Monday, November 6, 2023

Fantasy world and youth community


The world of fantasy or imagination is created from imaginary thoughts and the fiction of man. It allows us to see landscapes and magic, as well as mythical beliefs that go beyond life.

Today, a community of young people is greatly influenced by this fantasy world, which allows them to experience life through different imaginations and build their creativity and imagination. The presence of humans in the educational imaginary world enhances their creativity and imagination, providing sustenance to create wonder and innovation in life.

Through this fantasy, the young mind develops the ability to inculcate good moral lessons, learn how to face challenges and make choices in difficult situations. This helps them to work with courage and determination.

Moreover, the youth community can see new cultures and traditions from a new perspective, inspiring a positive observational and critical study of traditional ideas. Also, this provides an opportunity to focus on reading literary books among the youth of the present day, thus increasing their literacy level.

Fantasy worlds create social connections between like-minded fans and communities, providing an exciting interaction that helps to get rid of the psychological distress caused by loneliness, which is prevalent among the youth community today.

Therefore, this fantasy world helps the youth community to see life positively and correctly. By focusing on their ideas, it is possible to get a new beauty in the world of inventions. This shows great potential, not just by using money to produce a changed fantasy world.


Leo Geethma Chamodi

First Year

Faculty of Arts

University of Colombo

ලෝක කරුණාවන්ත දිනය


අද ලෝක කරුණාවන්ත දිනය යි.නැත්නම් ලෝක වාසීන්ට කරුණාවන්තවීමේ වැදගත්කම සිහිගන්වන දිනය යි.මනුස්සකම පිරුපුන් සමාජයක ගිලිහී  යන මූලික කරුණු අතරට කරුණාවන්ත බව එක් වීම අප සැම දුක් විය යුතු කරුණක් වේ.මිනිසුන් , සතුන්,පරිසරය හා ශාක යන සියල්ලට ම අප විසින් කරුණාව දැක්විය යුතු වේ.

            ²යම් දිනයක ලෝකය වෙනස් කරනුයේ කරුණිකයේ විප්ලවය යි.²

ඒ අනුව ලෝක කරුණාවන්ත දිනය නොවැම්බර් 13 වන දිනයට වෙන් වි සියලු මහද්වීප වල සමරනු ලබයි.1997 දී කියාකාරීන් විසින් ම අවධාරණය කරන පරිදි දේශපාලන හෝ ආගමික සම්බන්ධතාවයක් ෙනාමැති ජපාන‌යේ ස්වේච්ඡා ලෝක කරුණාව ව්‍යාපාරයක්  නිර්මාණය කිරීමත් සමගය.මුල දී පැසිපික් කලාපයේ රටවල පමණක් නියෝජිතයන් ඇතුළත් වූ නමුත් පසුව සංගමය එහි භූගෝල විද්‍යාව සැලකිය යුතු ලෙස පුළුල් කළේ ය.වසරකට පසු ව ව්‍යාපාරයේ පළමු සමුළුව ටෝකියෝ වල දී ආරම්භ වී විවෘත කරන ලද නව නිවාඩු දිනයක් ලෙස තෝරා ගන්නා ලදී.

           ²අපි කාරුණික හා දයානුකම්පිත ලෝකයක් නිර්මාණය කිරීමට අත්සාහ කරන්නෙමු.²

යන අරමුණ ඇති ව ව්‍යාපාරය ගෙන යනු ලබයි.යහපත ලෝකය සුරකින අතර මිනිසුන් ලෝකය සුරකිනු එක්සත් කරනු ඇත.මන්ද යත් පෙර නිමිත්තෙන් මිනිස් ස්වභාවයට ආවේණික වන අතර එබැවින් සෑම කෙනෙක්ට ම ලබා ගත හැකිය.

කරුණාවන්ත දිනයේ දී ඔබට මුණ ගැසෙන හදුනන හා නාදුනන සියලු පුද්ගලයන්ට මල් කලඹක් හෝ මලක් ලබාදීම සිරිතකි.එය එක් එක් රටවල වෙනස් ය.සිංගප්පූරුවේ ඩේසි හා ජර්බේරා ලබා දෙයි.

සියලු මහද්වීප වල රටවල 28ක සමරනු ලබන අතර ඔීස්ට්‍රේලියාව,බ්‍රසීලය,කැනඩාව,ඇමෙරිකා එක්සත් ජනපදය,ප්‍රංශය,ඉන්දියාව,නවසීලන්තය,ඉතාලිය,සිංගප්පූරුව,නෙදර්ලන්තය,දකුණු කොරියාව හා එක්සත් අරාබි එමිල් රාජ්‍යය යන සෑම වසරක ම රටවල් ලැයිස්තුවේ සමරනු ලැබේ.සෑම වසර දෙකකට වරක් කරුණාව ව්‍යාපාරය එහි ජාත්‍යන්තර කවුන්සිලය තෝරා ගනු ලබයි.

