Sunday, April 6, 2025

විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


 විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා යනු බොහෝ දුරට තම පවුලෙන් දුරස්වී තම අධ්‍යාපන කටයුතු වල නියැළීමට සිදු වන පිරිසකි.. විශ්වවිද්‍යාලයීය සිසුන්ගෙන් දළ වශයෙන් ගත් කළ 97%ක්ම පාහේ නේවාසිකාගාර වල හෝ බෝඩිම් කාමර වල සිට තම අධ්‍යාපන කටයුතු සිදු කරයි..


අවුරුදු 20ක් පමණම දෙමාපිය ඇසුරෙහිම සිට හැදීවැඩුණු දරුවාට  එක්වරම තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක වාසයට යාමට සිදුවෙයි..


මෙසේ එක්වරම දෙමාපිය ඇසුරෙන් වෙන්වන විශ්වවිද්‍යාලයීය සිසුන් අති බහුතරයක්ම පාහේ මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදයයි. නේවාසිකව සිටින්නවුන්ට ආහාර වේල් තුනම සපුරා ගත යුත්තේ මුදලටය.. බෝඩින්වාසීන් ගත් කළ, කෑම වියදමට අමතරව බෝඩිම් ගාස්තුද ගෙවිය යුතු වන්නේ ය... මේ සියල්ලත් විද දරාගෙන ඔවුන් පොදු ප්‍රවාහනයටද තම අතට ලැබෙන මුදලින් කොටසක් වෙන් කළ යුතුය.


මෙය වචන වලින් කියනා තරම් සරල දෙයක් නොවෙයි. සෑම දෙයකම මිල එකකට එකක් වැඩි වී තිබෙන මේ කාලයේ වැඩි වී නැති එකම දෙය නම් දෙමාපියන්ගේ වැටුපයි..


තම නිවසේ සහ අනෙක් දරුවන්ගේත් දහසකුත් වැඩ සදහා තම මාසික වැටුප වියදම් කරන දෙමාපියන් ඇතිහැකි උපරිමයෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා තම දරුවාටත් මුදලක් ලබා දෙයි..


අම්මා තාත්තා ස්ථිර පඩි සහිත රජයේ රැකියාලාභීන් වුවද ආර්ථික අපහසුතා යැයි කිය වස පානය කර දිවිනසාගෙන ඇතැයි පුවත් ඇසෙන දකින මේ වර්තමානයේ පුද්ගලික රැකියා කරන දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය කීමට තවත් උපමා අවශ්‍ය නොවේ..


තමන්ට ඇති හැකි උපරිමයෙන් තම දරුවන් වෙනුවෙන් දෙමාපියන් වියදම් කළද ආදායම් විරහිත වියදම් පමණක් සහිත විශ්වවිද්‍යාලයීය සිසුන්ට තම මාසික වියදම සපුරා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව කාටත් නොරහසකි..


දිනකට එක වේලක් පමණක් ආහාර ගෙන තම අධ්‍යාපන කටයුතු වල නියැලෙන විද්‍යාර්ථයි


Saturday, April 5, 2025

දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය


 දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය


මානව ජීවිතයේ ගුණාත්මක භාවය සකසනු ලබන්නේ ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් ඇතිවීම මතය. මේ මූලික අවශ්‍යතා නැතිවීම මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට ගැටළු ගෙන ඒමක් පමණක් නොව, ඔවුන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සන්සුන්භාවයද බාධා කරයි. ආහාර හිඟය පෝෂණ හිඟයටද , සුදුසු වාසස්ථානයක් නොමැතිකම ආරක්ෂා හා ආතතියට ද, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම රෝග පාලනයට හා ජීවිත කාලයට මෙන්ම  මූලික පහසුකම් හිඟය දිනපතා කටයුතු පවත්වා ගැනීමට දැඩි බාධාවක් වේ. එබැවින්, දුප්පත්කම පමණක් නොව  ගුණාත්මක ජීවිතයකට ඇති කරන බලපෑම සැලකිල්ලට ගැනීම වැදගත් වේ.


දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය යන දෙකම පුද්ගලයාගේ ජීවන තත්ත්වය කෙරෙහි දැඩි ලෙස බලපාන අංග දෙකකි. 

ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා මිනිසුන්ට ආහාර, වාසස්ථාන,සෞඛ්‍ය හා මූලික පහසුකම් වැනි මූලික අවශ්‍යතාවයන් අත්‍යවශ්‍ය වේ. දුප්පත්කම අතිශයින්ම ගැඹුරු සමාජ ගැටළුවක් වන අතර, එය මිනිස් ජීවිතයට සහ දේශීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරයි.එසේම ගුණාත්මක ජීවිතය හරහා පුද්ගලයන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ ආර්ථික පැතිකඩවල සමතුලිත හා තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මඟ සකසයි.  මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා පමණක් නොව, ඔවුන්ගේ ආකල්ප වල සන්සුන්භාවයද  ජීවිතයේ තෘප්තිය කෙරෙහි බලපෑම් කරයි.


ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් හිඟ වීම  ජීවන තත්ත්වයට ඇති කරන බලපෑම් මෙලෙසින් අධ්‍යයනය කළ හැක. 


