Tuesday, November 14, 2023

සමාජ කාංසාව


ලෝකයේ මිනිසුන් සුලභව පීඩා විදින ප්‍රධාන මානසික රෝග තුන අතරින් එකක් වන සමාජ කාංසාව නැති නම් සමාජයට මුහුණ දීමට ඇති අසාමාන්‍ය බිය ජනගහනයෙන් සෑම සිය දෙනකුගෙන්ම පුද්ගලයන් හත් දෙනෙකු පමණ පීඩා විඳින මානසික රෝගී තත්ත්වයකි.

නව යොවුන් වියේ දී හෝ වැඩිහිටි වියේදී වැඩි වශයෙන් ඉස්මතු වන මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් එදිනෙදා  ජීවිතයේදි පිරිසක් ඉදිරියට යාමට හෝ අනෙක් පුද්ගලයින් සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමට දැඩි බියක් දක්වති.මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක කතාවක් පැවැත්වීම හෝ එවැනි  අවස්ථාවන්ට සහභාගි වීම මගහැරීම ,එසේත් නැතිනම් පිරිස් වැඩිවශයෙන් සහභාගිවන උත්සව ආදියට සම්බන්ධ නොවි ඒවා මගහැර හුදකලාව කාලය ගතකිරීම මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විදින පුද්ගලයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි.මෙම රෝගී තත්ත්වය ඇති පුද්ගලයින් අනාගතය පිළිබඳ අනියත බියක් ඇති කර ගනිති. මේ හේතුව නිසා ඔවුන් පිරිසක් ඉදිරියට යාමට පෙර සිටම ඍණාත්මකව සිතීමට පෙලඹෙන අතර ඔවුන් පිරිසක් ඉදිරියට යාමේ දී අන් සියලු දෙනා තමා දෙස විවේචනාත්මක ස්වරූපයෙන් බලා සිටිනවා යන හැඟීමක් ඔවුන් තුළ ඇති වේ.මේ නිසා අධික දහඩිය දැමීම, වේගයෙන් හුස්ම ගැනිම,ක්ලාන්ත ගතියක් ඇතිවීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, උදරයේ අපහසුතා ඇතිවීම, අත්පා වෙව්ලීම,මුහුණ රතුවීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

මෙම රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයින් තුළ තමන්  අවට සිටින්නන්ගේ දෝෂ දර්ශනයට, ප්‍රතික්ෂේප වීමට  ලක් වේය යන හැගීම දැඩිව පවතියි.මේ හේතුව නිසාම ඔවුන් එදිනෙදා ජීවිතයේ දී වැදගත් අවස්ථා මග හැරීමටත් අභියෝගයන්ට මුහුණ නොදී ඒවායෙන් පලා යෑමටත් උත්සාහ කරති.එසේ සිදුකිරීම යහපත් තත්ත්වයක් නො වන්නේ එම නිසා මෙම රෝගී තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීමත් එදිනෙදා  කටයුතු වලට බාධා වීමේ  ඉඩකඩ වැඩි වීමත් සිදුවීමයි.මෙම සමාජ භීතිකාව නැතිනම් සමාජ කාංසාව  කුමන මට්ටමක පැවතියද කණගාටු වීමට කරුණක් නොවේ මන්ද එය නිසි ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව පැවතීමයි.

මෙම රෝගයෙන් මිදීමට ඇති ප්‍රධානම උපක්‍රමයක් ලෙස තමා තුළ පවතින ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කර ඒවායින් මනස නිදහස් කර ගැනීම පෙන්වා දිය හැකිය. තමාගේ සිතුවිලි වල නිර්මාණකරු තමා පමණක් වන අතර එම සිතුවිලි තමා පිළිබඳව සෘණාත්මක ඒවා ද නැතිනම් ධනාත්මක ඒවා ද යන්න තීරණය කළ හැක්කේ ද තමාට ම පමණක් බව තේරුම් ගත යුතුය.සෑම මොහොතකම ධනාත්මකව සිතීමට උත්සාහ කිරීම තුලින් සිතේ ඇති නිශේධාත්මක සිතුවිලි වලින් මිදීමට හැකි වේ.

මෙයින් මිදීමට ඇති තවත් උපක්‍රමයක් නම් අන් අය තමා පිළිබඳව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳ සිතීම නැවැත්වීමයි.මෙම රෝගය ඇති පුද්ගලයින් බොහෝ විට පිරිසක් ඉදිරියට යාමට බිය වන්නේ අන් අය තමාව වැරදි අයුරින් විනිශ්චය කිරීමට ලක් කරයි හෝ ලැජ්ජාවට පත් කරයි හෝ යන හැඟීම පැවැතීමයි.නමුත් අප සිතන තරම් මිනිස්සු අප දෙස බලා සිටින්නේ හෝ අපව විනිශ්චය කරන්නේ හෝ නැත.එය හුදෙක්ම සිත තුල පවතින  සිතුවිල්ලක්ම පමණි.

