Wednesday, May 22, 2024
පිංබර වෛශාක්‍ය මංගල්‍යයක් වේවා..
තිලොවට අග්‍ර වූ ගෞතම බුදුන්වහන්සේගේ උතුම් තෙමගුල අසිරිමත් ලෙස ලෝකවාසී ලංකාවාසි සකලවිධ බෞද්ධයන් සමරන වෙසක් පොහෝ දිනය අදට යෙදී ඇත.සියලු ලෝ සතුන් දහම් සිසිලසින් නහවමින් සසර දුකින් මිදවා ගැනීමට තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූත් ගෞතම බුදුන් වහන්සේගේ උතුම් තෙමගුල ලංකාවාසී ඇතුළු සියලු ලෝ සතුන් ඉමහත් භක්තියකින් අද සමරයි.
බෞද්ධයන් වන අප සැමට වෙසක් පොහෝ දින සම්බුද්ධ ජීවිතය මෙන්ම ශාසනික වශයෙන් ද ඉතා වැදගත් පොහොය දිනයකි.
වෙසක් පෝහොයේ වැදගත්කම
සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බෝධිසත්වයන් වහන්සේගේ බුදු වීම,බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන මංගල කරුණු රැසකින් හෙබි වැදගත් පොහොය දිනයක් වීම.
කිඹුල්වත් නුවර දී සුද්ධෝදන රජු ඇතුළු ශාක්‍ය වංශික නෑදෑ පිරිස ඉදිරියේ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පෑම.
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී බුදුන් වහන්සේ මනියක්ඛිත නාරජුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම.
සුමන සමන් දෙවිරදුන්ගේ ඇරයුමෙන් සමනල කන්දට වැඩම කොට බුදු සිරිපා පිහිටුවා තෙවනවරටත් සිරිලක පුණ්‍ය භූමියක් බවට පත් කිරීම.
අනුරාධපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සෑදීමට වෙසක් පොහෝ දින වැඩ ඇරඹීම.
දීපංකර බුදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බෝසතුන් නියත විවරණ ලැබීම
කිසාගෝතමී දේවිය විසින් නිබ්බුතා පද පැවසීම
ආනන්ද හිමියන්ගේ පරිනිර්වාණය.
දෙවන පෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව දෙවන වරටත් රාජාභිෂේක ලැබීම.
මහාවිහාරවංශික භික්ෂූන් වහන්සේලා වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය පැවැත්වීම
මෙවැනි සම්බුද්ධ ජීවිතය මෙන්ම ශාසනික වශයෙන් වැදගත්කම් රාශියක් සිදු වූ වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය බෞද්ධයන් විසින් සමරනු ලබන වැදගත්ම පොහොය දිනයයි.
සකලවිධ ලෝ සත්තු විවිධාකාරයෙන් වෙසක් පුන් පොහෝ දිනය සමරති.ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා යන දෙයාකාරයෙන් ම බෞද්ධයෝ වෙසක් පුන් පොහෝ දින විවිධ පුණ්‍ය කර්මයන් සිදුකරති.වෙසක් සමය ආරම්භ වනවාත් සමඟම සියලු බෞද්ධයෝ වෙසක් සැරසිලි වෙසක් කූඩු ආදියෙන් නිවෙස් මඟ දෙපස සලසමින්, තොරන් ඉදිකරමින්,දාන මාන ලබාදෙමින්, වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් සමරති.
සම්බුද්ධ ජීවිතයේ උතුම් අසිරිමත් සංසිද්ධි මෙන්ම ශාසනික වශයෙන් සිදුවූ උතුම් සිදුවීම් සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය සකලවිධ ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවට දහම් සිසිලෙන් නෙත් සිත් සැනසෙන ,අවිද්‍යාව දුරලමින් දහම් මඟ විවර වන, උතුම් වෛශාක්‍ය මංගල්‍යයක් ම වේවා!!
Leo Nisansala Mihirani
Second year
Faculty of Arts
ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025
ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025 ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025 සෑම වසරකම ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ලෝක ම...

-
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නා ආගමික සිදුවීම් සමුදායකට සම්බන්ධ වේ. බුද්ධ ශාසනයේ මූලික සිදුවීම් ග...
-
තිරසාර කසළ කළමණාකරණයක් ඔස්සේ විසිතුරු භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කරන සන්නාම සහ එමගින් සමජායට ඇති කරන ධනාත්මක බලපෑම වර්තමානය වන විට ප්රතිචක්ර...
-
Every year on July 11, the world pauses to reflect on a powerful reality , our growing population. But World Population Day isn’t just about...