Sunday, February 4, 2024

76වන ජාතික නිදහස් දිනය


එක්ව පරදා දිනූ නිදහස

යලිදු උදුරා ගනු සිතන්

යනෙන බලමුළු නිවට සිතුවිලි 

සමග උරෙනුර හා ගැටී

අපේ මව්බිම රකිමු සැමදා

මව් සෙනේහය සිත දරන්

සියවස් ගණනාවක් පුරාවට බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස් රාජ්‍යයක් බවට පත්වීමේ අවස්ථාව උදාවී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නිදහස් දින උත්සවය සමරමින් එම දිනය රජයේ නිවාඩු දිනයක් බවටද පත්කර ඇත. එතැන් සිට අද දක්වා සෑම වර්ෂයකම පෙබරවාරි 04වන දින ජාතික නිදහස් දිනය සමරනු ලබයි. 

ඒ අනුව මෙවර 76 වන ජාතික නිදහස් දිනය "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමෝදර පිටියේදී පැවැත්වේ. මෙම නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැව්සින් මහතා සහභාගි වීමට නියමිතව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට හා දෙරට අතර ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද මෙහිදී අරමුණු කරගෙන ඇත.

මේ අනුව ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරමින් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළි පෙරටු කරගනිමින් සංස්කෘතික නැටුම් ගැයුම් ආදී විවිධාකාර විචිත්‍රවත් අංගයන් ඔස්සේ මෙම නිදහස් උළෙල අලංකාර කර ඇත. මෙම ලැබූ නිදහස සැබැවින්ම ජනතාව භුක්ති විඳිය යුතු අතර ඊට අවහිර වන ඕනෑම බලවේගයක් වෙනුවෙන්ද නැගී සිටීමද අත්‍යවශ්‍ය වේ. එසේ නම් "හදමු අලුත් රටක්" යන තේමාව මුල් කරගනිමින් 76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු.


Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...