Sunday, February 9, 2025

අලි මිනිස් ගැටුමේ අදුරු පැතිකඩ


 අලි මිනිස් ගැටුමේ අදුරු පැතිකඩ


මානුෂීය ක්‍රියාවන් පාදක කරගෙන උත්පාදනය වනු ලබන ආපදා පොදුවේ මානුෂීය ආපදා වේ. මිනිසාගේ නොදැනුවත්කම, නොසැලකිල්ල යන ආදිය මානුෂිය ආපදා උත්පාදනය කෙරෙහි බලපායි.කෙසේ උත්පාදනය වුවද ස්වභාවික ආපදා මෙන්ම මානුෂීය ආපදා ද මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට බලපෑම් එල්ල කිරීමට සමත්ව තිබේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ "මැඩියාව" නමැති ගමේ අලි මිනිස් ගැටුම නිසා ජීවිතයට සමුදුන් විසි හැවිරිදි තරුණයෙකුගේ සිදුවීම පිළිබඳව එම ග්‍රාමයේ ග්‍රාමසේවකතුමිය දැක්වූ අදහස් මෙම සාකච්ඡාවට පසුබිම් වී තිබේ.


නිවේදකයා-ආයුබෝවන් මහත්මිය. මෑත කාලීනව වල් අලි තර්ජනය නිසා ඉතා අවාසනාවන්ත ලෙස තම ජීවිතයට සමුදුන් තරුණයකු පිළිබඳව කතා පුවතක් මෙම ප්‍රදේශයෙන් අපට අසන්නට  ලැබුණා.ඔබතුමියට ඒ  ආපදාවේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්න පුළුවන්ද?


ග්‍රාමසේවකතුමිය-ආයුබෝවන්. ඔබතුමා පැවසූ ආකාරයට මෑත කාලයේ පමණක් නොව අද වන විටත් මෙම ප්‍රදේශය තුළ ජනතාව මුහුණ දෙන ආපදාවක් ලෙසට අලි තර්ජනය හෙවත් වල් අලි ගම් වැදීම හඳුන්වාදීමට පුළුවන්. මෑත කාලීනව  ගම් ප්‍රදේශයේ විසි හැවිරිදි තරුණයෙක් වල් අලි තර්ජනය නිසා තම ජීවිතයට සමුදුන් සිදුවීමක් සිදුවුණා. මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීම එම තරුණයා උසස් අධ්‍යාපනය හොඳින් අවසන් කර විශ්ව විද්‍යාල වරම් ලබා සිටි තරුණයෙක් වීමයි.


නිවේදකයා-ග්‍රාමසේවක

තුමිය ලෙසට මේ අවස්ථාවේ ඔබතුමියට දැනුණු අදහස කුමක්ද? 


ග්‍රාමසේවකතුමිය-අදටත් මතකයට නැගෙන විට පවා හද කම්පා කරවන සිදුවීම් අතරට මෙම ආපදාව එකතු කරන්න පුළුවන්. මෙම තරුණයාගේ පවුල් පසුබිම පිළිබඳව පැහැදිලි කළොත් අගහිකම්වලින් වගේම ආර්ථිකමය දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය පවත්වාගෙන ගිය පවුල් පරිසරයක් පැවතුණේ. මෙම ආපදාව දෙමව්පියන්ගේ පමණක් නොව මුළු ප්‍රදේශයක  ජනතාවගේ නෙත්වලට කඳුළක් එකතු කිරීමට සමත් වුණා. අධ්‍යාපනයට උපන් හපන්කම් දැරූ මෙම තරුණයා අකල් මරණයට ගොදුරු වීම ඉතාම සංවේදී සිදුවීමක් වුණා.


නිවේදකයා-මෙම ආපදාව නිසා ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව ඔබතුමියට කෙටි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?


ග්‍රාමසේවකතුමිය-මෙහිදී ජීවිත හානි පමණක් නොවෙයි ඔවුන්ගේ කුඹුරු අස්වැන්නට ද හානි සිදුවූ ආකාරය දැක ගැනීමට පුළුවන් වුණා. මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කලොත් පෙර දින රාත්‍රියේ කුඹුරුවලට සිදුවූ හානිය දැක බලා ගැනීමට මෙම තරුණයා ගමේ අනෙකුත් පිරිස් සමග 

සහභාගී වී තිබෙනවා. උදෑසන අටට පමණ ඔවුන් කුඹුරු යායවල් වෙතට ළඟාවන විට අලි රංචුවකින් වෙන්ව සිටි (සම්ප්‍රදායේ තනි අලියා ලෙසට හඳුන්වන) අලියකුගේ ප්‍රහාරයකට ලක්වී  අවාසනාවන්තව ජීවිතයට සමුදීමට ඔහුට සිදුවුණා. මෙහිදී ඔහුගේ ජීවිතයට පමණක් නොව  ඔවුන්ගේ කුඹුරු යායවල්වලට එනම් ආර්ථිකමය වශයෙනුත් හානි සිදුවී තිබුණා.


නිවේදකයා-ඔබතුමිය පැවසුවා ජීවිත හානි මෙන්ම ආර්ථිකමය වශයෙන් හානි වලට ද ඔවුන්ට මුහුණ දෙන්න  සිදුවූ බව. මෙම ආපදා අවස්ථාවේ ඔවුන්ට නැවත නැගී සිටීමට උපකාර කළේ කවුද? 


ග්‍රාමසේවක තුමිය-මෙම ආපදාව අවස්ථාවේ ඔවුන්ට මානසිකමය වශයෙන් විශාල කඩා වැටීමක් සිදුවුණා. මම ඉහතදී සඳහන් කළ ආකාරයට ඔවුන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළේ. කුඹුරු  ගොවිතැන් ප්‍රධාන ජීවනෝපාය වූ නිසාම කුඹුරුවලට සිදුවූ හානියට වඩා වැඩි හානියක් තම දරුවා අනපේක්ෂිත ලෙස ජීවිතයට සමුදීමෙන් ඔවුන්ට අත්විඳීමට සිදුවුණා. මේ අවස්ථාවේදී ගමේ පවතින සමිති සමාගම් මෙන්ම විවිධ ආයතන මඟිනුත් ඔවුන්ට ආධාර උපකාර ලබාදීම මෙන්ම අවමංගල කටයුතුවලදීද විශාල සහයෝගයක් ලබා දුන්නා. පෞද්ගලිකව මේ අවස්ථාවේ ග්‍රාමසේවකතුමිය ලෙසට මමත් ඔවුන්ට හැකි සහයෝගය ලබා දුන්නා.


නිවේදකයා-ඔබතුමිය මුලින් පැවසූ ආකාරයට මෙම ප්‍රදේශය තුළ නිරන්තරයෙන්ම අලි තර්ජන වලට මිනිසුන් මුහුණ දෙනවා. ඔබතුමියට මෙම ආපදාවට හේතුවන පසුබිම පිළිබඳව යම් අදහසක් පවතිනවාද?


ග්‍රාම සේවක තුමිය-ඔව් ඇත්ත වශයෙන්ම නිරන්තරයෙන් මෙම ප්‍රදේශය තුළ සිදුවන අලිතර්ජනය මිනිසුන්ගේ ජීවිතවලට පමණක් නොව දේපළවලටත් හානි පමුණුවනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළොත් මිනිසා සහ අලියා යන දෙපාර්ශවය සොබාදහමේ නිර්මාණයන් දෙකක්. මිනිසා විසින් තම අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ  වනාන්තර එළි පෙහෙළි කිරීම, වනාන්තර ආශ්‍රිතව මිනිසුන් පදිංචි වීම මෙම අලි මිනිස් ගැටුමට ප්‍රබල හේතුවක්. මෙහිදී මිනිසුන් කොට්ඨාසයක් පමණක් මෙම කර්තව්‍ය සඳහා දායක වෙලා නැහැ.නමුත් මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවක් ලෙසට නොදැනුවත්භාවය දක්වන්න පුළුවන්. මිනිසුන් මේ පිළිබඳව දැන සිටීම මෙම ආපදා අවම කිරීමට හේතු වෙනවා.


