Friday, March 21, 2025

French language day

 


French language day


ජ්‍යාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සෑම වසරකම මාර්තු 20 දින සමරනු ලැබේ.අද වන විට ප්‍රංශ භාෂාව ලෝකය පුරා ව්‍යාප්තව පවතින මෙන්ම පිළිගත් භාෂාවකි.එක්සත් ජාතීන්ගේ නිල භාෂා අතරට ප්‍රංශ භාෂාවද ඇතුළත් කර තිබෙනුයේ එබැවිනි.ලෝකය පුරා ජීවත් වන්නා වූ ප්‍රංශ භාෂාව කතා කරන්නන් එක්ව මෙම දිනය සැමරීම සිදු කරයි.

   

   මෙහි වැදගත්කම් කීපයක් දක්නට ලැබේ.ප්‍රධාන වැදගත්කම වනුයේ භාෂාවේ සංස්කෘතිය හා පැවැත්ම සංවර්ධය වීම හා සංරක්ෂණය වීමයි.ඕනෑම භාෂාවකට එයටම අනන්‍ය වූ ඉතිහාසයක් මෙන්ම සංස්කෘතයක් පවතී.භාෂාවක් රදා පවතිනුයේ මෙම සාධක ඔස්සේය.එබැවින් මෙවැනි දිනයක් නම් කිරීම එම භාෂාවට ඉතාමත් සාධනීය තත්තවයක් ඇති කරන්නකි.

  

    භාෂා භාවිතයේදී මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වනුයේ එම භාෂාව අඛණ්ඩව පවත්වාගෙන යාමයි.භාෂාවක පැවැත්ම තහවුරු වනුයේ එම භාෂාව කතා කරන්නන් තුළ ඒ සඳහා වටිනාකමක්,හැඟීමක් තිබුණහොත් පමණි.එමෙන්ම භාෂාවක ගුණාත්මකභාවයද එම භාෂාවේ අඛණ්ඩත්වය සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. එමෙන්ම භාෂාව තවත් පරම්පරාවක් වෙත සම්ප්‍රේෂණය වීමද එම භාෂාවේ සංවර්ධයට මහඟු අවස්ථාවකි.ප්‍රංශ භාෂාවට වත්මනෙහි පවතින ස්ථානය හිමි වීමට මෙම සාධකද බලපා තිබෙන බව කිව හැකිය. මෙවන් අරමුණු පෙරදැරි කොටගෙන මෙම භාෂා දිනය සෑම වසරකම පවත්වනු ලබයි.එමෙන්ම මෙලෙස දිනයක් නම් කිරීම තුළින් පුද්ගලයන්ගේ අවධානයද ඒ වෙතට යොමු වීම හේතු කොට ගෙන භාෂා ප්‍රවර්ධනය සාර්ථකව සිදු කළ හැක.


    ප්‍රංශ භාෂාව පවතින රටවල් තුළ විවිධ අංග මෙම දිනය උදෙසා පවත්වයි.

      ⭕ චිත්‍රපට ප්‍රදර්ශනය

      ⭕ කවි/නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය 

      ⭕ කලා කෘති ප්‍රදර්ශනය 

      ⭕ පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපනික වැඩසටහන්

      ⭕ සංස්කෘතික උත්සව

      ⭕ විවිධ සමාජ වැඩසටහන්


     මේ ආකාරයට භාෂා ප්‍රවර්ධන කාර්‍යයෙහි ලා ප්‍රංශ භාෂා දිනයේ පවතින්නා වූ වැදගත්කම මෙලෙස පෙන්වාලිය හැකි අතර තම මව් භාෂාව රැක ගැනීම උදෙසා මෙවන් වූ දිනයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමද භාෂා දිනයන් තුළින් කෙරෙන සුවිශේෂී කර්තව්‍යයකි


𝙵𝚛𝚎𝚗𝚌𝚑 𝙻𝚊𝚗𝚐𝚞𝚊𝚐𝚎 𝙳𝚊𝚢 -2025

 🇫🇷                                                                       


March 20th is a special day as we celebrate *French Language Day*, a global tribute to one of the most romantic and influential languages out there. This day, established by UNESCO, shines a light on the importance of French in diplomacy, culture, and unity, reminding us of its timeless allure and worldwide impact.


