Saturday, April 27, 2024

ඇයි මිනිස්සු මත්ද්‍රව්‍යයවලට මේ තරම් ඇබ්බැහි වෙන්නෙ?


සමස්ත ලෝකයේ ම විශාල පිළිලයක් බවට වර්තමානයේ පත් ව ඇති උග්‍ර ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හදුන්වා දිය හැකි ය.එය නූතන මානවයාට ,සමාජයට මෙන්ම සමස්ත ලෝකයට ම  විශාල බලපෑමක් සිදු කරයි.වර්තමානයේ උග්‍ර සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය භාවිතය දිනෙන් දින ඉහළ ගොස් ඇත.මෙතරම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යනුයේ මිනිසුන් අධික ලෙස ඊට ඇබ්බැහි වීම නිසා ය.මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කෙරෙහි මිනිසුන්ට විවිධ සමාජීය,දේශපාලන ,ආර්ථික හා සමාජීය හේතු කාරණා බලපායි.ඊට බලපාන ප්‍රධාන සාධක ලෙස,

1.ආර්ථික ප්‍රශ්න 

2.පවුල් ප්‍රශ්න

3.විවහය පිළිබඳ ගැටලු

4.ප්‍රේම සබඳතා බිද වැටීම

5.අධ්‍යාපනික ගැටලු

6.විරැකියාව 

7.රැකියා ආශ්‍රිත ගැටලු

ආදිය පෙන්වා දිය හැකි ය.මෙවැනි ගැටලු හමුවෙ පුද්ගලයන්ට ඇතිවන දුක,තරහ,කාන්සිය,පාළුව,විරහව,ආතතිය ,කේන්තිට ආදීය පාලනයත්,සමනය කර ගැනීමටත් හොදම විසඳුම ලෙස  සිතාමත්ද්‍රව්‍ය භාවිතයට නිරන්තරයෙන් හුරු වන ආකාරය සමාජයෙන් දක්නට ලැබේ.

වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් දරුණු ද යත් ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය සාදවලට මෙන්ම තරුණ සමාගම් ,සංගීත සංදර්ශන ආදිය නැරඹීමට යන පුද්ගලයන් ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සලකනුයේ මත්ද්‍රව්‍යය යි.වර්තමානයේ මිනිසුන් සිතනුයේ ,ක්‍රියා කරනුයේ මත්ද්‍රව්‍යය නොමැති ව සතුටක්,විනෝදයක් නොමැති බවයි.ඔවුහු ඒ තරමට ඊට ඇබ්බැහි වී සිටිති.

ආර්ථික ප්‍රශ්න නිසාත්,විරැකියාව හා අනෙකුත් ප්‍රශ්න නිසා ඉක්මනින් දියුණු වීමට ,මුදල් අවශ්‍යතාවය මත මත්ද්‍රව්‍ය අලෙවියට මිනිසුන් වඩාත් නැඹුරු වන ආකාරය දැක ගත හැකිය.වර්තමානයේ මිනිසුන්ගේ ප්‍රශ්න ,ගැටලු,අභියෝගවලට කදිම සහ යෝග්‍ය ම පිළිතුර ලෙස මත්ද්‍රව්‍ය භාවිතය තෝරා ගන්නා නිසා වර්තමාන මිනිසා මත්ද්‍රව්‍යය වලට මෙතරම් ඇබ්බැහියක් දක්වයි.මිනිසාගෙ අභ්‍යන්තර ගැටලු මෙන්ම විවිධ අපරාධ ,ඝාතන ,ලිංගික හිංසන ,හොරකම් ආදී නොයෙකුත් සමාජ ප්‍රශ්න ඉහළ යෑමට ද මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ප්‍රධාන වශයෙන් ඉවහක් වේ.පුද්ගල ප්‍රශ්න,සමාජීය ප්‍රශ්න මෙන්ම සමස්ත සමාජයත් ,රටත් ලෝකටත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට ක්‍රියා කිරීම පුරවැසියන්ගෙ මුබ්‍ය වගකීමක් හා යුතුකමක් වේ..මත්ද්‍රව්‍ය ඇබ්බැහියට තිත තබා මානව ජීවිත සුරක්ෂිත කළ යුතු ය.

Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

Wednesday, April 24, 2024

ලෝක පෙන්ගුයින් දිනය

 


සෑම වසරකම අප්‍රේල් 25 වන දින ලෝක පෙන්ගුයින් දිනය සමරනු ලබන්නේ මෙම සිත් ඇදගන්නා පියාසර නොකරන පක්ෂීන් සහ ඔවුන්ගේ සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ය.  පෙන්ගුයින් යනු  පෘථිවියේ ඉතාමත්ම ශීත  ග්ලැසියර් සහ අයිස් වැනි දෑ පවතින කටුක පරිසර පද්දති වල ජීවත් වන සත්ත්ව වර්ගයකි. 

 මෙම දිනය ඔවුන්ගේ අභිජනන සමයේ අවසානය සනිටුහන් කරන පෙන්ගුවින් වාර්ෂිකව උතුරු දෙසට සංක්‍රමණය වීම සමග සමපාත වේ.  මේ ප්‍රත්‍යස්ථ පක්ෂීන් තම කැදැල්ල අතහැර මුහුදට ගොස් ආහාර සොයා දඩයම් කරන කාලයකි.

 ලෝක පෙන්ගුයින් දිනය දේශගුණික විපර්යාස, වාසස්ථාන විනාශය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ පරිසර දූෂණය ඇතුළු පෙන්ගුයින් වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඔවුන් මුහුණ දෙන තර්ජන ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම මතක් කිරීමක් ලෙස ක්‍රියා  කරයි.  අනාගත පරම්පරාව සඳහා පෙන්ගුයින් විශේෂවල පැවැත්ම සහතික කිරීම සඳහා සංරක්ෂණ උත්සාහයන් ඉතා වැදගත් වේ.

 සත්වෝද්‍යාන, මින්මැදුර, පරිසර සංවිධාන සහ ලොව පුරා සිටින පුද්ගලයින් අධ්‍යාපනික සිදුවීම්, අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාර සහ පෙන්ගුයින් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන ක්‍රියාකාරකම් පැවැත්වීම මගින් මෙම දිනය සමරයි.  මෙම මුල පිරීම්වල අරමුණ වන්නේ පෙන්ගුවින් මුහුණ දෙන අභියෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීමට පෙළඹවීමයි.

 එය පාසල්වල පෙන්ගුයින් ගැන ඉගෙන ගැනීම, සංරක්ෂණ ව්‍යාපෘති සඳහා සහාය වීම හෝ සමාජ මාධ්‍ය හරහා සරලව දැනුවත් කිරීම හරහා වේවා, මෙම විශිෂ්ට පක්ෂීන් සහ ඔවුන්ගේ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා සෑම කෙනෙකුටම කාර්යභාරයක් ඉටු කළ හැකිය.

 ලෝක පෙන්ගුයින් දිනයේදී, අපි මෙම අසාමාන්‍ය ජීවීන් සමරමු සහ ඔවුන්ට සහ ඔවුන් නිවස ලෙස හඳුන්වන පෘථිවි  ග්‍රහලෝකයට දීප්තිමත් අනාගතයක් සහතික කිරීමට අපගේ උත්සාහය දෙගුණ කරමු.

Tuesday, April 23, 2024

කියන තරම් මත්ද්‍රව්‍ය අපිට අහිතකර ද?


ශරීරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන කාලයක් භාවිත කළ විට ඇබ්බැහි වීම ඇති කරවන කවර ප්‍රමාණවලින් භාවිත කළ ද ශරීරයට හානිදායක වූ රසායන ද්‍රව්‍යවලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නාමය යෙදේ.වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා මත්ද්‍රව්‍ය භාවිතය ඇමරිකාව, ජර්මනිය , බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල් වල පමණක් නොව ඌණ සංවර්ධිත රටවල පවා සීමා මායිම් නොතකමින් විවිධ අයුරින් භාවිත වේ.වර්තමානය වන විට තාක්ෂණයේ පිබිදීමත් සමඟ නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසන්.

*මධ්‍යසාර (අරක්කු,කසිප්පු, බියර්) 

*දුම්කොළ 

*ගංජා 

*හෙරොයින්

*ක්‍රොකඩීල් 

*වූන්ගා 

*ෆ්ලැකා

*AH-7921

*ක්‍රිස්ටල් මෙත් (අයිස්)

*කොකේන්

ආදිය වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන මත්ද්‍රව්‍යවලට උදාහරණ කිහිපයකි.

මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් ඒවා භාවිතයට හේතු වශයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරයි.උදාහරණ වශයෙන් ගත් කල

* සතුටක් විනෝදයක් ලැබීමට 

•ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට 

•ප්‍රශ්න අමතක කිරීමට 

•මහන්සිය නිවා ගැනීමට 

•ලිංගික හැකියාව වැඩි කර ගැනීමට 

ආදිය ඉන් කිහිපයකි. 

