Friday, February 23, 2024

නවම් පොහොයේ වැදගත්කම .....


"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං

ඒතං බුද්ධාන ශාසනා"

"සියලු පව් නොකිරීමත් ,කුසල් දහම් උපදවා ගැනීමත්,තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි"

 අද නවම් මාසයේ එනම් පෙබරවාරි මාසයේ විසි දෙවැනිදා යි.බෞද්ධයන් වන ලෝකවාසී ,ලංකාවාසී සියලු ජනයාට වැදගත් වන නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත.දෙව් මිනිසුන්ගේත් , තිලොවට අග්‍ර වූත් ගෞතම  බුදුන් වහන්සේගේ සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද, ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද උතුම් නවම් පොහෝ දින සිදු වූ නිසා බෞද්ධයන් වන අප සැමට මෙය ඉතා වැදගත් පොහෝ දිනකි.එසේ සිදු වූ වැදගත්කම් මෙසේ පෙන්වා දිය හැකිය.

⭕  සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනැමීම.

බුදුන් වහන්සේගේ අගසව් දෙනම එනම් අග්‍රශාවක තනතුර නවම් පුර පසළොස්වක පොහෝ දින දී පිරිනමන ලදී.මෙම තනතුර සඳහා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම තේරී පත්විය.බුදුන් වහන්සේගේන් මෙම අගසව් තනතුරු ලබා ගැනීමට බොහෝ භික්‍ෂූන් උත්සාහ කළ ද ධර්ම සභාවේදී උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනමට එම තනතුරු පිරිනමා ඇත.එහිදී සැරියුත් මහරහතන් වහන්සේට දකුණු අග්‍රශාවක හා ධර්ම සේනාධිපති වශයෙනුත්,මුගලන් මහරහතන්  වහන්සේට  වම් අග්‍රශාවක හා මහා ප්‍රඥාවන්තයින් අතර අගසව් තනතුර ද හිමි විය.

⭕ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

නවම් පුර පසළොස්වක පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය ."ඕවාද ප්‍රාතිමෝක්ෂය "යනුවෙන් හඳුන්වනු ලබන්නේ භික්ෂූන් වහන්සේලා මේ ආකාරයට හික්මිය යුතු යැයි සෑම බුදුන් වහන්සේ කෙනෙකුම  දේශනා කරනු ලබන අනුශාසනයයි .මේ නිසා බෞද්ධයන් වන අප සැමට එයා ඉතා වැදගත් පොහොය දිනකි.

⭕ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම .

බුදුන් වහන්සේ වේළුවනාරාමයේ දී සැරියුත් මුගලන් මහරහත් දෙනම ප්‍රමුඛ කොටගත් දෙසිය පනහක් පිරිවර රහතුන් සහ 1250ක් මහරහතන් වහන්සේලා ඒකරාශී කරගෙන මෙම මහා සංඝ සන්නිපාතය සිදුකරන ලදී .නවම් පොහෝදා සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

⭕බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම .

නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් ලෙස බුදුන් වහන්සේ මාරයාගේ ආරාධනය අනුව "චාපාල"නම් චෛත්‍ය ආසන්නයේ දී මාස තුනකින් සම්බුද්ධ පරිනිර්වාණය සිදු කරන බවත් ඒ නිසා ආයු සංස්කාරය අත්හැරීම සිදුකරන බවත් දේශනා කිරීම පෙන්වා දිය හැකිය.

මෙම සිදුවීම් රාශිය නිසා ශාසනික වශයෙන් මෙන්ම සම්බුද්ධ චරිතය තුළ වූ අසිරිමත් සිදුවීම් සිදු වූ වැදගත් පොහොයක් ලෙස නවම් පුන් පොහෝ දින ලංකාවාසී ලෝකවාසී බොදු ජනයාට වැදගත් වේ.

ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම අසිරිමත් නවම් පුන් පොහෝ දිනයක් වේවා!!...

