Thursday, January 30, 2025
Wednesday, January 29, 2025
International Day Of Clean Enegry
🛑අප ජීවත් වන්නා වූ ලෝකය කාර්මිකරණයත් ගෝලීයකරණයත් සමඟ ශීඝ්‍රයෙන් දියුණු වන්නකි.නූතන කාර්මිකත්වය සහ පුද්ගලයන්ගේ අක්‍රමිකතා හේතු කොට ගෙන පරිසරය තුළ දූෂක කාරකයන් ඉහල යමින් තිබේ.මෙම පරිසර දූෂක පිළිබඳවත් ඒ සඳහා විකල්පයක් ලෙස පිරිසිදු බල ශක්තියේ වැදගත්කමත් මෙම ලිපිය තුළින් ඔබට අවබෝධ කරගත හැක.🛑
අන්තර්ජාතික පිරිසිදු බලශක්තිය දිනය ජනවාරි 26 දිනට යෙදී තිබේ.එය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි. මෙම දිනයේ මූලිකම අරමුණ බවට පත්ව තිබෙනුයේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කරලීමත් 2030 වන විට පිරිසිදු බලශක්තින් සියලුම ප්‍රජාව වෙත ලබාදීමත්ය. මෙම දිනයේ තවත් අරමුණු කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැක.
✅පරිසර හිතකාමී ශක්ති ප්‍රභව හඳුන්වාදීම.
✅බලශක්ති හිඟතාවය අවම කර ගැනීමට
✅වායුගෝලයේ කාබන් උත්සර්ජනය අඩු කිරීම
✅නව රැකියා අවස්ථා ඇතිකිරීම හා ආර්ථිකය නගා සිටුවීම
✅රටවල් අතර මෙම ශක්ති ප්‍රභව තාක්ෂණය හුවමාරු කර ගනිමින් ජාත්‍යන්තර සහයෝගය ඇතිකරලීමට
✅ප්‍රජාව බලගැන්වීම සඳහා
පිරිසිදු බලශක්තියක අවශ්‍යතාවය පැන නැගෙන්නේ ලෝකයේ පවත්නා බොහෝ ශක්ති ප්‍රභව සමාජයට මෙන්ම ජීව අජීව පරිසරයට හානිදායක ලෙස පවතින නිසාය. බොහෝ විට පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව මෙහි ප්‍රධාන මූල කාරකයන් වියහැක.
✅ගල් අගුරු
✅ඛනිජ තෙල්
✅නිවර්තන වායු
✅න්‍යෂ්ටික ශක්තිය
✅ඉන්ධන ද්‍රව යනාදී පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව හේතුකොටගෙන පරිසරයට සිදුවන්නා වූ හානිය ඉහළ යමින් පවතී.
මෙම ශක්ති මූලයන් අධිපරිභෝජනය හේතුකොට ගෙන බොහෝ රට වල් විවිධ අභියෝගයන්ට මුහුණ පාමින් සිටි. එබැවින් පිරිසිදු බලශක්තියක අවශ්‍යතාවය මෙහිදී පැන නගී.
පිරිසිදු බලශක්ති ප්‍රභව ලෙස මූලික වශයෙන්ම හඳුනාගෙන තිබෙනුයේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයයි. මේවා ස්වභාවික ශක්ති ප්‍රභව වන අතර කාලයක් සමඟ ක්ෂය වීමකට ලක් නොවන බැවින් බලශක්ති හිඟයට ඉතාමත් උචිත විකල්පයකි.එම පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් මෙසේ පෙළ ගැස්විය හැක.
✅සූර්ය ශක්තිය
සූර්ය බලශක්තිය යනු සූර්යාලෝකය විද්‍යුතය බවට පරිවර්තනය කිරීමයි. වර්තමානයේ ප්‍රමුඛ ලෙසම භාවිතයට ගැනෙන ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් ලෙස මෙය හඳුනාගත හැක.
✅ජල විදුලිය
ජලය පවත්නා ශක්තිය උපයෝගී කරගෙන ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවයි. මෙය පරිසර හිතකාමී මෙන්ම ලාභදායක ශක්ති ප්‍රභවයකි.
✅ජෛව ස්කන්ධ
පෘථිවිය මත ඇති ශාක හා සත්ත්වමය ද්‍රව්‍ය
ජෛව ස්කන්ධ වේ. ශාක, සත්ත්ව අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, ගෘහස්ථ අපද්‍රව්‍ය බලශක්තින් ලෙස නිර්මාණය කර ගත හැක. ජෛව ගෑස්,ජෛව ද්‍රව, ජෛව උෂ්ණ විදුලිය ,ජෛව කාබන් වායු නිපදවන්නේ මෙම ජෛව ස්කන්ධ තුළින්ය.
✅සුළඟ
අතීතයේ පටන්ම මිනිසා විසින් සුළගේ ශක්තිය උපයෝගී කරගත් අවස්ථා තිබේ. සුළං ශක්තිය මගින්ද විදුලිය නිපදවිය හැක. මෙමගින් කිසිදු වායු දුෂණයක් නොවන අතර ඉතාමත් පහසුවෙන් ලබා ලබාගත හැකිය.
✅භූ තාපය
පෘතුවියේ අභ්‍යන්තරයේ ඇති උණුසුම මගින් ලබාගත හැකි ශක්තියකි. භූතාපය මගින් ජලය රත් කරවන අවස්ථාවකට නිදසුනක් ලෙස උණු දිය උල්පත් ගත හැක.
මේ අන්දමට ගෝලීය බලශක්ති අභියෝගයන් වලට මුහුණ දීමටත් පාරිසරික හානිවලට විසඳුමක් ලෙසටත් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමටත් පිරිසිදු බල ශක්තිය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.පිරිසිදු බලශක්ති මාර්ග වෙත යොමුවීම මෙන්ම පරිසර හිතකාමි අනාගතයක් උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක් බව තහවුරු කරගත යුතුය.
ජන ජීවිතය උඩුයටිකුරු කළ කොරෝනා
අපගේ එදිනෙදා ජීවන රටාවට සෘජුවම බලපෑම් එල්ල කිරීමට ආපදාවලට හැකියාවක් පවතී. ස්වභාවික ආපදා ලෙසට දක්වනු ලබනුයේ ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් මිනිස් ප්‍රජාවට හෝ දේපළවලට මෙන්ම පරිසරයට හානි සිදුවන ක්‍රියාදාමයකි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ,මෑතකාලීනව ලෝකය පුරාම ප්‍රබලව ව්‍යාප්ත වූ කොරෝනා වෛරසයට ගොදුරු වූ පවුල් සාමාජිකයකු හා සිදුකරන ලද කතාබහ මෙම සාකච්ඡාවට පදනම වේ.
නිවේදකයා-ආයුබෝවන් මහත්මයා..! ඔබතුමා මුහුණ දුන් ආපදාව පිළිබඳව පැහැදිලි කිරීමක් අපට දැනගැනීමට අවශ්‍යයි. ඔබට ඒ පිළිබඳව අපට පැහැදිලි කර දීමට පුළුවන්ද..?
සංවාදයේ නියැලෙන්නා-ආයුබෝවන් මහත්මයා..! ඔව් පුළුවන්. ඔබතුමා ආපදාවක් පිළිබඳව අහද්දී ම මට මතක් වෙන්නේ මෑත කාලීනව, 2020 වසරේ පමණ මුළු ලෝකයටම පිළිලයක් වුණ කොරෝනා වසංගතය. චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වෙලා ලංකාව පුරාම පැතිරුණු මේ වසංගතය මෑත කාලීන විශාල ආපදාවක් බවට පත්වෙලා තිබුණා.
නිවේදකයා-මේ ආපදාව පිළිබඳව ඔබතුමා ඉතාම කලකිරීමකින් කතා කළේ. මම හිතන්නේ ඔබතුමාට මේ ආපදාව නිසා බොහොමයක් හානි සිදු වෙන්න ඇති ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද.?
සංවාදයේ නියැලෙන්නා-මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයෙක්. මගේ බිරිඳ සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ හෙද නිලධාරිණියක් ලෙසට. මගේ එක් දියණියක් අධ්‍යාපනය ලබන අතර අනෙක් දියණිය ආපදාවට ලක් වෙන කාලය තුළ අවුරුද්දක පමණ දරුවෙක්. බිරිඳ හෙද නිලධාරියක් ලෙස සේවය කිරීමත් සමඟ අපිට කොරෝනා වෛරසය වැළඳුනා. මෙහිදී බිරිඳගේ රැකියා කටයුතු සමග ආපදා කාලය තුළ බොහෝ ම පීඩාවන්ට මුහුණ දීමට සිද්ධ වුණා. ආපදාව නිසා ජීවිත හානියක් සිදු නොවුණත් මානසික වශයෙන් නිදහසක් නැතිවීම වගේම ශාරීරික වශයෙන් ඇතිවුණු විවිධ අපහසුතා හානි ලෙසට දක්වන්න පුළුවන්.
නිවේදකයා-මෙම ආපදාව නිසා ඔබතුමාට ඇතිවුණු බලපෑම පැහැදිලි කළොත්.?
සංවාදයේ නියැලෙන්නා-විශේෂයන්ම අවුරුද්දක පමණ දියණිය ආපදාවට ලක් වීම සමග ඇතිවුණු බිය වගේ ම රැකියාවට යාමට නොහැකි වීම සමඟ ආර්ථිකමය වශයෙන් ඇතිවුණු කඩා වැටීමත් ආපදාව නිසා ඇතිවුණු බලපෑම් විදිහට දක්වන්න පුළුවන්.
නිවේදකයා-ආපදාව සමඟ ඔබතුමාට ඇතිවුණු කායික හා මානසික ආබාධ පිළිබඳව පැහැදිලි කළොත්..?
සංවාදයේ නියැලෙන්නා-කොරෝනා වසංගතයේ රෝග ලක්ෂණ විදිහට හිසරදය,සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස,උගුරේ වේදනාව දක්වන්න පුළුවන්. කායික වශයෙන් ඇතිවුණු ආබාධ ලෙසට ඒවා දක්වන්න පුළුවන්.ඒ වගේම දරුවන් හා බිරිඳ අසනීප වීම සමග ඇතිවුණු බිය,රැකියාවට යාමට නොහැකි වීම සමඟ ඇතිවුණු ආර්ථික ගැටලු, නිවසේ ගෘහ මූලිකයා වශයෙන් ඇතිවූ මානසික පීඩනය ආපදාව සමග ඇතිවූ මානසික ආබාධ ලෙසට දක්වන්න පුළුවන්.
නිවේදකයා-ඔබතුමා මීට පෙර මේ වගේ ආපදාවක් පිළිබඳව අත්දැකීමක් ලබලා තියෙනවද..?
සංවාදයේ නියැලෙන්නා-නැහැ. මේ ආපදාව ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම අලුත් අත්දැකීමක් වුණා. ආපදා පිළිබඳව අත්දැකීම් ලබලා තිබුණට මේ වගේ වසංගතයක් පිළිබඳව මීට පෙර අත්දැකීමක් ලබලා තිබුණේ නැහැ. නමුත් ආපදාවට පෙර සමාජ මාධ්‍යය වගේම රූපවාහිනිය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත්වීමක් සිදුවෙලා තිබුණා.
නිවේදකයා-ඔබතුමා මෙම ආපදාව සමඟ නිශ්චිත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාම සිදුවුණාද.?
සංවාදයේ නියැලෙන්නා-ඔව් රැගෙන යාමක් සිදුවුණා. ඒ පිළිබඳව පැහැදිලි කළොත් මුල් දින කිහිපය තුළදී නිවසේ සිට නිරෝධායන කාල සීමාවක් තමයි තිබුණේ. නමුත් රෝගය උත්සන්න වීම සමග නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමක් සිදුවුණා. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සමග නිවසේදී ඇතිවුණාට වඩා කායික මෙන්ම මානසික වශයෙන් බලපෑමක් ඇතිවුණා.නිවසේදී නිරෝධායනය වූ කාලසීමාව තුළදී අසල්වැසියෝ වගේම නෑදෑයොත් ඔවුන්ට හැකි ආකාරයට ආහාර වලින්, බෙහෙත් වලින් අපේ සනිපාරක්ෂක පහසුකම් සපුරාලීමට කටයුතු කළා. මෙහිදී සිදුවුණේ නිවසේ ගේට්ටු අසලට ආහාර වගේම අනෙක් ද්‍රව්‍ය රැගෙන ඔවුන් තබා යෑමත් ඉන් පසුව අප විසින් ඒවා රැගෙන ඒමයි.
නිවේදකයා-ඔබතුමා පැවසු ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානවලදී නිවසේදී තිබූ මානසික පීඩාවට වඩා මානසික පීඩාව වැඩිවීමට හේතුව කුමක් ද.?
සංවාදයේ නියැලෙන්නා-පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වෙලා නිරෝධායනය වීම වගේම එහි තිබූ සනීපාරක්ෂක ගැටලු මානසික බලපෑමකට හේතුවුණා. ඒ වගේම ඇතැම් රෝගීන් මියයාම දැකීමත් සමග ඇතිවන බියත් නිරෝධායන මධ්‍යස්ථානයේදී මුහුණ පෑ ගැටළු විදිහට දක්වන්න පුළුවන්.
නිවේදකයා-මෙම ආපදාව දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට කුමන ආකාරයේ බලපෑමක් ද එල්ල කලේ.?
සංවාදයෙහි නියැලෙන්නා-ආපදා කාලය තුළ රට තුල පනවා තිබූ ලොක්ඩවුන් නීතියත් සමග අධ්‍යාපනයත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණේ. නමුත් මෙහිදී දරුවන්ට එම ඔන්ලයින් පන්තිවලටවත් සහභාගිවීමට හැකියාවක් තිබුණේ නැහැ.
නිවේදකයා-මෙම කාලසීමාව තුළදී ඔබට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපකාර සිහිපත් කළොත්.?
සංවාදයෙහි නියැලෙන්නා-මුලින්ම නිවසේදී නිරෝධායනය වන කාලසීමාව තුළදී අසල්වැසියන්ගෙන් මෙන්ම නෑදෑයන්ගෙන් ලැබුණු උපකාරය දක්වන්න පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට රජය මඟින් ලබා දුන්නු සහයෝගය වගේම නොමිලේ ප්‍රතිකාර කිරීමත් ඇතැම් අවස්ථාවල නිරෝධායන මධ්‍යස්ථානවල උපදේශන සේවාවන් ක්‍රියාත්මක වීම ආදියත් දක්වන්න පුළුවන්. ඊට අමතරව විවිධ බාහිර පාර්ශවකරුවන් සහනාධාර ලබාදීම් සමෘද්ධිය මගින් ආහාර මලු ලබාදීම ආදිය මඟින් විශාල දායකත්වයක් ලැබුණා. විවිධ පෞද්ගලික ආයතන මගිනුත් විවිධ සහනාධාර ලබාදීම් සිදුවුණා.
නිවේදකයා-මේ ආපදාව අවස්ථාවේදී රජය මගින් ආපදාව වැළැක්වීමට කුමන
ආකාරයේ පියවරක් ද අනුගමනය කළේ.?