With roots in Latin, the French language boasts a history that's as enchanting as its melodic sounds. By the 17th century, it had established itself as the go-to language for diplomacy, intellect, and sophistication, earning the title of the "language of love and culture." Today, more than 300 million people across five continents speak French, showcasing its remarkable ability to connect diverse communities. From the poetic lines of Victor Hugo to the revolutionary thoughts of Simone de Beauvoir, French has gifted us a wealth of literature, philosophy, and art.


The values that the French language embodies—liberty, equality, and fraternity—resonate in every word. French is more than just a means of communication; it’s a vibrant expression of identity, creativity, and heritage. It serves as a bridge for cross-cultural dialogue, helping to break down barriers and promote global understanding.


As we come together to celebrate *French Language Day 2025*, let’s take a moment to appreciate the beauty, elegance, and unity that this remarkable language brings to the world.  Bonne journée de la langue française ! ❤️

Thursday, March 13, 2025

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...*

 

*මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...*   


ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැළකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. 


බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනක ය. ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදී ය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදී ය. රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදී ය.


දෙමාපියන්ට සැළකීම බුද්ධ චරිතයේ වටිනා ගුණයකි.බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුතු ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් දුකකින් සිටි අතර සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේ ය. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හරින ලදී. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් පැවිදි දිවියට පත් විය. 


අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නේ ය. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාළුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් විය. පසුව බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගන්වන ලදී. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්විය. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.


යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්වේ. යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙවන් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනක බව බෞද්ධ පත පොතේ සඳහන් වේ.


සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රාශියකට පාදක වූ මෙම මැදින් පොහෝ දින කුසල් ක්‍රියාවන්හි යෙදෙමින් අර්ථවත්ව ගත කිරීමට ඔබ සැමට හැකි වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

Tuesday, March 11, 2025

සිග්මා කාන්තා පෞරුෂත්වය

 තනිවම ජීවත් වීමට ඇලුම් කරන මෙන්ම ඉතා ගුප්‍ත චරිත ස්වභාවයකින් යුතු කාන්තාවන් සිග්මා කාන්තාවන් ගණයට අයත් වනවා. සමාජය ගැන තැකීමක් නොකරන, ලෝකයා තමන් ගැන සිතන්නේ කෙලෙසකද යන්න පිළිබද කිසිදු සැළකිල්ලක් නොදක්වන මොවුන් හට පිරිමින්ද පුංචි බියක් දක්වනවා යැයි සමාජමය මතයක්ද පවතියි. 


ඉතාම සරලව ගතහොත් මොවුන් සමාජය තුල ඉතාම නිශ්ශබ්ද භූමිකාවක් ගතකරයි. මොවුන් වැඩිය කතාබහ නොකරන වැඩිය සිනා නොවන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන සිටින කාන්තාවන් කොට්ඨාසයක්. මේ කාරණය නිසාම සිග්මා ලක්ෂණ සහිත කාන්තාවන්ව ලෝකයා වටහා ගන්නේ ඉතාම වැරදි අදහසකිනි. 


ඉතින් ඔබත් සිග්මා කාන්තාවක්ද.....? 

එන්න... මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු...



සිග්මා ලක්ෂණ සහිත කාන්තාවන් ස්වාධීනත්වය අතින් ඉහළ වේ. සිග්මා කාන්තාවන් alone wolf එහෙමත් නැතිනම් හුදකලා වෘක ධේනුව ලෙසින් හැදින්වීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් තුල පවතින ස්වාධීනත්වයයි. ආර්ථික, සාමාජීය, මානසික ආදී සෑම අතකින්ම ඇය ස්වාධීනය. ඇයට යමක් කිරීමට සිතුනහොත් අන් කිසිවෙකුගේවත් තක්සේරු කිරීම් හෝ උපකාර ඇයට අවශ්‍ය නොවේ. එසේම හැමෝම කරන දේවල් ඔවුන් නොකරයි. අපේ භාෂාවෙන් නම් එය රැල්ලට යාම, තව කෙනෙක් follow කිරීම් වැනි දේ කෙරෙහි ඇය උනන්දු නොවෙයි. තමන්ට සුවපහසු නම් තමන් කැමති නම් තමන්ට හැකියාව පවතී නම් සිතුනු ඕනෑම දෙයක් සිදු කිරීමට සිග්මා කාන්තාවන් පසුබට නොවෙයි.


