Monday, April 14, 2025

අවදානමට සූදානමක්.


 කොළඹ විෂ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ Leo සමාජය යටතේ ක්‍රියාත්මක අවදානම ට සූදානමක් නම් වූ ව්‍යාපෘතිය මේ වන විට අදියර 3 ක් යටතේ ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ කාලය තුළ මේ project එකේ 3 වන අදියර සුවිශේෂී වන බව project එකෙහි භාණ්ඩාගාරික වශයෙන් මා හට හැගී යයි. මක් නිසා ද යැයි කිවහොත්, හැම විට ම අවදානමකට සූදානම් විය යුත්තේ එක්කෝ මනුෂ්‍යන් නැතහොත් සතුන් ය . ඒ අතරින් මනුශ්‍යයන් කෙසේ ද අවදානමකට සූදානම් විය යුත්තේ යන්න අනතුරු වලට දක්වන ප්‍රතිචාර අපට මේ project එකේ මේ අදියර තුළ හදුන ගන්න ලැබුනා. ඒ විතරක් නෙවේ මේ රටේ අනතුරු වළක්වා ගැනීමට විය යුතු දේ මොනවාද ,වෙනස් විය යුතු දේ මොනවද යන්න පිළිබඳව ද සාධනීය සහ නිශේධනීය අදහස් ඔවුන් අප සමග කිසිදු පැකිලීමකින් තොර ව බෙදා ගත්තා . ඒ වගේ ම අප ඔවුන්ට සවන් දීම සිදුකළෙමු.


 කෙසේ වෙතත් මා ගේ මතය නම් අප සැමට කොතනක කුමන වේලාවක ආපදාවක් අනතුරක් සිදුවේ ද යන්න අප කිසි වෙකුට කිව නොහැකි ය. ඒ නිසා නිරතුරුව අප හට අවදානමකට පෙර සූදානම වැදගත් වේ .           

  - Sachithra Edirisingha –


අවදානමට සූදානම ව්‍යාපෘතිය මත මහජනතාවගේ අදහස් විමසීම.


මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් කරුණු විමසීමේදී "මාර්ග අනතුරු සිදුවීමට හේතු පිලිබදව ඔබේ මතය" යන පැනය මත බොහෝ රියදුරන් දුන් පිලිතුර වන්නේ , දුරකතන භාවිතා කරමින් මාර්ගයේ ගමන් කිරීමයි. තව දුරටත් කරුණු විමසීමේදී එකිනෙකා කතාබහ කරමින් අනිකුත් වාහන හා මිනිසුන් කෙරෙහි නොසැලකිලිමත් බවකින් මාර්ගයේ ගමන් කරන බව ඔවුන් පැවසීය. මේ සම්බන්ධයෙන් රියදුරන් පමණක් නොව පදිකයන්ද සැලකිලිමත් විය යුතු බව ඔවුන් තදින්ම පැවසීය. 


"මාර්ග අනතුරු වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද" යන පැනය මත වාහන පැදවීමේදී මෙන්ම ගමන් කිරීමේදී ද දුරකතන භාවිතා කිරීම තහනම් කිරීමත් මාර්ග නීති පිලිබදව මෙන්ම සියලු පුද්ගලයන් හා අනිකුත් වාහන පිලිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු බවත්ය.


මෙම ව්‍යාපෘතිය යටතේ අප විසින් කොළඹ නගරය අවට හමුවන ජනතාවගෙන් ලබා ගත් අදහස් වලට අනුව එම පුද්ගලයන් වැඩි පිරිසකට මෙම මාර්ග අනතුරු පිළිබද අත්දැකීම් ඇති බව අපට පෙනීගිය කරුණක් විය.

             ඒ අනුව යමින් තව දුරටත් පැනයන් යොමු කරමින් අප ඔවුන්ගෙන් දැන ගැනීමට යොමු වුනේ ඔවුන් දරන මතයන්ට අනුව මෙම වැඩිවන මාර්ග අනතුරු වලට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක මොනවාද යන්න පිළිබදවයි. මේ පිළිබද තව තවත් දැන ගැනීමට කැමැත්තෙන් අප විසින් යොමු කරන ලද පැනය වූයේ මේ සදහා ගතයුතු යම් පියවරයන් වේද යන්නයි. ඒ අනුව ඉදිරිපත් වූ අදහස් ලෙස

• අවිදිමත් ලෙස මාර්ගය භාවිත කරන්නන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කීරීම

• රියදුරන් මෙන්ම පදිකයන්ද නිසි අවධානයකින් යුතුව මාර්ගය භාවිතා කිරීමට කටයුතු කිරීම

ආදී වූ අදහස් ඉදිරිපත් විය. එමෙන්ම තව දුරටත් මෙම මාර්ග අනතුරු වැඩිවීමට බලපාන හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කලේ නොසැලකිලිමත්ව පදිකයන් පදික වේදිකාවේ ගමන් කිරීමයි.


        ඒ අනුව මෙම අදහස් විමසීමෙන් අනතුරුව අප මෙම අනතුරු වලක්වා ගැනීමට ගත හැකි පියවරයන් පිළිබදව ඔවුන්ගෙන් අදහස් විමසූ අතර එවිට ඔවුන් තරයේ ප්‍රකාශ කලේ පදිකයන් මෙන්ම රියදුරන්ද මාර්ගයේ ගමන් කිරීමේදී දුරකථනය භාවිතා නොකීරීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම පදිකයන්ගේ නොසැලකිලිමත් පදිකමාරුව පිළිබදව ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වගබලා ගතයුතු බවයි. ඒ අනුව රියදුරන්ට මෙන්ම පදිකයන්‍ටද එරෙහිව අවිදිමත් පදික මාරුවේදී නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරන ලදී.


අනතුරු සහ ආපදා පිළිබඳව සලකාබැලීමේදී, අප නොසිතූ අවස්ථාවන්වල, නොසිතූ තැනක දී, අනපේක්ෂිත ලෙස අනතුරු සිදු වීමට ඉඩකඩ පවතී. අනතුරු නිසාවෙන් වටිනා මිනිස් ජීවිත ද, දේපල ද හානි වීම සිදු වෙයි. එබැවින් අනතුරු සහ ආපදා තත්වයන්ගෙන් ආරක්ෂා වෙමින් සුරක්ෂිත ව ජීවත් වීම සඳහා අවදානමට සූදානම් ව කටයුතු කරමින් දිවි මග ගමන් කිරීමට ඔබ අප කවුරුත් කටයුතු කල යුතු වෙයි.

Sunday, April 13, 2025

The Sinhala and Tamil New Year.


 The Sinhala and Tamil New Year.


The Sinhala and Tamil New Year, known as "Aluth Avurudda," is a vibrant festival celebrated by Sri Lankans every April, marking the transition of the sun from the Meena (Pisces) constellation to the Mesha (Aries) constellation in astrology. This unique celebration blends astronomy, tradition, and joy, bringing together families, communities, and cultures in a harmonious spirit.


As the old year fades, the New Year begins with rituals centered around *auspicious times* determined by astrologers. The celebrations start with *neutral periods* , called "Nonagathe," where work is paused to reflect and pray. Following this, customs like lighting the hearth, preparing milk rice ("kiribath"), and commencing work or transactions take place at precise times, symbolizing prosperity and unity for the year ahead.


A defining feature of Aluth Avurudda is the emphasis on *reconnecting with roots* . Families gather to share festive meals, exchange sweets like kokis, kevum, and asmi, and engage in traditional games such as _kotta pora_ (pillow fights) and _kana mutti bindeema_ (breaking pots). Children often take part in races and tug-of-war games, while elders impart life lessons.