අපේ රටේ (ශ්‍රි ලංකාව) ලෝක කරුණාවන්ත දිනය 2009 දී සමරන ලදී. ඔවුන් එය Manezhnaya චතුරස්‍රයේ ෆ්ලැෂ් මැර පිරිසක් සමග සමරනු ලබයි.එහි සහභාගීවන්නන් අත් අල්ලාගෙන ලෝක ඔරලෝසුව වටා සහයෝගීතාවයේ වළල්ලක් පිහිටුවා ගත්හ.

මනෝවිද්‍යාඥයන් සහතික කරන පරිදි කාරුණික බව නිරෝගීකමේ යතුර බවයි.කාරුණික පුද්ගලයන් ආතතීය නිශේධාත්මක හැගීම් සමග සාර්ථකව කටයුතු කිරීමට පහසුය.ඔවුන් අඩු ආත්ම අභිමානයෙන් පෙළෙන අතර අනෙක්  පුද්ගලයන් සමග වඩාත් පහසුවෙන් සම්බන්ධ වීමට ඇති ඉඩකඩ අඩුය.

අපි කාරුණික වන්නේ කෙසේද?යන්න ඔබ මට සිතෙයි.ප්‍රශ්න ගොඩක් පැන නගියි.එහි දී අප කළ යුත්තේ කුමක් ද?

·         තමාගේ කෝපය තමා ම පාලනය කළ ගත යුතුයි.කෝපය පහව යාමට සක්‍රීය විය යුතු ආකාරය ඔබ විසින් කළ යුතුය.එලෙස තමා විසින් තමා ම සන්සුන් වූ විට කෝපය පහව ගොස් තමා ම කාරුණික වේ.

·         සෑම සැදෑවක ම දවස ධනාත්මක ව සාරාංශ කරන්න.ඔබට යම් ලෙස උදව් කළ ප්‍රශංසා කළ පුද්ගලයන් ගැන සිදුවීම් ගැන සිතන්න.එවිට ඔබ සෑම දිනක ම කාලයත් සමග ම හොද දේ දැකීමට ඉගෙන ගනු අතර නරක දේ නොසිතයි.නොකරයි.

·         තමා තමා ම ද අනුන් ද ප්‍රශංසා කරන්න.අගයන්න. මිතුරෙක් හතුරෙක් සහෝදරයෙක් වැඩිහිටියෙක් දෙයක් කළ පසු ඇදුමක් පැලදුමක්  කර පසු  හදවතට එකග ව අගයන්න.

·         කාරුණික වචනයෙන් කෙනෙක් අමතන්න. අනුන් ඔබ ව අමතන කාරුණික වචන ද ඔබ ද අමතක නොකරන්න.සෑම දිනකම ශක්තියක් වන්න.

කරුණාවන්ත මිනිසුන් සමග නිතර ම සිටීමට උත්සාහ කරන්න.කාරුණිකයන් කෙරෙහි මෙන්ම අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සහ ආගන්තුකයන් සිනාසීම වටී

ü  සුභ උදෑසනක් වේවා.

ü  සුභ සන්ධ්‍යාවක් වේවා.

ü  සාදරයෙන් පිළිගනිමු.

ü  නිරෝගිමත් දචසක්

ලෙස පුද්ගලයෙක් සමග ඇමතීම හා පැතීම කාරුණික පුද්ගලයන්ගේ ලක්ෂණයකි.

²මම ඔබට ලෝක කරුණාවන්ත දිනය ප්‍රාර්ථනා කරමි.²

ලෝකයේ කරුණාව අඩුයි.

ඔබ ඔබේ දේ අනුන් සමග බෙදා ගන්න.

සමහර විට ඔබේ පුංචි හොදකම කෙනෙකුගේ ජිවිතය දිගු කරයි.

ඔබ ඹබේ අත්ල හිරුදෙසට දිගු කර කරුණාව සෙනෙහස දයානුකම්පාව උණුසුම සමග අපගේ ජීවිත සතුටින් පුරවන්න.මිනිසුන් සමග හිනාවෙන්න.හිරු සමග හිනාවෙන්න.එවිට ඔබගේ ජීවිතය අළු හා රළු මැකී කාරුණික මෘදුහදවත එළියට එනු ලබයි.පරිසරය හා තිරසන් සත්ත්වයා කාරුණික සිනාවකින් ආචාර කරන්න.

ආර්ත්මාර්ථකාමී සංකල්ප වෙනස් කර කරුණාවෙන් පිරි ඉසුරුමත් අනාගතයක හිමිකරුවන්නට අපට ද හැකිය.කරුණාවන්ත වෙමු.කරුණාව පතුරමු.කරුණාවන්ත හෙටක් පතමු.

