Sunday, February 4, 2024

76වන ජාතික නිදහස් දිනය


එක්ව පරදා දිනූ නිදහස

යලිදු උදුරා ගනු සිතන්

යනෙන බලමුළු නිවට සිතුවිලි 

සමග උරෙනුර හා ගැටී

අපේ මව්බිම රකිමු සැමදා

මව් සෙනේහය සිත දරන්

සියවස් ගණනාවක් පුරාවට බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස් රාජ්‍යයක් බවට පත්වීමේ අවස්ථාව උදාවී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නිදහස් දින උත්සවය සමරමින් එම දිනය රජයේ නිවාඩු දිනයක් බවටද පත්කර ඇත. එතැන් සිට අද දක්වා සෑම වර්ෂයකම පෙබරවාරි 04වන දින ජාතික නිදහස් දිනය සමරනු ලබයි. 

ඒ අනුව මෙවර 76 වන ජාතික නිදහස් දිනය "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර පිටියේදී පැවැත්වේ. මෙම නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැව්සින් මහතා සහභාගි වීමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට හා දෙරට අතර ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද මෙහිදී අරමුණු කරගෙන ඇත.

මේ අනුව ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරමින් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළි පෙරටු කරගනිමින් සංස්කෘතික නැටුම් ගැයුම් ආදී විවිධාකාර විචිත්‍රවත් අංගයන් ඔස්සේ මෙම නිදහස් උළෙල අලංකාර කර ඇත. මෙම ලැබූ නිදහස සැබැවින්ම ජනතාව භුක්ති විඳිය යුතු අතර ඊට අවහිර වන ඕනෑම බලවේගයක් වෙනුවෙන්ද නැගී සිටීමද අත්‍යවශ්‍ය වේ. එසේ නම් "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් 76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු.


Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

 

Thursday, February 1, 2024

ටියුලිප් මල




රෝස මල් දුන් අත් දෙස …

ඔබේ නෙත්වලින් නොබැලුවේ…

ව්‍යාජව ආ විෂ කටු නිසාද?

බොළද පෙම් වදන් …

ඇසෙන්නට නොදි …

කන් වසාගත්තේ …

කාමී පුරුෂ පෙමෙහි…

ස්පර්ෂයට අකමැති නිසාද?

දුඹුරු ඇස්වලින් මා දෙස බැලුවේ…

ඔබ ආසම ටියුලිප් මල …

මම නිසාද?

 

 

S.Sithumi Poornima

Faculty of Arts

1st year

මතක...


වැහි බර අකුණු 

මහපොළවට කඩාගෙන

නෙත්සර දනන්

තුටු කඳුළින් තෙමාගෙන

අපි ආ ගිය මාවතත්

දියවෙන සැටි බලාගෙන

කතරක සැනසෙන්නේ

කොහොමද, අපි

හිරිකඩ හිත් ළඟ තබාගෙන


ශශිකලා කල්හාරි

අධ්‍යාපන පීඨය

දෙවන වසර

Sunday, January 28, 2024

බෝරෝබුදුර් විහාරය


භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මුල්බැසගත් විවිධ රාජ්‍යයන්හි උන්වහන්සේ හා උන්වහන්සේ දෙසූ ධර්මය වෙනුවෙන් විහාරාරාම, දාගැබ් ආදීය නිර්මාණය විය.වර්තමානයේ එවැනි ඇතැම් රටවල බුදු දහම දක්නට නොමැති නමුත් ධර්මය වෙනුවෙන් අතීතයේ ඒ රාජ්‍යයන් කැපවූ අයුරු අදටද දැකගත හැකිය.

