Wednesday, March 26, 2025

විස නසන අගනා ඔසුව සප්සඳ

 විස නසන අගනා ඔසුව සප්සඳ


සප්සද , සස්සද / Aristolochia indica / Sapsadha ආදී නම් වලින්ද මෙය හැදින්වේ.


ඉංග්‍රීසි  භාෂාවෙන් Indian Birthwort හා සංස්කෘතයෙන් ඊෂ්වරී [ Eishwarie] යන නමින් හැදින්වෙන සිප්සඳ ශාකයට  සර්ප විකර්ෂනීය හැකියාවක් ඇතැයි පැවසේ. වසරකට වරක් මල් හටගන්නා අතර දුර්ගන්ධයකින් යුතුය. වියලි කලාපීය හා මධ්‍ය ප්‍රදේශවල ඇති කැලෑවලදී විශේෂයෙන්ම දැකිය හැකි අතර අතීතයේදී ඉතා සුලභව දක්නට ලැබුනද දැනට තරමක් විරල ගණයේ වැලකි. ලංකාව , ඉන්දියාව හා බංග්ලාදේශය  ආදී රටවල ව්‍යංප්තිය  දැකිය හැකිවෙයි. දේශීය ශාකයක් සේ සප්සඳ ලතාව ඒ අනුව හදුන්වනු ලැබෙයි .


සප්සඳ වැලේ ස්වරූපය නම් ඉතා දිග සිහින් කඳකින් යුතු බහු වාර්ෂික වල්ලිමය පැළෑටියකි. එනම් ගස්වල එතෙමින් වැඩෙන වැලකි. පත්‍ර සරලයි . ඒකාන්තරයි. පත්‍ර ප්‍රමාණයෙන් විවිධත්වයක් දරයි. පලල් පත්‍ර 10 cmක් පමණ දිගින්ද 7.5 cmක් පමණ පළලින්ද යුතු වන අතර සිහින් පත්‍ර 3 - 10 cm  ක් පමණ දිගින්ද 1.3 - 2.5 cm ක් පමණ පළලින්ද යුතුය. පත්‍ර හැඩයෙන් රේඛීය අණ්ඩාකාර හැඩය දක්වා වෙනස් විය හැකිය. පත්‍ර දාරය සම්පුර්ණ වන අතර කෙලවර උල්වී පිහිටයි . පත්‍ර මතුපිට තද කොළ පැහැතිය වන අතර  යටිපැත්ත ලා කොළ පැහැති. මෙහි හටගනු ලබන මල් කුඩාවන අතර කොල පැහැයට හුරු සුදුපාටය. ඒවා කක්ෂීය අතුවල පිහිටා ඇත.මල් පෙති දම් පැහැ වන අතර හොරණෑකාරව තාරාවෙකුගේ හැඩයට සමවෙයි. මෙහි අණ්ඩාකාර ගෙඩි හටගන්නා අතර ඒවා සෙ.මී. 2 - 4 පමණ දිගින් යුතු කපාට 5 කින් යුතු ස්පොටිකාවකි. යට සිට උඩට පැලෙන ගෙඩියක් තුල පියාපත් සහිත බීජ රාශියක් පිහිටන අතර බීජ පැතලි බැවින් යුතුය. මෙම ලතාවේ මල් හටගනු ලබනුයේ සැප්තැම්බර් , ජනවාරි කාලා සීමාවේදීය. මෙම උද්භිද ගණයටම අයත් Aristolochia bracteolata යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් දේශීය සස්සඳ විශේෂයක් ඇති අතර වෙදකමට සම්බන්ධ මූලාශ්‍ර වල එය "කීටමාරී" යනුවෙන් හඳුන්වා ඇත. සාපේක්ෂව තරමක් විශාල පත්‍ර සහිත එය, වැලක් ලෙස බිම දිගේ වර්ධනය වෙයි. සස්සඳ සොයා ගැනීමට නොමැති විට ඒ වෙනුවට ඖෂධ සඳහා මෙම කීටමාරී ශාකය භාවිතා කිරීමට සුදුසු බව පොතපතෙහි දක්වා ඇත. සස්සඳ විශේෂ Aristolochiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන්ය.