සංවාදයෙහි නියැලෙන්නා-ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ අපදාව ලෝක වසංගතයක්. මේ අවස්ථාවේ රජයක් විදිහට විශාල වගකීමක් ඉටුවුණා. සෞඛ්‍ය අංශය වගේම සෑම අංශයක්ම ආපදාව වළක්වා ගන්න විශාල මෙහෙයක් ඉටු කළා කියලා කියන්න පුළුවන්. ආපදාව වළක්වා ගන්න විතරක් නෙවෙයි ආපදාවෙන් පසුවත් විවිධ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ ආපදාකරුවන්ගේ මානසික මෙන්ම කායික සෞඛ්‍ය යහපත් කිරීමට පැසසිය යුතු වගකීමක් ඉටුකළා.
නිවේදකයා-මෑත කාලීනව ඔබතුමා මුහුණ දුන්නු ආපදාවක් පිළිබඳව අපිත් සමග තොරතුරු බෙදා හදා ගනිමින් ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් මාගේ හද පිරි ස්තුතිය පුද කරනවා. ආයුබෝවන්..!
සංවාදයෙහි නියැලෙන්නා-බොහොම ස්තූතියි. ආයුබෝවන්..!
සොබාදහම් මාතාව වුවද විටෙක කුරිරු වී ස්වභාවික ආපදා ලෙසට අප වෙත පැමිණියද, දැනුවත්භාවය හා පෙර සූදානම තුළින් එවැනි ආපදා ජය ගැනීමට හැකිවනු ඇත.
අදෝනා නගන රළ පහර
මේ 2004 දී සිදු වූ සුනාමි ඛේදවාචකයේ අමිහිරි මතකාවර්ජනයකි.මෙම සිදු වීම බේරුවල ප්‍රදේශයේ අනතුරට ලක් වූ පුංචි කැදැල්ලක ආන්දෝලනාත්මක කතා බහක් පාදක කර ගනී.. (සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වූවකි.මෙහි යෙදී ඇති නම් ගම් මනංකල්පිත වේ.)
නිවේදකයා : ආයුබෝවන් මහත්මයා! ඔබ මීට වසර ගණනාවකට පෙර මුහුණ දුන් ආපදාව පිළිබදව දැනගන්න පුලුවන්ද?
කුමාර මහතා : ඔව්.අපි 2004 සිදු වූ සුනාමියට තමා මුහුණ පෑවේ.
නිවේදකයා : මෑතකාලීනව පසුගිය වසර 5 යන කාලය තුල ඔබ මුහුණ පෑ ස්භාවික ආපදා තිබේද?
කුමාර මහතා : ඔව් අපි 2024 වර්ශයේත් ගංවතුර ආපදාවකට ලක් වුනා.ඒ වන විට අපි කැලණියේ දලුගම අපේම
නිවාසයක තමා පදිංචි වී සිටියේ.
නිවේදකයා: ඔබ පෙර මුහුණ දුන් සුනාමි ආපදාව හේතුවෙන් ඔබට අහිමි වීම් සිදු වූයේද? ඒ මොනවාද?
කුමාර මහතා : ඔව් මගේ පොඩි පුතාට වයස අවුරුදු 5 දී මෙම සිද්ධියෙන් පසුව මතකය නැති වුනා.ඒ වගේම මගේ සහෝදරියගේ දරුවා අහිමි වුනා.දරුවට ඒ වන විය අවු.3 යි.
දේපළ ගැන කිව්වොත් අපි බේරුවල හිටියේ.අපේ ඒ ලයින් එකේම නිවාස විනාශ වුනා.
නිවේදකයා : එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැහීම ගැන අපිට කියන්න පුලුවන්ද ?
කුමාර මහතා : අපිට අපේ කියලා තිබුණු වටිනම දේවල් අපිට අහිමි වුනා..ඒ වගේම ගොඩාක් අසරණ වුනා.
නිවේදකයා : ආපදාව තුලින් කුමනාකාරයේ බලපෑමක් සිදු වූයේද?
කුමාර මහතා : මම සහ මගේ පවුලේ පිරිස ගොඩාක් මානසිකව පහතටම වැටුණා.අපේම සමීපතමයන් අපෙන් සදහටම ඈත් වෙද්දී,අපේ නිවාස විනාශ වෙද්දී ගොඩාක් ලොකු දරාගන්න බැරි තත්වයක් උරුම වුනා මේ සිදුවීමෙන්..
නිවේදකයා: ඔබ කුමන ආකාරයේ ආබාධයන්ට ගොදුරු වූයේද? එනම් කායිකව හෝ මානසිකව,
කුමාර මහතා : කායිකව ගත්තොත් මට වගේම මගේ දරුවන්ටත් සමේ ආසාධන ඇති වුනා. එම විශබීජ හේතුවෙන්. මගේ පුතා මේ අවස්තාවට මුහුණ දෙද්දී ඔහුට වයස අවු.5 යි. එයාට ගොඩාක් මේක බලපෑවා. ඒයයි මමයි මේ අවස්තාවට මහමගම මුහුණ දුන් නිසා පුතා ගොඩක් කම්පනයකට ලක් වුනා. ඒ තත්වෙන් දරුවව මුදවා ගන්න අපිට අවු.4 ක් ගත වුනා.
නිවේදකයා : ඔබ මුහුණ පෑ මෙම ආපදා අවස්තාවෙන් ලබා ගත් අත්දැකීම කවරාකාරයේද?
කුමාර මහතා : මේක ඇත්තටම ගොඩක් අප්‍රසන්න අත්දැකීමක්. නමුත් මේ වගේ අවස්තාවක ජීවිතේ නැවත තිබූ තත්වයට ගොඩනගා ගන්න ගොඩක් කැපකිරීම් කරා. මහන්සි වුනා. අපි හැමෝටම වගේ ඒක ලොකු අත්දැකීමක්...
නිවේදකයා : ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවරාකාරයේ බලපෑමක් සිදු වූයේද?
කුමාර මහතා: ඇත්තටම මගේ පුතාගේ තත්වෙත් එක්ක රැකියාව මට සුපුරුදු පරිදි ඉදිරියට රැගෙන යාමට නොහැකි වුනා. ගොඩක් තැන් වල දරුවට බෙහෙත් කරා. ඒ වෙනුවෙන් රැකියා ස්ථානයෙන් පවා ණය මුදල් ලබා ගන්න සිද්ද වුනා.
නිවේදකයා : ආපදා අවස්ථාවෙන් පසු ඔබ මුහුණ දුන් සෞඛ්‍ය ගැටලු තිබේද? ඒ මොනවාද?
කුමාර මහතා : ඔව් සමේ ආසාදන ඇති වුනා. ඒ වගේම මට මුකුත් කන්න බැරුව පාචනය වගේ තත්වෙකටත් ලක් වුනා. එයට දියර ආහාර මාසයක් පමණ කල් ලබා ගත්තා.
නිවේදකයා : ඔබට තාවකාලික නැවතුම් ස්ථානයන්හි සනීපාරක්ෂක ගැටලු පැවතුනේද?
කුමාර මහතා : ඔව්. අපි පන්සලක තමා මාස 1 ක් පමණ නැවතී සිටියේ.එහිදී පිරිසත් සමග වැසිකිළි භාවිතයේ ගැටලු ඇති වුනා. ස්නානයේදී , රෙදි සෝදා ඒවා වියළා ගැනීමේදී ද ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවුනා.
නිවේදකයා : ආපදාව සිදු වූ අවස්තාවේ ඔබ ආරක්ෂා වූයේ කෙසේද?
කුමාර මහතා : ඒ වෙලාවේ මම සහ මගේ පුතාව උපකාරක නර්ථන පන්තියෙන් රැගෙන නිවස බලා එන විට රළ පහර ප්‍රථමයෙන්ම සෙමින් මාර්ගයට ගැසුවා. ඒ විගසම මම මුහුදු සීමාවෙන් ඈතට ගමන් කරා. ඉන්පසු රලු රළපහරත් සමගම අපි කඩ වීදියක තුන් වෙනි මහලට අමාරුවෙන් හෝ ගමන් කර දිවි බේරා ගන්න සමත් වුනා.
නිවේදකයා : ආපදාවෙන් පසු නැවත පදිංචි වීම් ඇති වූයේද?
කුමාර මහතා : ඔව් අපේ නිවාස අහිමි වීම් එම කුරිරු සිදුවීමෙන් පසු මමත් මගේ බිරිදත් පදිංචිය වෙනස් කිරීමට තීරණය කරා. අපි මාසෙකින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ කුලී නිවාසයක පදිංචියට ආවා.
නිවේදකයා : එම ස්ථානයන්හි දී ඔබ මුහුණ දුන් ගැටලු මොනවාද?
කුමාර මහතා : ඇත්තටම කුලී නිවාසයක ජීවිතය ගෙවද්දී තමන් ගෙදර කියන හැගීම අපෙන් ඈත් උනා. ඒකත් මානසිකව වදයක් වුනා. මාසික කුලී මුදල 30000 ක් වුනා ඒ වගේම විදුලි බිල්, රැකියා ප්‍රශ්න, බෙහෙත් වියදම් සමග ජීවත් වෙන්න අසීරු උනා.
නිවේදකයා : ආපදා අවස්තාවෙන් පසු නැවත යථා තත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වුණිද?
කුමාර මහතා : මාසෙකින් පසු අපි කුලී නිවාසයක පදිංචියට යොමු වූවාට හිටපු තත්වෙත් සමග අපේම කියලා නිවාසයක් තනාගන්න අවු 4 ක් ගත වුනා.
නිවේදකයා : මෙවැනි ආපදාවක් සිදු වන බව ඔබ පූර්වයෙහි(පෙර) දැනුවත් වී සිටියාද?
කුමාර මහතා : ඔව් රූපවාහිනී පුවත් විකාශනයෙන් එවැනි ආපදා අනතුරු ඇගවීමක් නිතරම සිදු කරා.
නිවේදකයා: ඔබ එම තොරතුරු පිළිබදව දැනුවත් වූ ආකාරයක් ක්‍රමෝපායන් මොනවාද?
කුමාර මහතා : රූපවාහිනිය, ගුවන්විදුලිය වගේම ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවා තුලින්ද,සමාජ මාධ්‍ය තුලත් සංසරණය වී තිබුණා.
නිවේදකයා : පූර්ව දැනුවත් වීමකදී ඔබ ඒ සදහා ක්‍රියා කලේද? නැත්ද?
කුමාර මහතා : ඇත්තටම කොතරම් දැනුවත් කරත් අපිට ඒ මුහුද ගොඩ ගැලීම පිළිබදව එතරම් විමසිලිමත් වුනේ නෑ. එම නිසාම අපි පෙර සූදානමක්ද වුනේ නෑ.
නිවේදකයා : ආපදාව තුලින් පාසල් ශිෂ්‍යන්ට සිදු වූ බලපෑම කුමනාකාරයේද?
කුමාර මහතා : ඒ වන විට මගේ ලොකු දුවට වයස අවු 12 යි. එයාගේ පාසල් පොත් පත් වටිනා සහතික ,කුසලාන රාශියක්ම නොසිතූ ආකාරයට විනාශ වුනා. ඒ වගේ පාසලත් රල පහරින් ආපදාවට ලක් වී තිබුණා. දරුවන්ට ප්‍රවාහනයේ දීද විශාල ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වුනා.
නිවේදකයා : ආපදා අවස්තාවේදී රාජ්‍ය අංශයෙන් ආධාර හිමි වූයේද? ඒ මොනවාද?
කුමාර මහතා : ඔව් අපිට මුදල් සහනත් ලැබුණා. නමුත් එය ප්‍රමාණවත් වූයේ නම් නෑ. නමුත් වියළි ආහාර මළු, පානීය ජල පහසුකම්, දරුවන්ට පාසල් උපකරණත් ලැබුනා.
නිවේදකයා : ඊට අමතරව පෞද්ගලික අංශයෙනුත් ඔබට උපකාර කලේද?
කුමාර මහතා : ඔව් නොයෙක් ආකාරයේන් අපිට භාහිර පාර්ශවයන් ගෙනුත් ලැබුනා. එම ප්‍රදේශයේ සිටි ධානපතියන්ගෙන් ඒ වගේම මාධය නාලිකා රැසකින් ද වියළි ආහාර පහසුකම් ලබා දීමට කටයුතු කරා.
නිවේදකයා : අපි මේ සම්බන්ධව වටිනා කතාබහක ඔබතුමා සමග යෙදුණා. මේ අවස්තාවට සම්බන්ද වූවාට ගොඩාක් ස්තූතියි.
Monday, January 27, 2025
සුනු විසුනුව යන හීන
සුනු විසුනුව යන හීන
ස්වාභාවික ආපදා සේම මානුෂීය ආපදා ද ජීවිතයේ නොසිතන මොහොතක සිදුවන සිදුවීමකි.මානුෂීය ආපදාවක් වන රිය අනතුර පිලිබඳව මම මෙහිදී මාතෘකාව කරගත් අතර පැලවත්ත ප්‍රදේශයේ මීට වසරකට පමණ පෙර අලුයම තම මෝටර්සයිකලෙන් රැකියාවට යන අතර තුර ලංගම බස් රථයක ගැටී සිදු වූ දරුණු රිය අනතුර පිලිබඳව ඵම අනතුර සිදු වූ පුද්ගලයා හා සිදුකල සාකච්ඡාව මෙහිදී ලියමි. ( මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දකි. එනමුත් පෞද්ගලිකතත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදාගන්නා නම,ගම මනංකල්පිත වේ.)
නිවේදකයා: සුභ උදෑසනක් මහත්මයා ! ඔබට ඇති වු ආපදා පිලිබඳව විස්තර දැනගන්න පුළුවන්ද?
නිමල් මහතා : සුභ උදෑසනක් පුතා ! මීට වසරකට පමණ පෙර අලුයම මම රැකියාවට යන අතර තුර ලංගම බස් රථයකට ගැටී එයින් මාගේ හිස දරුණු ලෙස වැදීම නිසා ලේ වහනය වීමත් පපු ප්‍රදේශයේ සීරීමට ලක් වීම හා දකුණු අත හා පාදය කැඩීමට ලක් වු අතර මාගේ මෝටර්සයිකලය ද කැඩී තිබුනා.
නිවේදකයා: එම අඅවස්ථාවේ ඔබට ඇති වු හැගීම කොහොමද?
නිමල් මහතා : ජීවිතය ගැන බිය දැනිණි. අත හා පාද අහිමි ව අබ්බගාත තත්වයට පත්වෙයැයි කියා සිතුනා.
නිවේදකයා: එයින් ඔබට වු අහිමි වීම කුමක්ද?
නිමල් මහතා : ජීවිත හානි; ඔලුව දරුණු ලෙස වැදීම නිසා ලේ වහනය වීමත් අත් හා පාද ආබාධ වලට ලක්වුනා..
දේපල හානි; මෝටර්සයිකලය කැඩීම
නිවේදකයා: ඔබට මානසික ආබාධ සිදුවූවා ද?
