Monday, August 21, 2023

ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය


 

ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය

සුබවාදී සමාජයක් ගොඩනැගීම හා පවත්වාගෙන යෑම සඳහා සිය ජීවිත කාලයම කැප කළ ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව ගේ එම සේවාව අගයනු වස් ලෝක  ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් මහතා විසින් පළමු  වරට ප්‍රකාශයට පත් කළ මෙම දිනය 1991 වසරේ සිට සෑම වසරකම අගෝස්තු 21 වන දින නිල වශයෙන් සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ( UN) සඳහන් කර ඇති පරිදි 2050 වන විට වැඩිහිටි  ජනගහනය බිලියන 1.5 ක් ඉක්මවන බව පුරෝකතනය කර ඇත. මෙම තත්ත්වය නැගෙනහිර ආසියාව තුළ කැපී පෙනෙන ලෙස හඳුනා ගැනීමට හැකියාව ඇති තත්වයකි.

අනුව රටක පුරවැසි ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් වූ මෙම  ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඇතැම් අය තවමත් ශ්‍රම බලකාය සවිමත් කිරීමට සැලකිය යුතු මට්ටමින් ක්‍රියාශීලීව කටයුතු කරයි. නමුත් අද වනවිට  ගතිකත්වයත් සමග ලෝකයේ මෙම පිරිසට මුහුණ දීමට සිදුවන අභියෝග ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී.ඔවුන්ගේ යහපැවැත්ම තර්ජනයට ලක්වීම වළක්වා ගැනීම, සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම, ගුණාත්මක පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරඹයා ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතින ගැටලු සහගත තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් හමුවේ ගතිකත්වයට පත්වන ලෝකය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වන අපයෝජන මෙන්ම වයස්ගත පිරිහීම ආදිය පිළිබද දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී දිනය ප්‍රකාශයට පත් කරඇත.

ඔවුන් සතු දැනුම හා අත්දැකීම් වල උත්කෘෂ්ට බවින්ම මෙම පුරවැසි ප්‍රජාවගෙන් ලෝකයට සිදු වූ හා සිදුවෙමින් පවතින සේවාව නිතැතින්ම හඳුනාගත හැකිය. උණුසුම් සිනහවක් හා කාරුණික හදවතක් හිමි ඔවුන් ලෝකයකට  අගනා සම්පතකි. එබැවින් ඔවුන් රැක බලා ගැනීම සියලු දෙනාගේම ස්වයං ශික්ෂණය හා සබැඳි යුතුකමක් නොව වගකීමකි.

Leo Nisansala Pathirana

Second year

Faculty of Arts


Wednesday, August 16, 2023

W3 Article 07


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 7

 

භාවිතා කර ඉවතලූ දෑ ඇසුරින් ස්වයං රැකියා අවස්ථා  බිහිකරමු.

 

වර්තමානයේ පවතින ආර්ථික රටාවත් එක්ක පවුලකට එක පඩියකින් ජීවත් වෙන්න අතිශය  අමාරුය. ඒ නිසාම ගොඩක් දෙනා ගෙදර ඉ​ඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඉතින් වැඩි ආදායමක් හදාගන්න , ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන් හොඳම විදියට ඔයාලට ස්වයං රැකියාවක් පටන් ගන්න මොනාද කරන්න පුළුවන්?ඒ වගේම අපි භාවිතා කර ඉවතලු දෑ ආශ්‍රියෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා මොනාවදා? ඒ ගැන තමයි අපි අද කතාකරන්නේ.