වෙනස් විදිහට සිතන, වෙනස් විදිහට වැඩ කරයි. සිග්මා කාන්තාවන්ගේ මෙකී වෙනස් ස්වරූපය දකින සමහරෙක් ඇය වෙනස් චින්තනයක් ඇති අද්විතීය කාන්තාවක් ලෙසින් දුටුවත් තවත් සමහරෙක් හට ඇයව පේන්නට බැරි වෙන්නත් පුලුවන්. නමුත් මුලු ලෝකයකටම ඇයව පේන්නට බැරි කාන්තාවක් උවත් ඒ ගැන සිතා ඔවුන් කිසි විටකත් මානසිකව කඩා වැටීමක් සිදු නොවෙයි. 


එසේම මොවුන් තමන්ට නොගැළපෙන, තමන්ට නිසි ගෞරවයක් නොලැබෙන හෝ තමන් ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වන, සරල භාෂාවෙන් තමන්ව ගණන් නොගන්නවා යැයි සිතෙන තැනක එක් තප්පරයක් හෝ නොසිටියි. වහාම එවැනි සම්බන්ධතා වලින් ඉවත්ව යයි. එය නෑදෑ සබදතාවක් හෝ වේවා, අසල්වැසි සබදතාවක් හෝ වේවා, මිත්‍ර සබදතාවක් හෝ ප්‍රේම සබදතාවක් හෝ වේවා මේ කුමක් වුවත් එය තමන්ට සුදුසු නැතැයි සිතෙන්නේ නම් ඇය තමන්ගේ තත්ත්වය රැකගෙන වහාම එතනින් ඉවත්ව යයි. 


තමන්ට කල හොදක් හෝ වරදක් ඇය කිසි විටක පහසුවෙන් අමතක නොකරයි. තමන්ට හෝ තම හිතවතෙකුට කිසියම් අසාධාරණයක් වුවහොත් එය සිදු කල පුද්ගලයාටත් එවැන්නක්ම සිදු කරන තෙක්ම ඔවුහු ඒ දේවල් හොදින් සිහියේ තබාගෙන සිටිති. වචනයකින් කරන හිත් රිදවීමක් වුවත් මොවුන්ට ඉතාම ප්‍රභල දෙයක් වෙයි. එලෙසම, තමන්ට කල උපකාරයන්ද ඔවුන් කිසිවිටකත් අමතක නොකරයි. එම උපකාර, එම මිනිසුන් ඔවුන් හොදින්ම සිහියේ තබාගෙන සිටියි. සිග්මා කාන්තාවන්ට හොද අතින් මෙන්ම නරක අතින් සිදු කරන සෑම දෙයකටම හොද අතින් හෝ නරක අතින් කළගුණ සැළකීමටද මොවුන් අමතක නොකරයි.


එසේම හැම තැනකදීම යුක්තිය සාධාරණත්වය පැවතිය යුතු බව මොවුන්ගේ මතයයි. එසේම පිරිමියා මුල් කරගත් සමාජ ක්‍රමය මොවුන් ප්‍රතික්ෂේප කරයි. කිසිවෙක් තමන්ට පීඩනයක් එල්ල කරනවට ඇය අකමැතිය. එසේම කිසිවෙකුගේවත් නීති රීති වලට අනුකූලව එක් සමාජ රටාවකට කොටු විසීමට මොවුන් අකමැති අතර මොවුන් නිදහසේ තමන්ට රිසි පරිදි ජීවත් වීමට කැමැත්තක් දක්වයි. එසේම නිදහස කෙතරම් භුක්ති වින්දත් මොවුන් තමන්ගේ සීමාව හොදින් දනියි. ප්‍රේමසම්බන්ධයක් තුල උවත් එය එසේමය. පුරුෂයාගේ නීති වලට අවනතව ජීවත් වීමට ඇය කිසිසේත්ම කැමැත්තක් නොදක්වයි. කොටින්ම එවැනි සම්බන්ධතා වලින් ඔවුන් ඉවත්ව යයි.