සර්ප විෂ, වණ නිසා හටගත් ඉදිමුම්, සන්ධිවාත, ආමවාත, කුසගිනි මදිකම, උදර වේදනා,කෘමි රෝග, විසූචිකා, ළදරු දන්ත රෝග, ළදරු ප්‍රතිශ්‍යාව සහ කැස්ස, වේදනාකාරී දරු ප්රසූති, සූතිකා උණ ඇතුළු උණ රෝග, හෘද දුර්වලත්වය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිස්සු බලු විෂ, මී විෂ, මුත්‍ර අඩස්සිය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරිමට සස්සඳ ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. සස්සඳ රුධිරය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, ඉදිමුම් නසන, ගර්භාෂය සංකොචනය කරන, මුත්‍රකාරක, ස්වේදජනක, විශබීජ නාශක ආදී ගුණයන් සහිතයි.


 උණ, ආමවාත, සන්ධි ඉදිමීම ආදියට සස්සඳ මුල් චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. 

 සුදු කබර රෝගයට මුල් චූර්ණය මී පැණියෙන් අඹරා ආලේප කරයි. 

ළදරු මලබද්ධයට කොළ අඹරා යටි බඩේ ගෑ යුතුය. 

වේදනාකාරී දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය හැකිලවීම සඳහා තිප්පි සමඟ යොදා ප්රතිකාර කරයි. 

සර්ප, ගෝනුසු මී ආදී විෂ සඳහා මෙම මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂින් පොවනු ලැබේ.

 මෙම මුල් කැබැල්ලක් ලඟ තබාගෙන සිටීමෙන් වසංගත රෝග අවස්ථාවන් හිදී බෝවන රෝග වැලඳීමෙන් වැලකී සිටීමට හැකි බවත්, සර්පයින් අසලට ඒමෙන් වැලකෙන බවත් සඳහන්ව ඇත.


මෙම ශාකයෙහි ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංඝටකයක් ලෙස පවතින අරිස්ටෝලෝචික් අම්ලය (Aristolochic acid) අධිමාත්‍රව  වකුගඩු ආශ්‍රතව අහිතකර ලෙස ක්‍රියාකරන බව අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත. පසුගිය කාලයේ ඇතමුන් එම කරුණ හුවා දක්වමින් ලංකාවේ රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍ය  වීමේ රෝගයට දේශීය වෛද්‍ය  ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සස්සඳ හේතුවන බව කියමින් කෘෂි රසායන සමාගම් ගලවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙනු දක්නට ලැබුනි. කෙසේ වෙතත් එම රෝගය සඳහා සස්සඳ ශාකය වගකිවයුත්තෙක් නොවන බව පසුව හෙලි විය. විෂ සහිත ශාක හඳුනාගෙන ඒවා ඖෂධ සඳහා භාවිතා කරන විට සම්මත ක්‍රමයන්ට අනුව විෂ මරා හෝ වෙනත් ඖෂධ සමඟ සංයෝග කර විෂ ස්වභාවය දුර්වල කිරීමට දේශීය වෛද්‍යවරු පුරාණයේ සිටම දැන සිට ඇත. දේශීය ශාකයක් වන සස්සඳ බොහො කලක සිට මෙරට වෛද්යවරු ඖෂධ සඳහා භාවිතා කර ඇති අතර රජරට වකුගඩු රෝගය කෘෂි රසායන භාවිතය ඉහලට යෑමට සමාන්තරව දශක දෙකකට ආසන්න කාලයක සිට මෙරට ව්‍යප්ත වන්නකි.


දේශීය සමනල් විශේෂ ( Crimson rose ,  Common rose , Sri Lanka birdwing butterflies ) කිහිපයක යැපුම් ශාකයක්ද වන අලංකාර මලක් හට ගන්නා හෙයින් විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධීය සස්සඳ වැලක් ගෙමිදුලෙහි වවා ගැනීම අතිශයින්ම වැදගත් වෙයි.

Natural Foods and Nutrition: Agricultural Methods and Health Development.

 Natural Foods and Nutrition: Agricultural Methods and Health Development.


A Return to Nature


In a fast-paced world where processed foods dominate supermarket aisles, a quiet revolution is taking place—a return to natural foods. More people are seeking fresh, chemical-free produce, whole grains, and naturally grown ingredients, not just for their taste but for their immense health benefits. But what makes natural foods superior? The answer lies not only in their nutritional richness but also in the way they are cultivated.


The way we grow food matters. Imagine a farm where fruits ripen under the sun without being sprayed with artificial chemicals, where the soil is alive with nutrients, and where nature’s rhythms are respected rather than disrupted. This is the essence of sustainable agriculture, an approach that ensures food remains wholesome and nourishing.