²අකාරුණික වීමට වඩා ධෛර්මත්වයෙන් කරුණාව හා දයානුකම්පිත වන්න.² 


Leo Imalsha Shayani

Faculty of Arts

University of Colombo

                                                             

                                                                         

Sunday, November 5, 2023

පිට කවරෙ


ජීව් ලෝන්ලියස් නව පරපුරේ රසික හදවත් උන්මාදයට පත් කළ ගායකයෙකි. ඔහු විසින් විරචිත, ගායනා කරනු ලැබූ ගී පද අතර මෙකල ඉතා ජනප්‍රියම ගීතයක් ලෙස පිට කවරෙ ගීතය හැඳින්විය හැකිය. පූජ්‍ය අත්තිඩියේ පුණ්‍යරතන හිමිගේ පද පබැඳුමෙන් මෙය සම්පාදනය වී ඇත. ඇසූ පමණින් හදවත් සලිත වන පද පෙළක් මෙහි තිබේ. හිමිනමක වුවද සමාජ යථාර්ථය මනාවට මේ තුළින් විද්‍යාමාන කර තිබේ. එම ගී පදවලට විශාල සාධාරණයක් සජීව් අතින් සැපයෙයි.

වර්තමාන සමාජය තුළ බොරුව ඇත්තට වඩා ජනප්‍රිය වේ. පිළිගන්නා සුළුයි. මතුපිට අර්ථයට වඩා අභ්‍යන්තරය ගැඹුරු වුවද මතුපිට පමණක් විමර්ශනය කර පිළිතුරු සැපයීම මෙකල සුලබ කරුණකි. නිර්ව්‍යාජත්වයට පිළිගැනීමක් ලෝකයේ මේ වන විට නැත. ඇඳුමෙන් පැළඳුමෙන් මිනිසුන් මනින ස්වරූපයක් සමාජයේ දක්නට ලැබේ. තුන්වන ලෝකයේ රටවල් විශේෂයෙන් මේ කියන්නා වූ ගති ලක්ෂණ අනුගමනය කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. 

ප්‍රතිරූප මවන්නේ නැත්තවුන්ට වටිනාකමක් වර්තමානයේ දී නැත. එවන් පුද්ගලයන්ට සමාජයේ තැනක් නැත. මිනිසා උපදෙස්  දීමට අපේ භාෂාවෙන් ගත්හොත් හෑලි ලිවීමට පෙළඹෙන්නේ කුඩා අඩුපාඩුවක් සහිත තමා කැමති ලෙසින් ජීවත් වන අයට පමණි. නමුත් විශාල පරිමාණයේ වැරදි සහිත පුද්ගලයන්ට උපදෙස් දීමට ඔවුන් නොයයි. උදාහරණයක් ලෙස ගතහොත් ෆේස්බුක් පෝස්ට් නිර්මාණය වන්නේ ස්වාධීනව තමමාට රිසි ලෙස ජීවත් වන ඈයන්ටය. crop top අදින කෙල්ලන්ට tattoo ගහන කොල්ලන්ට හණමිටිකාර අදහස් දරණ්නන්ගෙන් එල්ල වන අභූත චෝදනා වැරදි ක්‍රියාවන්හි සැබැවින්ම නියැලෙන පුද්ගලයන්ට ඔවුන්ගෙන් ලැබේද? සුදු වතට මුවා වී ජනතාව වෙනුවෙන් ඇප කැප වන බව පෙන්වන වූ දේශපාලුවන්ට පවා සමාජයේ පිළිගත් උසස් වැදගත්කමක් ලබාදී තිබේ. සැබැවින්ම ඔවුන් ජනහිතකාමීද? මිනිය කපන කර ගහන

පුද්ගලයාගේ සිට කසළ ශෝධකයන් කුලී සේවකයන් දක්වා කුඩා පුද්ගලයන්ට ලබා දී ඇති සමාජ පිළිගැනීම කුමක්ද? සජීව් පවසන්නේ බැරෑරුම් කරුණකි.

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ

හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ

පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ


 
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ....

ටයි කෝට් අඳින මහත්මාවරුන් යැයි මවා පෙන්වන පුද්ගලයන්ට වඩා පෙරකී පුද්ගලයන් සතුව අවංකත්වය අව්‍යාජත්වය පෙරමුණට යා හැකි ස්වරූපය තිබිය හැක.

කුණු ගොඩක වුවද මැණික් තිබෙන්නා සේ ඔවුන්ට සමාජයේ ඉදිරියට යා හැකිය. ඇඳුම් පැළඳුම් වලින් මිනිසුන් මැනීම අවසන් වූ කලෙක එය නිතැතින් සිදුවේ.

සමාජය ලස්සන කිරීමට සුන්දර කිරීමට වෙර දරන්නා වූ පුද්ගලයන් පිළිබඳ  කතාවක් නොමැත. ටැටූ එකක් තිබූ පමණින් ඔහු හෝ ඇය අයි.ආර්.සී කාරයෙකු රස්තියාදුවෙකු ලෙස සමාජය හංවඩු ගසනු ලබයි. නමුත් ඔවුන් තුළ ඇති මානුෂීයත්වය එලෙස හංවඩු ගසන්නන් තුළවත් තිබිය නොහැක. ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා යනුවෙන් අත්තිඩියේ පුණ්‍යරතන හිමි සඳහන් කළේ එබැවිනි.

