Monday, January 22, 2024

කුරුඳු ශාකය (Nature Eye - Article 18)


*පොදු නාමය-කුරුඳු

*විද්‍යාත්මක නාමය-Cinnamomum

*ඉංග්‍රීසි නාමය-Cinnamon


කුරුඳු ශාකය සදාහරිත බහුවාර්ෂික බෝගයකි.ලොරේසියේ කුලයට සහ සිනමෝමම් ගණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික භෝගයකි.මෙම කුරුඳු ශාකය වර්ග කීපයක් ඔස්සේ අපට හඳුනාගත හැකිය.

    1.කුඩු කුරුඳු (දවුල් කුරුඳු )

2.පැඟිරි කුරුඳු

3.කපුරු කුරුඳු

 දක්නට ලැබෙන ප්‍රභේද අතුරින් වඩාත් උසටම වැඩෙනුයේ දවුල් කුරුඳු ශාකයයි.මෙම කුරුඳු විශේෂය තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබේ.මීටර් 10ක් පමණ උසට වැඩෙන මෙම විශේෂය පහතරට ප්‍රදේශයේ දුර්ලභ ශාකයකි.

  පර්‍යේෂණ දත්ත අනුව නයිට්‍රජන් පොහොර වලට කුරුඳු ශාකය ශාකය වැඩි නැඹුරුවක් දක්වයි.එම නිසා යූරියා පොහොර කුරුඳු වගාවට ඉතාමත් වැදගත් වේ."ආස්මි"නම් ප්‍රණීත රසකැවිලි නිෂ්පාදනය කිරීමේ දී එකල "දවුල් කුරුඳු " ශාකය බහුලව යොදා ගන්නට විය.   

කුරුඳු ශාකය පිළිබඳ තවදුරටත් සඳහන් කිරීමේ දී වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති කුරුඳු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

  1.සත්‍ය කුරුඳු

 2.කැසියා කුරුඳුකැසියා කුරුඳු ප්‍රධාන වශයෙන් නැගෙනහිර ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව,චීනය සහ වියට්නාමය යන රටවල වගා කෙරේ.මෙම කුරුඳු සත්‍ය කුරුඳු වලට වඩා ගුණාත්මක බව බෙහෙවින් අඩුය.

    කුරුඳු සම්භාවය වූයේ ශ්‍රී ලංකාවේ  මධ්‍යම කඳුකරයෙන් බවට අනාවරණය වී ඇති නිසා මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි.කුරුඳු ශාකය  දැනටත් ලංකාවේ මහනුවර ,මාතලේ,බෙලිහුල්ඔය,හපුතලේ හා සිංහරාජ අඩවියේ ඇතැම් ස්ථානවල හමුවේ.කුරුඳු කැලෑ ගසක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උසට වැඩේ.

        කුරුඳු පොත්තේ ගුණාත්මක බව රඳා පවතින්නේ ජානමය කරුණු ,පස සහ දේශගුණික සාධක මතය.ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුත් කුරුඳු නිපදවන්නේ සුදු පැහැති වැලි පසෙහිය.මීගමුව ප්‍රදේශයේ ඇති සුදු වැලි සහිත පසට මෙම පස සමාන වේ.

      මෙහි විද්‍යාත්මක  ලක්ෂණ  පිළිබඳ සඳහන් කිරීමේ දී කුරුඳු අතු බෙදුණු,දුඹුරු පැහැති කඳන්  ඇති,සදාහරිත,මුදුන් මුල්   පද්ධතියක් සහිත ශාකයකි.කුරුඳු පත්‍ර එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව කඳට සවි වී ඇති අතර ,පත්‍රවල මුල සිට අග දක්වා විහිදෙන නාරටි තුනක් දක්නට ඇත.කුරුඳු පත්‍රයේ මතුපිට දිලිසෙන සුළුවන   අතර ඉටිමය ස්වාභයකින් යුක්ත වේ

