Friday, August 11, 2023

International Youth Day

 


International Youth Day

       International Youth Day is celebrated on August 12 in every year. This year's theme is *Green Skills for Youth Towards a sustainable World.*". In 1998, the World Youth Ministerial Conference held in Lisbon, Portugal recommended that August 12 be named World Youth Day. In 1999, August 12 was named World Youth Day and adopted as National Youth Day. Since the year 2000, all the member countries of the United Nations have been celebrating the International Youth Day by organizing various programs with the participation of the youth community.

Unfortunately, many young people around the world today are struggling and have limited access to essential resources that could pave the way for a better future. Accordingly, a day has been set aside for the youth with the aim of bringing youth issues to the attention of the international community and celebrating the potential of the youth as members of today's global society.

 Also, on the occasion of International Youth Day, many government officials, local as well as national, non-governmental organizations, youth administration etc. are organizing events to celebrate this day. Workshops, meetings, concerts, cultural events etc. are happening all over the world focusing on youth empowerment. So fulfill your responsibility as a youth on International Youth Day for the youth who will win the world tomorrowSewwand

Tharushika Sewwandi

Faculty of Arts

University of Colombo


ජාත්‍යන්තර තරුණ දිනය

 



තිරසර ලෝකයක් කරා යෞවනයන් සදහා හරිත කුසලතා.

 

ලෝකය නගාසිටුවීමේ හා සංවර්ධනය කිරීමෙහිලා තරුණයන්ගේ භූමිකාව සිහිපත් කරනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කරන ලද්දේ 1999.12.17 වන දින . සෑම වසරකම අගෝස්තු මස 12 වන දින ජාත්‍යන්තර තරුණ දිනය  විවිධ තේමා ඔස්සේ ලොව පුරා සමරනු ලබයි. මෙවර ජාත්‍යන්තර තරුණ දින තේමාව වනුයේ "brain skills for youth: towards for sustainable world"( තිරසාර ලෝකයක් කරා යාමට යෞවනයන් සඳහා හරිත  කුසලතා) යන්නයි.

 

හරිත කුසලතා යනු ජීවත්වීමට අවශ්‍ය දැනුම හැකියාව වටිනාකම් සහ ආකල්ප සංවර්ධනය සහ සමාජ සම්පත් කාර්යක්ෂමව හා තිරසාර භාවිතයට සහය වීමයි. නූතන ලෝකයේ හරිත සංක්‍රාන්තියට අවතීර්ණ වෙමින් සිටින අවධියක තරුණයන්ගේ අසීමිත ශක්තිය, අදහස් හා දායකත්වය මනුෂ්‍යත්වය රඳා පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Gutteres පවසනුයේ සඳහා අද සහ සෑම දිනකම සාධාරණ හා තිරසාර ලෝකයක් හැඩගැස්වීම සදහා තරුණ තරුණියන්ට සහය දිය යුතු බවයි. මන්ද හරිත ලෝකයක් කරා සාර්ථක සංක්‍රමණයේ ජයග්‍රහණයක් ලඟාකරගැනීමට නම් තරුණයින්ගේ හරිත කුසලතා වර්ධනය ඔප් නැංවිය යුතු බැවිනි. සමීක්ෂණ මගින් හෙළි වන අන්දමට වර්තමානයේ ලෝකයෙන් හරි අඩක් අවුරුදු 30 හෝ ඊට අඩු අය වන අතර 2030 වන විට එය 57% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් ලෝකයේ ඉදිරි ගමන ඵලදායි කර ගැනීම සඳහා තරුණයන් කේන්ද්‍ර කරගත් මෙවන් ක්‍රියාපටිපාටීන් සැබැවින්ම ඵලදායී වේ.