නිමල් මහතා : ඔව් , මානසිකව ඉතා පහතට වැටුනා, මතකය නැති වී යාමට ලක් වුනා , වාහනවලට හා වාහන ශබ්දයට පවා බය වුනා..
නිවේදකයා: එය කොපමණ කලක් පැවතියාද?
නිමල් මහතා : අවුරුදු දෙකක් පමණ තිබුනා මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා..
නිවේදකයා: සැත්කම් වලට භාජනය වූවාද?
නිමල් මහතා: ඔව් , මාගේ ශරීරයම සැත්කම් වලට භාජනය කිරීම.
නිවේදකයා: ආර්ථික තත්වය කෙසේ වීද? එයට මුහුණ දීමට හැකි වීද?
නිමල් මහතා : අවුරුදු දෙකක් පමණ රැකියාවට යාමට නොහැකි වුනා. රැකියාව කරන ස්ථානයෙන් ජීවිතය රක්ෂණයක් තිබීම නිසා ඉන් මුදල් ලබා ගැනීමට හැකි වුනා.
නිවේදකයා: රාජ්‍ය අංශයේ හෝ නීතියෙන් සහනයක් ලැබුනා ද?
නිමල් මහතා : ඔව්, බස් රථයේ රියදුරු අපරීක්ෂාකාරී ව රිය ධාවනය කල හෙයින් හා මාර්ග නීති කඩ කල හෙයින් මා හට නීතිය ඉදිරියේ වන්දි මුදලක් ලබා දීමට කටයුතු කිරීමට විරුද්ධ පාර්ශවයට සිදුවීය.
නිවේදකයා: එහිදී ඔබට ගැටලු මතුවීද?
නිමල් මහතා : ඔව් , වන්දි මුදල එකවර නොලැබීම එය වාර 3 කට ලැබීම හා මෝටර්සයිකලය අලුත්වැඩියාවට යන මුලු වියදමෙන් භාගයක් පමණක් ලැබුනා.
නිවේදකයා: ඔබට දැන් ජීවිතය ගැන කුමක් හැගේද?
නිමල් මහතා : සතුටුදායකයි! නැවත පෙර පරිදි ජීවිතය ගත කිරීමට හැකි වුනා.
නිවේදකයා: මා සමග ඔබගේ අදහස් ගනුදෙනු කරාට ඔබට ස්තුතියි!!
අවසාන වශයෙන් මට හැගීගියේ අපගේ ජීවිතය වලට පැමිණෙන මෙවන් ආපදා වලින් අපිත් අන් අයත් ආරක්ෂා කරගෙන අපට ජිවිතයේ එන මෙවන් ආපදා තත්වයට නොබියව ශක්තිමත් ව මුහුණ දී නැවත නැගී සිටීමයි.
H.Nimesha kavindi
කැළඹුණු කාලගුණයෙන් බිලිගත් ජීවිත
කැළඹුණු කාලගුණයෙන් බිලිගත් ජීවිත
සොදුරු දසුන් මවමින් ඇස හා මනස සුවපත් කරන සොබාදහම පෙරළිකාර ලෙස වෙනස් වෙමින් රුදුරු දසුන් මවන්නට ගත වන්නෙ ඇසිපිය හෙලන නිමේශයකි.සොබාදහමේ එවැනි කුරිරු ක්‍රියාකලාපයෙන් අවුරුදු 07ක් පමණ පීඩා විදින දත්ත දායකයෙකුගේ ඛේදනීය කතා පුවත අප හා බෙදාගත්තෙ මහත් සංවේගයෙනි.
නිවේදක : ඔබතුමා මුහුණ දුන් ස්වාභාවික ආපදාව පිලිබද පැරණි මතකය මොහොතකට මතක් කළොත්?
දත්ත දායකයා:විශාල නායයෑම් තත්වයක් තමයි ඇතිවුණේ.එක දිගට දවස් තුනක් විතර වැස්ස තිබ්බා.ඒජි ඔෆිස් එකේ මහත්තුරු ඇවිත් අපිට අයින් වෙන්න කිව්වා.ඔයාලගේ ගෙදර නායයෑම් තර්ජනයකට ලක්වෙලා තියෙනවා.එක පාරටම ඉතින් කිව්වට අපිට යන්න එහෙම තැනක් තිබ්බෙ නෑ.පස්සේ කොහොමහරි වයිෆ්ගේ මල්ලිගේ ගෙදරට තමා අපි අයින් වුනේ.
නිවේදක:නායයෑම් හේතුවෙන් ඔබට අහිමි වුනේ මොනවාද
දත්ත දායකයා:අපේ ගෙදර.වයිෆ් අවුරුදු ගානක් රට ඉදලා ලෝන් ගහලා තමයි ගේ හැදුවේ.තට්ටු දෙකට තිබුණු ගෙදර සාලෙයි ලොකු දුවගේ කාමරේයි ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම බිත්ති පුපුරලා සම්පූර්ණයෙන් පස් කණ්ඩියට යටවෙලා තිබ්බෙ.
නිවේදක:මේ ඉඩම පාරම්පරික උරුමයක්ද මිලදී ගත් ඉඩමක්ද?
දත්ත දායකයා:මිලදී ගත්ත ඉඩමක්.මගේ යාලුවෙක් මාර්ගයෙන් ගත්තෙ අපේ මහගෙදර ප්‍රශ්න ඇතිවෙලා කුලී ගෙදරක ඉන්න ගමන් තමා ඉඩම ගත්තෙ.මීට අවුරුදු ගානකට කලින් එකම එක පාරක් පස්කණ්ඩිය කඩන් වැටුනට මෙහෙම නායයෑමක් ගැන අපිට දැනීමක් තිබ්බේ නෑ.
නිවේදක:එම ආපදාවට ලක් වූ අවස්ථාවේදී ඔබට දැණුනු හැගීම කෙබඳුද?
දත්ත දායකයා:කන්ද නාය යනවා ගෙදරින් අයින් වෙන්න කියද්දි මුලින්ම හිතුවෙ දෙයියනේ කොහෙටද යන්නෙ කියලා වෙලාවට වයිෆ්ගේ මල්ලිගේ ගෙදරට යන්න පුලුවන් වුනේ.ගෙදර තිබුණු බඩු නම් ඔක්කොම වගේ බේරගත්තා.නාය ගිහින් ආයේ ගෙදරට යද්දි සාලෙයි කාමර කෑල්ලකුයි විතරයි ඉතුරු.වයිෆ්ට ඒක දරාගන්න බැරිවුනා.සති දෙක තුනක් යනකල් එයා කෑවෙත් නෑ.හරියට කල්පනා කරනවා.ගමේ මිනිස්සු කට්ටිය කියලා කියලා තමා හිත හදාගත්තේ.අපිට හිතුනේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි කියලා.ඒ තරම් වයිෆ් මානසික වැටුණා.අවුරුදු ගානක මහන්සිය දවස් තුනක වැස්සයි තත්පර ගානක නායකිනුයි විනාස වෙලා ගියා.
නිවේදක:ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවරාකාරයේ බලපෑමක් සිදු වූයේද?
දත්ත දායකයා:මම ගාමන්ට් එකක ක්ලීනීන් තමා කලේ.සතියක් විතර තමා ජොබ් එක නැතුව හිටියේ ගංවතුර,නායයෑම් එක්ක.ලොකුම ප්‍රශ්නෙ වුනේ කනබොන එකටත් වඩා අපි ආයේ කොහෙටද යන්නෙ.මල්ලිගේ ගෙදර වුනත් හැමදාම ඉන්න බෑ.
නිවේදක:නැවත ආරක්ෂිත ස්ථානයක ආපදාවෙන් පසු පදිංචි වූයේද?
දත්ත දායකත්වය:ගාමන්ට් එකෙන් පොඩි ආධාරයක් ලැබුණා.රජයෙනුත් පර්චස් දහයක ඉඩම් කෑල්ලක් ලැබුණා.හැබැයි කලින් වගේ තට්ටු දෙකකට ගේ හදන්න තරම් බැරිවුණා.නාය යන්න කලින් යට තට්ටුවේ වැඩ ඉවර කරලා තිබ්බෙ.උඩ තට්ටුවේ බිත්ති බැදලා තිබ්බෙ.වහල ගහලා කපරාරු කරලා තිබුනේ නම් නෑ.දැන් අලුතින් හදපු ගෙදර තාම ඉතින් සාලෙයි,කුස්සියකුයි,කාමරේකුයි විතරයි හදාගත්තේ.සල්ලි ලැබෙන විදිහට ඉතුරු ටික හදනවා.අපේ ජීවිත හරි බේරුනු එක ලොකු දෙයක් ඉතින්.
නිවේදක:ඔබට ස්තූතියි.
Leo M.D.Maleesha Manodya
Sunday, January 26, 2025
මූලික රුධිර පරීක්ෂණ
මූලික රුධිර පරීක්ෂණ
Random Blood Sugar පරීක්ෂණය
ඔබ වෛද්‍යවරයෙකු හමුවට යන විට ඔබට දියවැඩියාව තිබේදැයි වෛද්‍යවරයා සැක කරන කල්හී ඒ වෙලාවෙම රුධිර සාම්පලයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් දියවැඩියාවට නිර්දිෂ්ඨ සම්මත රුධිර පරීක්ෂණය FBS නොහොත් නිරාහාර රුධිර පරීක්ෂණය වූවත් ඔබ වෛද්‍යවරයා හමුවට යන්නෙ ඊට සූදානම් වෙලා නොවෙයිනෙ. ඒත් දළ අදහසක් ගන්න ඔබ ඉන්න ආකාරයෙන්ම වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් කළොත් එය Random Blood Sugar පරීක්ෂණය ලෙස හඳුන්වනවා. ඔබ ලබාගෙන තිබෙන ආහාර වර්ගය, කොපමන වෙලාවක් ආහාර ගැනීමෙන් පසුව ගතවී තිබේද ආදී කරුණූ මත අගයන් වෙනස් විය හැකියි. ඒත් දළ වශයෙන් මෙහි අගය 180 මි.ග‍්‍රෑ./ඩෙ.ලී ට වඩා වැඩි නම් නිරාහාර රුධිර පරීක්ෂාවක් කළ යුතුයි.
Fasting blood sugar නිරාහාර රුධිර පරීක්ෂාව
වචනයෙන් ප‍්‍රකට වන ආකාරයටම මෙහිදී සිදු කරණුයේ රෝගියා පැය 10-12 කාලයක් නිරාහාරව ඉන්නට සලස්වා රුධිර නියැදියක් ගෙන එහි ඇති ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමයි. මෙහිදී පහසුව තකා රාත‍්‍රී ආහාරයෙන් පසු නිරාහාරව සිට පසුදා උදෑසන රුධිරය ගැනීමක් සිදු කෙරේ.
මෙහිදී ලැබෙන අගය 70-100 milligrams per deciliter (mg/dL) නම් ඉතා හොඳය.
100-125 mg/dL අතර අගයක් ගැනීමෙන් ග්ලූකෝස් යාමනයේ අසමතුළිතතාවයක් ඉගි කරයි. මෙය පූර්ව දියවැඩියා තත්ත්වය ප‍්‍රකට කරයි.
ග්ලූකෝස් අගය 126 mg/dL හෝ ඊට වැඩි වීම දියවැඩියාව ලෙස සළකා ප‍්‍රතිකාර කිරීමට හේතු වෙයි.
දියවැඩියාව මූත‍්‍රා පරීක්ෂණ - දැන් එතරම් භාවිතයක් නෑ
මුත‍්‍රා වල සීනි මට්ටම වැඩිවීම මත දියවැඩියා රෝගය පිළිබඳව අවබෝධයක් ලැබීම අමාරුයි. දියවැඩියාව විමසීමේ මුත‍්‍රා පරීක්ෂණය දෝෂ වැඩියි. ඊට හේතුවක් තිබෙනවා. වකුගඩු වල ග්ලූකෝස් දරාගැනීමේ මට්ටමක් තිබෙනවා. Renal Threshold යනුවෙන් හඳුන්වන එම මට්ටම ඉකුත් වුණාම විතරයි මූත‍්‍රා වලට ග්ලූකෝස් කාන්දු වෙන්නෙ. ඇතැම් අයගේ මේ දරා ගැනීමේ මට්ටම අඩුයි. ගර්භිණී අවධියේදී මේ Renal Threshold මට්ටම අඩුයි. වකුගඩු රෝගයක් තිබෙන විටත් මේ Renal Threshold මට්ටම අඩු විය හැකියි. එවිට මුත‍්‍රා වල සීනි නෑ. ඒත් ඔහුගේ රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගන්න පුළුවනි. මුත‍්‍රා වලින් නියම ස්වභාවය පෙන්නුම් කරන්නෙ නෑ.
මේ නිසා දැන් මුත‍්‍රා සීනි පරීක්ෂණ වෙනුවට ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම බැලීමෙන් ඔබට දළ අදහසක් ලබාගන්න පුළුවනි. ග්ලූකොමීටරයෙන් රුධිර සීනි මට්ටම මැනීමේදී පිළිගත් නිරවද්‍ය ග්ලූකොමීටරයකින් එම පරීක්ෂණය සිදුකර ගැනීම වගේම නියම කර ඇති පිළිවෙලට එම පරීක්ෂණය සිදු කිරීමත් වැදගත්.
Hemoglobin A1c පරීක්ෂණය නොහොත් HbA1c
දියවැඩියා රෝගීන්ගේ පසුගිය මාස තුනක කාලයක් ඇතුළත රුධිර සීනි මට්ටම ගැන පෙරයීමක් කරන වටිනා රුධිර පරීක්ෂණයකි HbA1c
ඔබේ රුධිරයේ රතු රුධිරාණූ තුළ ඔක්සිජන් නොහොත් අම්ලකර වායුව පරිවහනය කරන හිමොග්ලොබින් පවතී. මේ සෛල වියපත් වන විට කෙමෙන් ඒ තුළ ග්ලූකෝස් අණු තැන්පත් වේ. මේ ක‍්‍රියාවලිය Glycation නමින් හැඳින්වෙයි. රුධිරයේ වැඩියෙන් ග්ලූකෝස් පැවතීම යනු Glycated hemoglobin වැඩි වීමක්ය. එය මෙම පරීක්ෂණයේදී HbA1c අගය වැඩි වීමෙන් ප‍්‍රකට වේ.
නිරෝගී අගයක HbA1c පැවතීම යනු HbA1c ප‍්‍රතිශතය 5 ට වඩා අඩු වීමකි.
HbA1c අගය 7% ට වැඩි නම් ඉන් අදහස් කෙරෙන්නේ පසුගිය කාලය තුළ රුධිර සීනි මට්ටම එතරම් හොඳින් පාලනය වී නොමැති බවයි.
HbA1c පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පූර්ව පිළියෙළ වීමක් අවශ්‍ය නොවේ.