 *ආහාර හිඟය* සහ එහි බලපෑම ප්‍රධාන වශයෙන්ම පෝෂණ හා සෞඛ්‍ය ගැටලු මතු කිරීමට හා මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින් වැනි පෝෂ පදාර්ථ නොලැබීමෙන් අපහසුතා ඇති කරයි .තවද කායික හා මානසික ක්‍රියාකාරී මට්ටම පහත වැටීමක් සිදු වේ.දරුවන්ගේ වර්ධනය  අඩාල වීම, මොළයේ සංවර්ධනය ප්‍රමාද වීම, අධ්‍යාපනයට ප්‍රධාන ලෙස බලපෑම් කරයි.තවද ආහාර හිඟවීම නිසා ආසාත්මිකතා සහ දියවැඩියාව, උදර ආසාදන වැනි රෝග වැඩි වේ.


මීට අමතරව *වාසස්ථාන හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගතහොත් 

ස්ථිර වාසස්ථාන නොමැති වීම හේතු කොටගෙන සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයකට මුහුණ පෑමට සිතුවේ. මීට අමතරව නිවසක් නොමැතිකම හේතුවෙන් ආරක්ෂාව හා ස්ථාවරත්වය අහිමිවීම, මානසික ආතතිය සහ මානසික රෝගයන් වැඩිවීමක් දක්නට ලැබේ. එසේම සමාජ බලපෑම සැලකිල්ලට ගත්විට  නිවසක් නොමැති අය වංචා සහ අපරාධ වලට ගොදුරු වීමේ ප්‍රමණතාව ඉහළය.


 *සෞඛ්‍ය පහසුකම් හිඟය* සහ එහි බලපෑම

නිරෝගී ජීවිතයකට විශාල ලෙස බලපෑම් කරයි.  වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම, දිගු ආසාදන සහ අනතුරු ජීවිත තර්ජනයක් බවට පත් විය හැක.දරු උපත් මරණය ඉහළ යාමට හේතුවක් ලෙස ගැබිණි  මව්වරුන්ට ප්‍රමාණවත් වෛද්‍ය සහාය නොමැතිකම නිසා මරණ ප්‍රවණතාව වැඩිවීම මෙන්ම සෞඛ්‍ය  පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් වැඩිවීම, නීරෝගීව වැඩ කටයුතු කිරීමේඅපහසුතාවය ප්‍රධාන ගැටළු බවට පත්වී ඇත. 


 *මූලික පහසුකම් හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගත්විට ප්‍රධානන වශයෙන් පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව නොමැති වීම හේතු කොට ගෙන අසනීප සහ ආසාදන තත්ත්වයන් සමාජයේ උග්‍ර වෙමින් පවතී.  වැසිකිලි පහසුකම් නොමැතිවීම නිසා පාචනය, කොළරාව වැනි රෝග පැතිරීම මෙන්ම සනීපාරක්ෂාව සුළු වීම නිසා දියුණු රටවලටආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි වඩා පසුබැසීමක් දක්නට ලැබේ. මීට අමතරව විදුලිය සහ සන්නිවේදන පහසුකම්

අධ්‍යාපනයට හා වෘත්තීය ජීවිතයට බාධා ඇති කරන අතර විදුලිය නොමැතිවීම නිසා දරුවන්ට ඉගෙනීම අපහසු වීම, රැකියා අවස්ථා අඩු වීම වැනි ජීවන තත්ත්වය සම්බන්ධ ගැටලු සමාජය තුළින් මතුවේ.


දුප්පත්කම තුරන් කිරීම සඳහා පුද්ගලික මට්ටමින් සහ සමාජ මට්ටමින් ක්‍රියාමාර්ග ගත හැකිවේ.

අධ්‍යාපනය සහ දක්ෂතා වර්ධනය කිරීම, 

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කර මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීම, එකම ආදායම් මාර්ගයකට පමණක් යටත්ව නොසිටි, විවිධ ආදායම් මාර්ග ඇතිකර ගැනීම, මූල්‍ය කළමනාකරණය කිරීම හා තමාගේ හැකියාවන් උපයෝගී කර ගැනීම තුළින්  නිර්මාණාත්මක අදහස්, අන්තර්ජාලය හරහා ආදායම් මාර්ග ගොඩනැඟීම ආදී ක්‍රියාවලියන් පුද්ගලික මට්ටමෙන් දුප්පත්කම තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ. 


සමාජමය සහ රාජ්‍ය මට්ටමින් දුප්පත්කම තුරන් කිරීම සඳහා කාර්යක්ෂම අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබාදීම, ව්‍යවසායකත්වය දිරිමත් කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වර්ධනය, කුසලතා පුහුණුව හා වැඩිදුර අධ්‍යාපනය සහ මූල්‍ය සහය ලබාදීම, කෘෂිකාර්මික හා කර්මාන්ත ව්‍යාප්තිය  වර්ධනය කිරීම තුලින් දුප්පත්කම යම් මට්ටමකට සමාජය තුළ පාලනය කිරීමට හැකිවේ.


ඒ අනුව දුප්පත්කම තුරන් කිරීම හා ගුණාත්මක ජීවිතයක් ඇති කිරීම තුළින් මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ යන අතර ඒ සඳහා ආර්ථික සමාජයීය වශයෙන් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වැදගත් වේ.

Friday, April 4, 2025

නව තාක්ෂණය හා දරිද්‍රතාවය


 නව තාක්ෂණය හා දරිද්‍රතාවය


තාක්ෂණය යනු මනුෂ්‍යයාගේ මානසික ශක්තිය හා දක්ෂතා මඟින් ස්වාභාවික විකිරණ, සම්පත් සහ කුසලතා යොදාගෙන ක්‍රමවේද හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ යොදා ගැනීමේ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය, පරිසරය, සමාජය, ආර්ථිකය, සහ ජීවිතයන්ගේ ගුණාත්මකතාව වෙනස් කිරීම සඳහා මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන ආකෘති තුළ පවති. තාක්ෂණය, වෘත්තීය  ආර්ථික, සෞඛ්‍යසහ සමාජ කුසලතා යන සකලවිධ ක්ෂේත්‍ර වර්ධනය කිරීම සඳහා මූලික සහ මහා පරිමාණයෙන් අත්පොත් සපයයි.