නමුත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ ලොව පුරා පවත්වා ඇති පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ කිනම් මත්ද්‍රව්‍යක් භාවිත කළද ඒවා  මගින් කිසිදු උත්තේජයක් ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

සෑම මත්ද්‍රවයක්ම කායික සෞඛ්‍යමත් බව පහත හෙලන අතර අවසානයේ රෝගාබාධ ගණනාවක් ඇති කර මරණය  ඉක්මනින් ළඟාකර දෙයි.


කායික හානි

°දුම් පානය

පිළිකා - පෙනහළු ,උගුර, ආහාර මාර්ගය, ගැබ් ගෙල ආශ්‍රිත 

පෙනහළු රෝග - ඇදුම ,හතිය 

නූපන් දරුවන්ට ඇතිවන සංජානන ආබාධ

හම රැලි වැටීම, අවලස්සන වීම 

හෘදයාබාධ

අධි රුධිර පීඩනය

අංශභාග තත්ත්වයන් 

ලිංගික අප්‍රාණිකත්වය 


°මධ්‍යසාර

අක්මාරෝග - සිරෝසිස් ,අක්මාව අක්‍රිය වීම

අධිරුධිර  පීඩනය

පිළිකා - අක්මාව හා ආහාර මාර්ගය අශ්‍රිත

ස්නායු ආබාධ

ලිංගික බෙලහීනතාව 

මන්දපෝෂණය


මානසික හානිය 

සතුට,නිදහස සීමා වීම .

මානසික ඇබ්බැහිය .

මානසික ආතතිය වැඩිවීම .

දරුණු මානසික රෝග ඇතිවීම .


සමාජ හානිය

ප්‍රචණ්ඩත්වය

අපචාරි ක්‍රියා 

හදිසි අනතුරු 

පවුල් සම්බන්ධතා පිරිහීම

°අයිස් භාවිතය 

*අධික ලෙස ආවේගශීලී වීම .

*ආඝාතය .

*හෘදයාබාධ ඇතිවීම හෝ මරණය සිදුවීම .

*සුවදායී නින්දක් නොලැබීම .

*අධික ලෙස ශරීරයේ බර අඩුවීම හා ආහාර රුචිය අවම වීම .

*මායාරූප පෙනීම හා වික්ෂිප්ත ස්වභාවය .

*මානසික බිදවැටීම .

මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් මිනිත්තු කිහිපයක් තුල  ඇතිවන අතර ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කිහිපයක් පුරා රඳා පවතී. මේ නිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබා ගැනීමට දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍ය ලබාගැනීමට භාවිත කරන්නාට සිදුවේ.

ඇබ්බැහිය  ආරම්භ වන්නේ මෙවිටයි.

ඉහතින් පෙන්වා දී ඇත්තේ බහුලව භාවිත වන මත්ද්‍රව්‍යය කිහිපයක හානිකර බලපෑම පමණයි.

මෙරට 20 000 000 වූ ජනගහනය අතුරින් 5 000 000 පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් වාර්ෂිකව 40 000 පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මිය යන බවත් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ  දත්ත වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය භාවිතයේදී කිසිදු ආකාරයක ආරක්ෂිත මාත්‍රාවක් නැත. මත්ද්‍රව්‍ය භාවිතය සෑම අවස්ථාවකදීම ඉහළ  අවදානමක් සහිතවේ.

කිසියම් හෝ මත්ද්‍රව්‍යයක් භාවිතය මගින් ලැබෙන තාවකාලික වින්දනයක් වෙනුවෙන් ඔබ ඔබේ මුළු ජීවිතයම උකසට තබනවාද යන්න පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු කරුණකි.

Leo Madhavi Maheshika

First year

Faculty of Arts

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන්නේ කෙසේද?

 


    ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන කාලීන ගැටලුවක් ලෙස මුළු මහත් සමාජ ක්‍රමයට ම හානිදායක වන අයුරින් වයස් භේදයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතය දක්නට ලැබේ. එය ගැහැනු පිරිමි, දුප්පත් පොහොසත්, ග්‍රාමීය නාගරික සීමා බිඳ දමමින් පැතිර ගොස් ඇත. පසුගිය ආසන්න කාලය තුළ පාසල් සිසුන් ඇතුළු ළමා සහ තරුණ ප්‍රජාව වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිලිබඳ ප්‍රවෘත්ති ගණනාවක්ම වාර්තා වී තිබේ. මෙම තරුණ පරපුර අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