නටුවක් ලෙස  මල දරා සිටීම දන්නේ නටුව පමණි. බලා සිටින කවරෙකුවත් නටුවේ කැප කිරීම පිළිබඳ නොදනී. මේ පෙන්වා දෙන්නේ සමාජය පිළිබඳ අරුමැසි යථාර්ථය නොවේද? සමාජයේ බොල් මිනිසුන් පිළිගත් අයවලුන් බවට පත්වෙයි. මිනිය කපන මිනිය යට කරන මනුෂ්‍යයාට වඩා මල ගමක කිඹුල් කඳුළු හලා අන්‍යයන්ගේ අවධානය දිනා ගන්නා පුද්ගලයාට ගලා එන්නා වූ ආදරණීය වදන් අරුමැසි වදන් ප්‍රමාණය සුලබය. වාහනය, ඇඳුම, රැකියාව, පෙනුම මිනිසුන්ගේ සමාජ තත්වය ඉහළ පහළ දෝලනය කරන්නා වූ සාධක බවට මෙකල පරිවර්තනය වී තිබේ. දුක් විඳින සරල මිනිසුන් ළඟ  පවතින්නා වූ යහපත් ගතිගුණ සියල්ල ඔවුන්ගේ පෙනුම හේතුවෙන් යටපත් වී ඇත. ඒ පිළිබඳව සලකන තාක් කල් රටකට දියුණුවක් නොමැත.

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා

ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා //....

රස්තියාදුකාරයෙක් ලෙස හංවඩු ගසන්න වුන්ට ඔබට මට වඩා යහපත් ගති ගුණතිබිය හැක. මිතුරු වෙසින් සිනාසෙමින් ලං වී පිහියෙන් පපුවට අනින සමාජයක සමාජයක් බව දැන දැනම තව තවත් ඒ ව්‍යාජය තුල ගිලී සිටීමට මිනිසුන් කැමැත්තක් දක්වති.

යහපත යටගොස් අයහපත උඩ මතු වුණ සමාජයක් පිළිබඳව කතිකාවක් මෙම ගීතය හරහා විද්‍යාමාන කෙරේ. දහඩිය මහන්සිය වෙහෙසා කටයුතු කරන්නා වූ පුද්ගලයන්ගේ කාර්යයන්ට නිසි ගෞරවය වරප්‍රසාදය නොලැබේ. ඔවුන් යොදවා කාර්යන් ඉටු කරගන්නා පුද්ගලයන්ගේ ගෞරවය වැඩි වේ. අයකෙකුගේ වෙර වෑයමත් තව අයෙකුගේ ගෞරව නාමයත් රැව් පිළිරැව් දෙන සමාජයක් බිහි වී තිබේ.

සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ

කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ

වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ

මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

ව්‍යාජත්වය කෙතරම් සමාජයේ මුල් බැස ගෙන තිබුණද යම් සුළුතරයක් සමාජ සම්මතයෙන් යට සිටින්නා වූ මානුෂීය හැඟීමෙන් අනූණ මිනිසුන් කෙරෙහි සංවේදීව බලයි. තමාට රිසිසේ ජීවත් වන පුද්ගලයන් තම අභිමතයන්  අනුව කටයුතු කරන්නා වූ ස්වාධීන මිනිසුන් අවංක අව්‍යාජ මිනිසුන් කෙරෙහි සිනහමුසු බැල්මෙන් බලන්නවුන් පිරිසක් ද නොසිටිනවාම නොවෙයි. පෙර කී ආකාරයේ අවංක පුද්ගලයන් පක්ෂ, පාට, ජාති, කුල, ආගම් භේදයකින් තොරව සියලු දෙනා කෙරෙහි අව්‍යාජ සිනහවකින් ඈත සිට බලා සිටියි. මන්දයත් ඔවුන්ට අනෙකා හා සමපාත විය හැකි ආකාරයේ වටපිටාවක් මෙකල නි(ර්)මාණය වී නොමැති හෙයිනි.

දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ

මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ

උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ///

 

හැමදාමත් සියලු දෙනාට වැරදීම්, අත්පසුවීම්, මගහැරීම් සිදුවී ඇත්තේ හැමවිටම අභ්‍යන්තරයට වඩා බාහිර පෙනුම කෙරෙහි විශ්වාසය තැබීමෙනි.

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ....

හිතන්නට යමක්..!

ගායනය - සජිීව් ලෝන්ලියස්

පද රචනය - පූජ්‍ය අත්තිඩියේ පුන්‍ය රතන හිමි

විචාරය හා නි(ර්)මාණයලියෝ නඳුනී වීරසේකර (තෙවන වසර,ශාස්ත්‍ර පීඨය)


Saturday, November 4, 2023

ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය

 


        අනතුරකට පෙර සූදානම...