      කුරුඳු පොත්ත බොහෝ විට සිනිඳු වන අතර ආවේණික සුවඳක් ඇත.කුරුඳු මල් ද්වී ලිංගිකය.එක් මලක කුඩා ක්‍රීම් පැහැති රේණු 9ක් සහ වඳ රේණු 3ක් ඇත.මල් වරෙක ස්ත්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පිරිමි පුෂ්පයක් ලෙසත් ක්‍රියාකාරී වේ

    සියවස් ගණනාවක සිට 80%ක්ම කුරුඳු ඉල්ලුම පියවූයේ ශ්‍රී ලංකාවයි.මෙහි ඖෂධීය සාරය පිළිබඳ සඳහන් කිරීමේ දී ශක්ති වර්ධක පානයක් ලෙස පිළියෙල කොටගනී.

    මෙතරම් ඖෂධීය හා විද්‍යාත්මක වටිනාකමකින් යුත් කුරුඳු ශාකය ආර්ථික වශයෙන් වැදගත් වන අතර එකී වටිනාකම හේතුවෙන් අපනයන ආර්ථික රටාව හමුවේ වඳවී යාමේ තර්ජිතයට බඳුන් වී ඇති ශාක විශේෂයක් ලෙස කුරුඳු ශාකය පෙන්වා දිය හැකිය.

Leo Sandali Panagoda

First Year

Faculty of Arts

හොඳම දවසක් එනතුරා...


නෙලුම් කුලුනේ විසල් රූපය

දිහා බලමින් හවස් යාමෙක

මමත් නැති දා ඔබත් තනියම

සුසුම් හෙලුවද තනිව පාලු ව

අනේ ළඟ හිටියනං කියලා...


ගාලු මුවදොර දෑත් පටලං

තුරුලු වී යන්නන්ව දැකලා

ඉරිසියාවක් සිතෙන් හෙමිහිට

දෝරෙ ගැලුවද හදේ හරහට

පුරුදු උණුසුම දුර නිසා...


ගව් ගනන් දුර ගෙවා ඇවිදින්

අව්ව උහුලන දවස් අතරින්

සිසිල් සුලඟක් හමා ඇවිදින්

සිත් දෙකක් එක් කරනවා

තනියටම කවි ලියනවා...


පුරවරත් සෙංකඩගලත් දෙක

හිතෙන් යා කර මග බලාගෙන

හිතේ ඇති රුව ඇසින් දැකුමට

දින එකින් එක ගනිනවා

හොඳම දවසක් එනතුරා...


Leo Tharushika Peelikumbura

Third Year

Faculty of Arts

කලුවර ශාකය


පොදු නාමය - කලුවර ශාකය

උද්භිත විද්‍යාත්මක නාමය-  Diosyros Ebenum

ඉංග්‍රීසි නාමය- Ceylon Ebony

ලංකාවේ කළුවර ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි . මෙම කලුවර ශාකය එබනාසියේ කුලයට අයත් වේ.කලුවර ශාකය අයත් වන  Diospyros ගණයේ තවත් ශාක 22ක් පමණ ලංකාවේදී හඳුනාගෙන තිබේ .ඒවා සියල්ල ගස් හෝ පඳුරු වශයෙන් වැවේ.

ගස මීටර් 20-25ක් දක්වා උසට ඉතා සෙමින් වර්ධනය වේ. අඟල් 5-8ක් පමණ දිගු පත්‍ර පිහිටා තිබෙන අතර පැරණි ගස්වල අතු පළල්ව වටකුරුව උඩට විහිදේ. කදෙහි පොත්ත කළු සිට අලු පැහැය ගන්නා අතර කහ සිට සුදු දක්වා පාට මල් හට ගනී.එකම ගසෙහි පූමාංගී හා ජායාංගී මල් නිපදවන අතර මල් ඉතා සුවඳ වේ. ගසෙහි අරටුව කලු සිට දුඹුරු පාට දක්වා පැහැයක් ගන්නා බැවින් මෙම ශාකයට කලුවර යැයි පවසනු ලැබේ.මුහුදු මට්ටමේ සිට අඩි 1800 උස් මට්ටමක් දක්වා කලාප වල මෙම ශාකය වැඩේ.

මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන  ශාකයකි . සයරේ, නයිජීරියාව යන අප්‍රිකානු රටවලත් ඉන්දුනීසියාවේත් මෙම ගස සීමිතව තිබේ. ඉන්දියාවේ මෙම ශාකය පැතිර තිබෙන්නේ තමිල්නාඩුවේ සහ කර්ණාටක ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශය වල පිහිටි වනාන්තර වල වේ.

 කලුවර ශාකය මුලින්ම උද්භිත විද්‍යාත්මක නාමයක් ලබා දී තිබෙන්නේ වර්ෂ 1776 දී කෝනිග් නම් තැනැත්තා විසිනි.එය ලංකාවේදීම හඳුන්වා දීම විශේෂිත කරුණකි.ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේදී කළුවර දැව විශාල වශයෙන් අපේ රටේ වනාන්තර වලින් කපා විදේශ රටවලට ගෙන ගොස් තිබේ.වර්ෂ 1910දී කළුවර ටොන් 2635ක් විදේශිකයන්ට වෙන්දේසි කළ බව සඳහන් වේ.

 කලුවර ලීය මැදගත් විට දීප්තිමත් කලු පැහැයක් ගනී.මෙම ශාකයේ ලීය ඉතා ශක්තිමත් වන අතර එය කෘමි උවදුරු වලින් තොර වේ.වර්ථමානය වන විට සීමිත කැටයම් ප්‍රතිමා ආදිය තැනුවත් ගෘහ භාණ්ඩ ආදිය තැනීමට මෙම දැව සපයා ගැනීමට නැත. අතීතයේ සිදු වූ අසීමිත දැව හෙළීම නිසා අද වන විට මෙම වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කණගාටුවට කරුණකි . ශ්‍රී ලාංකීය ශිල්පීන් ඓතිහාසික වශයෙන් සියුම් කැටයම් කළ ගෘහ භාණ්ඩ , සියුම් මූර්ති සහ සුඛෝපභෝගී දැව භාණ්ඩ නිර්මාණයට ලංකා කලුවර ශාකය යොදා ගෙන ඇත .

 සාම්ප්‍රදායික ජනප්‍රවාද ,කලාව,සහ ශිල්ප ශාස්ත්‍රය තුළ ප්‍රමුඛස්ථානය ගන්නා මෙම ගස රටේ ඉතිහාසයේ සහ උරුමයේ අනිවාර්ය අංගයක් වී ඇත .එය දිවයිනේ පොහොසත් සංස්කෘතික අනන්‍යතාවයේ සාරය පිළිබිඹු කරමින් ශක්තිය ,කල්පැවැත්ම සහ සදාකාලික සුන්දරත්වය සංකේතවත් කරයි.

කලුවර ශාකයේ පොතු,කොළ මල් සහ ගෙඩි ආයුර්වේද ඔසු සඳහා බහුලව භාවිත කරනු ලැබේ.මෙම ශාකයේ ගෙඩි තුවාල සුව කිරීමට යොදා ගන්නා අතර ඉදුණු ගෙඩි පාචනය සහ අතීසාරය සඳහා ප්‍රතිකාර වලට යොදා ගනී.බීජ වලින් ලබා ගන්නා තෙල්ද ඖෂධ ලෙස යොදා ගනී.පුරාණයේ මසුන් මැරීමට දියපහර වලට යොදන විසක් ලෙසද කළුවර ගෙඩි භාවිතා කර තිබේ.

කලුවර දැව ඝන මීටරයක් රු:123,228.00පමණ වේ.2007 වර්ෂයේ රතු දත්ත පොතට ( The 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව ශ්‍රී ලංකාවේ වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක් වූ ශාක විශේෂයක් (Endangered -  EN) ලෙසට නම් කොට ඇත .

