Monday, August 21, 2023

ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය


 

ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය

සුබවාදී සමාජයක් ගොඩනැගීම හා පවත්වාගෙන යෑම සඳහා සිය ජීවිත කාලයම කැප කළ ලෝක ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව ගේ එම සේවාව අගයනු වස් ලෝක  ජ්‍යෙෂ්ඨ පුරවැසි දිනය ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් මහතා විසින් පළමු  වරට ප්‍රකාශයට පත් කළ මෙම දිනය 1991 වසරේ සිට සෑම වසරකම අගෝස්තු 21 වන දින නිල වශයෙන් සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ( UN) සඳහන් කර ඇති පරිදි 2050 වන විට වැඩිහිටි  ජනගහනය බිලියන 1.5 ක් ඉක්මවන බව පුරෝකතනය කර ඇත. මෙම තත්ත්වය නැගෙනහිර ආසියාව තුළ කැපී පෙනෙන ලෙස හඳුනා ගැනීමට හැකියාව ඇති තත්වයකි.

අනුව රටක පුරවැසි ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් වූ මෙම  ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඇතැම් අය තවමත් ශ්‍රම බලකාය සවිමත් කිරීමට සැලකිය යුතු මට්ටමින් ක්‍රියාශීලීව කටයුතු කරයි. නමුත් අද වනවිට  ගතිකත්වයත් සමග ලෝකයේ මෙම පිරිසට මුහුණ දීමට සිදුවන අභියෝග ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී.ඔවුන්ගේ යහපැවැත්ම තර්ජනයට ලක්වීම වළක්වා ගැනීම, සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම, ගුණාත්මක පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරඹයා ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතින ගැටලු සහගත තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් හමුවේ ගතිකත්වයට පත්වන ලෝකය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වන අපයෝජන මෙන්ම වයස්ගත පිරිහීම ආදිය පිළිබද දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී දිනය ප්‍රකාශයට පත් කරඇත.

ඔවුන් සතු දැනුම හා අත්දැකීම් වල උත්කෘෂ්ට බවින්ම මෙම පුරවැසි ප්‍රජාවගෙන් ලෝකයට සිදු වූ හා සිදුවෙමින් පවතින සේවාව නිතැතින්ම හඳුනාගත හැකිය. උණුසුම් සිනහවක් හා කාරුණික හදවතක් හිමි ඔවුන් ලෝකයකට  අගනා සම්පතකි. එබැවින් ඔවුන් රැක බලා ගැනීම සියලු දෙනාගේම ස්වයං ශික්ෂණය හා සබැඳි යුතුකමක් නොව වගකීමකි.

Leo Nisansala Pathirana

Second year

Faculty of Arts


🕊️ International Day of Hope – July 12 🕊️

🌟 International Day of Hope: Inspiring Resilience and Unity 🌟 🌈 The International Day of Hope The International Day of Hope is a gl...