Saturday, January 25, 2025

අකුණුවල දරුණු බව


 අකුණුවල දරුණු බව 


ශ්‍රී ලංකාවේ අකුණු අනතුරු යනු බහුලව සිදුවන ස්වභාවික ආපදාවකි.බස්නාහිර පළාතට අප්‍රේල් මාසයේ අකුණු සැර වැදී ම් බහුලව සිදුවන අතර බක්මහා අකුණු ලෙස ඒවා හඳුන්වයි.මේ බක් මහා අකුණු වලට මුහුණදීමටට සිදුවූ පුද්ගලයෙකුගේ කතාවකි.


නිවේදකයා :ඔබ මුහුණ දී තිබේන්නේ මානුෂීය ආපදාවකටද නැත්නම් ස්වභාවික ආපදා තත්ත්වයකටද?


දත්ත දායකයා:2013වසරේදී මා පාසල් ගොස් ගෙදර පැමිණ පාසලේදී ලාබා දුන් වැඩ කරමින් සිටින විට සවස 4පමණ නිවසට අකුණු සැර පහරකට ලක් වීය.කිසිදු වැහිබර කාලගුණ තත්ත්වයක් තිබුනෙත් නෑ.එදා ගෙදර හිටියේ අම්මයි,අච්චියි ,මායි විතරයි .


නිවේදකයා :ආපදාවන් නිසා ඔබට අහිමිවීම් සිදුවී තිබේද?


දත්ත දායකයා:ඔව් .ගොඩක් අහිමි වුණා.බිත්ති පිපිරීම් සිදුවුණා .විදුලි බල්බ් ගොඩක් පිච්චිලා ගියා.වතුර මෝටරය පිච්චිලා ගියා.ආආ තව රේඩියෝ එක කැලි කැලි වලට කැඩිලා  විසික් වුණා.හැබැයි දෙයියනේ කියලා ජීවිත ටික බේරුණා.


නිවේදනයා:අපදාව තුලින් ඔබට කුමන ආකාරයේ බලපෑමක් එල්ල වුණිද?


දත්ත දායකයා:ඔව් ආපදාව තුළින් අපට විශාල වශයෙන් බලපෑමක් එල්ල වුණා.ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ එය ආර්ථික වශයෙන් එල්ලුණ බලපෑමක්.පිච්චුන විදුලි උපකරණ ටික ගන්න ත් නැවත නිවාසයේ විදුලිය යථා තත්ත්වයට පත් කරගන්න විශාල මුදලක් වැය වුණා.


නිවේදකයා:හොඳයි. අපි ඊළඟට බලමු ඔබට විදුලි සැරවැදීම් නිසා කුමන ආකාරය හෝ ආබාධයන්ට ලක්වුනාද?


දත්ත දායකයා:පිටට පේන්නනම් ආබාධයක් ඇති වුණේ නෑ.නමුත්  ඒ වෙලාවේ දැඩි ශක්තියක් ආපු නිසා බය ඇතිවුණා.අම්මව නං ඒ ශබ්දෙට වැටිලා තිබ්බා .අත පොඩ්ඩක් තුවල වෙලා තිබුණා.


නිවේදකයා: එම ආපදාවට ලක් වූ අවස්ථාවේ ඔබට දැනුණු හැඟීම් කුමන ආකාරයද?


දත්ත දායකයා: අනේ මන්දා වෙලාවේ හැටියට මොනවක්වත් හිතාගන්න බැරි උනා.


නිවේදකයා:එය සිදුවියේ කෙසේද?


දත්ත දායකයා:අම්මා වැහිබර කාලගුණයක් තිබ්බේ නැති හින්දා රේඩියෝ එකේ බණ දැම්මා.දාලා පැය භාගයක් විතර යන්න ඇති විශාල විදුලියක් සමග රේඩියෝ එක කෑලි කෑලි වලට  කැඩිලා ගේ පුරා විසික් වුණා.


නිවේදකයා:ආපදාවෙන් පසු ආර්ථිකමය වශයෙන් ඔබට කවර ආකාරයෙන් බලපෑමක් සිදුවූයේද?


දත්ත දායකයා:සිදුවූ ආර්ථික බලපෑම නම් කියලා ඉවර කරන්න බැහැ.අපි ගෙදර  අලුත්වැඩියා කරන්න රත්තරන් බඩු ටික උකස් කරලා සල්ලි ගත්තේ.ඒවා බේරගන්න අවුරුදු ගානක් ගියා.


දැන් නං අපි ටී.වී,රේඩියෝ එක එහෙම දානකොට හොඳට පරිස්සම් වෙනවා මෙවැනි ආපදාවක් ඇති නොවෙන විදිහට.


නිවේදකයා:ඔබට ස්තුතියි අපි වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන් කරාට.

Bak Full Moon Poya Day 2026

Bak Full Moon Poya Day 2026 – A Sacred Day of Peace, Wisdom & Reflection ☸ ✦ ✦ ✦...