අක්ෂි පරීක්ෂණය Dilated Eye Examination
ඔබ දියවැඩියා රෝගියෙක් නම් කලින් කලට අක්ෂි පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යය. එමගින් දියවැඩියා අක්ෂි රෝගය නම් තත්ත්වය ඇති වී ඇසේ පෙනීම නැති වෙනවාද යන්න කල්යල් ඇතිව හඳුනාගත හැකිය. එසේ නොමැති වූවහොත් ඇස් වලට කල් ගිය පසු ප‍්‍රතිකාර කිරීම පහසු නොවේ.
මෙහිදී ඔබේ අක්ෂි වෛද්‍යවරයා විසින් ඇසට යම් රසායනයක් දමා ඇසේ කළු ඉංගිරියාව විස්තාරනය කිරීමක් මුලින්ම සිදු කර ඉන් පසුව ඇස පරීක්ෂා කරණූ ලබයි. මෙසේ පරීක්ෂා කිරීමෙන් ඔබේ වෛද්‍යවරයා ඔබට දියවැඩියා දෘෂ්ඨි ආබාධයේ මූලික ලක්ෂණ තිබේදැයි හඳුනාගන්නවා ඇත. මේ අවස්ථාවේදී එම තත්ත්වය හඳුනාගතහොත් ඔබ බෙහෙවින් වාසනාවන්තය. එයට යෙදිය හැකි පිළියම් තිබේ. යම් හෙයකින් ඔබත් නොදැනීම දියවැඩියා දෘෂ්ඨි ආබාධය මෝරා ඔබේ පෙණූම නැතිවන අවස්ථාවේදී ඔබ අක්ෂි වෛද්‍යවරයා හමු වුණොත් ඔහුට ඔබ වෙනුවෙන් කිරීමට යමක් ඉතිරි නොවනු ඇත.
දියවැඩියා දෘෂ්ඨි ආබාධය අද වයස අවු. 65 ඉකුත් වූ පුද්ගලයන්ගේ අන්ධභාවයට ප‍්‍රධාන හේතුවකි.
මෙවන් ඉරණමක් ඔබටත් අත් නොවීමට නම් දියවැඩියා රෝගියෙකු වන ඔබ වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂණයකට ලක් විය යුතුය.
දියවැඩියාව පාද පරීක්ෂණය
දියවැඩියා රෝගීන් පාද මුහුණ සේ පිරිසිදුව තබාගත යුතු යයි කියමනක් තිබේ. දියවැඩියා රෝගියෙකුගේ ස්නායු පහසුවෙන් දුර්වල විය හැකිය. පාදවල රුධිරගමනාගමනය දුර්වල විය හැකිය. පාදයේ තුවාලයක් සිදු වුණොත් එය සුව කිරීම පහසු නොවේ. ඒ ආසන්නයට රුධිර ගමනාගමනය නොමැති වෙයි. ඒ නිසා ආසන්න පටක මැරී යයි. අවසානයේ එය නතර වන්නේ ඇගිල්ලක්, සමහර විට පාදයේ කොටසක්ම කපා ඉවත් කිරීමෙනි.
දියවැඩියා රෝගියෙකු වශයෙන් ඔබ වෛද්‍යවරයා මුණගැහෙන හැම අවස්ථාවකම ඔබේ වෛද්‍යවරයා ඔබේ පාද සුවසෙත ගැනද විමසිළිමත් වන්නේ එහෙයිනි.
දියවැඩියා රෝගියෙකු සෑම දිනෙකම පාද සුවසෙත පිළිබඳව විමසිළිමත් විය යුත්තේය. හැකි පමණ පිරිසිදුව පාද පවත්වා ගත යුත්තේය. පාද ආපදාවලට ලක්විය හැකි අවස්ථා මග හැරවිය යුත්තේය. සම බිඳීම්, තුවාල, ආසාදන වලින් ආරක්ෂා විය යුත්තේය. නිය කැපීමේදී අගටම නොකපා සුළු ඉඩක් පවතින සේ කොන් තුවාල නොවන සේ නියපොතු කැපිය යුත්තේය.
පාද ආරක්ෂාවට වැඩිදුර උපදෙස්
ඔබේ පාදයට හරියටම සරිලන පාවහන් යුවලක් පළඳින්න.
සපත්තු පැළඳීමේදී වැලිකැට හා වෙනත් බාධක ද්‍රව්‍ය පාවහන් තුළ නොමැති බවට සැක හැරගන්න.
පාද සැමදා සබන් ගා දෝවනය කර හැකිතාක් පිරිසිදුව තබාගන්න.
ඒවා සෑම විටම වියළිව තබාගන්න. තෙත මාත්තු කරගන්න.
පාද වලට සැර රසායන ද්‍රව්‍ය ගල්වන්න එපා
කරගැට හා වෙනත් තුවාලයක් වෙතොත් වෛද්‍යවරයා ලවාම නොපමාව ප‍්‍රතිකාර ලබාගන්න
දුම් පානයෙන් වළකින්න. ව්‍යායාම වල යෙදෙන්න. ඉන් පාද වලට යහපත් රුධිර ගමනාගමනයක් සැලසේ.
පාවහන් නැතිව ඇවිදීමෙන් වළකින්න
Saturday, January 25, 2025
ජාත්‍යන්තර අධ්‍යාපන දිනය
ජාත්‍යන්තර අධ්‍යාපන දිනය:
ජාත්‍යන්තර අධ්‍යාපන දිනය යනු ලෝකය පුරා අධ්‍යාපනයේ වැදගත්කම සැමරීම සඳහා වෙන් කර ඇති වැදගත් දිනයකි. මෙම දිනයේදී, අධ්‍යාපනයේ බලය, එහි ඇති හැකියාවන් සහ එය ලබා ගැනීමේ අයිතිය ගැන අපි සිතා බලමු. අධ්‍යාපනය යනු තනි පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කළ හැකි, රටක දියුණුවට හේතු විය හැකි බලවත් මෙවලමකි.
අධ්‍යාපනය හරහා, පුද්ගලයින්ට තමන්ගේ හැකියාවන් හඳුනා ගැනීමට, තමන්ගේ ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට සහ තමන්ගේ සමාජයට දායක වීමට හැකි වේ. එය ආර්ථික ස්වාධීනත්වය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ සමාජ යහපත ඇති කිරීමට දායක වේ. අධ්‍යාපනය හරහා, පුද්ගලයින්ට තොරතුරු වලට ප්‍රවේශ වීමට, විවිධ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට සහ තර්කානුකූලව චින්තනය කිරීමට හැකි වේ.
කෙසේ වුවද, ලෝකයේ බොහෝ ප්‍රදේශවල, තවමත් බොහෝ දරුවන්ට සහ තරුණයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. දරිද්‍රතාවය, යුද්ධ, භේදභින්නතා සහ ලිංගික භේදය යනාදී බාධක රාශියක් මෙයට හේතු වේ. මෙම ගැටලු විසඳීම සඳහා, අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුය. අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම යනාදී ක්‍රියාමාර්ග ගත යුතුය.
අධ්‍යාපනය යනු තිරසාර සංවර්ධනයේ යතුරයි. එය ආර්ථික වර්ධනයට, සමාජ යහපතට සහ පරිසර ආරක්ෂාවට දායක වේ. ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී, අපි සියලු දෙනාම අධ්‍යාපනයේ වැදගත්කම ගැන සිතා බලමු, සහ ලෝකයේ සියලුම දරුවන්ට සහ තරුණයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා අපට කළ හැකි දේ ගැන සිතමු.
අද වන විට AI තාක්ෂණය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධව දක්වන ප්‍රතිචාරය කෙබඳුද යන්න අප දැන් විමසා බලමු.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හට AI තාක්ෂණය නිසා තම උසස් අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව සිදුකිරීමට අද වන විට හැකියාව ලැබී ඇත එනමුත් විශ්වවිද්‍යාල සිසුන් මෙම තාක්ෂණය නිසියාකාරව භාවිතා කරනවද යන්න ඉමහත් ගැටලුවක් බවට වර්තමානයට පත්ව තිබේ.
මෙම AI තාක්ෂණය විශ්වවිද්‍යාල අධ්‍යාපන කාර්යයේ සාර්ථකත්වයට හේතුවන ආකාරය විමසා බලමු. වර්තමානයේ බොහෝමයක් විශ්වවිද්‍යාලයේ සිසුන්ට අභියෝගයක් වී ඇත්තේ තම භාෂාමය හැකියාව වර්ධනය කිරීමට නිසි ක්‍රමවේද නොමැතිවීමයි. නමුත් AI තාක්ෂණය යොදාගෙන අද වන විට කිසිදු ගෙවීමකින් තොරව තම භාෂාවේ හැකියාව වර්ධනය කර ගැනීමට සිසුන් හට හැකියාව ලැබී ඇත.Fully Fuluent, Elsa Speak, Memerise, Duolingo, Rosetta Stone, Busuu, Talk Pal යන AI යෙදවුම් හරහා තම භාෂාවන් සිසුන් හට වර්ධනය කරගත හැක. තවද විශ්වවිද්‍යාලයේ විවිධ අධ්‍යන කටයුතු සඳහා සිදුකිරීමට අවශ්‍ය වන Assignment,ව්‍යාපෘති සඳහා නව අදහස් ලබා ගැනීමටද ලොව රටවල විශ්වවිද්‍යාල මහාචාර්යවරු විසින් ප්‍රකාශිත කරන ප්‍රකාශනයන් ඉතා යුහුසුළු කාලසීමාවක් ඇතුළත ලබා ගැනීමටද හැකියාව ලැබෙයි.Sisi, Chat Gpt වැනි ඉතාම ප්‍රසිද්ධ වූ AI යෙදවුම් හරහා මෙම අධ්‍යයන කටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කර ගැනීමට වර්තමානයේ හැකියාව ඇත.
නමුත් වර්තමාන විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම තාක්ෂණය නිසියාකාරව ලබා ගන්නවාද යන්න ඉමහත් ගැටලුවක් බවට පත්ව ඇත අධ්‍යන කටයුතුවල සාර්ථක භාවය සම්බන්ධව සොයා බලන කල ඒ ඇයි තාක්ෂණය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට දැඩි බලපෑම් සිදු කරන බව අද විවිධ සමීක්ෂණ වාර්තා හරහා සොයාගෙන ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු යනු නිර්මාණශීලී චින්තනයකින් යුතුව විචක්ෂණශීලී චින්තනයක් මෙහෙයවමින් විචාරශීලී බුද්ධිමට්ටම මෙහෙයවා සෑම කටයුත්තක්ම සිදු කළ යුතු බුද්ධි පිරිසකි. සාමාන්‍ය පුද්ගලයෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අතර දැකිය යුතු පැහැදිලි වෙනස ද එයමය. නමුත් AI තාක්ෂණය විශ්වවිද්‍යාල සිසුන්ගේ මනස වර්තමානය වන විට මොට කරවන තත්ත්වයකට පත්ව ඇත.
වර්තමානයේ මෙම නව AI යෙදුම් තුළින් සිසුන් තම උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා AI තාක්ෂණය මගින් මූලික මගපෙන්වීමක් ලබාගන්නවා වෙනුවට විශ්ව විද්‍යාල සිසුන් තම සමස්ත අධ්‍යන ක්‍රියාවලියම තාක්ෂණය වෙත පවරනු ලබයි. මේ හරහා ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ බුද්ධිමය හැකියාව මට වන තත්ත්වයට පත්ව ඇත. ශිෂ්‍ය බුද්ධි මට්ටම මෙහෙයවා විචාරශීලීත්වය ඔප්නංවා ගනිමින් සිදු කළ යුතු සියලු වැඩ කටයුතු කෘතීම මනසක් වෙත පවරා ශිෂ්‍යයන් තම බුද්ධිමය මනස නිකරුණේ මොට කරවා ගනී. පසුව සිදුවන්නේ සමාජයට ද ඉතාමත් ප්‍රබල බලපෑමක්. මන්ද විශ්වවිද්‍යාලයක් තුළින් වසර හතරක ගෞරව උපාධි පාඨමාලාවක් නිමවා සමාජයට පියමනින ශිෂ්‍යයා තවදුරටත් ශිෂ්‍ය භූමිකාවක රැඳී නොසිටි. ඔහු සමාජයේ කුමක් හෝ රැකියාවක නිරත වෙයි. නමුත් රැකියා ක්ෂේත්‍රය තුළද ඔහුට සිදුවන්නේ තම මනස නිසියාකාරව විචක්ෂණශීලීව මෙහෙයවා ගැනීමට නොහැකිවීමයි. මේ ඉතා ප්‍රබල බලපෑමකි. වී ඇත්තේ artificial intelligence නම් කෘතීම මනස මිනිස් මනස යටපත් කරගැනීමය.
නමුත් විය යුත්තේ මෙම තත්ත්වය වෙනස් කිරීමයි. AI තාක්ෂණය බලපෑම් සහගතය කියා ඉවත දැමීම සිදු නොකළ යුතුය. කළ යුත්තේ ඒ නිසියාකාරව භාවිතා කිරීමයි කෘතීම මනස විසින් ඔබගේ මනස පාලනයට ඉඩ නොතබා ඔබගේ මනස විසින් කෘතීම බුද්ධිය පාලනය කරමින් තම විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය අධ්‍යාපනය හැදෑරිය යුතුය එවිට නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හරහා නියම ශිෂ්ට සම්පන්න වූ විචාරශීලී ශිෂ්‍යයකු සමාජයට නිර්මාණය වේ. එවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියම අරුත සමාජයට දායක වේ.
අකුණුවල දරුණු බව
අකුණුවල දරුණු බව
ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු යනු බහුලව සිදුවන ස්වභාවික ආපදාවකි.බස්නාහිර පළාතට අප්‍රේල් මාසයේ අකුණු සැර වැදී ම් බහුලව සිදුවන අතර බක්මහා අකුණු ලෙස ඒවා හඳුන්වයි.මේ බක් මහා අකුණු වලට මුහුණදීමටට සිදුවූ පුද්ගලයෙකුගේ කතාවකි.
නිවේදකයා :ඔබ මුහුණ දී තිබේන්නේ මානුෂීය ආපදාවකටද නැත්නම් ස්වභාවික ආපදා තත්ත්වයකටද?
දත්ත දායකයා:2013වසරේදී මා පාසල් ගොස් ගෙදර පැමිණ පාසලේදී ලාබා දුන් වැඩ කරමින් සිටින විට සවස 4පමණ නිවසට අකුණු සැර පහරකට ලක් වීය.කිසිදු වැහිබර කාලගුණ තත්ත්වයක් තිබුනෙත් නෑ.එදා ගෙදර හිටියේ අම්මයි,අච්චියි ,මායි විතරයි .
නිවේදකයා :ආපදාවන් නිසා ඔබට අහිමිවීම් සිදුවී තිබේද?
දත්ත දායකයා:ඔව් .ගොඩක් අහිමි වුණා.බිත්ති පිපිරීම් සිදුවුණා .විදුලි බල්බ් ගොඩක් පිච්චිලා ගියා.වතුර මෝටරය පිච්චිලා ගියා.ආආ තව රේඩියෝ එක කැලි කැලි වලට කැඩිලා විසික් වුණා.හැබැයි දෙයියනේ කියලා ජීවිත ටික බේරුණා.
