Saturday, December 9, 2023

සිවිල් ගුවන් සේවාව

 


ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනයේ අරමුණ වන්නේ රාජ්‍යයන්හි සමාජ හා ආර්ථික සංවර්ධනයටත් වේගවත් ගෝලීය සංක්‍රමණයන් සාක්ෂාත් කර ගැනීමටත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවයේ වැදගත්කම පෙන්වා දීමයි. 

මෙම ජාත්‍යන්තර දිනය 1994 වර්ෂයේ ස්ථාපිත කරන ලද අතර 1996 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දෙසැම්බර් 07 දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ චිකාගෝ සම්මුතිය ලෙසද හැදින්වෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිළිබද සම්මුතිය අත්සන් කිරීමේ සංවත්සරය සැමරීම සදහාය .

සෑම වසර පහකටම ICAO කවුන්සිලය විසින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සඳහා විශේෂ සංවත්සර තේමාවක් ස්ථාපිත කරයි.ඒ අනුව කවුන්සිලයේ නියෝජිතයන් සම්පූර්ණ සිව් අවුරුදු අතරමැදි කාලය සඳහා තනි තේමාවක් තෝරා ගනී.කවුන්සිලය තීරණය කර ඇති පරිදි 2023 දක්වා තේමාව වන්නේ "ගෝලීය ගුවන් සේවා සංවර්ධනය සඳහා නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාම"යන්නයි.  

ගෝලීය ගුවන් ප්‍රවාහන අංශය ඒ ආශ්‍රිත රැකියා මිලියන 65.5ක් හා ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් ට්‍රිලියන 2.7ක් සඳහා සහය වන අතර එමෙන්ම  දිනකට ගුවන් ගමන් 120 000ක යෙදෙන අතරම වාර්ෂිකව මගීන් බිලියන 4කට වඩා පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයයි.

වෙළෙඳාම, ආර්ථික වර්ධනය,සංචාරක කර්මාන්තය හා සංස්කෘතික හුවමාරුව සඳහා ගුවන් සේවා කර්මාන්තයේ සැලකිය යුතු දායකත්වය හඳුනා ගැනීමත් සිවිල් ගුවන් සේවා මුහුණ දෙන අභියෝග වලට විසඳුම් සෙවීමට හා තිරසර හා කාර්යක්ෂම ගුවන් සේවාවක් සඳහා නව්‍ය විසදුම් ගවේශණය කිරීමේ අවස්ථාවක් ලෙසත් මෙම ජාත්‍යන්තර දිනය හඳුන්වා දිය හැකිය.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

මානව හිමිකම්වල නූතන විකාශනය


" සියලූ මනූෂ්‍යයන් නිදහසේ හා ගෞරවයෙන් මෙන්ම අයිතිවාසිකම්වලින් සමානව උපත ලබා ඇති අතර , ඔවුන් තර්කානුකූලව හා හෘද සාක්ෂියෙන් සමන්විත වන අතර , එකිනෙකාට සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළ යුතුය" 

( එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 )

           මිනිසත්බව ලැබීම හේතූකොටගෙන මිනිසාට උපතින්ම ලැබෙන හිමිකම් මානව හිමිකම් ලෙස විග්‍රහ කරයි . වර්තමානය තුළ මානව හිමිකම් යන්න වචනයකට පමණක් සීමා වී ඇති බව පැහැදිලිය . එයට කදිම නිදසුන් ගණනාවක්ම අප අත්විදිමින් ඇත . ඉන් එක් නිදසුනක් ලෙස කලින් කලට දේශාපාලන , ආගමික හා සමාජීය ප්‍රශ්න නිසා කරලියට එන යුද්ධයන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් දැක්විය හැකිය. මේ හරහා කඩවන මානව හිමිකම් ප්‍රමාණය ගණනය කළ නොහැක . කාන්තා හා ළමා අයිතිවාසිකම් මෙන්ම ජීවත් වීමේ අයිතිය ද මේ හරහා උල්ලංඝනය වී ඇත . 

     තවත් නිදසුනක් ලෙස දැකිය හැක්කේ ළමා අපචාර හා කාන්තා හිංසනය තවදුරටත් වර්ධනය වෙමින් පැවතීමයි . එසේම ශාරීරීක හා මානසික බලපෑම් හා පීඩනයන් හමූවේ ඒවා දරා ගැනීමට නොහැකිව අහිමි වී යන මනූෂ්‍යයන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී ඇත. 

"මනූෂ්‍යයෙකුට සැරටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වුව ද එය අනෙකාගේ නාසය ළගින් කෙළවර විය යුතුය." 