බියට නොපැකිළව මුහුණ දීම මෙම රෝගයෙන් මිදීමට ඇති තවත් ක්‍රමයකි. මෙම සමාජ භීතිකාව ඇති පුද්ගලයින් බොහෝ අවස්ථාවල තමාට පිරිසක් ඉදිරියට යාමට,නව පුද්ගලයන් මුණගැසීමට ඇති අවස්ථා මඟ හරියි. එමගින් මෙම රෝගයෙන් මිදීමට අපහසු වේ.නමුත් ක්‍රම ක්‍රමයෙන් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.බියක් ඇති වු විට අඩු වේගයකින් ගැඹුරු හුස්මක් ගැනීම,මනස සැහැල්ලු කරන භාවනා ක්‍රම අනුගමනය කිරීම, ව්‍යායාම් වල නිරතවීම මගින් සිතේ ඇති කැළඹිලි ස්වභාවය නැතිකොට  සිතට ශක්තිය ලබාගත හැකි අතර  එමගින් යම් තාක් දුරකට මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමටත් ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමටත් හැකිවේ.

පිරිසක් ඉදිරියට ගොස් කතාවක් පැවැත්වීමට හෝ එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවකදී තමා ලැබු කුඩා  ජයග්‍රහණයක් පිලිබද හෝ තමා හදවතින්ම සතුටු වූ අවස්ථාවක් මතක්  කරගැනීම එසේත් නැතිනම් අනාගතය පිළිබඳ ධනාත්මකව සිතීම මගින් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීම සිදු කළ හැකිය.එතුළින් තමාට තමා පිළිබඳව අභිමානයක් ගොඩනගා ගැනීමටත් එම අවස්ථාවට සාර්ථකව නොබියව මුහුණ දීමටත් අවශ්‍ය ශක්තිය ලැබේ.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම රෝගයෙන් මිදීමට නොහැකි ලෙස  දරුණු අයුරින් පවතී නම් මනෝ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය වළක්වා ගැනීමට හැකියාව පවතී.

Leo Madavi Maheshika

First Year

Faculty of Arts

World Diabetes Day


ලෝක දියවැඩියා දිනය

දියවැඩියා රෝගයේ සෞඛ්‍යමය බලපෑම් සහ එය ලෝකයේ දිනෙන් දින ඉහළ යන ආකාරය, මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය වන අතර එය ප්‍රධාන ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් බවට සැකයක් නැත. අපට රෝගයට එරෙහිව සටන් කළ හැක්කේ එකට පමණි. එබැවින් ලෝක දියවැඩියා දිනය වාර්ෂිකව නොවැම්බර් 14 දිනට යෙදී ඇත.

මෙහීදි දියවැඩියා රෝගය Diabetes mellitus ලෙසද හැඳින්වේ. ශරීරයේ අග්න්‍යාශ ග්‍රන්ථියට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට හෝ ශරීරයට නිපදවන ඉන්සියුලින් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ විට ශරීරයේ දියවැඩියාව ඇතිවේ. එය නිදන්ගත රෝගයකි. ඉන්සියුලින් යනු පත්‍ර වැනි අග්න්‍යාශය මගින් නිපදවන හෝමෝනයක් බව අපි ඔබට කියමු.

ප්‍රධාන වශයෙන්, දියවැඩියාව වර්ග තුනක් ඇත. එනම් Type 1, Type 2 සහ Gestational වශයෙනි.Type 1 diabetes : එය ඕනෑම වයසක දී වර්ධනය විය හැකි නමුත් බොහෝ විට එය ළමයින්ට සහ නව යොවුන් වියේ දරුවන්ට බලපායි.

Type 2 Diabetes: වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන අතර බොහෝ විට 90% දියවැඩියා රෝගීන් වන්නේ Type 2 පමණි. ගර්භණී දියවැඩියාව (GDM): මෙම වර්ගයේ දියවැඩියාව තුළ ගර්භණී සමයේදී රුධිරයේ ග්ලූකෝස් වැඩි වන අතර මවට සහ දරුවාට සංකූලතා ඇති කළ හැකිය.

 එබැවින්, ලෝක දියවැඩියා දිනය වාර්ෂිකව නොවැම්බර් 14 වන දින සමරනු ලබන අතර එය දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීම, එයට ප්‍රතිකාර කිරීම සහ අධ්‍යාපනය ලබා දීම සඳහා ලොව විශාලතම දියවැඩියා ව්‍යාපාරය වේ

ලෝක දියවැඩියා දිනයේ ඉතිහාසය විමසා බලන විට 1922 දී චාල්ස් බෙස්ට් සමඟින් ඉන්සියුලින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රීමත් ෆෙඩ්රික් බැන්ටිං ගේ උපන්දිනය නොවැම්බර් 14 වැනි දින ලෝක දියවැඩියා දින සැමරුම සනිටුහන් කළේය. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය 1991 දී ලෝක දියවැඩියා දිනය ආරම්භ කළේ දියවැඩියා රෝගයෙන් මතුවන සෞඛ්‍ය තර්ජනය ඉස්මතු කිරීමට ය. 2006 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මත කිරීමෙන් ලෝක දියවැඩියා දිනය නිල එක්සත් ජාතීන්ගේ දිනය බවට පත් විය.