දුප්පත්කම යනු, ආදායම් නොමැතිව ජීවිතය ගත කිරීමේ තත්ත්වයකි. එය සම්පත් අහිමිකිරීම, සෞඛ්‍ය සේවා අඩුකිරීම, අධ්‍යාපනයේ අවස්ථා අඩුවීම, සහ සමාජයේ වැලැක්වී සිටීම මගින් සිදුවන අභියෝගය ලෙසට යොදාගත හැකිය. ලෝකයේ කෙරෙන වාර්තා අනුව, දුප්පත්කම සාමාන්‍යයෙන් පරිසර හා සමාජ පද්ධති මත පදනම් වන අතර, එම තත්වය බහුල වශයෙන් අඩු ආදායම් සහිත පිරිස සහ මූලික සේවා නොලබන පිරිස අතුරින් පවතියි. 

මෙකී ආර්ථිකමය  පීඩනය ශ්‍රී ලංකාව තුළ නම් දේශපාලනය ,දළ දේශීය නිෂ්පාදනය,විරැකියාව සහ ඒක පුද්ගල ආදායම මත රඳා පවතී.


වර්තමානයේ පවතින නව තාක්ෂණික ප්‍රවණතාගත් කල 3D මුද්‍රණය, නිවසේ සිට වැඩ කිරීම, අන්තර්ජාලය මඟින් භාෂා පරිවර්තන, රොබෝ සහ ක්ෂේමයන්හි දියුණුව, ක්ලවුඩ් තාක්ෂණය,දත්ත විශ්ලේෂණ, කෘතිම බුද්ධිය, සහ අන්තර්ජාල සේවා (IoT) ආදී වශයෙන් ප්‍රවණතා දීර්ඝව විකාශනය වෙමින් පවති. මෙම තාක්ෂණයන් මගින් පරිසරයේ ඇති බහුල අවශ්‍යතා හා සංකීර්ණ ගැටලුවලට නව විසඳුම් සපයමින් ජනතාවට වඩාත් සමෘද්ධිමත් ලෙස ජීවත් වීමට අවස්ථා සලසයි.


තාක්ෂණික ප්‍රවණතා හා අන්තර්ජාලය දුප්පත්කම අඩු කිරීමට දායක වන්නේ කෙසේද?


නව තාක්ෂණික ප්‍රවණතා සහ අන්තර්ජාලය, දුප්පත්කම අඩු කිරීමට සහ අයගේ ජීවිත මට්ටම උසස් කිරීමට සවිමත් පදනමක් සපයයි. මෙම ක්‍රම මඟින් වඩාත් පහසු, කාර්යක්ෂම හා සාර්ථක ක්‍රමවේදයන් ව්‍යාපාරික, අධ්‍යාපන, සෞඛ්‍ය, හා සමාජ ක්ෂේත්‍රයන් සඳහා සම්පාදනය කරන අතර, එය මිනිසුන්ට නව අවස්ථා සහ අදායම් ලබා දීමට ඉඩ සලසයි.එමගින් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික මට්ටම බෙහෙවින් උසස් කළ හැකිය.


*අධ්‍යාපන සහ පුහුණුව*


අන්තර්ජාලය සහ නව තාක්ෂණ මඟින්, දුරස්ථ අධ්‍යාපන හා පුහුණුව ලබා දීමේ අවස්ථා විවෘත කරයි.අධ්‍යාපනයෙන් කඩා වැටුණු  පිරිසකට විශේෂයෙන් අඩු සම්පත් ඇති පිරිසට අන්තර්ජාලය මඟින් අලුත් කුසලතා, විවිධ වෘත්තීය කුසලතා සහ අධ්‍යාපනික ක්‍රමවේද ඉගෙන ගැනීමට හැකි වන අතර, අලුත් වෘත්තීය අවස්ථා ද ලබා ගැනීමට හැකි වේ.වර්තමානයේදී විශ්ව විද්‍යාල සිසුන් පවා අන්තර්ජාලය ඔස්සේ online පන්ති සිදු කරනු ලබයි.තවද මහා පරිමාණ උපකාරක පන්ති ගුරුවරුන් පවා දිවයිනටම online හෙවත් මාර්ගත ආකාරයෙන් ඉගැන්වීම් සිදුකරයි.


*ව්‍යාපාරික වර්ධනය සහ ස්වයං රැකියා*


අන්තර්ජාලය සහ නව තාක්ෂණයන් මඟින්, කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියා ආරම්භ කිරීමේ සහ පවත්වා ගැනීමේ හැකියාව සලසයි. අන්තර්ජාල වෙළඳාම, ඩිජිටල් ගනුදෙනු, මෘදුකාංග නිර්මාණය මගෙන් අලුත් දියුණුවක් ලබා දීම තුළ පසුබැසී සිටින ජනතාවට නව ව්‍යාපාරික අවස්ථා ලබා දීමට සහ ආදායම වැඩි කිරීමට මඟ පෙන්විය හැකිය.තමා සතු  නිර්මාණාත්මක හැකියා වර්ධනය කර ගනිමින් එම නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ විකිණීමට වර්තමානයේ අවකාශය ඇත.ඒ සඳහා විවිධාකාරයේ යෙදවුම්ද වර්තමාන නිර්මාණය වී ඇත.ඒ පිළිබඳ පුළුල් දැනුමක් ජනතාව වෙත ලබාදීම අපගේ වගකීමකි.