(හැරල්ඩ් ලැස්කි) 

                 සමාජය තුළ පවතින පීඩන මෙන්ම පුද්ගලයන් තුළ පවතින ආකල්ප හා හැසිරීම් රටාවන් තුළ පවතින අඩුපාඩුකම් නිසා මානව හිමිකම් උල්ලංඝනය වී ඇත. මතු දැක්වූ නිර්වචනයට අනුව ගම්‍යමාන වනුයේ අප අපගේ අයිතිවාසිකම් හා නිදහස භුක්තිවිදිය යුත්තේ අනෙකාගේ නිදහස හා අයිතිවාසිකම් කඩ නොවන ආකාරයටය. එබැවින් අප හැමදාම කතා බහා කරන මානව හිමිකම් පිළිබදව නවමු කෝණයකින් බැලීම වඩාත් සුදුසු බව පැහැදිලිය.

      බලය , ධනය හා ලිංගිකත්වය පසුපස හඹා යන පුද්ගලයා තවතෙකු විනාශ කර හෝ තම ආශාවන් තෘප්ත කර ගැනීමට පෙළඹී ඇත.ඒ හරහා මනූෂ්‍යයත්වය මිය යමින් ඇත. එබැවින් මනූෂ්‍යය ආකල්ප හා හැසිරීම් රටාවන් ප්‍රථමයෙන් සංවර්ධය විය යුතුය. පුද්ගලයා තාමවම ස්වයං හික්මවීමකට ලක් කර ගත යුතුය. අන් මත  , අන් ආගම් හා අන් සිතුම් පැතුම් වටහාගෙන ඒවාට අවශ්‍යය ගරුත්වය ලබාදිය යුතුය. තවද යතාර්ථය හදුනාගෙන ජීවත් වීමට අවශ්‍යය අවකාශය සකසා ගත යුතුය. ජාත්‍යන්තරව පවතින විවිධ ප්‍රශ්න හරහා සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් නැවැත්වීමට තනි පුද්ගලයෙකුට නොහැක . නමුත් පුද්ගලයන් කිහිපයකට , සංවර්ධිත ආකල්පවලින් සමන්විත සමාජයකට ඒවා මර්ධනය කිරීමට අවශ්‍යය බලපෑම අදාළ පාර්ශ්වයන් වෙත එල්ල කළ හැකිය. 

         මානව හිමිකම් යනු අහිමි කළ නොහැකි , අහිමි වුවහොත් සමස්ත මනූෂ්‍යය වර්ගයාම විනාශයේ මූඛයට යන අයිතිවාසිකම් සමූහයකි. එබැවින් ඒවා රැක ගැනීමට ක්‍රියා කිරීම වටී. මානව හිමිකම් දිනය තුළ සිදුවිය යුත්තේ අප දකින කෝණය වෙනස් කිරීම බව සිතේ. 

Leo Shashin Dewthilina

First Year

Faculty of Arts

Friday, December 8, 2023

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය


දූෂණයෙන් තොර සමාජයක වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය දෙසැම්බර් 9 වැනිදා ගෝලීය වශයෙන් සමරනු ලබයි. දූෂණය වැලැක්වීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග සඳහා නැවත කැපවීමට ද මෙම දිනය අපට අවස්ථාවක් සපයයි. 

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ගෝලීය ව්‍යාපාරයක් #UnitedAgainstCorruption දූෂණය කෙරෙහි අවධානය යොමු කරයි.  දූෂණය සෑම රටකටම, ප්‍රදේශයකටම, ප්‍රජාවකටම බලපාන අතර කිසිවෙකු මෙම අපරාධයෙන් නිදහස් නොවේ. ඒ නිසා දූෂණයට එරෙහි සටනට අපි හවුල් විය යුතුයි.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ලොව පුරා සමරනු ලබන අතර 2030 තිරසාර සංවර්ධන ඉලක්කය මුදුනේ තබා ගනිමින් දූෂණයට එරෙහි ගෝලීය සටනක් දිරිමත් කරයි.