නිවේදකයා-ඔබතුමිය පැවසූ ආකාරයට මෙවැනි ආපදා අනාගතයේදී සිදු නොවීමට මේ වන විට කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩසටහන් පවතිනවාද?


ග්‍රාමසේවකතුමිය-ඔව් මේ වන විටත් විවිධ වැඩසටහන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජය මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් කිහිපයක්ම පැවතුණා. ඒ වගේම ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ හණ ශාකය වැටක් ලෙසට ඉදිකිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා. වල් අලි හණ ශාකයට දක්වන බිය නිසාම රාත්‍රී කාලයේදී ගම් වැදිම, කුඹුරු වලට හානි කිරීම ආදිය වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය උපකාරී වී තිබෙනවා. ඒවගේ ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වල් අලි බියගැන්වීමට රතිඤ්ඤා, අලි වෙඩි ආදිය නොමිලේ ලබා දීමත් සිදු කර තිබෙනවා. එමෙන්ම ආර්ථිකමය වශයෙන් සවිමත් මිනිසුන් විදුලි අලි වැට  ස්ථාපනය කිරීමටද යොමුවී තිබෙනවා.මෙවැනි ක්‍රියාමාර්ග මගින් අලි මිනිස් ගැටුම අවම කිරීමට යොමු වී තිබෙන ආකාරයක් දකින්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ද මේ ආකාරයට දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.


නිවේදකයා-මෙම ආපදාව පිළිබඳව ඔබතුමියගේ අදහස් ඔස්සේ ආපදාව පිළිබඳව තොරතුරු අප සමග බෙදා ගනිමින් ඔබතුමිය දැක්වූ සහයෝගයට මාගේ හද පිරි ස්තුතිය ඔබතුමියට පුදකර සිටිනවා. ආයුබෝවන්..!


ග්‍රාමසේවකතුමිය-ස්තුතියි.

ආයුබෝවන්..!


අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය, මින්නේරිය, යාපහුව, සූරියවැව ආදී ප්‍රදේශ ගණනාවක් මුහුණපා සිටින අලි මිනිස් ගැටුම මිනිසුන් අතර පිළිලයක් බඳු මානුෂීය ආපදාවක් බවට පත්ව තිබේ. දැනුවත්භාවය හා බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් රටෙහි අනාගත පරපුර මෙන්ම දේපළ ආදිය අලි මිනිස් ගැටුමෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

පුරුෂාධිපත්‍ය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය


පුරුෂාධිපත්‍ය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය



*පිරිමින්ගේ පාප කඳට*

*දෝස විඳින ළඳුනේ*

*අඳුරේ පව් කරන දනා* *එළියෙ රවන ළඳුනේ*

*ළැම පමණක් ලොවට* *පෙනෙන*

*ළය නොපෙනෙන* *ළඳුනේ*

*කුහුඹුවකුට වරදක්* *නැති*

*වැරදිකාර ළඳුනේ*


ගායන ශිල්පී අමරසිරි පීරිස් විසින් ගායනා කරන පුරුෂාධිපත්‍ය රජයන සමාජයක නිර්දෝෂි කාන්තාවකට එල්ල කරන අපවාදය යුක්ති සහගත ද ??




*පුරුෂාධිපත්‍යය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය*


පුරුෂාධිපත්‍ය  සංස්කෘතීය තුළ, කාන්තාවන්ගේ ජීවිත බොහෝ විට හැඩගස්වා ඇත්තේ දැඩි ස්ත්‍රී පුරුෂභාවයේ භූමිකාවන්, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සීමා කිරීම, වෘත්තීය අවස්ථා සහ තීරණ ගැනීමේ බලය සීමා කිරීම, බොහෝ විට ඔවුන්ට ගෘහ රාජකාරිවලට ප්‍රමුඛත්වය දීමට සහ තම පවුලේ පිරිමින්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට බල කිරීම තුළය. මෙය අඩු වයසින් විවාහ වීම, ඇඳුම් පැළඳුම් තේරීම් සීමා කිරීම සහ හැසිරීම් සහ හැසිරීම් සම්බන්ධ සමාජ අපේක්ෂාවන් හරහා ප්‍රකාශ විය හැක.


⭕පුරුෂාධිපත්‍යය කාන්තා ජීවිතය හැඩගස්වන ප්‍රධාන මාර්ග:


➡️සීමිත අධ්‍යාපන අවස්ථා:


පුරුෂ මූලික  සමාජයන් බොහෝ විට පිරිමි ළමයින්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ගැහැණු ළමයින් අඩුවෙන් පාසල් යාමට හේතු වන අතර උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය මාර්ගවලට ඔවුන්ගේ ප්‍රවේශය සීමා කරයි.


➡️මුල් විවාහය සහ දරු ප්‍රසූතය


යොවුන් වියට පා තැබූ විගස විවාහ වීමට සහ දරුවන් ඇති දැඩි කිරීමට ප්‍රමුඛත්වය දීමට ඇති පීඩනය, ඉතා කුඩා වයසෙන් මවක් වීමට සිදුවීම.


➡️වෘත්තීය අභිලාෂයන්.

විවිධ සංස්කෘතීන් හරහා තරුණියන්ට වෘතීයන්වල නියැළීමට ලබාදෙන ඉඩකඩ අවම කර ඇත.සීමාවන් පනවා ඇත.


➡️මූලික වගකීමක් ලෙස ගෘහස්ථ භූමිකාවන්ට කාන්තාවන් සීමාකර තිබීම.


කාන්තාවන් බොහෝ විට ගෙදර දොරේ වැඩ සහ ළමා රැකවරණය කළමනාකරණය කිරීම කළ යුතු බවට සම්මතයක් යම් සංස්කෘතීන් හරහා සමාජගත කර ඇත. අනෙකුත් ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ දායකත්වයට සුළු පිළිගැනීමක් ඇත.


➡️තීරණ ගැනීමේ පිරිමි අධිකාරිය:


පුරුෂ මූලික ව්‍යුහයන් බොහෝ විට පවුල තුළ මූලික තීරණ ගන්නන් ලෙස පිරිමින් උස් කොට සළකයි.වැදගත් කාරණාවලදී කාන්තා නියෝජිතායතනය සීමා කරයි.


➡️සමාජ අපකීර්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති:


"ස්ත්‍රී" හැසිරීම් පිළිබඳ සමාජ අපේක්ෂාවන් කාන්තාවන්ගේ ඉදිරිපත්වීම් සීමා කළ හැකි අතර පොදු ජීවිතයට ඔවුන්ගේ සහභාගීත්වය සීමා කළ හැකිය.


➡️ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය:


ගෘහස්ත හිංසනය ඇතුළු කාන්තාවන්ට එරෙහි හිංසනය සාමාන්‍යකරණය කිරීමට පුරුෂාධිපත්‍ය සම්මතයන් දායක විය හැක.


➡️කාන්තාවන්ගේ ජීවිතයට බලපෑම්:


ආර්ථික යැපීම:


අධ්‍යාපනයට සහ රැකියා අවස්ථා සඳහා ඇති සීමිත ප්‍රවේශය පිරිමි සහකරුවන් මත මූල්‍යමය යැපීමට හේතු විය හැක.