සිග්මා කාන්තාවන් තුල දක්නට ඇති තවත් ලක්ෂණයක් වනුයේ ඇය අන් අයගේ උදව් ලබා ගැනීමට මැලිකමක් දැක්වීමයි. බැරිම අවස්ථාවකදී උදව් උපකාර ඉල්ලා සිටියත් ඇය තමන්ට උපරිමයෙන් ස්වශක්තියෙන් තම ජ්‍යග්‍රහණය ලගා කරගැනීමට උත්සහ දරයි.


සිග්මා කාන්තාවන් ඇසුරු කරන්නේ ඉතාම සීමිත යහලුවන් ප්‍රමාණයකි. මොවුන්ගේ සමාජ කවය ඉතාම සීමිතය. තම යහලුවන් ලෙස ඇය තෝරාගන්නේ තමන්ට හොදින් දැනුන යහලුවන් පමණි. බොහෝ යහලුවන් ප්‍රමාණයක් සමග මිත්‍රකම් පැවැත්වීමට ඇය ඇල්මක් නොදක්වයි. ඇගේ සමාජ කවය තුල සිටින ඉතාම සීමිත යහලුවන් ප්‍රමාණය ඇයට අතිශයින්ම ප්‍රමාණවත් වේ. මන්ද ඔවුන් මිතුරන් තෝරාගන්නේ බොහෝ තෝරාබේරාගෙන නිසාය. එසේම ඔවුන් සමග හොදින් කතා බහ කර ඇය කල් ගෙවුවද තමන්ට එතරම් හුරුපුරුදු නැති මිතුරන් පිරිසක් ඉදිරියේදී නිහඩ වෙයි. මේ නිහඩබව ඇගේ ජීවිතයේම කොටසක් බව ඔවුන්ට අගවයි. මේ හේතුව නිසාම ඔවුන්ව හරියට තේරුම් ගැනීමට කෙනෙකුට අතිශයින්ම අපහසුය. ඇගේ සිතිවිලි කෙබදුද, ඇය කවර ආකාරයේ කාන්තාවක්ද කියා ඇයව දුටු පමණින්ම නිගමනයකට එළඹීම අපහසු වේ. නමුත් තමන්ට දැනුන පුද්ගලයින් සමග මොවුන් ඉතාම සමීපව ඉතාම සැහැල්ලුවෙන් කටයුතු කරයි. එනම් ඇය ඇයම වන්නේ ඇය කැමති, ඇය තදින්ම විශ්වාස කරන කිහිපදෙනා ඉදිරිපිටදී පමණකි.


සිග්මා කාන්තාවන් යනු තේරුම් ගැනීමට අපහසු කාන්තා කොට්ඨාසයකි. ඇය තරමක් අභිරහස්ජනක කාන්තාවක් වෙයි. යම් විටක ඇය අන් අය සමග හොදින් සිටියත් ඔවුන්ට අකමැති වීමට පුලුවනි. නමුත් එය අන් අයට නොපෙන්වා තම සිත තුලම තබාගනියි. ඇය සාර්ථකයි නමුත් නායකත්වය පසුපස හබා නොයයි. මොවුන්ගේ ජීවන රටාව අද්විතීය එකක් නමුත් එය ගුප්ත බවක් උසුලයි. 

ඇය තමන්ට යමක් ලැබෙන්නට තිබෙනවා නම් එය ලැබෙන බවත් නොලැබෙන්නට තිබෙනවා නම් එය නොලැබෙන බවත් තේරුම්ගෙන ජීවත්වෙයි.


අවසන් වශයෙන් සිග්මා කාන්තාවන්ගේ ලක්ෂණ ඉතා කෙටියෙන් මෙලෙස දැක්වීමට හැකිය. 

💠 ඇය ස්වාධීනයි.

💠 තරමක ගුප්ත ස්වභාවයකින් යුක්ත වෙයි. 

💠 ඇය ඇගේ තත්ත්වයට වඩා කරුණාවට මුල් තැන දෙයි.

💠 ඇය දක්ෂ නමුත් නායකත්වය දීමට එතරම් උනන්දු නොවෙයි. 