දියවැඩියාවට සුදුසු පළතුරු - Article 07


ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් වසර 20ක් තුළ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයකට අනුව දියවැඩියා රෝගීන් විසින් අනුභව කළ යුතු පළතුරු වර්ග සහ ඒවා කවර ප්‍රමාණයකින් ගත යුතුද යන්න පැහැදිලිව හඳුනාගෙන ඇත. එම අදහසට අනුව දියවැඩියා රෝගියෙකු විසින් සෑම විටම පළතුරු ආහාරයට ගැනීමේදී කාබෝහයිඩ්‍රේට්  හෙවත් පිෂ්ඨය අඩු මෙන්ම කෙඳි අධික පළතුරු ද යන්න සැලකිලිමත්වීම වැදගත් බව ඔවුන් පෙන්වා දී ඇත. මන්ද එක්වරකදී කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය 15g කට වඩා ශරීරගත වීම දියවැඩියා රෝගීන්ට අහිතකර වීම හේතුවෙනි. 

 මේ අනුව දියවැඩියා රෝගීන්ගේ එම රෝගී තත්ත්වය ඖෂධ මගින් පමණක් පාලනය කිරීමට හෝ සුව කිරීමට උත්සාහ ගන්නා කාලය තුළ මෙවැනි ස්වභාවික පළතුරු ආදිය ද රෝගියාට ලබාදීම සෑම ආකාරයකටම ගුණදායක වෙයි. එහිදී මෙම පළතුරු තෝරාගැනීමේදී එම පළතුරුවල අඩංගු කාබෝහයිඩ්‍රේට් සංයුතිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වේ. ඒ අනුව මෙවැනි රෝගීන්ට වඩාත් සුදුසු පළතුරු ගණනාවක් හඳුනාගත හැකිය.

*මධ්‍යම ප්‍රමාණයෙන් ඉඳුණු කෙසෙල් ගෙඩියක්.

*ඇට සහ ලෙළි ඉවත් කළ අඹ ග්‍රෑම් අසූ තුනක් පමණ.

*ඉඳුණු පැණි කොමඩු 190g පමණ.

*ඉදුණු ස්ට්‍රෝබෙරි 180g පමණ.

*ඉඳුණු සැපදිල්ලා 80g පමණ.

*ඉඳුණු අන්නාසි 124g පමණ.

මෙම පළතුරු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම රෝගියාට අහිතකරවන අතර කෙසෙල් වැනි පළතුරු මධ්‍යම ප්‍රමාණයෙන් ඉදුණු කෙසෙල්  වීමත් සැලකිලිමත් විය යුතු සාධකයකි.

මෙම රෝගය සඳහා ගුණදායකම පළතුරු දෙවර්ගයක් ලෙස කාමරංගා සහ වෙරලු පෙන්වාදිය හැකිය. එවැනි පලතුරු දිගු කාලයක් තිස්සේ ආහාරයට ගැනීම මගින් දියවැඩියාව සුවපත් වීමටද ඇති සම්භාවිතාව ඉතා ඉහළය. ඊට අමතරව නෙල්ලි ආහාරයට ගැනීමද මෙවැනි රෝගීන්ට වඩාත් ගුණ දෙන පළතුරකි. මෙම කාමරංගා වැනි පළතුරු පානයක් ලෙස ගැනීමට වඩා අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණ දෙන සුදුසු ක්‍රමවේදයක් බව හඳුනාගෙන ඇත. 

ඊට අමතරව දියවැඩියා රෝගීන්ට සුදුසු තවත් පළතුරු වර්ග කිහිපයකි.

* ඇපල්

* අලිගැටපේර 

* දං

* බ්ලූබෙරි

* චෙරි

* මිදි 

* ගස්ලබු 

* දොඩම් 

* පීච්

* පෙයාර්ස්

* ටැංජරීන්

මෙම පළතුරු වර්ගද වෛද්‍ය නිර්දේශයන්ට යටත්ව ඒ ඒ ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීම ඉතා වැදගත්ය. මේ ආකාරයට දියවැඩියා රෝගීන් සඳහා ගුණදායක පළතුරු වර්ග ගණනාවක් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත.