හීන ආත්මඅභිමානය:


අභ්‍යන්තර සමාජ අපේක්ෂාවන් කාන්තාවන්ගේ ආත්ම-වටිනාකම සහ විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.


➡️අධ්‍යාපනය: සමහර පුරුෂ මූලික සමාජවල, ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට සීමිත ප්‍රවේශයක් තිබිය හැකිය, නැතහොත් සාම්ප්‍රදායිකව ස්ත්‍රීවාදී යැයි සැලකෙන හෙද සේවය හෝ ඉගැන්වීම වැනි අධ්‍යයන ක්ෂේත්‍ර හැදෑරීමට දිරිමත් කළ හැකිය. මෙය ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සහ ඉපැයීම් සීමා කළ හැකිය.


ඇෆ්ගනිස්ථානය: තලේබාන් පාලනය යටතේ, කාන්තාවන්ට ඔවුන්ගේ නිදහසේ ගමන් කිරීම, අධ්‍යාපනය සහ රැකියා සඳහා දැඩි සීමාවන්ට මුහුණ දීමට සිදුවේ. ඔවුන් ප්‍රසිද්ධියේ බුර්කා පැළඳිය යුතු අතර, බොහෝ රැකියා තහනම් කර ඇති අතර, ගැහැණු ළමයින්ට ප්‍රාථමික පාසලෙන් ඔබ්බට අධ්‍යාපනය ලැබීමට බොහෝ දුරට ඉඩ නොලැබේ.


➡️දේශපාලනය සහ නායකත්වය:


පුරුෂ මූලික සංස්කෘතීන් තුළ දේශපාලනය සහ නායකත්ව තනතුරු තුළ කාන්තාවන් බොහෝ විට අඩු නියෝජනයක් දක්වයි. තනතුරු සඳහා තරඟ කිරීමට, බලතල දැරීමට හෝ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ඔවුන්ගේ හඬ විවර කිරීම ඔවුන්ට බාධකවලට මුහුණ දීමට සිදු වීමට හේතුවක් විය හැක.


➡️විවාහ ජීවිතය


 විවාහය සහ පවුල ඇතූළු ඔවුන්ගේ පෞද්ගලික සබඳතාවලදී සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන්ට අනුගත වීමට කාන්තාවන්ට පීඩනයට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩා තම සැමියාගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට හෝ ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ සඳහා මූලික වගකීම දැරීමට ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකිය.


⭕රටවල් ආශ්‍රයෙන් උදාහරණ


➡️සෞදි අරාබිය: 

මෑත කාලීන ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකූගේ අවසරයකින් තොරව රිය පැදවීමේ සහ ගමන් කිරීමේ හැකියාව වැනි වැඩි අයිතිවාසිකම් ලබා දී ඇතත්, සැලකිය යුතූ සීමාවන් තවමත් පවතී. කාන්තාවන් තවමත් රැකියාවේදී වෙනස්කම්වලට මුහුණ දෙන අතර, භාරකාරත්වය සහ පෞද්ගලික තත්ත්වය පිළිබඳ නීති බොහෝ විට පිරිමින්ට පක්ෂපාතී වේ.


➡️ඉන්දියාව: 

නීතිමය ආරක්ෂාවන් තිබියදීත්, ඉන්දියාවේ කාන්තාවන් ගෘහස්ථ හිංසනය, ලිංගික අතවර සහ  ඝාතන ඇතූළු ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ඉහළ අනුපාත අත්විඳිති. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය, රැකියාව යන්න ස්ත්‍රීන්ට නොගැළපෙන දෙයක් යැයි සම්මත කොට ඇත.


➡️ජපානය: 

ජපානයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රබල සම්ප්‍රදායක් ඇති අතර, කාන්තාවන් බොහෝ විට තම වෘත්තීන්ට වඩා ගෘහස්ථ රාජකාරි සහ ළමාරක්ෂණයට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම නායකත්ව තනතුරු වල කාන්තා නියෝජනය අඩු වීමට හේතුවක් වී ඇත.


➡️නයිජීරියාව: නයිජීරියාවේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන් උතූරේ, කාන්තාවන් අධ්‍යාපනයට සහ ආර්ථික සහභාගීත්වයට සංස්කෘතික හා ආගමික බාධකවලට මුහුණ දෙයි. ඔවුන් ළමා විවාහ, කාන්තා ලිංගික අවයව ඡේදනයට සහ බහු විවාහයට භාජනය විය හැකිය.


➡️බ්‍රසීලය: බ්‍රසීලය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතියක් ලබා ඇතත්, වැටුප් අසමානතාවය, දේශපාලනයේ අඩු නියෝජනය සහ විශේෂයෙන් කළු කාන්තාවන්ට සහ LGBTQ+ කාන්තාවන්ට එරෙහි ඉහළ ප්‍රචණ්ඩත්ව අනුපාත වැනි අභියෝගවලට කාන්තාවන් තවමත් මුහුණ දෙයි.


පුරුෂ මූලිකත්වය යනු විවිධ සංස්කෘතීන් සහ සන්දර්භයන් තුළ වෙනස් ලෙස ක්‍රියාත්මක වන සංකීර්ණ හා බහුවිධ බල පද්ධතියකි.




 

මග මරුවන්ගෙ අතීතාවර්ජනය


 තම යුග දිවිය කෙසේ හෝ පොදිබැදගෙන සිනහවෙන් ජීවිතය පුරවා ලීමට වෙර දැරීමට පියමං තබන්නා වූ  අවු.39 ක් පමණ වයැසැති යුවලකට   තලවතුගොඩ  ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු අකරතැබ්බයේ අදුරු මතක මදක් ඔබ හමුවේ මෙලෙස දිහ හැරේ.(මෙය සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ගෙතුනු සිදුවීමක් වන අතර මෙහි යෙදෙන නම් ගම් මනංකල්පිත වේ.)


නිවේදකයා : ආයුබෝවන් මහත්මිය..මට ප්‍රථමයෙන්ම  ඔබට සිදු වූ  මානූශීය ආපදාව කවරාකාරයේ ආපදාවක්ද යන්න දැන ගැනීමට පුලුවන්ද ?                       


මහේශිකා මහත්මිය: 2010 වර්ශයේ දී තලවතුගොඩ සිට 

කිඹුලාවලට යන මාර්ගයේ  මම සහ මගේ සැමියා රැකියාවට ගොස්  හවස 4 ට පමණ යතුරුපැදියෙන් නිවස බලා පිටත් වීමේදී මත්පැන් බී ධාවනය කල මෝටර් රථයක ගැටී මෙම අනතුරුට ලක් විය.                                                 


නිවේදකයා : එම ආපදාව සිදු වූ අවස්තාවේ ඔබට දැනුණු හැගීම කුමනාකාරයේද?        


මහේශිකා මහත්මිය  : ඇත්තටම මට ඒ වන විට වයස අවු 10 ක පුතෙක් සහ අවු.3 ක පුංචි පුතෙකුත්  හිටියා. මගේ ජීවිතයම එම අවස්තාවේ මට අහිමි වුනා යැයි හැගීමත් සමග මට මතක් වුනේ මගේ දරුවෝ දෙදෙනායි.                     