     සාමාන්‍යයෙන් පුද්ගලයෙකු එක් වරක් හෝ කිහිපයක් මත්ද්‍රව්‍ය භාවිතා කළ⁣හොත් එම පුද්ගලයාට එම මත්ද්‍රව්‍ය නැතිවම බැරි තත්වයකට පත් වේ. මෙහි භයානකම අවස්ථාව නම් මේ හේතුවෙන් ඝාතන සහ සියදිවි නසාගැනීම් ද වාර්තා වීමයි. කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය කෙනෙකුගේ කායික, මානසික මෙන්ම ජෛව රසායනික ක්‍රියාවලිය ද අඩපණ කරන බව සොයාගෙන ඇත.

     පාසල් වියේ සහ නව යොවුන් වියේ පසුවන තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීමට සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බව සොයාගෙන ඇත. දරුවන් පිලිබඳ දෙමව්පියන්ගේ අවධානය ගිලිහීම, සමාජ අවබෝධය නොමැතිකම ආදි කරුණු දරුවන් මේවාට ඇබ්බැහි වීමට හේතු වී ඇත.

     මෙය වළක්වා ගැනීමට නම් ප්‍රජාව නිසියාකාරව දැනුවත් කිරීම, අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, දරුවන්ට ආරක්ෂාව හා ආදරය ලබාදීම, කායික මානසික සුවතාවය වර්ධනය කිරීම වැනි දෑ සිදුකළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් පහත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කටයුතු යොදා ඇත.

   •නීත්‍යානුකුල මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි කිරීම (අවසරලත් දුම්කොළ හා මද්‍යසාර නිෂ්පාදන) අධෛර්යමත් කිරීම 

   •මත්ද්‍රව්‍ය ගැන හා මත්ද්‍රව්‍ය දුර්භාවිතය ගැන තහවුරු වූ හා විද්‍යාත්මක තොරතුරු අධ්‍යාපන ආයතන වලට හා පුස්තකාල වලට බෙදාහැරීම 

   •පාසල් සිසුන් හා තරුණ පිරිස් වල අවදානම් චර්යා අවම කිරීම සඳහා ඔවුන්ගේ තීරණ ගැනීමේ දක්ෂතා, අධ්‍යාත්මිකව හා සදාචාරාත්මකව වටිනාකම් වැඩිදියුණු කිරීමට සියලු අධ්‍යාපන ආයතන යල වැඩසටහන් සම්පාදනය කිරීම 

   •මත්ද්‍රව්‍ය විශේෂී නොවන ප්‍රවේශ විධි භාවිතය දිරිමත් කිරීම 

   •ප්‍රජා සේවා මට්ටමේ නිලධාරීන්ව මූලික උපදේශන කුසලතා ඇතුළත් මත්ද්‍රව්‍ය නිවාරණයෙහි නිසි පුහුණුවක් ලබාදීම 

   •මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාමට මාධ්‍ය ආයතන උනන්දු කරවීම  

     කවර රටකට වුවද මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටලුව තනිව විසඳා ගැනීමට නොහැකිබව පිළිගෙන ඇත. එබැවින් මෙම පිළිවෙත් එක් අංශයකට පමණක් යොමු නොකර මෙම කටයුතු සඳහා හැකි අයුරින් දායකත්වය ලබාදීම අපගේ යුතුකමක් හා වගකීමක් මෙන්ම පුණ්‍ය ක්‍රියාවක් ද වන්නේය.

Leo Hiruni Aththanayaka

First year

Faculty of Arts

මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද?


මෙරට ඉතිහාසයේ මත්ද්‍රව්‍ය  ගැන පැවසෙන්නේ අද ඊයේ නොවේ. බුදුන්ගේ කාලයේ පවා මත්පැන් යහමින් තිබූ බව බෞද්ධ සාහිත්‍ය කතාවන්ගේ දැක්වේ.

රජපවුලේ සුරා පානයන් හා සාද ගැන ද අපේ ඉතිහාස කතා සාක්ෂි දරයි. එසේ වුව ද මත්ද්‍ර‍ව්‍ය  මෙරට තිබූ බවට ඇති පැරණිතම සාක්ෂි හමුවන්නේ යුරෝපීයයන්ගේ පැමිණීමෙනි.

පෘතුගීසීන් විසින් අබිං කෑම ලංකාවට හදුන්වාදුන් බව පැවසේ. 