Nisansala Pathirana 

Faculty of Arts 

Second Year

Wednesday, February 21, 2024

දියවැඩියාව වළක්වා ගත හැකි ක්‍රම - Article 06


(1) ඕනෑම රෝගියකු හට සුදුසු ආහාර සේම නුසුදුසු ආහාර ද ඇත. ආයුර්වේදයේදී ආහාරවල ගුණ ස්වභාවය මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය ලෙස කොටස් පහකට වර්ග කෙරේ. ඒ අතරින් කටු, තිත්ත, කෂාය කියන රස ත්‍රිත්වය දියවැඩියා  චිකිත්සාවේදී බහුලව යොදා ගනී. බැදපු යව (බාර්ලි), යවවලින් සාදන ලද ආහාර, අමුනම් ධාන්‍යය, කඩල, කොල්ලු, උඳු, මුං ඇට, පැරැණි සහල් වර්ග (හැමදා සහල්) දියවැඩියා රෝගීන් සඳහා සුදුසුය. ත්‍රිපලා (අරළු, බුළු, නෙල්ලි) නෙල්ලි යුෂ, පැරැණි මී පැණි, හාල්, තිත්ත රස පලා වර්ග (කිරි අගුණ, අගුණ, කුරිඤ්ඤං කොළ, තෙබු, කතුරුමුරුංගා) ආදිය ද දියවැඩියාව  සඳහා සුදුසුය. දියවැඩියා රෝගීන්ගේ බහුල රක්තහීනතාවයක් ද දක්නට ලැබෙන බැවින් ඔවුන්ට යකඩ අඩංගු ආහාර වැඩිපුර ලබාදිය යුතුය. ඉහත සඳහන් කළ පලා වර්ගවල යකඩ, ඛණිජ ලවන ආදිය අඩංගු බැවින් දියවැඩියා රෝගීන්ට එවැනි ආහාර වඩාත් සුදුසු වේ.

මාංශ අනුභවයේදී දියවැඩියා රෝගීන් තෝරාගත යුත්තේ මේදය අඩු මස් වර්ගයි. ඌරු මස්, හරක් මස්, කුකුල් මස් තෙල් සහිත බැවින් ඉන් හැකිතාක් ඈත්වීම යෝග්‍යය වේ. නමුත් මේ සියලු දේ ලබාගතයුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුවය. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාළු වර්ග වැඩිපුර ගැනීමත් දියවැඩියාවට හේතුවන අතර මෙහිදී තෝර මාළු, පරා මාළු, අමු හාල් මැස්සො ආහාර සඳහා උචිතය. 

කාමරංගා දියවැඩියාව රෝගීන්ට වඩාත් ගුණදායක පළතුරකි. මෙවැනි පළතුරක් රසවත් සලාදයක් ලෙස සකසා ආහාරයට ගතහැකි අතර අතුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවාද අනවශ්‍ය පමණට ආහාරයට ගැනීමටද සුදුසු නැත. ඇඹුල් කෙසෙල්, ගස්ලබු, පේර, නෙල්ලි, නමිනං වැනි ස්වභාවික පළතුරු වර්ගද නියමිත ග්‍රෑම් ප්‍රමාණවලින් ආහාරයට ගතහැකි අතර කෝලිකුට්ටු කෙසෙල්, ඇපල්, මිදි වැනි පලතුරු එතරම් සුදුසු නොවේ.

සාමාන්‍ය දිනකට අපි ආහාර වේල් තුනකට පුරුදුව සිටියද දියවැඩියා රෝගීන්ට අධික ලෙස කුසගිනි දැනෙන නිසා ඔවුන් ආහාර වේල් පහක් ලෙස ආහාර ගත්තාට ගැටලුවක් නැත. නමුත් මෙහිදී එක් එක් වේලක් සඳහා ආහාර ලබාගත යුත්තේ සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් බත් පිඟානක් බෙදා ගැනීමේදී පිඟානක් රැගෙන එය කොටස් හතරකට වෙන්කරගෙන එයින් හතරෙන් එකක් බත්, හතරෙන් එකක් පලා වර්ගයක්, තවත් හතරෙන් එකක් එළවළුවක් හා අනෙක් හතරෙන් එක අප ආහාරයට ගන්නා ප්‍රෝටීන් අඩංගු ද්‍රව්‍යයක් ලෙස ආහාර බෙදාගත යුතුය. හාල්වලිනුත් වඩා සුදුසු රතු සහලයි.

(2)රුධිරයේ සීනි ප්‍රමාණය හා ශරීරයේ බර පාලනය කර ගැනීම.

(3) දුම් පානයෙන් වැලකීම.

(4) මත් පැන් පානය පාලනය කිරීම. මේ මඟින් පාද වලට රුධිර සංසරණය වීම අඩුවීම වලක්වා ගත හැක.

