Tuesday, March 11, 2025

ඔමේගා කාන්තා පෞරුෂත්වය

 ඔමේගා කාන්තා පෞරුෂත්වය

                      මිනිසුන්ගේ පෞරුෂත්වය පිළිබඳ හැඳින්වීමේ දී යොදා ගන්නා එක් සංකල්පයක් ලෙස මෙම ඔමේගා සංකල්පය හඳුන්වා දිය හැකිය. සමාජ හා ලිංගිකත්වය පදනම් වූ මෙම සංකල්පයන්ගේ අවසන් පෞරුෂත්ව සංකල්පය ලෙස මෙම සංකල්පය වේ.

අධිපතිවාදය ප්‍රබලත්වය හා අනෙකුන් පරයා ඉදිරියට යාම ප්‍රමුඛ වූ සමාජයක් තුළ ඔමේගා පෞරුෂත්වය තුළින් නිරූපණය වන්නේ ගැඹුරු, නිශ්චල, විශ්වාසවන්ත ,හුදකලා ජීවිතයකට ප්‍රිය කරන ආකල්පයකි. විශේෂයෙන්ම මෙම කාන්තාවන් සමාජය තුළ කැපී පෙනීමට අකමැති අතර අනෙකා තුළින් තමාට ගෞරවය ,මිත්‍රත්වය, ප්‍රධානත්වය ලබා ගැනීමට උත්සාහ කිරීමද ඉතා අල්ප වේ. තම පෞද්ගලික වර්ධනය ඔවුන් ප්‍රමුඛ කරගන්නා අතර සමාජයේ සෙසු පෞරුෂත්වයන්ගෙන් එනම් ඇල්ෆා ,බීටා හා සිග්මා වැනි සංකල්පයන්ගෙන් මිදී වෙනස් මඟ ගමන් කිරීමටද එය ප්‍රධාන හේතුවක් වී ඇත.

                        ඔමේගා කාන්තාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දැක්වීම සඳහා ඔවුන්ගේ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමු. ස්වාධීනත්වය ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර තමන්ගේ තීරණ ඔස්සේ ජීවිතය ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමට ඔවුන් උත්සාහ දරයි. ඔවුන් අතිශය සංවේදී ගතිගුණ දරන්නා සේම අවශ්‍ය පමණටත් වඩා සිතීමෙන් දුක්වන  ස්වරූපයක් දක්නට ලැබේ. මෙම අනවශ්‍ය ප්‍රමාණයට සිටීම මෙම සංකල්පය තුළ දුර්වල ලක්ෂණයක් ලෙස දැක්විය හැක.

තවද ඔමේගා කාන්තාවන් ශාස්ත්‍රීයත්වයට වඩා ප්‍රිය කරන්නෝ වෙති. එනම් විවිධ කලාකෘති ශාස්ත්‍රීය පර්යේෂණ ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට වඩා නැඹුරු වන්නෝ වේ. ඔවුන්ගේ තනිව ජීවත්වීමට හුදෙකලා වීමට ප්‍රිය කරන ජීවිතය තුළ ශාස්ත්‍රීයත්වයට කැමැත්තක් දැක්වීම ඔවුන් තුළ පවතින සාමකාමී ස්වරූපය ඉස්මතු කර පෙන්වයි. මීට අමතරව ගැටුම්වලින් වැළකීම,  විවාද මගහැරීමද ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. තවද යම් සිද්ධියක මතුපිට පමණක් විශ්ලේෂණය නොකර ඇතුලාන්තය තුළ පවතින හරය අධ්‍යයනය කර පිළිතුරු සෙවීමද ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැක්විය හැක.

                   ඔමේගා කාන්තාවන්ගේ වැදගත්කම පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගේ ස්වාධීනත්වය ස්වයං විනය, මානසික පරාසය සංවේදී හා තේරුම් ගන්නා ගතිගුණ සාර්ථකත්වයට ළඟා කරවයි. ඉතා වේගවත් වර්ධනයකට වඩා ඔවුන් සෙමෙන් ළඟා කරගන්නා වර්ධනය ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දී ඇත.

               නමුත් ඔවුන්ගේ මෙම ගතිගුණ විටක සමාජයේ දෝෂාරෝපණයටත් ගැටලු ඇතිවීමටත් හේතූන් විය හැක. ප්‍රධාන වශයෙන් සමාජය තුළින් ඔවුන් පිළිබඳ වැරැදි වැටහීම් ඇතිකර ගැනීමට ස්වාධීන කාන්තාවන්ට සමාජය සෙසුන්ගේ ඇතිවන ගැටලු උදාහරණ ලෙස දැක්විය හැක.

                        අවසාන වශයෙන් මෙම ඔමේගා කාන්තා සංකල්පය තුළින් අපට පෞද්ගලික වර්ධනය ,ස්වාධීනව නැගී සිටීම වැනි කරුණු කාරණා උගන්වයි. තම ශක්තිය තම සාර්ථකත්වය උදෙසා කැප කිරීම ,සම්ප්‍රදායික මතයන් බිඳ හෙළීම සමාජයට නව ආකල්පයන් හඳුන්වා දීම මේ තුළින් සිදු කරයි.

අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...