 

මෙහිදී අපි එදිනෙදා භාවිතා කර ඉවතලන දෑ ආශ්‍රියෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා ගැන කතා කලොත්,අද වන විට සමාජයේ පවතින ලොකු ප්‍රශ්නයක් තමයි කුණු නැත්නම් අපි පාවිච්චියෙන් පසුව  ඉවතලන දේවල්. ඉතින් අපිට මේ ප්‍රශ්නය යම්තාක් දුරට හරි අඩුකරගනිමින් ඒ දේවල් යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිද?  එසේ අඩු පිරිවැයකින් ඉවතලන දේවල් යොදාගෙන ආරම්භ කළ හැකි ස්වයං රැකියා මොනවද?  මෙහීදි අපිට පුළුවන් අපේ ගෙදර කුස්සීයේ ඉවතලන එළවළු,කුණුරොඩු එකතු කරලා කොම්පොස්ට් ව්‍යාපෘතියක් පටන් ගන්න. ඊටපස්සේ ඒවා පොඩි පැකට් වලට හදලා අලෙවිකරන්නත් පුළුවන්. අද වන විට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම කොම්පොස්ට් පොහොර සදහා විශාල වෙළෙදපොළක් බිහිවී තිබෙනවා.

 

තවත් අදහසක් තමයි ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ වලදී ඉවතලන කඩදාසි, පැන්සල් රොඩු, ඉවර වුණු පෑන්, ප්ලාස්ටික් බෝතල් ආදි ඉවතලන නොයෙකුත් දේවල් යොදාගෙන බිත්ති සැරසිලි ,අත්කම් නිර්මාණ,කඩදාසි මල්,පෑන්/පැන්සල් රදවන වගේ ලස්සන ලස්සන අලුත්  නිර්මාණ කරන්න පුළුවන්.එතනදි අපිට ගොඩාක්ම අවශ්‍ය  වෙන්නේ ඔයාගේ නිර්මාණශිලී දැනුම.ඊට පස්සේ ඔයාට පුළුවන් නවීන මාකටින් ක්‍රමවේ​ද යොදාගෙන ඔයාගේ ප්‍රඩක්ට් එක අලෙවි කරගන්නත්.

 

අපේ ගෙවල් වල පාවිච්චියෙන් පස්සේ  ඉවතලන තවත් ප්‍රයෝජනවත් දෙයක් තමයි පොල්කටු. ඉවතලන පොල් කටු උපයෝගි කර ගනිමින් ද අපිට විවිධ නිර්මාණ කළ හැකි අතර ඒවා අලෙවියෙන් ආදායමක්ද උපයා ගත හැකියි. ඉතින් මොනවාද මේ අපිට පොල්කටු යොදගෙන කරන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ අනූව විවිධ මෝස්තරවලින් යුක්ත වූ තේ පෝච්චි සහ කෝප්ප, තේ කොළ බහාලන, ආභරණ පෙට්ටි, පොල් කටු ආභරණ, මැණික් බහාලන, හැඳි, මේස ලාම්පු, බිත්ති ලාම්පු හා විවිධ මෝස්තර සහිත සැරසිලි ඇතුළු තවත් බොහෝමයක් නිර්මාණ ඊට ඇතුළත්ය. පොල්කටු කලාව කියන්නේ ගොඩාක් ඉපැරණි කලාවක්. නමුත් වර්තමානයේ දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ දේශීය හස්ත කර්මාන්ත සහ  කලාකරුවන්ගේ නිර්මාණ  වල සැපයුම විශාල ලෙස පහත වැටී ඇත. කෙසේ නමුත් එවැනි කලාත්මක නිර්මාණ වලට ඇති පාරිභෝගිකයන්ගේ ඉල්ලුම,අභිරුචිය නම් තවමත් එසේමය. ඒ නිසා මෙයත් ඔබට ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරගන්න ඉතාම හොඳ අදහසක්.