(5) විශාල මාත්‍රා වලින් විටමින් B 12  මේවා වැඩිපුර ගැනීම මඟින් ඉන්සියුලින් වල ක්‍රියාව නිෂ්ක්‍රිය කල හැක.(දිනකට 50-100)

(6) මානසික පීඩනය පාලනය කිරීම. නිතර මනස කැළඹෙන දේවලින් අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය වෙනස් වීම සිදුවිය හැකි අතර එමගින් ඉන්සියුලින් ස්‍රාවයටද බලපෑමක් සිදුවිය හැකිය. දියවැඩියාව හටගන්නේද ඉන්සියුලීන් ස්‍රාවයෙහි බලපෑමෙන් වන නිසා මනසට විවේකය ලබාදීම කළ යුත්තකි. භාවනාව, යෝග, ව්‍යායාම, මානසික ආතතිය තුරන් කිරීමේ මහා පිටුවහලකි.

(7) දියවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාලය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක.

(8) වෛද්‍යවරයා හමුවී නියමිත මාත්‍රාවෙන් යුතුව ඖෂධ ලබා ගැනීම.  

(9) දියවැඩියාවෙන්  පෙළෙන රෝගියකුගේ සමට කෙරෙන සත්කාරයක් ලෙස සැවැන්දරා, කුරුඳු කුඩු, එනසාල්, අගිල් සුදුහඳුන් ආදිය හොඳින් අඹරා චූර්ණයක් ලෙස සකස් කර වතුරේ දියකර සමෙහි අලේප කිරීම ගත හැකිය. මෙලෙස මඳ වේලාවක් ආලේප කර සිට පසුව ස්නානය කිරීමෙන් සමෙහි අපද්‍රව්‍ය ඉවත් වී සම පිරිසිදු වීම සිදුවේ.

(10) උදෑසන අවදි වූ ගමන්ම මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමද දියවැඩියා රෝගියකුට වඩාත් සුදුසුය. මේ නිසා ආහාර මාර්ගය පිරිසිදුවීමක් මෙන්ම ආහාර මාර්ගයෙහි එන්සයිම උත්තේජනය වීමක්ද සිදුවේ. නිරෝගී පුද්ගලයන් හටද මෙවැනි පුරුදු ඇතිකර ගැනීම හරහා වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක හිමිකම් කිව හැකිවේ.

(11) ස්ථූලතාවය නිසා දියවැඩියාවට ගොදුරුවූවන් හට නින්ද මඳක් අඩුකරන ලෙස කියා තිබුණත් යම් පුද්ගලයකු කාර්ය බහුලතාවය නිසා නිදිමරනවානම් එය ඉතා අයහපත්ය. රාත්‍රියට අධික ලෙස නිදිමරන පුද්ලයන්ගේ රුධිරයෙහි සීනි මට්ටමද වැඩිවිය හැකි අතර රෝගියකුගේ ඒ තත්ත්වය තවදුරටත් වැඩිවේ. එබැවින් නින්ද යනු රෝගියකු හට අවශ්‍යම දෙයකි. 

(12) එමෙන්ම මනසට සැහැල්ලු සංගීතය රසවිඳීමද රෝගී නිරෝගී ඕනෑම පුද්ගලයකුට සුදුසුය.

මෙවැනි ක්‍රම අනුගමනය කිරීම තුලින් දියවැඩියා රෝගය වළක්වා ගැනීමටත් ,දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමටත් අපට හැකිය.

Leo Rashmi Shasikala

Faculty of Art

University of Colombo

ජාත්‍යන්තර මව් භාෂා දිනය


ජාත්‍යන්තර මව් භාෂා දිනය

 "මිනිසකුට ඔහුට තේරෙන භාෂාවකින් කතා කරන්න; එය ඔහුගේ මොළයට යයි. නමුත් ඔබ ඔහුගේම භාෂාවෙන් කතා කරන්නේ නම් එය යන්නේ ඔහුගේ හදවතටයි."

-නෙල්සන් මැන්ඩෙලා-

ලෝකයේ ජීවත්වන සෑම ජන කොටසකටම තමන්ට ආවේණික වූ භාෂාවක් ඇත. එය මව් භාෂාවයි.