  2015 දෙසැම්බර් මාසයේ දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 5 වන දින ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එය සුනාමි පිළිබඳව දැනුවත් කිරීම සහ ඊට එරෙහිව සූදානම් වීමේ ගෝලිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම මූලික අරමුණ කරගෙන ඇත. මෙම සංකල්පය ජපානය තුළින් බිහි වී ඇත. මෙවර සුනාමි දැනුවත් කිරීමේ දිනයේ තේමාව වන්නේ, 'ප්‍රතිවිරෝධි අනාගතයක් සඳහා අසමානතාවයට එරෙහිව සටන් කිරීම' යන්නයි. 

   දහස් ගණන් වූ ජීවිත වලට එල්ල විය හැකි ප්‍රබලම ආපදා තත්ත්වයක් ලෙස සුනාමි හඳුන්වා දිය හැකිය. මුහුදේ හදිසි කැළඹීමක් නිසා ඇති වන රළ මාලාවක් ලෙස 'සුනාමි' යන්න සරලව ම අර්ථ දැක්විය හැකිය. නමුදු සුනාමි දුර්ලභ ය. එහෙත් අනෙක් ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙමගින් ජීවිත අහිමි වන සංඛ්‍යාව ඉතා අධික ය. සුනාමි අනතුරු සම්බන්ධයෙන් ලොව පුරා ජනයා දැනුවත් කිරීම මෙන් ම ස්භාවික ආපදා වලින් සිදුවන විනාශය අවම කර ගැනීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවල වැදගත්කම අවධාරණය මෙම සුනාමි දැනුවත් කිරීමේ දිනය තුළින් බලාපොරොත්තු වේ.

   සුනාමි අනතුරු ඇඟවීම සඳහා සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන නිර්මාණය කර ඇත. ඒ තුළින් සුනාමි ඇති වීමට පෙර අනතුරු ඇඟවීම් සිදු කරයි. පසුගිය ශත වර්ෂය තුළ මාරාන්තික සුනාමි 100 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා වෙරළ තීරයට පහර දී ඇත. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඉන්දියන් සාගරේ ඇති වූ මාරාන්තික ම සුනාමි ව්‍යසනය මේ සඳහා කදිම නිදසුනකි. එමඟින් ජීවිත 228,000 ක් පමණ අහිමි වූ බව වාර්තා තුළින් පැහැදිලි වේ.

   සුනාමි දැනුවත් කිරීමේ දිනය තුළින් නැවත නැවතත් අවධාරණය කරනුයේ, අනතුරකට පෙර සූදානමයි. මෙහි දී යෝධ රළ මඟින් ඇති කරන අවදානම අවම කර ගැනීම සහ ප්‍රජා සූදානම වැඩි දියුණු කිරීම පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතුය. ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය තුළ දී සියලු ම ජනතාව සහයෝගිව අසමානත්වයෙන් මිදී ජිවිතයක සුරක්ෂිතතාව උදෙසා කටයුතු කළ යුතුය. 

ජීවිතයක වටිනාකම උදෙසා සියලුම ගෝලිය ජනයා සාධාරණයක් එකතු කළ යුතුය.

Leo Umesha Hansanie

First Year

Faculty of Arts

University of Colombo

Friday, November 3, 2023

World Jellyfish Day

 World Jellyfish Day                                              




සෑම වසර්කම පාහේ ලෝක ජෙලිෆිෂ් දිනය නොවැම්බර් 3 දින  සමරනු ලබයි.මේ වසරේ ලෝක ජෙලිෆිෂ් දිනය සිකුරාදාට යෙදී ඇත.ජෙලිෆිෂ් යනු සාගරයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන ජෙලි වැනි සාගර ජීවීන් වේ. සාගරයේ උණුසුම් හා සීතල ප්‍රදේශවල සිට ගැඹුරු ජලය සහ වෙරළ තීරය දක්වා, ජෙලිෆිෂ් ඕනෑම පරිසරයක වර්ධනය විය හැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම වටපිටාවට හැඩගැසීමට යම් කාලයක් පමණි. ඔවුන් අනෙකුත් සාගර ජීවීන්ට වඩා වෙනස් ලෙස පෙනේ. ජෙලිෆිෂ් කුඩ හැඩැති ශරීරයකින් සහ බහු කූඩාරම් වලින් සමන්විත වේ. මොලයක් හෝ ශරීරයක් නැතත්, ඔවුන් ස්වභාවයෙන්ම අතිශයින් බුද්ධිමත් ය. ජෙලිෆිෂ් මාළු, ඉස්සන්, කකුළුවන් සහ කුඩා ශාක මත වර්ධනය වේ. සෑම වසරකම ලෝක ජෙලිෆිෂ් දිනය සමරනු ලැබේ.                                                               


ඉතිහාසය:

නොවැම්බර් යනු දකුණු අර්ධගෝලයේ වසන්ත සමයයි. ජෙලිෆිෂ් උතුරු අර්ධගෝලයේ වෙරළ තීරයට සංක්‍රමණය වන කාලය මෙයයි. 2014 සිට නොවැම්බර් 3 ලෝක ජෙලිෆිෂ් දිනය ලෙස සමරනු ලැබේ.