*සෞඛ්‍ය සේවා*


අන්තර්ජාලය මඟින් දුරස්ථ සෞඛ්‍ය සේවාවන්, වෛද්‍ය උපදෙස්, කෘතිම බුද්ධිය, සහ දත්ත විශ්ලේෂණය මඟින්, සෞඛ්‍ය සත්කාර ලබා ගැනීමට සහ අයගේ සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීමට වඩාත් පහසුකම් සලසයි. මෙයින්, සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ අඩු ප්‍රවේශයකින් පවතින පිරිසට සාමූහික ලෙස සෞඛ්‍ය සේවා ලබා දීමට හැකියාව ඇත.


*දුරස්ථ වැඩ කිරීම සහ ආදායම් ගතිකතා*


දුරස්ථ වැඩ කිරීම, නව තාක්ෂණික කුසලතා සහ අන්තර්ජාලය මඟින් බොහෝ පිරිසට කාර්යයන් ලබා දීමට සහ ආදායම් කුටිය තුළ වැඩි කාර්යය සමතුලිතතාවයක් ඇති කරයි. එමෙන්ම, දුප්පත්  සමාජයන් සඳහා මේවා වැඩි ආදායම් අවස්ථා සලසයි.


ඉහත සඳහන් කරුණු අනුව, නව තාක්ෂණ සහ අන්තර්ජාලය, දුප්පත්කම අඩු කිරීම සඳහා විශාල සහ ඉතා ප්‍රතිඵලදායක මඟ පෙන්වයි. දුප්පත්කම පාලනය කිරීමේදී අධ්‍යාපන, වෘත්තීය කුසලතා, ව්‍යාපාරික, සහ සෞඛ්‍ය සේවා වශයෙන් මූලික ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන්, තාක්ෂණය සමාජයක දුප්පත්කම අඩු කිරීමේ ක්‍රියාන්විතය යතෝක්ත කළ හැකිය.

දිරිය ඇති අයට සවිය ලබාදීම සවියේ  අරමුණයි.එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට තාක්ෂණය බෙහෙවින් උපකාරීවේ.

Thursday, April 3, 2025

දුප්පත්කම හා අධ්‍යාපනය

 

අද වන විට ලෝකයේ දුප්පත්කම හා අධ්‍යාපනය අතර පවතින සබදතාවය ඉතා තීරනාත්මකය වී ඇත දුප්පත්කමට ලක්වු කාණ්ඩවල පුද්ගලයින්ට ගුණාත්මක අධ්‍යාපනය  ලබානැනීමේ අවස්ථා සීමා වී ඇත. නමුත් අධ්‍යාපනය යනු දුප්පත්කමින් මිදීමට අත්වැලක් සපයන සංකල්පයක් වන බැවින් දුප්පත්කම හා අධ්‍යාපනය  අතර පවතින ඍජු සබදතාවය සැලකිල්ලට ගනිමින් සමාජය නගා සිටුවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය.


දුප්පත්කම මගින් අධ්‍යාපනයට ඇති කරනු ලබන බලපෑම පිලිබදව අවදානය යොමු කරනවිට කරුණු කීපයක් හදුනාගත හැකිය. ඉන් අරමුදල් හිගය යනු ප්‍රධාන ගැටලුවක් වේ .එහිදී පාසල් ගාස්තු,පොත්පත් ,විභාග ගාස්තු සහ ප්‍රවාහන වියදම් දුප්පත් පවුල් වලට දරාගත නොහැකි දැඩි බරක් වේ. එපමණක් නොව දරුවන්ගේ ශ්‍රමය සූරාකෑමක් ද මෙහිදී සිදු වී.දුප්පත් පවුල්වල සිටින දරුවන් තම දෙමව්පියන්ට බරක් විඉමට ඇති අකමැත්ත නිසාවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අතහැර  කිසියම් හෝ සේවයක දීමට උත්සහ කරයි. එහිදී විවිධ කර්මාන්තශාලා හිමියන් දිනකට ඔඋන්ට දරාගත නොහැකි අන්දමින් වැඩ පවරා දී එම දිනය අවසානයේදී ලබාගත ශ්‍රමයට වඩා සුළු වැටුපක් ලබා දේ. තවද අධ්‍යාපන ගුණාත්මකභාවය පිළිබද අසමත්වය ද සදහන් කළ යුතු  සුවිශේෂී කරුණක් වේ. වැඩ දුප්පත් ප්‍රදේශවල නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනහි ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මක බව තුල දුර්වලතාවයක්  හැකිය.


දුප්පත්කම මගින් අධ්‍යාපනයට පමණක් නොව දරිද්‍ර මගින්ද දුප්පත්කමට බලපෑම් කරන්හු ලබයි. එහිදී අධ්‍යාපනය ලද පුද්ගලයින්ට උසස් රැකියා අවශ්ථා ලැබිය හැකි ප්‍රවණතාවක් දක්නට හැකි වේ. එපමණක් නොව, අධ්‍යාපනය ලබමින් සිටියදී දරිද්‍රතාවයෙන් පෙළුනද එම අධ්‍යාපනයෙන් උසස් රැකියාවකට තේරී පත්වීම තුලින් ඉහළ ආදයමක් ලබා එම දුප්පත්කම තුරන් කළ හැකිය. තවද දැනුම හා නුපුණතා වැඩිදියුණු කරගැනීමට ද අධ්‍යාපනය උපකාරී වේ. ඵමගින් දරිද්‍රතාවය තුළින් අසරණභාවයට පත් වූ දරුවන්ට තමාගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකිය.

