් ගුණදායක වේ.ශාකයේ ඇති සලාසිනෝල් සහ කොටලනෝල් ඇතුලු ජෛව ක්‍රියාකාරී සංයෝග එහි ඖෂධීය ගුණයට දායකවන බව විශ්වාස කෙරේ.

එහි ඖෂධීය  යෙදුම්වලින් ඔබ්බට මෙම කොතල හිඹටු ශාකය ලාංකීය සමාජය තුළ සංස්කෘතික වැදගත්කමක් දරයි.ප්‍රාදේශීය ප්‍රජාවන් මෙම ශාකය චාරිත්‍ර වාරිත්‍ර හා උත්සවවලට යොදා ගනී.කොතල හිඹටු වැල් මේරූ කොටස් මගින් ඩයි වර්ග සකස් කරගනී.මෙම ලීය කෝප්ප ,ජෝග්ගු ,බෙහෙත් වංගෙඩි ආදිය සකස් කිරීමට යොදා ගනී.

බීජ මගින් හා වර්ධක ප්‍රචාරණයෙන් මෙම ශාකය පහසුවෙන් බෝකරගත හැකිය.බීජ මගින් බෝකර ගැනීමේදී මේරූ බීජ ලබාගෙන බීජ ප්‍රතිකාරක ක්‍රමයක් භාවිතකර වැලි තවානක තවාන් කිරීම මගින් පැළ ලබාගත හැකිය.මෙම ශාකය ස්වාභාවිකවම වැඩෙනුයේ එහි පොළොව මතුපිටට ආසන්නව දිවයන මුල්වල අංකුර වලිනි .වර්ධක ප්‍රචාරණයේදී මේරූ අතු කැබලි කපා වැලි තවානක පැළකරගත හැකිය.කොතල හිඹටු වැල් මේරීමට අවුරුදු 20 කට වැඩි කාලයක් ගතවේ.නමුත් නිරතුරුව අස්වැන්න නෙළාගැනීමට නම් කප්පාදු කල යුතුය .

මෑත කාලීනව දේශ සීමාවෙන් ඔබ්බට මෙම කොතල හිඹටු ශාකය පිළිබඳව උනන්දුව වැඩි වෙමින් පවතී .පර්යේෂකයන් හා ඖෂධ කර්මාන්ත මෙහි අඩංගු සංයෝග මගින් පරිවෘත්තිය සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර වැඩි දුර විද්‍යාත්මක විමර්ශන සදහා පොළඹවා ඇත .සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් මෙන්ම පරිවෘත්තිය ක්‍රියාකාරී සංඝටක සදහා ඉහළ පිළිගැනීමක් ඇති හෙයින් මෙම ශාකය සංරක්ෂණය කර තිරසාර අස්වැන්නක් ලබා ගැනීමේ උත්සහයන් වේගවත් වී ඇත.මේ සදහා ඇත් ඉල්ලුම,සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව සමග සමතුලිත කිරීම අභියෝගයක් වේ.

මෙතරම් වටිනාකමක් පවතින මෙම ශාකය වර්තමානය වන විට වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. අනුව මිනිස් අකටයුතුකම් මෙයට මූලික හේතුවක් වී ඇත.එබැවින් මෙම ශාකය වනගත ප්‍රදේශවලින් ඉවත් කිරීම,අලෙවිය,සංරක්ෂණය නීති පද්ධතියකට යටත්ව ඇත.     

Leo Githmi Shehara

First Year

Faculty of Arts       

ශ්‍රී ලංකා පඬුවන් බස්සා


පොදු
නාමය             - ශ්‍රී ලංකා  පඬුවන් බස්සා

විද්‍යාත්මක නාමය - Serendib scops owl

English Name          - Otus thilohoffmanni

 

ශ්‍රී ලංකා පඬුවන් බස්සා ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති වඳවීයාමේ තර්ජනය යටතේ ඇති රතු ලැයිස්තුවට අනුව දැඩි සේ තර්ජනයට ලක්වී සිටින පක්ෂියෙකි .රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව ඉංග්‍රීසි අක්ෂර "EN" කාණ්ඩයට මෙම පක්ෂියා අයත් වේ.මෙම පක්ෂියා ශ්‍රී ලංකාව තුළින් සොයාගන්නා ලද නවතම පක්ෂි විශේෂය ලෙස හඳුනා ගත හැකිය .මෙම පක්ෂියා මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ පක්ෂිවේදී දීපාල් වරකාගොඩ මහතා විසිනි .