 

මීට අමතරව අපට ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන ආරම්භ කළ හැකි ස්වයං රැකියා ගැන කතා කරන විට, ඉවතදමන පොල්ලෙලි යොදාගනිමින් කොහුබත් නිෂ්පාදනය කර අලෙවිය කිරීම,පොල් ඉරටු යොදාගනිමින් ඉදල් නිෂ්පාදනය,ඉවතලන ටයර්,බෝතල්,ප්ලාස්ටික් බදුන් ආදිය වගා කිරිමට යොදාගැනීම,රෙදි මසා ඉතිරි වන රෙදි වලින් පාපිසි, අත්පිස්නා වගේ කුඩා කුඩා දේවල් අලංකාර ව මසා අලෙවිය, පොල් කොළ හා ඉවතලන නුල් ,කෙදි වර්ග උපයෝගී කරගනිමින් බෑග්,මලු ආදි නිෂ්පාදනය යනාදි නොයෙකුත් ව්‍යාපාර ආරම්භ කළ හැකිය.

 

මේ විදියට ඉවතලන දේවල් යොදාගෙන අලුත්  දේවල් නිෂ්පාදනය කර අලෙවියෙන් දියුණුවට පත් වූ අය ඕනතරම් අද සමාජේ ඉන්නවා. ඒ වගේම පාවිව්චියෙන් පස්සේ ඉවතලන දේවල් යොදාගෙන අලුත් දේවල් නිපදවන ඒක පරිසරයටද ඉතාමත් හිතකරයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරද්දී ගොඩාක්ම වැදගත් වෙන්නේ ඔයාගේ මනස. ඔයාගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගනිද්දි ධනාත්මක වෙන්න. අලුතින් හිතන්න,අලුත් දේවල් පටන් ගන්න.ඔයාට හිතපුවත් නැති විදියේ ලස්සන ගමනක් යන්න පුළුවන් වෙයි.

 

ඉතින් මේ අපගේ අවසාන ලිපියයි. මේ ලිපි පෙළ පුරාවටම වගකීම් සහගත පරිභෝජනය පිළිබද කරුණු ඉදිරිපත් කරමින් අප ඔබව දැනුවත් කලා. අපත් සමග රැදී සිටි ඔබ සියලු දෙනාටම ස්තූතියි !!

 

By ,

Leo Tharu  Weerasinghe

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


Monday, August 14, 2023

W3 Article 06


 


W3

Waste | Wise | Waves

Phase I

Article 6

වර්තමානය වන විට ප්‍රභලතම ගැටලුවක් බවට පත් වී ඇති E- waste යනු සියලුම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය ලෙසින් සරලව නිර්වචනය කළ හැක.

සැබවින්ම මේ වන විට ගෝලිය අර්බුදයක් බවට පත්ව ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය හේතුවෙන් බොහෝ අර්බුදකාරී තත්වයන් පැන නැගී ඇති අතර ඒ නිසාවෙන්ම ඇමරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව වැනි රටවල් මෙම අපද්‍රව්‍ය තර්ජනයෙන් ගැළවීම උදෙසා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.තවද ශ්‍රී ලංකාවද රාජ්‍යය මට්ටමෙන් මේ සදහා කටයුතු කරනු ලබයි.

ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන පුද්ගලයන් වශයෙන් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පාලනයට මැදිහත් විය හැකිද ❔

ඔව් අනිවාර්යයෙන්ම....ඒ උදෙසා ඔබට සිදු කරන්නට ඇත්තෙ සුළු කාර්යයන් කිහිපයක් පමණයි.

ඔබ භාවිතා කරන දුරකථන හා අනෙකුත් උපාංග භාවිතයට සුදුසු මට්ටමේ පවතින විට ඉවත් කිරීම පිළිබද යළිත් වරක් සිතා බලන්න.

ඔබ භාවිතා කරන උපාංග වල දෝෂ පවතීනම් ඒවා ඉවත් නොකර අලුත්වැඩියා කර නැවත භාවිතා කළ හැකිදැයි සොයා බලන්න.

ඔබ භාවිතා කර ඉවත් කරන උපකරණ ඉලෙක්ට්‍රොනික උපකරණ නිශ්පාදනය කරන ලබන අළුත්වැඩියා කරනු ලබන ආයතනයකට ලබාදීමට හැකිදැයි සොයා බලන්න.

ඔබ භාවිතා කර ඉවත් කරන උපාංග විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට ලබා දීමට උත්සහ කරන්න.