Beyond the festivities, this holiday bridges cultural divides, reflecting Sri Lanka's diverse heritage. Tamil traditions such as "Puthandu" are observed alongside Sinhala customs, demonstrating the unity that transcends ethnic boundaries.


The New Year also symbolizes renewal, encouraging people to embrace new beginnings, strengthen family bonds, and foster goodwill. Homes are cleaned, new clothes are worn, and grudges are set aside, fostering a clean slate for everyone.


In essence, the Sinhala and Tamil New Year is more than a celebration—it is a reaffirmation of identity, harmony, and hope, serving as a glowing testament to the beauty of shared traditions. ✨

Happy Sinhala and tamil New year !! 

සුබ අලුත් අවුරුද්දක් වේවා !

புத்தாண்டு வாழ்த்துக்கள் !

Saturday, April 12, 2025

බක් පුර පසළොස්වක පොහොය 🙏🙏


 බක් පුර පසළොස්වක පොහොය 🙏🙏


බෞද්ධයන් වන අප සැමගේම විශේෂිත දිනයක් ලෙස පොහොය දිනය හැඳින්විය හැකිය.පුද්ගලයා තමන්ගේ එදිනෙදා කටයුතු වලින් මිදී යම් තරමකට හෝ ආගමික වතාවත් වල නියැලෙනුයේ පොහොය දිනයන් තුළය. මෙම ආගමික ලැදියාව පොහොය දිනයට පමණක් සීමා නොකරන බෞද්ධයන්ද සිටී.වර්තමානයේ පවතින කාර්‍යබහුලත්වයෙන් යම් තරමකට හෝ මිදීමට හැකි වන්නේ පොහොය දිනයට පමණි.එබැවින් එවන් දවසකට හෝ ආගමික වතාවත් වල යෙදීම බෞද්ධයන් වන අප සැමගේම යුතුකමකි.


කෙසේ නමුත් අලුත් අවුරුදු මාසයත් සමඟ එළඹෙන මෙම බක් පුර පසළොස්වක පොහොය බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පොහොය දිනයකි.


    🛑 බුදුන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩම කිරීම.

      මෙය ලංකාවාසීන්ට ඉතාමත් වැදගත් වූ සිදුවීමකි.එනම් බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් පස්වන වර්ශයේ දී ලංකාවේ නාගදීපයට වැඩම කළ සේක.

     🛑 චූලෝදර මහෝදර නා රජුන් දමනය කිරීම.

      බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ මෙයයි.චූලෝදර මහෝදර යන නා රජුන් අතර මිණි පළඟක් හේතුවෙන් ඇති වන්නට ගිය විශාල විනාශය දුටු බුදුන් වහන්සේ එය නැවැත්වීම සඳහා වැඩම කළ සේක.එහිදී නා රජුන් ඇතුලු විශාල පිරිසක් බුදුන් සරණ ගිය අතර මිණි පළඟද බුදුන් වහන්සේට පූජා කරන ලදී.

     🛑 සතර පෙර නිමිති පහළ වීම.

       සුද්ධෝදන මහ රජු සිදුහත් කුමරුගෙන් ගිහිගෙය කලකිරීමට හේතු වන පුද්ගලයන් නොපෙන්වා සිටීමට කෙතරම් උත්සහ කළත් එම උත්සහය ව්‍යාර්ථ විය.කුමරු උයන් කෙළියට පිටත් වී ගිය අවස්ථාවේ සතර පෙර නිමිති වලින් පළමු වැන්න වන මහල්ලෙකුගේ රුවක් මුණ ගැසුනි.ඒ මේ පොහොය දිනයේදීය.එබැවින් මෙම පොහොය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වේ.

     🛑 කිඹුල්වත් නුවර බලා වැඩම කිරීම.

      සුද්ධෝදන තම පිය රජු ඇතුළු ඥාතීන්ට ධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ ඇරඹූ ගමන අවසන් වූයේ බක් පුර පසළොස්වක පොහොය දිනයේදීය.එනම් බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ මෙම පොහොය දිනයේදීය.

     🛑 එමෙන්ම මෙම පොහොය දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මණි අක්ඛිත රජු බුදුන් වහන්සේට කැළණියට වැඩම කරන ලෙසට ආරාධනය කිරීමයි.එම ආරාධනය පිළිගත් බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවෙනි වර්ශයේ තෙවන ලංකා ගමනය ලෙස කැළණියට වැඩම කළ සේක.


 මේ ආකාරයට බක් පුර පසළොස්වක පොහොය බෞද්ධයන් වන අප සියලු දෙනාට ඉතාමත් වැදගත් දිනයක් බවට සැලකිය හැකිය.බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් නාගදීප පුදබිමෙහි විශේෂ පුද පූජාවන් පවත්වනු ලබයි.බොහෝ පුද්ගලයන් ආමිස හෝ ප්‍රතිපත්ති පූජා පැවැත්වීම,සිල් සමාදන් වීම ආදී බොහෝ පුණ්‍යකර්මයන්හි නියැලේ.එබැවින් ලංකාවාසී බෞද්ධයන් වන අපද මෙම ඓතිහාසික වටිනාකමක් තිබෙන පොහෝ දිනයන් සිහිපත් කරමින් බුදුන් වහන්සේට හා සංඝයා වහන්සේට ගෞරව පුද පූජා පැවැත්විය යුතුය.


  ඔබ සියලු දෙනාට උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා🙏🤍🙏

Thursday, April 10, 2025

ආර්ථික අසමානතා සහ දුප්පත්කම


 ආර්ථික අසමානතා  සහ දුප්පත්කම


*ආර්ථික අසමානතා (Economic Inequality) සහ *දුප්පත්කම* (Poverty) යනු ලෝකයේ බොහෝ රටවල පැවති සහ වර්තමානයේද පවතින ප්‍රධාන ගැටලු දෙකකි.ආර්ථික සම්පත්, ආදායම් හා රැකියා අවස්ථා සමාන නොවීම මේ ගැටලුන්ට හේතු වේ.  


 *1. ආර්ථික අසමානතා  යනු කුමක්ද?**  

ආර්ථික අසමානතා සමාජයේ පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර ආදායම්, සම්පත් සහ අවස්ථා සැලකූ විට ඇති වෙනස්කමකි. මෙය අධ්‍යාපනය, රැකියාව, සම්පත් හිමිකම්, සමාජ ආරක්ෂණ සහ වාණිජ අවස්ථාමත බලපායි.මෙකී  අසමානතා ඇතිවීමට බලපාන හේතු ලෙස, 

✔️ *අධ්‍යාපන අවස්ථා නොමැතිවීම* 

අඩු අධ්‍යාපනයක් ඇති අයට ඉහළ වැටුප් ලැබිය නොහැක.

✔️ *ව්‍යාපාරික හා රැකියා නොසමතා* සමහර ව්‍යාපාර සාර්ථක වෙමින්, අනෙක් කුඩා ව්‍යාපාර අඩපණ වේ.එමෙන්ම එක් අයෙකුගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය මත  ඉහළ තලයේ රැකියාවක්ද,අනෙක් කෙනාගේ අධ්‍යාපනය අඩුකම නිසා පහළ තලයේ රැකියාවක්ද ලෙස රැකියා වෙළඳපොළ තුළ විවිධත්වයක් පැවතීම.