භාෂාව යනු සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොව විවිධ සංස්කෘතීන් හා බුද්ධිමය උරුමයන්ද නියෝජනය කරන්නකි.භාෂාමය හා  සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 2000 වර්ෂයේ සිට සෑම වසරකම පෙබරවාරි 21වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරනු ලබයි. යුනෙස්කෝ සංවිධානය විසින් 1999 දී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර මෙහි මුල්ම අදහස යෝජනා කර ඇත්තේ බංග්ලාදේශයයි.බංග්ලාදේශයේ බංග්ලා භාෂාව නිල වශයෙන් පිළිගත් දිනයද එදිනට යෙදි තිබේ.

2024 වර්ෂයේ ජාත්‍යන්තර  මව් භාෂා දින තේමාව වන්නේ "multilingual education is a pillar of  intergenerational learning"යන්නයි.

වර්තමාන ලෝකයේ භාෂා 7000 කට වඩා ප්‍රමාණයක් ඇත. නමුත් කණගාටුවට කරුණ නම් සෑම සති දෙකකට වරක්ම එක් භාෂාවක් ලෝකයෙන් අතුරුදහන් වී යන බව සොයාගෙන තිබීමයි.මෙසේ එක් භාෂාවක් අතුරුදහන් වන විට ලෝකයේ සංස්කෘතික විවිධත්වයෙන් පොහොසත් කොටසක් ද අතුරුදහන් වී යන බව වාග් විද්‍යාඥයන් පෙන්වා දෙයි.

ලොව පවත්නා සමස්ත භාෂාවන් සංඛ්‍යාවෙන් භාෂා සිය ගණනකට ආසන්න සංඛ්‍යාවක් පමණක් ඒ ඒ භාෂාවන් භාවිතයට ගන්නා රටවල අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර තිබේ. ඒ අනුව 40%කට ආසන්න භාෂාවන් ප්‍රමාණයක් 2050 වනවිට වදවී යනු ඇතැයි අනාවැකි පළ වී ඇත.එයික් නම් භාෂාව කතා කළ අවසන් පුද්ගලයා වූ මරියා ස්මිත් ජෝන්ස් නම් කාන්තාව 2008 වර්ෂයේදී මිය ගිය අතර ඒත් සමගම එයික් බස මළ භාෂා ලැයිස්තුවට ඇතුළත් විය. ඇගේ අවසාන කාලයේ එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කළාය. නමුත් අවාසනාව වන්නේ එහි ඇති වදන් තේරුම් ගත හැකි කිසිවෙකු ලොව නොමැති වීමයි. ඇයට කරන ගෞරව දැක්වීමක් ලෙස 2008 වර්ෂයේ ජාත්‍යන්තර භාෂා වර්ෂය ලෙස නම් කර තිබේ.

වර්තමාන ලෝකයේ අඩුවෙන්ම කතා කරන භාෂාව kusunda නම් භාෂාව වන අතර එය නේපාලයේ  එක් පුද්ගලයෙකු පමණක් කතා කරන භාෂාවයි.ගෝලීයකරණය, සංක්‍රමණ, සංස්කෘතික ප්‍රතිස්ථාපන, නව යටත් විජිතවාදය ආදී හේතූන් මුල් කරගෙන  මේ ආකාරයට බොහෝ භාෂාවන් ලෝකයෙන් තුරන් වී ගොස් තිබේ.

සමාජයක් තිරසර වීමට නම් සංස්කෘතික හා භාෂාමය විවිධත්වය ඉතා වැදගත් වේ. මානව ශිෂ්ටාචාරයේ  වෙනසක් හා වර්ධනයක් ඇති කිරීමට භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මව් භාෂාව ඉගෙනගැනීමේ වැදගත්කම පෙන්වා දුනහොත් එය වෙනත් භාෂාවන් ඉගෙනීමේ පදනම වේ.එමෙන්ම තමන්ගේම සංස්කෘතිය හා අනන්‍යතාව හොඳින් අවබෝධ කර ගැනීමටත් භාෂාවේ සූක්ෂමතා හොඳින් අවබෝධ කර ගැනීමටත් එය උපකාරී වේ. 

ගෝලීයකරණය වූ ලෝකයේ භාෂා කිහිපයකින් සන්නිවේදනය කිරීමට හැකිවීම වෙන කවරදාටත් වඩා වැදගත්ය. නමුත් අප අපගේ මව් භාෂාව අමතක නොකළ යුතුය. වාග් විද්‍යාඥයන්  පවසන පරිදි දැනට කතා කරන භාෂාවන්ගෙන් අඩක්ම  සියවස අවසන් වන විට වැඳ වී යනු ඇති බව පෙන්වා දෙයි.මෙසේ අපට අපේ මව් භාෂාවන් අහිමි වී යාම යනු අපේ සංස්කෘතික අනන්‍යතාවයද නැති වී යාමකි.මේ සදහා පියවර ගැනීමේ අරමුණ ඇතිව භාෂාමය , සංස්කෘතික විවිධත්වය සහ බහුභාෂා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මව් භාෂා දිනය සෑම වසරකම සමරනු ලබයි.