අවසාන වශයෙන් Diospyros Ebenum , ceylon Ebony  ශ්‍රී ලංකාවේ ස්වභාවදර්මය , සංස්කෘතික හා ශිල්පීත්වය අතර ඇති සංකීර්ණ අන්තර් සම්භන්දතාවයේ සාක්ෂියක් ලෙස පෙනී සිටියි.එහි අඳුරු සහ දිලිසෙන දැව දක්ෂ ශිල්පීන්ගේ දෑත් අලංකාර කරනවා පමණක් නොව දිවයිනේ පාරිසරික සහ සංස්කෘතික උරුමයන්ද මූර්තිමත් කරයි.එහි තිරසාර කළමනාකරණය සහතික කිරීමේ උත්සහය  අඛණ්ඩව පවතින අතර මෙම ආවේණික විශේෂය ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස පවතින අතර මානව උත්සහයන් හා ස්වභාවික ලෝකය අතර සුසංයෝගී සහජීවනයක අවශ්‍යතාවය පවතී..

Leo Amanda Oshadi

First Year

Faculty of Arts

කැහිබෙල්ලා

 


පොදු නාමයකැහිබෙල්ලා

විද්‍යාත්මක නාමය-  Cissa Ornate

රාජධානිය -ඇනිමේලියා

වංශය - කෝඩටා

වර්ගය- ආවේස්

ශ්‍රී ලංකා කැහිබෙල්ලා ශ්‍රී ලංකාවටම ආවේණික පක්ෂියෙකි.(Sri Lanka Blue Magpie or Ceylon Magpie (Urocissa ornata)  සිංහරාජය ඇතුලු සදාහරිත වැසි වනාන්තර වල මොවුන් වාසය කරයි.කපුටු පවුලට අයත් පක්ෂියෙකි.මොවුන් ජීවත් වන සදාහරිත වැසි වනාන්තර විනාශ වීමත් සමඟ වදවී යාමේ තර්ජනයට වර්ථමානයේදී ලක්වී තිබේ.

සාමාන්‍යයෙන් හය හත් දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් ලෙස සැරිසරන කැහිබෙල්ලන් අධික මාංශ භක්ෂකයින් ලෙස කුඩා ගෙම්බන්, කටුස්සන්, කෘමීන් සහ අපෘෂ්ඨවංශීන් ආහාරයට ගන්නා අතර පලතුරුද ආහාරයට ගනී.යුරෝපීය කැහිබෙල්ලාට ප්‍රමාණයෙන් සමාන 32-47 cm පමණ වන ශ්‍රී ලංකා කැහිබෙල්ලා ගසක හෝ පඳුරක කෝප්පයක හැඩති කුඩා කූඩුවක දුඹුරු ලප සහිත සුදු පැහැ  බිත්තර 3-5 අතර ප්‍රමාණයක් දමයි.

 වර්ථමානය වනවිට කැහිබෙල්ලාගේ වවවීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ. තේ වෆාව ව්‍යාප්ත කිරීම සඳහා වැසි වනාන්තර විනාශ කිරීම,අනවසරෙන් වැසි වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම, සිංහරාජය හා අවට වනාන්තර තුළ සිදුවන දැව ජාවාරම ,පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාර සඳහා ප්‍රේරක කලාප විනාශ කිරීම නිසා ලංකා කැහිබෙල්ලා ඇතුලු ආවේණික ශාක හා සත්ත්වයින් රැසක් දැඩි තර්ජනයටලක් වී ඇත.

කැහිබෙල්ලා සශ්‍රීක භූ දර්ශන වලට පමණක් ආවේණික වූ සිත් ඇදගන්නා පක්ෂි විශේෂයකි.ඔවුන් දීප්තිමත් පිහාටු සහ අද්විතීය ලක්ෂ්ණ වලින් කැපී පෙනෙන මධ්‍ය ප්‍රමාණයෙන් යුත් පක්ෂියෙකි .එහි වඩාත් සුවිශේෂී ලක්ෂණය වන්නේ විච්ත්‍රවත් සහ බහුවර්ණ පිහාටුය.හිස, බෙල්ල හා පපුව ඉහළ කොබෝල්ට් නිල් පැහැයෙන් යුක්ත වේ.කැහිබෙල්ලා අභිජනන කාලය සාමාන්‍යයෙන් ආරම්බ වන්නේ නිරිතදිග මෝසම් සමයේදී අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළය. ගැහැණු සතා ප්‍රවේශමෙන් කූඩු සඳහා සුදුසු ගස් කුහරයක් තෝරා ගනී.අතු සහ කොළ වලින් කෝප්ප හැඩති කූඩුවක් සාදයි.බිත්තර දැමූ පසු මව්පියන් දෙදෙනාම වගකීම බෙදා ගනිමින් පැටවුන් ඇතිදැඩි කරයි.මෙම සහයෝගී උත්සහය කණ්ඩායම තුළ ශක්තිමත් සමාජ බැදීම් ශක්තිමත් කරයි.