ලෝක ජෙලිෆිෂ් දිනයේ අවිධිමත් මූලාරම්භය උද්‍යෝගිමත් සමුද්‍ර ජීව විද්‍යාඥයින් පිරිසකගෙන් හෝ සරලව මෙම අමුතු හා එහෙත් සුන්දර ජීවීන්ගේ සරලත්වයට ගරු කරන අයගෙන් බව බොහෝ දෙනෙකුට හැඟේ.


වැදගත්කම:

ජෙලිෆිෂ් ගෝලීය සමුද්‍ර ප්ලවාංග පරිසර පද්ධතිවල ජෛව ස්කන්ධ, අවකාශීය ගතිකත්වය සහ ප්‍රජා ව්‍යුහය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ඔවුන් අධ්‍යයනයට හා පර්යේෂණවලට භාජනය වූ අතිශයින් වැදගත් සාගර ජීවීන් වේ. ඒවා සංස්කෘතීන් කිහිපයකම ආහාර ලෙසද සේවය කරයි. චීනයේ, ජෙලිෆිෂ් ප්‍රණීත ආහාරයක් ලෙස භාවිතා කරන අතර සාම්ප්‍රදායික ප්‍රතිකාර වල වැදගත් කොටසක් ද වේ. ජෙලිෆිෂ් හට ඔවුන්ගේ කූඩාරම් තුළ කුඩා මසුන් ද තැබිය හැකිය.         වසර     මිලියන සිය ගණනක් පැරණි ඩයිනෝසෝරයන්ට පෙර ජෙලිෆිෂ් සිටි බව ඔබ දන්නවාද? විද්‍යාඥයින් මෙය සොයා ගත්තේ 2005 දී වසර මිලියන 505ක් පැරණි ජෙලිෆිෂ් පොසිලයක් සොයා ගත් අවස්ථාවේදීය.         


ඔවුන්ගේ ශරීරයේ හදවතක් හෝ ඇටකටු නැත. කෙසේ වෙතත්, ඔවුන්ට මධ්‍යම ස්නායු පද්ධතියක් සහ ශරීරයේ මැද පිහිටා ඇති මුඛයක් ඇත. සමහර ජෙලිෆිෂ් අඳුරේ දිලිසෙන්න පුළුවන්. ලෝක ජෙලිෆිෂ් දිනය සැමරීමට ඇති හොඳම ක්‍රමය නම් අපට මෙම සාගර ජීවීන් නිරීක්ෂණය කළ හැකි මින්මැදුරක් සොයා ගැනීමයි.අලංකාර ලෙස පාවෙන මෙම සාගර සත්වයා මුහුදේ අභිරහස් ප්‍රතිමූර්තියක් වන රළ යට පාරභාසක අලංකාරයේ විස්මිත නර්තනයක් පෙන්වයි.


ලෝක ජෙලිෆිෂ් දිනය සමහරුන්ට තරමක් අමුතු දෙයක් ලෙස පෙනෙන්නට තිබුණත්, මිනිසුන්ට වඩා වසර මිලියන ගණනක් තිස්සේ මේ පෘථිවියේ සිටි අපෘෂ්ඨවංශිකයෙකු සැමරීම අර්ථවත් කරයි. එබැවින්, මෙම සිදුවීම වෙරළ තීරයේ දී සමහර විට කම්පනයට පත් කළ හැකි  ගෞරව කිරීමක් ලෙස අදහස් කිරීමට හැකියාවක් ඇත.


ජෙලිෆිෂ් වල විශාලතම ජනගහනය දකුණු අර්ධගෝලයේ බහුලව දක්නට ලැබේ, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි වෙරළ තීරයන් මෙම සිත්ගන්නා (හා සමහර විට භයානක) ජීවීන්ගෙන් පිරී ඇත. චාල්ස් ඩාවින්, ජෙලිෆිෂ් සුපිරි රසිකයෙක්.චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වරණ න්‍යාය නිසා විද්‍යාඥයින් විසින් ජෙලිෆිෂ් දෙස බැලීමට පටන් ගත්තේ චාල්ස් ඩාවින්ට පින්සිදු වන්නටය.


ඩාවින්ගේ කෘතිය කියවූ තවත් විද්‍යාඥයෙක් ජෙලිෆිෂ්ගේ පරිණාමය සහ ඔවුන් විශේෂ වූ ජීවීන් බවට පත් වූ ආකාරය අධ්‍යයනය කළේය.


වසර මිලියන ගණනකට පෙර, සාගරයේ ජීවීන් වර්ධනය වන විට, ජෙලිෆිෂ් අනෙකුත් මුහුදු ජීවීන් කණ්ඩායම් වලින් වෙන් වූ බව ඔහු සොයා ගත්තේය.


ජෙලිෆිෂ් මාළු ද?