The Magic of Sustainable Farming


Sustainable agriculture is more than a farming method—it’s a philosophy that works with nature rather than against it. Unlike industrial farming, which depletes the soil and relies heavily on chemical fertilizers, sustainable methods preserve the land for future generations.


One of the most well-known approaches is organic farming, where artificial pesticides and fertilizers are replaced with natural alternatives like compost and crop rotation. This ensures that food retains its nutritional integrity while protecting the environment. Similarly, agroforestry integrates trees with crops, enriching the soil and creating a more resilient ecosystem. Hydroponics, a modern innovation, allows vegetables and herbs to grow without soil, producing fresh, pesticide-free food even in urban settings.


Each of these methods plays a crucial role in ensuring that natural foods are not only healthier but also more sustainable. They offer an alternative to mass-produced, nutrient-depleted food, giving consumers the chance to choose nourishment over convenience.


The Power of Pure, Natural Foods


Natural foods are more than just fuel for the body—they are a source of vitality. Unlike processed foods, which lose much of their nutritional value during refining, whole and unprocessed foods retain essential vitamins, minerals, and antioxidants.


A single serving of fresh spinach, for example, is loaded with iron and vitamin C, nutrients that boost energy and immune function. Whole grains like quinoa and brown rice provide fiber that aids digestion and keeps blood sugar levels stable. Nuts and seeds deliver healthy fats that support brain function and heart health.


Beyond physical health, natural foods also influence mental well-being. Diets rich in whole foods have been linked to lower rates of depression and anxiety. Omega-3 fatty acids, found in foods like salmon and flaxseeds, play a crucial role in brain function, while dark leafy greens provide folate, a key nutrient for mood regulation.


A Shield Against Modern Health Issues


The rise of chronic diseases such as obesity, diabetes, and heart disease is closely tied to modern diets high in processed foods, refined sugars, and artificial additives. Natural foods, on the other hand, offer protection against these health risks.


Fruits and vegetables are rich in antioxidants, compounds that combat inflammation and slow down aging. Whole foods help regulate cholesterol levels, reduce the risk of high blood pressure, and promote overall cardiovascular health. The Mediterranean diet—famous for its emphasis on olive oil, fresh produce, whole grains, and lean proteins—has long been associated with longer life expectancy and lower rates of heart disease.


Even traditional diets from different cultures emphasize natural, unprocessed foods. In Japan, people from Okinawa are known for their longevity, thanks to a diet centered around sweet potatoes, seaweed, and green tea. Similarly, in parts of Africa where people rely on whole grains, legumes, and fresh vegetables, the prevalence of diet-related illnesses is significantly lower.


The Future of Food: Making the Right Choice


As awareness about food and health grows, the demand for natural and sustainably grown foods is on the rise. Farmers’ markets are becoming more popular, urban gardens are thriving, and people are paying closer attention to food labels. Choosing natural foods isn’t just a personal decision—it’s a step towards a healthier society and a healthier planet.


Opting for natural foods means supporting farming practices that nurture the land instead of depleting it. It means reducing exposure to harmful chemicals and prioritizing long-term health over short-term convenience. Whether it’s swapping processed snacks for fresh fruit, replacing white bread with whole grains, or choosing organic vegetables over conventionally grown ones, every small change makes a difference.

මිලෙන් අදික බිං කොහොඹ

 *මිලෙන් අදික බිං කොහොඹ


බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ඝන ව කිරුලක් මෙන් ඇසිරී ඇත. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා විවිධ හැඩයන් ගනී. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිතසුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. ඒ ඒ ප්‍රභේදවල මල් ද තරමක විවිධත්වයකින් ගනී. ස්ඵෝටිකාවක් වන ඵලය පිපිරී යෑමෙන් විසිරෙන බීජ මඟින් ශාකයෙහි ව්‍යාප්තිය සිදු වේ.  ‌බිංකොහොඹ වානිජව වගා කීරීමෙන් ඉහල ආර්ථික ප්‍රතිලාභ ලබ ගත හැකිය. වඳවී යාමේ තර්ජනයටද ලක්ව ඇති වටිනා දේශීය ඖෂධ පැළෑටියක් වන බිං කොහොඹ ශාකය

Meliaceae උද්භිද කුලයට අයත් ය.