 මෙහීදි 2022 ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේ"දියවැඩියා අධ්‍යාපනයට ප්‍රවේශය" යන්නයි, එය "දියවැඩියා සත්කාර සඳහා ප්‍රවේශය" යන විශාල බහු-වසර තේමාවට සහය දක්වයි . දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැති ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත පුද්ගලයින් කෙරෙහි තේමාව අවධානය යොමු කරයි. එසේම, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට ඔවුන්ගේ තත්වය කළමනාකරණය කිරීමට සහ සංකූලතා වළක්වා ගැනීමට අඛණ්ඩ සත්කාර සහ සහාය අවශ්‍ය වේ.

මේ ආකාරයට විවිධ තේමාවන් ඔස්සේ අවුරුද්දක් පාසා ලෝක දියවැඩියා දිනය සැමරීමටත් ලෝකයේ දියවැඩියා රෝගීන් අඩු කර ගැනීමටත් විවිධ ප්‍රයත්න දරන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකියාවක් පවති. 

Leo Rashmi Shasikala

Faculty of Art

First Year


World Diabetes Day 

We believe everyone should know about diabetes. Since 2006 every November 14 World Diabetes Day id commemorated.

The birth of sir Fredrick Banting who co-discovered insulin along with Charles Best in 1922.

World Diabetes Day (WDD) is the world’s largest diabetes awareness campaign.

The logo of world Diabetes Day is a blue -circle and this is recognized by hundreds of thousands of people with diabetes throughout the world.

The theme for world Diabetes Day 2021-23 is access to diabetes care.

Globally an estimated 422 million adults were living with diabetes in 2014.

Diabetes is a major cause of blindness, kidney failure, heart attack.

Healthy diet physical activity and avoiding tobacco use/ can prevent diabetes.

People with diabetes require on going care and support to manage their condition and avoid complications.

Diabetes is a chronic disease; it often vaults from excess body weight and physical inactivity.

World Diabetes Day is celebrated in a vast number of ways arrowed the globe.

These include a range of activities and events including meetings and lectures to spread public information.

Sporting events for adults & children

Television and radio programs leaflet

Exhibition & conference.

I wish those suffering from diabetes get well.

Leo Imasha Nilushi

First Year

Faculty of Arts


உலக நீரிழிவு தினம்

ஒவ்வொரு ஆண்டும் நவம்பர் 14ஆம் தேதி உலக நீரிழிவு நோய் விழிப்புணர்வு தினமாக அனுசரிக்கப்பட்டு வருகிறது.

நீரிழிவு நோய்க்கு மருந்தாக பயன்படும், இன்சுலினை கண்டுபிடித்த ‘பேண்டிங்க் அண்ட் பெஸ்ட்’ என்ற விஞ்ஞானியின் பிறந்த நாளான நவம்பர் 14ம் திகதி “உலக நீரிழிவு நோய்” தினமாக, உலக சுகாதார நிறுவனத்தால் பிரகடனப்படுத்தப்பட்டது.

சர்வதேச ரீதியில் இந்த நீரிழிவு நோய் குறித்த பிரசாரங்கள் செய்யப்படுகின்றன. இன்றைய தலைமுறையில், வயது வித்தியாசம், இன பேதம் என தயவு தாட்சண்யம் பார்க்காமல் அனைத்து தரப்பினரும் சர்க்கரை நோயினால் பாதிக்கப்பட்டுள்ளனர்.

2023 உலக நீரிழிவு தினத்திற்கான கருப்பொருள் நீரிழிவு பராமரிப்புக்கான அணுகல் (Access to diabetes care) ஆகும்.

உலகெங்கிலும் உள்ள மில்லியன் கணக்கான நீரிழிவு நோயாளிகளுக்கு நீரிழிவு சிகிச்சைக்கான அணுகல் இல்லை.

நீரிழிவு நோயாளிகள்  இச்சிக்கல்களைத் தவிர்க்க தொடர்ச்சியான கவனிப்பு  தேவைப்படுகிறது.

அனைத்து நீரிழிவு நோயாளிகளுக்கும் தகுந்த சிகிச்சை கிடைக்க வேண்டும்.

நீரிழிவு சிகிச்சை மற்றும் அதனை தடுப்புக்கான முதலீட்டை அதிகரிக்க அரசாங்கங்கள் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும்.