 එසේනම් මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද? මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උදාහරණ ලෙස දැක්විය හැක. පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය. ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආ‍වේණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත. දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි.

මේ  අනුව සෑම දෙනාම පාහේ සිය ජීවිතයේ කිසියමි කාලයකදී හෝ අවස්ථාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කර තිඛෙන්නට පුළුවන. නිදි කිරා වැටීම වැළැක්වීමට ද ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට ද අපි කෝපි පානයකරමු. බුලත් කෑමට දූම්කොළ භාවිතා කරයි.එසේ නැතහොත් වෛද්‍යමය හේතූන් මත ‍මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ද්‍රව්‍යයන් නියම කර භාවිතා කිරීම සිදූවෙයි .

මත්ද්‍රව්‍ය සියල්ලම වාගේ සමාජීය වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වන අතර වෛද්‍යමය වශයෙන් විඳ දරා ගත හැකි ආරක්ෂා සහිත ප්‍රමාණවලින් පරිහරණව කළ හැකි වුවද,මෙම සීමා වලින් බැහැර වීම නිසා වෛද්‍යමය, සමාජයීය, මනෝවිද්‍යාත්මක හා නෛතික ප්‍රශ්නවලට මඟ සැලසේ. අනිසි ලෙස මත්ද්‍රව්‍ය පරිහරණ යනු මෙයයි. පුද්ගලයෙකු අත්හදා බැලීමක් ලෙස සෙමින් සෙමින් නිතිපතා භාවිතා කරන විට හුරුපුරුදු වීම නැතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබන මත්ද්‍රව්‍යක් එබඳු නිර්දේශයක් හෝ වෛද්‍යමය අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීම ද අනිසි ලෙස පරිහරණය කිරීමකි. මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට බලපෑම් කරන සාධක අතර පුද්ගලයා,මත්ද්‍රව්‍ය වර්ගය සහ භාවිතයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භය වෙයි. පුද්ගලයා මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට යොමු වන්නේ මත්ද්‍රව්‍ය හා එහි බලපෑම පිළිබඳ විශ්වාසයන් ද ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතුවන පුද්ගලයාගේ භාවික තත්ත්වය ද , පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමේ උපක්‍රම හා ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රශ්න ද හේතු වෙයි.

කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි. එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ  ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි. මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි. ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි. ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබ්බැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි. මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි. උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය.

 ලොව ඇති මත්ද්‍රව්‍ය වර්ග ලෙස ක්‍රොකඩිල් , වූන්ගා බාත් සෝල්ට්ස්, AH-7921, ෆ්ලැකා, ක්‍රිස්ටල් මෙත්,ක්‍රැක් කොකේන්,ඈශ් ආදි බොහෝ මත්ද්‍රව්‍ය වේ.

මෙම මත්ද්‍රව්‍ය පුද්ගලයා කෙරෙහි විවිධාකාරයෙන් බලපා ඇති ආකාරය ද අපට හදුනා ගත හැකිය.

 Leo Rashmi Shasikala 

University of colombo 

Faculty of art

බක් පොහොයේ වැදගත්කම


අද අප්‍රේල් මස 23වනදා.අදට බක් පුන් පසළොස්වක පොහොය යෙදී ඇත.බක් පුර පසළොස්වක පොහොය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන්  වැදගත්කම් රාශියක් ඇත.එනම්,

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩිම කිරීම.

බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

මුල්ම සතර පෙර නිමිත්ත දැකීම.

සිදුහත් කුමරු ගිහිගෙය හැර යනුවස් එය නැවැත්වීම පිණිස සුද්ධෝදන මහරජතුමා මුළු නුවරම ජාති ජරා මරණ ව්‍යාධි ආදී  සෑම ජන කොට්ඨාසයක්ම  සිදුහත් කුමරුන්ගේ ඇස නොගැටෙන පරිදි සඟවා තැබීමට ගත් උත්සාහය අසාර්ථක කරමින් සතරපෙර නිමිතිවලින් පළමුවන සතර පෙර නිමිත්ත වන මහලු රූපයක් දැකීම සිදුවූයේ අද වන් බක් පුර පසළොස්වක් පොහෝ  දිනයක දී ය.

චූලෝදර මහෝදර නාග දෙබෑයන් දමනය කිරීම.