 

Leo Tharushika Hansamali

Second year

Faculty of Arts



W3 Article 05

 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 5

 

 

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නොහොත් විද්‍යුත් අපද්‍රව්‍ය ලොව පුරා වේගයෙන් වර්ධනය වන අපද්‍රව්‍ය ධාරාවන්ගෙන් එකක් බව ඔබ දන්නවාද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ( UNEP) ගණන් බලා ඇති ආකාරයට වාර්ෂිකව විදුලි උපකරණ මිලියන 50ක් ලෝකයේ විද්‍යුත් අපද්‍රව්‍ය බවට පත්වේ. වේගවත් සමාජ ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව මෙම ප්‍රවණතාවේ ප්‍රධාන ධාවකයන්වේ. මෙම ප්‍රමාණයෙන් 32% නිෂ්පාදනය කරනු ලබන්නේ විශාලතම ආර්ථිකයක් ඇති රටවල් වන එක්සත් ජනපදය සහ චීනය විසිනි.

 

 

මොනවද මේ විද්‍යුත් අපද්‍රව්‍ය? විද්‍යුත් අපද්‍රව්‍ය හෝ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු ඉවත ලන ,විසිරුවා හරින ලද, විනාශ කරන ලද හෝ බැහැර කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග වේ. ඔබ මේ ලිපිය කියවන ජංගම දුරකථනය හෝ පරිගණකය, එහි චාජරයේ සිට කෙතරම් ඉලෙක්ට්‍රොණික උපාංගයන් අපි භාවිතා කරනවා ද? මොකද එතකොට කරන්නේ.. කැඩෙන කැඩෙන ප්‍රමාණයට තව තවත් අලුතින් භාණ්ඩ මිලට ගැනීමට හා භාවිතා කිරීමට සිදුවෙනවා.. එතකොට පරණ ඒවට මොනවද කරන්නේ…සරලව සහ බහුලව සිදුවන දේ තමයි කුණුගොඩට ඒවා විසි කරලා දාන එක. සමහර විට ඒවා ගිනි තියෙනවා.

 

 

මේ භාණ්ඩවල අනතුරුදායක තත්ත්වය මොකක්ද එතකොට,,  මේ භාණ්ඩ සකසලා තියෙන්නේ විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා. සාමාන්‍යයෙන් ලෝහ වර්ග, බැර ලෝහ වර්ග ,ක්ෂාර ලෝහ වර්ග, විෂ සහිත හයිඩ්‍රොකාබන(ප්ලාස්ටික්) වගේ විවිධාකාරයේ අමුද්‍රව්‍ය වලින්. මේ සමහර රසායනික කුඩා ප්‍රමාණයකින් හෝ පරිසරයකට එකතු වීම ඉතාම අනතුරුදායක වන්නට පුළුවන්. වාතය, ජලය, පස දූෂණය වීම හරහා ශාක, සතුන්, මිනිසා කියන හැම ජීවියෙකුටම හානිදායක වෙන්නට පුළුවන්.

 

 

ඔබම සිතා බලන්න ඔබ කෙතරම් ඉලෙක්ට්‍රොනික කසළ ප්‍රමාණයක් වසරකට, අනාරක්ෂිත ආකාරයට පරිසරයට මුදා හරිනවාද කියල. එය ඉතා විශාල මෙන්ම ගණනය කළ නොහැකි  හානියක් බව ඔබට පෙනෙනවා ඇති.

 

අපගේ මීළග ලිපිය හරහා වසරක් පාසා ගොඩගැසෙන ඉ-අපද්‍රවය නිසි පරිදි බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Idunil Bhagya

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


W3 Article 04


 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 4

 

ආහාර කල් තබා ගන්නා ඉපරැණි ක්‍රම

 

අප පරිභෝජනයට ගන්නා සෑම ආහාරයක් ම නරක් වීමට භාජනය වන අතර ආහාරයක් නරක් වීමට ජීව විද්‍යාත්මක මෙන් ම රසායනික සහ ⁣භෞතික හේතු වැනි හේතූන් ගණනාවක් ම බලාපනු ලබයි. මෙලෙස පරිභෝජනය කරනු ලබන ආහාර නරක් වීම වළක්වා ගැනීමට විව්ධ ක්‍රම භාවිත කරයි. මෙලෙස විවිධ වූ ක්‍රම උපයෝගි කර ගනිමින් ආහාර නරක් නොවී කල්තබා ගැනීමට  අපේ පැරැන්නන් කාලයේ සිට ම කටයුතු කර තිබේ.