Leo Madhavi Maheshika

First Year 

Faculty of Arts


International Mother Language Day

        International Mother Language Day was proclaimed by the General Conference of the United Nations Educational, Scientific and Cultural Organization (UNESCO) in November 1999. The idea to celebrate International Mother Language Day was the initiative of Bangladesh. The UN General Assembly welcomed the proclamation of the day in its resolution of 2002.

        International Mother Language Day 2024 is an opportunity to remind the international community that multilingual education enhances learning when the language of instruction is the learner's first language. The use of learners' own languages for literacy and learning provides a solid pillar for education, and for transfer of skills and knowledge to additional languages. Learning in one's first language facilitates understanding and interaction, and further develops critical thinking. It strengthens self- confidence and self-esteem and stimulates active participation. In addition to boosting learning, multilingual education contributes to opening the doors to intergenerational learning, the preservation of culture and intangible heritage, and the revitalization of languages. It enriches multilingualism on the web and is essential for digital literacy. 

        Languages, with their complex implications for identity, communication, social integration, education and development, are of strategic importance for people and planet. Yet, due to globalization processes, they are increasingly under threat, or disappearing altogether. When languages fade, so does the world's rich tapestry of cultural diversity. Opportunities, traditions, memory, unique modes of thinking and expression - valuable resources for ensuring a better future are also lost.

       Every two weeks a language disappears taking with it an entire cultural and intellectual heritage. At least 45% of the estimated 7000 languages spoken in the world are endangered. Only a few hundred languages have genuinely been given a place in education systems and the public domain, and less than a hundred are used in the digital world. Multilingual and multicultural societies exist through their languages, which transmit and preserve traditional knowledge and cultures in a sustainable way.

        International Mother Language Day is observed every year to promote linguistic and cultural diversity and multilingualism. Today there is growing awareness that languages play a vital role in development, in ensuring cultural diversity and intercultural dialogue, but also in strengthening co-operation and attaining quality education for all, in building inclusive knowledge societies and preserving cultural heritage, and in mobilizing political will for applying the benefits of science and technology to sustainable development.

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts


சர்வதேச தாய் மொழி தினம்

   மொழி மற்றும் கலாச்சார பன்முகத்தன்மையை மேம்படுத்துவதற்காக ஒவ்வொரு ஆண்டும் பிப்ரவரி 21 ம் திகதி  சர்வதேச தாய்மொழி தினம் அனுசரிக்கப்படுகிறது. இது ஐக்கிய நாடுகளின் கல்வி, அறிவியல் மற்றும் கலாச்சார அமைப்பால் 1999 இல் பிரகடனப்படுத்தப்பட்டது. வங்காளதேசத்தின் வங்காள மொழி இயக்கத்தினை நினைவூட்டும் முகமாகவே இத்தினமானது நிறுவப்பட்டது.

 இந்த நாள் அனைத்து மொழிகளையும், குறிப்பாக அழிந்து வரும் மொழிகளை பாதுகாத்து மேம்படுத்துவதன் முக்கியத்துவத்தை நோக்காக கொண்டே ஒவ்வொரு ஆண்டும் கொண்டாடப்பட்டு வருகிறது.

   இன்று, உலக மொத்த சனத்தொகையில் 40% பேருக்கு அவர்கள் பேசும் அல்லது புரிந்துகொள்ளும் மொழியில் கல்வி கிடைப்பதில்லை. சில நாடுகளில் இந்த எண்ணிக்கை 90% க்கும் அதிகமாக உள்ளது. ஆயினும்கூட, பாடசாலை மட்டத்தில் சொந்த மொழியைப் பயன்படுத்துவது கற்றலுக்கான உறுதியான அடித்தளத்தை வழங்குகிறது. சுயமரியாதை மற்றும் விமர்சன சிந்தனை திறன்களை அதிகரிக்கிறது. மேலும் தலைமுறைகளுக்கு இடையேயான கற்றல், மொழி மறுமலர்ச்சி மற்றும் கலாச்சாரத்தைப் பாதுகாப்பதற்கான வழியையும் இது ஏற்படுத்தும். 