නිවේදකයා: එයින් ඔබට කුමනාකාරයේ අහිමිවීමක් සිදු වූයේද? (ජිවිතයට හෝ දේපළ,)            


මහේශිකා මහත්මිය  : ඒ අවස්තාවේ මම අඩි 10ක් පමණ ඉහළින් ඈතට විසි වී බිම වැටුණු අතර එයින් මාගේ දකුණු පාදයේ කලවා අස්ථිය බිදී ගියා. එමෙන්ම මගේ සැමියාගේ අතේ මැණික් කටුව ආසන්නයේ බිදී ගිය අතර පාදයේ වළලුකර ද බිදී ගියහ. අපි ගමන් කල යතුරු පැදිය නම් මුලුමුණින්ම ඒ අවස්තාවේ විනාශ වී තිබුනා.                                      


නිවේදකයා : ඔබලාට එයින් මානසිකව ආබාධයන් ඇති වූවාද?           


මහේශිකා මහත්මිය  : එම අවස්තාවේ වැඩි වශයෙන් මම අනතුරට ලක් වූ අතර එයින් විශාල කම්පනයකට ද මා භාජනය විය.එයට මා මානසික වෛද්‍යවරයෙකුගෙන්ද මාස 5ක් පමණ ප්‍රතිකාර ලබා ගත්හ.                             


නිවේදකයා : ඔබ දෙදෙනා එහිදී ශල්‍යකර්ම සදහා යොමු වූවාද?                                      


මහේශිකා මහත්මිය  : ඔව් අපි දෙදෙනාම එදිනම සැත්කමකට භාජනය වුනා.                                      


නිවේදකයා : දිගු කාලීනව ලෙඩ රෝග ඇති වූවාද?                                 


මහේශිකා මහත්මිය  : ඔව්.එයින් පසුකාලීනව ඇති වූ අතුරු ප්‍රතිඵලයක් ලෙස මාගේ පෙනහලු වල වතුර පිරී ඇති රෝගය වැළදුණි. මා තවමත් එම රෝගය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.                  


නිවේදකයා: ආර්ථිකමය වශයෙන් ඔබ එම අවස්තාවේ කඩා වැටීමක් සිදු වූවාද?                 


මහේශිකා මහත්මිය  : ඔව්. රැකියාව කිරීමට හැකියාවක් නොහැකි වූ නිසා අර්ධ පඩි සහිත  නිවාඩු මටත්  මගේ සැමියාටත් හිමි විය. එහිදී විවිධ මූල්‍ය ආයතන මගින් ණය මුදල් ලබා ගත් අතර පොලී මුදල් ගෙවීමේදී ද අසීරුතාවයකට ලක් විය.                                          


නිවේදකයා : ආර්ථිකමය වශයෙන් නැවත් නැගී සිටීමට උදව් කරේ කවුරුන්ද?                                


මහේශිකා මහත්මිය  : මගේ සැමියගේ හිතවතුන් පිරිසක් අපිට මූල්‍යමය වශයෙන් එම ණය ගෙවා දැමීමට උදව් උපකාර කලා.                          


නිවේදකයා :  ඔබ දෙදෙනා නැවත යථා තත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වුනිද?                                       


මහේශිකා මහත්මිය  : මගේ ශල්‍යකර්මයෙන් පසු වසර එකහමාරක්  ක් වගේ කාලයක් එයට ගත වුණා.නමුත් තවමත් ඒ පාදයේ වේදනාව තිබෙනවා. ඇවිදින්න තවමත් අපහසුයි. වැඩි වේලාවක් සිටගෙන සිටීමට හැකියාවක් නැත.                                        


නිවේදකයා :  එම අනතුරෙන් ඔබට කුමනාකාරයේ අත්දැකීමක් හිමිවූයේද?             


මහේශිකා මහත්මිය  : කොතරම් අසරණ වුවත්, අපි පෙර ජීවත් වුනා වගේ ජීවිතය සෑම පැතිකඩකින්ම නැවත ගොඩනගා ගැනීම කොතරම් අසීරුද යන්න වැටහුණා. ඒ අනතුරෙන් පසුව මම මගේ දරුවෙක්වත් යතුරු පැදියක් ධාවනය කරනවාට අපි දෙදෙනාම අකමැතියි.එය අපිට දැනුණු තත්වෙත් සමග ඒක අපි දෙදෙනාටම එතරම් අමිහිරි කම්පනයකට ලක් වූ අවස්ථාවක්  කිව්වොත් මා නිවැරදියි.                          


නිවේදකයා : ඔබ එම අවස්ථාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වූයේද?           


මහේශිකා මහත්මිය : ඔව් අපි වසර 12 ක් පමණ  ඒ සදහා නඩු විභාග කර ඒ කටයුතු සමග පැටලී සිටියහ. අපිට වන්දි මුදල් ලැබුනත් අපි දෙදෙනාගේම ජීවිතයට සිදු වූ පාඩුව එයින් පරිපූර්ණ වූයේ නම් නැත.                                       


නිවේදකයා: එයින් ඔබට සාධාරණයක් ඉටු වූයේද?                                      


මහේශිකා මහත්මිය  : ඔව් එක් අතකින් අපට සාධාරණයක් ඉටු වුවත් එම වරදකරු පසුව අප සමග වෛරයෙන් පසු කාලීනව තරහ පිරිමැහීමට තර්ජනාත්මක තත්වයක් ද විටෙක ඇති විය.                                         


නිවේදකයා : නීතිමය පියවර ලබා ගැනීමේදී ඔබ මුහුණ දුන් ගැටලු පැවතියේද? ඒ මොනවාද?                               


මහේශිකා මහත්මිය  : ඔව් වරදකරු බීමතින් වාහනය ධාවනය කරත් ඔහුට තිබූ මුදල් බලය භාවිතා කොට නීතියේ රැහැනෙන් ඔහු ගැලවී සිටියහ. නීතියෙන් ද ඔහුට දඩුවමක් ලබා දුන්නේ නැත. නීතිය භාවිතා කරමින් ඒ පිටුපස සිටින බලධාරීන් සැබෑ වරදකරුවත් සමාජයෙන් වසන් කිරීමට තැත් කරන බව අපට එයින් අනාවරණය විය. අපට පසුව තර්ජනාත්මක තත්වයක් මත ද එයට නීතියෙන් සාධාරණයක් ඉටු වූයේ නැත.                 


නිවේදකයා : ඔබ මෙම අවස්තාවේ වර්තමානයේ ගෙවන මෙම ජීවිතය ඔබට හැගෙන්නේ කෙසේද?              


මහේශිකා මහත්මිය  : ආසාධාරණකම් සමාජයෙන් සිදු වුවත් අපට උපකාර කල පිරිසක් ද අප සමගම සිටියහ. එය අපිට අදටත් සතුටු විය හැකි කාරණාවක්. තවමත් එම රෝග වලින් පීඩාවන් වලට ලක් වුවත් අද අපි එය හොද අත්දැකීමක් කරගෙන සුදුසු ආර්ථික මට්ටමකින් අපි අද ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යනවා.      

                                                                                                              නිවේදකයා   :  දැනට අවු.14 කට පමණ පෙර සිදු වූ ඔබ දෙපළගේ අදටත් සිහි කිරීමට අකමැති මෙම අනතුර පිළිබදව සහකම්පනයෙන් යුතුව අප හට කරුණු ඉදිරිපත් කිරීම පිළිබදව ඔබතුමියට ස්තූතිවන්‍ත වෙනවා..

Saturday, February 8, 2025

කන්දක් තරමට වැලලී යන ජීවිත කදු


 කන්දක්  තරමට  වැලලී                                                    යන  ජීවිත කදු

  

ස්භාදමි මාතාව  අපගේ  ජීවිතය  වලට  විටෙක  ආලෝකය  ගෙන එන  අතර විටෙක  අදුර ගෙන  එයි ඒවා අපේ ජීවිත වලට  අනපේක්ෂිත  ලෙස බලපෑම්  ඇති  කරයි.  එවන් කුරිරු  අත්දැකීමකට  ලක් වී පීඩා විඳි  කලවාන- දිගන ප්‍රදේශයේ  කදුඵ කතාව  අසා බලමු.