බිංකොහොඹ දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. ඉන්දීය වෛද්‍ය නිගණ්ඩුවල දේශීය බිංකොහොඹ ශාකය 

ගැන සඳහනක් නොමැත. අතීතයේ සිටම 'භූනිබ්බ' ලෙස සඳහන්ව ඇති විට දේශීය වෛද්‍යවරු බිංකොහොඹ ශාකය ඖෂධ සඳහා භාවිතයට ගෙන ඇත. බිංකොහොඹ නාමය සහිත නම් තවත් දේශීය ශාකයක් හමුවන අතර එය "හං බිංකොහොඹ" (Andrographis paniculata) නම් වේ. දේශීයව එයට 'වල් බිංකොහොඹ' සහ ඇතැම් විට 'කිරාතයන' නම ද භාවිතා කරයි. සංස්කෘතෙන් 'භූනිම්බ, කාලමෙඝ' ආදී නම් වලින් හඳුන්වන එම ශාකය දේශීයව සහ විදේශීයව  ‌බෙහෙවින් ඖෂධ සඳහා භාවිතා කරන්නකි. දේශීය වෛද්‍යවරු බිංකොහොඹ  ‌වෙනුවට මෙම බිංකොහොඹ ශාකය ද භාවිතයට ගනී. මෙම ශාක විශේෂ 2 හා බැඳෙන තවත් පැළෑටියක් ඇති අතර එය 'කිරාත හෝ කිරාතතික්ත' යනුවෙන් හඳුන්වයි. Swertia chirata නම් උද්භිද නාමය සහිත එය මෙරටදී හමු නොවන ඉන්දියාවේදී පවා දුර්ලභව හමුවන්නකි. මෙම උද්භිද ගණයට අයත් Swertia zeylanica නම් හොර්ටන් තැන්න වැනි පතන් ආශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. කිරාතතික්ත වෙනුවට ඉන්දීය  ‌වෛද්‍යවරු හං බිංකොහොඹ භාවිතා කරතත් එය නිවැරදි නොවන බවත් කාලමේඝ ලෙස සඳහන්ව ඇති විට කිරාතතික්තම භාවිතා කළ යුතු බවටත් ඇතැම් ඉන්දීය වෙදැදුරන් අතර මතයක් පවතී.


බිංකොහොඹ ආයුර්වේදයේ සඳහන් කිරාතතික්ත තරමටම හෝ ඊටත් වැඩි තරමින් උණ නසන, රුධිරය පිරිසිදු කරන, තික්තබලකාරක ගුණයෙන් යුක්ත බව සඳහන්. දේශීය වෙදකමේදී උණ, අතීසාරය, අජීර්ණය, කුසගිනි මදිකම, මලබද්ධ, වාතරක්ත, කුෂ්ඨ, වණ,  ‌වේදනා, ඉදිමුම්, රක්ත අර්ශස්, චර්ම රෝග, එක්සිමා හෙවත් කඩුවේගන්, ඇඳුම, කැස්ස, රුධිර සංසරණ පද්ධතියේ රෝග, වමනය ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බිංකොහොඹ සම්පූර්ණ ශාකයම භාවිතකරයි. බිංකොහොඹ කුසගිනි වඩවන, මුත්‍ර කාරක, වණ  ‌ශෝධනය කරන,ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි.


හික්කාවට (ඉක්කාවට) බිංකොහොඹ සහ කොත්තමල්ලි ග්රෑම් 15 පමණ ගෙන තලා වතුර පත 2 ක් දමා, පත භාගයට සිඳුවා මී පැණි ප්‍රක්ෂේප කොට බීමට දිය යුතුය. වියළි බිංකොහොඹ චූර්ණය ග්රෑම් 6 ක් මී පැණි සමඟ ලේහ කිරීමෙන් වමනය සුවවේ. උණට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ප්‍රකට ඔෂධයක් වන සුදර්ශන චුර්ණයේ වැඩි වශයෙන් ඇත්තේ බිංකොහොඹ ය. වඳවෙමින් පවතින වටිනා දේශීය ඖෂධ පැලෑටියක් වන බිංකොහොඹ ශාකයක් බඳුනක හෝ වවා ගැනීමට උනන්දු වීම දේශීය වෙදකමට හිතැති කාගේත් යුතුකමකි.