අනුව එතුමා විසින් එම පක්ෂියා සොයාගත් ආකාරය දැනගැනීම  ඔබට කුතුහලය දනවන කරුණක් වනු නිසැකය .

දීපාල් වරකාගොඩ මහතා යනු පක්ෂිවේදීයෙකි. අනුව ඔහු කුඩා කල සිටම කුරුල්ලන් පිළිබඳව නිරීක්ෂණයට ,අධ්‍යයනයට කැමැත්තක් දැක්වූ අයෙකි.

අනුව වර්ෂ 1995 පෙබරවාරි මාසයේ ඔහු කිතුල්ගල වනාන්තරයේ රාත්‍රී පක්ෂීන් නිරීක්ෂණ කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔහුට හඳුනා ගත නොහැකි ,මින් පෙර ඔහු අසා නොමැති හඬක්  අසන්නට ලැබී ඇත .එය මින් පෙර ඔහු අසා නොමැති හෙයින් එය පටිගත කිරීමට ඔහු තීරණය කළේය . අනුව හඬවල්  පිළිබඳව සලකා බලන විට මෙය බොහෝවිට කුරුල්ලෙකුගේ හඬක්  විය යුතු යැයි ඔහු තීරණය කළේය . වනවිට ආසියාවේ සිටින නිශාචර කුරුල්ලන්ගේ හඬ  පටිගත කිරීම් ගෙන්වාගෙන ,ඔහු පටිගත කරගත් හඬත් සමග සංසන්දනාත්මක අධ්‍යයනයක නිරත විය.ඉන්පසුව මෙම සංසන්දනාත්මක අධ්‍යයනය සිදු කරන විට ඔහුට මේ හඬ  ආසියානු කලාපීය මැලේසියාව හා ආශ්‍රිත රටවල වැසි වනාන්තරවල ජීවත්වන බස්සන් වර්ගයක්වන "Rufescent Scops Owl" නමින් හඳුන්වන බස්සාගේ හඬට බොහෝ දුරට සමාන බව ඔහුට අවබෝධ විය. අනුව ඔහු විසින් සොයා ගන්නා ලද මෙම හඬ කිසිවෙක් නොදන්නා බස්සෙකුගේ හඬක් විය යුතුයි යන පූර්ව නිගමනයකට පැමිණීමට ඔහුට හැකියාවක් ලැබුණි. අනුව හඬ ඔස්සේ මෙම පක්ෂියා නිරීක්ෂණය කිරීමට මොහුට අවශ්‍යතාව ඇති වූ නමුත් මුල් අවුරුදු කීපයේ එය නොහැකි විය.

 එවකට දකුණු ආසියානු රටවල කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනයක නිරත වී ග්‍රන්ථයක් නිෂ්පාදනය කරමින් සිටි " ආචාර්ය පැමලා සී. රස්මුසෙන් ( Pamela C.Rasmussen) නම් ඇමරිකානු ජාතික පක්ෂිවේදීවරිය හඳුනා ගැනිමට මෙතුමාට හැකියාව ලැබුණි .පසුව ඔහු පටිගත කරගන්නා ලද හඬ හා වනවිට ඔහු ලබාගත් සියලු තොරතුරු එතුමිය වෙත යවනු ලැබීය . අනුව ඇයද මෙම හඬ "Rufescent scops owl "ගේ හඬට සමාන බව පවසනු ලැබුවාය.

අනුව මෙම පක්ෂියාව කෙසේ හෝ දැකබලා ගැනීමට මොහු අදිටන් කරගත්තේය. අනුව වර්ෂ 2001  ජනවාරි 23 වන දින සිංහරාජයේ දී  විදුලි පන්දමක් ආධාරයෙන් මෙම පක්ෂියා නිරීක්ෂණය කිරීමට මෙතුමාට හැකියාව ලැබුණි . අනුව නිරීක්ෂණය තුළින් එම පක්ෂියා නියත වශයෙන් බස්සෙකු බව තහවුරු කරගැනීමට මොහුට හැකිවිය.පසුව මොහුට ඇති වූ අනෙක් අභියෝගය වූයේ මෙම පක්ෂියා ඡායාරූපගත කිරීමයි. අනුව මෙම බස්සාගේ ඡායාරූපකරණය් මුලින්ම 2001 පෙබරවාරි මාසයේදී සිදුකර ඇත .