   UNESCO நிறுவனத்தால் இவ்வருட சர்வதேச தாய்மொழி தினம் 2024 பெப்ரவரி 21 ஆம் திகதி கொண்டாட இருப்பதோடு அனைவருக்கும் தரமான கல்வி மற்றும் வாழ்நாள் முழுவதும் கற்றலுக்கான அணுகல் என்பதை  நோக்கமாக கொணாடுள்ளதுடன் பல்மொழிக் கல்வியின் முக்கியத்துவத்தை எடுத்துக்காட்டுவதாக அமையும்.

Leo Nifla 

Second Year

Faculty of Arts

අවදානම් අය කවු ද?


1.මව හෝ පියාට දියවැඩියාව ඇත්නම්

2.අධික බර සහ ස්ථුලතාවයෙන් පෙළෙයි නම්

3.ගර්භණියක් නම්

4.ක්‍රියාශීලීබව අඩු නම්

5.අධිකව මානසික ගැටලුවලට මුහුණ දී සිටින්නේ නම්

6.සෞඛ්‍යමත් නොවන ආහාර රටාවක් ඇති අයෙක් නම්

7.මත්පැන්, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් නම්

8.වයස අවු. 45ට වැඩි නම්

9. හෘද රෝග, අධිරුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇති අයෙක් නම්

10. ක්ෂය රෝගය ඇත්තෙක් නම්

11.උපත් බර ඉතා වැඩි හෝ අඩු අයෙක් නම්(POCS-Polycystic Ovarian Syndrome)

12.විටමින් D ඌනතාවය ඇති අයෙක් නම්

13.පූර්ව දියවැඩියා අවස්ථාවේ සිටින අයෙක් නම්

මීට පෙර දියවැඩියා රෝගයට ගොදුරු වූයේ මැදි වයස පසුකළ අය වුව ද මේ වනවිට වයස අවුරුදු 15 සිට 30 අතර වයසේ පසුවන්නන්ද මෙම රෝගයට ගොදුරුවන බවක් පෙනේ. විශේෂයෙන් ම රජයේ රෝහල්වල සායනවලට එන තරුණ පිරිස් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. එය ඉතා අවදානම් තත්ත්වයකි. එනමුත් වයස සමග අවදානමද වැඩි වේ. එලෙසම වැඩිවියට පත්වීමේදී හා ගැබිණි අවස්ථාවේ මේ සඳහා නැඹුරුතාවයක් ඇත. අවුරුදු 40ට වඩා වැඩි අයට මේ සඳහා ඇති අවදානම වැඩිය.

මෙය පරම්පරාගත රෝගයකි. විශේෂයෙන් ම මෙය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ට ඇත්නම් ඔබට මෙය වැළඳීමට ඇති හැකියාව ඉතා වැඩි ය. මෙය වඩාත් ම පළමු වර්ගය කෙරෙහි බලපායි.

දියවැඩියාව දෙවන  වර්ගය පරම්පරාවෙන් දායාද වීමට ඉඩ ඇති නමුත් එයින් මෙම රෝගයට ගොදුරු වන්නේ 80%-85% පමණය. එනම්

වයස වැඩි (40) අයයි.

තරබාරු බව තීරණාත්මක සාධකයක් වන බව සලකනු ලබයි.එවැනි අය ද දියවැඩියා රෝගය වැළදීමේ අවදානම් කාණ්ඩ ලෙස හදුනා ගෙන ඇත.

දියවැඩියා දෙවන වර්ගයේ  රෝගීන්ගෙන් 80%-85% අය තරබාරුය. එහෙත් සියළු ම තරබාරු අයට දියවැඩියාව නොමැත. නමුත් ඔබ තරබාරු නම් ඉදිරි අවුරුදු 10 හෝ අවුරුදු 20 කදී දියවැඩියාව රෝගය වැළඳිය හැක.

(තරබාරු යැයි සලකනු ලබන්නේ වයසට සරිලන බරට වඩා ඔබගේ බර 20% කට වඩා වැඩි වීමය.)