ඒ අනුව දුප්පත්කම සහ අධ්‍යාපනය එකිනෙකාට බලපෑම් කරනු ලබන ආකාරයක් හඳුනාගත හැකිය.එම බලපෑමෙහි දක්නට ලැබෙන විවිධාකාරයේ දුර්වලතා මගහරවා ගැනීමට පහත පරිදි විසඳුම් යෝජනා කළ හැකිය.

* අධ්‍යාපන ප්‍රවේශය සෑම දරුවකුටම ලබාදීම.

* රජය සහ අදාළ සංවිධාන අධ්‍යාපන පහසුකම් වැඩි කළ යුතු වීම.

* දුප්පත් පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව හා ආධාර ලබාදිය යුතු වීම.

    ( උදා ÷ මහපොළ     සහනාධාරය ඇතුළු  ශිෂ්‍යාධාර මුදල්  ක්‍රමානුකූලව ලබාදීම.)

* ගුණාත්මක ගුරු මණ්ඩලයක් බිහි කිරීමට කටයුතු කොට පාසල් ඉගැන්වීම් කටයුතු ප්‍රවර්ධනය කිරීම.

     මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කළේ,

"ඔබ වරක් අධ්‍යාපනය ලැබීම නතර කිරීමෙන් අනතුරුව කෙමෙන් මිය යන බවයි".

 ඒ අනුව කෙතරම් දරිද්‍රතාවයකින් පෙළුණද තමා හට ලැබෙන අධ්‍යාපනය තුළින් ගුණාත්මක ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතු වන අතර පවතින සබඳතාවය අවම කරමින් සෑම දරුවකුටම සම අවස්ථා අධ්‍යාපනය මගින් පිරිනැමීමට කටයුතු කළ යුතුය.එතුළින් සෑම දරුවෙකුගේම ජීවන තත්ත්වය පමණක් නොව සමස්ත සමාජ ව්‍යුහයම සාර්ථකත්වයෙහි මං කරා යොමු කරලීමට හැකිවනු ඇත.

Wednesday, April 2, 2025

සමාජය හා දරිද්‍රතාවය


 සමාජය හා දරිද්‍රතාවය


දරිද්‍රතාවය යනු දුප්පත්කමයි. මෙහිදී පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත නොහැකි වීම දරිද්‍රතාවයේ මූලික සිද්ධාන්තයයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෑත වසර කිහිපය තුළ ආර්ථික වර්ධනයේ ඇති වූ තිරසර බව හේතුකොට ගෙන දිළිඳුකම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දේ . 2009 /2010 වසර වල 8.9% ක මට්ටමකින් පැවති දිළිඳු කුටුම්භ ප්‍රතිශතය 2012 දී 6.5% තෙක් පහත වැටී ඇත.ඒ අනුව 2012/ 2013 ගෘහ ඒකකවල ආදායම් වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජනතාව අතර ආදායම් බෙදී යාමේ අසමානතාවය අඩුවීමක් පෙන්නුම් කර ඇත.2009 වසර වලදී 0.49% ක්ව පැවැති ගිනි සංගුණකය 2012 වර්ෂයේදී 0.48% ක් දක්වා අඩුවී ඇත.මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.  ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන අයගෙන් 90% ක්ම ග්‍රාමීය ජනතා වීම කැපී පෙනෙයි.එසේම 2014 දී ශ්‍රී ලංකාවේ ජනගහනය 6.7 % ක් ජාතික දරිද්‍රතා මට්ටමට පහළින් සිටින බව ආසියානු සංවර්ධන බැංකු වාර්තා පෙන්වා දෙයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ පෙන්නුම් කෙරෙන තවත් පැතිකඩක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි 2018 වසර සිට අද දක්වාම දකුණු ආසියාතික රටවල් අතරින් මන්ද පෝෂණය අතින් දෙවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වීමද ආසියාවේ ළමා මන්ද පෝෂණය අතින් හයවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වීමද කැපී පෙනෙයි.එසේම ශ්‍රී ලංකාවේ අධික ලෙස දරිද්‍රතාවෙන්  පෙලෙන පිරිස් ජීවත් වෙන්නේ මොනරාගල, මඩකලපුව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වලය.


* *දරිද්‍රතාවයට හේතු සාධක** 

 *ආර්ථික අසමතුලිතතාවය* – ධනයේ අසාමතුලිත බෙදාහැරීමත් සමඟ ධනවත් සහ දුප්පත් අය අතර පරාසය වැඩිවීම, පීඩිත ජනතාවගේ ජීවිත තත්ත්වය දියුණුවීම අවහිර කරයි.


 *විරැකියාව* – වෘත්තීය අවස්ථා නොමැතිවීම හෝ අඩු වැටුප් ලැබීම මඟින් පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට බාධා එල්ල වේ.


 *අධ්‍යාපනය නොමැතිවීම* – නිසි අධ්‍යාපනය සහ කුසලතා නොමැතිවීම නිසා පුද්ගලයන්ට ශක්තිමත් රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකි වේ.


 *ජීවන වියදම වැඩිවීම* – විශේෂයෙන් වර්ධනය වන ආර්ථිකයක, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීමට දුගී ජනයා හට බොහෝ දුෂ්කරතා ඇති කරයි.


 *දේශපාලන අස්ථායීතාවය සහ දූෂණය* – දුර්වල පාලනය, දූෂණය සහ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා දුගී ජනතාවට අවශ්‍ය සම්පත් ලබාදිය නොහැකි වේ.


