Tuesday, February 11, 2025
Alpha personality (male)
Monday, February 10, 2025
ජිවිතය පෙරලූ රිය අනතුර
ජිවිතය පෙරලූ රිය අනතුර
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා මානුශිය ආපදා ලෙස හැඳින්වේ.රිය අනතුරු එවන් ආපදා අතර ප්‍රධාන ස්ථානයක් ගනී . රිය අනතුරක් යනු මාර්ගයේ වාහන අතර හෝ වාහන හා පදිකයන් අතර ඇතිවන අනතුරක් වන අතර, එය ජීවිත හා දේපළ සඳහා දැඩි හානි සිදුකරනු ලබයි.
මීට වසර දෙකකට ප්‍රථම බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරක මතකය ආවර්ජනය කරමින් එම අත්දැකීමට මුහුණ දුන් බස් රථ මගියෙක් අද අපිත් එක්ක තොරතුරු බෙදාගන්න එකතු වෙලා ඉන්නව.
නිවේදකයා :- ආයුබෝවන් මහත්මා ඔබට පුළුවන්ද ඔබ මුහුණ දුන් අනතුර ගැන පොඩි විස්තරයක් කරන්න.
දත්ත දායකයා:- ආයුබෝවන් ඔව් පුළුවන්. ඒ සිදුවීම නම් හිතාගන්නවත් බැරි විදිහට හදිස්සියේම සිදුවන රියනතුරක්.එදා මම බස් එකෙ නැගලා ටවුන් එකට යන්න තමයි ගියේ .ඒ වෙලාවේ ගොඩක් වේගෙන් ආපු ලොරි රථයක් එකපාරම ඇවිල්ල බස් එකේ හැප්පුනා.බස් එකේ හිටපු මිනිස්සු එක පාරම ඉස්සරහට විසි උනා ඩ්‍රයිවර් නම් එදා එතනම නැති උනා ඒවගේම ඉස්සරහ සීට් එකේ හිටපු තවත් එක මනුස්සයෙක් මට මතක විදියට නැති වුණා. අනිත් මගීන්ට නම් ජීවිත හානි නොවුනට , තුවාල වගේ කායික ආබාධයන්ට ලක්වුනා.එදා මගේ කකුලක් සීට් එකේ වැදිලා ඇතිවුන තුවාලේ කැලලක් තාමත් තියෙනවා මහත්තයෝ..
නිවේදකයා:- මේ රිය අනතුර හින්දා ඔබට ඇතිවුණු හානි මොන වගේද?
දත්ත දායකයා:- මම දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න කෙනෙක්. එදා අනතුර හින්දා මගේ කකුලෙ තුවාලයක්ඇතිවුණා. ඒකත් එක්කම මගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා.මට තියෙන රෝගී තත්වේ නිසා තුවාලය සුව කරගැනීමටත් මට කාලයක් ගත වුණා.ඒ වගේම එදා ඇතිවුණු කම්පනයත් එක්ක ලොකු බිඳවැටීමකට මම පත්වුණා.මේ වෙලාවේ ඇතිවුණු මානසික ආතතිය මට විස්තර කරන්න බැරි තරම්..මට විතරක් නෙවෙයි මේ හැඟීම් බස් එකේ හිටපු හැමෝටම දැනෙන්නැති කියලා මං හිතනවා. ඒ වගේම මේ අනතුර හින්දා ඇතිවෙච්ච ලොකුම හානි සිදුවුණේ බස් එකට, බස් රථයේ ඉදිරි වීදුරුව ගැලවී යන තරම් වේගයෙන් ඇවිත් ලොරි රථයේ හැප්පුනා නම් මේ නිසා බස් එකට ගොඩක් ලොකු හානියක් වුණා.
නිවේදකයා:- මේ සිද්ධිය ඔබතුමාගේ ආර්ථිකයට බලපෑමක් ඇති කරාද? ඒ බලපෑම් මොන වගේද?
දත්ත දායකයා :- රිය අනතුර හින්ද මගේ කකුල තුවාල වුණා. ඒත් එක්කම මට ඇවිදින්න පවා අපහසු වුණා. මේ නිසා මගේ රැකියාව කරගෙන යාමට පවා මට දුෂ්කරතාවයන් මතුවුණා.තුවාලය සනීප කර ගැනීමට බෙහෙත් ගැනීමේදී ත් ගැටලුවලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. රැකියාවට යාමට නොහැකි වීම නිසා ආර්ථිකය කඩා වැටීමකට ලක්වුණා. මගේ රැකියාව වුණේ පොලේ බඩු විකුණන එක මහත්තයෝ. පවුලේ ගෘහ මූලිකයා වශයෙන් මගේ රැකියාව කිරීමට නොහැකි වීම නිසා පවුලේ අයටත් දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට සිදු වූ කාලයක් තමයි උද්ගත වෙලා තිබ්බෙ.
නිවේදකයා:- බොහොම කණගාටුයි ඔබට සිදුවූ දේ පිළිබඳව මට තවත් දෙයක් දැනගන්න ඕනේ මේ අනතුරට මුහුණ පෑව අනෙක් පාර්ශවයට මොකද උනේ ?
දත්ත දායකයා:- අහ් ඔබතුමා අහන්නේ ලොරි රථයේ හිටපු රියදුරා ගැන වෙන්න ඇති ලොරි රථයේ හිටියේ එක්කෙනෙක් ඒ ඩ්‍රයිවර් මහත්තයා බීමතින් පදවපු හින්දා තමයි ලොරිය ඇවිත් බස් එකේ හැප්පුනෙ කියලා තමයි අපිට කිව්වේ දැන් නම් ඒ මනුස්සයා මේ කරපු වරදට අවුරුදු ගානකට හිරේ ගිහින් ඉන්නේ මයෙ හිතේ .
නිවේදකයා :- රිය අනතුර හින්ද නීතිමය වශයෙන් සාධාරණයක් ඔබතුමාට සිදුවුණාද?
දත්ත දායකයා :- ඇත්තටම කිව්වොත් ඒ ගැන නම් කතා කරන්නත් කනගාටුයි මහත්තයෝ.. එදා වෙච්ච අනතුර හින්දා ලොරියේ හිටපු ඩ්‍රයිවර් හිරේ ගියපු එක විතරයි සිද්ධ උනේ ,අනතුරට ලක් වෙච්ච මගීන් ගැන කවුරුත් හොයලා බැලුවේ නෑ. මං මගේ පෞද්ගලික වියදමින් තමයි මට ඇතිවෙච්ච තුවාලෙට බෙහෙත් කරේ ,මං හිතන විදියට අනිත් මගින්ටත් එහෙම වෙන්න ඕනේ .අපිට ඇති වෙච්ච ලෙඩ රෝග වලටත් ආධාරයක් ලබාදීම සිද්ධ කළේ නෑ. ලබා දුන්න එකම සාදාරනය තමයි අපිට මේ අනතුර සිදුවීමට හේතුව වූ රියදුරා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම..