නිවේදනයා:අපදාව තුලින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් එල්ල වුණිද?
දත්ත දායකයා:ඔව් ආපදාව තුළින් අපට විශාල වශයෙන් බලපෑමක් එල්ල වුණා.ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ එය ආර්ථික වශයෙන් එල්ලුණ බලපෑමක්.පිච්චුන විදුලි උපකරණ ටික ගන්න ත් නැවත නිවාසයේ විදුලිය යථා තත්ත්වයට පත් කරගන්න විශාල මුදලක් වැය වුණා.
නිවේදකයා:හොඳයි. අපි ඊළඟට බලමු ඔබට විදුලි සැරවැදීම් නිසා කුමන ආකාරය හෝ ආබාධයන්ට ලක්වුනාද?
දත්ත දායකයා:පිටට පේන්නනම් ආබාධයක් ඇති වුණේ නෑ.නමුත් ඒ වෙලාවේ දැඩි ශක්තියක් ආපු නිසා බය ඇතිවුණා.අම්මව නං ඒ ශබ්දෙට වැටිලා තිබ්බා .අත පොඩ්ඩක් තුවල වෙලා තිබුණා.
නිවේදකයා: එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම් කුමන ආකාරයද?
දත්ත දායකයා: අනේ මන්දා වෙලාවේ හැටියට මොනවක්වත් හිතාගන්න බැරි උනා.
නිවේදකයා:එය සිදුවියේ කෙසේද?
දත්ත දායකයා:අම්මා වැහිබර කාලගුණයක් තිබ්බේ නැති හින්දා රේඩියෝ එකේ බණ දැම්මා.දාලා පැය භාගයක් විතර යන්න ඇති විශාල විදුලියක් සමග රේඩියෝ එක කෑලි කෑලි වලට කැඩිලා ගේ පුරා විසික් වුණා.
නිවේදකයා:ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවර ආකාරයෙන් බලපෑමක් සිදුවූයේද?
දත්ත දායකයා:සිදුවූ ආර්ථික බලපෑම නම් කියලා ඉවර කරන්න බැහැ.අපි ගෙදර අලුත්වැඩියා කරන්න රත්තරන් බඩු ටික උකස් කරලා සල්ලි ගත්තේ.ඒවා බේරගන්න අවුරුදු ගානක් ගියා.
දැන් නං අපි ටී.වී,රේඩියෝ එක එහෙම දානකොට හොඳට පරිස්සම් වෙනවා මෙවැනි ආපදාවක් ඇති නොවෙන විදිහට.
නිවේදකයා:ඔබට ස්තුතියි අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන් කරාට.
Friday, January 24, 2025
කඳුළු කතාවන්
කඳුළු කතාවන්
ජීවිතයට ආපදා එන්න තැනක් කොතනැක් අවශ්‍යද ඒ වගේම වයසක් අවශ්‍ය වෙනවද ඉතිං ඒ වගේ ගැටලුවට මුහුණ දුන්නු ඒ වගේ ජීවිතවලට අත්දැකීම් ලබපු කොළඹ පුරවරයෙන් ඈත පිහිටි හරි අපූරු පාසලක දරුවන් කීප වෙනුවෙන්ගේ ජීවිතයේ අනුවේදනීය කතාවයි මේ (නම් ගම් සියල්ල පෞද්ගලිකත්වය උදෙසා මනංකල්පිත වේ )
නිවේදකයා : ඔයා ආපදාවකට මුහුණ දුන්නේ කොහි සිටින අවස්ථාවේද ?
පූර්ණිමා සිසුවිය : මම ගෙදර ඉන්න වෙලාවෙදි අකුණුසැර වැදීමක් තමයි සිද්ධ වුණේ
නිවේදකයා : ඒ සිදුවීම අපිට විස්තර කරන්න පුළුවන්ද ?
පූර්ණිමා සිසුවිය : එදා උදේ වරුවේ ඉඳන්ම හොඳටම වැස්ස. ඒ වෙලාවේ ගෙදර ඉදියේ මමත් ආච්චි අම්මත් විතරයි. ටිප් ස්විචයට අකුණක් වැදිලා එකවරම ගිනිගන්න ගත්තා.
නිවේදකයා : ඒක මුලින්ම දැක්කේ කවුද ?
පූර්ණිමා සිසුවිය : මම තමයි ඒක මුලින්ම දැක්කේ. ඒ වෙලාවේ අයියවත් ගෙදර ඉඳියේ නැහැ. මටත් කරන්න ඕන දේ හිතා ගන්න බැරි වුණා එකවරම.
නිවේදකයා : ගින්න නිවන්න ඔයා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?
පූර්ණිමා සිසුවිය : මම ඉක්මනටම තෙත රෙදි ගෝනියක් අරගෙන ගින්න නිවන්න කටයුතු කළා.
නිවේදකයා : ඔබට බෙහෙවින්ම ස්තුතියි.
*සමීපතයන්ගේ අහිමිවීම තම දෑසින්ම දුටු විට එය පුංචි සිත් දරාගන්නේ කෙසේද මේ ඇගේ කතාවයි* .
නිවේදකයා : ඔබ ආපදාවට මුහුණ දී තිබෙනවද ?
නුවනි සිසුවිය : ඇත්තටම මේ ආපදාවට මුහුණ දුන්නේ මම නෙවෙයි නමුත් මගේ අම්මගෙ අයියා! ඒ කියන්නේ මගේ මාමායි.
නිවේදකයා : ඔහු මුහුණ දුන්නේ කවර ආපදාවකටද ?
නුවනි සිසුවිය : ඔහු රැකියාව සඳහා යාමේදී නාය යෑමකට ලක් වුනා. එයින් ඔහුගේ ජීවිතය පවා අහිමි වුණා.
නිවේදකයා : එය අත්දැකීම අපිට කියන්න පුළුවන්ද ?
නුවනි සිසුවිය : ඔව් ඇත්තටම. එක දවසක් එයා කොළඹ ඉඳන් අපිව බලන්න ආවා. එයා රැකියා විදිහට කරේ පතල් අංශයේ රැකියාවක්. එතනදි තමා එයා ඒ ආපදාවට මුහුණ දුන්නේ. ඔහුගේ ප්‍රධානියා විසින් ඔහුට පතල ආශ්‍රිත මෝටරයක් ප්‍රතිසංස්කරණය කරන්න යැයි පැවසුවා. ඒ කටයුත්තට යන ගමන අතරේදී පස් කන්දක් කඩා වැටි ඔහු යටවුණා. ඒ පස් කන්දට යටවෙලා දවස් පහකට විතර පස්සේ තමයි එයාව ගොඩ ගත්තේ.
නිවේදකයා : ඒ වෙනකොට එයාට මොනවද වෙලා තිබුණේ?
නුවනි සිසුවිය : ඒ වන විට ඔහු මියගොස් සිටි අතර දින පහක්ම වතුරවලටත් පස්වරටත් යටවෙලා ඉඳපු නිසා එයාගේ හම සුදු පාට වගේ වෙලා තිබුණා. ඉදිමිලා වගේ තිබුනේ. අන්තිමට එයාගේ මිනිය ගෙනාවේ සීල් කරපු පෙට්ටියක
නිවේදකයා : ඒ අවස්ථාවේදී ඔබට දැනුණු මානසිකත්වය කෙසේද ?
නුවනි සිසුවිය : ඒ වගේ නායාමකට ලක්වෙලා නැති වෙයි කියලා හිතුවේ නෑ. ලොකු දුකක් ඇතිවුණා.
නිවේදකයා : ඔබට ස්තුතීයි.
කුඩා අවදියේ සිටම ජීවිතයට අඳුරු මතකයන් කියන්නේ පැමිණිය හැකිය.සෑම දෙයක්ම දරාගෙන කුඩා අවදියේ සිටම ජීවිතය ඉදිරියට ගෙන යාමට අප හුරු විය යුතුය.
Thursday, January 23, 2025
දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.
.දියවැඩියා රෝගයට මාංශමය ආහාරවල බලපෑම.
දියවැඩියාව යනු රුධිරයේ ඇති ග්ලූකෝස් නියමිත ප්‍රමාණයට වඩා වැඩිවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. දෛනික කාර්යන් සදහා ශක්තිය නිපදවීමට ශරීරයෙ සයිලවලට ග්ලූකෝස් අවශ්‍ය වේ. අප ගන්නා ආහාරයෙ අඩoගු කාබෝහයිඩ්‍රේට් ජීරණයේ අන්තර් ඵලයක් ලෙස සෑදෙන ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය වී දේහයේ විවිධ සයිලවලට ළගා වේ. දේහ සයිල තුළට ග්ලූකෝස් ඇතුළුවීමට අග්න්‍යාශය නිපදවන ඉන්සියුලින් හෝමෝනය අවශ්‍යවේ.
සාමාන්‍ය නිරෝගී මිනිසෙකු නිරාහාර අවස්ථාවේ රුධිරය 100mlකට ග්ලූකෝස් 70-110mgක ප්‍රණයක් පවතී. මෙම ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයෙහි ග්ලූකෝස් පැවතිම නිසා දියවැඩියා තත්ත්වය ඇති බව හඳුනාගත හැකිය.මිනිසුන් වැඩිපුර පැණිරස ආහාරවලට කැමති නමුත් මේවා ප්‍රමාණය ඉක්මවා ගැනීම නිසා ද දියවැඩියා රෝගය ඇති වේ. මෙම තත්ත්වය නිසා තවත් බෝ නොවන රෝග රාශියක් වැළදේ. හදවත් රෝග, ආගාතය, රුදීරපිඩනය,වකුගඩු රෝග, ඉන් කිහිපයකි.
ප්‍රමාණවත් ව්‍යායාම හා නිවැරදි ආහාර රටාවක් හෙවත් සමබර ආහාරවෙලක් ගැනිම තුළින් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය.මෙහිදී මාංශමය ආහාර වැදගත් තැනක් ගනී. උදාහරණ ලෙස මාළු මගින් ශරීරයට ප්‍රෝටීන් හා ඔමේගා 3 මේද අම්ල ලැබෙන බැවින් ඉන් දියවැඩියාව පාලනය කරගත හැකිය. ඊට අමතරව හදවත් රෝග පාලනය හා ශරීරයට ඉතාම ගුණදායී ආහාරයක් ලෙස මාළු හදුනාගත හැක. සාඩි, මැකරල්, හුරුල්ලා, වැනි මාළු වර්ග දිනපතා ගැනිම යෝග්‍යවේ. බිත්තර අනුභවයද ගුණදායී වේ.මෙහි පොෂ්‍යපදර්ථ රැසක් ඇත. අවම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඇත. ප්‍රෝටීන් හා හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඇත.මෙහිදී මාළු පිසීමේදී භාවිතාකරන කහ,සුදුළූණු,කුරුදු, වැනි කුළුබඩු තුලින්ද දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය.බිත්තර සුදුමදය දියවැඩියා රෝගීන් ගැනීම මගින් මෙම රෝගී තත්වය පාලනය කරගත හැක.දිනකට බිත්තර 1ක් ගැනීම යෝග්‍ය බව ප්‍රයෙක්ෂන මගින් ඔප්පු කර ඇත. මීට අමතරව. සීනි නොදමා මේදය අඩු කිරි, සම ඉවත්කළ කුකුල් මස්, මාංශ බෝගද දියවැඩියා රෝගයට ඉතා ගුණදායී ආහාරයන් කිහිපයකි.මේවා මගින් දියවැඩියාව පාලනය කළ හැකිය.දිනපතා සමබර ආහාර වේලක් ගනිම මගින් නිරෝගී ජීවිතයක් ගත කලහැකිය.
K.A.C.Dinukshi Bandara
Tuesday, January 21, 2025
දියවැඩියා රෝගයට එළවලු වල බලපෑම.
දියවැඩියාවට එරෙහි සටනේ හරිත යුද්ධය: එළවළු වල රහස් බලය
දියවැඩියාව යනු අපගේ සාමාන්‍ය ජීවන රටාවට රිංගාගත් නිහඬ සතුරෙකි. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ නොහැකියාව හේතුවෙන් බොහෝ දෙනෙකුගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වන මෙම රෝගයට එරෙහි සටනේදී, ස්වභාවධර්මයෙහි හරිත රණ ශූරයන් වන එළවළු විශිෂ්ට ආයුධයක් ලෙස ක්‍රියා කරයි.
එළවළු ස්වභාවික සීනි සමතුලනය කරන්නා ලෙස ද දැක්විය හැකි වේ. ඒ අනුව එළවළු වල අඩංගු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් දියවැඩියා රෝගීන්ගේ ජීවිතය බිහිසුණු සිහිනයකින් මුදවා ගැනීමට හැකියාවක් ඇත.
ඒ අතරින් ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි මට්ටමේ ස්ථාවරත්වය පවත්වා නිරෝගී භාවය ස්ථාවර කරලීමෙහිලා එළවළු ඉමහත් දායකත්වයක් සපයනු ලබයි. එළවළු වල අධික තන්තු ප්‍රමාණය ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරමින් රුධිරයට එකවරම සීනි මුදාහැරීම වළක්වයි. මෙමගින් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට උපකාරී වේ.
තවත් වැදගත් අවස්ථාවක් ලෙස, ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව දැක්විය හැකි වේ. ඒ අනුව ඇතැම් එළවළු වර්ගවල අඩංගු සංයෝග ශරීරයේ කෝෂ ඉන්සියුලින් වලට වඩා සංවේදී කරවයි. මෙමගින් ඉන්සියුලින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කිරීමට ඉඩ සලසයි.
එළවළු වර්ග ආහාරවලට එක් කර ගැනීම තුළින් ළඟා කර ගැනීමට හැකියාව ඇති තවත් ප්‍රතිලාභයක් ලෙස බර අඩු කර ගැනීමේ හැකියාව දැක්විය හැකි වේ. ඒ අනුවඑළවළු වල කැලරි ප්‍රමාණය අඩු වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් දිගු කාලීන තෘප්තියක් ලැබේ. මෙමගින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අඩු කර ගැනීමට උපකාරී වේ.
හෘද රෝග අවදානම අඩු කිරීම ද එළවළු වර්ග ආහාරයට එක් කර ගැනිමේ තවත් එක් වැදගත් සෞඛ්‍ය ප්‍රවනතාවයක් ලෙස දැක්විය හැකි වේ. ඒ අනුව, එළවළු වල අඩංගු පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් වැනි ඛනිජ ලවණ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. එමෙන්ම එළවළු වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
දියවැඩියා රෝගීන් සඳහා වඩාත් සුදුසු එළවළු පිළිබඳව අවධානය යොමු කරන විට, කොළ පැහැති එළවළුවලට ඉහල ස්ථානයක් ලබා දීමට පුළුවන. ඒ අනුව බ්‍රොකොලි, කොළ, සලාද, කැරට් වැනි කොළ පැහැති එළවළු විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
දියවැඩියා තත්වයන් සඳහා තවත් හිතකර එලවළු වර්ගයක් වශයෙන් පිපිඤ්ඤා දැක්විය හැකි වේ. ඒ අනුව පිපිඤ්ඤා වල ජලය බහුල වන අතර එය ශරීරය වෙත හොඳින් ජලය සැපයීමට උපකාරී වේ.
