Tuesday, March 11, 2025

ගැමා කාන්තා පෞරුෂ වර්ගය

 **ගැමා කාන්තා පෞරුෂ වර්ගය**

                                                 වර්තමාන සමාජයේ විවිධ සමාජ ධූරාවලිය හා පෞරුෂ වර්ග පිලිබද සංවාදය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ අතරින් ඇල්ෆා ,බීටා,ඩෙල්ටා ,ඔමෙගා ,ගැමා,සිග්මා ලෙස කාන්තා මෙන්ම පිරිමි පෞරුෂයන්ද වර්ගීකරණය කල හැක.මේ අතරින් ගැමා කාන්තා පෞරුෂය යනු අද්විතීය පෞරුෂයකි .වැඩිවශයෙන් සාකච්ඡාවට හදුන්වන ඇල්ෆා හා බීටා යන පෞරුෂයන්ට වඩා අඩුවෙන් ගැමා පෞරුෂය පිලිබදව සාකච්ඡාවට බදුන් වූවත් වර්තමාන සන්දර්භය තුළ  අවදානය දිනාගත් පෞරුෂයකි .

ගැමා පෞරුෂයක් හිමි කාන්තාව සාම්ප්‍රදායික කාන්තාවන් ට වඩා ප්‍රතිවිරුද්ධ ,බහුවිධ ,ස්වාධීන ,සංවිධානාත්මකව සහ බොහෝවිට සමාජ සන්දර්භය විසින් වරදවා වටහාගත් පෞරුෂ වර්ගයකි. මෙය සෑම පෞරුෂයන්ගේම සම්මිශ්‍රණයක් ලෙසද වටහාගත හැක. ඇයට ක්‍රියාත්මක වීමට කාගේවත් අනුමැතියක් අවශ්‍යය නොවන අතර තම අභිමතය හා ඉලක්ක මත ක්‍රියාත්මක වේ.


සාම්ප්‍රදායික ධූරාවලි අනුව ගැමා කාන්තාව ඇල්ෆා කාන්තාව මෙන් නොව අන් අයගෙන් ආධිපත්‍යය දැරීම කෙරෙහි අවදානය යොමු නොකරයි.ඇය බීටා පෞරුෂයක් මෙන් තරගකාරි හෝ ඉදිරිපත් කිරීමේ සංවාද නීති අනුගමනය නොකරයි . ඇය සියල්ල පිලිබද ස්වයං දැනුවත්භාවයකින් හා අභ්‍යන්තර  හැගීමක් සමග ස්වාධීනත්වය සමතුලිත කරමින් ඇයගේම ගමන් මාවතක ගමන් කරයි. ඇය සමාජය විසින් එල්ල කරනු ලබන පීඩනයන්ට අනුකූල නොවන අතර එනිසාම සමාජය තුල ජනප්‍රියත්වයට මෙන්ම සමාජ  අනුමැතියද ලබා නොගන්නට පුලුවන. ඔවුන්ගේ ශක්තිය පවතින්නේ පුද්ගලික නිදහස හා වර්ධනය ,අව්‍යාජත්වයට ප්‍රමුඛත්වය දෙමින් තමන්ම විශ්වාසයෙන් සිටීමට ඇති හැකියාව තුළ ය.


ගැමා ස්ත්‍රීය සතු පෞරුෂ ලක්ෂන:

.විශ්වාසය

,තනියෙන් ක්‍රියා කිරීම

.ජනතාව සමග සහයෝගීතාව 

.මිත්‍රත්වය අගය කිරීම

.අන් අයට උදව් කිරිම 

.සංවිධානාත්මකබව

.පොදු සවන්දෙන්නෙක් වීම

.විවිධ පුද්ගලයින් සමග කාලය ගත කිරීම

.ස්වයං ප්‍රතිරූපය

.මහන්සියෙන් වැඩ කිරීම 

.ස්වභාවධර්මය සමග සම්බන්ධ වීම

.පරිසරය ගැන සැලකිලිමත්බව 

.සාර්ථකත්වයට අපේක්ශාව

.සෞඛ්‍යය පිලිබද දැනුවත් වීම

.ව්‍යායාම කිරීම

.අදහස් හා විශ්වාසයන්ට කැමති


මෙවැනි පෞරුෂ ලක්ෂනයන්ගෙන් හෙබි මේ කාන්තාව සබදතාවලදී ගතිකත්වයට වඩා චිත්තවේගිය සබදතාවය හා අන්‍යෝන්‍ය ගෞරවය අගය කරයි.මෙම කාන්තාවන් ,චිත්තවේගීව ස්වයංපෝෂිත බැවින් ස්වයං වටිනාකම හා පෝෂණය   සදහා හවුල්කරුවෙකු මත රදානොසිටින අතර  ආදරය,මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය වර්ධනය සදහා පමනක් හවුල්කරුවකු සොයයි. මොවුන් සමාජයේ වෙනස් කාන්තාවන් ලෙස හැදින්විය හැක.


අවදානමට සූදානමක්.

  කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් ...