நீரிழிவு என்பது வாழ்நாள் முழுவதும் ஒரு தீவிரமான குறைபாடாகி விடக்கூடிய நோயாகும். இது ஒவ்வொரு ஆண்டும் ஒரு மில்லியனுக்கும் அதிகமான மக்களைக் கொல்கிறது - யாருக்கு வேண்டுமானாலும் இந்த பாதிப்பு ஏற்படலாம்.

ரத்த ஓட்டத்தில் உள்ள அனைத்து சர்க்கரையையும் (குளுக்கோஸ்) உடலால் செயல்படுத்த முடியாதபோது இது ஏற்படுகிறது; அதன் சிக்கல்கள் மாரடைப்பு, பக்கவாதம், பார்வை இழப்பு, சிறுநீரக செயலிழப்பு மற்றும் காலைத் துண்டிக்கும் அளவுக்கான பிரச்சனைகள் ஆகியவற்றுக்கு கொண்டு செல்லும்.

மேலும் இது ஒரு வளர்ந்து வரும் சர்வதேச பிரச்னை ஆகி வருகிறது - உலகளவில் 422 மில்லியன் மக்கள் நீரிழிவு நோயுடன் வாழ்கின்றனர் - உலக சுகாதார அமைப்பு (WHO) தரவின்படி, இது 40 ஆண்டுகளுக்கு முன்பு இருந்த நிலையை விட தற்போது நான்கு மடங்கு அதிகமாகியுள்ளது.

எனவே இது குறித்த விழிப்புணர்வை மேலும் அதிகரிப்பதன் மூலம் நலமான வாழ்வுக்கு வழி வகுப்போமாக!

Leo Nifla Najeem

Second Year

Faculty of Arts

Sunday, November 12, 2023

සාර්ථකත්වය යනු?


සාර්ථකත්වය කියන්නේ මොකක්ද බැලූ බැල්මට නම් සරල වචනයක් වගේ පෙනුනට මේ පුංචි වචනය ඇතුලේ ගැබ්වුණු ලොකු අදහසක් තියෙනවා. සාර්ථකත්වය යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිආත්මීය සංකල්පයකි. ඕනෑම පුද්ගලයෙකු ජීවිතයට අනිවාර්යෙන්ම ළඟා කරගත යුතු සංකල්පයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි. යම් කෙනෙකු වේ ද ඔහු හෝ ඇය සාර්ථකත්වයත් දකින්නේ තමන්ගේ හීන, අරමුණු ,ඉලක්ක තුලයි. අයෙක් තමන්ගේ රැකියාව තුළින්, සමහරෙක් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වෙන්න උත්සහ දරන විට,  තවත් අයෙකු තම ව්‍යාපාර තුළින්, තවත් අයෙක් තමාගේ පවුල් ජීවිතය තුළින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරයි. මේ විදිහට ජීවිතේ ජීවිත කාලය පුරාවටම විවිධ අරමුණු, බලාපොරොත්තු පසුපස හඹා යන මිනිසා ඒ තුළින් සාර්ථකත්වය අත් කර ගන්න උත්සාහ දරයි.

Success is a journey-not a destiítion.

සාර්ථකත්වය කියලා කියන්නේ ගමනාන්තයක් නොවේ. ඇත්තෙන්ම එය ගමනාන්තයන් ගොන්නක් පිරිවරා ගත්  දීර්ඝ ගමනෙකි. මේ දිගු ගමන තුළ තාවකාලික සතුටක් ලබා දෙමින් තීරණාත්මක අවසානයක් කරා පොලඹවන එක් සුවිශේෂී සංසිද්ධියකි. ජීවිතයේ පුරාවටම අපි දකින හීන පසුපස හඹා යමින්, ඒවා ඉෂ්ට කර ගනිමින්,  ඉදිරියට තබන පියවරක් පාසා අපි තුලම ඉබේම දිරිගැන්වීමක් ඇති කරගනිමින් යන ගමනක ආරම්භය ලෙස සාර්ථකත්වය හඳුන්වා දිය හැකිය.

සාර්ථකත්වය නැතිනම් successful වෙන්න අපි මොනවද කරන්න ඕනි? ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න අරමුණු, හීන, බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවනි. අවසානයේ ඒවාගේ උපරිම ප්‍රයෝජන ලඟා කරගන්න අපි මනා අවබෝධයකින් යුතුව අපේ අරමුණු දිගේ ගමන් කරන්න අපිටම පැවරෙන වගකීමක් තියෙනවා. සාර්ථකත්වය කරා යන ගමන එක්තරා චාරිකාවක් නම් අපිට මේ චාරිකාව පුරාවටම රළු, කටුක මාවත්, කඳු, ගිරි, හෙල්  යනාදී නොයෙක් බාධක හමු වෙන්න පුළුවනි. නමුත් මේ සෑම බාධකයක් ම ජය ගෙන අවසානයේ අපගේ ගමනාන්තය කරා යොමු වීම තමයි අපි සාර්ථකත්වය කියලා හඳුන්වන්නේ.  අපේ හීන වල ම විතරක් නෙවෙයි අපි කරන හැම වැඩක්ම වාගේ සාර්ථකව ඉටු කරන්න අපි වග බලා ගත යුතුය.