✔️ *දූෂණය සහ වංචා* 

 රටේ සම්පත් වගකිව යුතු පරිදි බෙදා නොදීම මෙන්ම රටේ පාලක සහ පරිපාලන පංතියේ පවතින ආක්‍රමිකතා මීට හේතුවේ.  

✔️ *අන්තර්ජාතික ආර්ථික පීඩන* – දුප්පත් රටවල් සඳහා මූල්‍ය සහය අවශ්‍ය වූ විට එම රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙමින් බලවත් රටවල් තම අවශ්‍යතා සංතෘප්ත  කර ගැනීමට උත්සාහ කිරීම.

දැකිවිය හැකිය.


*2. දුප්පත්කම කියන්නේ කුමක්ද?*  

දුප්පත්කම යනු පුද්ගලයෙකුට හෝ පවුලකට අවශ්‍යම ආහාර,ඇදුම්,අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි දෑ  ලබා ගැනීමට නොහැකි වීමයි.දුප්පත්කමට හේතු වන සාධක පිළිබඳව සළකා බැලීමේදී,

✔️ *අධ්‍යාපනය නොමැති වීම* අධ්‍යාපන මට්ටම අඩු වීමේදී,යහපත් රැකියා අවස්ථා ලැබිය නොහැක.  

✔️ *නොසන්සුන් ආර්ථිකය* 

රටේ මූල්‍ය අර්බුද, උද්ධමනය සහ වැඩි මිලට භාණ්ඩ මිලදී ගනිමින් ජීවත් වීම මීට හේතුවයි.

 ✔️ *අනතුරු සහ යුද ගැටලු*  යුද්ධ සහ ප්‍රාකෘතික විපත් (ගංවතුර,නියඟ...) මඟින් ජනතාවට රැකියාවන් අහිමිවීම.  

✔️ *රජයේ සහනාධාර නොමැති වීම* 

සමාජ ආරක්ෂණ වැඩසටහන් අඩපන තත්වයක පැවතීමද දියුණු රාජ්‍යයන් වලට වඩා තුන්වන ලෝකයේ රටවල් වලට බෙහෙවින් බලපායි.

✔️ *ජනගහනය වැඩිවීම*  

වැඩි ජනගහනයක් සමඟ අයහපත් සම්පත් බෙදීමක් සිදුවේ. 



 **ආර්ථික අසමානතා සහ දුප්පත්කම අවම කිරීම සඳහා විසඳුම්* 

*I. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම*  

📌 සියලුම දරුවන්ට නිදහස් සහ ව්‍යාපාරික දැනුම ලබාදෙන අධ්‍යාපනයක් ලබාදීම.  

📌 වෘත්තීය පුහුණු වැඩසටහන් (Technical and Vocational Training) හඳුන්වාදීම.  

📌 දුප්පත් ප්‍රදේශවල පාසල් පහසුකම් වැඩි කිරීම.  


*II. නව රැකියා අවස්ථා ඇති කිරීම*  

📌 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා සහන ණය ලබාදීම.  

📌 පරිසර හිතකාමී ව්‍යාපාරික වැඩසටහන් ගොඩනැගීම.  

📌 කාන්තා සහ තරුණ රැකියා අවස්ථා වැඩි කිරීම.  


*III. සාධාරණ බදු පද්ධතියක් හඳුන්වාදීම*  

📌 මහා පරිමාණ ආදායම් ලබන පුද්ගලයන්ට පනවන බදු ප්‍රමාණය වැඩි කිරීම.  

📌 අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ජනතාවට දැරිය නොහැකි සේ බදු පනවා ඇත්නම් ඒවා යම්තාක් දුරට අඩු කිරීම. 


*IV. සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම*  

📌 දුප්පත් පවුල් සඳහා ආහාර සහය සහ රැකියා පුහුණුව ලබාදීම.  

📌 වෛද්‍ය හා සෞඛ්‍ය සේවා නොමිලේ හෝ අඩු මිලකට ලබාදීම.  

📌 වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ආධාර මුදල් ලබාදීම.  


*V. කෘෂිකාර්මික සංවර්ධනය සහ භූමි ප්‍රතිසංස්කරණය*  

📌 ගොවි ජනතාවට ණය පහසුකම් ලබාදීම.  

📌 භූමි හිමිකම් ව්‍යුහගත ක්‍රමවලට අනුව ගොවි ජනතාවට බෙදාදීම.  

📌 නව තාක්ෂණික ක්‍රම සහ ගොවිතැනේ නවීනරණය ප්‍රවර්ධනය කිරීම.


 *මෙකී ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික අසමානතා සහ දුප්පත්කම අඩු කළ රටවල් ලෙස,*  


🔹 *චීනය*

🔹 *ස්වීඩනය*

🔹 *දකුණු කොරියාව*

දැක්විය හැකිය.


මේ අනුව *ආර්ථික අසමානතා සහ දුප්පත්කම අඩු කිරීම උදෙසා* සාධාරණ ආර්ථික ප්‍රතිපත්ති, ගුණාත්මක අධ්‍යාපනය, නව රැකියා අවස්ථා, දූෂණය අවම කිරීම සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වන්නේය.මෙය නිවැරදිව ක්‍රියාත්මක කළහොත් සමාජය සාමකාමී, වාසිදායක සහ ආර්ථිකව ශක්තිමත් ස්ථානයක් බවට පත් කළ හැකිය.

Sunday, April 6, 2025

ලෝකයේ දරිද්‍රතාවය මඟහැරිය හැකිද ?


 ලෝකයේ දරිද්‍රතාවය මඟහැරිය හැකිද ?


ලෝකයේ දරිද්‍රතාවය (ආර්ථික දුප්පත්භාවය) තුරන් කිරීම සාපේක්ෂව අභියෝගාත්මක කාර්යයක් වේ.නමුත් එය කිසිදා නොසැලැස්විය හැකි නොවන සන්ධිශ්‍යයකි.සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය *ඔක්තෝබර් 1වන දින* ලෝකය පුරා සමරනු ලබයි.

 

*දරිද්‍රතාවය* තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර, ආර්ථික සමාජය හා පාරිසරික අභියෝග රැසකි.මේ අභියෝග ජයගනු වස් ඒ ඒ ජාතීන් වෙන් වෙන් වශයෙනුත් කලාපීය සහ නොයෙකුත් ආකාරයේ සංවිධාන ලෙසත් සීමා මායිම් වලින් බැහැරව ජගත් ප්‍රජාව ලෙසත් විවිධාකාර පියවර ගත යුතුය. 


මේ පියවර අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් රැසක් විසින් සපුරා ගැනීමට ඒ එකඟතාවයකට එළඹ සිටින සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ කැපී පෙනේ. මෙම අභිමතාර්ථ ජයගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තර අධ්‍යයනයෙන් සිටී.

සහස්‍ර සංවර්ධන අභිමතාර්ථවල පළමුවැනි අභිමතාර්ථය ලෙස දැක්වෙන්නේ අන්ත දුගීභාවය සහ සාගින්න තුරන් කිරීමයි. මෙම අභිමතාර්ථ සපුරා ගැනීමෙහිලා ළඟා විය යුතු ඉලක්ක තුනක් පිහිටුවා ඇත.


1.ඒක පුද්ගල දෛනික ආදායම ඩොලර් එකට වඩා අඩු ජනගහනය අඩකින් අඩු කිරීම. 


