Thursday, July 10, 2025

ලෝක ජනගහන දිනය





ජුලි 11 එනම් අද දිනය ලෝක ජනගහන දිනය ලෙස හැඳින්වේ.මෙය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 1989 සිට  නම් කරන ලදී.1987 ජූලි 11 දින ලෝකයේ ජනගහනය බිලියන 5 කට ළඟා වීම මෙම දිනය නම් කිරීම කෙරෙහි බලපා ඇත.


මෙම දිනය පිහිටුවීම කෙරෙහි බලපෑ අරමුණු ලෙස,ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වීම පිළිබඳ දැනුවත් කිරීම,ආරෝග්‍ය, අධ්‍යාපනය, පවුල් සැලසුම් කිරීම සහ ලිංගික  අයිතිවාසිකම් ගැන සාකච්ඡාවට හේතුවීම,සංවර්ධනය හා සම්පත් බෙදාහැරීමේ අසමතුලිතතාව පිළිබඳ අවධානය යොමු කිරීම දැක්විය හැක.


මේ වනවිට,ලෝකයේ ජනගහනය බිලියන  8.1 ට අධික වන අතර මෙම ජන සංඛ්‍යාව පෘථිවි තලයේ ඉතා කුඩා ප්‍රදේශයක ව්‍යාප්තව ඇත.ඒ අනුව ලෝක ජනගහනයෙන් 80% ක් පමණ ජීවත් වන්නේ ලෝක මුළු බිම් ප්‍රමාණයෙන් 20% වඩා අඩු ප්‍රදේශයක ය.ජනගහනය බහුල ව වර්ධනය වන්නේ  ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව වැනි කලාපවලයි. ජාත්‍යන්තර සංවර්ධන කටයුතු, සම්පත් බෙදාහැරීම, පරිසරය හා පාරිසරික තීරණ සඳහා ජනගහනය විශාල බලපෑමක් කරයි.


වර්තමානයෙහි සමස්ත ලෝකය තුළ ජනගහනය සම්බන්ධ වූ විවිධ ගැටලු පවතී.ඒවා නම්, සම්පත් හිඟය (ආහාර, වතුර, ඉඩම්),පරිසර විනාශය ඉහළ යාම.(වනාන්තර නාශය, දූෂණය),දරිද්‍රතාවය ඉහළ යාම හා සම්පත් අසමාන ලෙස ව්‍යාප්ත වීම,අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් හිඟය,පවුල් සැලසුම් කිරීමේ අභියෝග ඇති වීම ආදියයි.


මෙවර (2025) ලෝක ජනගහන දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ,

"Investing in Youth for a Sustainable Future" එනම්,"තිරසාර අනාගතයක් සඳහා තරුණයින් සඳහා ආයෝජනය කිරීම"යන්නයි.මෙම තේමාව සෘජුව යොමු වන්නේ අප වන් වූ තරුණ ප්‍රජාවටයි.අපගේ වගකීම විය යුත්තේ,

වගකීම්සහගත ලෙස කටයුතු කරමින් ලෝකයට වැඩදායී පුරවැසියන් බවට පත්වීම,තිරසාර සංවර්ධන ඉලක්ක සමග යමින් කටයුතු කිරීම හා පරිසරය ආරක්ෂා කිරීම,පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය ,සියලුම ජනවර්ගවලට, සියලුම ආගම්වලට හා සියලු ම ජාතීන් කෙරෙහි සම සිත් තබා කටයුතු කිරීම හා තරුණයන්ට හා කාන්තා අයිතිවාසිකම් සුරැකි සමාජයක් ගොඩනැගීම යන්නයි.



Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...