තවත් එළවළු වර්ගයක් ලෙස තක්කාලි දියවැඩියා තත්වය සඳහා යෝග්‍ය වන ආකාරය පිළිබඳව දැක්වීමේදී, තක්කාලි වල ලයිකොපීන් නම් ප්‍රතිඔක්සිකාරකය හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ. ඒ අනුව හෘධ රෝග තත්වයන් පිළිබඳව අවදානම් තත්වය අවම වන විට ඒ හා සමගාමී ව අත් වන දියවැඩියා තත්වයට ඇති අවදානම ද අවම වෙයි.
සුදුළූණු ආහාරයට එක් කර ගැනීම ද ඉතාමත් හිතකර වේ. ඒ අනුව සුදුළූණු වල අඩංගු සංයෝග රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
එළවළු ආහාර වේලට එක් කර ගන්නා ආකාරය පිළිබඳව අවදානය යොමු කිරීමේ දී ඒ සඳහා ඔබට නිර්මාණශීලී ක්‍රම වේදයන් සහ හිතකර වට්ටෝරු වර්ග අනුව එය සිදු කළ හැකිය. සලාද, සුප්, ස්මූති, කරි වැනි විවිධ ආහාර වර්ග සඳහා එළවළු එකතු කර ගත හැකිය. තව ද ඔබේ ප්‍රියතම ආහාර වට්ටෝරු වලට එළවළු එකතු කර ඒවා වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙස සකසා ගැනීමට ද පුළුවන.
මේ පිළිබඳව තව දුරටත් අවධානය යොමු කිරීමේ දී, දියවැඩියා රෝගීන් ආහාර වේලක් සැලසුම් කරන විට වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
දියවැඩියාව යනු ජීවිත කාලය පුරාම කළමනාකරණය කළ යුතු රෝගයකි. ඖෂධ සහ ඉන්සියුලින් චිකිත්සාවට අමතරව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම දියවැඩියාව පාලනය කිරීමේදී ඉතා වැදගත් වේ. එළවළු යනු දියවැඩියා රෝගීන් සඳහා ස්වභාවිකවම ලැබෙන විශිෂ්ට ආයුධයකි. එබැවින් ඔබේ ආහාර වේලට වස විසෙන් තොර වූ, නැවුම් එලවළු වර්ග නම් වූ ස්වභාවික විශිෂ්ට ආයුධය එක්හාසු කර ගැනිම තුළින් දියවැඩියා රකුසාගේ වසඟයෙන් වැලකීමට අවකාශය ලැබෙනු නිසැකය.
Sunday, January 19, 2025
දියවැඩියා රෝගයට ධාන්‍ය වල බලපෑම
දියවැඩියා රෝගයට ධාන්‍ය වල බලපෑම
දියවැඩියා රෝගය ලෙසින් හඳුන්වන්නේ රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ත ප්‍රමාණයට වඩා ඉහළ යාමයි. දියවැඩියා රෝගයට ආහාර වල බලපෑමක් ද පවතී. ඒ අතර ධාන්‍ය වර්ග ද වැදගත් වේ. සමබර ආහාර වේලක කොටසක් ලෙස දියවැඩියා රෝගීන් සඳහා ධාන්‍ය අනුභව කිරීම අත්‍යවශ්‍ය වේ. බොහෝ ධාන්‍ය වර්ගවල තන්තු අඩංගු වේ. පර්යේෂණ මගින් පෙන්වාදී ඇත්තේ විවිධ ධාන්‍ය වර්ග පරිභෝජනය රුධිර සීනි මට්ටම අඩු කරන බවයි.
ධාන්‍ය වලට රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීම, ඉන්සියුලින් සංවේදීතාව ප්‍රවර්ධනය කිරීම සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමෙන් දියවැඩියාව කළමනාකරණයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. නමුත් ධාන්‍ය වල කාබෝහයිඩ්‍රේට්ද ඇති බැවින් ඒවා මධ්‍යස්ථව පරිභෝජනය වැදගත්වේ. සුදු සහල් වැනි පිරිපහදු කළ ධාන්‍ය ඉක්මනින් ජීර්ණය වන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යයි. දුඹුරු සහල්, තිරිඟු,බාර්ලි වැනි පිරිපහදු නොකළ ධාන්‍ය රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ. දියවැඩියාව ඇති හෝ දියවැඩියා අවදානම් සහිත පුද්ගලයින්ට මේවා ප්‍රයෝජනවත් වේ.
දියවැඩියා පාලනය සඳහා ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ ග්ලයිසමික් දර්ශකය (Gl)යි. අඩු GI සහිත ආහාර ජීර්ණය වී වඩා සෙමින් අවශෝෂණය වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි මට්ටම මන්දගාමී හා ක්‍රමයෙන් ඉහළ යයි. පිරිපහදු කළ ධාන්‍ය වලට සාපේක්ෂව සම්පූර්ණ ධාන්‍ය සාමාන්‍යයෙන් අඩු GI ඇති අතර, ඒවා දියවැඩියා රෝගීන් සඳහා වැදගත් වේ.
අඩු හෝ මධ්‍යස්ථ ග්ලයිසමික් සහිත ධාන්‍ය තෝරා ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට දවස පුරා ස්ථාවර රුධිර සීනි මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.
ආමන්ඩ්, වෝල් නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගයන්හි ප්‍රෝටීන් අඩංගු වේ. ඒවා දියවැඩියාවට ගුණදායකය. ඕට්මීල්ස් ද දියවැඩියා රෝගීන්ට ගුණදායක ආහාරයකි.
ඕට්ස් ;ද්‍රාව්‍ය තන්තු වලින් ඉහළ ඕට්ස් ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමට සහ රුධිරයේ සීනි නියාමනය කිරීමට උපකාරී වේ.
බාර්ලි; රුධිර සීනි පාලනය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ධාන්‍ය වර්ගයකි.
දුඹුරු සහල්; ග්ලූකෝස් අවශෝෂණය නියාමනය කිරීමට උපකාරී වන තන්තු අන්තර්ගතය නිසා සුදු සහල් වලට වඩා හොඳය.
මෙනේරි ; දියවැඩියා කළමනාකරණය සඳහා ප්‍රයෝජනවත් වේ.
අවසාන වශයෙන්, ඉහත සදහන් ධාන්‍ය වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීම මගින් දියවැඩියා රෝගය පාලනය කර ගත හැක.
Saturday, January 18, 2025
ලෝක ආගමික දිනය
ලෝක ආගමික දිනය යනු ඇදහිලිවල විවිධත්වය සැමරීමට සහ විවිධ ආගමික ප්‍රජාවන් අතර අවබෝධය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට මිනිසුන් එක් කරන විශේෂ අවස්ථාවකි.මිනිසුන් ලෝක ආගමික දිනය සමරන ක්‍රම කිහිපයක් පහත ආකාරයට දැක්විය හැකිය.
⭕අන්තර් ආගමික රැස්වීම්: ප්‍රජාවන් බොහෝ විට විවිධ ආගම්වලට අයත් පුද්ගලයන් ඔවුන්ගේ විශ්වාසයන්, සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් බෙදාගැනීම සඳහා එකට එක්වන සිදුවීම් පවත්වයි. මෙම රැස්වීම්වලට යාඥා, සංගීතය, ආහාර සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳ සාකච්ඡා ඇතුළත් විය හැක.
⭕අධ්‍යාපනික වැඩසටහන්: පාසල්, පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන විවිධ ආගම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ අන්තර් ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීමට වැඩමුළු, දේශන සහ චිත්‍රපට දර්ශන සංවිධානය කරයි.
⭕ප්‍රජා සේවය: බොහෝ සංවිධාන සහ පුද්ගලයන් ලෝක ආගමික දිනය භාවිතා කරන්නේ සේවා සහ පුණ්‍ය ක්‍රියාවන්හි නියැලීමට, අනුකම්පාවේ හවුල් වටිනාකම් ප්‍රදර්ශනය කිරීමට සහ අන් අයට උපකාර කිරීමට අවස්ථාවක් ලෙස ය.
⭕සමාජ මාධ්‍ය ප්‍රචාරණ: #WorldReligionDay සහ #UnityInDiversity වැනි හැෂ් ටැග් භාවිතා කරමින් සාමය, ඉවසීම සහ අවබෝධය පිළිබඳ පණිවිඩ බෙදා ගැනීමට මිනිසුන් සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරයි.
⭕කලාත්මක ප්‍රකාශන: චිත්‍ර ශිල්පීන් බොහෝ විට චිත්‍ර, මූර්ති, සංගීතය සහ සාහිත්‍ය නිර්මාණය කරන්නේ විවිධ ආගම්වලින් ආභාසය ලබමින්, අධ්‍යාත්මික ප්‍රකාශනයේ අලංකාරය සහ විවිධත්වය විදහා දැක්වීමයි.
ලෝක ආගමික දිනය යනු අපගේ වෙනස්කම් තිබියදීත්, අප සියල්ලන්ම අපගේ හවුල් මනුෂ්‍යත්වය සහ වඩාත් සාමකාමී සහ සාධාරණ ලෝකයක් සඳහා අපගේ පොදු අපේක්ෂාවෙන් සම්බන්ධ වී සිටින බව මතක් කර දීමකි. එය අපගේ විවිධත්වය සැමරීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ වඩාත් සුහදශීලී සහ ඇතුළත් සමාජයක් ගොඩනැගීම සඳහා එකට වැඩ කිරීමට දිනයකි.
Leo Poornima Nethmini
Friday, January 17, 2025
දියවැඩියා රෝගයට පලතුරුවල බලපෑම
දියවැඩියා රෝගයට පලතුරුවල බලපෑම
ඉන්සියුලින් හෝමෝනයට ශරීරය විසින් ප්‍රතිචාර නොදැක්වීම නිසා හෝ ඉන්සියුලින් ශරීරය තුළ ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම නිසා රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පමණට වඩා ඉහළ යාම දියවැඩියාව ලෙස හැදින්වෙන අතර දියවැඩියා රෝගය පාලනය කිරීමට පලතුරු ආහාරයට ගැනීම ඉතා සුදුසු වේ.එනම් පලතුරු වල පොහොසත් පෝෂක අන්තර්ගතය නිසා දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ ආහාර වේලෙහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි, නමුත් ඒවායේ බලපෑම පරිභෝජනය කරන වර්ගය සහ ප්‍රමාණය මත රඳා පවතී. දියවැඩියා රෝගීන්ට පලතුරු බලපාන ආකාරය පහත කරුණු ඔස්සේ හදුනාගත හැකිය.
🛑 *දියවැඩියා රෝගීන් සඳහා පලතුරු වල ධනාත්මක බලපෑම්*
1. *පලතුරු තන්තු වලින් පොහොසත් වීම*
ඇපල්, පෙයාර්ස් සහ බෙරි වැනි පලතුරු වල තන්තු බහුල වන අතර එය ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.
2. *අඩු ග්ලයිසමික් දර්ශකය (GI)*
චෙරි, මිදි සහ ස්ට්‍රෝබෙරි වැනි අඩු GI සහිත පලතුරු රුධිරයේ සීනි මට්ටමට අවම බලපෑමක් ඇති කරයි.එම නිසා මෙම පලතුරු ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට ඉතා සුදුසු වේ.
3. *පලතුරු විටමින් සහ ඛනිජ වලින් අනුන වීම*
පලතුරු අත්‍යවශ්‍ය විටමින් (දොඩම් වල විටමින් සී වැනි) සහ ඛනිජ ලවණ (කෙසෙල් වල පොටෑසියම් වැනි) ලබා දෙයි,එය සමස්ත සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තියට සහාය වේ.
4. *එකතු කළ සීනිවලට වඩා ස්වභාවික සීනි*
පලතුරු වල ඇති ස්වභාවික සීනි පිරිපහදු කළ සීනිවලට වඩා සෞඛ්‍ය සම්පන්න වන අතර තන්තු අන්තර්ගතය නිසා වඩා සෙමින් අවශෝෂණය වේ.
5. *ප්‍රතිඔක්සිකාරක ගුණය*
බ්ලූබෙරි, දෙළුම් සහ පැඟිරි පලතුරු වැනි පලතුරු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් දැවිල්ල අඩු කිරීමට සහ දියවැඩියාව සම්බන්ධ සංකූලතා වැලැක්වීමට උපකාරී වේ.
🛑* *දියවැඩියා රෝගීන් සදහා පලතුරුවල අහිතකර බලපෑම්*
1. *ඇතැම් පලතුරු වල අධික සීනි අන්තර්ගත වීම*
අඹ, අන්නාසි සහ මිදි වැනි සමහර පලතුරු වල ස්වභාවික සීනි ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර ඒවා විශාල ප්‍රමාණවලින් අනුභව කළහොත් රුධිරයේ සීනි වැඩිවීමට හේතු විය හැක.
2. *අධික පරිභෝජන අවදානම් වීම*
අඩු GI පලතුරු පවා විශාල කොටස් අනුභව කිරීම, කාබෝහයිඩ්රේට වැඩි කිරීමට හේතු විය හැක, රුධිර ග්ලූකෝස් පාලනයට බලපායි.
3. *යුෂ සහ වියළි පලතුරු*
පළතුරු යුෂ සහ වියළි පලතුරු වල සාන්ද්‍ර සීනි ඇති අතර තන්තු නොමැතිකම නිසා රුධිරයේ සීනි වේගයෙන් ඉහළ යයි.
උදා:- වියළි මිදි
⭕ *දියවැඩියා රෝගීන් සඳහා හොඳම පලතුරු (මධ්‍යස්ථ ලෙස පරිභෝජනය කරන විට):*
▪️ඇපල්
▪️බෙරි (ස්ටෝබෙරි, බ්ලූබෙරී, රස්බෙරි)
▪️දොඩම්
▪️පෙයාර්ස්
▪️කීවි
▪️පීච්
▪️කාමරංගා
▪️ඇඹරැල්ලා
▪️අලිගැට පේර (සීනි අඩු, සෞඛ්‍ය සම්පන්න මේදවලින් වැඩි)
⭕ *දියවැඩියා රෝගීන් සීමා කළ යුතු පලතුරු:*
▪️හොදට ඉඳුන අඹ
▪️අන්නාසි
▪️කොමඩු (එහි ඉහළ GI නිසා)
▪️වියළි මිදි
▪️කෙසෙල් (විශේෂයෙන් වැඩිපුර ඉදුණු)
ඒ අනුව දියවැඩියා රෝගීන් හා දියවැඩියා අවදානම සහිත පිරිස් පලතුරු ආහාරයට ගැනීමේදී ලබා ගන්නා ප්‍රමාණය හා ලබා ගන්නා වු පලතුරුවල ග්ලයිසමික් අගය පිළිබඳව සැලකිලිමත් වෙමින් පලතුරු ආහාරයට එකතු කරගන්නේ නම් ඔවුන්ගේ ශරීරයේ පැවැත්මට මෙන්ම දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීමටද පලතුරු උපකාරි වේ.