නිවේදකයා:- මං තව දෙයක් ඔබගෙන් අහන්න කැමතියි, මේ රිය අනතුරට මුහුණ දීමෙන් ඔබ ලැබූ අත්දැකීම් මොන වගේද ?
දත්ත දායකයා :- එදා සිද්ධ වෙච්ච දෙයින් පස්සේ තාමත් මම බස්වල ගමන් කරන්නේ බයෙන්..මේ හින්ද මට සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇති වුණා ,මේ වගේ අනතුරකින් පස්සේ මිනිස්සුන්ගේ ජීවිතේ ගොඩක් අභියෝගාත්මකයි. ඉතින් මං ඒ දේවල්වලට මුහුණ දුන්නා මගේම උත්සාහයෙන්.. මං ඔබතුමාට කිව්වනේ මට රජයෙන් ආධාරයක් ලැබුනේ නැහැ ,මං තනි උත්සාහයෙන් නැගිටලා ආපහු යථා තත්ත්වයට ආවා දැන් මගේ තුවාලේ සනීපයි. මං ආයෙත් මගේ පරණ පුරුදු රස්සාව කරගෙන ඉන්නවා මහත්තයෝ..
නිවේදකයා:- මෙච්චර වෙලා මාත් එක්ක සුහදව අත්දැකීම් බෙදා හදාගත්ත ඔබතුමාගේ අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ වගේ රිය අනතුරු වළක්වා ගන්න අපි කරන්න ඕනෙ මොනවද ?ඒ සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ මොනවගේ මතවාදයක්ද?
දත්ත දායකයා :- මම නම් හිතන්නේ රියදුන් අතෙන් සිදුවන වැරදි වළක්වා ගත්ත නම් බොහෝ දුරට මේ අනතුරු වළක්වා ගන්නන පුළුවන්. මිනිස්සු බීලා වාහන එලවනවා ඉතිං මහ මග ඉන්න අහිංසක මිනිස්සු නිරපරාදේ මැරිලා යනවා ,මේවට නීතිමය ක්‍රියාමාර්ග ත් ගත්ත නම් යම්තාක් දුරකට අපිට මේවා අඩු කරගන්න පුළුවන් වෙයි. මං කියන්නේ නැ රියදුරු විතරක් සැලකිලිමත් වෙන්න ඕනි කියලා. මගින්ගේ අතිනුත් මේකේ වගකීමක් තියෙනවා. මේ දෙගොල්ලොම හරියට කටයුතු කරා නම් මේ රිය අනතුරු වළක්වා ගන්න පුළුවන් අපිට..
නිවේදකයා :- ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ අත්දැකීම් බෙදා හදාගන්න එකතු උනාටනැවත කිසිම දිනකොට මෙවන් අනතුරකට මුහුණ පෑමට ඔබට හෝ කිසි කෙනෙකුටත් නොවේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ....
*රිය අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිපැදීම, වාහන නඩත්තු කිරීම, සුරක්ෂිත රියදුරන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අනතුරෙන් පසුව ලබාගත හැකි රාජ්‍ය සහ පුද්ගලික සහයෝගිතා පිළිබඳව දැනුවත් වීම ,මෙවැනි මානුෂිය ආපදා කළමනාකරණය කිරීම සඳහා හේතුවෙයි*
Sunday, February 9, 2025
ආර්ථිකය තුළ කාන්තාවන්
*❤️ආර්ථිකය තුළ කාන්තාවන්*👩🎓
*දියුණුවේ කැඩපත ඇයයි...*💁♀️
*සමාජයේ ශ්‍රියාකාන්තාව*
*ද ඇයයි...*👨👨👧👦
*ලෝකයේ ගැලවුම්කාරිය*
*ද ඇයයි...*🌍
*සෙනෙහසේ අරුත ඇයයි...*👩❤️💋👨
*ඇයට කළ*
*නොහැක්කක් නොමැත*💪
*ඉතින් ඇය හුදෙක් සැරසිල්ලක් ම ද..*❓🫵
*ආර්ථිකය තුළ කාන්තාවන්*
පසුගිය දශක කිහිපය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් තිබියදීත්, ආර්ථිකය තුළ කාන්තාවන් පිරිමින්ට වඩා පසුගාමීව සිටී. මෙම අසමානතාවයට අන්තර් සම්බන්ධිත සාධක කිහිපයක් හේතු විය හැක.
ව්‍යුහාත්මක බාධක
බොහෝ කාන්තාවන් රැකියා ස්ථානයේ ව්‍යුහාත්මක බාධකවලට මුහුණ දෙයි. එනම් ඔවුන්ගේ වෘත්තීය දියුණුවට බාධා කරන වෙනස්කම් කිරීම සහ පක්ෂග්‍රාහී වීම වැනි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති බොහෝ විට පවුල් වගකීම් නිසා කාන්තාවන් තම රැකියා සඳහා අඩු කැපවීමක් දක්වන බවට උපකල්පනය කරයි. මෙම පක්ෂග්‍රාහීත්වය හේතුවෙන් නායකත්ව භූමිකාවන් සඳහා අඩු උසස්වීම් සහ අවස්ථා ඇති විය හැක.
අධ්‍යාපනයට අසමාන ප්‍රවේශය.
බොහෝ කලාපවල, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ගුණාත්මක අධ්‍යාපනයට අඩු ප්‍රවේශයක් ඇත. මෙම අධ්‍යාපන පරතරය ඉහළ වැටුප් සහිත රැකියා සඳහා අවශ්‍ය කුසලතා ලබා ගැනීමේ හැකියාව සීමා කරයි. ගැහැණු ළමයින් සඳහා ගෝලීය ඇතුළත් වීමේ අනුපාත වැඩිදියුණු වී ඇතත්, විෂමතා පවතී, විශේෂයෙන් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) ක්ෂේත්‍රවල, ඒවා බොහෝ විට වඩා ලාභදායී වේ.