අවසාන වශයෙන් කැහිබෙල්ලා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ ස්වාභාවික ආශ්චර්යයන් පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී.එහි දීප්තිමත් පිහාටු , බුද්ධිමත් සමාජ ගතිකත්වය සහ පෞරාණික වනාන්තර වාසස්ථාන මත යැපීම දිවයිනේ පාරිසරික පොහොසත්කමේ සංකේතයක් බවට පත්කරයි.මෙම පක්ෂියාගේ වාසස්ථාන සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම වගකීමක් පමණක් නොව ශ්‍රී ලංකාවේ කුරුලු භූ දර්ශනය නිර්වචනය කරන විශිෂ්ට විවිධත්වය සැමරීමක් බවට පත් වේ.

Leo Amanda Oshadhi

First year

Faculty of Arts

Saturday, January 20, 2024

වෙනිවැල්ගැට ශාකය


 

ශාකය:-වෙනිවැල්ගැට ශාකය

ඉංග්‍රීසි නාමය:-Calumba Wood

විද්‍යාත්මක නාමය:-Coscinium Fenestratum

වෙනත් නම්:-බාන් වැල්,කහ වැල්,වනු වැල්,මරමංජල්,මරමංජල් කොඩි,අරට්ටූරම්

වෙනිවැල්ගැට ශාකය විශාල ශාක මත පැතිරී යන සිනිඳු පොත්තක් සහිත කාෂ්ඨීය වැලකි.ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වනාන්තර තුළ හමුවන වෙනිවැල්ගැට ශාකය පෙර කළ මී ගවයන් බැඳීමට භාවිතා කළ නිසා බාන් වැල් ලෙසද හඳුන්වයි.කහ වර්ණ නිසා කහ වැල් ලෙසද,වැල් වල ගැට පවත්නා බැවින් වෙනිවැල්ගැට ලෙස වෙනිවැල් ශාකය හඳුන්වයි.වෙනිවැල් Menispermacea උද්භිත කුලයට අයත් ශාකයකි.දාරුහරිද්‍රා ශාකය නොමැති කළ ඒ වෙනුවට භාවිතා කිරීමට නියම කර ඇත්තේද වෙනිවැල්ගැට ශාකයයි.ළපටි ශාඛා කහ පාට බූවකින් වැසී පවතියි.පොකුරු ලෙස හටගන්නා කුඩා මල් ඒක ලිංගික වේ. ගෝලාකාර ඵලය 2cm ක් පමණ විෂ්කම්භයක් සහිතය.ළපටි කඳ කොටස් සිහින් හා කහ පැහැති බූවකින් වැසෙයි.