2.කාන්තාවන් සහ තරුණියන් ඇතුළු සැමට යෝග්‍ය හා ඵලදායී රැකියා හා කාර්යයන්හි නියැළීමට සැලසීම තුළින් පූර්ණ රැකියා නියුක්තිය ඇති කිරීම.


3.සාගින්නේ සිටින ජන සංඛ්‍යාව අඩකින් අඩු කිරීම.


මෙම ඉලක්ක තුන සපුරා ගැනීමෙන් මුළු මහත් ලෝකයේම දරිද්‍රතාවය තුරන් කිරීමට හැකිය.


මේ සඳහා එක් රටක් පමණක් නොව ලෝකයේ සියලුම රටවල් මැදිහත් වී ක්‍රියා කළ යුතුය.මන්ද රටක ජාතික දිළිඳු බව මැනීමේ මට්ටම එම රට විසින් තීරණය කරනු ලබන නිසාය.


ආර්ථික විද්‍යාත්මක විග්‍රහයට අනුව බොහෝ විට දිළිඳුකම ඇතිවන්නේ ආදායම් අඩුකම නිසා ජීවන මාර්ගයක් නොමැති වීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් වශයෙනි. එනම් ජනතාවගේ ආධ්‍යාත්මික යහපැවැත්ම සහතික වන අයුරින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන ඇඳුම් පැළඳුම්, බේත්හේත් අධ්‍යාපනය වැනි දෑ මිලදී ගැනීමට හැකියාවක් නොමැති වීම නිසාය.


දරිද්‍රතාවය තුරන් කිරීමට ඇති ප්‍රධාන අංග:


1 *ආර්ථික අවස්ථා හා රැකියා

*රැකියා අවස්ථා හා ආර්ථික ස්ථාවරවීම තුළින් දරිද්‍රතාවයට පිළිවෙළෙන් මඟහැරීම .

 *සාමූහික ව්‍යාපාර සහ ස්ථායී නිෂ්පාදන ක්ෂේත්‍ර මත නව ස්වයං ව්‍යාපාර පවත්වා ගැනීම.

   

2.සමාජ සහයෝගය සහ පෝෂණය

  * සමාජීය සහාය මගින් දුප්පත මිනිසුන්ට සහාය ලබා දීම.

** දරිද්‍රතාවයට මුහුණ දෙන පවුල්වලට පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 

**දළ දේශීය නිෂ්පාදන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීම.

   

 3.ගෝලීය සහ ජාත්‍යන්තර උදව්

     * ගෝලීය සංවිධානය සහ විදේශීය ආධාර ලබා ගැනීම. 

   


 4.අයිතිවාසිකම් සහ නීතිමය* *මාර්ගෝපදේශය* 

  ආයිතිවාසිකම් සහ සියලු මිනිසුන්ට ලබා දීම මගින් සාමකාමී රජයක් පවත්වා ගැනීම.

  

 5.සෞඛ්‍යය

*සහනදායී මිලට ඖෂධ ලබා ගැනීමේ හැකියාව ඇතිකර දීම.


 6.අධ්‍යාපනය

 *අධ්‍යාපනය ලබන සිසුන්ට ශිෂ්‍යත්ව සහ වෙනත් ආධාර මඟින් ඔවුන්ගේ අධ්‍යාපනය සවිබල ගැන්වීමට උනන්දුව ඇති කිරීම.


ඉහත සඳහන් අංශ ඔස්සේ ක්‍රමවත් සංවිධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ලෝකයේ දරිද්‍රතාවය තුරන් කිරීම සිදු කළ හැකිය.ඒ සඳහා සියලු රටවල් එක්කෝ ක්‍රියාමාර්ග ගත යුතු අතර එවිට දරිද්‍රතාවයෙන් තොර ලස්සන ලෝකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබේ.

විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


 විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඇති ආර්ථික අභියෝග


විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා යනු බොහෝ දුරට තම පවුලෙන් දුරස්වී තම අධ්‍යාපන කටයුතු වල නියැළීමට සිදු වන පිරිසකි.. විශ්වවිද්‍යාලයීය සිසුන්ගෙන් දළ වශයෙන් ගත් කළ 97%ක්ම පාහේ නේවාසිකාගාර වල හෝ බෝඩිම් කාමර වල සිට තම අධ්‍යාපන කටයුතු සිදු කරයි..


අවුරුදු 20ක් පමණම දෙමාපිය ඇසුරෙහිම සිට හැදීවැඩුණු දරුවාට  එක්වරම තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක වාසයට යාමට සිදුවෙයි..


මෙසේ එක්වරම දෙමාපිය ඇසුරෙන් වෙන්වන විශ්වවිද්‍යාලයීය සිසුන් අති බහුතරයක්ම පාහේ මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදයයි. නේවාසිකව සිටින්නවුන්ට ආහාර වේල් තුනම සපුරා ගත යුත්තේ මුදලටය.. බෝඩින්වාසීන් ගත් කළ, කෑම වියදමට අමතරව බෝඩිම් ගාස්තුද ගෙවිය යුතු වන්නේ ය... මේ සියල්ලත් විද දරාගෙන ඔවුන් පොදු ප්‍රවාහනයටද තම අතට ලැබෙන මුදලින් කොටසක් වෙන් කළ යුතුය.


මෙය වචන වලින් කියනා තරම් සරල දෙයක් නොවෙයි. සෑම දෙයකම මිල එකකට එකක් වැඩි වී තිබෙන මේ කාලයේ වැඩි වී නැති එකම දෙය නම් දෙමාපියන්ගේ වැටුපයි..


තම නිවසේ සහ අනෙක් දරුවන්ගේත් දහසකුත් වැඩ සදහා තම මාසික වැටුප වියදම් කරන දෙමාපියන් ඇතිහැකි උපරිමයෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා තම දරුවාටත් මුදලක් ලබා දෙයි..


අම්මා තාත්තා ස්ථිර පඩි සහිත රජයේ රැකියාලාභීන් වුවද ආර්ථික අපහසුතා යැයි කිය වස පානය කර දිවිනසාගෙන ඇතැයි පුවත් ඇසෙන දකින මේ වර්තමානයේ පුද්ගලික රැකියා කරන දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය කීමට තවත් උපමා අවශ්‍ය නොවේ..


තමන්ට ඇති හැකි උපරිමයෙන් තම දරුවන් වෙනුවෙන් දෙමාපියන් වියදම් කළද ආදායම් විරහිත වියදම් පමණක් සහිත විශ්වවිද්‍යාලයීය සිසුන්ට තම මාසික වියදම සපුරා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොවන බව කාටත් නොරහසකි..


දිනකට එක වේලක් පමණක් ආහාර ගෙන තම අධ්‍යාපන කටයුතු වල නියැලෙන විද්‍යාර්ථයි


Saturday, April 5, 2025

දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය


 දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය


මානව ජීවිතයේ ගුණාත්මක භාවය සකසනු ලබන්නේ ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් ඇතිවීම මතය. මේ මූලික අවශ්‍යතා නැතිවීම මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට ගැටළු ගෙන ඒමක් පමණක් නොව, ඔවුන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සන්සුන්භාවයද බාධා කරයි. ආහාර හිඟය පෝෂණ හිඟයටද , සුදුසු වාසස්ථානයක් නොමැතිකම ආරක්ෂා හා ආතතියට ද, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම රෝග පාලනයට හා ජීවිත කාලයට මෙන්ම  මූලික පහසුකම් හිඟය දිනපතා කටයුතු පවත්වා ගැනීමට දැඩි බාධාවක් වේ. එබැවින්, දුප්පත්කම පමණක් නොව  ගුණාත්මක ජීවිතයකට ඇති කරන බලපෑම සැලකිල්ලට ගැනීම වැදගත් වේ.