මෙම පක්ෂියාගේ වර්ණය පඬු  පැහැයට හුරු වර්ණයක් ගැනීම හේතුවෙන් "පඬුවන් බස්සා " යන නම ව්‍යවහාරයට යොදාගෙන ඇත.සත්ත්වයෙක් විග්‍රහ කරන විට වඩාත් වැදගත් වනුයේ විද්‍යාත්මක නාමයයි. අනුව මෙම ශ්‍රී ලංකා පඬුවන් බස්සාට හිමි විද්‍යාත්මක නාමය වනුයේ  "Otus thilohoffmani" වේ.මෙය Thilo W. Hoffman  යන ස්විස් ජාතිකයාට උපහාර වශයෙන් යොදා ඇති අතර එයට ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබූ හේතු සාධක දෙකකි. අනුව ලංකාවේ ජීවත් වුණු විදේශිකයන්ගෙන් ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කළ පුද්ගලයකි.එමෙන්ම සිංහරාජ වනාන්තරය දැව සඳහා යොදා ගනිද්දි එය ආරක්ෂා කිරීමට දැඩි සේ කැප වූ පුද්ගලයෙක් ලෙසද මෙතුමා පෙන්වා දිය හැකිය.     

මෙම ශ්‍රී ලංකා පඬුවන් බස්සා 17 cm  ක් පමණ තරම් කුඩා පක්ෂියෙක් වන අතර පඬු පැහැයට හුරු ශරීරය පුරා කළු පැහැති කුඩා තිත් ඇත.මෙම පඬුවන් බස්සාගේ හඬ රාත්‍රි කාලයේ ඇසෙන අනෙකුත් පක්ෂීන්ගේ හඬවල් අතර ප්‍රමුඛව නොඇසෙයි.එමෙන්ම මෙම පක්ෂියා සුලබ නොවේ.ශ්‍රී ලංකා මුදල් නෝට්ටු අතරින් රුපියල් විස්ස නෝට්ටුව තුළ දක්නට ලැබෙනුයේ මෙම පඬුවන් බස්සාගේ රූපයයි.

ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කීපයකින් පමණක් මෙම පක්ෂීන් වාර්තා වේ.වර්ෂා වනාන්තරවලද යටි රෝපණයේ මොවුන් ජීවත් වෙයි.වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ මෙම ශ්‍රී ලංකා පඬුවන් බස්සාගේ ප්‍රධාන ආහාරය වේ.සිංහරාජ,කන්නෙළිය රක්ෂිතය තුළත් කිතුල්ගල මොරපිටිය රූන කන්ද වන ප්‍රදේශවලත් එරත්ත ගිලීමලේ රක්ෂිත ප්‍රදේශවලත් ජීවිත් වේ.මොවුන් ඉතාමත් විරල පක්ෂී විශේෂයකි.ඇස්තමේන්තු  වලට අනුව මොවුන් 200 කටත් අඩු බව පැවසේ.      

 තෙත් කලාපීය වනාන්තර විනාශ වීම ,තෙත් කලාපීය වනාන්තර කුඩා වීම හා වනාන්තර එකිනෙකින් වෙන් වීම මෙම පක්ෂීන්ගේ වඳවීයාමේ තර්ජනයට ප්‍රධාන හේතු වේ.

 Leo Githmi Shehara

First Year

Faculty of Arts

Friday, January 5, 2024

එහෙම වෙන්නෙ ඇයි ?


🤔නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කල විට එය හැකිලෙන්නෙ ඇයි ?