පස් පංගුව ,දස පංගුව වැනි ඖෂධීය නිෂ්පාදනයේදී එකතු කරගන්නා වටිනා ඖෂධයක් ලෙස වෙනිවැල් හඳුනාගත හැකිය.උණ,සර්ප විෂ,මුඛ රෝග,දද, කුෂ්ඨ, අධික ලේ වහනය සෙංගමාලය,පණු රෝග ,අතීසාරය, මුත්‍රා දැවිල්ල, දියවැඩියාව, පිටගැස්ම ,ප්‍රදර රෝග, භගන්දරා, කණ්ඩමාල ආදී  රෝග බොහෝමයකට ප්‍රතිකාර කිරීමේදී වෙනිවැල් වැලේ කඳේ ගැට සහිත කොටස් ද, කොළ, මුල් ,කඳ ,කඳේ පොත්ත සහ එක විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනියි.වෙනිවැල් ආහාර රුචිය වඩවන,විෂ නසන රසායනික ගුණ සහිත ශාකයකි.උණ රෝගය සඳහා ඉඟුරු,කොත්තමල්ලි,වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කිරීම හෝ වෙනිවැල්ගැට හා පත්පාඩගම් තම්බා ගත් ජලය පානය සුදුසුය.කුඩා දරුවන්ගේ චර්ම රෝගවලට වෙනිවැල්ගැට,කොකුම් පොතු,වියළි කහ සමව ගෙන කුඩු කර පිරිසිදු තල තෙලින් පැසවා ආලේප කරයි.කුඩා දරුවන්ට පණුවන් නිසා හටගන්නා අතීසාරයට මෙන්ම පණු රෝග වැළැක්වීමටද වෙනිවැල්ගැට,කහ,එළබටු,කෙළිඳ සහල් ආදිය කසාය කර දෙයි.සම මත ඇතිවන දද,කුෂ්ට වැනි පීඩාකාරී රෝග සමනය කිරීමටද වෙනිවැල්ගැට හා වියළි කහ තැම්බූ වතුර හෝ වෙනිවැල්ගැට,ඇත්තෝර කොළ,අමු කහ තම්බාගත් වතුර භාවිතා කරයි.සර්ප විෂට වෙනිවැල් තම්බා බීම යෝග්‍යයි.ආසාත්මිකතාවයන්ට වෙනිවැල්ගැට,පත්පාඩගම් හා කොත්තමල්ලි තම්බා බීමට දෙයි. වෙනිවැල්ගැට එළඟිතෙලින් අඹරා ආලේප කිරීමෙන් කූඩැල්ලන් කෑ තුවාල සුව වෙයි.මුඛයේ ඇතිවන විවිධ රෝග සඳහා එනම්, මුඛ දුර්ගන්ධය,දත් මුල් දිය වීම,විදුරු මසින් ලේ ගැලීම ආදී මුඛ රෝග සඳහා වෙනිවැල්ගැට,අරළු,බුළු,නෙල්ලි,සමන් පිච්ච කොළ,රසකිඳ,වියළි මිදි,අසමෝදගම් තම්බා කට සේදීමෙන් එම රෝග සුව වේ.මුහුණ පැහැපත් කිරීමට ඈත අතීතයේ සිටම වෙනිවැල්ගැට මී පැණියෙන් අඹරා ආලේප කරනු ලබයි.ඇස් රෝග සඳහා වෙනිවැල්ගැට තම්බා එම වතුරෙන් ඇස් සේදීම සිදු කරයි.මුත්‍රා සමඟ සැරව පිටවන විට වෙනිවැල්ගැට,අරළු,බුළු,නෙල්ලි,වියළි කහ හා ඉඟිනි ඇට කසාය කර මී පැණි අනුපාතයෙන් බොන්නට නියම කර ඇත.අජීරණය නිසා මුඛයේ අමීරස ඇතිවන විට වෙනිවැල්ගැට,කුරුඳු පොතු සූදුරු තම්බා ගත් වතුරින් කට සේදිය යුතුය.වෙනිවැල්ගැට ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීම හිසරදයට අත් බෙහෙතකි.පිටගැස්මට හා සෙම්ප්‍රතිශ්‍යාවට වෙනිවැල්ගැට ,කොත්තමල්ලි,සුදුළූණූ තැම්බූ වතුර බීම අපට හුරුපුරුදු ප්‍රතිකාරයයි.පසුගිය කාලයේ කොරෝනා වෛරසය සමඟ තවත් ප්‍රසිද්ධ වූ වෙනිවැල්ගැට ප්‍රතිශක්තීකරණය සඳහා ද උපකාරී වේ.වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ගැමි ජනතාව කැපීම්,කෙටීම් වැනි අවස්ථාවලදී වෙනිවැලක් කපා එයින් වෑස්සෙන ජලය පානය කරයි.හදිස්සි අනතුරක් වූ අවස්ථාවක ලේ වහනය වූ විට හොඳින් තම්බා ගත් වෙනිවැල් වතුර පානය කිරීමට දීම ගැමි ප්‍රථමාධාරයකි.ග්‍රාමීය මව්වරු කුඩා දරුවන් නැහැවීමේදී එම වතුරට වෙනිවැල්ගැට, අමු කහ හා කොකුම් පොතු මුසු කරනුයේ විෂබීජනාශක නැති කර දරුවාගේ සම පැහැපත් වීමත් අපේක්ෂාවෙනි.එමෙන්ම ළදරුවන්ගේ දහදිය බිබිලි වලට සියුම්ව සකසාගත් වෙනිවැල්ගැට කුඩු ඇල්දියෙන් තවරා පැය 12 කට පමණ පසු සෝදා හැරීම ගැමියන් අත්දුටු ප්‍රතිකාරයකි.

