Wednesday, January 8, 2025

ගර්භනී දියවැඩියාව🤰🏻🩸


 *ගර්භනී දියවැඩියාව🤰🏻🩸* 

කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය.


ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුලතාව හැඳින්විය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී  දියවැඩියාව  වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට  ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම  දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු  ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා.


⭕ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?


ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු  PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය  සාමාන්‍යය  වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී  නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකිවනු ඇත.


⭕ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී මෙන් ඇතිවන සංකූලතා


ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ  ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී  තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට  සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා.


⭕ගර්භනී සමයේ දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද?


ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි.


නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට  එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා.


⭕ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්


නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්   ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක්  අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට  අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.


⭕අමතර පරීක්ෂණ


ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා.


⭕දරු ප්‍රසූතිය සැලසුම් කිරීම


ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දියවැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇත.

Monday, January 6, 2025

දෙවන වර්ගයේ දියවැඩියාව.(Type 2 Diabetes* Type 2 diabete)


 *Type 2 Diabetes*

Type 2 diabetes is a chronic metabolic disorder that develops when the body becomes resistant to insulin or doesn’t produce enough to maintain normal blood sugar levels. Unlike type 1 diabetes, an autoimmune condition diagnosed early in life, type 2 diabetes develops gradually, often due to lifestyle factors like poor diet, physical inactivity, and obesity.


Symptoms of type 2 diabetes include increased thirst, frequent urination, fatigue, blurred vision, and slow-healing wounds. These symptoms often go unnoticed in the early stages, making early detection challenging. Certain groups are at higher risk, including those who are overweight, physically inactive, over 45 years old, or have a family history of diabetes. Other contributing factors include high blood pressure, high cholesterol, and conditions like polycystic ovary syndrome (PCOS).


If left unmanaged, type 2 diabetes can cause severe complications such as heart disease, kidney failure, nerve damage, and vision problems. High blood sugar also impairs wound healing and increases the risk of infections. These complications highlight the importance of early diagnosis and consistent management of the condition.


Prevention and management of type 2 diabetes are achievable with a healthy lifestyle. A balanced diet that includes whole grains, lean proteins, vegetables, and healthy fats is essential. Avoiding sugary beverages, processed foods, and refined carbohydrates can help maintain stable blood sugar levels. Regular physical activity and maintaining a healthy weight significantly reduce the risk of developing the condition.


Raising awareness about type 2 diabetes and making informed lifestyle choices can help prevent its onset and manage its effects. With proper care, individuals with type 2 diabetes can lead healthy, fulfilling lives while minimizing the risk of complications.

Friday, January 3, 2025

දියවැඩියා රෝගය හදුනා ගන්නා ආකාරය.


 දියවැඩියා රෝගය හදුනා ගන්නා ආකාරය.


සුවදායී දිවියක් සඳහා අවධානයෙන් සිටින්න! 


*අවදානමට පෙර අවධානය*


දියවැඩියා රෝගය ලෝකයේ වඩාත් බහුලව දක්නට ලැබෙන දීර්ඝකාලීන රෝගයන්ගෙන් එකක් වේ. ග්ලූකෝස් නමැති ශරීරය සඳහා වැදගත් ශක්ති මූලධර්මය නිසි මට්ටමෙන් පාලනය කර නොමැතිවීම දියවැඩියා රෝගය සඳහා මූලික හේතුවෙයි. මෙම රෝගය කායික හා මානසික සෞඛ්‍යයට පමණක් නොව ශරීරය විවිධ අවයව ක්‍රියාකාරීත්වයට ද විශාල බලපෑමක්  ඇති කරයි. එනිසාම දියවැඩියා රෝගිය නියමිත ආකාරයෙන් හඳුනා ගැනීමත් සීඝ්‍රයෙන් ප්‍රතිකාර ගන්නා පියවර මනාව ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත් වෙයි.