💠 ඇය අන් අයට ඊර්ෂ්‍යා නොකරයි. 

💠 ඇය ඇගේම නියමයන්, නොන්දේසි යටතේ ජීව්තය ගත කරයි.

The Omega Female

 The Omega Female

 

1. She Is Introverted


The omega female possesses several personality traits that are very commonly seen in movie characters who appear shy and reserved, but who are also passionate and intelligent. The omega female, in most situations, would be seen as an introvert.

Rather than going out and expanding her social circle like an alpha female, the omega female would rather stay home on the couch to read or watch television. The omega female can be very reserved at first, and who then becomes more personal when befriended.


2. She Is Often Overly Sensitive


As the omega female has a tendency to remain quiet and keep to herself around most people, it is at first hard to notice that the omega female can get very emotional. With her tendency to keep most of her emotions internal, the omega female will often have emotions built up and she will eventually blow.

The result of bottled emotions and a tendency to be sensitive means these females are much more likely to have a panic attack or emotional issues than other personality types. The omega female may put on a mask of being okay, but deep down, she has strong emotions.


 

3. She Is Intelligent


One thing that makes most people admire the omega female is their above-average intelligence. Considering that she is very likely to spend time reading or engage in more stimulating hobbies, the omega female develops a sharp intellect.

When working on group projects, they are likely to be the ones who look over everyone else’s work to ensure it is up to their standards. The omega female can use her intelligence to help others and create new connections.


4. She Is Romantic


Reading classic literature and fantasizing about romance is something that omega females tend to do very often. While they may be too shy to pursue the romantic interests they have in real life, they can escape to books and movies for their romantic dreams. Omega female’s hope to one day connect with someone who shares her passion and dedication for her partner.

Her ability to have intellectual thoughts and conversation makes this woman a great partner for a wide variety of other personalities. She knows what she wants and is always longing to create a real and meaningful connection with someone special.

ගැමා කාන්තා පෞරුෂ වර්ගය

 **ගැමා කාන්තා පෞරුෂ වර්ගය**

                                                 වර්තමාන සමාජයේ විවිධ සමාජ ධූරාවලිය හා පෞරුෂ වර්ග පිලිබද සංවාදය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ අතරින් ඇල්ෆා ,බීටා,ඩෙල්ටා ,ඔමෙගා ,ගැමා,සිග්මා ලෙස කාන්තා මෙන්ම පිරිමි පෞරුෂයන්ද වර්ගීකරණය කල හැක.මේ අතරින් ගැමා කාන්තා පෞරුෂය යනු අද්විතීය පෞරුෂයකි .වැඩිවශයෙන් සාකච්ඡාවට හදුන්වන ඇල්ෆා හා බීටා යන පෞරුෂයන්ට වඩා අඩුවෙන් ගැමා පෞරුෂය පිලිබදව සාකච්ඡාවට බදුන් වූවත් වර්තමාන සන්දර්භය තුළ  අවදානය දිනාගත් පෞරුෂයකි .

ගැමා පෞරුෂයක් හිමි කාන්තාව සාම්ප්‍රදායික කාන්තාවන් ට වඩා ප්‍රතිවිරුද්ධ ,බහුවිධ ,ස්වාධීන ,සංවිධානාත්මකව සහ බොහෝවිට සමාජ සන්දර්භය විසින් වරදවා වටහාගත් පෞරුෂ වර්ගයකි. මෙය සෑම පෞරුෂයන්ගේම සම්මිශ්‍රණයක් ලෙසද වටහාගත හැක. ඇයට ක්‍රියාත්මක වීමට කාගේවත් අනුමැතියක් අවශ්‍යය නොවන අතර තම අභිමතය හා ඉලක්ක මත ක්‍රියාත්මක වේ.