Thursday, January 16, 2025
දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම
දියවැඩියා රෝගයට පලා වර්ග වලින් වන බලපෑම
වර්තමානය වන විට බාල, මහලු වයස් බේදයකින් තොරව බොහෝ පුද්ගලයින් දියවැඩියා රෝගයට ගොදුරු වන බව අපට දැක ගත හැකිය. මෙම රෝගී තත්ත්වය සඳහා මූලිකවම බලපානු ලබනුයේ, ඉන්සියුලින් හෝමෝනයයි.
ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. ඒ අනුව, දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. මෙය වළක්වාලීමට පලා වර්ග මහෝපකාරී වන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
ඒ අනුව ගොටුකොළ, මුගුණුවැන්න, කන්කුන්, සාරණ, නිවිති, තම්පලා, අගුණ කොළ සහ තෙඹු යනාදි සියලුම පලා වර්ග දියාවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.
ඉහත සඳහන් කළ පරිදි, ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කිරීම සඳහා පලා වර්ග උපකාරී වේ. මීට අමතරව සජලනය වැනි තත්ත්වයන් අවම කරමින් දියවැඩියාව සමඟ සටන් කිරීමට පලා වර්ග වැදගත් වේ. නිදසුන් ලෙස, නිවිති, සාරණ සහ සලාද කොළ පෙන්වා දිය හැකිය.
කොළ පැහැති පලා වර්ගවල අධික තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වේ. බොහෝ විට මේවා ආහාරමය තන්තු වේ. මෙම තන්තු මඟින් රුධිර ප්‍රවාහයේ ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කරයි. එමෙන්ම ස්ථාවර රුධිර මට්ටම ප්‍රවර්ධනය කරයි. මෙනිසා බර කළමනාකරණය වීමක් ද සිදු වේ.
මේ අතරින් දියවැඩියා රෝගය සඳහා සුදුසුම පලා වර්ගයක් ලෙස තෙඹු හඳුනාගත හැකිය. තෙඹු කොළ වල ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට එය සමත් වන බව පෙනී යයි.
ගොටුකොළ, මුගුණුවැන්න, පොතුපලා, කන්කුන් වැනි පලා වර්ගවල විටමින් C, විටමින් K සහ පොටැසියම් වැනි ඛනිජ වර්ග බහුලව අන්තර්ගත වේ. එබැවින් දියවැඩියා රෝගයට මෙම පලා වර්ග අනුභවය තවත් යෝග්‍ය වේ.
මීට අමතරව පලා වර්ගවල ප්‍රතිඔක්සිකාරක ගුණයක් බහුලව පැවතීම ද දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වේ.
මේ අනුව පෙනී යනුයේ, දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පලා වර්ග මහෝපකාරී වන බවයි.
Tuesday, January 14, 2025
දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය
දියවැඩියා රෝගය පාලනයට ව්‍යායාම උපකාර වන ආකාරය .
දියවැඩියාව පාලනයට සහ වලක්වා ගැනීමට ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීමට ව්‍යායාම අතිශය වැදගත් වේ. එය
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමෙහිලා මෙන්ම රුධිරයේ සීනි හා මේද අම්ල සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.
ව්‍යායාම සිරුරේ ශක්තිය දහනය කිරීමටත්, බර පාලනය කිරීමටත් උපකාරීවේ. එමගින් මානසික ආතතිය අඩු කර ගැනීම දියවැඩියා රෝගය පාලනයට පිටුවහලක් වේ. එපමනක්ද නොව ප්‍රබෝධවත් හැඟීමක් පවත්වාගෙන යාමටද ව්‍යායාම ඉවහල් වන බව කිව යුතුය.
මීට අමතරව දිනපතා සිදු කරන ව්‍යායාම මඟින් සිරුර, ඉන්සියුලින් සඳහා දක්වන සංවේදීතාව වැඩි කරයි. එමෙන්ම දියවැඩියා ඖෂධ හා ඉන්සියුලින් වඩාත් ප්‍රතිඵලදායී වීම සඳහාද වැදගත් වේ.තවද ව්‍යායාම තුලින් රුධිරය සිරුරේ ගමන් කිරීම ක්‍රමවත් කරයි.
ව්‍යායාම මඟින් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාව අඩු කරයි. පාරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය දවාලීමට සුදුසු ලෙස කායික ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ව්‍යායාම කිරීම වැදගත්. සිරුරට ලබාගන්නා ආහාර සීනි හා මේදය ලෙසින් සිරුරේ මාංශ පේශීවල තැන්පත් වේ. ව්‍යායාම කිරීමේදී එම අනවශ්‍ය මේදය දහනය කරන අතර රුධිරියේ පවතින සීනි වලින් යළි අවශ්‍ය ශක්ති ප්‍රමාණය සිරුරට අවශෝෂණය කර ගැනීම නිසා ස්වයංක්‍රීයව රුධිරයේ සීනි මට්ටම පාලනය සිදු වේ.
සතියකදී වැඩි දින ගණනක්, අවම වශයෙන් මිනිත්තු 30 ක් ව්‍යයාමයන්හි නිරත වීම වඩාත් ඵලදායී වේ.
ඒ අනුව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යායාම වැදගත් සාධකයක් වේ.
Monday, January 13, 2025
තෛපෝංගල් දිනය
තෛපෝංගල් දිනය
අද 2025 ජනවාරි මස 14 වෙනිදා ය. තෛපෝංගල් දිනය අපට මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි?
මෙය යුරෝපයේ සහ දකුණු ආසියාවේ විශාලතම සංස්කෘතික හා ආර්ථික උත්සවයක් සේ සැලකේ.දමිළ ගොවියන් නමින් ලබා ගත් අස්වැන්නෙන්, කොටසක් අස්වැන්න ලබා ගැනීමට උපකාර කල සූර්‍යයාට,වර්ශාවට සහ ගවයින් සදහා පූජා කිරීම තෛපෝංගල් දින සිදු කරයි.මෙම දිනය අපට විශේෂ වන්නේ පරම්පරානුකූල,සාමකාමී සහ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය කිරීම,ආගමික සහ සමාජ ක්‍රියාවලීන් තුල සාමය,ගෞරවය හා සමෘද්ධිය සැලැස්වීම අරමුණු කොට ගැනීමයි.
තෛපෝංගල් උත්සවය, හින්දු ජනයා සමරන සාම්ප්‍රදායික අස්වනු නෙළීම සංකේතවත් කරන උත්සවයයි.ලොව පුරා සිටින හින්දු දමිළ ජනයා සහ හින්දු නොවන ජාතීනුත් තෛපෝංගල් උත්සවය සමරයි. *එදිනට* *දමිළ* *ජනතාව*
🟣 මැටි කළයක කිරි ඉතිරවීම.
🟣ගේ දොරකඩ කෝලම් රටා දැමීම.
🟣විවිධ රසකැවිලි වර්ග පිළියෙල කිරීම.
🟣තම ගවයා නහවා,සරසවා විශේෂ සැලකිලි දැක්වීම.
යනාදි කාර්‍යයන් හි නිරත වේ.
✨ලොව වටා බොහෝ රටවල ජනයා විසින් වසන්ත සෘතුවේ දී හින්දු තෛපෝංගල් උත්සවයට සමාන උත්සවයක් ද සමරනු ලැබේ.මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි,මහී කාන්තාව(පොළොව),වැසි දෙවි සහ අස්වනු නෙලා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා ස්තූති කිරීම,කෘතඥ වීම සදහා වේ.
🔵 පෝංගු යනු පිරී ඉතිරී යෑම වැනි තේරුමක් දෙන වදනකි.පෝංගල් බත් ඔවුන්ගේ ප්‍රධානම උත්සව ආහාරය යි.එය හකුරු,ගිතෙල්,කිරි,මුද්දරස්පලම් ආදී දේ යොදා පිසින පැණිරස බතකි.
🔵 මෙම උළෙල පැවැත්වෙන්නේ 'තායි' මාසයේ (දමිළ දින දර්ශනයේ දහවන මාසය) පළමු දිනයේදී ය.සූර්‍යයාගේ උතුරු දෙසට ගමන් කිරීම 'උත්තරායන' ලෙස හැදින්වේ.මෙම උත්තරායනය ඇරඹෙන්නේ තෛපෝංගල් දිනයෙනි.
🔵 පෝංගල් උත්සවයේ ආරම්භය සනිටුහන් කිරීම සදහා නව මැටි බදුනක පෝංගල් පිසීම සිදු කරයි.මුට්ටිය උතුරා යන විට ඒ වටා රැස්ව සිටින්නෝ 'පෝංගල් පෝංගල්'!!! කියති.සිංහලයන් කිරි උතුරවන්නා සේ කිරිබත උතුරා ගැලීම සුබ ලකුණක් බව ඔවුන් සලකයි.
*පෝංගල්* *උත්සවය* *දින* *කිහිපයක්* *පුරා* *සමරනු* *ලැබේ* .
🔘 *භෝගි* *පෝංගල්* - මෙය තෛපෝංගල් උත්සවයේ පළමු දවස වේ.නිවාස පිරිසුදු කිරීම,සුද්ද පවිත්‍ර කිරීම,කෙසෙල්,අඹ අතු,මල් මාලා සවිකර උත්සවය සදහා සූදානම් වීම මෙම දිනය තුළ සිදු කරයි.මෙදින ඉන්ද්‍ර දෙවියන්ට පූජා පැවැත්වීම ද සිදු කෙරේ.භෝගී පෝංගල් පරණ අවුරුද්දේ අවසාන දිනයයි.
🔘 *සූර්‍ය* *පෝංගල්* - ජනවාරි 14 දින.මෙදින උදෑසනින්ම කාන්තාවන් නිවස ඉදිරිපිට අතුගා පිරිසිදු කොට කෝලම් අදියි.කෝලම් රටා ඇදීමේදී බොහෝ විට ඔවුන් හාල් පිටි භාවිතා කරන්නේ,ඒවා කුහුඹුවන් වැනි සතුන් හට ආහාර වීමට ය.එය මෙම උත්සවය සොබා දහම හා බද්ධ වී ඇති ආකාරය මැනවින් කියා පායි.එසේම මෙදින උදෑසන ස්නානය කොට පිරිසිදු වී අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී පෝංගල් බත් පිසීම ද ප්‍රධාන වේ.මෙය සිදු කරන්නේ නිවසින් පිට අලුත් ලිපක් බැද වීම සුවිශේෂී වේ. එම බත පිසූ පසු එහි මුල්ම කොටස ඉරු දෙවියන්ට,ඉන්ද්‍ර දෙවියන්ට සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරනු ලබයි.ඒ සදහා උළුදු වඩේ ද වෙනස් රසකැවිලි ද පූජා කරයි.
🔘 *මාට්ටු* *පෝංගල්* - මාට්ටු පෝංගල් සමරනු ලබන්නේ තෛපෝංගල් දිනයට පසු දා වේ.තම අස්වැන්න ලබා ගැනීමට උපකාරී වූ ගවයන් සදහා කෘතගුණ සැලකීම මෙදින සිදු කරයි.මෙම සතුන්ව නහවා පිරිසිදු කොට,මල්මාලා වලින්,අලංකාර කොට,කහවතුර ගල්වා,කුංකුම ආලේප කිරීම සිදු කෙරේ.මෙදින ඇතැම් ගැමියන් පොල් අත්තකින් හුලු අත්තක් පත්තු කර ගවයා වටා ගෙනගොස්,ඉන්පසු එය රැගෙන ගමේ කොණකට දිව ගොස් හුලු අත්ත අතහරියි.මෙය ගවයින්ට ඇති ඇස්වහ සහ අමනුශ්‍ය බැල්ම සමනය කිරීම සිදු කරනු ලැබේ.
🔘 *කානුම්* *පෝංගල්* - මෙය තෛපෝංගල් උත්සවයේ අවසාන දිනය යි.මෙදින වෙන් වී ඇත්තේ නෑ ගම් යෑම,නෑ හිතමිතුරන් සමග තෑගී බෝග හුවමාරු කරගැනීම සදහා වේ. තෛපෝංගල් උත්සවයේ ප්‍රධානතම අරමුණ වන්නේ,අලුත් සහලින් දෙවියන් පිදීමයි.සිංහල අවුරුද්දට සමාන වන මෙය අවුරුදු 2000 ක ඉතිහාසයක් ඇති මෙම උත්සවය ලොව පුරා එක හා සමානව සමරනු ලැබේ.
ඉන්දියාව,සිංගප්පූරුව,කැනඩාව,ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව වැනි දමිළ ජනයා වැඩියෙන් වෙසෙන රටවල මෙය ජනප්‍රිය වේ.එනමුත් තෛපෝංගල් සැමැරුම ඉහළින්ම සිදුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ය.
ගොවිතැන වටා බැදුනු සංස්කෘතියත්,සශ්‍රීකත්වය සමරන ආකරයත් පිළිබඳව අපට අනුමානයක් ලබා ගැනීමට හැකි වනු ඇත.එසේම එවැනි සංස්කෘතීන් සමග ජනයා සොබා දහම හා බැදී ඇති ආකාරය අපට සිතුවමක් සේ ගම්‍ය වේ.
Sunday, January 12, 2025
දුරුතු පුන් පොහොය දිනය
අද අභිනව වර්ශ 2025 දුරුතු මස 13 වෙනිදා ය.දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොය යි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විශය වන පරිසරය සැකසීම අනුව ය.වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට,නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේද යන්න සම්බන්ධව ද මෙනෙහි කළ යුතු හොද ම කඩඉමකි.
දුරුතු පුන් පොහෝ දිනයේ වැදගත් සිදු වීම් මෙසේ පෙළගැස්විය හැකිය.
(1). තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් පියවර තැබීම .මෙය දුරුතු පුන් පොහොය දින වැදගත් වන ප්‍රධානම සාධකයකි.තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව නැත් නම්,දුකේ වෙළී-පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවාගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝ දා බැවිනි.
(2). තුන් බෑ ජටිලයන් හා දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කිරීම .බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන් බෑ ජටිලයන් වන,උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරන ලද්දේ දුරුතු පොහෝ දා ය.
(3). බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය බුදුරදුන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමන් නැත් නම් ලක්දිවට වැඩමවීම සිදු වූයේ ද මේ පුන් පොහෝ දා ය .මහියංගණයට වැඩමකොට යක්ශ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.
(4). බුදුරදුන්ගේ කේශ ධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම .බුදුරදුන්ගේ කේශධාතු තැන්පත් කොට ඇත්තේ මහියංගණයේ ය. සුමන සමන් දෙවියන් විසින් මහියංගණ දාගැබ ඉදිකොට,එහි බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියෙකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේ මහියංගණ දාගැබ යි. මහීන්+අංගණ - 'මහියංගණය' විය.මිනිසාට ශාන්තිය උදා කරන 'තැන්න' නැත් නම් 'ආලිංගණය' වූ නිසා මහියංගණය නම් විය. දුරුතු පොහෝ දා අපට ලැබුණු අති උත්තම දායාදයකි. ඒ අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරැළියක් විය.ඒ විතරක් නොව , තවත් සිදුවීම් රැසක් මෙයට හේතු කාරණා වී ඇත .ඒවා මේ ආකාරයට පෙළ ගැස්විය හැකිය..
