Saturday, April 27, 2024

ඇයි මිනිස්සු මත්ද්‍රව්‍යයවලට මේ තරම් ඇබ්බැහි වෙන්නෙ?


සමස්ත ලෝකයේ ම විශාල පිළිලයක් බවට වර්තමානයේ පත් ව ඇති උග්‍ර ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හදුන්වා දිය හැකි ය.එය නූතන මානවයාට ,සමාජයට මෙන්ම සමස්ත ලෝකයට ම  විශාල බලපෑමක් සිදු කරයි.වර්තමානයේ උග්‍ර සමාජ ප්‍රශ්නයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය භාවිතය දිනෙන් දින ඉහළ ගොස් ඇත.මෙතරම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යනුයේ මිනිසුන් අධික ලෙස ඊට ඇබ්බැහි වීම නිසා ය.මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කෙරෙහි මිනිසුන්ට විවිධ සමාජීය,දේශපාලන ,ආර්ථික හා සමාජීය හේතු කාරණා බලපායි.ඊට බලපාන ප්‍රධාන සාධක ලෙස,

1.ආර්ථික ප්‍රශ්න 

2.පවුල් ප්‍රශ්න

3.විවහය පිළිබඳ ගැටලු

4.ප්‍රේම සබඳතා බිද වැටීම

5.අධ්‍යාපනික ගැටලු

6.විරැකියාව 

7.රැකියා ආශ්‍රිත ගැටලු

ආදිය පෙන්වා දිය හැකි ය.මෙවැනි ගැටලු හමුවෙ පුද්ගලයන්ට ඇතිවන දුක,තරහ,කාන්සිය,පාළුව,විරහව,ආතතිය ,කේන්තිට ආදීය පාලනයත්,සමනය කර ගැනීමටත් හොදම විසඳුම ලෙස  සිතාමත්ද්‍රව්‍ය භාවිතයට නිරන්තරයෙන් හුරු වන ආකාරය සමාජයෙන් දක්නට ලැබේ.

වර්තමානයේ මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් දරුණු ද යත් ෆේස් බුක් ආදී සමාජ මාධ්‍ය සාදවලට මෙන්ම තරුණ සමාගම් ,සංගීත සංදර්ශන ආදිය නැරඹීමට යන පුද්ගලයන් ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සලකනුයේ මත්ද්‍රව්‍යය යි.වර්තමානයේ මිනිසුන් සිතනුයේ ,ක්‍රියා කරනුයේ මත්ද්‍රව්‍යය නොමැති ව සතුටක්,විනෝදයක් නොමැති බවයි.ඔවුහු ඒ තරමට ඊට ඇබ්බැහි වී සිටිති.

ආර්ථික ප්‍රශ්න නිසාත්,විරැකියාව හා අනෙකුත් ප්‍රශ්න නිසා ඉක්මනින් දියුණු වීමට ,මුදල් අවශ්‍යතාවය මත මත්ද්‍රව්‍ය අලෙවියට මිනිසුන් වඩාත් නැඹුරු වන ආකාරය දැක ගත හැකිය.වර්තමානයේ මිනිසුන්ගේ ප්‍රශ්න ,ගැටලු,අභියෝගවලට කදිම සහ යෝග්‍ය ම පිළිතුර ලෙස මත්ද්‍රව්‍ය භාවිතය තෝරා ගන්නා නිසා වර්තමාන මිනිසා මත්ද්‍රව්‍යය වලට මෙතරම් ඇබ්බැහියක් දක්වයි.මිනිසාගෙ අභ්‍යන්තර ගැටලු මෙන්ම විවිධ අපරාධ ,ඝාතන ,ලිංගික හිංසන ,හොරකම් ආදී නොයෙකුත් සමාජ ප්‍රශ්න ඉහළ යෑමට ද මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ප්‍රධාන වශයෙන් ඉවහක් වේ.පුද්ගල ප්‍රශ්න,සමාජීය ප්‍රශ්න මෙන්ම සමස්ත සමාජයත් ,රටත් ලෝකටත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට ක්‍රියා කිරීම පුරවැසියන්ගෙ මුබ්‍ය වගකීමක් හා යුතුකමක් වේ..මත්ද්‍රව්‍ය ඇබ්බැහියට තිත තබා මානව ජීවිත සුරක්ෂිත කළ යුතු ය.

Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...