සාම්ප්‍රදායික ධූරාවලි අනුව ගැමා කාන්තාව ඇල්ෆා කාන්තාව මෙන් නොව අන් අයගෙන් ආධිපත්‍යය දැරීම කෙරෙහි අවදානය යොමු නොකරයි.ඇය බීටා පෞරුෂයක් මෙන් තරගකාරි හෝ ඉදිරිපත් කිරීමේ සංවාද නීති අනුගමනය නොකරයි . ඇය සියල්ල පිලිබද ස්වයං දැනුවත්භාවයකින් හා අභ්‍යන්තර  හැගීමක් සමග ස්වාධීනත්වය සමතුලිත කරමින් ඇයගේම ගමන් මාවතක ගමන් කරයි. ඇය සමාජය විසින් එල්ල කරනු ලබන පීඩනයන්ට අනුකූල නොවන අතර එනිසාම සමාජය තුල ජනප්‍රියත්වයට මෙන්ම සමාජ  අනුමැතියද ලබා නොගන්නට පුලුවන. ඔවුන්ගේ ශක්තිය පවතින්නේ පුද්ගලික නිදහස හා වර්ධනය ,අව්‍යාජත්වයට ප්‍රමුඛත්වය දෙමින් තමන්ම විශ්වාසයෙන් සිටීමට ඇති හැකියාව තුළ ය.


ගැමා ස්ත්‍රීය සතු පෞරුෂ ලක්ෂන:

.විශ්වාසය

,තනියෙන් ක්‍රියා කිරීම

.ජනතාව සමග සහයෝගීතාව 

.මිත්‍රත්වය අගය කිරීම

.අන් අයට උදව් කිරිම 

.සංවිධානාත්මකබව

.පොදු සවන්දෙන්නෙක් වීම

.විවිධ පුද්ගලයින් සමග කාලය ගත කිරීම

.ස්වයං ප්‍රතිරූපය

.මහන්සියෙන් වැඩ කිරීම 

.ස්වභාවධර්මය සමග සම්බන්ධ වීම

.පරිසරය ගැන සැලකිලිමත්බව 

.සාර්ථකත්වයට අපේක්ශාව

.සෞඛ්‍යය පිලිබද දැනුවත් වීම

.ව්‍යායාම කිරීම

.අදහස් හා විශ්වාසයන්ට කැමති


මෙවැනි පෞරුෂ ලක්ෂනයන්ගෙන් හෙබි මේ කාන්තාව සබදතාවලදී ගතිකත්වයට වඩා චිත්තවේගිය සබදතාවය හා අන්‍යෝන්‍ය ගෞරවය අගය කරයි.මෙම කාන්තාවන් ,චිත්තවේගීව ස්වයංපෝෂිත බැවින් ස්වයං වටිනාකම හා පෝෂණය   සදහා හවුල්කරුවෙකු මත රදානොසිටින අතර  ආදරය,මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය වර්ධනය සදහා පමනක් හවුල්කරුවකු සොයයි. මොවුන් සමාජයේ වෙනස් කාන්තාවන් ලෙස හැදින්විය හැක.


ඔමේගා කාන්තා පෞරුෂත්වය

 ඔමේගා කාන්තා පෞරුෂත්වය

                      මිනිසුන්ගේ පෞරුෂත්වය පිළිබඳ හැඳින්වීමේ දී යොදා ගන්නා එක් සංකල්පයක් ලෙස මෙම ඔමේගා සංකල්පය හඳුන්වා දිය හැකිය. සමාජ හා ලිංගිකත්වය පදනම් වූ මෙම සංකල්පයන්ගේ අවසන් පෞරුෂත්ව සංකල්පය ලෙස මෙම සංකල්පය වේ.

අධිපතිවාදය ප්‍රබලත්වය හා අනෙකුන් පරයා ඉදිරියට යාම ප්‍රමුඛ වූ සමාජයක් තුළ ඔමේගා පෞරුෂත්වය තුළින් නිරූපණය වන්නේ ගැඹුරු, නිශ්චල, විශ්වාසවන්ත ,හුදකලා ජීවිතයකට ප්‍රිය කරන ආකල්පයකි. විශේෂයෙන්ම මෙම කාන්තාවන් සමාජය තුළ කැපී පෙනීමට අකමැති අතර අනෙකා තුළින් තමාට ගෞරවය ,මිත්‍රත්වය, ප්‍රධානත්වය ලබා ගැනීමට උත්සාහ කිරීමද ඉතා අල්ප වේ. තම පෞද්ගලික වර්ධනය ඔවුන් ප්‍රමුඛ කරගන්නා අතර සමාජයේ සෙසු පෞරුෂත්වයන්ගෙන් එනම් ඇල්ෆා ,බීටා හා සිග්මා වැනි සංකල්පයන්ගෙන් මිදී වෙනස් මඟ ගමන් කිරීමටද එය ප්‍රධාන හේතුවක් වී ඇත.