සමස්ත ලෝකයේම සමෘද්ධිමත් සමාජයක් සඳහා මාර්ගයක් ඇති කිරීම සඳහා දූෂණය පිටුදැකීම දවසේ ප්‍රධාන අරමුණයි. දූෂණයට එරෙහිව සටන් කිරීමේ හැඟීමෙන් යුත් සම්මන්ත්‍රණ, දේශන, නාට්‍ය වැනි ක්‍රියාකාරකම් රාශියක් එක්සත් ජාතීන්ගේ සහ අදාළ සාමාජික රටවල සිදු කෙරේ.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සඳහා ඉදිරි වසර 2 සඳහා 'අඛණ්ඩතාවය යථා තත්ත්වයට පත් කිරීම' තේමාවයි.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, "ප්‍රතිසාධනය සහ අඛණ්ඩතාව" වඩා හොඳ ප්‍රකෘතියකට තුඩු දෙන ඵලදායි දූෂණ අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර එය ඇතුළත් COVID-19 ප්‍රතිසාධනය සාක්ෂාත් කරගත හැක්කේ අඛණ්ඩතාවෙන් පමණක් බව අවධාරණය කරයි.

දූෂණය යනු කුමක්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දූෂණය යනු සෑම සමාජයකම සමාජ හා ආර්ථික සංවර්ධනය අඩාල කළ හැකි බරපතල අපරාධයකි. කිසිම රටක්, කලාපයක් හෝ ප්‍රජාවක් දූෂණයෙන් නිදහස් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට තර්ජනයක් වන සහ අඩපණ කරන, රජයේ අස්ථාවරත්වයට දායක වන සහ ආර්ථික සංවර්ධනය මන්දගාමී කරන දේශපාලන, සමාජීය හෝ ආර්ථික වේවා එය ලෝකයේ සෑම තැනකම දක්නට ලැබේ.

සරල වචන වලින් කිවහොත්, දූෂණය යනු බලයේ සිටින අයගේ වංක හෝ වංචනික හැසිරීමක් බව අපට පැවසිය හැකිය, සාමාන්‍යයෙන් අල්ලස හෝ දූෂණය සම්බන්ධ වීම යනු පුද්ගලික වාසි සඳහා භාර දී ඇති බලය අනිසි ලෙස භාවිතා කිරීම වන අතර එය ආකාර කිහිපයකින් සිදුවිය හැකිය. එය සමාජයේ දේහය විඛාදනයට ලක් කරයි. ඒ සඳහා මිනිසුන්ගේ නිදහස, සෞඛ්‍යය, මුදල් සහ සමහර විට ඔවුන්ගේ ජීවිත ද වැය වේ. 

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය: ඉතිහාසය

2003 දෙසැම්බරයේදී දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) සම්මත කිරීමෙන් එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර දූෂණයට එරෙහිව සටන් කිරීමේ පළමු පියවර ගන්නා ලදී. එය 2003 ඔක්තෝබර් 31 දින කෙටුම්පත් කරන ලදී. UNAC යනු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර ගිවිසුමක් වන අතර එය දෙසැම්බර් 9 වන දින අත්සන් කරන ලද අතර 2005 දෙසැම්බර් 14 දින සිට බලාත්මක විය. මෙම ගිවිසුමේ අරමුණ වූයේ දූෂණය අවම කිරීම සඳහා කටයුතු කිරීම සඳහා ප්‍රාන්තවල සාමාජිකයා නීත්‍යානුකූලව බැඳීමයි. සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම. ගිවිසුමේ කරුණු 5 ක් පැහැදිලි කර ඇත, ඒවා නම්:

- දූෂණය වැළැක්වීම සඳහා අවශ්ය පියවර ගැනීම.

- නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම.

- දූෂණය අවම කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සහයෝගයෙන් කටයුතු කිරීම.

- වත්කම් ආපසු අයකර ගැනීම සහ එය උපන් රටට නැවත පැමිණීම.

- තාක්ෂණික සහාය ලබා දීම සහ තොරතුරු හුවමාරු කිරීම.

එක්සත් ජනපදයේ මහලේකම්වරයා තැන්පත්කරු ලෙස ක්‍රියා කරන අතර එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය රාජ්‍ය පාර්ශවයන්ගේ රැස්වීම්වල ලේකම්වරයා වේ. 2006 දෙසැම්බර් 9 වන දින දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කිරීමෙන් පළමු ජාත්‍යන්තර දූෂණ  විරෝධී දිනය ඉන්දියාවේදී සමරනු ලැබේ.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සෑම වසරකම ලොව පුරා සංවිධානය කරයි.

 මෙම සියලු ආයතන එක්ව සහ ඔවුන්ගේ කලාපීය හවුල්කරුවන් සමඟ දේශසීමා හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ තොරතුරු හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට සහ දිරිගැන්වීමට කටයුතු කරයි.