රැකියා-ජීවිත සමතුලිතතා අභියෝග
ළමා රැකවරණය සහ ගෘහ රාජකාරි ඇතුළු ගෘහස්ථ වගකීම්වල බර කාන්තාවන් සාමාන්‍යයෙන් දරයි. මෙය බොහෝ විට වෘත්තීය බාධා කිරීම් හෝ අර්ධකාලීන රැකියාවන්ට මඟ පාදයි, එය ඔවුන්ගේ ඉපැයීම් සහ වෘත්තීය ප්‍රගතියට බලපෑ හැකිය. දැරිය හැකි ළමාරක්ෂක සේවා සහ නම්‍යශීලී වැඩ විධිවිධාන නොමැතිකම මෙම අභියෝග තවදුරටත් උග්‍ර කරයි.
වැටුප් පරතරය
බොහෝ කර්මාන්ත හරහා ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය දිගටම පවතින අතර, කාන්තාවන් එකම රැකියාව සඳහා පිරිමින්ට වඩා අඩුවෙන් උපයති. මෙම විෂමතාවයට බලපානු ලබන්නේ වෘත්තීය වෙන් කිරීම වැනි සාධක මගිනි, එහිදී කාන්තාවන් බොහෝ විට අඩු වැටුප් ලබන අංශවල සංකේන්ද්‍රණය වී ඇති අතර, පිරිමින් වැටුප් සාකච්ඡා කිරීමට වැඩි ඉඩක් ඇති සාකච්ඡා විෂමතා ද ඇත.
සීමිත ජාලකරණ අවස්ථා.
කාන්තාවන්ට බොහෝ විට වෘත්තීය ජාල වෙත ප්‍රවේශය අඩු වන අතර එමඟින් ඔවුන්ගේ වෘත්තීය වර්ධනය සීමා කළ හැකිය. වෘත්තීය දියුණුව සඳහා ජාලකරණය ඉතා වැදගත් වන අතර, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය නොමැතිකම උපදේශකත්වය සහ අනුග්‍රාහකත්වය සඳහා බාධක ඇති කළ හැකිය.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයන්, සංවිධාන සහ ප්‍රජාවන්ගෙන් ඒකාබද්ධ උත්සාහයන් අවශ්‍ය වේ. කාන්තා අධ්‍යාපනය, රැකියා-ජීවිත සමතුලිතතාවය සහ සාධාරණ වැටුප් සඳහා සහාය වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන්, සමාජයට ආර්ථිකයේ ස්ත්‍රී පුරුෂ පරතරය වසා දැමීම කරා ගමන් කළ හැකිය.
අලි මිනිස් ගැටුමේ අදුරු පැතිකඩ
අලි මිනිස් ගැටුමේ අදුරු පැතිකඩ
මානුෂීය ක්‍රියාවන් පාදක කරගෙන උත්පාදනය වනු ලබන ආපදා පොදුවේ මානුෂීය ආපදා වේ. මිනිසාගේ නොදැනුවත්කම, නොසැලකිල්ල යන ආදිය මානුෂිය ආපදා උත්පාදනය කෙරෙහි බලපායි.කෙසේ උත්පාදනය වුවද ස්වභාවික ආපදා මෙන්ම මානුෂීය ආපදා ද මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට බලපෑම් එල්ල කිරීමට සමත්ව තිබේ. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ "මැඩියාව" නමැති ගමේ අලි මිනිස් ගැටුම නිසා ජීවිතයට සමුදුන් විසි හැවිරිදි තරුණයෙකුගේ සිදුවීම පිළිබඳව එම ග්‍රාමයේ ග්‍රාමසේවකතුමිය දැක්වූ අදහස් මෙම සාකච්ඡාවට පසුබිම් වී තිබේ.
නිවේදකයා-ආයුබෝවන් මහත්මිය. මෑත කාලීනව වල් අලි තර්ජනය නිසා ඉතා අවාසනාවන්ත ලෙස තම ජීවිතයට සමුදුන් තරුණයකු පිළිබඳව කතා පුවතක් මෙම ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණා.ඔබතුමියට ඒ ආපදාවේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන්න පුළුවන්ද?
ග්‍රාමසේවකතුමිය-ආයුබෝවන්. ඔබතුමා පැවසූ ආකාරයට මෑත කාලයේ පමණක් නොව අද වන විටත් මෙම ප්‍රදේශය තුළ ජනතාව මුහුණ දෙන ආපදාවක් ලෙසට අලි තර්ජනය හෙවත් වල් අලි ගම් වැදීම හඳුන්වාදීමට පුළුවන්. මෑත කාලීනව ගම් ප්‍රදේශයේ විසි හැවිරිදි තරුණයෙක් වල් අලි තර්ජනය නිසා තම ජීවිතයට සමුදුන් සිදුවීමක් සිදුවුණා. මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීම එම තරුණයා උසස් අධ්‍යාපනය හොඳින් අවසන් කර විශ්ව විද්‍යාල වරම් ලබා සිටි තරුණයෙක් වීමයි.
නිවේදකයා-ග්‍රාමසේවක
තුමිය ලෙසට මේ අවස්ථාවේ ඔබතුමියට දැනුණු අදහස කුමක්ද?
ග්‍රාමසේවකතුමිය-අදටත් මතකයට නැගෙන විට පවා හද කම්පා කරවන සිදුවීම් අතරට මෙම ආපදාව එකතු කරන්න පුළුවන්. මෙම තරුණයාගේ පවුල් පසුබිම පිළිබඳව පැහැදිලි කළොත් අගහිකම්වලින් වගේම ආර්ථිකමය දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය පවත්වාගෙන ගිය පවුල් පරිසරයක් පැවතුණේ. මෙම ආපදාව දෙමව්පියන්ගේ පමණක් නොව මුළු ප්‍රදේශයක ජනතාවගේ නෙත්වලට කඳුළක් එකතු කිරීමට සමත් වුණා. අධ්‍යාපනයට උපන් හපන්කම් දැරූ මෙම තරුණයා අකල් මරණයට ගොදුරු වීම ඉතාම සංවේදී සිදුවීමක් වුණා.
නිවේදකයා-මෙම ආපදාව නිසා ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව ඔබතුමියට කෙටි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
ග්‍රාමසේවකතුමිය-මෙහිදී ජීවිත හානි පමණක් නොවෙයි ඔවුන්ගේ කුඹුරු අස්වැන්නට ද හානි සිදුවූ ආකාරය දැක ගැනීමට පුළුවන් වුණා. මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කලොත් පෙර දින රාත්‍රියේ කුඹුරුවලට සිදුවූ හානිය දැක බලා ගැනීමට මෙම තරුණයා ගමේ අනෙකුත් පිරිස් සමග
සහභාගී වී තිබෙනවා. උදෑසන අටට පමණ ඔවුන් කුඹුරු යායවල් වෙතට ළඟාවන විට අලි රංචුවකින් වෙන්ව සිටි (සම්ප්‍රදායේ තනි අලියා ලෙසට හඳුන්වන) අලියකුගේ ප්‍රහාරයකට ලක්වී අවාසනාවන්තව ජීවිතයට සමුදීමට ඔහුට සිදුවුණා. මෙහිදී ඔහුගේ ජීවිතයට පමණක් නොව ඔවුන්ගේ කුඹුරු යායවල්වලට එනම් ආර්ථිකමය වශයෙනුත් හානි සිදුවී තිබුණා.