දුප්පත්කම හා ගුණාත්මක ජීවිතය යන දෙකම පුද්ගලයාගේ ජීවන තත්ත්වය කෙරෙහි දැඩි ලෙස බලපාන අංග දෙකකි. 

ගුණාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා මිනිසුන්ට ආහාර, වාසස්ථාන,සෞඛ්‍ය හා මූලික පහසුකම් වැනි මූලික අවශ්‍යතාවයන් අත්‍යවශ්‍ය වේ. දුප්පත්කම අතිශයින්ම ගැඹුරු සමාජ ගැටළුවක් වන අතර, එය මිනිස් ජීවිතයට සහ දේශීය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරයි.එසේම ගුණාත්මක ජීවිතය හරහා පුද්ගලයන්ගේ ශාරීරික, මානසික, සමාජීය සහ ආර්ථික පැතිකඩවල සමතුලිත හා තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මඟ සකසයි.  මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා පමණක් නොව, ඔවුන්ගේ ආකල්ප වල සන්සුන්භාවයද  ජීවිතයේ තෘප්තිය කෙරෙහි බලපෑම් කරයි.


ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය සහ මූලික පහසුකම් හිඟ වීම  ජීවන තත්ත්වයට ඇති කරන බලපෑම් මෙලෙසින් අධ්‍යයනය කළ හැක. 


 *ආහාර හිඟය* සහ එහි බලපෑම ප්‍රධාන වශයෙන්ම පෝෂණ හා සෞඛ්‍ය ගැටලු මතු කිරීමට හා මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින් වැනි පෝෂ පදාර්ථ නොලැබීමෙන් අපහසුතා ඇති කරයි .තවද කායික හා මානසික ක්‍රියාකාරී මට්ටම පහත වැටීමක් සිදු වේ.දරුවන්ගේ වර්ධනය  අඩාල වීම, මොළයේ සංවර්ධනය ප්‍රමාද වීම, අධ්‍යාපනයට ප්‍රධාන ලෙස බලපෑම් කරයි.තවද ආහාර හිඟවීම නිසා ආසාත්මිකතා සහ දියවැඩියාව, උදර ආසාදන වැනි රෝග වැඩි වේ.


මීට අමතරව *වාසස්ථාන හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගතහොත් 

ස්ථිර වාසස්ථාන නොමැති වීම හේතු කොටගෙන සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයකට මුහුණ පෑමට සිතුවේ. මීට අමතරව නිවසක් නොමැතිකම හේතුවෙන් ආරක්ෂාව හා ස්ථාවරත්වය අහිමිවීම, මානසික ආතතිය සහ මානසික රෝගයන් වැඩිවීමක් දක්නට ලැබේ. එසේම සමාජ බලපෑම සැලකිල්ලට ගත්විට  නිවසක් නොමැති අය වංචා සහ අපරාධ වලට ගොදුරු වීමේ ප්‍රමණතාව ඉහළය.


 *සෞඛ්‍ය පහසුකම් හිඟය* සහ එහි බලපෑම

නිරෝගී ජීවිතයකට විශාල ලෙස බලපෑම් කරයි.  වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම, දිගු ආසාදන සහ අනතුරු ජීවිත තර්ජනයක් බවට පත් විය හැක.දරු උපත් මරණය ඉහළ යාමට හේතුවක් ලෙස ගැබිණි  මව්වරුන්ට ප්‍රමාණවත් වෛද්‍ය සහාය නොමැතිකම නිසා මරණ ප්‍රවණතාව වැඩිවීම මෙන්ම සෞඛ්‍ය  පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන් වැඩිවීම, නීරෝගීව වැඩ කටයුතු කිරීමේඅපහසුතාවය ප්‍රධාන ගැටළු බවට පත්වී ඇත. 


 *මූලික පහසුකම් හිඟය* සහ එහි බලපෑම සැලකිල්ලට ගත්විට ප්‍රධානන වශයෙන් පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව නොමැති වීම හේතු කොට ගෙන අසනීප සහ ආසාදන තත්ත්වයන් සමාජයේ උග්‍ර වෙමින් පවතී.  වැසිකිලි පහසුකම් නොමැතිවීම නිසා පාචනය, කොළරාව වැනි රෝග පැතිරීම මෙන්ම සනීපාරක්ෂාව සුළු වීම නිසා දියුණු රටවලටආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හි වඩා පසුබැසීමක් දක්නට ලැබේ. මීට අමතරව විදුලිය සහ සන්නිවේදන පහසුකම්

අධ්‍යාපනයට හා වෘත්තීය ජීවිතයට බාධා ඇති කරන අතර විදුලිය නොමැතිවීම නිසා දරුවන්ට ඉගෙනීම අපහසු වීම, රැකියා අවස්ථා අඩු වීම වැනි ජීවන තත්ත්වය සම්බන්ධ ගැටලු සමාජය තුළින් මතුවේ.


දුප්පත්කම තුරන් කිරීම සඳහා පුද්ගලික මට්ටමින් සහ සමාජ මට්ටමින් ක්‍රියාමාර්ග ගත හැකිවේ.

අධ්‍යාපනය සහ දක්ෂතා වර්ධනය කිරීම, 

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කර මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීම, එකම ආදායම් මාර්ගයකට පමණක් යටත්ව නොසිටි, විවිධ ආදායම් මාර්ග ඇතිකර ගැනීම, මූල්‍ය කළමනාකරණය කිරීම හා තමාගේ හැකියාවන් උපයෝගී කර ගැනීම තුළින්  නිර්මාණාත්මක අදහස්, අන්තර්ජාලය හරහා ආදායම් මාර්ග ගොඩනැඟීම ආදී ක්‍රියාවලියන් පුද්ගලික මට්ටමෙන් දුප්පත්කම තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ. 


සමාජමය සහ රාජ්‍ය මට්ටමින් දුප්පත්කම තුරන් කිරීම සඳහා කාර්යක්ෂම අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබාදීම, ව්‍යවසායකත්වය දිරිමත් කිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වර්ධනය, කුසලතා පුහුණුව හා වැඩිදුර අධ්‍යාපනය සහ මූල්‍ය සහය ලබාදීම, කෘෂිකාර්මික හා කර්මාන්ත ව්‍යාප්තිය  වර්ධනය කිරීම තුලින් දුප්පත්කම යම් මට්ටමකට සමාජය තුළ පාලනය කිරීමට හැකිවේ.


ඒ අනුව දුප්පත්කම තුරන් කිරීම හා ගුණාත්මක ජීවිතයක් ඇති කිරීම තුළින් මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ යන අතර ඒ සඳහා ආර්ථික සමාජයීය වශයෙන් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වැදගත් වේ.

Friday, April 4, 2025

නව තාක්ෂණය හා දරිද්‍රතාවය


 නව තාක්ෂණය හා දරිද්‍රතාවය


තාක්ෂණය යනු මනුෂ්‍යයාගේ මානසික ශක්තිය හා දක්ෂතා මඟින් ස්වාභාවික විකිරණ, සම්පත් සහ කුසලතා යොදාගෙන ක්‍රමවේද හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ යොදා ගැනීමේ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය, පරිසරය, සමාජය, ආර්ථිකය, සහ ජීවිතයන්ගේ ගුණාත්මකතාව වෙනස් කිරීම සඳහා මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන ආකෘති තුළ පවති. තාක්ෂණය, වෘත්තීය  ආර්ථික, සෞඛ්‍යසහ සමාජ කුසලතා යන සකලවිධ ක්ෂේත්‍ර වර්ධනය කිරීම සඳහා මූලික සහ මහා පරිමාණයෙන් අත්පොත් සපයයි.