දියවැඩියා  රෝගය පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවකට එළඹීමට පෙර  අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යන දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුන හරහා රෝගය හඳුනාගැනීමට හැකියාව ඇත.   ඊට අමතරව තෙහට්ටුව, උදාසීන බව,බර වැඩිවීම හෝ අඩුවීම,හිසරදය, කරකැවිල්ල, සුව නොවන තුවාල තිබීම, සමෙහි ආසාද ඇතිවීම, දෘෂ්ටිය බොඳවීම, අත් හා පාද හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ද ඔබට දියවැඩියාව  වැළඳී ඇත්ද යන්න පිළිබඳ ඉඟි ලබාදේ.  මෙවන් රෝග ලක්ෂණ තිබෙන්නේ නම්  ඔබේ රුධිරගත දියවැඩියා මට්ටම පරීක්ෂා කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කර ගැනීම බෙහෙවින් වැදගත් වේ. 


දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා නව්‍ය වෛද්‍ය ක්‍රම රාශියක් පවතී. මෙහිදී වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් මත රුධිර ග්ලූකෝස් මට්ටම් මැනීම මූලික ක්‍රියාවලියක් ලෙස භාවිතා කරයි. පහත දැක්වෙන ක්‍රම ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලැබේ. 


1. ආහාර ගැනිමෙන් වැළකී කරන රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Fasting Blood Glucose Test)


මෙම පරීක්ෂාව ඉතාම සරලයි. රෝගියා අඩුම තරමේ පැය 8ක ආහාර නොගත් පසු රුධිර සාම්පලයක් ලබා ගෙන, ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරයි.


සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම: 70-99 mg/dL.

උසස් මට්ටම (Prediabetes): 100-125 mg/dL.

දියවැඩියාව සඳහා අවධාරණය: 126 mg/dL හෝ ඊට වැඩි වශයෙන් හඳුනාගත හැකි ය. 



2. ග්ලූකෝස් ඉදිරිපත් කිරීමේ පරීක්ෂාව (Oral Glucose Tolerance Test - OGTT)

මෙහිදී රෝගියාට ග්ලූකෝස් ද්‍රාවණයක් පාන කරවන අතර, පැය 2කින් පසු රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරයි

.

සාමාන්‍යය: 140 mg/dL අඩු.

උසස් මට්ටම (Prediabetes): 140-199 mg/dL.

දියවැඩියාව: 200 mg/dL හෝ ඊට වැඩි වශයෙන් වේ.



3. HbA1c පරීක්ෂාව (Glycated Hemoglobin Test)


මෙම පරීක්ෂාව මඟින් පසුගිය මාස 3-4 තුළ රුධිරයේ සීනි මට්ටමේ සාමාන්‍යය පරීක්ෂා කළ හැක.


සාමාන්‍යය: 5.7% හෝ අඩු.

උසස් මට්ටම (Prediabetes): 5.7%-6.4%.

දියවැඩියාව: 6.5% හෝ ඊට වැඩි.



4. අහඹු ලෙස කරන රුධිර ග්ලූකෝස් පරීක්ෂාව (Random Blood Glucose Test)


ඕනෑම වේලාවක රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමෙන් දියවැඩියා රෝගය සැක කළ හැක.


දියවැඩියාව සඳහා අවධාරණය: 200 mg/dL හෝ ඊට වැඩි.


මෙලෙස මෙම වෛද්‍ය පරීක්ෂණ මගින් රෝගය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. රෝගය හඳුනාගැනීමත් සමගම වෛද්‍ය ප්‍රතිකාර්‍ය සඳහා එළඹීම අත්‍යවශ්‍ය වන අතර, එය අතුරු ආබාධ හා ඇතැම් බරපතල රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට හේතු වනු ඇත.

දියවැඩියා රෝගයට හේතූ.


 දියවැඩියා රෝගයට හේතූ.