අපිට හැම වෙලාවකම පළමු උත්සාහයෙන්ම සාර්ථක වීමට හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වෙලාවට අසාර්ථකත්වය හොඳම දිරිගැන්වීම ලෙස හිතේ තබා ගනිමින් පෙරටත් වඩා සාර්ථකත්වය කරා පියමන් කළ යුතුයි. ඒ වාගේම ඕනෑතරම් අපට මිනිසුන් මුණ ගැසෙයි අසාර්ථක වෙලා එතනින් එහාට සාර්ථකත්වයක් ගැන නොසිතා ඒ තුළම එළඹගෙන සිටින.  හැබැයි අපි ඒ  සෑම මොහොතක්ම ජිවිතයට අලුත් දේවල් එක්කර ගනිමින් සාර්ථක ගමනකට හිමිකම් කිව යුතුය. මේ සාර්ථකත්වය කරා යන  ගමනේ දී අපි අරමුණු ඉලක්ක වලට ලඟා වෙනවා වගේම ගුණධර්ම අතින් ද යහපත් සාර්ථක පුද්ගලයෙක් විය යුතුය.  එමෙන්ම මේ ළඟා කරගන්නා සාර්ථකත්වය තුල සතුට  අනිවාර්යෙන්ම අත්කර ගත යුතුය.මොකද අපි කොච්චර සාර්ථක වුණත් ඉන්  ප්‍රයෝජනයක් නැති වෙන ඒ සාර්ථකත්වය  භුක්ති විඳීමට බැරිනම්. ඒ නිසා හීන පසුපස හඹා යමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්  උපරිම සතුට ළඟා කර ගනිමින් අවසානයේ කරා යන තෙක්ම  නොයි ද ලැබෙන සුළු දෙයකින් පවා සතුට ළඟා කර ගනිමින් නියම සාර්ථක මිනිසකු ලෙස ජීවිතය ජය ගන්න ඕනි.

Leo Ayesha Dilhani

First Year

Faculty of Arts

University of Colombo

Saturday, November 11, 2023

Deepavali festival


දීපාවලි උත්සවය

දීපාවලි උත්සවය, සීතා සහ රාමා, විෂ්ණු, ක්‍රිෂ්ණා, දුර්ගා, ශිව, කාලි, හනුමාන්, කුබෙර යන අයට නිවාඩු දිනය සම්බන්ධ කර තවත් බොහෝ කලාපීය සම්ප්‍රදායන් සමඟ සමෘද්ධියේ දේවතාවිය වන ලක්ෂ්මි සහ ප්‍රඥාවේ දෙවියා සහ බාධක ඉවත් කරන්නා සමඟ සම්බන්ධ වේ. ධන්වන්තරී හෝ විශ්වකර්මන්. තවද, එය ලක්දිවදී රාවණා නමැති යක්ෂයා පරාජය කර වසර 14 ක පිටුවහලේ සේවය කිරීමෙන් පසු රාම තම බිරිඳ සීතා සහ ඔහුගේ සහෝදරයා වන ලක්ෂ්මණ් සමඟ අයෝධ්‍යාවේ සිය රාජධානියට ආපසු පැමිණි දිනය සැමරීමකි.දීපාවලි ආලෝකයේ උත්සවයක් වන අතර එය හින්දු, ජෛන සහ සීක් විසින් සමරනු ලබන ප්‍රධාන උත්සවවලින් එකකි. මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තිකා (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) තුළ සමරනු ලැබේ. හින්දු ආගමේ වඩාත් ජනප්‍රිය උත්සවයක් වන දිවාලි උත්සවය "අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම" සංකේතවත් කරයි.

නරක අභිබවා හොඳ සහ අධ්‍යාත්මික ගුණධර්ම නගාලීම මෙම උත්සවයේ අරමුණයි. රාමායනයේ සඳහන් වන අන්දමට මෙම උත්සවයෙන් සනිටුහන් වන්නේ මෙතෙක් නොතිබුණු හොඳ හිත, ආශිර්වාදය නැවත නිවසට කැඳවීමයි.

