Friday, February 23, 2024

දියවැඩියාවට සුදුසු පළතුරු - Article 07


ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් විසින් වසර 20ක් තුළ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයකට අනුව දියවැඩියා රෝගීන් විසින් අනුභව කළ යුතු පළතුරු වර්ග සහ ඒවා කවර ප්‍රමාණයකින් ගත යුතුද යන්න පැහැදිලිව හඳුනාගෙන ඇත. එම අදහසට අනුව දියවැඩියා රෝගියෙකු විසින් සෑම විටම පළතුරු ආහාරයට ගැනීමේදී කාබෝහයිඩ්‍රේට්  හෙවත් පිෂ්ඨය අඩු මෙන්ම කෙඳි අධික පළතුරු ද යන්න සැලකිලිමත්වීම වැදගත් බව ඔවුන් පෙන්වා දී ඇත. මන්ද එක්වරකදී කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය 15g කට වඩා ශරීරගත වීම දියවැඩියා රෝගීන්ට අහිතකර වීම හේතුවෙනි. 

 මේ අනුව දියවැඩියා රෝගීන්ගේ එම රෝගී තත්ත්වය ඖෂධ මගින් පමණක් පාලනය කිරීමට හෝ සුව කිරීමට උත්සාහ ගන්නා කාලය තුළ මෙවැනි ස්වභාවික පළතුරු ආදිය ද රෝගියාට ලබාදීම සෑම ආකාරයකටම ගුණදායක වෙයි. එහිදී මෙම පළතුරු තෝරාගැනීමේදී එම පළතුරුවල අඩංගු කාබෝහයිඩ්‍රේට් සංයුතිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වේ. ඒ අනුව මෙවැනි රෝගීන්ට වඩාත් සුදුසු පළතුරු ගණනාවක් හඳුනාගත හැකිය.

*මධ්‍යම ප්‍රමාණයෙන් ඉඳුණු කෙසෙල් ගෙඩියක්.

*ඇට සහ ලෙළි ඉවත් කළ අඹ ග්‍රෑම් අසූ තුනක් පමණ.

*ඉඳුණු පැණි කොමඩු 190g පමණ.

*ඉදුණු ස්ට්‍රෝබෙරි 180g පමණ.

*ඉඳුණු සැපදිල්ලා 80g පමණ.

*ඉඳුණු අන්නාසි 124g පමණ.

මෙම පළතුරු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම රෝගියාට අහිතකරවන අතර කෙසෙල් වැනි පළතුරු මධ්‍යම ප්‍රමාණයෙන් ඉදුණු කෙසෙල්  වීමත් සැලකිලිමත් විය යුතු සාධකයකි.

මෙම රෝගය සඳහා ගුණදායකම පළතුරු දෙවර්ගයක් ලෙස කාමරංගා සහ වෙරලු පෙන්වාදිය හැකිය. එවැනි පලතුරු දිගු කාලයක් තිස්සේ ආහාරයට ගැනීම මගින් දියවැඩියාව සුවපත් වීමටද ඇති සම්භාවිතාව ඉතා ඉහළය. ඊට අමතරව නෙල්ලි ආහාරයට ගැනීමද මෙවැනි රෝගීන්ට වඩාත් ගුණ දෙන පළතුරකි. මෙම කාමරංගා වැනි පළතුරු පානයක් ලෙස ගැනීමට වඩා අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණ දෙන සුදුසු ක්‍රමවේදයක් බව හඳුනාගෙන ඇත. 

ඊට අමතරව දියවැඩියා රෝගීන්ට සුදුසු තවත් පළතුරු වර්ග කිහිපයකි.

* ඇපල්

* අලිගැටපේර 

* දං

* බ්ලූබෙරි

* චෙරි

* මිදි 

* ගස්ලබු 

* දොඩම් 

* පීච්

* පෙයාර්ස්

* ටැංජරීන්

මෙම පළතුරු වර්ගද වෛද්‍ය නිර්දේශයන්ට යටත්ව ඒ ඒ ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීම ඉතා වැදගත්ය. මේ ආකාරයට දියවැඩියා රෝගීන් සඳහා ගුණදායක පළතුරු වර්ග ගණනාවක් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇත.

Nisansala Pathirana 

Faculty of Arts 

Second Year

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...