 

මෙලෙස පරිරක්ෂණ ක්‍රම සරල සහ නවීන තාක්ෂණික ආදී වශයෙන් හැදින්විය හැකි අතර තක්ෂණික ක්‍රම වෙනුවට සරල පරිරක්ෂණ ක්‍රම විශාල වශයෙන් ගෘහණියන් අතීතයේ සිට ම උපයෝගි කර ගෙන තිබේ. ඒ අනුව කොස්, දෙල් වැනි ආහාර වැඩි වශයෙන් ඵලදාව දරන කාලවල ඒවා වියළා අටු කොස්, දෙල් වියළීම ආදි වශයෙන් නවීන ආහාර වර්ග සෑදීම අතීතයේ පටන් පැවති කල්තබා ගන්නා ක්‍රමයකි. එසේ ම ඇතැම් කාලවල දෙහි ඵලදාව අතිරික්ත වූ විට ලුණු දෙහි දැමීම අතිරික්ත දෙහි ප්‍රමාණයෙන් සිදු කරයි. මෙය අතීතයේ භාවිතා කරන ලද ඉතාමත් ජනප්‍රිය පරිරක්ෂණ ක්‍රමයකි.

 

මීට අමතර ව අලවලින් දෝසි සෑදීම ද අතීතයේ දී භාවිත කරන ලද්දකි. මෙය විශේෂයෙන් ම ස්වයං රැකියාවල නිරතවන්නන් බහුල ව භාවිත කරන්නකි. ඒ හා සමාන ව චට්නි සෑදිම, සෝස් සෑදීම ද ඉපැරණි සමයේ සිට අද වන තෙක් භාවිත කරන ලද පරිරක්ෂණ ක්‍රමයකි. මෙය ද ස්වයං රැකියාවල නිරතවන කාන්තාවන්, පිරිමින් විසින් සිදුකරනු ලද කටයුත්තකි. මෙලෙස ආහාර කල්තබා ගැනීම සදහා උපයෝගි කරගන්නා පරිරක්ෂණ ක්‍රම නිසා ම ඇතැමුන්ට ඒ හරහා අමතර ආදායමක් ඉපයීමට ද හැකියාව ලැබේ. එය මෙම පරිරක්ෂණ ක්‍රම මගින් සැලසෙන තවත් වාසියකි.

 

එසේ ම මුහුදු බඩ ප්‍රදේශවල මෙන් ම අනෙකුත් ප්‍රදේශවල ද භාවිතා කරන තවත් ඉපරැණි ආහාර කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස ඇඹුල් තියල් නම් කළ හැකිය. මාළු ඇඹුල් තියල් යනු නම් ඇසු පමණින් කටට කෙළ උනන ප්‍රණීත වූ ආහාරයකි. ඇඹුල් තියල් සෑදීම තුළින්ද මාළු නරක් නොවී කල් තබා ගත හැකිය.

 

ඉහත සදහන් කළ සෑම ආහාරයකින් ම වනුයේ ආහාර නරක් වීමට බලපාන හේතු පාලනය කිරිමක් වන අතර ඒ හරහා ආහාරවල සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අක්‍රිය වීමක් ද ආහාරයේ අඩංගු එන්සයීන විනාශ විමක් ද සිදු වී ආහාර දිගු කලක් නරක් නොවී කල්තබා ගත හැකි තත්ත්වයට පත් වේ.

 

විශේෂයෙන් ම අතීතයේ පුද්ගලයින් ආහාර නරක් වීම පාලනය කිරිම උදෙසා පමණක් නොවන අතර අතිරික්ත ආහාර කල්තබා ගැනීමට ද මෙලෙස මෙම පරිරක්ෂණ ක්‍රම උපයෝගි කරගෙන තිබේ. අද වනවිට එම ඉපරණි කල්තබා ගන්නා ක්‍රම හරහා අමතර ආදායමක් ලබන තත්ත්වයට පවා ඇතැම් පුද්ගලයින් පත් ව තිබීම රටේ ආර්ථිකයට සේ ම තමන්ට ද සැලසෙන වාසියකි. එනම් අද පටන් ඔබත් ආහාර ඉවත නොදමා කල්තබා ගැනීමට උචිත ක්‍රම උපයෝගි කරගනිමින් ඒ හරහා රටට සේ ම තමන්ට ද වැදගත් වූ යමක් සිදුකිරිමට අදිටන් කරගත යුතු ය.