නිදිකුම්බා ශාකයේ අතු මුල මහත් වූ තැන් හි ජලය තැන්පත් වී තිබේ.ගසක යමක් ස්පර්ශ වූ විට ඒ පනිවිඩය ගසේ මහත් වූ කොටසට දැනෙ.එවිට ඒ මහත් වූ කොටසෙ ඇති ජලයෙන් කොටසක් ඉට යාබද සෙයිල  කරා ගමන් කරයි.එනිස ජලය අඩු සෙයිල  හැකිලෙන්නට පටන් ගනී.මේ නිස නිදිකුම්බා පත්‍ර හැකිලෙයි.එමෙන්ම  ආලෝකය අඩු වන විටද මෙවැනි ම දෙයක් සිදුවෙ.

🤔ඉස්සාගෙ රුදිරය නිල් පාට ඇයි ?🦐🦐

ඉස්සාගෙ රුදිරයේ ඇත්තෙ හිමෝසියනින් ය.ඒව ඔක්සිජන්  සමග එක් වූ විට නිල් පාට වෙ.

🤔බාගෙට තැම්බූ එලවලු ආහාර යට ගැනිමට වඩාත් යෝග්‍ය ඇයි ?

ඒවාගෙ අඩංගු සමහර විටමින් හා කනිජ වර්ග පිසීමෙන් ඉවත් වෙ.එලවලු මෙලෙක් වීමට හා විශබීජ ඉවත් වීමට අර්ද ලෙස තම්බා ආහාර යට  ගැනීම යෝග්‍ය  වෙ.

🤔 මහලු වෙනකොට සම රැලි වැටෙන්නෙ ඇයි ?

සම යට  ඇති තෙල් හෙවත් මේද තට්ටුව ශක්තිය  ලබා ගන්නට දියවෙ.එවිට පිරුනු පෙනුම  නැති වෙන නිස සම රැලි වැටෙ.

🤔කන්දක් බැසීමට වඩා කන්ද නැගීමට අපහසු ඇයි ?

කන්දක් නැගීමේදී ඝර්ශන බලයටත් තමන්ගෙ බරටත්  විරුද්ද්ව ශක්තිය යෙදිය යුතුය. එහෙත් කන්ද බැසීමෙදි තමාගෙ බර පහලටත් ඝර්ශන බලය ඉහලටත් ක්‍රයා කරන නිස බැසිම පහසු වෙ.

🤔 වී කෙටීමට පෙර  තම්බන්නෙ ඇයි ? 

වී කෙටීමට පෙර තැම්බිමෙන් සහල් ඇටය මතුපිට ඇති පෝශය කොටස් සහල් ඇටය තුලට උරා ගනි., සහල් කැඩෙන්නෙ නැත.

🤔ගස් වල පොත්තේ මැලියම් හට ගන්නෙ ඇයි ?

ගසේ ආරක්ශක උපක්‍රමයයි.පොත්තේ කැඩුනු  තැනින් ගසට විශබිජ ඇතුලුවීම වැලක්වීමට මේව හට ගනි

🤔මුහුදු ජලය ලුනු රස ඇයි ?

අනාදිමත් කාලයක සිට පොලොවේ ඇති ලවන දියවී ගංග ඇල දොල මාර්ගයෙන් ඒව මුහුදට එක්වෙ.මුහුදෙ ඇති ජලය , වාශ්ප වුවත් ලවන බර වැඩි නිස මුහුද තුලම තැන්පත් වෙ.මෙසේ දිගු කාලීන ලවන වර්ග මුහුදු තුල තැන්පත් වීම නිස මුහුදු ජලය ලුනු රස වෙ.

🤔 මත් පැන්පානය කල පුද්ගලයකුට කෙලිං ගමන් කල නොහැක්කෙ ඇයි ? 

අපගේ සිරුරේ සමබරතාව ය ඇති කරන්නෙ මොලයෙ ඇති අනුමස්තිශ්කය මගිනි.මත්පැන් පානය කල විට එහි ඇති එතිල් ඇල්කොහොල් අනුමස්තිශ්කයෙ සෙයිල තාවකාලිකව අක්‍රිය කරයි.එහෙයින් සිරුරෙ සමබරතාව අඩුවෙ.

🤔 පොල් ගෙඩිය තුල ජලය පිරී  ඇත්තෙ ඇයි ? 