සැබවින්ම ඔබට කරන්නට ඇත්තේ සුළු දෙයකි. නමුත් එහි ප්‍රතිඵලය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයෙන් තොර ලොවක් තනාවි.

අපගේ මීළග ලිපිය හරහා “භාවිතා කර ඉවතලූ දෑ ඇසුරින් ස්වයං රැකියා අවස්තා බිහිකරමු.” යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

ස්තූතියි!

By ,

Leo Kaveeshi Kethmini

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


Friday, August 11, 2023

சர்வதேச இளைஞர் தினம்


 


சர்வதேச இளைஞர் தினம்

சர்வதேச இளைஞர் தினமானது ஒவ்வொரு‌ ஆண்டும் ஆகஸ்ட் மாதம் 12ம் திகதி நினைவு கூறப்படுகிறது. 1999ம் ஆண்டு ஐக்கிய நாடுகளின் பொதுச்சபையால் அங்கீகரிக்கப்பட்ட பின் 2000ம் ஆண்டு ஆகஸ்ட் 12இல் முதன் முதலாக சர்வதேச ரீதியில் இளைஞர் தினம் கொண்டாடப்பட்டது. அந்த வகையில் இவ்வருடமும் இளைஞர் தினம் கொண்டாடப்படுவதுடன் அதன் கருப்பொருள் "நிலைப்பேண் உலகை நோக்கிய இளைஞர்களுக்கான பசுமைத் திறன்கள்" (Green skills for youth towards a sustainable world) என்பதாகும்.

    பசுமை உலகத்தின் வெற்றிகரமான மாற்றத்திற்கு இன்றைய இளைஞர்களின் பங்கு முக்கியமானதாகும். வளங்களின் நிலைப்பேன் அபிவிருத்திற்கு தேவையான அறிவு, திறன், அணுகுமுறைகள் என்பவையை மேம்படுத்த வேண்டி உள்ளதோடு தொழில்சார் அமைப்புகளில் பசுமை தொழில்நுட்பம் மற்றும் செயன்முறைகளை திறம்பட பயன்படுத்த உதவும் தொழில்நுட்ப அறிவு மற்றும் திறன்களை இளைஞர்கள் மத்தியில் வளர்க்க வேண்டிய அவசியத்தையும் இவ்வருடத்திற்குரிய கருப்பொருளானது சுட்டிக்காட்டுகிறது.

      உலக சனத்தொகையில் பெரும்பாலானோர் இளைஞர்களாக இருப்பதுடன் இவர்கள் சமூகத்தின் ஆணிவேராகவும் திகழ்கின்றனர். ஐக்கிய நாடுகள் சபை 15 வயது முதல் 24 வயதிற்கு உட்பட்டவர்களை இளைஞர்கள் என வரையறுத்துள்ளது. சர்வதேச இளைஞர் தினம் இளம் திறமைகளை அங்கீகரிக்கும் வாய்ப்பை வழங்குவதோடு இளைஞர்கள் எதிர்கொள்ளும் பிரச்சினைகளுக்கு தீர்வுகளை கொண்டு வருவதை நோக்கமாக கொண்டுள்ளது. கல்வி, வேலைவாய்ப்பு, சுகாதாரம் மற்றும் பொது வாழ்வில் இளைஞர்களின் உரிமையை வலியுறுத்தும் தினமாக ஒவ்வொரு ஆண்டும் உலக நாடுகள் அனைத்தும் இளைஞர் தினத்தை கொண்டாடுகின்றன. காரணம் இன்றைய இளைஞர்கள் சவாலான‌ உலகின் சுமைகளை சுமப்பதோடு வேலையின்மை, அதிகரித்த வாழ்வாதார செலவு, மட்டுப்படுத்தப்பட்ட வாய்ப்புக்கள் போன்ற பல பிரச்சனைகளை சந்திக்கின்றனர்.