 *ස්වාභාවික විපත් සහ දේශගුණික වෙනස්වීම්* – ගංවතුරු, නියග සහ අනිකුත් ස්වාභාවික විපත් නිසා ගොවිතැන හා ජීවනෝපාය බිඳවැටීම, දුප්පත්කම තවත් දැඩි කිරීම.


 *සමාජ විකල්පන සහ අභිප්‍රේතය* – කාන්තා,  සුළු ජාතිකයන්, සහ ආබාධ සහිත පුද්ගලයන්ට අධ්‍යාපනය, රැකියා සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අවස්ථා සීමා වේ.


* *_දුප්පත්කම සමාජයට ඇති බලපෑම්_* 


 *සෞඛ්‍ය ගැටලු* – දුගී පුද්ගලයන්ට යෝග්‍ය සෞඛ්‍ය සේවා නොලැබීම නිසා ඔවුන් කායික හා මානසික දුර්වලතාවන්ට ලක් වේ.


 *අපරාධ වර්ධනය* – ජීවිනෝපාය නොමැති පුද්ගලයින් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සදහා යොමු වීම.


 *අඩු සාක්ෂරතාවය* – දුප්පත් පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් බැහැරවී අවිධිමත් රැකියාවල නිරතවීමෙන් සාක්ෂරතාවය අවම වීම.


 *සමාජ අස්ථායීතාවය* – සමාජයේ දැඩි දරිද්‍රතාවය විරෝධතා, වැඩ වර්ජන සහ ගැටළු ඇතිකරයි.


 *නිවාස නොමැතිකම* – තෘප්තිමත් ආදායමක් නොමැතිව, බොහෝ පවුල් නිවාස රහිතව හෝ අනවසර මුඩුක්කු පැල්පත් ආදියෙහි ජීවත් වේ.


 *ළමා ශ්‍රමය* – දුප්පත්කම නිසා දරුවන් අධ්‍යාපනය හැර, බරපතළ සහ අනතුරුදායක රැකියාවල නියැලෙන අවස්ථා වැඩිවේ.


* *_දුප්පත්කමට පිළියම්_* 


 *ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම* 

නොමිලේ සහ ප්‍රවේශමත් අධ්‍යාපනය පුද්ගලයින්ට හොඳ රැකියා ලබා ගැනීමට සහ වෘත්තීය දියුණුවට ඉවහල් වේ.


රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය – රජය සහ පුද්ගලික ආයතන විසින් වැඩි වැඩ අවස්ථා නිර්මාණය කළ යුතුය.


 *සමාජ සුභසාධන වැඩසටහන්* 

ආහාර සහනාධාර, සෞඛ්‍ය සේවා, සහ මූල්‍ය සහනාධාර මඟින් අඩු ආදායම්ලාභී පවුල් වලට සහාය කළ හැක.


 *ව්‍යවසායකත්වය දිරිමත් කිරීම*

 කුඩා ව්‍යාපාර සහ ආයෝජන දිරිමත් කිරීම මඟින් පුද්ගලයින්ට ආර්ථික ස්වාධීනත්වය ලබාදිය හැක.


 *සාධාරණ වැටුප් සහ කම්කරු* *අයිතිවාසිකම් සුරැකිම* 

කම්කරුවන්ට යෝග්‍ය වැටුප් ලබාදීම සහ කාර්ය පරිසරය යහපත් කිරීම දුප්පත්කම අඩු කිරීමට උපකාරී වේ.


 *නොමිලේ හෝ අඩු මිලට* *සෞඛ්‍ය සේවා සැලසීම* – අධික වියදම් සහිත සෞඛ්‍ය සේවා හේතුවෙන් දුගී ජනයා පීඩාවය  පත් වන අතර එම පහසුකම් ලබා ගැනීමට ඔවුහු අසමත් වෙති.එහෙයින් රජය රෝහල් ආදියෙහි පහසුකම් වර්ධනය කළ යුතු ය.


 *පරිසර සංරක්ෂණය* – ස්වාභාවික විපත් වලට හේතු වන මානව ක්‍රියාකාරකම්  අවම කිරීම සහ භූමිකම්පන, ගංවතුරු ආදී ස්වාභාවික විපත් වලට සූදානම් වීම.


 *දූෂණය අවම කිරීම* – ජනතාවට හිමි සම්පත් නිසි ලෙස ලබාදිය යුතු අතර, විශේෂයෙන් දූෂණය හා අපරාධ පාලනය කළ යුතුය.


දුප්පත්කම යනු පුද්ගලයින්ට පමණක් නොව, සමාජයටද දැඩි බලපෑම් ඇති කරන ආවේගශීලී ගැටලුවකි. එය ආර්ථික අස්ථායීතාවය, සමාජ විරෝධී ක්‍රියාවලි, සහ අඩු ජීවන තත්ත්වයන් සඳහා මූලික හේතුවක් වේ. කෙසේවෙතත්, අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය සහ සාධාරණ ප්‍රතිපත්ති ආදිය ශක්තිමත් කිරීමෙන්, දුප්පත්කම අඩු කළ හැක. ආණ්ඩු, සංවිධාන සහ පුද්ගලයින් එක්ව ක්‍රියා කළහොත්, වඩා සාධාරණ සහ සමානාත්මක සමාජයක් ගොඩනැගිය හැක.

