Monday, August 14, 2023

W3 Article 06


 


W3

Waste | Wise | Waves

Phase I

Article 6

වර්තමානය වන විට ප්‍රභලතම ගැටලුවක් බවට පත් වී ඇති E- waste යනු සියලුම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය ලෙසින් සරලව නිර්වචනය කළ හැක.

සැබවින්ම මේ වන විට ගෝලිය අර්බුදයක් බවට පත්ව ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය හේතුවෙන් බොහෝ අර්බුදකාරී තත්වයන් පැන නැගී ඇති අතර ඒ නිසාවෙන්ම ඇමරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව වැනි රටවල් මෙම අපද්‍රව්‍ය තර්ජනයෙන් ගැළවීම උදෙසා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.තවද ශ්‍රී ලංකාවද රාජ්‍යය මට්ටමෙන් මේ සදහා කටයුතු කරනු ලබයි.

ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරන පුද්ගලයන් වශයෙන් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පාලනයට මැදිහත් විය හැකිද ❔

ඔව් අනිවාර්යයෙන්ම....ඒ උදෙසා ඔබට සිදු කරන්නට ඇත්තෙ සුළු කාර්යයන් කිහිපයක් පමණයි.

ඔබ භාවිතා කරන දුරකථන හා අනෙකුත් උපාංග භාවිතයට සුදුසු මට්ටමේ පවතින විට ඉවත් කිරීම පිළිබද යළිත් වරක් සිතා බලන්න.

ඔබ භාවිතා කරන උපාංග වල දෝෂ පවතීනම් ඒවා ඉවත් නොකර අලුත්වැඩියා කර නැවත භාවිතා කළ හැකිදැයි සොයා බලන්න.

ඔබ භාවිතා කර ඉවත් කරන උපකරණ ඉලෙක්ට්‍රොනික උපකරණ නිශ්පාදනය කරන ලබන අළුත්වැඩියා කරනු ලබන ආයතනයකට ලබාදීමට හැකිදැයි සොයා බලන්න.

ඔබ භාවිතා කර ඉවත් කරන උපාංග විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට ලබා දීමට උත්සහ කරන්න.

සැබවින්ම ඔබට කරන්නට ඇත්තේ සුළු දෙයකි. නමුත් එහි ප්‍රතිඵලය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයෙන් තොර ලොවක් තනාවි.

අපගේ මීළග ලිපිය හරහා “භාවිතා කර ඉවතලූ දෑ ඇසුරින් ස්වයං රැකියා අවස්තා බිහිකරමු.” යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් කතා කිරීමට සුදානම් වන බව දන්වමින් සමුගනිමු.

ස්තූතියි!

By ,

Leo Kaveeshi Kethmini

#leo_uoc_foa

#LeosofUOCFOA

#leodistrict306A1

#LeoMD306

#leosOfSriLankaMaldives


Thrive Phase 02 - Article 10 - අනාගත වෘත්තිය සැලසුම්කරණය

Thrive Phase 02 - Article 10 - Future Career Planning THRIVE PHASE 02 – ARTICLE 10 අනාගත වෘත්තිය සැලසුම්කරණය අනාගත වෘත...