එදිනෙදා භාවිතයේදී කෙටියෙන් "දියවැඩියාව" ලෙසට හඳුන්වනු ලැබුවද  "මධු දියවැඩියාව", "මධු මේහය" යන නම් වලින්ද මෙම රෝගය හඳුන්වනු ලබයි. බෝ නොවන රෝග ගණයට අදාළ වන දියවැඩියාව ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලූකෝස්  මට්ටම ඉහළ යෑම මත ඇතිවන රෝගී තත්ත්වයක් ලෙසට හඳුන්වා දිය හැකිය. "අවදානමට පෙර සූදානම" ඉතා උචිත බැවින් දියවැඩියා රෝගයට පාදක වන හේතු පිළිබඳව දැනුවත් වී දියවැඩියා රෝගයට ගොදුරු වීමෙන් වැළකීම ඉතා බුද්ධිමත් පියවරකි.


දියවැඩියාව රෝගයට සෘජුවම හෝ වක්‍රව බලපාන හේතු ලෙසට පහත හේතු ගොනු කළ හැකිය.

1.*ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වය වෙනස්වීම*

පළමුවන වර්ගයේ දියවැඩියාවට හෙවත් යෞවන දියවැඩියාවට ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස බලපානු ලබයි. සිරුර තුළ ඉන්සියුලින් නමැති හෝර්මෝනය ප්‍රමාණවත් තරම් දේහයට නොලැබීම මෙයට ප්‍රධාන හේතුවයි. ඉන්සියුලින් හිඟතාවය එම හෝර්මෝනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැති වුවද ඇතිවිය හැකිය. 


2. *ජානමය සාධක*

දකුණු ආසියාතික කලාපයේ දියවැඩියා  රෝගයට ගොදුරු වීමට ජානමය සාධකවල බලපෑම හේතු වේ. මෙය වෙනස් කරලීමට නොහැකි තත්ත්වයක් වුවත් දෙවන වර්ගයේ දියවැඩියාවට හෙවත් වැඩිහිටි දියවැඩියාවට බලපාන හේතුවකි. මෙහිදී සිදුවනුයේ පරම්පරාගතව දියවැඩියාව උරුම වීමයි. උදාහරණයක් වශයෙන් පාරම්පරිකව දියවැඩියාව පැවතුණහොත් ඉදිරි පරම්පරාවට ද දියවැඩියාව සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ගැබ්ව පවතී. ඒ හේතුවෙන් ජානමය සාධක දියවැඩියාවට බලපාන වෙනස් කළ නොහැකි හේතුවකි. 


3. *ස්ථුලතාවය*

වර්තමානය වන විට නගරබද පමණක් නොව ගම්බද ප්‍රදේශවලද ස්ථුලතාවය ප්‍රධාන ගැටලුවක්ව ඇත. මෙමගින් ශරීරයේ මේද ප්‍රමාණය වැඩිවී ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩුවී දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. මෙය පාලනය කළ හැකි හේතුවකි. නිවැරදිව උස හා බර මැනීමෙන් BMI අගය මැන ගැනීමෙන් ස්ථුලතාවය සොයා ගැනීමට හැකියි. නියමිත BMI අගය 18.5-22.5 වන අතර BMI අගය 23-25  අධිබර ලෙසටත් BMI  අගය   25ට වැඩි වූ විට ස්ථුලතාවය ලෙසටත් දක්වයි. ස්ථුලතාවය පාලනය දියවැඩියාවෙන් වැළකී සිටීමට හේතුවකි. මේ අනුව ස්ථුලතාවය දියවැඩියාවට හේතුවන පාලනය කළ හැකි සාධකයකි.


4. *වැරදි ආහාර පුරුදු හා පැණිරස බීම භාවිතය*

තෙල් අධික ආහාර, සැකසූ ආහාර, පැණි රස බීම ආදිය නිතර නිතර ආහාරයට එකතු කර ගැනීම දියවැඩියාව සඳහා ප්‍රබලවම බලපායි. මෙයද දියවැඩියාව සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වන අතර පාලනය කළ හැකි සාධකයකි.


5. *හෘද රෝග කොලෙස්ටරෝල්, අධි රුධිර  පීඩනය ආදී බෝ නොවන රෝග*

ඉහත දක්වන ලද බෝ නොවන රෝග වලින් පීඩා විඳීමද දියවැඩියාවට බලපාන තවත් සාධකයකි.