Sunday, March 30, 2025

රාමසාන් උත්සවය


 රාමසාන් උත්සවය 


මෙම දිනය ඉස්ලාමයේ ශුද්ධ උපවාස මාසය වන රාමසාන් අවසානය සනිටුහන් කරයි. ඊද් අල්-ෆිතර් ලෙසද මෙම දිනය හැඳින්වෙ. මෙම වර්ශයේ මාර්තු 31 දිනට මෙය යෙදී ඇත.මෙම උත්සවය මුස්ලිම්වරුන් හට ඉතා වැදගත් වේ. එය අධ්‍යාත්මික වර්ධනය, ස්වයං විනය සහ භක්තිය සඳහා කැප වූ මාසයකට පසු කෘතඥතාව, පරාවර්තනය සහ ප්‍රජාවේ ප්‍රීතිය සංකේතවත් කරයි.


රාමසාන් යනු මුස්ලිම්වරු අලුයම සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටින, යාඥාවේ යෙදෙන, කුරානය කියවන සහ පුණ්‍ය ක්‍රියා කරන කාලයකි. මෙම ශුද්ධ මාසයේ සම්පූර්ණ කිරීම රාමසාන් සමඟ සමරනු ලැබේ.එහි වචනාර්ථයෙන් "උපවාසය අත්හැරීමේ උත්සවය" ලෙස පරිවර්තනය වේ. දිනය ආරම්භ වන්නේ ඊද් යාච්ඤාව ලෙස හැඳින්වෙන විශේෂ යාච්ඤාවකින් වන අතර එය සාමාන්‍යයෙන් පල්ලිවල හෝ විවෘත ක්ෂේත්‍රවල විශාල සභාවන් තුළ සිදු කරනු ලැබේ. මෙම යාච්ඤාව ප්‍රජාවේ වැදගත්කම සහ ඇදහිල්ලේ සාමූහික ප්‍රකාශනය ලෙස දැක්වේ.


රාමසාන් හි ප්‍රධාන අංගයක් වන්නේ සකාත් අල්-ෆිතර් වන අතර එය හැකියාව ඇති අයට අනිවාර්ය වන පුණ්‍ය ක්‍රමයකි.  දයානුකම්පාවේ සහ ත්‍යාගශීලීත්වයේ වටිනාකම් ශක්තිමත් කරන දිනයක් ලෙස මෙම දිනය හැදින්විය හැක. 


පවුල් සහ මිතුරන් සදහා ආහාර පිලියෙල කර සංග්‍රහ කරන  අතර, බොහෝ විට සංස්කෘතිය අනුව වෙනස් වන සාම්ප්‍රදායික කෑම වර්ග ඇතුළත් වේ. බක්ලාවා, රටඉඳි සහ විවිධ දේශීය ප්‍රණීත ආහාර වැනි රසකැවිලි බහුල වන අතර එය ජීවිතයේ මිහිරි බව සහ එකමුතුකමේ ප්‍රීතිය සංකේතවත් කරයි. බොහෝ අය අලුත් ඇඳුම්  වලින් ද සැරසෙ.රාමසාන් නියෝජනය කරන නැවුම් ආරම්භය ඉන් ප්‍රකට වේ.


ආහාර වලට අමතරව, රාමසාන් විචිත්‍රවත් සැරසිලි, ප්‍රජා සිදුවීම් සහ තෑගි හුවමාරුව මගින් සංලක්ෂිත වේ. ගිනිකෙළි , උත්සව රැස්වීම් ආදියෙන් මෙම දිනය සැමරේ. 


රාමසාන් ඇදහිලි  පවුලේ සහ ප්‍රජාවේ වැදගත්කම පිළිබඳ බලවත් මතක් කිරීමක් ලෙස දැක්වේ. එය  කෘතඥතාවයේ හැඟීමක් ඇති කරයි. පුද්ගලයන්ට ඔවුන්ගේ ආශිර්වාද සහ ඔවුන් අන් අය සමඟ බෙදා ගන්නා බැඳීම් ගැන මෙනෙහි කිරීමට මෙම දිනය වැදගත් වේ. මෙම  දින හිරු බැස යන විට, රාමසාන් ආත්මය මිලියන ගණනකගේ හදවත් තුළ දෝංකාර දේ.

Thursday, March 27, 2025

හරිත නගර සැලසුම්:සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා නගර පරිසරය

 හරිත නගර සැලසුම්:සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා නගර පරිසරය


කොන්ක්‍රීට් වනාන්තරවලට ජීවය ගෙන ඒම: සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සඳහා හරිත නගර සැලසුම්කරණය

නාගරීකරණයේ නොනවතින අපේක්ෂාවක් ව් ඇත. කලක් දියුණුවේ සංකේතයක් වූ කොන්ක්‍රීට් පවුරු බැදි නගර, දැන් නගරවාසීන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්මට අවධානය යොමු කරයි. ඊට ප්‍රතිචාර වශයෙන්, පරමාදර්ශී වෙනසක් සිදුවෙමින් පවතී: හරිත නගර සැලසුම්කරණය සෞඛ්‍ය සම්පන්න, වඩා තිරසාර ජීවිත පෝෂණය කිරීම සඳහා නාගරික අවකාශයන් පිළිබඳ අවධානය යොමු කිරීමකි.


නාගරික සෞඛ්‍ය අර්බුදය:


නගර, ඒවායේ ආර්ථික හා සංස්කෘතික බව නොතකා, සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රමුඛ ස්ථාන වේ. ප්‍රධාන වශයෙන් රථවාහන හා කාර්මික විමෝචනයෙන් සිදුවන වායු දූෂණය, ශ්වසන රෝග, හෘද වාහිනී ගැටළු සහ සංජානන පරිහානියට පවා දායක වේ. අවට ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශ සැලකිය යුතු ලෙස උණුසුම් වන "තාප දූපත්" බලපෑම, වැඩි වැඩියෙන් තාප තරංග අතරතුර තාපය ආශ්‍රිත රෝග උග්‍ර කරයි.හරිත අවකාශයන් සහ විනෝදාස්වාද ප්‍රදේශ වෙත ප්‍රවේශය නොමැතිකම ද උදාසීන ජීවන රටාවන්ට සහ මානසික සෞඛ්‍ය අභියෝගවලට දායක වේ.   