නිවේදකයා: ආයුබෝවන්  මාමේ ! ඔබ  මේ  මුහුණ  දී  තිබෙන  ආපදා  තත්වය  ගැන  මට  තොරතුරු  ටිකක්  දැන ගන්න  පුළුවන් ද?  මෙ මුහුණ  දී  තිබෙන ස්වාභාවික   ආපදා තත්වය  කුමක්ද? 


ගම්වැසියා: ආයුබෝවන්  පුතාට !  ගිය වසරේ සිදු වූ  නායයාම් තත්වය   නිසා ජීවිත හා දේපල  හානි   රැසක්  සිදු වුනා.


නිවේදකයා: ආපදාව නිසා  ඔබට අහිමි  වූයේ මොනවාද?


ගම්වැසියා:  ජීවිත හානි; පවුල් ගණනක ජීවිත හානි සිදු වී ම මාගේ  පවුලේ  එක්  අයෙකුට විදුලි  සැර වැදීම.                    


දේපල හානි: නිවාස  කැඩීම, ගස් නිවෙස්වලට  කඩා වැටීම, ගමේ  විහාරස්ථානයට  ද  හානි  වුනා.


නිවේදකයා: ඒ හේතුවෙන්  ඔබ මානසික  පීඩාවකට  ලක් වූ  වාද?


ගම්වැසියා: ඔව්   දැඩි ලෙස  සිත් තැවුලට පත් වුණා . 


නිවේදකයා: එම  අවස්ථාවේ  ඔබට  ඇති වු  හැගීම්  කෙසේද?

 

ගම්වැසියා: ජීවිතය  පිලිබඳව  බිය  ඇති  වුනා.  මාගේ   සමීපතමයන්  ගැන  බිය  ඇති වුනා.  දේපල  හානි   වීම  නිසා  සිත්තැවුල්  ඇතිවුනා.


නිවේදකයා: ආපදාව නිසා ඔබට ලැබුන  අත්දැකීම්  මොනවාද?


ගම්වැසියා: ජීවිතයක  ඇති  වටිනාකම  දිවි බේරා ගැනීමට  දරන  උත්සාහය තේරුම්  ගියා  , ආපදා  අවස්ථාවේ  කටයුතු  කලයුතු  ආකාරය  පිළිබඳව අත්දැකීම්  ලැබුනා. 


නිවේදකයා: ආපදාවෙන් පසු ඔබගේ  ආර්ථික තත්වය කෙසේ වීද?

 

ගම්වැසියා: පුධාන ආදායම්  මාර්ගය තේ නිසා   එය විනාශ  වීම නිසා සිත්තැවුල් ඇතිවීම  වෙනත්  රැකියාවක්  කිරීමට  සිදු වුනා. අනිත්  ගමෙහි සමීපතමයන්ගෙන් මුදල් ලබාගැනීමට සිදු  වුනා.



නිවේදකයා: සෞඛ්‍ය  ගැටළු  වලට මුහුණ  දුන්නා ද?


ගම්වැසියා: ඔව්  පුතේ  සනීපාරක්ෂාවට බාධා ඇති  වුනා..

.උණ රෝගය  පැතිරීම 

බීමට තිබු ජල මූලාශ්‍ර  විනාශ  වීම නිසා  බාධා ඇති  වුනා..


නිවේදකයා: ආපදාව සිදු වු අවස්ථාවේ  ආරක්ෂා  වුණේ  කෙසේද? 


ගම්වැසියා: ආරක්ෂිත  ස්ථානයක් කරා යාමට  සිදු වීම


නිවේදකයා: නැවත  පදිංචි  වීමි සිදු වූ වාද? 


ගම්වැසියා: නැත. නමුත්  විනාශයට පත්වූ   නිවාස ඉදිකිරීම කරන  තෙක්  ආරක්ෂිත  ස්ථානයට  වී සිටීමට සිදු වුනා.   අනෙක් ගමේ ගම්මුන්  රජයේ නිලධාරීන්  එක්ව තාවකාලිකව  සිටීමට ස්ථානය  තනවා දීමට කටයුතු කරා..


 නිවේදකයා: එම ස්ථානයේ නැවත පදිංචි වීමේදී  ගැටලු ඇති වුවාද? 


ගම්වැසියා: ඔව්  පුතේ, මගේ නිවසේ  එක් පැත්තකට හානි  වු නිසා  එය පිලිසකර  කර ගැනීමේදී  ගැටලු  ඇති  වුනා. 

 .නිවසෙහි  ඇති  භාණ්ඩ  අතවශ්‍ය   දෑ විනාශ  වීම නිසා  අපහසුතා ඇති  වුනා. 

විදුලිය ඇන හිටීම  , ජල මූලාශ්‍ර  විනාශ වීම නිසා  අපහසුතාවයට පත්  වුනා. 


 නිවේදකයා:  නායයාමෙන්  පසු නැවත  පදිංචි  වීමේදී  ඔබට ඇති  වු  හැගීම් කෙසේද? 


ගම්වැසියා:  අන්තර් සබඳතා  බිද වැටීමී වීම.

තේ වගාවට හානි  වීම නිසා   දැඩි කනස්සල්ලෙන්  පත්වූ   නිසා නැවත  පැල වගාව  කර ආදායමක් උපයා  ගන්නේ කවදාදැයි  කියා සිතින් කඩා  වැටුනා.. 


මුදල් උපයා ගැනීමට  වෙනත් රැකියාවක්  කිරීමට සිදු වුනා .

 . නැවත  මුදල්  සොයා ගැනීමට  මහලු උදවියට  පවා කුලී වැඩක්  හෝ කිරීමට  සිදු  වුනා. 


නිවේදකයා:   ආපදා  අවස්ථාවෙන් පසුව  නැවත  යථා තත්වයට  පත්වීමට කොපමණ  කාලයක්  ගියේද? 


ගම්වැසියා :  වසරක පමණ  කාලයක්  ගියා

රජයේ  ආධාර  මත  නැවත  තේ වගාව  පිලිසකර  කර ගැනීමට  හැකි  වුනා. 


   

 නිවේදකයා:   මා සමඟ  ඔබගේ වටිනා  කාලය  කැප කර අදහස් එක් කලාට  ස්තුතියි  මාමේ 


 මෙවැනි  ස්වාභාවික  ආපදාවක් තුලින්  මිනිස්  , දේපල  මෙන්ම  පාරිසරික හානි  සිදුවෙ නමුත්  මෙම ආපදා  තත්වයන්  නවතාලිය නොහැකි  අතර පෙර සූදානමෙන් වන  හානිය යමි ලෙසකට අවම කර  ගත හැකිය.එයට ගම්වාසීන්  මෙන්ම  වගකිවයුතු  නිලධාරීන්  එක්ව  කටයුතු  කළ  යුතුය 



Thursday, February 6, 2025

ඛේදවාචකයක් වූ අලි මිනිස් ගැටුම

ඛේදවාචකයක්  වූ අලි මිනිස් ගැටුම 


වන සත්ත්ව හා  වෘක්ෂලතා  පනතෙහි දොළොස්වන වගන්තියට අනුව අලි ඇතුන් දඩයම් කීරීම නීති විරෝධී අපරාදයකි. පසුගිය වසර  කිහිපය තුළ අලි ඇතුන් දඩයම් කීරීම ශීඝ්‍ර ලෙස ඉහළ  ගොස් ඇත.ජනාවාස ප්‍රසාරණයත් සමග මිනිසුන්  තම සීමාව ඉක්මවා සතුන්ගේ වාස භූමිද ආක්‍රමණය කරයි.සොබාදහම සෑම ජීවියෙක් සදහාම  නවතැන් සපයා ඇත. නමුත් මානව වර්ගයා සොබාදහමේ නීති ආක්‍රමණය කරමින් විවිධ  ආපදාවන්ට තමාවෙත ළඟාවීමට  අවකාශය සලසයි. අලි මිනිස් ගැටුමද  එවැනි තත්වයකි. කෙසේ නමුත් මෙම ගැටලුවෙන් උග්‍ර ලෙස පීඩා විදි පවුලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වේ.