 

අපගේ මීළග ලිපිය හරහා E-Waste” යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By,

Leo Pavani Kasuntha

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


W3 Article 03


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 3

 

ආහාර සහ ජලය මිනිසාගේ යහ පැවැත්මට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවියට අත්‍යවශ්‍යම සාධක දෙකකි. ඒවා ක්‍රමවත්ව හා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව අප දැනුවත් වූවද, අප ඒවා සැබවින්ම ක්‍රියාත්මක කරනවාද?

 

කෑම මේසයකදී ආහාර බෙදා ගත් පසු, “මට තව කන්න බෑ, මේක රහ නෑ, මට ඇති ලෙස සිතා හෝ පවසා කෙතරම් ආහාර ප්‍රමාණයක්  විසිකර ඇත් ද?

 

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ 2021 ආහාර අපද්‍රව්‍ය දර්ශකයට අනුව, ලෝකයේ සෑම වසරකම ආහාර අපද්‍රව්‍ය ටොන් මිලියන 931ක් නිෂ්පාදනය කරන අතර එයින් ටොන් 569ක් පැමිණෙන්නේ කුටුම්භවලිනි.

 

පොදු ජල නළයක හෝ නිවසේ ජල කරාමයක ඉඳුල් සේදීමේදී, රෙදි සේදීමේදී අපි නොදැනුවත්වම ජල කරාමය අධික ලෙස විවෘත කිරීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙවතාවක් තෙවතාවක් සේදීම සහ ජල කරාමය නිසිලෙස නොවැසීම අනන්ත වතාවක් සිදු වෙයි.

 

පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) ඇස්තමේන්තුවට අනුව සාමාන්‍ය නිවසක දිනකට ජලය ගැලුම් 90ක් අපතේ යන බව දක්වයි.

 

මෙම නාස්තිය වළක්වා ගැනීමට අපට කළ හැකි සරල දේවල් ,

 

දිනකට හෝ වේලකට සරිලන  පරිභෝජනයට ප්‍රමාණයවත් ආහාර පිස ගන්න.

 

ආහාර අවශ්‍ය ප්‍රමාණයට පමණක් බෙදා ගන්න.

 

ජලය පුරවා ගැනීමෙන් පසු ජල කරාමය හොඳින් වසා ඇද්දැයි පරික්ෂා කරන්න.

 

පෞද්ගලික ජල පරිභෝජනයේදී, නාස්තිය අවම කිරීම.

 

මෙවැනි කුඩා පියවර කිහිපයක් තුළින් අත් කර ගත හැකි ප්‍රතිඵල බොහොමයකි.

 

අපගේ මීළග ලිපිය හරහා ආහාර කල්තබා ගන්නා ඉපැරැණි ක්‍රම යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Fathima  Nehala

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives

Thursday, August 10, 2023

W3 Article 02


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 2

 

අද අපි කතා කරන්නේ පරිභෝජනයෙන් පසු ඉවතලන ප්ලාස්ටික්  නැවත භාවිතයට ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ යි.

 

ඒ සදහා අපි කොළඹ විශ්වවිද්‍යාලයීය ZeroPlastic Colombo Communityහි සාමාජිකාවක් වන කවීෂා හංසි සොයුරියව සම්බන්ධ කරගත්තා.

 

ආයුබෝවන් කවීෂා  - ආයුබෝවන් ශානි

 

ඇත්තටම කවීෂා  අපි එක්වරක් භාවිතා කරලා ඉවත් කරන දේවල් නැවත භාවිතයකට ගන්න පුලුවන් කියන කතාව ඇත්තක් ද?

 

ඔව් අනිවාර්යයෙන් , හැම දෙයක් ම නෙමෙයි නමුත් බොහෝ ද්‍රව්‍ය එක් වරකට වඩා භාවිත කරන්න පුළුවන්.

 

එවැනි අවස්ථාවන්ට උදාහරණ කිහිපයක් කිව්වොත්?