6. *ව්‍යායාම නොලැබීම.*

ප්‍රමාණවත් පරිදි ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැතිකමද දියවැඩියාවට බලපාන සාධකයකි. දිනපතා ව්‍යායාම රටාවකට හුරුවීම තුළින් දියවැඩියාවට ගොදුරු නොවී සිටීමට හැක.


7. *මානසික ආතතිය*

රැකියා ස්ථානයේ ප්‍රශ්න, නිවසේ ප්‍රශ්න ආදී නොයෙකුත් හේතූන් මත  ඇතිවන මානසික ආතතිය දියවැඩියාවට බලපාන තවත් සාධකයකි. මානසික ආතතිය සමග හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්කම් දියවැඩියාව කෙරෙහි බලපායි. මෙයද පාලනය කළ හැකි දියවැඩියාවට බලපාන එක් සාධකයකි. නිතරම සතුටින් සිටීමට උත්සාහ කිරීම, භාවනා කිරීම, විනෝදාංශයකට හුරුවීම ආදිය මගින් මානසික ආතතිය පලවා හැරීමට හැකිය. ඒ ඔස්සේ වක්‍රාකාරව දියවැඩියාවට ගොදුරු නොවී සිටීමට හැකියි.


8. *ගර්භනී සමයේ ඇති වෙනස්කම්*

තුන්වන වර්ගයේ දියවැඩියාව හෙවත් ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාවට මෙය බලපාන හේතුවකි. ගර්භණී සමයේදී ශරීරයේ ඇතිවන විවිධ හෝර්මෝන වෙනස්කම් ආහාර රටාවේ ඇතිවන වෙනස්කම් ආදිය මෙම දියවැඩියාවට ප්‍රබලවම බලපායි.

ඉහත දක්වන ලද ප්‍රතිදේහවල ක්‍රියාකාරීත්වය වෙනස්වීම පළමු වර්ගයේ දියවැඩියාවටත්,ස්ථුලතාවය සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොමැතිකම දෙවන වර්ගයේ දියවැඩියාවටත්,ගර්භණී සමයේදී ඇතිවන වෙනස්කම් සමග රුධිර ගත සීනි මට්ටම් වැඩිවීම තුන්වන වර්ගයේ දියවැඩියාවටත් බලපාන හේතු සාධක ලෙස නැවත වර්ග කළ හැකිය. කෙසේ වුවද ඉහත සඳහන් කරන ලද හේතු සියල්ලම පොදුවේ දියවැඩියා රෝගයට බලපාන සාධක ලෙසට දැක්විය හැකිය. 


ඉහත දක්වන ලද හේතු  පාලනය කර ගැනීම හා එම වැරදි පුරුදු වලින් වැලකී ක්‍රියා කිරීමෙන් තවදුරටත් දියවැඩියාව නමැති රෝගයේ වහලෙකු ලෙස ක්‍රියා කිරීමට ඔබට අවකාශ නොමැති වනු ඇත.

දියවැඩියා රෝගයේ වර්තමාන ව්‍යාප්තිය


 දියවැඩියා රෝගයේ වර්තමාන ව්‍යාප්තිය 



දියවැඩියා රෝගය ගෝලීය සෞඛ්‍යය අභියෝගයක් වන අතර මෑත දශක කිහිපය තුළ එහි ව්‍යාප්තිය තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.දියවැඩියාව යනු අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ ශරීරයට නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කිරීමට නොහැකි වූ විට ඇතිවන නිදන්ගත රෝගයකි.ඉන්සියුලින් යනු රුධිර ග්ලූකෝස් නියාමනය කරන හෝමෝනයකි.ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට (IDF) අනුව, 2023 වන විට, ලොව පුරා වැඩිහිටියන් මිලියන 537ක් පමණ දියවැඩියාවෙන් පෙළෙයි.වර්තමාන ප්‍රවණතා දිගටම පැවතුණහොත් 2045 වන විට මෙම සංඛ්‍යාව මිලියන 783ක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.IDF Diabetes Atlas (2021) වාර්තා කරන්නේ වැඩිහිටි ජනගහනයෙන් (අවුරුදු 20-79) 10.5%කට දියවැඩියාව ඇති බවත්, ඔවුන් එම තත්ත්වය සමඟ ජීවත් වන බව අඩකට ආසන්න ප්‍රමාණයක් නොදන්නා බවත්ය.