නිවේදක -:  ආයුබෝවන් අයෝමා මහත්මිය( මනඃකල්පිත නමකි)ඔබ ඇතුළු ඔබේ පවුලේ සියලු දෙනා මෙම අලි මිනිස් ගැටුමට වසර ගණනාවක් මුහුණදීලා අවසානයේ ඉතාම ඛේදනීය ඉරණමකට ගොදුරු වුනා. ඒ සිදුවීම මොහොතකට මතක් කළොත් ?


අයෝමා-: අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු ගානක් මං පොඩි කාලේ ඉදන්ම මේ ප්‍රශ්නෙන් අපි හැමදාම බැට කනවා .කොහොමහරි යන්තන් ජීවිතේ  බේරගෙන ඉන්නේ . ඒත් දරුවෝ දෙන්නා නිසා.නැත්තම් මගේ මහත්තයා අලියා ගහලා  නැති වුණු දවසෙම  මේ හැමදේම දාලා යන්න හිතුණා .එදා අපේ එක්කෙනයි තව මේ පල්ලෙහා   මල්ලිලා දෙන්නෙකුයි එක්ක මී කඩන්න කියලා ගියා කැලේට.ඒ වෙලාවේ තමා අලියා ගහලා තිබ්බේ.එක මල්ලි කෙනෙක් ඔන්න අලියා එනෝ කියලා එක පැත්තකට දුවලා, අපේ එක්කෙනයි අනිත් මල්ලී වෙනම පැත්තකට දුවලා  කොහොමහරි අපේ එක්කෙනාව අලියාට  අහුවෙලා.


නිවේදක -:  මේ  වගේ ජීවිත හානි , අබාධ වෙච්ච ප්‍රමාණය ගැන සදහන් කරන්න පුලුවන් ද?


අයෝමා -: දැනටනම් ගමේ දොළොහක් විතර අලියා ගහලා මැරිලා තියෙනවා .ගෙවල් නම් අනන්ත විනාශ  කරලා දානවා.


නිවේදකයා - මෙම අලිමිනිස් ගැටුමට රජයේ යම් විසදුමක් දීලා තියෙනවද?


අයෝමා - අපේ මහත්තයා නැති වෙලත් අවුරුදු එකහාමාරක් වගේ යද්දි අලි වැට ගහලා දුන්නා. කැඩුණු ගෙවල් ඉතින් අපි හදාගන්න ඔනි.වනජීවි එකට ගියාම කියනව රජයෙන් සල්ලි පාස් කරලා නැ කියලා.දැන් ඉතින් මිනිස්සු යන්නෙත් නැ ආධාර මොකුත් ඉල්ලන්න ලැබෙන්නේ නෑනේ මොකුත්.


නිවේදකයා - අලි මිනිස් ගැටුමෙන් ඔබේ ස්වාමියා අහිමි වෙනවා.ඔහුද පවුලේ ආර්ථික බර දැරුවේ?මේ අහිමි වීමත් එක්ක ආර්ථිකයට ලොකු බලපැමක් වෙන්න ඇති නේද?


අයෝමා - මහත්තයා කූලි වැඩතමයි කලේ අත්උදව්වට යනවා,හේන් වල වැඩ වලට යනවා.එදා වේල කන්නේ කොහොම හරි සල්ලි හම්බකරලා . ළමයින්ට නම් කිසිම අඩුවක් වෙන්න දුන්නේම නැ. සමහර වෙලාවට පොඩි දුව කියනව තාත්තා ඉදියනම් හවසට පාරෙ යන්න තිබ්බා ඔය එහා පැත්තේ කඩයක් තීනවා.ඒකෙන් ඔය හපන්න ජාති ගෙනත් දෙනවා බයිට් ජාති එහෙම.එයා නැති උනාට පස්සේ ඇත්තටම අපිට කරකියාගන්න දෙයක් නැතිඋනා.අපේ තාත්තා තමා මාස ගානක්ම අපිව බැලුවේ තාත්තත් වයසයි.පස්සේ ඉතින් මාත් පොඩි මහන තැනකට වැඩට ගියා එහෙම තමා ඉතින් ජීවත් වෙන්නේ.


නිවේදකයා - රජයේ ආදාර උපකාරවලට අමතරව වෙනත් බාහිර පාර්ශව වල ආදාර උපකාර ලැබුනද?


අයෝමා - ගමේ මිනිස්සු ඉතින් ගානක් එකතු කරලා දුන්නා. මරණාධාර සමිතියෙන් ආධාර ලැබුණා.පෙට්ටිය අරන් දුන්නා. එක පාරක් චැනල් එකකින් ආධාර  කලා ඒ ටික තමයි. 


නිවේදක - අලි මිනිස් ගැටුමෙන් පීඩා වීදි එක් පවුලක එක් ඛේදනීය  අහිමි වීමක් පමණි.මෙවැනි දුක්ඛිත කතා පුවත් කොතරම් වාර්ථා වෙනවාද? අනාගතයේදී වෙවැනි ඉරණමකට ගොදුරු වීම වලක්වා ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් .

 

Wednesday, February 5, 2025

 



කළුගගේ රුද්‍ර බව


ගනේතැන්න යනූ,බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  618 වගවත්ත ග්‍රාම නිලධාරී වසම කළු ගං මිටියාවතේ පිහිටි ඉතා අලංකාරවත් ප්‍රදේශයක් ඇති නමුත් වරින් වර අධික වර්ෂාපතනයත් සමඟ කළු ගඟ පිටාර ගැනීමත් සමග මෙම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන් ගංවතුර ආපදා තත්ත්වයට ප්‍රබල වශයෙන් මුහුණ දෙනු ලබයි.මේ දිගහැරුම එලෙස මෙම  ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ ගංවතුරත් සමඟ පොර බඳින ජීවිතේ කඳුළු කතාවයි.

නිවේදකයා :ඔබ මුහුණ දී තිබේන්නේ මානුෂීය ආපදාවකටද නැත්නම් ස්වභාවික ආපදා තත්ත්වයකටද?

දත්ත දායකයා:අපට නිරන්තරයෙන් ස්වාභාවික ආපදාවක් වන  කළුගඟ හේතුවෙන් ගංවතුර  අවධානමට නිරන්තරයෙන් මුහුණදීමටට සිදුවෙනවා.සමහර කාල වලදී ගංවතුර විශාල වශයෙන් මහා පරිමාණ ගංවතුරක් තත්ත්වයක් ඇතිවෙනවා.ඊට අමතරව යම් කාලවල සුළු සුළු ගංවතුර තත්ත්ව පමණක් ඇතිවෙනවා .උදාහරණයක් ලෙස අවුරුදු 5,6ට වරක් විශාල පරිමාණය ගංවතුර තත්ත්ව ඇති වන අතර නිරන්තරයෙන්ම සුළු සුළු හා මධ්‍යමපරිමාණ ගංවතුරවලට මුහුණ දීමට සිදු වෙනවා.විශාල පරිමාණ ගංවතුර සඳහා උදාහරණ ලෙස 2002,2017 ගංවතුර තත්ත්වවලට මට මුහුණ දීමට සිදු වුණා .