මතක ශක්තිය වැඩි කරන ලුණුවිල ශාකයේ ගුණ

 මතක ශක්තිය වැඩි කරන ලුණුවිල ශාකයේ ගුණ



ඖෂධීය ශාක අතරින් ලුණුවිල ශාකයට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි.මෙය ලංකාවට ආවේණික වූ ඖෂධීය ගුණාංග රාශියකින් සපිරි ශාකයකි.මෙම ශාකය තෙතමනය සහිත ස්ථානවල වැවෙන පැළෑටියකි.ඒ තුළ තිබෙන වටිනාකම නිසාම බ්‍රහ්මී,සරස්වතී,දිව්‍ය,තේජා ආදී නම් වලින් හඳුන්වනු ලබයි.වර්තමානය වන විට මෙම ශාකය විසිතුරු ශාකයක් ලෙසටද භාවිතා කරයි.


ලුණුවිල ශාකයේ ප්‍රධානම ඖෂධීය ගුණාංගය වනුයේ මනසේ ක්‍රියාකාරීත්වය දියුණු කිරීමයි.එනම් මොළයේ පටක වර්ධනය කරයි.ඒ යටතේ පහත අංශ වල වර්ධනය මෙම ශාකය නිසා සිදු වේ.

    🛑 මතක ශක්තිය වැඩි වීම

    🛑 මනසේ ඒකාග්‍රතාවය ඇති කිරීම

    🛑 මානසික ආබාධ නැති කිරීම

    🛑 බුද්ධිය වර්ධනය කිරීම

    🛑 හිසෙහි වේදනා නැති කිරීම

  

 මේ ආකාරයට ඉගෙනීමට උපකාරී වන්නා වූ අති විශේෂ ශාකයක් ලෙස මෙම ශාකය පෙන්වා දිය හැකිය.කුඩා දරුවන්ට මෙම ශාකයේ යුෂ බිංදු කිහිපයක් පානය කිරීමට ලබා දීම තුලින් කුඩා අවදියේ සිටම මොළයේ ක්‍රියාකාරීත්වය පහසු කිරීමට දායක වේ.


මතක ශක්තිය වැඩි කිරීමට අමතරව ලුණුවිල ශාකයේ තවත් බොහෝ ඖෂධීය ගුණාංග මෙසේ හඳුනාගත හැකිය.

    ⭕හිස කෙස් වර්ධනයට

    ⭕සෙම් රෝග හා වාත රෝග වලට

    ⭕මලබද්ධය වළක්වා ගැනීමට

    ⭕චර්ම රෝග වලින් ආරක්ෂා වීමට

    ⭕ ශරීරයේ කැසීම් වලට

    ⭕ සම පැහැපත් කිරීම

    ⭕ආහාර රුචිය වැඩි කිරීම

 

මේ ආකාරයේ ඖෂධීය ගුණාංග රාශියක් මෙම වටිනා ශාකය සතුව පවතී.


ලුණුවිල ශාකය ශාවිතයට ගත හැකි ආකාර කිහිපයක් පවතී.

    ⭕කැඳ ලෙස 

    ⭕සුප් ලෙස

    ⭕ව්‍යංජනයක් ලෙස

    ⭕තෙම්පරාදුවක් ලෙස

    ⭕කොළ මැල්ලුමක් ලෙස

    ⭕තැම්බුමක් ලෙස

    ⭕සම්බෝලයක් ලෙස


මේ අන්දමට අති විශේෂ ශාකයක් වන මෙය අතීතයේ පටන්ම සෑම නිවසකම පාහේ දක්නට ලැබුන ශාකයකි.මෙවන් ඖෂධීය ගුණ සහිත ශාකයන් ආරක්ෂා කරගැනීම අප සැමගේම වගකීමකි.


Leo Rehana

කටුපිල ශාකයේ විෂබීජ නාශක ගුණ සහ එහි වැදගත්කම

 කටුපිල ශාකයේ විෂබීජ නාශක ගුණ සහ එහි වැදගත්කම



කටුපිල (Cleome viscosa) යනු ශ්‍රී ලංකාවේත් සමස්ත දකුණු ආසියාවේත් සුලභව දැකිය හැකි ඖෂධීය ශාකයකි. මෙය විශේෂයෙන් විෂබීජ නාශක ගුණයෙන් පිරිපුන් ඖෂධීය ශාකයක් ලෙස ප්‍රකටය. දේශීය වෛද්‍ය ක්‍රමයන්හි මෙම ශාකය බෙහෙවින් භාවිතා කරන අතර, එහි ඇති ප්‍රතිජීවක සහ විෂබීජ නාශක ගුණය නිසා විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගැනේ.


