Tuesday, March 25, 2025

ඇල්ෆා කාන්තාවන්

 ඇල්ෆා කාන්තාවන්


ඇල්ෆා කාන්තාවන් යනු විශ්වාසයෙන් යුතුව තම ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට උත්සාහ කරන කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.ඇය නිර්වචනය කරනු ලබන්නේ ආක්‍රමණශීලීත්වය හෝ උඩඟුකම නිසා නොව කරුණාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව මෙහෙයවීමට ඇති හැකියාව මඟිනි.


ඇල්ෆා කාන්තාවන්ගේ ලක්ෂණ


1.ස්වභාවිකවම නායිකාවක් ලෙස හඳුනා ගත හැකි අතර තීරණ ගැනීමේ හැකියාව ඉතා ප්‍රබල වන අතර ආරක්ෂාකාරී වේ.ආත්ම විශ්වාසය ඉහළය.


2.අභිලාෂකාමී සහ ඉලක්ක සහගත වන අතර අධිෂ්ඨානශීලීව අවධානයෙන් යුතුව තම අරමුණු වෙත ගමන් කිරීම සිදු කරයි.


3.දැඩි අදහස් වලින් යුතු වන අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව සහ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පවතී.


4.පහසුවෙන් බියට පත් නොවන අතර අන් අය විසින් තමන්ව පාලනය කිරීම ප්‍රතික්ෂේප කරනු ලබයි.


5.චිත්තවේගීමය වශයෙන් බුද්ධිමත් වන අතර වෙනත් පුද්ගලයන්ගේ හැඟීම් තේරුම් ගන්නා කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.


6.අභියෝග වලදී පසුබට නොවන අතර ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් පවතී.


7.සහයෝගී ස්වභාවයෙන් යුක්ත වන අතර එනම් අනෙකුත් කාන්තාවන් තරගකරුවන් ලෙස නොදකින අතර සගයන් ලෙස දකිමින් ඔවුන් සමඟ කටයුතු කරනු ලබයි.


8.ඵලදායී සන්නිවේදන හැකියාවෙන් යුතු අතර අනෙකුත් පුද්ගලයන්ට අදහස් පැහැදිලිව ග්‍රහණය කරදීමේ හැකියාවක් පවතී.


මේ අනුව ඇල්ෆා කාන්තාවන්  යනු බුද්ධිමත් ,විශ්වාසවන්ත,ඉලක්කසහගත,අභිලාෂකාමී ශක්තිමත් තීරණ ගන්නා, ස්ථිර සහ ස්වාධීන කාන්තාවක් ලෙස හඳුනාගත හැකිය.එමෙන්ම කාන්තාවක් යටත් හෝ ස්වාධීන විය යුතුය යන යල්පැනගිය අදහස මෙන් නොව , ඇල්ෆා ස්ත්‍රිය ඒකාකෘති වලට අභියෝග කරන කාන්තාවක් සහ හඳුනාගත හැකිය.

Bak Full Moon Poya Day 2026

Bak Full Moon Poya Day 2026 – A Sacred Day of Peace, Wisdom & Reflection ☸ ✦ ✦ ✦...