නිවේදකයා: ආපදාවන් නිසා ඔබට අහිමිවීම් සිදුවී තිබේද?

දත්ත දායකයා: ගංවතුර  නිසා මට මාගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට මෙන්ම දේපළවලට හානි සිදුවුනොවුනත් අප අවට සිටින බොහෝ දෙනාටම දේපල වලට හානි සමහර අවස්ථාවන්වලදී ජීවිත හානි සිදුවීම දැකලා තියෙනවා.සමහරුන්ට ගෙවල් වලට වතුර දානකොට එම නිවාස වල තියෙන  බඩු අනිත් ගෙවල් වලට අදිනවා .සමහර වෙලාවලට ඔය බත් පැකට් බෙදන්න යන මිනිස්සුන්ව එහෙම ගංවතුරට වැටිලා මැරිලා තියෙනවා.

නිවේදකයා : ආපදාව තුළින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් සිදුවුණිද?

දත්ත දායකයා:

ගංවතුර හේතුවෙන් අපිට නිරන්තරයෙන් ආර්ථික හානි සිදුවීම සුලභ සිදුවීමක් . අපගේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් වන තේ වගාව ගංවතුර නිසා හානි සිදුවේ උදාහරණ ලෙස ගංවතුර හේතුවෙන්  තේ දළු නෙළීම සඳහා යෑම ප්‍රවාහන අපහසුතා ගමන ගමනාගමන ගැටලු එපමණක් නොව ගංවතුර වැඩිකල් පැවතීම නිසා තේ ශාකවල වර්ධනය අඩාල වීම මෙන්ම ආදායම් නොමැති තත්ත්වයට පත්වීම සමහර අවස්ථාවන් වලදී තේ වගාව විනාශ වීමටද මේ හේතුවක් වනුු ඇත.ඒ කාලෙට ඉතිං හිතාගන්න බැහැ කොහොම ජීවත් වෙනවද කියලා.


නිවේදකයා: කුමනාකරයේ ආබාධයන්ට ගොදුරු වූයේද?

දත්ත දායකයා: කායික ආබාධ ගංවතුර හේතුවෙන් මාගේ ජීවිතයට ඇති නොවුණත් , සමහර අවස්ථාවන්වලදී කාලයක් තිස්සේ ගංවතුර සති ගනනක්  පාරවල් යටවීමේ හේතු කොටගෙන අනෙකුත් ප්‍රදේශවලට යාමට අවහිරවීම හේතුවෙන් නිසා ආර්ථික කඩා වැඩිවීම නිසාද,කාලයක් තිස්සේ ගෙදරට කොටුවිමත් සමඟ  මානසිකව ගැටලු ඇතිවේ.දින ගණනක් විදුලිය බිඳ වැටීමුවෙන්ද රූපවාහිනිය ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රික්  උපාංග වල භාවිතයට අවම වීම නිසා  කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වීම අනේ කරුණු නිසා නිසා මානසික පිඩනයක් ඇතිවෙනවා .

නිවේදකයා: එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම් කුමන ආකාරයද? 

දත්ත දායකයා: ගංවතුර සීග්‍රයෙන් වැඩවීමත් සමඟ හිතට ඇතිවන භය කියා නිම කිරීමට බැහැ .අපගේ නිවස යට වන තරමට ගං වතුර පැමිණෙයිද යන්න දෙගිඩියාවෙන් ජීවත්වෙන්නේ. 2002 මෙන්ම 2017 වසරේ කළු ගඟ ආශ්‍රිතව ඇති වූ ගං වතුර තත්ත්වයෙන් ඉතාමත් අවිනිශ්චිත   භාවයක් ඇති කළ ගංවතුර  තත්ත්වයන් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. එමෙන්ම ජලය හේතුවෙන් අසල්වාසීන්ගේ නිවාස වලට හානි වන  විට ශෝකජනක හැඟීමක්  ඇතිවෙනවා .ඒගොල්ලන්ගේ ගෙවල් ගම් වතුරට යටවෙලා  විනාශ වෙන එක ගැන දුකයි.

නිවේදකයා: ආපදාව අවස්ථාවේදී ජීවිතයට ලැබූ අධකීම් මොනවාද?

දත්ත දායකයා: ගංවතුර අවස්ථාවේදී ගංවතුරට ගෙවල් දොරවල් යටවුණ පුද්ගලයන්ට උදව් කිරීම උදව් කර යුත්තේ කුමන ආකාරයටද ,ගංවතුරේදී ක්‍රියා කළ යුතු ආකාරය, ගංවතුරට පෙර ආහාර ජලය සපයා අවශ්‍ය පමණ ළඟා කරගත යුතු බව, ගමනාගමනයට ආම්පන්න බෝට්ටු ඔ රු පාරු සකස් කළ  යුත්තේ කෙසේද, මෙම කාල සමයේදී ලෙඩ රෝග වැළඳීම වළක්වා ගැනීමට කළ යුත් ඒ කෙසේද ,සතුන් සර්පයෙන් ඇතිවිය හැකි ගැටලු වළක්වා ගන්නේ කෙසේද ,විශාල අත්දැකීම් සමුදායක් ලෙසක් ජීවිතයට ළඟා කරගෙන හැකි වුණා. 2024ජුනි මාසය ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ අනුවේදනීය අත්දැකීමකට මුහුණ දීමට සිදුවවුණා.එනම් බෝට්ටුවක තරුණ පිරිසක් ගමන් කරනවිට රිටි ගැසීමේදී ක්‍රියා විරහිත නොකළ ලයිට් වයරයක වැඳී විදුලිසැර වැදීම නිසා  ඒෂනයෙන් මරණයට පත් පත්වී ජලයට වැටුණා .එය අනුවේදනීයඅත්දැකීමක් අධකීමක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්.

නිවේදකයා : ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබ්බට කවරක්කාරයේ බලපෑමක් සිදුවූයේද?

දත්ත දායකයා: ඇත්ත වශයෙන්ම ගංවතුර හේතුවෙන් ආර්ථිකමය හානි විශාල වශයෙන් සිදු වුණා .මටත් මගේ පවුලේ අයටත් ස්ථිර රැකියාවක් නෑ. එම හේතුවෙන් අප ජීවත් වන්නේ වාණිජ භෝගයක් වන තේ බෝගයෙනි. තේ භෝගය ගංවතුර ලක්වීම හේතුවෙන් ආදායම් නොමැති වුණා.  සමහර අවස්ථාවලදී   වී  නැවත සිටුවීමටද සිදුවීඇත.

නිවේදකයා : ආපදාව තුළින් පාසල් ශිෂ්‍යයන්ට සිදුවූ බලපෑම කෙබඳුද?

දත්ත දායකයා:

ගංවතුර හේතුවෙන්  ප්‍රවාහනයට බාධා ඇති වේ. එම හේතුවෙන් දරුවන්ට පාසල් යෑමට ගැටලු රාශියක් ඇතිවේ. සිසුන් පාසල් නොයා  සිටීමට සුදු වුණා.එම නිසා පාසල් අධ්‍යාපනයට බාධා ඇතැයි ගුරුවරුන්ට පවා පාසල් වෙත ගමන් කිරීමට බාධා ඇතිවෙනවා .2017 වසරේ ඇති වූ ජුනි මාසේ ඇත්තේ වූ අතර තත්ත්ව හේතුවෙන් සමස්ත දිවයිනටම සතියක කාලයක් නිවාඩු ලබා දුන් අතර හැම හේතුවෙන් ගංවතුර සහිත ප්‍රදේශවලට පමණක් නොව සමස්ත ලංකාවටම බලපෑම් එල්ල වුණා. එමෙන්ම සමහර ශිෂ්‍යයන්ගේ  පාසල් පෙළපොත්, පාසල් උපකරණ ගංවතුරට යට වීම නිසා හානි සිදුවුණා .ගංවතුර සහිත ප්‍රදේශවලින් ගමනාගමනය කිරීමේදී ඔරු පාරු භාවිතය කිරීමෙන් ඒවා පෙරළීම නිසා ශිෂ්‍යයින් මරණයට පත්වූ අවස්ථාද මගේ මතකයේ තියේ.