කටුපිල ශාකයේ විශේෂත්වය


කටුපිල ශාකයේ සියලුම කොටස් - මුල්, කඳ, කොළ, මල් සහ ඇට - ඖෂධමය වටිනාකමකින් යුක්ත වේ. මෙම ශාකය ඇඟිලි අතර තබා මිරිකූ විට ඉතා ආවේණික සුවඳක් නිකුත් කරයි. ශාකයේ දිගු, සිහින් පත්‍ර සහ කුඩා කහ පැහැති මල් දරයි. කටුපිල සාමාන්‍යයෙන් මීටර් 1 ක් පමණ උසට වැඩෙන අතර, වියළි ප්‍රදේශවල පවා ජීවත්වීමේ හැකියාව ඇත.


 විෂබීජ නාශක ගුණ


කටුපිල ශාකයේ ප්‍රධාන විශේෂත්වය වන්නේ එහි විෂබීජ නාශක ගුණයයි:


1. ප්‍රතිජීවක ගුණය : කටුපිල ශාකයේ ඇති ෆ්ලැවනොයිඩ්, ඇල්කලොයිඩ සහ ටැනින් වැනි රසායනික සංයෝග විවිධ බැක්ටීරියා සහ දිලීර විනාශ කිරීමේ හැකියාව දරයි.


2. සම රෝග සඳහා ප්‍රතිකාර : සමේ ආසාදන, කසීම, ලාදුරු වැනි රෝග සඳහා කටුපිල ශාක යුෂ භාවිතා කෙරේ.


3. දිගු කල් පවතින තුවාල සුව කිරීම : ස්වාභාවිකව සුව නොවන දිගු කාලීන තුවාල සඳහා කටුපිල පත්‍ර කුඩු කර ආලේප ලෙස යොදා ගනී.


4. ආමාශයික ආරක්ෂාව : ආහාර විෂවීම් සහ ආමාශයික ආසාදන මර්දනය කිරීමට කටුපිල ශාක යුෂ හෝ කෂායක් භාවිතා කරයි.


දේශීය වෛද්‍ය ක්‍රමයේ කටුපිල භාවිතය


ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයන්හි කටුපිල පහත රෝග තත්ත්ව සඳහා භාවිතා කරයි:


- උණ රෝග සහ ශරීර වේදනා සමනය කිරීමට

- දිලීර ආසාදන ප්‍රතිකාර කිරීමට

- පරපෝෂිත ක්‍රිමි ආසාදන පාලනයට

- ආමාශයික ආබාධ සඳහා

- හෘද රෝග සඳහා ඖෂධයක් ලෙස


කටුපිල නිවසේදී භාවිතා කරන ආකාරය


1. කසාය : කටුපිල කොළ හා මුල් තම්බා කසායක් ලෙස පානය කිරීම

2. ලේප : කොළ තලා ලේපයක් සාදා සමේ ආසාදන සඳහා ගැල්වීම

3. තෙල් : කටුපිල ශාකය තෙල් සමඟ තම්බා ගැනීමෙන් කටුපිල තෙල් සාදාගත හැකිය


නූතන පර්යේෂණ සහ කටුපිල


වර්තමාන විද්‍යාත්මක පර්යේෂණ මගින් කටුපිල ශාකයේ ඇති විෂබීජ නාශක ගුණ තහවුරු කර ඇති අතර, එහි ඇති පහත සංඝටක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි:


- ෆ්ලැවනොයිඩ

- ඇල්කලොයිඩ

- ටැනින්

- ටර්පිනොයිඩ

- සැපොනින්


මෙම සංඝටක බැක්ටීරියා, දිලීර සහ වෛරස් වර්ග කිහිපයකට එරෙහිව ක්‍රියා කරන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.


කටුපිල ශාකය අපගේ දේශීය ඖෂධ ගබඩාවේ අගනා සම්පතකි. එහි විෂබීජ නාශක ගුණය පමණක් නොව, ප්‍රදාහ නාශක, උණ නාශක සහ වේදනා නාශක ගුණයන්ද දරයි. ජීවන රටාව සමඟ බැඳුණු රෝග බහුල වී ඇති වර්තමාන සමාජයේ, මෙවැනි ස්වාභාවික ඖෂධ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ. අප අවට පරිසරයේ බහුලව හමුවන මෙම අගනා ශාකය හඳුනාගැනීම සහ එහි ගුණාංග ප්‍රයෝජනයට ගැනීම තුළින් අප සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇත.