දීපවාලි උත්සවයට පෙරාතුව, සැමරුම්කරුවන් තම නිවෙස් සහ සේවා ස්ථාන දියාස් (තෙල් පහන්) සහ රංගෝලි (වර්ණවත් කලා කව රටා) වලින් පිරිසිදු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ අලංකාර කිරීම මගින් සූදානම් වේ. දිවාලි උත්සවය අතරතුර, මිනිසුන් ඔවුන්ගේ හොඳම ඇඳුම් අඳිනවා, දියා සහ රංගෝලි වලින් තම නිවෙස් අභ්‍යන්තරය සහ පිටත ආලෝකමත් කරයි, සෞභාග්‍යයේ සහ ධනයේ දෙවඟන වන ලක්ෂ්මිගේ නමස්කාර උත්සව පවත්වයි, ගිනිකෙළි ආලෝකවත් කරයි, සහ පවුලේ මංගල්‍යවලට සහභාගී වේ, එහිදී මිතායි ( රසකැවිලි) සහ තෑගි බෙදාගනු ලැබේ.

Leo Ilanka Laksiri

Second Year

Faculty of Arts

University of Colombo


Deepavali festival 

Diwali is the Indian "festival of lights - a holiday celebrating the triumph of good over evil. In 2023, Diwali will be celebrated on November 12. The name comes from Sanskrit dipalvali, meaning "row of lights". On the night of Diwali, celebrants light dozens of candles and clay lamps (called diyas) placing them throughout their homes and in the streets to light up the dark night.

Followers of the Hindu, Sikh and Jain faiths primarily celebrate Diwali. Specifically, Diwali occurs on the darkest day of the lunar month, which is the day of the new moon.

Another central theme of Diwali is family. Wearing their best new clothes, families gather together to eat sweets and other special foods and pray for their ancestors. Businesses are generally closed (or close early) on Diwali to allow workers to celebrate with their families.

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts

University of Colombo


தீபாவளி பண்டிகை

தீபாவளி பண்டிகை, இந்துக்களின் முதன்மையான பண்டிகைகளில் ஒன்று. அரக்கனான நரகாசுரன் வதம் செய்யப்பட்ட தினத்தைத்தான் தீபாவளியாக உலகெங்கிலும் உள்ள இந்துக்கள் கொண்டாடுகிறார்கள்.

தீபாவளி (Deepavali, Diwali) அல்லது தீப ஒளித்திருநாள் என்பது ஐந்து நாட்கள் கொண்டாடப்படுகின்ற பண்டிகையாகும். இது இந்து, சீக்கியம், சைனம் மற்றும் பௌத்தம் மதத்தின் மிகவும் பிரபலமான பண்டிகைகளில் ஒன்றாகும். இப்பண்டிகை இந்தியா இலங்கை சிங்கப்பூர் உட்பட பல நாடுகளிலும் கொண்டாடப்படுகிறது. சில இடங்களில் வெவ்வேறு நாட்களில் கொண்டாடப்படுகிறது. அதாவது, வாழ்க்கையின் இருளை நீக்கி, ஒளியைக் கொடுக்கும் பண்டிகையாக தீபாவளி பண்டிகை கொண்டாடப்படுகிறது

தீபம் என்றால் “விளக்கு” “ஆவளி” என்றால் “வரிசை” அதாவது தீபங்களை வரிசையாக ஏற்றி ஒளிமயமான இறைவனை வழிபடும் புண்ணிய தினமே தீபாவளி.

ஐப்பசி அமாவாசை முன் தினம் நரக சதுர்த்தசி அன்று கொண்டாடப்படுகின்றது. இந்துகக் ள் மட்டுமன்றி சீக்கியர்களும், சமணர்களும் கூட இப்பண்டிகையை வெவ்வேறு காரணங்களுக்காக கொண்டாடுகின்றனர்

தீபாவளித் திருநாளில் பிரிந்து வாழும் பல குடும்பங்கள் ஒன்று சேர்கின்றன. பகை உணர்வுகளை மறந்து ஒற்றுமையே மேலோங்குகின்றது. வீட்டிலே இரவு ஏற்றும் தீப விளக்குகள் இரவு முழுவதும் அணையாது எரிய விடுவர்.

இதை மாணிக்க தீபம் என அழைப்பர். இவ்வாறு செய்வதன் மூலம் ஸ்ரீ லஷ்மியின் அனுக்கிரகம் கிடைக்கும் என நம்புவதும் இந்து சமய மக்களின் வழக்கமாகும். சமுதாயத்தில் அர்த்தமும் உயிரோட்டமும் உள்ள வாழ்க்கைப்படிமம் என்று கூறலாம்.

இப் பண்டிகை தத்துவம் நிறைந்ததாகவும் ஒழுக்கவியல் கருத்துக்களை முன்னெடுத்துச் செல்பவையாகவும் உள்ளது. இந்நாளில் பகைவர்களும் தம் கோபங்களை மறந்து சகோதரதத்துவத்துடன் வாழ முனைகின்றனர்.

அவ்வகையில் இது வெறும் பண்டிகையாக மட்டுமல்லாது வாழ்வைச் செம்மைப்படுத்தும் ஓர் நிகழ்வாக அமைகின்றது.