එවැනි ප්‍රෞඩ  බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති ඉන්දුනීසියාවේ විශිෂ්ට බෝරෝබුදුර් විහාරය පිහිටා ඇති අතර එය ලොව විශාලතම බෞද්ධ ස්මාරකය ලෙස සැලකේ. 8 වන හා 9 වන සියවස්වල මෙය නිර්මාණය වී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 600 - 800 දක්වා කාලය යනු ඉන්දියාව, ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව පුරා විහාරස්ථාන ඉදිකිරීමේ ස්වර්ණමය යුගයක් බව පෙන්වා දීමට මෙය කදිම නිදසුනකි.

ගිනිකඳු පාෂාණ වලින් ඉදිකර කිසිදු නවීන මෙවලමක් භාවිතයෙන් තොරව වසර 75ක කාලයක් තුළ ඉදිකරන ලද මෙම බෝරෝබුදුර් විහාරය බුද්ධ ප්‍රතිමා 504ක් පේකඩ පුවරු 2672කින් යුක්ත වන අතර මෙය මහායාන බෞද්ධ විහාරයක් ලෙස සැලකේ.1991 වර්ශයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කල බෝරෝබුදුර් විහාරය ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි කේඩු නිම්නයේ සශ්‍රික හරිත කෙත්වතු හා දර්ශනීය කඳුකරයක පිහිටා ඇති  ශෛලමය කලාවේ අද්විතීය නිමැවුමකි.

මහායාන බුදුදහම ප්‍රවර්ධනය කළ ශෛලේන්ද්‍ර අධිරාජ්‍ය සමයේදී බුද්ධ දේශනාවේ දෘෂ්‍ය ස්වරූපය  හා බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු පියවර ප්‍රායෝගිකව පෙන්වා දෙන අරමුණින් මහල් අටකින් යුක්තව මෙය නිමකර තිබේ.සමස්ත ගොඩනැගිල්ල පිරමීඩාකාර හැඩයකින් යුක්ත වන අතර මුල් අදියර චතුරස්‍රාකාර වේ. මෙය දේව මාලිගා කොටස ලෙස හැඳින්වේ.ඉහලින්ම ඇති වෘත්තාකාර වේදිකා තුළ විශාල දාගැබක් කේන්ද්‍ර කොට ගෙන කුඩා පරිවාර දාගැබ් 72ක් දක්නට ලැබේ.ඒ හැම දාගැබ් අභ්‍යන්තරයකම බුද්ධ ප්‍රතිමාව බැගින් නිර්මාණය ඇති ආකාරය දැකගත හැකිය .

බුදු දහමේ ඉගැන්වෙන කාම,රූප,අරූප යන තුන් ලෝකය සංකේතවත් කරන මෙම අපූරු නිර්මාණය අවිද්‍යාවෙන් මිදී බුද්ධත්වය කරා යන මාර්ගය පසක් කිරීමේ උත්සාහයක් බව විද්වතුන්ගේ මතයයි.

බොරෝබුදුර් විහාර සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව මෙන්දුත්,පාවෝ යන නමින් තවත් කුඩා විහාරස්ථාන ද්විත්වයක් දක්නට ලැබේ. මෙම විහාර ත්‍රිත්වය ම එක පෙලට පිහිටා ඇති අතර අතීතයේදී මෙම විහාර තුනම එකිනෙක සම්බන්ධ කරමින් ගඩොල් අතුරන ලද මං පෙතකින් පැවතෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

ඉන්දුනීසියාව ගිනිකඳු ආශ්‍රිත රටක් වන අතර වරින් වර ගිනිකදු පිපිරීමේ බලපෑම බෝරෝබුදුර් වලට එල්ල වුවද අතීත ඉදුනීසියානු බෞද්ධ ජනයා එය ආරක්ෂා කරගැනීමට  උත්සුක වූහ.ශ්‍රේෂ්ඨ බුදුරදුන් වෙනුවෙන් තැනූ නුවර යන අරුත් ඇති බෝරෝබුදුර්  විහාරාරාමය අග්නිදිග ආසියාවේ ආගමික ප්‍රබෝධය, ආධ්‍යාත්මික සංවර්ධනය, වාස්තු විද්‍යාත්මක දියුණුව පිළිබඳ කැටපතක් වෙනවා මෙන්ම ලෝකවාසි  බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන එමෙන්ම ලෝක සංචාරක ආකර්ශනය දිනු අපූරු ගමනාන්තයකි.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

Valentine's Day: Celebrating Love and Affection

 


Valentine's Day, celebrated annually on February 14th, is a day dedicated to expressing love and affection to those dear to us. Originating from ancient Roman traditions, this day has evolved into a global celebration of romantic love and companionship.