අද වන විට වෙළඳුන් විසින් වෙනිවැල්ගැට වෙනුවට වෙනත් වැල් වර්ග කහ පාටින් වර්ණ ගන්වා වෙළඳපොළට එවීමේ ජාවාරමක්ද ක්‍රියාත්මකව පවතියි.විශේෂයෙන් වෙනිවැල් අයත් Menispermacea කුලයේ සුලභ වැල් වර්ගයක් වන තිත්ත වැල් ඒ සදහා බහුලව භාවිතා කරයි.අද වන විට මෙලෙස ඖෂධීය ගුණයෙන් සපිරි වෙනිවැල්ගැට ශාකය වඳවෙමින් යන ශාකයක් බවට පත්වී තිබීම කනගාටුදායක තත්වයකි.

 

Leo Chathurika Nethmini

First Year

Faculty of Arts

ශ්‍රී ලංකා කොටියා

රාජධානිය:-Animalia

වර්ගය:-Mammalia

වංශය:-Chordata

ගෝත්‍රය:-Carnivora

කුලය:-Felidae

ගණය:-Panthera

විද්‍යාත්මක නාමය:-Panthera Pardus kotiya

ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා ලොව වෙසෙන කොටින්ගේ උප විශේෂයක් වන අතර ලංකාවට ආවේණික වෙයි. Panthera Pardus kotiya ලෙස ශ්‍රී ලංකාවේ උප විශේෂය පී.ඊ.පී.දැරණියගල මහතා 1956 දී නම් කරන ලදී.ශ්‍රී ලංකා කොටියා වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙස ලෝක සං‍රක්ෂණ සංගමය (IUCN) රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.කොටියා මාංශ භක්ෂක විලෝපිත ක්ෂීරපායී සත්වයෙක් වේ.ශ්‍රී ලංකාවේ පාරිසරික දින දර්ශනයට අනුව සෑම වසරකම අගෝස්තු පළවෙනිදා ලංකාවේ වනාන්තරවල හමුවන විශාලම බළල් විශේෂය වන ශ්‍රී ලංකා කොටියා සැමරීමට වෙන් කර ඇත.Panthera Pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි කොටියා සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්ව යටතේ වාසය කරයි.තවද Panthera Pardus Diviya ලෙසද හඳුන්වන සත්වයෙක් වාසය කරනු නොලැබේ.මෙසේ ගැටළුකාරී තත්වයක් උදාවී ඇත්තේ මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන tiger යන්න කොටියා ලෙසත්,leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි.නිවැරදි භාවිතයට අනුව tiger යනු,ව්‍යාඝ්‍රයා වන අතර leopard යනු,කොටියා වේ.