     எனவே இவ்வருடமும் பசுமை திறன்களை இளைஞர் மத்தியில் வளர்க்க செய்து அவர்களை ஆக்கப்பூர்வமான நடவடிக்கைகளில் ஈடுபடுத்தி நிலைப்பேண் உலகொன்றை அமைக்கவும் அவர்களின் உணர்வுகளை நெறிப்படுத்துவதுடன் வெற்றி மனப்பாங்கினையும் ஏற்படுத்துவோமாக.

M.N.F.Nifla

University of Colombo

Faculty of Arts

2nd year


International Youth Day

 


International Youth Day

       International Youth Day is celebrated on August 12 in every year. This year's theme is *Green Skills for Youth Towards a sustainable World.*". In 1998, the World Youth Ministerial Conference held in Lisbon, Portugal recommended that August 12 be named World Youth Day. In 1999, August 12 was named World Youth Day and adopted as National Youth Day. Since the year 2000, all the member countries of the United Nations have been celebrating the International Youth Day by organizing various programs with the participation of the youth community.

Unfortunately, many young people around the world today are struggling and have limited access to essential resources that could pave the way for a better future. Accordingly, a day has been set aside for the youth with the aim of bringing youth issues to the attention of the international community and celebrating the potential of the youth as members of today's global society.

 Also, on the occasion of International Youth Day, many government officials, local as well as national, non-governmental organizations, youth administration etc. are organizing events to celebrate this day. Workshops, meetings, concerts, cultural events etc. are happening all over the world focusing on youth empowerment. So fulfill your responsibility as a youth on International Youth Day for the youth who will win the world tomorrowSewwand

Tharushika Sewwandi

Faculty of Arts

University of Colombo


ජාත්‍යන්තර තරුණ දිනය

 



තිරසර ලෝකයක් කරා යෞවනයන් සදහා හරිත කුසලතා.

 

ලෝකය නගාසිටුවීමේ හා සංවර්ධනය කිරීමෙහිලා තරුණයන්ගේ භූමිකාව සිහිපත් කරනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කරන ලද්දේ 1999.12.17 වන දින . සෑම වසරකම අගෝස්තු මස 12 වන දින ජාත්‍යන්තර තරුණ දිනය  විවිධ තේමා ඔස්සේ ලොව පුරා සමරනු ලබයි. මෙවර ජාත්‍යන්තර තරුණ දින තේමාව වනුයේ "brain skills for youth: towards for sustainable world"( තිරසාර ලෝකයක් කරා යාමට යෞවනයන් සඳහා හරිත  කුසලතා) යන්නයි.

 

හරිත කුසලතා යනු ජීවත්වීමට අවශ්‍ය දැනුම හැකියාව වටිනාකම් සහ ආකල්ප සංවර්ධනය සහ සමාජ සම්පත් කාර්යක්ෂමව හා තිරසාර භාවිතයට සහය වීමයි. නූතන ලෝකයේ හරිත සංක්‍රාන්තියට අවතීර්ණ වෙමින් සිටින අවධියක තරුණයන්ගේ අසීමිත ශක්තිය, අදහස් හා දායකත්වය මනුෂ්‍යත්වය රඳා පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Gutteres පවසනුයේ සඳහා අද සහ සෑම දිනකම සාධාරණ හා තිරසාර ලෝකයක් හැඩගැස්වීම සදහා තරුණ තරුණියන්ට සහය දිය යුතු බවයි. මන්ද හරිත ලෝකයක් කරා සාර්ථක සංක්‍රමණයේ ජයග්‍රහණයක් ලඟාකරගැනීමට නම් තරුණයින්ගේ හරිත කුසලතා වර්ධනය ඔප් නැංවිය යුතු බැවිනි. සමීක්ෂණ මගින් හෙළි වන අන්දමට වර්තමානයේ ලෝකයෙන් හරි අඩක් අවුරුදු 30 හෝ ඊට අඩු අය වන අතර 2030 වන විට එය 57% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් ලෝකයේ ඉදිරි ගමන ඵලදායි කර ගැනීම සඳහා තරුණයන් කේන්ද්‍ර කරගත් මෙවන් ක්‍රියාපටිපාටීන් සැබැවින්ම ඵලදායී වේ.