        Traditionally, couples exchange gifts, such as flowers, chocolates, and cards, as tokens of their affection. However, Valentine's Day isn't limited to romantic love; it's also an opportunity to show appreciation for friends and family members. In recent years, the holiday has become more inclusive, with people celebrating all forms of love, including self-love and platonic relationships.

        Valentine's Day has a complex history that dates back to ancient Roman times. One popular belief is that it originated from the ancient Roman festival of Lupercalia, which was celebrated on February 15th. During Lupercalia, people would pair off through a lottery system and engage in fertility rituals.

        Another theory suggests that Valentine's Day is named after Saint Valentine, a Christian martyr who was executed on February 14th in the 3rd century AD. There are several stories about Saint Valentine, but the most popular one is that he secretly performed weddings for soldiers who were forbidden to marry.

        Many choose to commemorate the day with special dinners, romantic gestures, or intimate getaways. However, others opt for more unconventional celebrations, such as volunteering or spending quality time with loved ones.

        Critics argue that Valentine's Day has become overly commercialized, with pressure to spend money on extravagant gifts. However, proponents argue that the holiday serves as a reminder to cherish and appreciate the people we love, regardless of the commercial aspects.

        Ultimately, Valentine's Day is a time to celebrate love in all its forms and to cherish the meaningful connections in our lives. Whether it's a romantic dinner for two or a heartfelt gesture to a friend, the spirit of Valentine's Day lies in spreading love and kindness.

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts

Saturday, January 27, 2024

ඉතින් රොබරෝසිය...


රොබරෝසියන් මලේ,

මතක ද ඇවිද ගිය හැටි

මල් ඉහිරුණු සවසක

ආල හිත් දෙකක්


ඉතින්, 

නුඹට කොයින් ද මතක

රොබරෝසියන් මල් පිපුණදා ට

ආල හිත් නැවතෙන්නෙ ම 

මල් ඉහිරුණු මේ රූස්ස ගහ යට


ඒත්, රොබරෝසිය

දන්නව ද ? 

ආල හිත්, මල් වාරෙ දී

නුඹව හමු වුණාට

මල් නොපිපෙන අවාරෙක

මේ රූස්ස ගහ යට හිටියේ

අපි දෙන්නා විතරක් බව....


Leo Umessha Hansanie

First Year

Faculty of Arts

කළුමැදිරිය ශාකය [ Nature Eye - Article 26]