දුප්පත්කම යනු, ආදායම් නොමැතිව ජීවිතය ගත කිරීමේ තත්ත්වයකි. එය සම්පත් අහිමිකිරීම, සෞඛ්‍ය සේවා අඩුකිරීම, අධ්‍යාපනයේ අවස්ථා අඩුවීම, සහ සමාජයේ වැලැක්වී සිටීම මගින් සිදුවන අභියෝගය ලෙසට යොදාගත හැකිය. ලෝකයේ කෙරෙන වාර්තා අනුව, දුප්පත්කම සාමාන්‍යයෙන් පරිසර හා සමාජ පද්ධති මත පදනම් වන අතර, එම තත්වය බහුල වශයෙන් අඩු ආදායම් සහිත පිරිස සහ මූලික සේවා නොලබන පිරිස අතුරින් පවතියි. 

මෙකී ආර්ථිකමය  පීඩනය ශ්‍රී ලංකාව තුළ නම් දේශපාලනය ,දළ දේශීය නිෂ්පාදනය,විරැකියාව සහ ඒක පුද්ගල ආදායම මත රඳා පවතී.


වර්තමානයේ පවතින නව තාක්ෂණික ප්‍රවණතාගත් කල 3D මුද්‍රණය, නිවසේ සිට වැඩ කිරීම, අන්තර්ජාලය මඟින් භාෂා පරිවර්තන, රොබෝ සහ ක්ෂේමයන්හි දියුණුව, ක්ලවුඩ් තාක්ෂණය,දත්ත විශ්ලේෂණ, කෘතිම බුද්ධිය, සහ අන්තර්ජාල සේවා (IoT) ආදී වශයෙන් ප්‍රවණතා දීර්ඝව විකාශනය වෙමින් පවති. මෙම තාක්ෂණයන් මගින් පරිසරයේ ඇති බහුල අවශ්‍යතා හා සංකීර්ණ ගැටලුවලට නව විසඳුම් සපයමින් ජනතාවට වඩාත් සමෘද්ධිමත් ලෙස ජීවත් වීමට අවස්ථා සලසයි.


තාක්ෂණික ප්‍රවණතා හා අන්තර්ජාලය දුප්පත්කම අඩු කිරීමට දායක වන්නේ කෙසේද?


නව තාක්ෂණික ප්‍රවණතා සහ අන්තර්ජාලය, දුප්පත්කම අඩු කිරීමට සහ අයගේ ජීවිත මට්ටම උසස් කිරීමට සවිමත් පදනමක් සපයයි. මෙම ක්‍රම මඟින් වඩාත් පහසු, කාර්යක්ෂම හා සාර්ථක ක්‍රමවේදයන් ව්‍යාපාරික, අධ්‍යාපන, සෞඛ්‍ය, හා සමාජ ක්ෂේත්‍රයන් සඳහා සම්පාදනය කරන අතර, එය මිනිසුන්ට නව අවස්ථා සහ අදායම් ලබා දීමට ඉඩ සලසයි.එමගින් ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ආර්ථික මට්ටම බෙහෙවින් උසස් කළ හැකිය.


*අධ්‍යාපන සහ පුහුණුව*


අන්තර්ජාලය සහ නව තාක්ෂණ මඟින්, දුරස්ථ අධ්‍යාපන හා පුහුණුව ලබා දීමේ අවස්ථා විවෘත කරයි.අධ්‍යාපනයෙන් කඩා වැටුණු  පිරිසකට විශේෂයෙන් අඩු සම්පත් ඇති පිරිසට අන්තර්ජාලය මඟින් අලුත් කුසලතා, විවිධ වෘත්තීය කුසලතා සහ අධ්‍යාපනික ක්‍රමවේද ඉගෙන ගැනීමට හැකි වන අතර, අලුත් වෘත්තීය අවස්ථා ද ලබා ගැනීමට හැකි වේ.වර්තමානයේදී විශ්ව විද්‍යාල සිසුන් පවා අන්තර්ජාලය ඔස්සේ online පන්ති සිදු කරනු ලබයි.තවද මහා පරිමාණ උපකාරක පන්ති ගුරුවරුන් පවා දිවයිනටම online හෙවත් මාර්ගත ආකාරයෙන් ඉගැන්වීම් සිදුකරයි.


*ව්‍යාපාරික වර්ධනය සහ ස්වයං රැකියා*


අන්තර්ජාලය සහ නව තාක්ෂණයන් මඟින්, කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියා ආරම්භ කිරීමේ සහ පවත්වා ගැනීමේ හැකියාව සලසයි. අන්තර්ජාල වෙළඳාම, ඩිජිටල් ගනුදෙනු, මෘදුකාංග නිර්මාණය මගෙන් අලුත් දියුණුවක් ලබා දීම තුළ පසුබැසී සිටින ජනතාවට නව ව්‍යාපාරික අවස්ථා ලබා දීමට සහ ආදායම වැඩි කිරීමට මඟ පෙන්විය හැකිය.තමා සතු  නිර්මාණාත්මක හැකියා වර්ධනය කර ගනිමින් එම නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ විකිණීමට වර්තමානයේ අවකාශය ඇත.ඒ සඳහා විවිධාකාරයේ යෙදවුම්ද වර්තමාන නිර්මාණය වී ඇත.ඒ පිළිබඳ පුළුල් දැනුමක් ජනතාව වෙත ලබාදීම අපගේ වගකීමකි.


*සෞඛ්‍ය සේවා*


අන්තර්ජාලය මඟින් දුරස්ථ සෞඛ්‍ය සේවාවන්, වෛද්‍ය උපදෙස්, කෘතිම බුද්ධිය, සහ දත්ත විශ්ලේෂණය මඟින්, සෞඛ්‍ය සත්කාර ලබා ගැනීමට සහ අයගේ සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීමට වඩාත් පහසුකම් සලසයි. මෙයින්, සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ අඩු ප්‍රවේශයකින් පවතින පිරිසට සාමූහික ලෙස සෞඛ්‍ය සේවා ලබා දීමට හැකියාව ඇත.


*දුරස්ථ වැඩ කිරීම සහ ආදායම් ගතිකතා*


දුරස්ථ වැඩ කිරීම, නව තාක්ෂණික කුසලතා සහ අන්තර්ජාලය මඟින් බොහෝ පිරිසට කාර්යයන් ලබා දීමට සහ ආදායම් කුටිය තුළ වැඩි කාර්යය සමතුලිතතාවයක් ඇති කරයි. එමෙන්ම, දුප්පත්  සමාජයන් සඳහා මේවා වැඩි ආදායම් අවස්ථා සලසයි.


ඉහත සඳහන් කරුණු අනුව, නව තාක්ෂණ සහ අන්තර්ජාලය, දුප්පත්කම අඩු කිරීම සඳහා විශාල සහ ඉතා ප්‍රතිඵලදායක මඟ පෙන්වයි. දුප්පත්කම පාලනය කිරීමේදී අධ්‍යාපන, වෘත්තීය කුසලතා, ව්‍යාපාරික, සහ සෞඛ්‍ය සේවා වශයෙන් මූලික ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන්, තාක්ෂණය සමාජයක දුප්පත්කම අඩු කිරීමේ ක්‍රියාන්විතය යතෝක්ත කළ හැකිය.