 

ප්ලාස්ටික් , රෙදි , ලී ,වීදුරු වගේ අමුද්‍රව්‍යවලින් නිපදවන  භාණ්ඩ නැවත භාවිතයට ගන්න පුළුවන් සහ ඒවා ප්‍රතිචක්‍රිකරණය කරලා නව නිෂ්පාදන කරන්න පුළුවන්.  විශේෂයෙන් ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය හරහා නව නිෂ්පාදන හදලා නැවත භාවිත කරන්න පුළුවන්.

 

අපේ රට තුළත් එවැනි ආයතන, සංවිධාන හෝ පුද්ගලයන් දැකගන්න පුලුවන් ද?

 

ඔව් , රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් ම මේ ප්ලාස්ටික්  ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා නව නිෂ්පාදන කරන්න පටන් අරන් තියෙනවා. නමුත් තවම ඒක ප්‍රමාණවත් මට්ටමකින් සිද්ධ වෙනවා අඩුයි.

 

ඔබ කිව්වත් වගේ සළකා බැලිය හැකි මට්ටමකින් එවැනි අවස්ථා මෙරට තුළ නොතිබෙන නිසාම මම කැමැතියි ඔබගෙන් විමසන්න, සංවිධානයක් විදියට ඔබලා සතුව පවතින රට තුළ පවතින මෙකී තත්ත්වය වෙනස් කිරීමට සුදුසු යෝජනා අදහස් මොනවාද යන්න?

 

අනිවාර්යයෙන් ශානි, ZeroPlastic Colombo Community විදියට අපි උත්සාහ කරනව ශ්‍රී ලංකාව තුළ මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන විනාශය පිළිබඳ නිර්මාණශීලී ප්‍රවේශවලින් ප්‍රජාව දැනුවත් කරන්න සහ මේ ප්ලාස්ටික් දූෂණයට එරෙහි විසඳුම් යෝජනා කරන්න.

 

එතනදි අපි කතා කරන්න කැමති 3R සංකල්පය ගැන. අපිට පුළුවන් ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න ,Reduce. ඊළඟට ප්ලාස්ටික් නැවත භාවිත කරන්න , Reuse. ඒවගේ ප්‍රතිචක්‍රිකරණය කරන්න , Recycle. මේ විදියට භාවිතය අඩු කිරීම , නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය තුළින් අපට පුළුවන් මේ ගැටළුවට යම්කිසි තිරසාර විසඳුමක් හොයාගන්න. ඉතින් ප්‍රමාණවත් තරම් විධිමත් ආයතනික යාන්ත්‍රණයක් තවමත් රට තුළ නිර්මාණය වෙන මොහොතක තනි පුද්ගල ක්‍රියාකාරීත්ව ඉහළ නැංවීම ගොඩක් වැදගත්. මේවා ඒ තරම් අපහසු දේවල් නෙමෙයි. අවශ්‍ය වෙන්නෙ ජීවන රටාවෙ පොඩි වෙනසක්.

 

තනි තනි පුද්ගලයන්ට පවා මෙහෙදී සුවිශේෂි කාර්යභාරයක් හිමිවෙන බවද ඔබ අදහස් කරන්නේ?

 

ඔව් ඇත්තටම. ශ්‍රී ලංකාව තුළ පමණක් ගත්තත් ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිතය ඉතා ඉහළයි. ශානි අහල තියෙනවා නෙ කතාවක් මම හැදුනොත් අපි හැදේවි   කියල . අපි තනි තනිව තිරසර ජීවන රටාවක් වෙත යොමු වෙනවා නම් අවසානයේ මුළු සමාජයම මේ තිරසර ඉලක්ක වෙත ළඟා වෙලා තියේවි.

 

ඔව් ඔබ හරි. මම හිතනවා මෙය කියවන පාඨකයන්ට පවා මේ හරහා ඉතා වටිනා පණිවුඩයක් සම්ප්‍රේෂණය වෙන්න ඇති කියලා. ඉතින් කවීෂා අවසාන වශයෙන් ඔයාට අපිත් එක්ක බෙදාගන්න සුවිශේෂි පණිවිඩයක්  තියෙනවද?

 

මං කැමතියි මෙහෙම කියන්න.