පොදු නාමය :- කළුමැදිරිය/කලමන්ද/කඩුබේරිය

විද්‍යාත්මක නාමය :- Diospyros quaesita

ඉංග්‍රීසි නාමය :- Calamander tree

පවුල :- Ebenaceae

කුලය :- Diospyros

USDA දෘඪතාව :- 10-12

        අග්නිදිග ආසියාවට ආවේණික මෙම කළුමැදිරිය ශාකය ඒකදේශික ශාක ගණයට අයත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි. නිවර්තන වැසි වනාන්තර වල දක්නට ලැබෙන මෙම ශාකය දිගින් 35m පමණ උසට වැඩේ. 8-18cm අතර දිගින් යුක්ත දිලිසෙන පත්‍ර පවතී. තද කළු පැහැති කයිරු මුල් සහිතයි. ඉතා කුඩා කහපැහැති පුෂ්ප හටගනියි. ගෝලාකාර ඵල හටගනී. දැවමය වටිනාකමකින් යුක්ත කඳ කළු සහ කහ ඉරි සහිත බැවින් ගෘහ අලංකරණ භාණ්ඩ නිපදවීමට යොදා ගැනේ. මෙම කළු සහ කහ පැහැති ඉරි අද්විතිය රටාවන්ගෙන් යුක්ත බැවින් ද, කළුමැදිරිය ශාකය කළුවර වල එක් වර්ගයක් බැවින්ද  අධික වටිනාකමකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,වලව්වේවත්ත, වතුරාන වගුරු වනාන්තරය තුළ දක්නට ඇත.

         මෙම ශාකය අග්නිදිග ආසියාවට ආවේණික වුවද ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දක්නට ඇත. මෙහි ඉංග්‍රීසි නාමය වන Calamander යන නම එන්නේ මෙම දැව මුලින්ම අපනයනය කළ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයෙනි. තවද කොරමැන්ඩල් යන්න නිවර්තන ආසියානු ගසක තද දුඹුරු පැහැ ලීයක නමකි.

         සාමාන්‍යයෙන් ඩයස්පයිරෝස් විශේෂයේ බීජ ඉතා කෙටි ශක්‍යතාවක් ඇති බැවින් හැකි ඉක්මනින් වපුරා ගත යුතුය.  එහි ප්‍රරෝහණ නිෂේධක අඩංගු බැවින් මස් ඉවත් කළ යුතුය.  තවාන් බීජ පාත්තියක සෙවන සහිත ස්ථානයක බීජ වපුරන්න.  කළුවර සඳහා වපුරන මාධ්‍ය 3:1 අනුපාතයට පස් සහ සිහින් වැලි භාවිතා කරයි.  බීජයේ ඝනකම මෙන් 1 1½ ගුණයක ගැඹුරකින් යුත් වපුරන ගැඹුරක් සහිතව, බීජය තිරස් අතට හෝ සිරස් අතට සිටුවනු ලැබේ.  බීජ අතර දුර 35 සෙ.මී.  බීජ ප්‍රරෝහණය සහ මුල් වර්ධනයේදී වියළීමට ඉතා සංවේදී බැවින් මෙම අවස්ථාවේදී නිතිපතා වතුර දැමිය යුතුය.  සාමාන්‍යයෙන් සතියකට පසු බීජ ප්‍රරෝහණය වේ.           

        කළුමැදිරිය ශාකය මන්දගාමී වේගයෙන් වර්ධනය වන සෙවණේ නොවැඩෙන ශාකයකි. වියළි හෝ තෙත් පසකට වැඩි කැමැත්තක් දක්වයි. (වැලි,ලෝම සහ මැටි පස - PH අගය මෘදු අම්ල, උදාසීන සහ මූලික පස්) මේවා බීජ හරහා ප්‍රජනනය සිදුකරයි. බීජ ස්වභාවිකව හෝ සතුන් උපකාර කරගෙන පැතිරේ. සාරවත් පසක් හා සුදුසු පරිසරයක් හමු වූ විට බීජ ප්‍රරෝහණය වී ගස බවට පත් වේ. ක්ලෝන කිරීම හෝ බද්ධ කිරීම වැනි ක්‍රම සඳහා අනුගත නොවේ.

        වනාන්තර විනාශය නිසා වාසස්ථාන අහිමි වීම, වටිනා දැව නීතිවිරෝධි ලෙස කැපීම, දේශගුණ විපර්යාස නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. සංරක්ෂණ ප්‍රයත්නයන් හා තිරසර වගා පිළිවෙත් අවශ්‍ය වේ.

Sources of information and photograph credits:- Thuru.lk, lakshmanillangakoon.blogspot.com, lankaanews.com, pfaf.org, wikipedia.org, herbal.organic.com, Pinterest.com

Leo Hiruni Aththanayake,

First year,

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...