නිවේදකයා : රාජ්‍ය අංශය විසින් ලබාදුන් ක්‍රියාමාර්ග මොනවාද?

දත්ත දායකයා:රජය විසින් විශාල වශයෙන් ගංවතුර අවස්ථාවේදී මෙන්ම ගංවතුරකින් බැසගිය පසුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ව විශාල සහයෝගයක් ලබා දෙයි.ගංවතුර පවතින අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ග්‍රාමනිලධාරි විසින් සේවා සපයයි.එපමණක් නොව ගංවතුර  හේතුවෙන් ආපදා කඳවුර තුළ තාවකාලිකව සිටින  ජනතාවට මෙන්ම  ගංවතුරන් වට වී සිටින ජනතාවට රජය සහන සේවා ලබාදුන්න.එපමණක් නොවෙයි නිවාස සඳහා ප්‍රවාහන කටයුතු සිදුකිරීමට මෝටර් බෝට්ටු ,ඔරු ,පාරු ලබා දුන්නා.ගංවතුර පහව ගිය පසු වන්ධි ලබාදීමද සිදුවේ. මටද 2017 වර්ෂයේ ගංවතුර තත්ත්වයත් සමඟ වී ගොවිතැන සඳහා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබුණා.


නිවේදකයා : ආපදා තත්ත්වයෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගත වුණිද?

දත්ත දායකයා:මාස 4පමණ

නිවේදකයා :යථා තත්ත්වයට පත් වූයේකෙසේද?

දත්ත දායකයා :තේ වගා බිමේ ගංවතුර  බැස ගිය පසු තේ ගස් හොඳින් සෝදා මඩ ඉවත් කරනු ලැබුවා. ඉන්පසුව තේ මට්ටමට කපා එය නිසි ලෙස සකස් කරනු ලැබීය. එමෙන්ම පසේ ph අගය නිර්ණය කර අවශ්‍ය නම් පොහොර යොදා පසුු සාරවත් කරනු ලැබූ  අතර මාස එකහමාරක් පමණ  ඉක්මගියය පසුව නැවත වගාව යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණා.


නිවේදකයා : රාජ්‍ය අංශයට පරිභාහිරව පාර්ශ්ව විසින් දෙනු ලැබූ ආධාර

දත්ත දායකයා:පිසු අහාර ප්‍රදේශයේ ධානපතියන් විසින්, වියළි ආහාර ප්‍රදේශයේ ධානපතියන් විසින්,වියළි ආහාර සලාක රජය විසින් එමෙන්ම විදෙස් ආධාර මත මදුරු දැල්,ගෑස්උදුන්,උයන පියන උපකරණ ,හිරමණ ,පිහිටල වැනි උපකරණ ලබා දුන්නා.

රථ වාහන ආශ්‍රිත ආපදාවල ජීවිත හැරවුම් ලක්ෂය


 රථ වාහන ආශ්‍රිත ආපදාවල ජීවිත හැරවුම් ලක්ෂය


ප්‍රවාහනය ආශ්‍රිත ආපදාවන් අපේ ජීවිතේ කොයිතරම් දුරට හැරවුම්වලට ලක් කරයිද ඒ තත්ත්වය දරුවකුගේ ජීවිතයට කොයිතරම් බලපානවාද මේ ඒ පිළිබඳ කතාවයි ( සත්‍ය සිදුවීම් වන අතර පෞද්ගලිකත්වය උදෙසා නම් ගම් සියල්ල මනංකල්පිත වේ)


නිවේදකයා : මේ රථ වාහන ආශ්‍රිතව අපදාවකට මුණ දුන්නේ ඔබේ පවු‍ලේ කවුද ?


නයනි සිසුවිය : මගේ තාත්තා තමයි මේකට මුහුන දුන්නේ. 


නිවේදකයා : ඒ තත්ත්වය ගැන අපිට කියන්න පුළුවන්ද  ?


නයනි සිසුවිය : මම නවය වසරෙ වගේ වෙනකොට අපේ තාත්තා වැඩ කරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ.  එයා රාත්‍රියේ වැඩමුරේ සඳහා තමයි කටයුතු කරන්නේ.  එක පාරටම පාර පේන් නැතුව ගිහිල්ලා එයා ලයිට් කනුවක  වැදිලා  අනතුරට ලක් උනා. 


නිවේදකයා : මොන වගේ තත්ත්වයකටද ඔබගේ පියා මුහුණ දුන්නේ ?


නයනි සිසුවිය : ඔහු මාසයක් පමණ රෝහල් ගත වී සිටියා. අදටත් එයාගේ උරහිසක් ඇදයි. ඒවගේම කොන්දත් ඇද වෙලා තියෙන්නේ. කවමදාවත් එක හදන්න බැහැ. 


නිවේදකයා: ඔබට ඒ වෙලාව හැඟුණු දේ කුමක්ද ?


නයනි සිසුවිය : ඒ වගේ කිසිම කෙනෙකුට රිය අනතුරු නිසා අනතුරක් වෙන්න එපා කියලා හිතුනා. 


නිවේදකයා : ඔබට ස්තුතියි. 


 *තවත් ඒ වගේම රිය අනතුරක් නිසා ජීවිත වෙනස් වූ දැරියකගේ කතාවයි මේ.* 


නිවේදකයා : රිය  අනතුරු නිසා සිදුවන ආපදාවට මුහුණ දුන්නේ ඔබේ කවුරුන්ද ? 


මලීශා සිසුවිය : මේකට මුහුණදුනේ මගේ තාත්තා. 


නිවේදකයා : ඔහු මුහුණ දුන්නේ කවර ආකාරය අනතුරකටද ?


මලීශා සිසුවිය : පියා බස්රථ රියදුරකු ලෙස කටයුතු කරනවා. ඔහු කොහුවලදී අනතුරට පත්වෙනවා. ඒ අනතුර නිසා තවත් කෙනෙකුගේ ජීවිතය අහිමි වුණා. 


නිවේදකයා : ඒ අවස්ථාවේදී ඔබේ පියාට මුහුණ දෙන්න සිදුවූ ගැටලු කුමක්ද? 


මලීශා සිසුවිය : ඒ වෙලාවෙදි එයාට දවස් විසිපහක් බන්ධනාගාරගත වී සිටීමට සිදු වුනා. 


නිවේදකයා : ඒ වෙලාවෙදි ඔබ මුහුණ දුන් අපහසුතාවය කුමක්ද ? 


මලීශා සිසුවිය : පියාට එහෙම දෙයක් සිදුවන නිසා ගොඩක් දුකකින් තමයි කාලේ ගත කරේ. 


නිවේදකයා : ඔබට ස්තූතියි. 


ජීවිතයට එන ආපදාවන් කවර ආකාරයදැයි කිව නොහැකි අතර ඒවාට මුහුණ දී ශක්තිමත් මනසකින් ඉදිරියට යාමට කටයුතු කළ යුතුය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...