දිරිය ඇති අයට සවිය ලබාදීම සවියේ  අරමුණයි.එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමට තාක්ෂණය බෙහෙවින් උපකාරීවේ.

Thursday, April 3, 2025

දුප්පත්කම හා අධ්‍යාපනය

 

අද වන විට ලෝකයේ දුප්පත්කම හා අධ්‍යාපනය අතර පවතින සබදතාවය ඉතා තීරනාත්මකය වී ඇත දුප්පත්කමට ලක්වු කාණ්ඩවල පුද්ගලයින්ට ගුණාත්මක අධ්‍යාපනය  ලබානැනීමේ අවස්ථා සීමා වී ඇත. නමුත් අධ්‍යාපනය යනු දුප්පත්කමින් මිදීමට අත්වැලක් සපයන සංකල්පයක් වන බැවින් දුප්පත්කම හා අධ්‍යාපනය  අතර පවතින ඍජු සබදතාවය සැලකිල්ලට ගනිමින් සමාජය නගා සිටුවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය.


දුප්පත්කම මගින් අධ්‍යාපනයට ඇති කරනු ලබන බලපෑම පිලිබදව අවදානය යොමු කරනවිට කරුණු කීපයක් හදුනාගත හැකිය. ඉන් අරමුදල් හිගය යනු ප්‍රධාන ගැටලුවක් වේ .එහිදී පාසල් ගාස්තු,පොත්පත් ,විභාග ගාස්තු සහ ප්‍රවාහන වියදම් දුප්පත් පවුල් වලට දරාගත නොහැකි දැඩි බරක් වේ. එපමණක් නොව දරුවන්ගේ ශ්‍රමය සූරාකෑමක් ද මෙහිදී සිදු වී.දුප්පත් පවුල්වල සිටින දරුවන් තම දෙමව්පියන්ට බරක් විඉමට ඇති අකමැත්ත නිසාවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අතහැර  කිසියම් හෝ සේවයක දීමට උත්සහ කරයි. එහිදී විවිධ කර්මාන්තශාලා හිමියන් දිනකට ඔඋන්ට දරාගත නොහැකි අන්දමින් වැඩ පවරා දී එම දිනය අවසානයේදී ලබාගත ශ්‍රමයට වඩා සුළු වැටුපක් ලබා දේ. තවද අධ්‍යාපන ගුණාත්මකභාවය පිළිබද අසමත්වය ද සදහන් කළ යුතු  සුවිශේෂී කරුණක් වේ. වැඩ දුප්පත් ප්‍රදේශවල නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව දරුවන්ට ලබා දෙන අධ්‍යාපනහි ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මක බව තුල දුර්වලතාවයක්  හැකිය.


දුප්පත්කම මගින් අධ්‍යාපනයට පමණක් නොව දරිද්‍ර මගින්ද දුප්පත්කමට බලපෑම් කරන්හු ලබයි. එහිදී අධ්‍යාපනය ලද පුද්ගලයින්ට උසස් රැකියා අවශ්ථා ලැබිය හැකි ප්‍රවණතාවක් දක්නට හැකි වේ. එපමණක් නොව, අධ්‍යාපනය ලබමින් සිටියදී දරිද්‍රතාවයෙන් පෙළුනද එම අධ්‍යාපනයෙන් උසස් රැකියාවකට තේරී පත්වීම තුලින් ඉහළ ආදයමක් ලබා එම දුප්පත්කම තුරන් කළ හැකිය. තවද දැනුම හා නුපුණතා වැඩිදියුණු කරගැනීමට ද අධ්‍යාපනය උපකාරී වේ. ඵමගින් දරිද්‍රතාවය තුළින් අසරණභාවයට පත් වූ දරුවන්ට තමාගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකිය.

ඒ අනුව දුප්පත්කම සහ අධ්‍යාපනය එකිනෙකාට බලපෑම් කරනු ලබන ආකාරයක් හඳුනාගත හැකිය.එම බලපෑමෙහි දක්නට ලැබෙන විවිධාකාරයේ දුර්වලතා මගහරවා ගැනීමට පහත පරිදි විසඳුම් යෝජනා කළ හැකිය.

* අධ්‍යාපන ප්‍රවේශය සෑම දරුවකුටම ලබාදීම.

* රජය සහ අදාළ සංවිධාන අධ්‍යාපන පහසුකම් වැඩි කළ යුතු වීම.

* දුප්පත් පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව හා ආධාර ලබාදිය යුතු වීම.

    ( උදා ÷ මහපොළ     සහනාධාරය ඇතුළු  ශිෂ්‍යාධාර මුදල්  ක්‍රමානුකූලව ලබාදීම.)

* ගුණාත්මක ගුරු මණ්ඩලයක් බිහි කිරීමට කටයුතු කොට පාසල් ඉගැන්වීම් කටයුතු ප්‍රවර්ධනය කිරීම.

     මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කළේ,

"ඔබ වරක් අධ්‍යාපනය ලැබීම නතර කිරීමෙන් අනතුරුව කෙමෙන් මිය යන බවයි".

 ඒ අනුව කෙතරම් දරිද්‍රතාවයකින් පෙළුණද තමා හට ලැබෙන අධ්‍යාපනය තුළින් ගුණාත්මක ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතු වන අතර පවතින සබඳතාවය අවම කරමින් සෑම දරුවකුටම සම අවස්ථා අධ්‍යාපනය මගින් පිරිනැමීමට කටයුතු කළ යුතුය.එතුළින් සෑම දරුවෙකුගේම ජීවන තත්ත්වය පමණක් නොව සමස්ත සමාජ ව්‍යුහයම සාර්ථකත්වයෙහි මං කරා යොමු කරලීමට හැකිවනු ඇත.

Wednesday, April 2, 2025

සමාජය හා දරිද්‍රතාවය


 සමාජය හා දරිද්‍රතාවය


දරිද්‍රතාවය යනු දුප්පත්කමයි. මෙහිදී පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත නොහැකි වීම දරිද්‍රතාවයේ මූලික සිද්ධාන්තයයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෑත වසර කිහිපය තුළ ආර්ථික වර්ධනයේ ඇති වූ තිරසර බව හේතුකොට ගෙන දිළිඳුකම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දේ . 2009 /2010 වසර වල 8.9% ක මට්ටමකින් පැවති දිළිඳු කුටුම්භ ප්‍රතිශතය 2012 දී 6.5% තෙක් පහත වැටී ඇත.ඒ අනුව 2012/ 2013 ගෘහ ඒකකවල ආදායම් වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජනතාව අතර ආදායම් බෙදී යාමේ අසමානතාවය අඩුවීමක් පෙන්නුම් කර ඇත.2009 වසර වලදී 0.49% ක්ව පැවැති ගිනි සංගුණකය 2012 වර්ෂයේදී 0.48% ක් දක්වා අඩුවී ඇත.මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.  ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන අයගෙන් 90% ක්ම ග්‍රාමීය ජනතා වීම කැපී පෙනෙයි.එසේම 2014 දී ශ්‍රී ලංකාවේ ජනගහනය 6.7 % ක් ජාතික දරිද්‍රතා මට්ටමට පහළින් සිටින බව ආසියානු සංවර්ධන බැංකු වාර්තා පෙන්වා දෙයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ පෙන්නුම් කෙරෙන තවත් පැතිකඩක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි 2018 වසර සිට අද දක්වාම දකුණු ආසියාතික රටවල් අතරින් මන්ද පෝෂණය අතින් දෙවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වීමද ආසියාවේ ළමා මන්ද පෝෂණය අතින් හයවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වීමද කැපී පෙනෙයි.එසේම ශ්‍රී ලංකාවේ අධික ලෙස දරිද්‍රතාවෙන්  පෙලෙන පිරිස් ජීවත් වෙන්නේ මොනරාගල, මඩකලපුව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වලය.