පොල් ගෙඩිය යනු බීජයකි.ඉන් පැලයක් හට ගැනීමට නම් එම බීජයට ආහාර අවශය වෙ.එම ආහාර ද්‍රාවනයක් ලෙසින් තැන්පත් වෙ.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

ගෝලිය පවුල් දිනය


  මනුෂ්‍යත්වය එක පවුලක් සේ එකට එකතු වුවහොත් ගෝලිය සාමය උදා වේ..

  එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2001 වර්ෂයේ දී ගෝලිය පවුල් දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ලෝක සාම දිනය ලෙස ද හඳුන්වන ගෝලිය පවුල් දිනය ලෝකයේ සමගිය සහ එකමුතුකම පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා සමරනු ලබයි. 2024 වර්ෂයේ 'විවිධත්වය වැළඳ ගැනීම, පවුල් ශක්තිමත් කිරීම' තේමාව බවට පත් වී ඇත.

 මෙහි දී සංස්කෘතික හෝ ආගමික භේදයකින් තොරව සියලු ජාතින් සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය මූලික වශයෙන් පෙන්වා දෙයි. මෙලෙස ජනවාරි 1 වෙනි දා ට යෙදී ඇති ගෝලිය පවුල් දිනය සැමරීම සඳහා වඩාත් සුදුසු ම ක්‍රමය නම්, පවුලේ සාමාජිකයක් සමඟ දවස ගත කිරීමයි. ඒ තුළින් පවුල් සබඳතා ශක්තිමත් කරමින් එකමුතුකම , සමගිය යන හැඟීම් ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව ලැබේ. වසරේ පළමු දිනයේ දී ම මෙලෙස ගෝලිය පවුල් දිනය සංකේතවත් කීරිම තුළින් ධනාත්මක ලෝකයක් බිහි කර ගැනීමේ පණිවිඩය ලෝකයට ලබා දිය හැකිය.

  ගෝලිය පවුල් දිනය ආදරය, සිනහව, සෙනෙහස තුළින් සම්බන්ධතා අලුත් කිරීමට අවස්ථාව ලබා දෙයි. කායික, චිත්තවේගි සහ ආර්ථිකමය වශයෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන ප්‍රජාව තුළින් ලෝක සාමය නිරතුරුවම ගොඬනඟා ගත හැකිය. ලෝක සාමය ,ප්‍රජාවන් සහ පවුල් අතර සම්බන්ධය ගෝලිය පවුල් දිනය මෙලෙස නිර්වචන කරන අතර ලෝකය තුළ සාමය ස්ථාපිත කිරීමට නම්, ප්‍රජාව එය තම පවුල තුළින් ආරම්භ කළ යුතු අතර ඒ තුළින් ගෝලිය පවුල නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වේ. එනම්, ලෝක සාමයට මංපෙත් විවිර වේ.

Leo Umesha Hansanie

First Year

Faculty of Arts

Wednesday, January 3, 2024

World Braille Day


World Braille Day is observed on January 4th each year to commemorate the birth anniversary of Louis Braille, the inventor of Braille, a system of raised dots representing letters and numbers that enables visually impaired individuals to read through touch.

Louis Braille was born on January 4, 1809, in France. At the age of 15, he developed the Braille system, revolutionizing communication and education for the blind. This tactile writing system has since become a crucial tool for millions of visually impaired people worldwide.

World Braille Day aims to raise awareness about the importance of Braille and advocate for the rights of blind and visually impaired individuals. It serves as a reminder of the power of literacy and access to information for people with visual disabilities.

Organizations and communities around the globe celebrate World Braille Day by organizing events, workshops, and campaigns to promote Braille literacy. These activities highlight the significance of inclusive education and equal access to information for everyone, regardless of their visual abilities.

In the digital age, technology plays a crucial role in enhancing Braille accessibility. Electronic Braille displays, Braille notetakers, and Braille embossers contribute to making information more readily available to those who rely on this tactile writing system.

Despite the advancements, challenges persist in ensuring widespread Braille literacy. World Braille Day encourages governments, educational institutions, and the private sector to prioritize initiatives that promote Braille education and facilitate the integration of Braille into various aspects of daily life.

As we commemorate World Braille Day in 2024, let us recognize the ongoing efforts to empower the blind and visually impaired community, celebrate their achievements, and work towards a more inclusive world where access to information is a right for everyone, regardless of their physical abilities.

 Leo Rushda Nisthar

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...