නිවේදකයා-ඔබතුමිය පැවසුවා ජීවිත හානි මෙන්ම ආර්ථිකමය වශයෙන් හානි වලට ද ඔවුන්ට මුහුණ දෙන්න සිදුවූ බව. මෙම ආපදා අවස්ථාවේ ඔවුන්ට නැවත නැගී සිටීමට උපකාර කළේ කවුද?
ග්‍රාමසේවක තුමිය-මෙම ආපදාව අවස්ථාවේ ඔවුන්ට මානසිකමය වශයෙන් විශාල කඩා වැටීමක් සිදුවුණා. මම ඉහතදී සඳහන් කළ ආකාරයට ඔවුන් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළේ. කුඹුරු ගොවිතැන් ප්‍රධාන ජීවනෝපාය වූ නිසාම කුඹුරුවලට සිදුවූ හානියට වඩා වැඩි හානියක් තම දරුවා අනපේක්ෂිත ලෙස ජීවිතයට සමුදීමෙන් ඔවුන්ට අත්විඳීමට සිදුවුණා. මේ අවස්ථාවේදී ගමේ පවතින සමිති සමාගම් මෙන්ම විවිධ ආයතන මඟිනුත් ඔවුන්ට ආධාර උපකාර ලබාදීම මෙන්ම අවමංගල කටයුතුවලදීද විශාල සහයෝගයක් ලබා දුන්නා. පෞද්ගලිකව මේ අවස්ථාවේ ග්‍රාමසේවකතුමිය ලෙසට මමත් ඔවුන්ට හැකි සහයෝගය ලබා දුන්නා.
නිවේදකයා-ඔබතුමිය මුලින් පැවසූ ආකාරයට මෙම ප්‍රදේශය තුළ නිරන්තරයෙන්ම අලි තර්ජන වලට මිනිසුන් මුහුණ දෙනවා. ඔබතුමියට මෙම ආපදාවට හේතුවන පසුබිම පිළිබඳව යම් අදහසක් පවතිනවාද?
ග්‍රාම සේවක තුමිය-ඔව් ඇත්ත වශයෙන්ම නිරන්තරයෙන් මෙම ප්‍රදේශය තුළ සිදුවන අලිතර්ජනය මිනිසුන්ගේ ජීවිතවලට පමණක් නොව දේපළවලටත් හානි පමුණුවනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළොත් මිනිසා සහ අලියා යන දෙපාර්ශවය සොබාදහමේ නිර්මාණයන් දෙකක්. මිනිසා විසින් තම අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ වනාන්තර එළි පෙහෙළි කිරීම, වනාන්තර ආශ්‍රිතව මිනිසුන් පදිංචි වීම මෙම අලි මිනිස් ගැටුමට ප්‍රබල හේතුවක්. මෙහිදී මිනිසුන් කොට්ඨාසයක් පමණක් මෙම කර්තව්‍ය සඳහා දායක වෙලා නැහැ.නමුත් මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවක් ලෙසට නොදැනුවත්භාවය දක්වන්න පුළුවන්. මිනිසුන් මේ පිළිබඳව දැන සිටීම මෙම ආපදා අවම කිරීමට හේතු වෙනවා.
නිවේදකයා-ඔබතුමිය පැවසූ ආකාරයට මෙවැනි ආපදා අනාගතයේදී සිදු නොවීමට මේ වන විට කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වැඩසටහන් පවතිනවාද?
ග්‍රාමසේවකතුමිය-ඔව් මේ වන විටත් විවිධ වැඩසටහන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජය මගින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් කිහිපයක්ම පැවතුණා. ඒ වගේම ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ හණ ශාකය වැටක් ලෙසට ඉදිකිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා. වල් අලි හණ ශාකයට දක්වන බිය නිසාම රාත්‍රී කාලයේදී ගම් වැදිම, කුඹුරු වලට හානි කිරීම ආදිය වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ගය උපකාරී වී තිබෙනවා. ඒවගේ ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වල් අලි බියගැන්වීමට රතිඤ්ඤා, අලි වෙඩි ආදිය නොමිලේ ලබා දීමත් සිදු කර තිබෙනවා. එමෙන්ම ආර්ථිකමය වශයෙන් සවිමත් මිනිසුන් විදුලි අලි වැට ස්ථාපනය කිරීමටද යොමුවී තිබෙනවා.මෙවැනි ක්‍රියාමාර්ග මගින් අලි මිනිස් ගැටුම අවම කිරීමට යොමු වී තිබෙන ආකාරයක් දකින්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ද මේ ආකාරයට දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
නිවේදකයා-මෙම ආපදාව පිළිබඳව ඔබතුමියගේ අදහස් ඔස්සේ ආපදාව පිළිබඳව තොරතුරු අප සමග බෙදා ගනිමින් ඔබතුමිය දැක්වූ සහයෝගයට මාගේ හද පිරි ස්තුතිය ඔබතුමියට පුදකර සිටිනවා. ආයුබෝවන්..!
ග්‍රාමසේවකතුමිය-ස්තුතියි.
ආයුබෝවන්..!
අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය, මින්නේරිය, යාපහුව, සූරියවැව ආදී ප්‍රදේශ ගණනාවක් මුහුණපා සිටින අලි මිනිස් ගැටුම මිනිසුන් අතර පිළිලයක් බඳු මානුෂීය ආපදාවක් බවට පත්ව තිබේ. දැනුවත්භාවය හා බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් රටෙහි අනාගත පරපුර මෙන්ම දේපළ ආදිය අලි මිනිස් ගැටුමෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු නොඅනුමානය.
පුරුෂාධිපත්‍ය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය
පුරුෂාධිපත්‍ය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය
*පිරිමින්ගේ පාප කඳට*
*දෝස විඳින ළඳුනේ*
*අඳුරේ පව් කරන දනා* *එළියෙ රවන ළඳුනේ*
*ළැම පමණක් ලොවට* *පෙනෙන*
*ළය නොපෙනෙන* *ළඳුනේ*
*කුහුඹුවකුට වරදක්* *නැති*
*වැරදිකාර ළඳුනේ*
ගායන ශිල්පී අමරසිරි පීරිස් විසින් ගායනා කරන පුරුෂාධිපත්‍ය රජයන සමාජයක නිර්දෝෂි කාන්තාවකට එල්ල කරන අපවාදය යුක්ති සහගත ද ??