අධික රුධිර පීඩනය ,

අසාමාන්‍ය රුධිර මේද මට්ටම් තිබීම, HDL මට්ටම 35mg/dl හෝ ඊට වැඩි වීම , 

ඉහල කොලෙස්ටරෝල් මට්ටමේ  (240mg/dl හෝ ඊට වැඩි)  ඇති අයද මෙම අවදානම්  සහිත කාණ්ඩ ලෙස හදුනා ගෙන ඇත.

එලෙසම මවුපියන්ගෙන් එක් අයෙකු 1වන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඔවුන්ගේ දරුවන්ගෙන් 5% දෙනෙකුට හෝ 6% දෙනෙකුට පමණ නියත වශයෙන් ම දියවැඩියොව සෑදීමේ අවස්ථාව ඇත. මවුපිය දෙදෙනාටම දියවැඩියාව ඇත්නම් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත කාලයේ යම් අවස්ථාවකදී දියවැඩියාව ඇතිවීමේ අවදානම 25% - 30% පමණ දක්වා වේ.

මෙම හේතූන්ගෙන් එකක්  තිබීමෙන් ඔබට දියවැඩියා තිබෙන බව හෝ ඇතිවිය හැකි බව කිව නොහැක. එනමුත් ඔබට තිබෙන අවදානම් සාධක ප්‍රමාණය වැඩි වන විට දියවැඩියාව සෑදීමේ ඉඩකඩද වැඩිවේ.

Leo Rashmi Shashikala

Faculty of Arts

University of Colombo

Tuesday, February 20, 2024

INKWALKERS CHALLENGE - 02

 









சர்வதேச சமூக நீதி தினம்

 உலக சமூக நீதி தினமானது  ஐக்கிய நாடு சபையால் சர்வதேச தினமாக பிரகடனப்படுத்தப்பட்டது.  2007 நவம்பர் இல், ஐக்கிய நாடுகளின் பொதுச் சபை பிப்ரவரி 20 ஐ உலக சமூக நீதி தினமாக அறிவித்தது. 2009 ஆம் ஆண்டு முதல் இத்தினம் சர்வதேச தினமாக அனுசரிக்கப்படுகிறது.

நாம் எவ்வளவு முன்னேற்றம் அடைந்திருந்தாலும், உரிமைகளை பெறுவதிலும் சரியான நியாயங்களை கோருவதிலும் பல தடைகள் இன்னும் காணப்படுகின்றன என்பதை நோக்கமாகக் கொண்டே இத்தினம் பிரகடனப்படுத்தப்பட்டது.

   ஆண்டுதோறும் பிப்ரவரி 20ஆம் தேதி உலக சமூக நீதி தினம் கொண்டாடப்படுகிறது.  நியாயத்தை மேம்படுத்துவதற்காக ஐக்கிய நாடுகள் சபையால் (UN) ஒவ்வொரு ஆண்டும் இத்தினம் கொண்டாடப்படுகிறது . நியாயம் என்பது, கல்வி, வேலைவாய்ப்பு, சுகாதாரம் ஆகிய அனைத்து துறைகளிலும் அனைவருக்கும் சமமான அணுகலை கிடைக்க வேண்டும் என்பதை வலியுறுத்தி நிற்கின்றது.

  . "அனைவருக்கும் ஒரே சமூகம்" என்ற அடிப்படையில் தேசிய, பிராந்திய மற்றும் சர்வதேச மட்டங்களில் சமூக நீதியை மேம்படுத்துவதற்கான  கட்டமைப்பை உருவாக்குவதற்கு ஒவ்வொரு நாட்டினது அரசாங்கங்களும் நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். 

  ‌‌பொருளாதார வளர்ச்சியில் சமத்துவம் மற்றும் சமூக நீதியை ஊக்குவிக்க வேண்டும்.  சமூக நீதி என்பது அனைத்து மனித உரிமைகளுக்கும்,  அடிப்படைகளுக்கு மதிப்பளிக்கும் அடிப்படையில் இருக்க வேண்டும்.

இத்தினமானது வறுமை ஒழிப்பு, வேலைவாய்ப்பு மற்றும் கண்ணியமான வேலை, பாலின சமத்துவத்தை மேம்படுத்துதல் ஆகியவற்றில் சர்வதேச சமூகத்தின் முயற்சிள் ஒருங்கிணைக்கப்பட்ட தினமாக இருக்க வேண்டும் என்பதே இதன் பிரதான நோக்கமாகும்.

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...