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන පරිදි,2022 දී, වයස අවුරුදු 18 සහ ඊට වැඩි වැඩිහිටියන්ගෙන් 14% ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, 1990 දී එය 7% සිට වැඩි විය. වයස අවුරුදු 30 සහ ඊට වැඩි දියවැඩියා රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් අඩකට වඩා (59%) ඔවුන්ගේ දියවැඩියා රෝගයට බෙහෙත් නොගනී.2021 දී, දියවැඩියාව මිලියන 1.6 ක මරණ සඳහා සෘජු හේතුව වූ අතර දියවැඩියාව හේතුවෙන් සිදුවන සියලුම මරණවලින් 47% ක් වයස අවුරුදු 70 ට පෙර සිදු විය. තවත් වකුගඩු රෝග මරණ 530 000ක් දියවැඩියාව හේතුවෙන් සිදු වූ අතර අධි රුධිර ග්ලූකෝස් හෘද වාහිනී මරණ වලින් 11% ක් පමණ ඇති කරයි.

දියවැඩියාව සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට බලපාන නමුත් එය විශේෂයෙන් මැදිවියේ සහ වැඩිහිටි ජනගහනය අතර බහුලව දක්නට ලැබේ.දුර්වල ආහාර, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සහ තරබාරුකම වැනි ජීවන රටා සාධක සමඟ බොහෝ විට සම්බන්ධ වන දෙවන වර්ගයේ දියවැඩියාව, සියලුම දියවැඩියා රෝගීන්ගෙන් 90% ක් පමණ වේ.දියවැඩියාවේ ගෝලීය ව්‍යාප්තිය වැඩිහිටියන්ට පමණක් සීමා නොවේ.පළමු වර්ගයේ දියවැඩියා රෝගය එතරම්ම සුලභ නොවූවද එය ළමයින්ට සහ තරුණ වැඩිහිටියන්ට බලපාන අතර,ලෝකයේ බොහෝ ප්‍රදේශවල එහි ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතී.දියවැඩියා ව්‍යාප්තිය ඉහළ යාම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වඩාත් කැපී පෙනෙන අතර,වේගවත් නාගරීකරණය සහ වෙනස් වන ආහාර රටාවන් එයට දායක වේ.

දියවැඩියා වසංගතය මැඩපැවැත්වීමේ උත්සාහයන් අතරට මහජන සෞඛ්‍යය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම,දැරිය හැකි සෞඛ්‍යය සේවාවක් සඳහා ප්‍රවේශය වැඩි කිරීම,සෞඛ්‍යය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් දිරිමත් කිරීම ඇතුළත් වේ.දියවැඩියාව කල්තියා හඳුනා ගැනීම සහ වඩා හොඳින් කළමනාකරණය කිරීම සංකූලතා වැළැක්වීම සහ ගෝලීය සෞඛ්‍යය පද්ධති මත සමස්ත බර අඩු කිරීම සඳහා ඉතා වැදගත් වේ.

Wednesday, January 1, 2025

නිධානයට කසළ

නිධානයට කසළ


වර්තමාන ලෝකයේ තිරසාරත්වයේ වැදගත්කම පිළිබඳව ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් හරිත අනාගතයක් නිර්මාණය වන ආකාරය පිළිබඳව අපූරුවට පහදා දෙයි. පරිසරයට උපකාර කිරීම සඳහා අපට කළ හැකි වැදගත්ම දෙය නම් අපගේ සම්පත් පරිභෝජනය අඩු කිරීමයි. ප්‍රතිචක්‍රීකරණය සහ උපචක්‍රීකරණය වැනි ක්‍රම කිහිපයකින් සිදුකළ හැක. 