*පුරුෂාධිපත්‍යය සංස්කෘතිය තුළ කාන්තා ජීවිතය*
පුරුෂාධිපත්‍ය සංස්කෘතීය තුළ, කාන්තාවන්ගේ ජීවිත බොහෝ විට හැඩගස්වා ඇත්තේ දැඩි ස්ත්‍රී පුරුෂභාවයේ භූමිකාවන්, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සීමා කිරීම, වෘත්තීය අවස්ථා සහ තීරණ ගැනීමේ බලය සීමා කිරීම, බොහෝ විට ඔවුන්ට ගෘහ රාජකාරිවලට ප්‍රමුඛත්වය දීමට සහ තම පවුලේ පිරිමින්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට බල කිරීම තුළය. මෙය අඩු වයසින් විවාහ වීම, ඇඳුම් පැළඳුම් තේරීම් සීමා කිරීම සහ හැසිරීම් සහ හැසිරීම් සම්බන්ධ සමාජ අපේක්ෂාවන් හරහා ප්‍රකාශ විය හැක.
⭕පුරුෂාධිපත්‍යය කාන්තා ජීවිතය හැඩගස්වන ප්‍රධාන මාර්ග:
➡️සීමිත අධ්‍යාපන අවස්ථා:
පුරුෂ මූලික සමාජයන් බොහෝ විට පිරිමි ළමයින්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ගැහැණු ළමයින් අඩුවෙන් පාසල් යාමට හේතු වන අතර උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය මාර්ගවලට ඔවුන්ගේ ප්‍රවේශය සීමා කරයි.
➡️මුල් විවාහය සහ දරු ප්‍රසූතය
යොවුන් වියට පා තැබූ විගස විවාහ වීමට සහ දරුවන් ඇති දැඩි කිරීමට ප්‍රමුඛත්වය දීමට ඇති පීඩනය, ඉතා කුඩා වයසෙන් මවක් වීමට සිදුවීම.
➡️වෘත්තීය අභිලාෂයන්.
විවිධ සංස්කෘතීන් හරහා තරුණියන්ට වෘතීයන්වල නියැළීමට ලබාදෙන ඉඩකඩ අවම කර ඇත.සීමාවන් පනවා ඇත.
➡️මූලික වගකීමක් ලෙස ගෘහස්ථ භූමිකාවන්ට කාන්තාවන් සීමාකර තිබීම.
කාන්තාවන් බොහෝ විට ගෙදර දොරේ වැඩ සහ ළමා රැකවරණය කළමනාකරණය කිරීම කළ යුතු බවට සම්මතයක් යම් සංස්කෘතීන් හරහා සමාජගත කර ඇත. අනෙකුත් ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ දායකත්වයට සුළු පිළිගැනීමක් ඇත.
➡️තීරණ ගැනීමේ පිරිමි අධිකාරිය:
පුරුෂ මූලික ව්‍යුහයන් බොහෝ විට පවුල තුළ මූලික තීරණ ගන්නන් ලෙස පිරිමින් උස් කොට සළකයි.වැදගත් කාරණාවලදී කාන්තා නියෝජිතායතනය සීමා කරයි.
➡️සමාජ අපකීර්තිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති:
"ස්ත්‍රී" හැසිරීම් පිළිබඳ සමාජ අපේක්ෂාවන් කාන්තාවන්ගේ ඉදිරිපත්වීම් සීමා කළ හැකි අතර පොදු ජීවිතයට ඔවුන්ගේ සහභාගීත්වය සීමා කළ හැකිය.
➡️ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය:
ගෘහස්ත හිංසනය ඇතුළු කාන්තාවන්ට එරෙහි හිංසනය සාමාන්‍යකරණය කිරීමට පුරුෂාධිපත්‍ය සම්මතයන් දායක විය හැක.
➡️කාන්තාවන්ගේ ජීවිතයට බලපෑම්:
ආර්ථික යැපීම:
අධ්‍යාපනයට සහ රැකියා අවස්ථා සඳහා ඇති සීමිත ප්‍රවේශය පිරිමි සහකරුවන් මත මූල්‍යමය යැපීමට හේතු විය හැක.
හීන ආත්මඅභිමානය:
අභ්‍යන්තර සමාජ අපේක්ෂාවන් කාන්තාවන්ගේ ආත්ම-වටිනාකම සහ විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.
➡️අධ්‍යාපනය: සමහර පුරුෂ මූලික සමාජවල, ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට සීමිත ප්‍රවේශයක් තිබිය හැකිය, නැතහොත් සාම්ප්‍රදායිකව ස්ත්‍රීවාදී යැයි සැලකෙන හෙද සේවය හෝ ඉගැන්වීම වැනි අධ්‍යයන ක්ෂේත්‍ර හැදෑරීමට දිරිමත් කළ හැකිය. මෙය ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සහ ඉපැයීම් සීමා කළ හැකිය.
ඇෆ්ගනිස්ථානය: තලේබාන් පාලනය යටතේ, කාන්තාවන්ට ඔවුන්ගේ නිදහසේ ගමන් කිරීම, අධ්‍යාපනය සහ රැකියා සඳහා දැඩි සීමාවන්ට මුහුණ දීමට සිදුවේ. ඔවුන් ප්‍රසිද්ධියේ බුර්කා පැළඳිය යුතු අතර, බොහෝ රැකියා තහනම් කර ඇති අතර, ගැහැණු ළමයින්ට ප්‍රාථමික පාසලෙන් ඔබ්බට අධ්‍යාපනය ලැබීමට බොහෝ දුරට ඉඩ නොලැබේ.
➡️දේශපාලනය සහ නායකත්වය:
පුරුෂ මූලික සංස්කෘතීන් තුළ දේශපාලනය සහ නායකත්ව තනතුරු තුළ කාන්තාවන් බොහෝ විට අඩු නියෝජනයක් දක්වයි. තනතුරු සඳහා තරඟ කිරීමට, බලතල දැරීමට හෝ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ඔවුන්ගේ හඬ විවර කිරීම ඔවුන්ට බාධකවලට මුහුණ දීමට සිදු වීමට හේතුවක් විය හැක.