ජෙලිෆිෂ් යනු, අපෘෂ්ඨවංශීන් වන අතර එයින් අදහස් වන්නේ ඔවුන්ට කොන්දක් නොමැති බවයි.


සිකුරාදාට යෙදී ඇත.ජෙලිෆිෂ් යනු සාගරයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන ජෙලි වැනි සාගර ජීවීන් වේ. සාගරයේ උණුසුම් හා සීතල ප්‍රදේශවල සිට ගැඹුරු ජලය සහ වෙරළ තීරය දක්වා, ජෙලිෆිෂ් ඕනෑම පරිසරයක වර්ධනය විය හැකිය.ඔවුන්ට අවශ්‍ය වන්නේ තම වටපිටාවට හැඩගැසීමට  යම් කාලයක් පමණි.ඔවුන් අනෙකුත් සාගර ජීවීන්ට් වඩා වෙනස් ලෙස පෙනේ.සෑම වසරකම ජෙලිෆිෂ් දිනය සමරනු ලැබේ.                                                              


සමහර ජෙලිෆිෂ් අඳුරේ දිලිසෙන්න පුළුවන්. ලෝක ජෙලිෆිෂ් දිනය සැමරීමට ඇති හොඳම ක්‍රමය නම් අපට මෙම සාගර ජීවීන් නිරීක්ෂණය කළ හැකි මින්මැදුරක් සොයා ගැනීමයි.                                  

අලංකාර ලෙස පාවෙන මෙම සාගර සත්වයා මුහුදේ අභිරහස් ප්‍රතිමූර්තියක් වන රළ යට පාරභාසක අලංකාරයේ විස්මිත නර්තනයක් පෙන්වයි.


වසර ගණනක් තිස්සේ මේ පෘථිවියේ සිටි අපෘෂ්ඨවංශිකයෙකු සැමරීම අර්ථවත් කරයි. එබැවින්, මෙම සිදුවීම වෙරළ තීරයේ දී සමහර විට කම්පනයට පත් කළ හැකි  ගෞරව කිරීමක් ලෙස අදහස් කිරීමට හැකියාවක් ඇත.


විශේෂයෙන්ම  මෙම ජීවීන් සැමරීමට සහ ඔවුන් ලොව පුරා ආරක්ෂිතව තබා ගැනීමට කටයුතු කළ යුතු අතරම අද වන විට විද්‍යාඥයින් ජෙලිෆිෂ්ව විද්‍යාගාරයක ඇති කිරීමටද ක්‍රම සොයාගෙන ඇත.      


Article by;                                                                                    