බුදුන් වහන්සේ දෙවන වරට ලංකාගමනය සිදු කළේ අදවන් භක්තින් පසළොස්වක පොහෝ දිනයකදී ය.එහිදී

මහා සටනක නිරත වෙමින් සිටි නාග පිරිස දමනය කිරීමට  ඍද්ධි බලයෙන් අහසින් වැඩම කර ගන්න අන්ධකාරයක් මවාලමින් නාග පිරිස බිය වද්දා

 දමනය කර බව සඳහන් වේ.මෙහිදී සසර ආදීනව කාකොලුක ජාතකය,වට්ටක ජාතකය, ලමුකික ජාතකය ආදිය වදාරමී සමගිය අනුහස් පවසමින් නාග දෙබෑයන් සමග කිරීම සිදුකරන ලදී.එමෙන්ම චූලෝදර මහෝදර නාග දෙබෑයන් බුදුරජාණන් වහන්සේට මිණි පළඟක් පූජා කිරීමද මෙහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

මෙවැනි ශාසනික මෙන්ම බුද්ධ චරිතය ආශ්‍රයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ මෙම පොහෝ දිනය බෞද්ධයන් වන අප සැමට ඉතා වැදගත් පොහොය දිනයකි.ලංකාවාසී ලෝකවාසී සැම දෙනාටම උතුම් බක් පුන් පොහෝ දිනයක් වේවා!!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

Sunday, April 21, 2024

ලෝක පෘථිවිය සම්බන්ද දිනය

 පෘථිවිය අපගේ නිවහනයි. එය විශාල අභ්‍යවකාශයේ පාවෙන විශ්මය ජනක නිල් ගෝලයකි.  එය ග්‍රහලෝකයක් පමණක් නොවේ;  එය අප දන්නා පරිදි  අපගේ ජීවිතයේ තොටිල්ලයි.  පෘථිවියෙ ගැඹුරුම සාගර අගල්වල සිට උසම කඳු මුදුන් දක්වා පෘතුවිය විවිධ ජීව ස්වරූප, පරිසර පද්ධති සහ ස්වභාවික අරුමපුදුම දේවලින් පිරී ඇත. 

 ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, පෘ
ථිවිය අපට පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෑ සපයයි. පිරිසිදු වාතය, නැවුම් ජලය, සාරවත් පස සහ ස්ථාවර දේශගුණයක් ඒව අතර ප්‍රමුඛ වේ. මෙම සම්පත් ජීවය පවත්වා ගෙන යන අතර ආහාර, ඖෂධ සහ අනෙකුත් වැදගත් සේවා සපයන පරිසර පද්ධති සඳහා සහාය වේ. 

  පෘථිවිය බොහෝ තර්ජනවලට මුහුණ දෙයි, ඒවායින් බොහොමයක් මිනිසා විසින් ඇති කරන ලද ඒවා වේ.  පරිසර දූෂණය, වන විනාශය, වාසස්ථාන විනාශය සහ දේශගුණික විපර්යාස අප මුහුණ දිය යුතු අභියෝගවලින් කිහිපයක් පමණි.  පාලනය නොකළහොත්, මෙම තර්ජන ආපසු හැරවිය නොහැකි ලෙස පරිසර පද්ධතිවලට හානි කළ හැකි අතර, විශේෂයන් අනතුරේ හෙළීමට සහ පෘථිවියේ සියුම් ජීව සමතුලිතතාවය කඩාකප්පල් කළ හැකිය.

 අපේ පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා, අපි ඉක්මන්  පියවර ගත යුතුය.  අපගේ කාබන් පියසටහන අඩු කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම, ස්වභාවික වාසස්ථාන සංරක්ෂණය කිරීම සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ පරිභෝජනය සඳහා තිරසාර භාවිතයන් අනුගමනය කිරීම මෙයට ඇතුළත් වේ.  මීට අමතරව,  තිරසාර පරිසරයක් පෝෂණය කිරීම සඳහා දැනුවත් කිරීම සහ පාරිසරික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

පෘථිවියේ මෙම විනාශයට එරෙහිව , අප ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් පෘථිවිය විනාශ  විය හැකිය.  න්‍යෂ්ටික යුද්ධය, පාලනය නොකළ දූෂක  සහ ස්වභාවික සම්පත් අධික ලෙස සූරාකෑම නිසා පෘථිවි ය  විනාශ කළ හැකිය.  එවැනි ව්‍යසනයන් වැලැක්වීම සඳහා ගෝලීය සහයෝගීතාව, වගකිවයුතු පාලනය සහ අනාගත පරම්පරාව සඳහා පෘථිවිය සුරැකීමට සාමූහික කැපවීමක් අවශ්‍ය වේ.

Leo Nadeesha Mayomi

First year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...