Wednesday, March 26, 2025

මතක ශක්තිය වැඩි කරන ලුණුවිල ශාකයේ ගුණ

 මතක ශක්තිය වැඩි කරන ලුණුවිල ශාකයේ ගුණ



ඖෂධීය ශාක අතරින් ලුණුවිල ශාකයට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි.මෙය ලංකාවට ආවේණික වූ ඖෂධීය ගුණාංග රාශියකින් සපිරි ශාකයකි.මෙම ශාකය තෙතමනය සහිත ස්ථානවල වැවෙන පැළෑටියකි.ඒ තුළ තිබෙන වටිනාකම නිසාම බ්‍රහ්මී,සරස්වතී,දිව්‍ය,තේජා ආදී නම් වලින් හඳුන්වනු ලබයි.වර්තමානය වන විට මෙම ශාකය විසිතුරු ශාකයක් ලෙසටද භාවිතා කරයි.


ලුණුවිල ශාකයේ ප්‍රධානම ඖෂධීය ගුණාංගය වනුයේ මනසේ ක්‍රියාකාරීත්වය දියුණු කිරීමයි.එනම් මොළයේ පටක වර්ධනය කරයි.ඒ යටතේ පහත අංශ වල වර්ධනය මෙම ශාකය නිසා සිදු වේ.

    🛑 මතක ශක්තිය වැඩි වීම

    🛑 මනසේ ඒකාග්‍රතාවය ඇති කිරීම

    🛑 මානසික ආබාධ නැති කිරීම

    🛑 බුද්ධිය වර්ධනය කිරීම

    🛑 හිසෙහි වේදනා නැති කිරීම

  

 මේ ආකාරයට ඉගෙනීමට උපකාරී වන්නා වූ අති විශේෂ ශාකයක් ලෙස මෙම ශාකය පෙන්වා දිය හැකිය.කුඩා දරුවන්ට මෙම ශාකයේ යුෂ බිංදු කිහිපයක් පානය කිරීමට ලබා දීම තුලින් කුඩා අවදියේ සිටම මොළයේ ක්‍රියාකාරීත්වය පහසු කිරීමට දායක වේ.


මතක ශක්තිය වැඩි කිරීමට අමතරව ලුණුවිල ශාකයේ තවත් බොහෝ ඖෂධීය ගුණාංග මෙසේ හඳුනාගත හැකිය.

    ⭕හිස කෙස් වර්ධනයට

    ⭕සෙම් රෝග හා වාත රෝග වලට

    ⭕මලබද්ධය වළක්වා ගැනීමට

    ⭕චර්ම රෝග වලින් ආරක්ෂා වීමට

    ⭕ ශරීරයේ කැසීම් වලට

    ⭕ සම පැහැපත් කිරීම

    ⭕ආහාර රුචිය වැඩි කිරීම

 

මේ ආකාරයේ ඖෂධීය ගුණාංග රාශියක් මෙම වටිනා ශාකය සතුව පවතී.


ලුණුවිල ශාකය ශාවිතයට ගත හැකි ආකාර කිහිපයක් පවතී.

    ⭕කැඳ ලෙස 

    ⭕සුප් ලෙස

    ⭕ව්‍යංජනයක් ලෙස

    ⭕තෙම්පරාදුවක් ලෙස

    ⭕කොළ මැල්ලුමක් ලෙස

    ⭕තැම්බුමක් ලෙස

    ⭕සම්බෝලයක් ලෙස


මේ අන්දමට අති විශේෂ ශාකයක් වන මෙය අතීතයේ පටන්ම සෑම නිවසකම පාහේ දක්නට ලැබුන ශාකයකි.මෙවන් ඖෂධීය ගුණ සහිත ශාකයන් ආරක්ෂා කරගැනීම අප සැමගේම වගකීමකි.


Leo Rehana

🌍 World Elephant Day

World Elephant Day 🌍 World Elephant Day Celebrating the Gentle Giants of Our Planet — August 12th Every yea...