Leo Rashmi Shasikala

First Year

Faculty of Arts


දේශීයත්වයෙන් වියැකී යන හත්දා වලියකුම

 දේශීයත්වයෙන් වියැකී යන හත්දා වලියකුම



 විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට පෙරාතුව සිටම මිනිසා ස්වභාවික පරිසරයේ ම අංගයක් බවත් පාරිසරික වස්තූන් දේවත්වයෙහි ලා ආරෝපණය කළ බවත් බොහෝ දෙනා දන්නා හඳුනන කාරණයකි.එහිදී මිනිසා එම ස්වභාවික වස්තූන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් තමාට පැමිණෙන කරදර විපත් වළක්වා ගැනීමට හැකි බව විශ්වාස කළෝ ය.එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ශාන්තිකර්ම කලාවේ ආරම්භයට මූලබීජය සැපයිණි.'මහනුවර'.මෙය සවන් වැකෙත් ම කාගෙ කාගේත් සිහියට නැගෙන්නේ සෙංකඩගල නුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයයි.පෙරහර මංගල්‍යය පසුපස පවත්නා අති රමණීය වූත්, බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ ,කාලයාගේ ඇවෑමෙන් වියැකී යාමට බොහෝ ඉඩකඩ පවත්නා ශාන්තිකර්මයක් වශයෙන් හත්දා වලියකුම(වලියක් මංගල්‍යය/වලියක් නැටීම/වලියක් තෝත්‍රය) හැඳින්වීමට පුළුවන.සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට ඉතා භක්තියෙන් දායකත්වය සපයන නිළමේවරුන්, ඇතුළු කට්ටලයේ නිලධාරීන්, නර්තන ශිල්පීන්, අලි ඇතුන් පමණක් නොව දෙස් විදෙස්ගත ජන ප්‍රජාවගේ පවත්නා අපල උපද්‍රව සහ වස්දොස් දුරු කරනු වස් අවසන් රන්දෝලි පෙරහර හා දිය කැපීමෙන් පසුව වීථි සංචාරය කෙරෙන දහවල් පෙරහර පවත්වා ඊට පසු දින සිට සතියක් පුරාවට වලි යකුන් ප්‍රධාන දෙවියන්ට පූජා පිණිස පැවැත්වෙන නෘත,නෘත්‍ය,නාට්‍යාංගයන්ගෙන් විනිර්මුක්ත වූ දේවාශිර්වාදයක් ලෙස මෙය දැක්විය හැකි වේ.ශාන්ති කර්මය හා සම්බන්ධ සියලු රාජකාරි කටයුතු පරම්පරානුගත මාවනැල්ල අසල අලුත්නුවර දේවාලය හා සම්බන්ධ පරම්පරා දෙකක් යටතේ සිදු කෙරේ.උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වෙස් ඇඳුමින් සිය හැඩිදැඩි සිරුර අලංකාර කර ගන්නා වෙස් නර්තන ශිල්පීහු සත් දිනක් මුළුල්ලේ රැය පහන් කරන්නේ නරඹන්නන් හට නර්තනයෙන්, ගායනයෙන් ආශිර්වාද පමුණුවමිණි. ශාන්තිකර්ම රඟ මඬල මධ්‍යයේ නිර්මාණය කර පවත්නා පොල් මල් සැරසිල්ල හා බැතිමතුන් අතර පවත්නා සම්බන්ධතාවය තුළින් විද්‍යාව සහ තාක්ෂණය අතින් කෙතරම් දියුණු සමාජයක වුව මිනිස් සන්තානය තුළ තවමත් යටගියාවක් වශයෙන් පවත්නා දේවත්වයට ඇති සමීප බව මැනවින් විදහා දක්වයි. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගයේ ප්‍රධාන විෂ්ණු දේවාල භූමිය තුළ වසරකට එක් වතාවක් පමණක් සිදු කෙරෙන මෙම අත්‍යලංකාර දේවාශිර්වාද පූජාව නැරඹිය යුත්තක් ම වශයෙන් හඳුන්වා දීමට හැකි ය.අතීතයේ දී රටෙහි නායකයා වූ රජුගේ ප්‍රධාන මැදිහත්වීම මත මෙය පැවැත්වූවද වර්තමානය වන විට ඊට නිශ්චිත මැදිහත් වීමක් නොමැති වීම නිසා දෝ මෙම ශාන්තිකර්මය දේශීය නර්තන කලා කෙතින් ක්‍රමයෙන් වියැකී යාමක් දක්නට ලැබේ.සමාජ මාධ්‍යයන් විසින් නොගැළපෙන හෝ අනවශ්‍ය සිදුවීම් සමාජගත කරන වටපිටාවක චිරාත් කාලයක පටන් පැවතගෙන එන මෙවන් කලාංග සමාජගත කර තවත් කාලයක් නොනැසී පවත්වා ගැනීමට කටයුතු කරන්නේ නම් දේශීයත්වය,දේශීය කලා සංස්කෘතිකාංග ඉදිරි පරම්පරාවටත් නෙතින් දැකබලා වින්දනය කිරීමට හැකිවනු නොඅනුමාන ය.

සටහන - ලියෝ දිනිති දේවින්දි

Thursday, November 2, 2023

W. D. අමරදේවයන්

සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ 🤍...


2016 - 11 - 03 🥀


        හෙලයේ මහා ගාන්ධර්වයාණෝ ලෙස විරුදාවලි ලත් ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරින් දැයෙන් සමුගෙන අද දිනට වසර 07ක් ඉක්ම ගොසිනි!!!

        1927 වර්ෂයේ දෙසැම්බර් 5 වන දින දොන් ගිගෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් ට දාව  මොරටුවේදි උපත ලද වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට  ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රී ලංකාවේදී හඳුනාගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ "අමරදේව" නමිනි. අමරදේව යන නාමය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඔහුට ප්‍රදානය කරන ලද නාමයයි. විමලා අමරදේවයන්, එතුමාගේ දයාබර බිරිඳ, සසර පුරුද්දට මෙන් එතුමාගේ බිරිඳ වන්නට ම පෙර භවයන්ගේත්, මේ භවයෙත්, මතුවටත් උපදිනු ඇතැයි මට සිතේ.

        අමරදේවයන්ගේ හඬ මාධුර්යයෙන් මත්ව සිටින සෑම රසික හදවතක් ම පෙර නොවු විරූ අන්දමක කම්පාවකට ලක් කිරීමට මෙතුමාගේ අභාවය හේතුවක් වන්නට අතැයි මා සිතන්නේ මා ද ඔවුන් අතරින් එකෙකු යැයි හැඟෙන බැවිනි. වසරක් පාසා කිසිදු ආයාසයකින් තොරවම මාගේ සිහියට නැගෙන තවත් දිනයක් ලෙස නොවැම්බර් 03 හද පත්ලේ කිඳාබැස මියෙන තුරා පවතිනු ඇත. එසේම එතුමාගේ අමරණීය නාමය, අමරණීය ගී දැහැන සැම රසික හදවතක් තුලම සදා රැව් පිළිරැව් දෙනු ඇති. කොළාම්තොට මහළු වුවත් ඒ "අමරදේව" නාමය නම් තවත් කාලයකට මහළු නොවනු ඇති.


Leo Hiruni Aththanayake

First year

Faculty of Arts
 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...