* *දරිද්‍රතාවයට හේතු සාධක** 

 *ආර්ථික අසමතුලිතතාවය* – ධනයේ අසාමතුලිත බෙදාහැරීමත් සමඟ ධනවත් සහ දුප්පත් අය අතර පරාසය වැඩිවීම, පීඩිත ජනතාවගේ ජීවිත තත්ත්වය දියුණුවීම අවහිර කරයි.


 *විරැකියාව* – වෘත්තීය අවස්ථා නොමැතිවීම හෝ අඩු වැටුප් ලැබීම මඟින් පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට බාධා එල්ල වේ.


 *අධ්‍යාපනය නොමැතිවීම* – නිසි අධ්‍යාපනය සහ කුසලතා නොමැතිවීම නිසා පුද්ගලයන්ට ශක්තිමත් රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකි වේ.


 *ජීවන වියදම වැඩිවීම* – විශේෂයෙන් වර්ධනය වන ආර්ථිකයක, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් මිලදී ගැනීමට දුගී ජනයා හට බොහෝ දුෂ්කරතා ඇති කරයි.


 *දේශපාලන අස්ථායීතාවය සහ දූෂණය* – දුර්වල පාලනය, දූෂණය සහ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා දුගී ජනතාවට අවශ්‍ය සම්පත් ලබාදිය නොහැකි වේ.


 *ස්වාභාවික විපත් සහ දේශගුණික වෙනස්වීම්* – ගංවතුරු, නියග සහ අනිකුත් ස්වාභාවික විපත් නිසා ගොවිතැන හා ජීවනෝපාය බිඳවැටීම, දුප්පත්කම තවත් දැඩි කිරීම.


 *සමාජ විකල්පන සහ අභිප්‍රේතය* – කාන්තා,  සුළු ජාතිකයන්, සහ ආබාධ සහිත පුද්ගලයන්ට අධ්‍යාපනය, රැකියා සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අවස්ථා සීමා වේ.


* *_දුප්පත්කම සමාජයට ඇති බලපෑම්_* 


 *සෞඛ්‍ය ගැටලු* – දුගී පුද්ගලයන්ට යෝග්‍ය සෞඛ්‍ය සේවා නොලැබීම නිසා ඔවුන් කායික හා මානසික දුර්වලතාවන්ට ලක් වේ.


 *අපරාධ වර්ධනය* – ජීවිනෝපාය නොමැති පුද්ගලයින් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සදහා යොමු වීම.


 *අඩු සාක්ෂරතාවය* – දුප්පත් පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් බැහැරවී අවිධිමත් රැකියාවල නිරතවීමෙන් සාක්ෂරතාවය අවම වීම.


 *සමාජ අස්ථායීතාවය* – සමාජයේ දැඩි දරිද්‍රතාවය විරෝධතා, වැඩ වර්ජන සහ ගැටළු ඇතිකරයි.


 *නිවාස නොමැතිකම* – තෘප්තිමත් ආදායමක් නොමැතිව, බොහෝ පවුල් නිවාස රහිතව හෝ අනවසර මුඩුක්කු පැල්පත් ආදියෙහි ජීවත් වේ.


 *ළමා ශ්‍රමය* – දුප්පත්කම නිසා දරුවන් අධ්‍යාපනය හැර, බරපතළ සහ අනතුරුදායක රැකියාවල නියැලෙන අවස්ථා වැඩිවේ.


* *_දුප්පත්කමට පිළියම්_* 


 *ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම* 

නොමිලේ සහ ප්‍රවේශමත් අධ්‍යාපනය පුද්ගලයින්ට හොඳ රැකියා ලබා ගැනීමට සහ වෘත්තීය දියුණුවට ඉවහල් වේ.


රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය – රජය සහ පුද්ගලික ආයතන විසින් වැඩි වැඩ අවස්ථා නිර්මාණය කළ යුතුය.


 *සමාජ සුභසාධන වැඩසටහන්* 

ආහාර සහනාධාර, සෞඛ්‍ය සේවා, සහ මූල්‍ය සහනාධාර මඟින් අඩු ආදායම්ලාභී පවුල් වලට සහාය කළ හැක.


 *ව්‍යවසායකත්වය දිරිමත් කිරීම*

 කුඩා ව්‍යාපාර සහ ආයෝජන දිරිමත් කිරීම මඟින් පුද්ගලයින්ට ආර්ථික ස්වාධීනත්වය ලබාදිය හැක.


 *සාධාරණ වැටුප් සහ කම්කරු* *අයිතිවාසිකම් සුරැකිම* 

කම්කරුවන්ට යෝග්‍ය වැටුප් ලබාදීම සහ කාර්ය පරිසරය යහපත් කිරීම දුප්පත්කම අඩු කිරීමට උපකාරී වේ.


 *නොමිලේ හෝ අඩු මිලට* *සෞඛ්‍ය සේවා සැලසීම* – අධික වියදම් සහිත සෞඛ්‍ය සේවා හේතුවෙන් දුගී ජනයා පීඩාවය  පත් වන අතර එම පහසුකම් ලබා ගැනීමට ඔවුහු අසමත් වෙති.එහෙයින් රජය රෝහල් ආදියෙහි පහසුකම් වර්ධනය කළ යුතු ය.


 *පරිසර සංරක්ෂණය* – ස්වාභාවික විපත් වලට හේතු වන මානව ක්‍රියාකාරකම්  අවම කිරීම සහ භූමිකම්පන, ගංවතුරු ආදී ස්වාභාවික විපත් වලට සූදානම් වීම.


 *දූෂණය අවම කිරීම* – ජනතාවට හිමි සම්පත් නිසි ලෙස ලබාදිය යුතු අතර, විශේෂයෙන් දූෂණය හා අපරාධ පාලනය කළ යුතුය.


දුප්පත්කම යනු පුද්ගලයින්ට පමණක් නොව, සමාජයටද දැඩි බලපෑම් ඇති කරන ආවේගශීලී ගැටලුවකි. එය ආර්ථික අස්ථායීතාවය, සමාජ විරෝධී ක්‍රියාවලි, සහ අඩු ජීවන තත්ත්වයන් සඳහා මූලික හේතුවක් වේ. කෙසේවෙතත්, අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය සහ සාධාරණ ප්‍රතිපත්ති ආදිය ශක්තිමත් කිරීමෙන්, දුප්පත්කම අඩු කළ හැක. ආණ්ඩු, සංවිධාන සහ පුද්ගලයින් එක්ව ක්‍රියා කළහොත්, වඩා සාධාරණ සහ සමානාත්මක සමාජයක් ගොඩනැගිය හැක.

ලෝක පරිසර දිනය

 ලෝක පරිසර දිනය ප්ලාස්ටික් දූශණය අවම කරමු ලෝක පරිසර දිනය සැමරෙන්නේ ජුනි මස 5 වන දිනයි.මෙම දිනය 1972 දී ජිනීවා හි පැවති ජාත්‍යන්තර පරිසර සමුළ...