➡️විවාහ ජීවිතය
විවාහය සහ පවුල ඇතූළු ඔවුන්ගේ පෞද්ගලික සබඳතාවලදී සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන්ට අනුගත වීමට කාන්තාවන්ට පීඩනයට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩා තම සැමියාගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට හෝ ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ සඳහා මූලික වගකීම දැරීමට ඔවුන්ගෙන් අපේක්ෂා කළ හැකිය.
⭕රටවල් ආශ්‍රයෙන් උදාහරණ
➡️සෞදි අරාබිය:
මෑත කාලීන ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකූගේ අවසරයකින් තොරව රිය පැදවීමේ සහ ගමන් කිරීමේ හැකියාව වැනි වැඩි අයිතිවාසිකම් ලබා දී ඇතත්, සැලකිය යුතූ සීමාවන් තවමත් පවතී. කාන්තාවන් තවමත් රැකියාවේදී වෙනස්කම්වලට මුහුණ දෙන අතර, භාරකාරත්වය සහ පෞද්ගලික තත්ත්වය පිළිබඳ නීති බොහෝ විට පිරිමින්ට පක්ෂපාතී වේ.
➡️ඉන්දියාව:
නීතිමය ආරක්ෂාවන් තිබියදීත්, ඉන්දියාවේ කාන්තාවන් ගෘහස්ථ හිංසනය, ලිංගික අතවර සහ ඝාතන ඇතූළු ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ඉහළ අනුපාත අත්විඳිති. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය, රැකියාව යන්න ස්ත්‍රීන්ට නොගැළපෙන දෙයක් යැයි සම්මත කොට ඇත.
➡️ජපානය:
ජපානයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රබල සම්ප්‍රදායක් ඇති අතර, කාන්තාවන් බොහෝ විට තම වෘත්තීන්ට වඩා ගෘහස්ථ රාජකාරි සහ ළමාරක්ෂණයට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම නායකත්ව තනතුරු වල කාන්තා නියෝජනය අඩු වීමට හේතුවක් වී ඇත.
➡️නයිජීරියාව: නයිජීරියාවේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන් උතූරේ, කාන්තාවන් අධ්‍යාපනයට සහ ආර්ථික සහභාගීත්වයට සංස්කෘතික හා ආගමික බාධකවලට මුහුණ දෙයි. ඔවුන් ළමා විවාහ, කාන්තා ලිංගික අවයව ඡේදනයට සහ බහු විවාහයට භාජනය විය හැකිය.
➡️බ්‍රසීලය: බ්‍රසීලය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතියක් ලබා ඇතත්, වැටුප් අසමානතාවය, දේශපාලනයේ අඩු නියෝජනය සහ විශේෂයෙන් කළු කාන්තාවන්ට සහ LGBTQ+ කාන්තාවන්ට එරෙහි ඉහළ ප්‍රචණ්ඩත්ව අනුපාත වැනි අභියෝගවලට කාන්තාවන් තවමත් මුහුණ දෙයි.
පුරුෂ මූලිකත්වය යනු විවිධ සංස්කෘතීන් සහ සන්දර්භයන් තුළ වෙනස් ලෙස ක්‍රියාත්මක වන සංකීර්ණ හා බහුවිධ බල පද්ධතියකි.
මග මරුවන්ගෙ අතීතාවර්ජනය
තම යුග දිවිය කෙසේ හෝ පොදිබැදගෙන සිනහවෙන් ජීවිතය පුරවා ලීමට වෙර දැරීමට පියමං තබන්නා වූ අවු.39 ක් පමණ වයැසැති යුවලකට තලවතුගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු අකරතැබ්බයේ අදුරු මතක මදක් ඔබ හමුවේ මෙලෙස දිහ හැරේ.(මෙය සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් ගෙතුනු සිදුවීමක් වන අතර මෙහි යෙදෙන නම් ගම් මනංකල්පිත වේ.)
නිවේදකයා : ආයුබෝවන් මහත්මිය..මට ප්‍රථමයෙන්ම ඔබට සිදු වූ මානූශීය ආපදාව කවරාකාරයේ ආපදාවක්ද යන්න දැන ගැනීමට පුලුවන්ද ?
මහේශිකා මහත්මිය: 2010 වර්ශයේ දී තලවතුගොඩ සිට
කිඹුලාවලට යන මාර්ගයේ මම සහ මගේ සැමියා රැකියාවට ගොස් හවස 4 ට පමණ යතුරුපැදියෙන් නිවස බලා පිටත් වීමේදී මත්පැන් බී ධාවනය කල මෝටර් රථයක ගැටී මෙම අනතුරුට ලක් විය.
නිවේදකයා : එම ආපදාව සිදු වූ අවස්තාවේ ඔබට දැනුණු හැගීම කුමනාකාරයේද?
මහේශිකා මහත්මිය : ඇත්තටම මට ඒ වන විට වයස අවු 10 ක පුතෙක් සහ අවු.3 ක පුංචි පුතෙකුත් හිටියා. මගේ ජීවිතයම එම අවස්තාවේ මට අහිමි වුනා යැයි හැගීමත් සමග මට මතක් වුනේ මගේ දරුවෝ දෙදෙනායි.
නිවේදකයා: එයින් ඔබට කුමනාකාරයේ අහිමිවීමක් සිදු වූයේද? (ජිවිතයට හෝ දේපළ,)
මහේශිකා මහත්මිය : ඒ අවස්තාවේ මම අඩි 10ක් පමණ ඉහළින් ඈතට විසි වී බිම වැටුණු අතර එයින් මාගේ දකුණු පාදයේ කලවා අස්ථිය බිදී ගියා. එමෙන්ම මගේ සැමියාගේ අතේ මැණික් කටුව ආසන්නයේ බිදී ගිය අතර පාදයේ වළලුකර ද බිදී ගියහ. අපි ගමන් කල යතුරු පැදිය නම් මුලුමුණින්ම ඒ අවස්තාවේ විනාශ වී තිබුනා.
නිවේදකයා : ඔබලාට එයින් මානසිකව ආබාධයන් ඇති වූවාද?
මහේශිකා මහත්මිය : එම අවස්තාවේ වැඩි වශයෙන් මම අනතුරට ලක් වූ අතර එයින් විශාල කම්පනයකට ද මා භාජනය විය.එයට මා මානසික වෛද්‍යවරයෙකුගෙන්ද මාස 5ක් පමණ ප්‍රතිකාර ලබා ගත්හ.
නිවේදකයා : ඔබ දෙදෙනා එහිදී ශල්‍යකර්ම සදහා යොමු වූවාද?
මහේශිකා මහත්මිය : ඔව් අපි දෙදෙනාම එදිනම සැත්කමකට භාජනය වුනා.