ප්‍රතිචක්‍රීකරණය යනු කසළ නව නිෂ්පාදන සහ ද්‍රව්‍ය බවට පත් කිරීමේ ක්‍රියාවලියයි. මෙමඟින් ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමටත්, ගොඩකිරීම් වලට  එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමටත් හැකි වේ. උපචක්‍රීකරණය යනු භාවිතා කරන ලද හෝ අතහැර දැමූ නිෂ්පාදන හෝ සම්පත් මුල්පිටපතට වඩා උසස් තත්ත්වයේ හෝ වටිනාකමකින් යුත් නිෂ්පාදනයක් උත්පාදනය කිරීම සඳහා නැවත සකස් කිරීමේ ක්‍රියාවලියයි. සිත් ඇද ගන්නා සුළු හා සුවිශේෂී භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අමතරව,මඟින් ගොඩකිරීම් වලට එකතුවන කසල ප්‍රමාණය අඩු කළ හැකියි. 

ද්‍රව්‍ය විවිධ ආකාරවලින් ප්‍රතිචක්‍රීකරණය කර උපචක්‍රීකරණය කළ හැක.  නිදසුනක් වශයෙන්, ඔබට පැරණි ටයර් වලින් මල් පෝච්චි හෝ පැරැණි ප්ලාස්ටික් බෝතල් වලින් කුරුලු පෝෂක සෑදිය හැකියි. අමතරව, ඔබට ඉවතලන ඇඳුම්වලින් නව ඇඳ ඇතිරිලි හෝ බෑග් සෑදිය හැකියි. 


මුදල් ඉතිරිකිරීමේ හැකියාව ප්‍රතිචක්‍රීකරණයේ සහ උපචක්‍රයකරණයේ එක් වාසියකි. නිදසුනක් වශයෙන්, ඔබට පැරණි එකක් නැවත භාවිතා කළ හැකි නම්, ඔබට නව ගෘහභාණ්ඩ කැබැල්ලක් සඳහා මුදල් ඉතිරි කරගත හැකිය. ප්‍රතිශක්‍රීකරණය සහ උපචක්‍රීකරණය මගින් ඔබේ කාබන් බලපෑම අඩු කරගත හැක.ප්‍රතිචක්‍රයකරණය කිරීමෙන් නව භාණ්ඩ සෑදීමට අවශ්‍ය ශක්තිය අඩු කිරීමට ඔබට දායක විය හැක. 


ප්‍රතිචක්‍රීකරණය සහ උපචක්‍රීකරණය ද ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කළ හැකියි.ද්‍රව්‍ය  ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී සහ උපචක්‍රීකරණය කිරීමේදී අන් අය විසින් ඉවත දමන ලද සම්පත් ඔබ නිතර භාවිත කරයි පරිසරයට සහ ඔබේ ප්‍රජාවට අයත් වීමේ හැඟීමක් ඇති කළ හැකියි.


 ප්‍රතිචක්‍රයකරණය සහ උපචක්‍රීකරණය ඔබේ පාරිසරික බලපෑම අඩු කිරීමට සහ වඩාත් තිරසර අනාගතයක් ගොඩනැගීමට විශිෂ්ට ක්‍රමවේ.එම නිසා ඊළඟ වතාවේ ඔබ භාවිතා කරන්නේ කෙසේදැයි නොදන්නා ඒවා ඇති විට ඔබේ පැරැණි ද්‍රව්‍ය ප්‍රතිශක්‍රීකරණය කිරීම හෝ උපචක්‍රීකරණය කිරීම ගැන සිතන්න. ඔබට නිපදවිය හැකි දේ ඔබව මවිතයට පත් කළ හැකියි.

Tuesday, December 31, 2024

සතුට , සෞභාග්‍ය, දියුණු ව පිරි ....* *සුභම සුභ නව වසරක් වේවා ........