♦️මානව සමාජය විවිධ ආකල්පවල එල්බගෙන් සිටි හෙයින් 'නිසි මාර්ගය' නැත් නම් 'විමුක්ති මාර්ගය' කුමක්ද යන්න සොයාගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.මිනිසා ගස්වලට වන්දනය කළේ ය. තවත් පිරිසක් ගල්වලට වැදුම් පිදුම් කළහ.ඇතැමෙක් හිරුට වන්දනය කළහ. එයින් නොනැවතුණු සමහරු අනංගයාට වැදුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියා ය. ආදරයට අධිපති අනංගයාට වැදුම් පිදුම් කළහොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ. එසේම ඇතැම්හු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. චෞරනාග,මහානාග,වීරනාග,ඉලනාග ආදී නම් එයට හොදම නිදසුන් ය. මෙවන් පරිසරයක සිටි ජනකායකට බුදුරදුන් ලක්දිවට වැඩම කොට,එම අදුරු වලා පටලයෙන් නැත්නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමගට ගන්නට දැරූ තැන ද ඉතා ප්‍රශංසනීය ය.
♦️ ඉන් අනතුරුව උගත් සග පරපුරක් බිහි වී මහා කැලෑ එළි පෙහිළි වී ,ගල්ලෙන්වලට වී සගරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පෝය දා ය. එයට පසුබිම සැකසුණේ ද මෙදා ය.
♦️යතිවරුන් බුදුරදුන්ගේ පවත්නා අනන්ත වූ ගුණ සමුදායෙන් අංශුවක් නැත් නම් කණිකාවක් හෙළි කිරීමට
අමාවතුර
බුත්සරණ සද්ධර්මරත්නාවලිය
සද්ධර්මාලංකාරය
පූජාවලිය
දහම් සරණ
සග සරණ බදු ග්‍රන්ථ වලින් හෙළි කෙළේ බුදුගුණය යි. ඒ බුදුගුණ ජනකායට අසන්නට සැලසීම මහා පුණ්‍ය කර්මයකි.
♦️බෞද්ධ ග්‍රන්ථ වලින් නොනැවතුණු එදා සමාජය ගලට ද ජීවයක් කැවීමට උත්සුක් වූහ. හැඩිදැඩි ගලට ජීවයක් කැවීමට යාමේ සාධක ලෙස බුදු පිළිම,සදකඩපහණ, මුරගල,කොරවක්ගල ආදී කැටයම් හැදින්විය හැකි ය.
බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මගින් කෙළේත් බුදු මහිමය කියාපෑමය.අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදුගුණ යි. බුද්ධ චරිතය යි.බුද්ධ ධර්මය යි.මේ දක්වා පැමිණි ගමන් මගට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොය යි.දුර ගමනක් යන්නට ඇති හෙයින් ද, දුර බලන්නට හැකි සන්ධිස්ථානයක් ලෙස ද දුරැත්ත මෙසේ දිග හැරිය හැක.
Leo Methasha Pasindi
දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග
දියවැඩියා රෝගීන්ට සුදුසු - නුසුදුසු ආහාර වර්ග
බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය. විශේෂයෙන්ම අද වන විට අප හුරුවී සිටින ආහාර රටාව නිසාද දියවැඩියා රෝගීන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එනිසා මෙම ලිපිය හරහා දියවැඩියා රෝගීන්ට සුදුසුම් හා නුසුදුසු ආහාර වර්ග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ.
පිෂ්ඨය, ප්‍රෝටීන, මේද, ඛනිජ ලවණ හා විටමින් අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීම සෑම රෝගයකටම ගුණදායක වේ. මෙහිදී ආහාර පිරමීඩයට අනුව ආහාර ප්‍රමාණ සකසා ගැනීමට අවධානය යොමු කළ යුතු අතර එහිදී ප්‍රධාන අංගය වන පිෂ්ඨය දියවැඩියා රෝගීන් ලබා ගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. නැතිනම් පිෂ්ඨය අධික වී රුධිර ගත සීනි මට්ටම තවත් ඉහළයා හැකිය. නමුත් කෙඳි වැඩි ප්‍රමාණයක් තිබෙන විට ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද වන අතර කුසගින්න දැනීමද ප්‍රමාද කරයි. මෙහිදී කෙඳි බහුල ආහාර ලෙස නිවුඩු සහල්, කුරක්කන්, උළුඳුපිටි, මුං ඇට, කඩල ආදිය දැක්විය හැකිය.
දියවැඩියා රෝගීන් ලබාගන්නා පිෂ්ඨ ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර සෑම දිනකම එකම ප්‍රමාණයක් ගත යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වැළකිය යුතුය.
මේදය ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම භේද වර්ගය ගැනද සැලකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් සුදුසු නැත. පොල්තෙල් සුදුසු නමුත් භාවිතයට ගත යුත්තේ අවම වශයෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස් යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නොවේ.
ප්‍රෝටීන් ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල, කව්පි , පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුළු මස් වලින් ප්‍රෝටීන සපයා ගත හැකිය. කුඩා මාළු වර්ග ඉතා ගුණදායකය. මුගුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති, කංකුං කතුරුමුරුංගා ආදී සියලුම පලා වර්ග ගුණදායකය. බෝංචි, මෑකරල් දඹල, වම්බටු, එලබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා ආදී පිෂ්ඨය අඩු එළවළු වර්ග ගුණදායකය.
අතුරුපස ලෙස පළතුරු වර්ග හා සීනි රහිතව මුදවන ලද කිරි ආහාරයට ගත හැකිය. පුඩින් වර්ග, චොක්ලට්, ටොෆි, වටලපන්, අයිස් ක්‍රීම්, කේක්, රස කැවිලි, තලගුලි, ජෙලිවර්ග, පැණිබීම, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග ආදිය නුසුදුසුය. ක්ෂණික ආහාර වර්ග භාවිතය අවම කළ යුතුය.
දියවැඩියා රෝගය ආහාර මගින් පාලනය කර ගැනීමට දෛනිකව ලබා ගන්නා ආහාර බඳුනේ හතරෙන් එකක් බත් ද , හතරෙන් එකක් එලවළුද , හතරෙන් එකක් පලා වර්ගද, ඉතිරි හතරෙන් එක ප්‍රෝටීන සහිත ආහාර වර්ගද වශයෙන් කොටස් කර ආහාර ගැනීම වැදගත් වේ.
Saturday, January 11, 2025
දියවැඩියා රෝගයේ ප්‍රතිඵල
*දියවැඩියා රෝගය යනු, රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම අධිකව තිබීම නිසා සිදුවන දිගුකාලීන රෝගයක් වන අතර, එය ප්‍රධාන වශයෙන් *ඉන්සුලින්* හෝ *ඉන්සුලින් කාර්යය* සමඟ සම්බන්ධිත ගැටලු මත සිදුවේ. දියවැඩියා රෝගය තුළ ඇති ප්‍රතිඵල හෝ අවපීඩනයන්ට මුලින්ම ප්‍රතිකාර නොකළොත් ඇතිවන ගැටලු පහත පරිදි වේ:
1. *අධික රුධිර සීනි මට්ටම (Hyperglycemia)*
- දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීම.
- මෙම තත්වය නිසා ශරීරයේ පරිණාම ක්‍රියාවලියන් බලපායි.
*2.ඇසේ කාච වල හානි සිදු වේ*
-ඇසේ කාචවල හානි සිදු වීම සිදු වේ.එම නිසා ඇස් පෙනිමේ දුර්වලතා ඇති විය හැක.
-අධික ලෙස සිනී මට්ටම ඉහල යාම නිසා රුධිර නාලිකා වලට හානි වීම සහ විකෘති වීම සිදු වේ.
-දිගු කාලිනව මෙම රෝගය පැවතිම දෘශ්‍ය මට්ටම අඩු වීම හා සම්පුර්ණයෙන්ම නැති වීමට හේතු වේ.
*3. හෘද රෝග සහ හෘද වාහිනි ආබාධ*
- දියවැඩියා හෘද රෝග හා ස්වයංක්‍රීය රුධිර නාලිකා වර්ධනය හා හෘද රෝග ඇතිවීමට හේතු වේ.
- රුධිර පීඩන වැඩිවීම (Hypertension) සහ රුධිර මට්ටම වැඩිවීම (Hyperlipidemia) හෘදයාබාධ වැනි තත්වයන් ඇති කරයි.
4. *ස්නායු ව්‍යථ වීම*
- දියවැඩියා නිසා සංවේදී ස්ථාන හා මනෝභාව පීඩනයට පත්වීම.
- අඩු සංවේදීතාවය අත්, පාද හා ඇස්වලට බලපායි .
- ශක්තිය අඩු වීම, ස්නායු දුර්වල වීම අහිතකර අත්දැකීම් ඇතිවීමට හේතු වේ.
5. *පාද ආසාදනයන්*
-දියවැඩියා රෝගීන්ගේ පාදවල සංවේදීතාවය අඩු වීම නිසා ආසාදන ඇතිවීම.
- මෙම ආසාදන සජීවීතා අඩු කිරීම හා අසනීප තත්වයන් ඇති කළ හැක.
6. *වකුගඩු වලට හානි වීම*
- දියවැඩියා රෝගය වකුගඩු (kidney) ආසාදනය ඇති වීමට හේතු වේ.
- සීනි මට්ටම වැඩිවීම නිසා, ටිකෙන් ටික වකුගඩු ක්ෂය වීමේ අවදානමක් ඇත.
7. *සමහර විට, මාරාන්තික රෝග (Cancer)*
- දියවැඩියා රෝගය ස්ත්‍රී හා පුරුෂ ලිංග ආශිතව රෝග වර්ධනය කිරීමට හේතු වීම.
-දිගු කාලිනව දියවැඩියා රෝගය පැවතිම පිළිකා රෝගයට ද හේතු වේ.
8. *හෝමෝන හා සිරුරේ විකෘතිය*
- දියවැඩියා රෝගය ඉන්සුලින් ප්‍රතිචාරය වෙනස් කිරීමෙන්, හෝමෝන වලට අවශ්‍ය කාර්යයන් අඩු වීම.
දියවැඩියා රෝගය හොඳින් පාලනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, ආහාර පාලනය අවශ්‍ය වේ.දියවැඩියා රෝගය යනු, ජීවිතයේ දිගු කාලීන ගැටලු සහ අනතුරුදායක ප්‍රතිඵල ඇති කරවන රෝගයකි. එම නිසා රෝගීන්ට ඉතා වැදගත් වනුයේ සීනි මට්ටම පාලනය කිරීම, පෝෂණ යෝජනා හා ව්‍යායාම ප්‍රතිකාර මගින් අදාළ ප්‍රතිඵල වලින් වැලැක්වීමයි.
*Article by - Kavindya indumini*
Thursday, January 9, 2025
පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)
පළමු වර්ගයේ දියවැඩියාව (Type 01)
පළමු වර්ගයේ දියවැඩියාව, ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව ලෙස හැඳින්වේ, මෙය නිදන්ගත තත්වයකි. මෙම තත්වය තුළ අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවීමක් සිදු නොකරයි. ඉන්සියුලින් යනු ශක්තිය නිපදවීමට සෛල තුළට සීනි (ග්ලූකෝස්) ඇතුළු කිරීමට ශරීරය භාවිතා කරන හෝමෝනයකි. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් 5%ක් පමණ පළමු වර්ගයේ දියවැඩියාවට ගොදුරු වූවන් බව සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙයි.
ප්‍රවේණි විද්‍යාව සහ සමහර වෛරස් වැනි විවිධ සාධක 1 වර්ගයේ දියවැඩියාවට හේතු විය හැක. පළමු වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ඇති වුවද, එය වැඩිහිටියන් තුළ වර්ධනය විය හැක. මෙයට වයස් සීමාවක් නොමැත
රෝග ලක්ෂණ:
🩸වෙනදාට වඩා පිපාසය දැනීම.
🩸වැඩිපුර මුත්‍රා පිටවෙයි.
🩸රාත්‍රියේදී කිසි දිනක ඇඳ තෙත් නොකළ දරුවන් ඇඳ තෙත් කිරීම.
🩸නිතර නිතර බඩගිනි දැනේ.
🩸උත්සාහයකින් තොරව බර අඩු වී යයි.
🩸නිතර කෝපය ඇති වීම
🩸තෙහෙට්ටුව සහ දුර්වල බවක් දැනේ
නියමිත පරිදි රෝගය හදුනාගත් විට
📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට දිගු, නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය.
📌ඔබ ඔබේ රුධිරයේ සීනි මට්ටම පිළිබඳව හොදින් නිරීක්ෂණය කළ යුතුය.
📌ඔබේ වෛද්‍යවරයා ඔබට රුධිරගත ග්ලූකෝස් මට්ටම තිබිය යුතු සංඛ්‍යා තිබිය යුතු පරාසයක් ලබා දෙනු ඇත.
📌ඔබේ ඉන්සියුලින්, ආහාර සහ ක්‍රියාකාරකම් අවශ්‍ය පරිදි සකස් කරන්න.
📌පළමු වර්ගයේ දියවැඩියාව ඇති සෑම කෙනෙකුම ඔවුන්ගේ රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත් භාවිතා කළ යුතුය.
පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදුවේ
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට මත්ද්‍රව්‍ය වල බලපෑම
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව පැන නැගුණේ මෑතකදී නම් නොවේ. එය පෘතුගීසි යුගය දක්වා දිවයන්නකි. එනම් පෘතුගීසින් විසින් ලංකාවට අබිං යන මත්ද්...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcaIVQx4q4q_o5V7gszlnHvZW1egr2mCSMGH8LGRxluAzGY1Rgwm9M1C4-TTsPvCuA6cezu_hIwA0wyt52lnlQetGgg9WaLcMfljPjwZ-ZQB1xP3RitxkqdoKH06bRokHIcstoWOCdl3O8JFcPU2nBNu65bUYvPBfRAr94vU2-VU6iLe2n_F9gsiQTMCJl/s320/IMG-20250219-WA0006.jpg)
-
තිරසාර කසළ කළමණාකරණයක් ඔස්සේ විසිතුරු භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කරන සන්නාම සහ එමගින් සමජායට ඇති කරන ධනාත්මක බලපෑම වර්තමානය වන විට ප්රතිචක්ර...
-
Safe Guard Phase - 1 Session - 1 காஸா மீதான தாக்குதல் காட்டுமிராண்டித்தனமான அடக்குமுறையை வெளிக்காட்டி நிற்கும் தேசிய இனப்பிரச்சினையாகவும்,பூ...
-
Safe Guard Phase - 1 Session - 1 “Food waste is a global tragedy. Millions will go hungry today as food is wasted across the world.” ...