හරිත තාක්ෂණය සහ නවෝත්පාදනය ඔස්සේ ජීවන ගැටලු සඳහා සෞඛ්‍ය සම්පන්න විසඳුම්

 හරිත තාක්ෂණය සහ නවෝත්පාදනය ඔස්සේ ජීවන ගැටලු සඳහා සෞඛ්‍ය සම්පන්න විසඳුම්


වර්තමාන ලෝකයේ අප මුහුණ දෙන බොහෝ ජීවන ගැටලු සඳහා පරිසර හිතකාමී තාක්ෂණික විසඳුම් සොයා යාම අත්‍යවශ්‍ය වී තිබේ. හරිත තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් සැබෑ වශයෙන්ම මිනිස් ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නැංවිය හැකි අතර, පරිසරයටද හානි නොවන ආකාරයෙන් අපගේ ප්‍රශ්න විසඳා ගත හැකිය.


ජල අර්බුදය සදහා හරිත විසඳුම්


     ශ්‍රී ලංකාව වැනි රටවල ජල සම්පත් කළමනාකරණය බරපතල අභියෝගයකි. නවීන හරිත තාක්ෂණය භාවිතයෙන් වැසි ජලය එකතු කිරීමේ පද්ධති, ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණය සහ ජල සංරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දී තිබේ. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පෙරන, පරිසර හිතකාමී ෆිල්ටර් තාක්ෂණය සහ ස්මාර්ට් ජල මනු මගින් ජල පරිභෝජනය අඩු කර ගැනීමේ හැකියාව ලැබී තිබේ.


උදාහරණයක් ලෙස, "වෝටර්හාවස්ට්" වැනි නවෝත්පාදන මගින් වාෂ්ප වන ජලය වායුගෝලයෙන් ග්‍රහණය කරගෙන පානීය ජලය බවට පත් කිරීමේ හැකියාව ලැබී තිබේ. මෙවැනි තාක්ෂණයන් ග්‍රාමීය ප්‍රදේශවල ජල හිඟය අවම කිරීමට උපකාරී වේ.


ආහාර නිෂ්පාදනය සහ සුරක්ෂිතතාවය


හරිත කෘෂිකර්මාන්තය හරහා ස්මාර්ට් ගොවිපොළවල් (Smart Farming) සංකල්පය වැඩි දියුණු වී තිබේ. සෙන්සර තාක්ෂණය, ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය, සහ කෘතිම බුද්ධිය යොදා ගනිමින් පොහොර භාවිතය අඩු කර, ජල සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම මගින් තිරසාර ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට හැකි වී තිබේ.


සිරස් ගොවිතැන් (Vertical Farming) මගින් සීමිත ඉඩකඩක වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී තිබේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමට මෙය විශාල පිටුවහලක් වේ. හයිඩ්‍රොපොනික්ස් සහ ඇරොපොනික්ස් වැනි තාක්ෂණයන් භාවිතයෙන් පස් රහිතව පවා වගා කිරීමට හැකියාව ලැබී තිබේ.


බලශක්ති අර්බුදයට විසඳුම්


පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වඩාත් කාර්යක්ෂම කිරීමේ තාක්ෂණයන් දියුණු වී තිබේ. සූර්ය පැනල මත යෙදෙන නැනෝ තාක්ෂණික ආලේපන මගින් ඒවායේ කාර්යක්ෂමතාව 25%ක්  දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබේ. ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණය මගින් විදුලිබල පරිහරණය කළමනාකරණය කිරීමට සහ විදුලිය අපතේ යාම අවම කිරීමට හැකියාව ලැබී තිබේ.


ගෘහස්ත බලශක්ති කළමනාකරණ පද්ධතීන් හරහා, නිවසේ උපකරණවල බලශක්ති පරිභෝජනය අඩු කරමින් විදුලි බිල් පාලනය කිරීමට පරිශීලකයින්ට හැකි වී තිබේ. බලශක්ති කාර්යක්ෂම උපකරණ සහ LED ලාම්පු භාවිතයෙන් බලශක්ති පරිභෝජනය 60% පමණ අඩු කර ගත හැකිය.


පරිසර දූෂණය සහ කසළ කළමනාකරණය


ප්ලාස්ටික් අපද්‍රව්‍ය සියයට 100% ජෛව විනාශීය ද්‍රව්‍ය බවට පත් කිරීමේ තාක්ෂණයන් දියුණු වෙමින් පවතී. ඒ අතරම, කසළ වර්ගීකරණය සඳහා AI තාක්ෂණය යොදා ගන්නා රොබෝ යන්ත්‍ර හඳුන්වා දී තිබේ. මෙම නවෝත්පාදන මගින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින් පරිසර දූෂණය අවම කිරීමට දායක වේ.