                        ඔමේගා කාන්තාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දැක්වීම සඳහා ඔවුන්ගේ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමු. ස්වාධීනත්වය ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර තමන්ගේ තීරණ ඔස්සේ ජීවිතය ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ දරයි. ඔවුන් අතිශය සංවේදී ගතිගුණ දරන්නා සේම අවශ්‍ය පමණටත් වඩා සිතීමෙන් දුක්වන  ස්වරූපයක් දක්නට ලැබේ. මෙම අනවශ්‍ය ප්‍රමාණයට සිටීම මෙම සංකල්පය තුළ දුර්වල ලක්ෂණයක් ලෙස දැක්විය හැක.

තවද ඔමේගා කාන්තාවන් ශාස්ත්‍රීයත්වයට වඩා ප්‍රිය කරන්නෝ වෙති. එනම් විවිධ කලාකෘති ශාස්ත්‍රීය පර්යේෂණ ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට වඩා නැඹුරු වන්නෝ වේ. ඔවුන්ගේ තනිව ජීවත්වීමට හුදෙකලා වීමට ප්‍රිය කරන ජීවිතය තුළ ශාස්ත්‍රීයත්වයට කැමැත්තක් දැක්වීම ඔවුන් තුළ පවතින සාමකාමී ස්වරූපය ඉස්මතු කර පෙන්වයි. මීට අමතරව ගැටුම්වලින් වැළකීම,  විවාද මගහැරීමද ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. තවද යම් සිද්ධියක මතුපිට පමණක් විශ්ලේෂණය නොකර ඇතුලාන්තය තුළ පවතින හරය අධ්‍යයනය කර පිළිතුරු සෙවීමද ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්විය හැක.

                   ඔමේගා කාන්තාවන්ගේ වැදගත්කම පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගේ ස්වාධීනත්වය ස්වයං විනය, මානසික පරාසය සංවේදී හා තේරුම් ගන්නා ගතිගුණ සාර්ථකත්වයට ළඟා කරවයි. ඉතා වේගවත් වර්ධනයකට වඩා ඔවුන් සෙමෙන් ළඟා කරගන්නා වර්ධනය ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දී ඇත.

               නමුත් ඔවුන්ගේ මෙම ගතිගුණ විටක සමාජයේ දෝෂාරෝපණයටත් ගැටලු ඇතිවීමටත් හේතූන් විය හැක. ප්‍රධාන වශයෙන් සමාජය තුළින් ඔවුන් පිළිබඳ වැරැදි වැටහීම් ඇතිකර ගැනීමට ස්වාධීන කාන්තාවන්ට සමාජය සෙසුන්ගේ ඇතිවන ගැටලු උදාහරණ ලෙස දැක්විය හැක.

                        අවසාන වශයෙන් මෙම ඔමේගා කාන්තා සංකල්පය තුළින් අපට පෞද්ගලික වර්ධනය ,ස්වාධීනව නැගී සිටීම වැනි කරුණු කාරණා උගන්වයි. තම ශක්තිය තම සාර්ථකත්වය උදෙසා කැප කිරීම ,සම්ප්‍රදායික මතයන් බිඳ හෙළීම සමාජයට නව ආකල්පයන් හඳුන්වා දීම මේ තුළින් සිදු කරයි.

Female Sigma Personality Type

 Female Sigma Personality Type

Personality types have been increasingly prevalent in contemporary psychology and societal discourse in recent years. Personality archetypes provide important insights into human behavior and motivation, from navigating interpersonal relationships to comprehending the dynamics of leadership styles. While more recent archetypes like the Sigma personality have gained popularity due to their distinctive traits, more conventional classifications like Alpha, Beta, and Omega still predominate in these conversations.


The Sigma archetype has gained popularity because it is frequently linked to independence, self-reflection, and nonconformity. Sigma forge their own way, frequently going against social norms, in contrast to Alphas, who thrive on power and social leadership, and Betas, who prefer a more submissive role in group settings.