 

මේ අපි ඉපදුණු පොළව. අපට සියල්ල ලබා දුන් පොළව. ඉතින් අපේ අත්වලින් ම ඒ මව් පොළව විනාශ කරන්නෙ ඇයි? අපි අපේ ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරමු. 3R සංකල්පය සමඟ එකතු වෙමු.

 

එහෙනම් කවීෂා ඔබටත් ZeroPlastic Colombo Community එකටත් බොහොම ස්තූතියි අද අපිත් එක්ක එකතුවීම සම්බන්ධව.

 

අපට ආරාධනා කිරීම වෙනුවෙන් ස්තූතියි !

 

අපගේ මීළග ලිපිය හරහා ආහාර හා ජලය ක්‍රමවත්ව හා අරපිරිමැස්මෙන් භාවිතය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Shani Batuwanthudawa

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives

 



W3 Article 01




W3

Waste | Wise | Waves

Phase I

 

Article 1

 

මොකක්ද මේ,

Responsible Consumption  එහෙමත් නැත්තන් වගකිවයුතු පරිභෝජනය කියන්නෙ

 

මෙය පාරිසරික, සමාජීය සහ දේශපාලන සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් වන අතරම එමගින් මිනිසා තම පරිභෝජන පුරුදු වෙනස් කර, තම සැබෑ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසර සංරක්ෂණය සහ සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන වෙළඳපොලේ ඇති විකල්ප සඳහා යොමුවීම පිළිබඳව අදහසක් විදිහට අපට හදුනාගන්නට පුළුවන්.

 

නමුත් මෙහි සරලම අදහස වන්නෙ,

 

ඔබ යම් දෙයක් පරිභෝජනය කරන්නේ නම් එය වඩාත් පරිසර හිතකාමී විය යුතු බවත්, එසේම එමගින් සිදුවන සමාජ හා ආර්ථික බලපෑම් පිලිබඳවද මනා සැලකිල්ලක් දැක්විය යුතු බවත්ය…

 

අපට වගකිවයුතු පරිභෝජනය සිදුකිරීමට හැකිද

 

සැබවින්ම ඔබට කිරීමට ඇත්තේ ඉතාමත් කුඩා කාර්යයන් කිහිපයක් පමණයි

 

 ඔබ යමක් මිල දී ගන්නා විට එය නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය මොනවාද, එහි නිෂ්පාදන ක්‍රියාවලිය පරිසරයට බලපාන්නේ කෙසේද සහ එයින් සමාජය (සමාජ සම්මතයන්ට) කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවන්නේ දැයි හොඳින් බලන්න.

 

අළුතින් මිලදී ගැනීමට පෙර, ප්‍රතිචක්‍රීකරණය කරන ලද, නැවත නැවත භාවිතා කළ හැකි භාණ්ඩ පරිභෝජනය කරන්න.

 

ඇසුරුමට වඩා අන්තර්ගත ද්‍රව්‍ය පිලිබඳ අවධානයක් දෙන්න.

 

ඔබ යමක් මිල දී ගන්නා සෑම අවස්ථාවකම අපද්‍රව්‍ය හා කසළ නිසා ඇතිවන බලපෑම ද සලකා බලන්න.

 

නිෂ්පාදන ආපසු ලබා දිය හැකි හෝ නැවත භාවිත කළ හැකි බහාලුම්වලට ප්‍රමුඛත්වය දෙන්න.

 

නොමිලේ භාවිත කල හැකි දේවල් සඳහා නිතරම යොමුවන්න.

 

ඔබ පරිභෝජනය කරන සියලු දේ සඳහා මෙම ප්‍රමුඛතාවයන් ලබා දෙන්න (ආහාර, ඇදුම්, උපාංග, ...)

 

ඉතින් තවත් කල් නොයවන්න ඔබෙන් පටන් ගන්න වගකීමෙන් භාණ්ඩ පරිභෝජනය කරන්නට හුරු වන්න එවිට ඔබද මුළු මහත් සමාජයද රැකෙන බව මතකයෙහි තබාගන්න

 

අපගේ මීළග ලිපිය හරහා පරිභෝජනයෙන් පසු ඉවතලන දෑ නැවත භාවිතයට ගත හැකිද? යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Malshan Fernando

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives



වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...