Leo Nifla Njeem

Second Year

Faculty of Arts

University of Colombo

Friday, November 10, 2023

ලතා වල්පොල මහත්මිය


ශ්‍රී ලාංකීය රසික හදවත් මියුරු ස්වරයෙන් ස්පර්ශ කරමින් පුරා දශක හයක් සිය අනභිභවනීය හඬින් කලාකෙත අස්වැද්දූ හෙලයේ  ගීත කෝකිලාවිය හෙවත් හෙළ ගී රැජිණිය, ප්‍රවීණ ගායන ශිල්පිනී කලාශූරී ලතා වල්පොල මහත්මිය ගේ 89වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත. 

සිය සහජ උරුමයක් ලෙසින් උපතින්ම හිමි වූ ගායන කෞශල්‍යයක් ද සමගින් වර්ෂ 1934 නොවැම්බර් මස 11 වන දින උපත ලැබූ ඇගේ මුල් නම වූයේ රීටා ජෙනෙවි ප්‍රනාන්දුය. පල්ලියේ ගායක කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ගායන දිවිය ඇරඹූ ඇය පසුව ගුවන් විදුලි ගීත ගායනයට පිවිස ඉතාම කෙටි කාලයක් තුළ දැක්වූ දක්ෂතා නිසා චිත්‍රපට පසුබිම් ගීත ගායනයට ඇයට අවස්ථාව සැලසී ඇත. සුසිල් ප්‍රේමරත්න, සී. ටී ප්‍රනාන්දු, කාලිදාස කුරුකුලසූරිය වැනි ප්‍රවීණයන්ගෙන් ලත් ආභාෂය ද සමග දිනෙන් දින කලා ලෝකය තුළ දීප්තිමත් වන්නට ලතා වල්පොල මහත්මියට ඉඩහසර සැලසී ඇත. තවද ධර්මදාස වල්පොල මහතා සමග අතිනත ගැනීම ද එතුමිය ගේ ගායන දිවිය තුල තවත් දිගු ගමනකට මග විවර වීමක් වැනි ය.

චිත්‍රපට රැසකට පසුබිම් ගීත ගායනයෙන් එක්වූ ඇය ජනාධිපති සම්මාන, සරසවි සම්මාන මෙන්ම දීපශිකා සම්මානය, රණතිසර සම්මානය, කලාශූරී සම්මානය සහ වීර විදහන රන්සිළු සම්මානය වැනි කලාකරුවකුට හිමිවන ඉහළම සම්මාන වලින් ඇය පිදුම් ලබා ඇත. එමෙන්ම ඇයගේ ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය ඇගයීම වෙනුවෙන් "ලතා රන් රස ප්‍රණාම" යනාදි අග්‍රගණ්‍ය ඇගයීම් රැසකට පාත්‍ර වීමට තරම් ඇය උත්කෘෂ්ට කලා ශිල්පිනියක් ලෙස ස්වකීය දක්ෂතා පිළිබිඹු කර ඇත. 

"රූ රැසේ අඳිනා ලෙසේ" "රන්වන් කරලින් පැසිලා" "කළු කැළණි නදී"  "මල්බර හිමිදිරියේ" "ලෝ අඩ නින්දේ" "සැලළිහිනි කොවුල්" වැනි ගීත අදටත් ඇයටම ආවේණික හඬ මාධූර්යයෙන් අපගේ දෙසවන් පුරා රැව් පිළිරැව් දෙනු ඇත. මේ අයුරින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ කලාශූරී ලතා වල්පොල මහත්මිය සැබැවින්ම අප රටට අගනා සම්පතකි. එබැවින්  ඇයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි සුබම සුබ ජන්ම දිනයකට ආසිරි එක් කරන්නෙමු.

Leo Nisansala Pathirana

Second Year

Faculty of Arts

University of Colombo

Thursday, November 9, 2023

ලෝක ප්‍රතිශක්තිකරණ දිනය


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෑම වසරකම නොවැම්බර් 10 වන දින ලෝක ප්‍රතිශක්තිකරණ දිනය ලෙස නම් කර තිබේ.ලෝක ප්‍රතිශක්තිකරණ දිනය සමරනු ලබන්නේ භයානක රෝග වලින් ආරක්ෂා වීමට ලාභදායී හා ඵලදායි විසඳුමක් ලෙස එන්නත්කරණයේ වාසිදායක තත්ත්වය පිළිබඳව පෙන්වා දීමේ අරමුණ ඇතිවය.

ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ ඉතිහාසය චීනයේ 11 සියවස දක්වා ඈතට දිව යන අතර 1796  එංගලන්තයේ වසූරිය රෝගයට එන්නතක් සොයාගැනීමේ පුරෝගාමියා වූ එඩ්වඩ් ජෙනර් ට ගෞරව කිරීම සඳහා ලෝක ප්‍රතිශක්තිකරණ දිනය ඇරඹී ඇත.වසූරිය සඳහා නිපදවූ මෙම එන්නත ලොව පළමු එන්නත ලෙස සැලකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ප්‍රතිශක්තිකරණය යනු සාමාන්‍යයෙන් එන්නත් ලබා දීමෙන් යම් පුද්ගලයකු රෝගයකට ඔරොත්තු දෙන ක්‍රියාවලියකි.එන්නත් මගින් පසුකාලීන ආසාදන හෝ රෝග වලින් පුද්ගලයා ආරක්ෂා කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.එන්නත්කරණ ක්‍රියාවලිය වැඩි කිරීමේ අරමුණෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 1974 දී ගෝලීය වශයෙන් ව්‍යාප්තිත ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ආරම්භ කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද ඇස්තමේන්තුවලට අනුව මිනිසුන්ගේ මරණ මිලියන 2-3 අතර ප්‍රමාණයක් එන්නත්කරණය තුළින් වළක්වා ගත හැකිය.සරම්ප, පෝලියෝ, පිටගැස්ම,පාචනය,නිව්මෝනියාව ඇතුළු භයානක රෝග එන්නත්කරණ ක්‍රියාවලිය  තුළින් වළක්වාගැනීමට හැකි බවත් මෙම රෝග බොහොමයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මාරාන්තික විය හැකි බවත් පෙන්වා දී තිබේ.එන්නත් ලබා ගැනීමේ වැදගත්කම කොතෙක්ද යන්න පිළිබඳව පෙන්වා දීමට ඇති මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ මාරාන්තික corvid-19 වෛරස් රෝගය එන්නත්කරණය මගින් පාලනය කර ගත් ආකාරයයි.

අද ලෝකයේ එන්නත් ලබා නොගත් හා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාගත් දරුවන් මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව අධ්‍යයන වලින් පෙන්වා දී ඇත.

එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත් එන්නත් මගින් බෝ වන රෝග වලක්වා ගනිමින් ජීවිත සුරක්ෂිත කිරීම සඳහා එය වැදගත්කාර්‍යභාරයක් ඉටු කරන බවත් ළදරුවන් හා වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි ජනගහනය වසංගත රෝග වලින් ආරක්ෂා කිරීමත්,බරපතල සංකූලතා හා මරණ පවා ඇති කළ හැකි රෝග වලට ගොදුරු වීම වැළක්වීම එමගින් සිදු කරන බවත් පෙන්වා දිය හැකිය. එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස  අද වන විට වසූරිය රෝගය ලෝකයෙන් තුරන් වී ඇති අතර පෝලියෝ රෝගය බොහෝ රටවල් වලින් වාර්තා නොවීම සාධනීය ලක්ෂණයකි.

ලෝක ප්‍රතිශක්තිකරණ දිනය රෝග වැලැක්වීම හා ගෝලීය සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන්නක් ලෙස අවසන් වශයෙන් පෙන්වා දිය හැකිය.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

University of Colombo

Importance of Mental Health


Mental health refers to the emotional and psychological well-being of a person. The significance of mental health cannot be overlooked due to our fast-paced lifestyles. Hence, mental health is equally as important as our physical well-being. Good mental health is important for all individuals to continue day-to-day work effectively, maintain healthy relationships, and more importantly to cope with stress and mental agitation. On the other hand, poor mental health can result in depression and anxiety which may deteriorate the prosperity and wellness of our lives. 

Our mental health plays a crucial role in our physical well-being. Consequently, mental health problems lead to physical health issues such as diabetes, high blood pressure, and immune system disorders. Therefore, prioritizing the well-being of mental health is essential to our overall good health. Furthermore, the mental health condition can impact the performance and productivity of individuals. For instance, if employees in a workplace undergo mental health issues; they may struggle to make the right decisions and to complete their daily tasks successfully. This can affect the overall productivity and success of the organization.

Mental health has significant consequences on the whole society and the public health system. The expenditures of untreated mental disorders are substantial along with the expenses of healthcare and strain on social services. Good mental health is also important to uplift our confidence and self-esteem which is helpful to pursue our goals and ambitions. As our bodies require rest and care, our minds also require attention and rest to function better. Good mental health also enhances better quality sleep and appetite which is essential for our prolificacy.

Acknowledgment and open discussions regarding mental health should be promoted to reduce the social stigma surrounding mental disorders and to encourage individuals to seek the guidance and support they require. Prevention and early intervention are important to reduce the complexities woven around mental health issues. Organizing awareness programmes to recognize the early signs of mental disorders is also crucial to mitigate its intricacies.

Prioritizing good mental health leads to a healthier and more productive society. To be specific, mental health affects every aspect of our good health, varying from our thoughts to our behaviours. Therefore, it is clear that maintaining good mental health is essential in navigating our lives effectively.

 

Leo Noyali Yalindi

1st Year

Faculty of Arts


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...