නිවේදකයා : දිගු කාලීනව ලෙඩ රෝග ඇති වූවාද?
මහේශිකා මහත්මිය : ඔව්.එයින් පසුකාලීනව ඇති වූ අතුරු ප්‍රතිඵලයක් ලෙස මාගේ පෙනහලු වල වතුර පිරී ඇති රෝගය වැළදුණි. මා තවමත් එම රෝගය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.
නිවේදකයා: ආර්ථිකමය වශයෙන් ඔබ එම අවස්තාවේ කඩා වැටීමක් සිදු වූවාද?
මහේශිකා මහත්මිය : ඔව්. රැකියාව කිරීමට හැකියාවක් නොහැකි වූ නිසා අර්ධ පඩි සහිත නිවාඩු මටත් මගේ සැමියාටත් හිමි විය. එහිදී විවිධ මූල්‍ය ආයතන මගින් ණය මුදල් ලබා ගත් අතර පොලී මුදල් ගෙවීමේදී ද අසීරුතාවයකට ලක් විය.
නිවේදකයා : ආර්ථිකමය වශයෙන් නැවත් නැගී සිටීමට උදව් කරේ කවුරුන්ද?
මහේශිකා මහත්මිය : මගේ සැමියගේ හිතවතුන් පිරිසක් අපිට මූල්‍යමය වශයෙන් එම ණය ගෙවා දැමීමට උදව් උපකාර කලා.
නිවේදකයා : ඔබ දෙදෙනා නැවත යථා තත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වුනිද?
මහේශිකා මහත්මිය : මගේ ශල්‍යකර්මයෙන් පසු වසර එකහමාරක් ක් වගේ කාලයක් එයට ගත වුණා.නමුත් තවමත් ඒ පාදයේ වේදනාව තිබෙනවා. ඇවිදින්න තවමත් අපහසුයි. වැඩි වේලාවක් සිටගෙන සිටීමට හැකියාවක් නැත.
නිවේදකයා : එම අනතුරෙන් ඔබට කුමනාකාරයේ අත්දැකීමක් හිමිවූයේද?
මහේශිකා මහත්මිය : කොතරම් අසරණ වුවත්, අපි පෙර ජීවත් වුනා වගේ ජීවිතය සෑම පැතිකඩකින්ම නැවත ගොඩනගා ගැනීම කොතරම් අසීරුද යන්න වැටහුණා. ඒ අනතුරෙන් පසුව මම මගේ දරුවෙක්වත් යතුරු පැදියක් ධාවනය කරනවාට අපි දෙදෙනාම අකමැතියි.එය අපිට දැනුණු තත්වෙත් සමග ඒක අපි දෙදෙනාටම එතරම් අමිහිරි කම්පනයකට ලක් වූ අවස්ථාවක් කිව්වොත් මා නිවැරදියි.
නිවේදකයා : ඔබ එම අවස්ථාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වූයේද?
මහේශිකා මහත්මිය : ඔව් අපි වසර 12 ක් පමණ ඒ සදහා නඩු විභාග කර ඒ කටයුතු සමග පැටලී සිටියහ. අපිට වන්දි මුදල් ලැබුනත් අපි දෙදෙනාගේම ජීවිතයට සිදු වූ පාඩුව එයින් පරිපූර්ණ වූයේ නම් නැත.
නිවේදකයා: එයින් ඔබට සාධාරණයක් ඉටු වූයේද?
මහේශිකා මහත්මිය : ඔව් එක් අතකින් අපට සාධාරණයක් ඉටු වුවත් එම වරදකරු පසුව අප සමග වෛරයෙන් පසු කාලීනව තරහ පිරිමැහීමට තර්ජනාත්මක තත්වයක් ද විටෙක ඇති විය.
නිවේදකයා : නීතිමය පියවර ලබා ගැනීමේදී ඔබ මුහුණ දුන් ගැටලු පැවතියේද? ඒ මොනවාද?
මහේශිකා මහත්මිය : ඔව් වරදකරු බීමතින් වාහනය ධාවනය කරත් ඔහුට තිබූ මුදල් බලය භාවිතා කොට නීතියේ රැහැනෙන් ඔහු ගැලවී සිටියහ. නීතියෙන් ද ඔහුට දඩුවමක් ලබා දුන්නේ නැත. නීතිය භාවිතා කරමින් ඒ පිටුපස සිටින බලධාරීන් සැබෑ වරදකරුවත් සමාජයෙන් වසන් කිරීමට තැත් කරන බව අපට එයින් අනාවරණය විය. අපට පසුව තර්ජනාත්මක තත්වයක් මත ද එයට නීතියෙන් සාධාරණයක් ඉටු වූයේ නැත.
නිවේදකයා : ඔබ මෙම අවස්තාවේ වර්තමානයේ ගෙවන මෙම ජීවිතය ඔබට හැගෙන්නේ කෙසේද?
මහේශිකා මහත්මිය : ආසාධාරණකම් සමාජයෙන් සිදු වුවත් අපට උපකාර කල පිරිසක් ද අප සමගම සිටියහ. එය අපිට අදටත් සතුටු විය හැකි කාරණාවක්. තවමත් එම රෝග වලින් පීඩාවන් වලට ලක් වුවත් අද අපි එය හොද අත්දැකීමක් කරගෙන සුදුසු ආර්ථික මට්ටමකින් අපි අද ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යනවා.
නිවේදකයා : දැනට අවු.14 කට පමණ පෙර සිදු වූ ඔබ දෙපළගේ අදටත් සිහි කිරීමට අකමැති මෙම අනතුර පිළිබදව සහකම්පනයෙන් යුතුව අප හට කරුණු ඉදිරිපත් කිරීම පිළිබදව ඔබතුමියට ස්තූතිවන්‍ත වෙනවා..
Saturday, February 8, 2025
කන්දක් තරමට වැලලී යන ජීවිත කදු
කන්දක් තරමට වැලලී යන ජීවිත කදු
ස්භාදමි මාතාව අපගේ ජීවිතය වලට විටෙක ආලෝකය ගෙන එන අතර විටෙක අදුර ගෙන එයි ඒවා අපේ ජීවිත වලට අනපේක්ෂිත ලෙස බලපෑම් ඇති කරයි. එවන් කුරිරු අත්දැකීමකට ලක් වී පීඩා විඳි කලවාන- දිගන ප්‍රදේශයේ කදුඵ කතාව අසා බලමු.
නිවේදකයා: ආයුබෝවන් මාමේ ! ඔබ මේ මුහුණ දී තිබෙන ආපදා තත්වය ගැන මට තොරතුරු ටිකක් දැන ගන්න පුළුවන් ද? මෙ මුහුණ දී තිබෙන ස්වාභාවික ආපදා තත්වය කුමක්ද?