 

Leo Tharushika Hansamali

Second year

Faculty of Arts



W3 Article 05

 


W3

Waste | Wise | Waves

Phase I

 

Article 5

 

 

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නොහොත් විද්‍යුත් අපද්‍රව්‍ය ලොව පුරා වේගයෙන් වර්ධනය වන අපද්‍රව්‍ය ධාරාවන්ගෙන් එකක් බව ඔබ දන්නවාද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ( UNEP) ගණන් බලා ඇති ආකාරයට වාර්ෂිකව විදුලි උපකරණ මිලියන 50ක් ලෝකයේ විද්‍යුත් අපද්‍රව්‍ය බවට පත්වේ. වේගවත් සමාජ ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව මෙම ප්‍රවණතාවේ ප්‍රධාන ධාවකයන්වේ. මෙම ප්‍රමාණයෙන් 32% නිෂ්පාදනය කරනු ලබන්නේ විශාලතම ආර්ථිකයක් ඇති රටවල් වන එක්සත් ජනපදය සහ චීනය විසිනි.

 

 

මොනවද මේ විද්‍යුත් අපද්‍රව්‍ය? විද්‍යුත් අපද්‍රව්‍ය හෝ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු ඉවත ලන ,විසිරුවා හරින ලද, විනාශ කරන ලද හෝ බැහැර කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග වේ. ඔබ මේ ලිපිය කියවන ජංගම දුරකථනය හෝ පරිගණකය, එහි චාජරයේ සිට කෙතරම් ඉලෙක්ට්‍රොණික උපාංගයන් අපි භාවිතා කරනවා ද? මොකද එතකොට කරන්නේ.. කැඩෙන කැඩෙන ප්‍රමාණයට තව තවත් අලුතින් භාණ්ඩ මිලට ගැනීමට හා භාවිතා කිරීමට සිදුවෙනවා.. එතකොට පරණ ඒවට මොනවද කරන්නේ…සරලව සහ බහුලව සිදුවන දේ තමයි කුණුගොඩට ඒවා විසි කරලා දාන එක. සමහර විට ඒවා ගිනි තියෙනවා.

 

 

මේ භාණ්ඩවල අනතුරුදායක තත්ත්වය මොකක්ද එතකොට,,  මේ භාණ්ඩ සකසලා තියෙන්නේ විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා. සාමාන්‍යයෙන් ලෝහ වර්ග, බැර ලෝහ වර්ග ,ක්ෂාර ලෝහ වර්ග, විෂ සහිත හයිඩ්‍රොකාබන(ප්ලාස්ටික්) වගේ විවිධාකාරයේ අමුද්‍රව්‍ය වලින්. මේ සමහර රසායනික කුඩා ප්‍රමාණයකින් හෝ පරිසරයකට එකතු වීම ඉතාම අනතුරුදායක වන්නට පුළුවන්. වාතය, ජලය, පස දූෂණය වීම හරහා ශාක, සතුන්, මිනිසා කියන හැම ජීවියෙකුටම හානිදායක වෙන්නට පුළුවන්.

 

 

ඔබම සිතා බලන්න ඔබ කෙතරම් ඉලෙක්ට්‍රොනික කසළ ප්‍රමාණයක් වසරකට, අනාරක්ෂිත ආකාරයට පරිසරයට මුදා හරිනවාද කියල. එය ඉතා විශාල මෙන්ම ගණනය කළ නොහැකි  හානියක් බව ඔබට පෙනෙනවා ඇති.

 

අපගේ මීළග ලිපිය හරහා වසරක් පාසා ගොඩගැසෙන ඉ-අපද්‍රවය නිසි පරිදි බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

 

ස්තූතියි!

 

By ,

Leo Idunil Bhagya

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...