Wednesday, August 16, 2023

W3 Article 07


 

W3

Waste | Wise | Waves

Phase I

 

Article 7

 

භාවිතා කර ඉවතලූ දෑ ඇසුරින් ස්වයං රැකියා අවස්ථා  බිහිකරමු.

 

වර්තමානයේ පවතින ආර්ථික රටාවත් එක්ක පවුලකට එක පඩියකින් ජීවත් වෙන්න අතිශය  අමාරුය. ඒ නිසාම ගොඩක් දෙනා ගෙදර ඉ​ඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඉතින් වැඩි ආදායමක් හදාගන්න , ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන් හොඳම විදියට ඔයාලට ස්වයං රැකියාවක් පටන් ගන්න මොනාද කරන්න පුළුවන්?ඒ වගේම අපි භාවිතා කර ඉවතලු දෑ ආශ්‍රියෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා මොනාවදා? ඒ ගැන තමයි අපි අද කතාකරන්නේ.

 

මෙහිදී අපි එදිනෙදා භාවිතා කර ඉවතලන දෑ ආශ්‍රියෙන් ආරම්භ කළ හැකි ස්වයං රැකියා ගැන කතා කලොත්,අද වන විට සමාජයේ පවතින ලොකු ප්‍රශ්නයක් තමයි කුණු නැත්නම් අපි පාවිච්චියෙන් පසුව  ඉවතලන දේවල්. ඉතින් අපිට මේ ප්‍රශ්නය යම්තාක් දුරට හරි අඩුකරගනිමින් ඒ දේවල් යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිද?  එසේ අඩු පිරිවැයකින් ඉවතලන දේවල් යොදාගෙන ආරම්භ කළ හැකි ස්වයං රැකියා මොනවද?  මෙහීදි අපිට පුළුවන් අපේ ගෙදර කුස්සීයේ ඉවතලන එළවළු,කුණුරොඩු එකතු කරලා කොම්පොස්ට් ව්‍යාපෘතියක් පටන් ගන්න. ඊටපස්සේ ඒවා පොඩි පැකට් වලට හදලා අලෙවිකරන්නත් පුළුවන්. අද වන විට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම කොම්පොස්ට් පොහොර සදහා විශාල වෙළෙදපොළක් බිහිවී තිබෙනවා.

 

තවත් අදහසක් තමයි ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ වලදී ඉවතලන කඩදාසි, පැන්සල් රොඩු, ඉවර වුණු පෑන්, ප්ලාස්ටික් බෝතල් ආදි ඉවතලන නොයෙකුත් දේවල් යොදාගෙන බිත්ති සැරසිලි ,අත්කම් නිර්මාණ,කඩදාසි මල්,පෑන්/පැන්සල් රදවන වගේ ලස්සන ලස්සන අලුත්  නිර්මාණ කරන්න පුළුවන්.එතනදි අපිට ගොඩාක්ම අවශ්‍ය  වෙන්නේ ඔයාගේ නිර්මාණශිලී දැනුම.ඊට පස්සේ ඔයාට පුළුවන් නවීන මාකටින් ක්‍රමවේ​ද යොදාගෙන ඔයාගේ ප්‍රඩක්ට් එක අලෙවි කරගන්නත්.

 

අපේ ගෙවල් වල පාවිච්චියෙන් පස්සේ  ඉවතලන තවත් ප්‍රයෝජනවත් දෙයක් තමයි පොල්කටු. ඉවතලන පොල් කටු උපයෝගි කර ගනිමින් ද අපිට විවිධ නිර්මාණ කළ හැකි අතර ඒවා අලෙවියෙන් ආදායමක්ද උපයා ගත හැකියි. ඉතින් මොනවාද මේ අපිට පොල්කටු යොදගෙන කරන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ අනූව විවිධ මෝස්තරවලින් යුක්ත වූ තේ පෝච්චි සහ කෝප්ප, තේ කොළ බහාලන, ආභරණ පෙට්ටි, පොල් කටු ආභරණ, මැණික් බහාලන, හැඳි, මේස ලාම්පු, බිත්ති ලාම්පු හා විවිධ මෝස්තර සහිත සැරසිලි ඇතුළු තවත් බොහෝමයක් නිර්මාණ ඊට ඇතුළත්ය. පොල්කටු කලාව කියන්නේ ගොඩාක් ඉපැරණි කලාවක්. නමුත් වර්තමානයේ දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ දේශීය හස්ත කර්මාන්ත සහ  කලාකරුවන්ගේ නිර්මාණ  වල සැපයුම විශාල ලෙස පහත වැටී ඇත. කෙසේ නමුත් එවැනි කලාත්මක නිර්මාණ වලට ඇති පාරිභෝගිකයන්ගේ ඉල්ලුම,අභිරුචිය නම් තවමත් එසේමය. ඒ නිසා මෙයත් ඔබට ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරගන්න ඉතාම හොඳ අදහසක්.

 

මීට අමතරව අපට ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන ආරම්භ කළ හැකි ස්වයං රැකියා ගැන කතා කරන විට, ඉවතදමන පොල්ලෙලි යොදාගනිමින් කොහුබත් නිෂ්පාදනය කර අලෙවිය කිරීම,පොල් ඉරටු යොදාගනිමින් ඉදල් නිෂ්පාදනය,ඉවතලන ටයර්,බෝතල්,ප්ලාස්ටික් බදුන් ආදිය වගා කිරිමට යොදාගැනීම,රෙදි මසා ඉතිරි වන රෙදි වලින් පාපිසි, අත්පිස්නා වගේ කුඩා කුඩා දේවල් අලංකාර ව මසා අලෙවිය, පොල් කොළ හා ඉවතලන නුල් ,කෙදි වර්ග උපයෝගී කරගනිමින් බෑග්,මලු ආදි නිෂ්පාදනය යනාදි නොයෙකුත් ව්‍යාපාර ආරම්භ කළ හැකිය.

 

මේ විදියට ඉවතලන දේවල් යොදාගෙන අලුත්  දේවල් නිෂ්පාදනය කර අලෙවියෙන් දියුණුවට පත් වූ අය ඕනතරම් අද සමාජේ ඉන්නවා. ඒ වගේම පාවිව්චියෙන් පස්සේ ඉවතලන දේවල් යොදාගෙන අලුත් දේවල් නිපදවන ඒක පරිසරයටද ඉතාමත් හිතකරයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරද්දී ගොඩාක්ම වැදගත් වෙන්නේ ඔයාගේ මනස. ඔයාගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගනිද්දි ධනාත්මක වෙන්න. අලුතින් හිතන්න,අලුත් දේවල් පටන් ගන්න.ඔයාට හිතපුවත් නැති විදියේ ලස්සන ගමනක් යන්න පුළුවන් වෙයි.

 

ඉතින් මේ අපගේ අවසාන ලිපියයි. මේ ලිපි පෙළ පුරාවටම වගකීම් සහගත පරිභෝජනය පිළිබද කරුණු ඉදිරිපත් කරමින් අප ඔබව දැනුවත් කලා. අපත් සමග රැදී සිටි ඔබ සියලු දෙනාටම ස්තූතියි !!

 

By ,

Leo Tharu  Weerasinghe

 

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...