A Sigma Female Personality: What Is It?

The distinctive and alluring archetype of the Sigma female personality is one that personifies self-reliance, independence, and calm confidence. The Sigma female, in contrast to other personality types, prefers to carve out her own path rather than pursuing supremacy (like an Alpha) or following the herd (like a Beta). She cherishes her independence and self-reliance, frequently flourishing alone but still being fully capable of interacting with others when necessary.


Important Characteristics of a Sigma Female Independence: A Sigma female places a high importance on her independence. She prefers to make her own decisions free from outside influence and does not look to others for approval or guidance.

The Way Sigma Women Handle Relationships

Sigma ladies have a distinct perspective on relationships; they always look for deep connections and place a high value on quality over quantity. They flourish in settings that value genuineness and respect for one another, and they apply this way of thinking to all kinds of relationships, including those with friends, romantic partners, and family.


-Friendships

Friendships among Sigma girls are based on emotional depth, trust, and understanding. They prefer a close-knit group of people who genuinely connect with them on a personal level over having a wide number of pals. Due of their introverted personality, sigma ladies frequently struggle to make small talk or develop flimsy friendships. They give preference to people who respect their desire for privacy and who share their ideals.

The Professional Life of the Sigma Female

The independence, self-reflection, and adaptability of the Sigma female are key components of her success in the job. She frequently takes an unorthodox approach to her profession, motivated more by internal drive and personal desire than by demands from others. Because she possesses a special blend of resilience, creativity, and leadership, she is a valuable asset in any professional setting.


-Using Influence to Lead Instead of Authority

Generally speaking, sigma ladies don't aim for conventional leadership positions or positions of power. Rather of using official power structures, they lead by influence, depending on their capacity to uplift and encourage others via competence, respect, and example.

Benefits and Challenges of Being a Sigma Female

Being a Sigma female comes with a unique set of advantages and challenges. Her independence, emotional strength, and adaptability allow her to navigate life on her own terms, but there are also obstacles that arise due to her unconventional approach to relationships and social norms.

 

Advantages of Being a Sigma Female

-Self-Sufficiency

Probably the most defining qualities of the Sigma female are her self-sufficiency. She does not look for validation, support, or direction from others. The fact that she can stand alone-emotionally, financially, and intellectually-means she sets her own course without succumbing to the need to fit into traditional roles or expectations. The independence she enjoys allows her to be free in her decisions and choices, which are guided by her values and goals rather than by the opinions and judgments of other people.

 

Emotional Strength Sigma females possess a strong sense of emotional intelligence and self-awareness. They are in tune with their own feelings and are able to process emotions in a healthy and constructive manner. This emotional strength enables them to maintain balance in their lives, even when faced with challenging situations. Their ability to remain calm, focused, and composed under pressure is a valuable asset, both personally and professionally.

 

Challenges of Being a Sigma Female

 

-Misunderstood Intentions

Sigma females often face the challenge of having their intentions misunderstood. That quiet confidence, independence, and nonconformity can sometimes be misconstrued as aloofness, coldness, or even arrogance. Individuals who are not so familiar with the Sigma personality type may find her need for space or doing things on her own terms hard to comprehend. This might lead to misunderstandings or strained relationships, especially with those more used to the more outwardly expressive behavior of Alpha or Beta personalities.

 

Difficulty Finding Like-Minded People Because the Sigma female values independence and nonconformity, she often finds it difficult to find others who share her perspective and approach to life. She may feel disconnected from mainstream social groups or even from individuals who are highly social or who seek validation through external measures. Finding others like herself who would understand her individuality and not disrespect her desire for independence will make her sometimes feel like an outsider.

In conclusion

Recognizing the various ways people handle relationships and life requires an understanding of the Sigma female personality type. The Sigma female provides a welcome break from conventional social and leadership norms with her independence, fortitude, emotional fortitude, and distinct attitude to both personal and professional issues. Her ability to be true to herself despite social pressures is a potent reminder of the strength that comes from accepting originality, and she thrives in settings that emphasize honesty and autonomy.


Even though the Sigma female may encounter difficulties like loneliness or misinterpreted intentions, these setbacks simply serve to emphasize how important it is to follow one's own path.

අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...