Sunday, May 19, 2024
ජාතික රණවිරු සැමරුම් දිනය
මාතෘභූමිය සහ ජනතාව ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ වීරත්වය සහ ඔවුන්ගේ පරාර්ථකාමී සේවයට උපහාර පිණිස සැම වසරක ම මැයි 19 වන දින ජාතික රණවිරු දිනය සමරනු ලබයි.
විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපළ ද විනාශ කරමින් මිලේච්ඡත්වය තුළින් මෙරට ඊළාම් දේශයක් පිහිටුවා බලය ලබාගැනීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීමටත්, දශක 03කට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කරමින් 2009 මැයි 18 වන දින රටට සාමය ගෙන ඒමට මෙරට සන්නද්ධ හමුදා සමත් විය.
මෙම ජාතික රණවිරු සැමරුම් දිනයේදී රණවිරු ස්මාරකය අබියස පුෂ්පෝපහාර පිරිනමමින් ද, ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සටන් වැදුණු රණවිරුවන්ගේ උදාරතර කැපකිරීම් කෘතවේදීව සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවක් පවත්වාගනු ලබයි. ඊට අමතරව ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් සාමාජිකයන්වද මෙම අවස්ථාවට සම්බන්ධ කරගනු ලැබේ.
මීට වසර 15කට පෙර ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් රුදුරු එල්.ටී.ටී.ඊ. යන් පරාජය කර ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ හුස්ම පොදක් ගැනීමට හැකිවූ මෙම මොහොත එළඹෙන තුරු මුළු මහත් දේශයම බලා සිටියහ. ඒ වෙනුවෙන් තම දිවිය පිලිබඳව වත් නොසලකා සතුරා ඉදිරියේ අභිමානවත් අරගලයක යෙදුණු සියළුම රණවිරුවන්ටත්, ඔවුන්ගේ මව්පියන්ටත් අප සදා ණයගැතිය. ශ්‍රී ලංකා මාතාව ත්‍රස්තවාදය තුරන් කළ රටක් ලෙස අද වැජඹෙන්නේ ඔවුන්ගේ දහදිය, කඳුළු මෙන්ම රුහිරු පූජාවන්ට පින්සිදු වන්නටය.
Esala Full Moon Poya Day 2026
Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...
-
Hope for Diabetes – Type of Diabetes Types of Diabetes Diabetes is not a single disease ...
-
වෙසක් පුන් පොහොය 2026 ✦ Vesak Poya Day 2026 ✦ සදහම් අසිරිය වෙසක් පුන් පොහොය ...
-
World Children's and Elders' Day 2025 ❤️ 🌟 👶 👴 🌍 💖 🌍 World Chi...
