Tuesday, April 23, 2024

බක් පොහොයේ වැදගත්කම


අද අප්‍රේල් මස 23වනදා.අදට බක් පුන් පසළොස්වක පොහොය යෙදී ඇත.බක් පුර පසළොස්වක පොහොය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන්  වැදගත්කම් රාශියක් ඇත.එනම්,

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩිම කිරීම.

බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

මුල්ම සතර පෙර නිමිත්ත දැකීම.

සිදුහත් කුමරු ගිහිගෙය හැර යනුවස් එය නැවැත්වීම පිණිස සුද්ධෝදන මහරජතුමා මුළු නුවරම ජාති ජරා මරණ ව්‍යාධි ආදී  සෑම ජන කොට්ඨාසයක්ම  සිදුහත් කුමරුන්ගේ ඇස නොගැටෙන පරිදි සඟවා තැබීමට ගත් උත්සාහය අසාර්ථක කරමින් සතරපෙර නිමිතිවලින් පළමුවන සතර පෙර නිමිත්ත වන මහලු රූපයක් දැකීම සිදුවූයේ අද වන් බක් පුර පසළොස්වක් පොහෝ  දිනයක දී ය.

චූලෝදර මහෝදර නාග දෙබෑයන් දමනය කිරීම.

බුදුන් වහන්සේ දෙවන වරට ලංකාගමනය සිදු කළේ අදවන් භක්තින් පසළොස්වක පොහෝ දිනයකදී ය.එහිදී

මහා සටනක නිරත වෙමින් සිටි නාග පිරිස දමනය කිරීමට  ඍද්ධි බලයෙන් අහසින් වැඩම කර ගන්න අන්ධකාරයක් මවාලමින් නාග පිරිස බිය වද්දා

 දමනය කර බව සඳහන් වේ.මෙහිදී සසර ආදීනව කාකොලුක ජාතකය,වට්ටක ජාතකය, ලමුකික ජාතකය ආදිය වදාරමී සමගිය අනුහස් පවසමින් නාග දෙබෑයන් සමග කිරීම සිදුකරන ලදී.එමෙන්ම චූලෝදර මහෝදර නාග දෙබෑයන් බුදුරජාණන් වහන්සේට මිණි පළඟක් පූජා කිරීමද මෙහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

මෙවැනි ශාසනික මෙන්ම බුද්ධ චරිතය ආශ්‍රයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ මෙම පොහෝ දිනය බෞද්ධයන් වන අප සැමට ඉතා වැදගත් පොහොය දිනයකි.ලංකාවාසී ලෝකවාසී සැම දෙනාටම උතුම් බක් පුන් පොහෝ දිනයක් වේවා!!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...