ගම්වැසියා: ආයුබෝවන් පුතාට ! ගිය වසරේ සිදු වූ නායයාම් තත්වය නිසා ජීවිත හා දේපල හානි රැසක් සිදු වුනා.
නිවේදකයා: ආපදාව නිසා ඔබට අහිමි වූයේ මොනවාද?
ගම්වැසියා: ජීවිත හානි; පවුල් ගණනක ජීවිත හානි සිදු වී ම මාගේ පවුලේ එක් අයෙකුට විදුලි සැර වැදීම.
දේපල හානි: නිවාස කැඩීම, ගස් නිවෙස්වලට කඩා වැටීම, ගමේ විහාරස්ථානයට ද හානි වුනා.
නිවේදකයා: ඒ හේතුවෙන් ඔබ මානසික පීඩාවකට ලක් වූ වාද?
ගම්වැසියා: ඔව් දැඩි ලෙස සිත් තැවුලට පත් වුණා .
නිවේදකයා: එම අවස්ථාවේ ඔබට ඇති වු හැගීම් කෙසේද?
ගම්වැසියා: ජීවිතය පිලිබඳව බිය ඇති වුනා. මාගේ සමීපතමයන් ගැන බිය ඇති වුනා. දේපල හානි වීම නිසා සිත්තැවුල් ඇතිවුනා.
නිවේදකයා: ආපදාව නිසා ඔබට ලැබුන අත්දැකීම් මොනවාද?
ගම්වැසියා: ජීවිතයක ඇති වටිනාකම දිවි බේරා ගැනීමට දරන උත්සාහය තේරුම් ගියා , ආපදා අවස්ථාවේ කටයුතු කලයුතු ආකාරය පිළිබඳව අත්දැකීම් ලැබුනා.
නිවේදකයා: ආපදාවෙන් පසු ඔබගේ ආර්ථික තත්වය කෙසේ වීද?
ගම්වැසියා: පුධාන ආදායම් මාර්ගය තේ නිසා එය විනාශ වීම නිසා සිත්තැවුල් ඇතිවීම වෙනත් රැකියාවක් කිරීමට සිදු වුනා. අනිත් ගමෙහි සමීපතමයන්ගෙන් මුදල් ලබාගැනීමට සිදු වුනා.
නිවේදකයා: සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දුන්නා ද?
ගම්වැසියා: ඔව් පුතේ සනීපාරක්ෂාවට බාධා ඇති වුනා..
.උණ රෝගය පැතිරීම
බීමට තිබු ජල මූලාශ්‍ර විනාශ වීම නිසා බාධා ඇති වුනා..
නිවේදකයා: ආපදාව සිදු වු අවස්ථාවේ ආරක්ෂා වුණේ කෙසේද?
ගම්වැසියා: ආරක්ෂිත ස්ථානයක් කරා යාමට සිදු වීම
නිවේදකයා: නැවත පදිංචි වීමි සිදු වූ වාද?
ගම්වැසියා: නැත. නමුත් විනාශයට පත්වූ නිවාස ඉදිකිරීම කරන තෙක් ආරක්ෂිත ස්ථානයට වී සිටීමට සිදු වුනා. අනෙක් ගමේ ගම්මුන් රජයේ නිලධාරීන් එක්ව තාවකාලිකව සිටීමට ස්ථානය තනවා දීමට කටයුතු කරා..
නිවේදකයා: එම ස්ථානයේ නැවත පදිංචි වීමේදී ගැටලු ඇති වුවාද?
ගම්වැසියා: ඔව් පුතේ, මගේ නිවසේ එක් පැත්තකට හානි වු නිසා එය පිලිසකර කර ගැනීමේදී ගැටලු ඇති වුනා.
.නිවසෙහි ඇති භාණ්ඩ අතවශ්‍ය දෑ විනාශ වීම නිසා අපහසුතා ඇති වුනා.
විදුලිය ඇන හිටීම , ජල මූලාශ්‍ර විනාශ වීම නිසා අපහසුතාවයට පත් වුනා.
නිවේදකයා: නායයාමෙන් පසු නැවත පදිංචි වීමේදී ඔබට ඇති වු හැගීම් කෙසේද?
ගම්වැසියා: අන්තර් සබඳතා බිද වැටීමී වීම.
තේ වගාවට හානි වීම නිසා දැඩි කනස්සල්ලෙන් පත්වූ නිසා නැවත පැල වගාව කර ආදායමක් උපයා ගන්නේ කවදාදැයි කියා සිතින් කඩා වැටුනා..
මුදල් උපයා ගැනීමට වෙනත් රැකියාවක් කිරීමට සිදු වුනා .
. නැවත මුදල් සොයා ගැනීමට මහලු උදවියට පවා කුලී වැඩක් හෝ කිරීමට සිදු වුනා.
නිවේදකයා: ආපදා අවස්ථාවෙන් පසුව නැවත යථා තත්වයට පත්වීමට කොපමණ කාලයක් ගියේද?
ගම්වැසියා : වසරක පමණ කාලයක් ගියා
රජයේ ආධාර මත නැවත තේ වගාව පිලිසකර කර ගැනීමට හැකි වුනා.
නිවේදකයා: මා සමඟ ඔබගේ වටිනා කාලය කැප කර අදහස් එක් කලාට ස්තුතියි මාමේ
මෙවැනි ස්වාභාවික ආපදාවක් තුලින් මිනිස් , දේපල මෙන්ම පාරිසරික හානි සිදුවෙ නමුත් මෙම ආපදා තත්වයන් නවතාලිය නොහැකි අතර පෙර සූදානමෙන් වන හානිය යමි ලෙසකට අවම කර ගත හැකිය.එයට ගම්වාසීන් මෙන්ම වගකිවයුතු නිලධාරීන් එක්ව කටයුතු කළ යුතුය
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය
*ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...

-
Safe Guard Phase - 1 Session - 1 காஸா மீதான தாக்குதல் காட்டுமிராண்டித்தனமான அடக்குமுறையை வெளிக்காட்டி நிற்கும் தேசிய இனப்பிரச்சினையாகவும்,பூ...
-
තිරසාර කසළ කළමණාකරණයක් ඔස්සේ විසිතුරු භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කරන සන්නාම සහ එමගින් සමජායට ඇති කරන ධනාත්මක බලපෑම වර්තමානය වන විට ප්රතිචක්ර...
-
Safe Guard Phase - 1 Session - 1 “Food waste is a global tragedy. Millions will go hungry today as food is wasted across the world.” ...