වායු දූෂණය අවම කිරීම සඳහා "ස්මෝග් ටවර්" වැනි නවෝත්පාදන හඳුන්වා දී තිබේ. මෙම ටැවර මගින් පැයකට අපිරිසිදු වාතය කියුබික් මීටර් 30,000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පය හරහා ගොඩනැගිලි මත බෝග වගා කිරීම මගින් නගරවල උෂ්ණත්වය අඩු කිරීමටත්, වායු තත්ත්වය වැඩි දියුණු කිරීමටත් හැකියාව ලැබී තිබේ.


 නිගමනය


හරිත තාක්ෂණය සහ නවෝත්පාදන මගින් ජීවන ගැටලු සඳහා විසඳුම් සෙවීම අද දිනට වඩාත් වැදගත් වේ. දෙස් විදෙස් යන දෙඅතම ඒ සඳහා වූ තාක්ෂණික සංවර්ධනයන් වේගයෙන් සිදු වෙමින් පවතී. මෙම හරිත තාක්ෂණයන් භාවිතය පුද්ගලික, සාමූහික සහ රාජ්‍ය මට්ටමින් දිරිගැන්විය යුතු අතර, එමගින් අනාගත පරපුරට වඩාත් යහපත් ලෝකයක් උරුම කර දීමේ හැකියාව අප සතු වනු ඇත.

Tuesday, March 25, 2025

ඇල්ෆා කාන්තාවන්

 ඇල්ෆා කාන්තාවන්


ඇල්ෆා කාන්තාවන් යනු විශ්වාසයෙන් යුතුව තම ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට උත්සාහ කරන කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.ඇය නිර්වචනය කරනු ලබන්නේ ආක්‍රමණශීලීත්වය හෝ උඩඟුකම නිසා නොව කරුණාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව මෙහෙයවීමට ඇති හැකියාව මඟිනි.


ඇල්ෆා කාන්තාවන්ගේ ලක්ෂණ


1.ස්වභාවිකවම නායිකාවක් ලෙස හඳුනා ගත හැකි අතර තීරණ ගැනීමේ හැකියාව ඉතා ප්‍රබල වන අතර ආරක්ෂාකාරී වේ.ආත්ම විශ්වාසය ඉහළය.


2.අභිලාෂකාමී සහ ඉලක්ක සහගත වන අතර අධිෂ්ඨානශීලීව අවධානයෙන් යුතුව තම අරමුණු වෙත ගමන් කිරීම සිදු කරයි.


3.දැඩි අදහස් වලින් යුතු වන අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව සහ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පවතී.


4.පහසුවෙන් බියට පත් නොවන අතර අන් අය විසින් තමන්ව පාලනය කිරීම ප්‍රතික්ෂේප කරනු ලබයි.


5.චිත්තවේගීමය වශයෙන් බුද්ධිමත් වන අතර වෙනත් පුද්ගලයන්ගේ හැඟීම් තේරුම් ගන්නා කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.


6.අභියෝග වලදී පසුබට නොවන අතර ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් පවතී.


7.සහයෝගී ස්වභාවයෙන් යුක්ත වන අතර එනම් අනෙකුත් කාන්තාවන් තරගකරුවන් ලෙස නොදකින අතර සගයන් ලෙස දකිමින් ඔවුන් සමඟ කටයුතු කරනු ලබයි.


8.ඵලදායී සන්නිවේදන හැකියාවෙන් යුතු අතර අනෙකුත් පුද්ගලයන්ට අදහස් පැහැදිලිව ග්‍රහණය කරදීමේ හැකියාවක් පවතී.


මේ අනුව ඇල්ෆා කාන්තාවන්  යනු බුද්ධිමත් ,විශ්වාසවන්ත,ඉලක්කසහගත,අභිලාෂකාමී ශක්තිමත් තීරණ ගන්නා, ස්ථිර සහ ස්වාධීන කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.එමෙන්ම කාන්තාවක් යටත් හෝ ස්වාධීන විය යුතුය යන යල්පැනගිය අදහස මෙන් නොව , ඇල්ෆා ස්ත්‍රිය ඒකාකෘති වලට අභියෝග කරන කාන්තාවක් සහ හඳුනාගත හැකිය.

විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග

 විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා යනු බොහෝ දුරට තම පවුලෙන් දුරස්වී තම අධ්‍යාපන කටයුතු වල නියැළීමට සිදු ව...