හරිත නගර සැලසුම්කරණය: සමස්ත ප්‍රවේශයක්:


හරිත නගර සැලසුම්කරණය තනි විසඳුමක් නොව විවිධ උපාය මාර්ග ඇතුළත් පුළුල්, ඒකාබද්ධ ප්‍රවේශයකි:


හරිත යටිතල පහසුකම් පුළුල් කිරීම:

නාගරික වනාන්තර සහ උද්‍යාන: නාගරික උද්‍යාන සහ වනාන්තර සංඛ්‍යාව සහ ප්‍රමාණය වැඩි කිරීම මගින් අත්‍යවශ්‍ය හරිත පෙනහළු සපයන අතර, වායු දූෂක පෙරීම, තාපය අවම කිරීම සහ විනෝදාස්වාදය සහ විවේකය සඳහා අවකාශයන් ලබා දේ.   


හරිත වහල සහ බිත්ති: වහලවල් සහ ගොඩනැගිලි මුහුණත හරිත අවකාශයන් බවට පරිවර්තනය කිරීම පරිවරණය වැඩි දියුණු කිරීම, බලශක්ති පරිභෝජනය අඩු කිරීම පමණක් නොව, දූෂක අවශෝෂණය කර කුණාටු ජල අපවහනය අඩු කරයි. 

  

කුඩා උද්‍යාන සහ ප්‍රජා උද්‍යාන: අසල්වැසි ප්‍රදේශ තුළ කුඩා, ප්‍රවේශ විය හැකි හරිත අවකාශයන් නිර්මාණය කිරීම ප්‍රජා සහභාගීත්වය පෝෂණය කරන අතර දේශීය  ප්‍රතිලාභ ලබා දෙයි.  

 

ගංගාධාර ප්‍රතිසංස්කරණය: නාගරික ජල මාර්ග සහ තෙත්බිම් ප්‍රතිසංස්කරණය කිරීම ජෛව විවිධත්වය වැඩි දියුණු කරයි, ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි, සහ ස්වාභාවික ගංවතුර ආරක්ෂාවක් නිර්මාණය කරයි.


තිරසාර ප්‍රවාහනය:

ඇවිදීම, බයිසිකල් පැදීම සහ පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වය දීමෙන් පෞද්ගලික වාහන මත යැපීම අඩු වන අතර එමඟින් වායු දූෂණය අඩු වන අතර ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වේ.   

විදුලි වාහන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම සහ පොදු ප්‍රවාහනය සඳහා පිරිසිදු බලශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීම.  

 

ජල කළමනාකරණය:

පාරගම්‍ය පදික වේදිකා සහ වැසි ජලය රැස් කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීම කුණාටු ජල අපවහනය අඩු කරන අතර භූගත ජල සංචිත නැවත පුරවයි.

වැසි ජලය ස්වභාවිකව පෙරීම සහ කළමනාකරණය කිරීම සඳහා ජෛව වේල් සහ වැසි උද්‍යාන වැනි හරිත යටිතල පහසුකම් ඉදිකිරීම.   

ගොඩනැගිලි නිර්මාණය සහ බලශක්ති කාර්යක්ෂමතාව:

බලශක්ති කාර්යක්ෂමතාව, ස්වාභාවික වාතාශ්‍රය සහ තිරසාර ද්‍රව්‍ය භාවිතය ප්‍රමුඛත්වය දෙන හරිත ගොඩනැගිලි ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීම.

සූර්ය බලය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය දිරිමත් කිරීම.


ප්‍රජා සහභාගීත්වය සහ අධ්‍යාපනය:

හරිත මුලපිරීම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචිකරුවන් සම්බන්ධ කර ගැනීම හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර තිරසාර හැසිරීම් දිරිමත් කරයි.   

හරිත අවකාශයන්ගේ සහ තිරසාර ජීවිතයේ ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පාරිසරික භාරකාරත්වයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරයි.   


සෞඛ්‍යයට එහා ගිය ප්‍රතිලාභ:


හරිත නගර සැලසුම්කරණය මිනිස් සෞඛ්‍යයට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙයි.


පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව: හරිත යටිතල පහසුකම් මගින් ගංවතුර සහ තාප තරංග වැනි දේශගුණික විපර්යාස බලපෑම්වලට ඔරොත්තු දීමේ නගරයක හැකියාව වැඩි දියුණු කරයි.   

ආර්ථික සමෘද්ධිය: හරිත අවකාශයන් ආයෝජන ආකර්ෂණය කරයි, සංචාරක ව්‍යාපාරය නංවයි, සහ හරිත අංශයේ රැකියා උත්පාදනය කරයි.   


සමාජ සහජීවනය: බෙදාගත් හරිත අවකාශයන් ප්‍රජා අන්තර්ක්‍රියා පෝෂණය කරන අතර සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරයි.   


ජෛව විවිධත්ව සංරක්ෂණය: නාගරික හරිත අවකාශයන් වනජීවීන්ට වාසස්ථාන සපයන අතර ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වේ.  

🌊 The 2004 Indian Ocean Tsunami

The 2004 Indian Ocean Tsunami 🌊 The 2004 Indian Ocean Tsunami – A Global Tragedy and Catalyst for Change ...