 *...සතුට , සෞභාග්‍ය, දියුණු ව පිරි ....* 

     *සුභම සුභ නව වසරක් වේවා  ........* 


2025 ජනවාරි 01 වන අද දින නව වසරක ආරම්භය ලෙස සැලකෙයි. මෙම දිනය, ලෝකය පුරා විවිධ ජනතාව විසින් නවමු අරමුණු සහ ඉලක්ක සකස් කිරීමේ දිනයක් ලෙස සමරයි. නව වසරක් ආරම්භ කිරීමේදී, අපගේ ජීවිතයේ නව  මාර්ග සොයා ගැනීම, අභියෝග සහ සාර්ථකත්වයන් ගැන සිතීම, සහ යහපත් සිතිවිලි ඇති කර ගැනීම ට අප අධිෂ්ඨානය කර ගනිමු. 


2025 ජනවාරි 01 , අපට පසුගිය වසරේ සිදුවීම් පිළිබඳව සිතා බලන්නට හා අලුත් අවස්ථා සොයා ගැනීමට අවස්ථාවක් සලසයි. පසුගිය වසරේදී, අපිට අභියෝගයන්, සාර්ථකත්වයන්, සහ අලුත් පණිවිඩයන් මගින් අලුත් ම දේ ඉගෙන ගන්නට ලැබුනි. එමගින්, අපට අලුත් ඉලක්ක සකස් කර ගැනීමට සහ ඒවාට ළඟා වීමට හා අභියෝගයන් ගැන වඩාත් නිවැරදි වශයෙන් සිතන අවස්ථාවක් ලැබී ඇත.


2025 වසරේදී සමාජීය සම්බන්ධතා, සහ සෞඛ්‍යය පිළිබඳව යහපත් ගතිපැවතුම්  සකස් කිරීමේ අවස්තාව ඇත . වර්තමාන ලෝකයේ, තාක්ෂණය, ආර්ථිකය, සහ සමාජීය සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි සිදුවීම් ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. එම නිසා, අපට අලුත් යෝජනා, නව ආරම්භයන්, සහ යහපත් අරමුණු සකස් කර ගැනීමේදී නිවැරදි සැලැස්මක් සහිතව ඉදිරියට යාමට අවශ්‍ය වේ.


අලුත් වසරේ ආරම්භය, අපගේ ජීවිතය තුළ යහපත් වෙනස්කම් හා කාර්ය සාධන වැඩි දියුණු කිරීමට අපට මාර්ගයක් සලසයි. සෞඛ්‍යය, ආර්ථිකය, සහ සමාජීය සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි අපගේ කාර්යයන් ධාරිතාවෙන් ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍ය වේ. එම නිසා, අපගේ ජීවිතයේ වටිනාකම වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම, නව සොයාගැනීම් සොයා යාම, සහ යහපත් ප්‍රජාවක් නිර්මාණය කිරීමට අපගේ අවධානය යොමු කළ යුතුය.


2025 ජනවාරි 01, අපට අලුත් ආරම්භයක් ලබා දෙන දිනයක් ලෙස සැලකෙයි. අලුත් වසරේදී, අපගේ අරමුණු සකස් කිරීම, ඊට සම්බන්ධව සැලැස්මක් සකස් කිරීම, සහ සාමාජිකයින් හා හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එමඟින්, අපට ලෝකයෙහි වෙනස්කම් සහ නව සාර්ථකත්වයන් ලබා ගැනීමේ අවස්ථාවන් ලැබෙනු ඇත.


අවසන් වශයෙන්, 2025 ජනවාරි 01, අපගේ ජීවිතයේ නව පියවරක් ලෙස සැලකිය යුතුය. අනාගතය, අපගේ කටයුතු, සහ අපගේ ජීවිතය අපගේ අරමුණු හා ක්‍රියාන්විතයන් මත වේ. එය අපට අවස්ථාවන්, අභියෝග, සහ සාර්ථකත්වයන්ට මුහුණ දීමට සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමට මාර්ගයක් ලබා දෙයි. 2025 වසර, අපගේ ජීවිතයේ සාර්ථකත්වයන් හා සතුටින් පිරුණු වසරක් වේවා යැයි ලියෝ අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරමු !!

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...