ශ්‍රී ලංකා
කොටියා වර්තමානය වන විට වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සත්වයෙකි.වාර්ෂික වර්ෂාපතනය 1000
mm වලට වඩා අඩු ශුෂ්ක නිසරු ප්‍රදේශ වලත් 1000mm ත් 2000 mm අතර වාර්ෂික වර්ෂාපතනයත් ඇති ප්‍රදේශ වලත් 2000 mm ට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයේත් කොටියා වාසය කරයි.වියළි කලාපයට අයත් වනාන්තරවල,හෝර්ටන්තැන්න හා නකල්ස් වැනි කඳුකර වනාන්තර වලද කොටියා වාසය 

Leo Chathurika Nethmini
First Year
Fa

World Religion Day


"සෑම පුද්ගලයෙකුට තම රුචිකත්වය මත ඕනෑම ආගමක් ඇදහීමට අයිතියක් ඇත.නමුත් සෑම ආගමකටම ගරු කිරීම මිනිසා තම ආගම තුළින්ම උගත යුතුය"..ලෝක ආගමික දිනය සෑම වසරකම ජනවාරි මාසයේ තුන්වන ඉරිදා දින සමරනු ලබන අතර, එය ආගම් සහ ඇදහිලි පද්ධති අතර සමගිය සහ අවබෝධයේ අවශ්‍යතාවය සිහිපත් කරයි. ලෝක ආගමික දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1950 දී නමුත් සියලු ආගම් සැමරීමේ මුලපිරීම ඊට වසර කිහිපයකට පෙර ආරම්භ විය. 1947 ඔක්තෝම්බර් මාසයේදී, බාහ් ඇදහිල්ලේ ජාතික අධ්‍යාත්මික සභාව රැස්වීමක් පැවැත්වූ අතර එහිදී සෑම වසරකම ලෝක සාමය හරහා ලෝක සාමය නමින් උත්සවයක් පවත්වන බවට එකඟ විය.මෙම දිනයේදී, විවිධ ඇදහිලිවල ප්‍රජාවන්ට එකට එකතු වී එකිනෙකාට සවන් දීමට මෙන්ම සංස්කෘතිය හා ආගමේ සියුම් මිශ්‍රවීම ගෙන එන වෙනස්කම් හා පොදු බව සැමරීමට අවස්ථාව තිබේ. ලොව පුරා ආගම් 4,200 ක් පමණ ඇත. බොහෝ මිනිසුන් ආගමකින් තොරව තම ජීවිතය ගත කරන අතර, උසස් පැවැත්මක් හෝ බලයක් කෙරෙහි ඇදහිල්ල බහුතර මිනිසුන් සඳහා ක්‍රියා කරයි. හේතු කුමක් වුවත්, වෙනස්කම් නොතකා එකමුතු වී ඔවුන් සැමරීමේ අදහස සඳහා අපි සියල්ලෝම සිටිමු.ලෝක ආගමික දිනය
යනු ලොව පුරා ක්‍රියාත්මක වන විවිධ ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාසයන් පිළිගැනීමට සහ ගරු කිරීමට කැප වූ දිනයකි. විවිධ ආගම් ගැන ඉගෙනීමට, අන්තර් ආගමික සංවාදවල යෙදීමට සහ වඩාත් සුහදශීලී සහ ඇතුළත් සමාජයක් සඳහා වැඩ කිරීමට එය පුද්ගලයන් දිරිමත් කරයි.

බොහෝ සංවිධාන මෙම දිනය සමරනු ලබන්නේ ඇදහිලි නායකයින් දේශන සහ දේශන පැවැත්වීමට එක්වන අන්තර් ආගමික උත්සව පැවැත්වීමෙනි. තම ආගමට වඩා වෙනස් ඇදහිලි වලින් මිනිසුන්ට කතා කිරීමට සහ සවන් දීමට සහ අනෙකුත් ආගම්වල මූලික මූලධර්ම තේරුම් ගැනීමට මිනිසුන් දිරිමත් කරනු ලැබේ. සෑම පුද්ගලයෙක්ම තමාට ආවේණික වූ ආගමක් හෝ දර්ශනයක් අදහයි. තමා කුමන ආගමක් දර්ශනයක් ඇදහුවද ලොව පවතින සියලු ආගම් වලට එක සේ ගරු කල යුතුය. බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු හෝ ඉස්ලාම් වේවා මේ සියලු ආගම් මිනිසුන්ගේ යහපත සදහා පවතී...


Prabuddya senarathna

1st year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...