දූෂණය සහ එය සමාජයට බලපාන ආකාරය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම සඳහා පාසල් හා විද්‍යාලවල ළමුන් සඳහා රචනා ලිවීමේ හා කථික තරඟ සංවිධානය කරනු ලැබේ. පළාත් පාලන ආයතන දූෂණ සිදුවීම් සඳහන් කරමින් ප්‍රසිද්ධියේ පත්‍රිකා බෙදාහරින අතර දූෂණයට එරෙහිව හඬක් නැගීමට ජනතාව දිරිමත් කරයි. ඒ වගේම දූෂණයට එරෙහිව පැමිණිලි ලියාපදිංච් කරන පුද්ගලයින්ට සහ ඔවුන්ගේ තොරතුරු රහසිගතව තබා ගැනීමට සහතිකයක් ලබා දේ. මෙය ද ජනතාව ඉදිරියට පැමිණ දූෂණයට එරෙහිව සටන් කිරීමට දිරිගැන්වීමේ එක් පියවරකි.

දූෂණය ජීවිතයේ කොටසක් බවත් එය නැති කිරීමට කිසිවක් කළ නොහැකි බවත් බොහෝ දෙනාගේ මතය වන නිසා අපි දේවල් සැහැල්ලුවට ගනිමු, අප අවට සිදුවන දේ නොසලකා හරින්නෙමු. එහෙත් පුරවැසියන් වශයෙන් දූෂණය මුල සිටම තුරන් කිරීමට අදිටන් කර නොගන්නේ නම්, අපට සිදු වූ ඕනෑම වරදක් පිළිගන්නේ නම්, දූෂණයෙන් තොර රජයක් අපේක්ෂා කරන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතුය. ඇත්ත වශයෙන්ම, 2030 වන විට ගෝලීය වශයෙන් තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමේ පරමාර්ථය කළ හැක්කේ දූෂණය පිටුදැකුවහොත් පමණි. 

 Leo Rashmi Shasikala 

Faculty of art 

University of colombo

Tuesday, December 5, 2023

පරිගණක ආරක්ෂණය


💻සෑම වසරකම නොවැම්බර් 30 වැනි දිනට යෙදෙන පරිගණක ආරක්ෂණ දිනය අපගේ පරිගණක ආරක්ෂා කර ගැනීමට අපට මතක් කර දෙයි. සෑම දිනකම, පරිගණක වේගවත් හා වඩා දියුණු වේ. සම්පත්, මෙවලම් සහ ඒවා පිළිබඳ තොරතුරු ආරක්ෂා කිරීම ඒවා භාවිතා කරන පුද්ගලයින් ද ආරක්ෂා කිරීම මෙහි අරමුණ යි. අතීතයේ සිට අද දක්වා  අපි පරිගනක භාවිතා කරන ආකාරය වෙනස් වී ඇත.

💻ජාතික පරිගණක ආරක්ෂණ දිනයේ අරමුණ කුමක්ද?

ජාතික පරිගණක ආරක්ෂණ දිනය අපගේ සබැඳි දත්ත ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස අපට මතක් කර දෙයි. ශක්තිමත් මුරපද සැකසීම, ද්වි සාධක සත්‍යාපනය සක්‍රීය කිරීම සහ මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනව තබා ගැනීම මෙයට ඇතුළත් වේ.

💻පරිගණක ආරක්ෂාවේ වැදගත්කම කුමක්ද?

ව්‍යාපාරයක දත්ත ආරාක්ශා කිරීම  සහ පරිගණක පද්ධති වලට  අනවසර ප්‍රවේශයන්ගෙන් පරිගණක ආරක්ෂා කිරීම    මෙහිදී සිදුවෙ. දත්තවල ආරක්ශාව තහවුරු කිරීම  මෙහිදී සිදුවෙ.

💻ලෝක පරිගණක ආරක්ෂණ දිනය යනු කුමක්ද?

මෙය ආරම්භ වූයේ 1988 දීය. තාක්ෂණික ප්‍රගතිය පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිලිබදව ගත් උත්සහයක් ලෙස මෙය දැක්විය හැක.මේ අනුව, ඔබගේ සබැඳි දත්ත සුරක්ෂිතව  තබා  ගැනීමට ජනයා දැනුවත් කිරීම මෙම දිනයේදී සිදුවෙ.

💻පරිගණක ආරක්ෂණය හඳුන්වාදීම යනු කුමක්ද?

පරිගණක ආරක්ෂාව, පරිගණක පද්ධති සහ තොරතුරු හානි, සොරකම් සහ අනවසර භාවිතයෙන් ආරක්ෂා කිරීම මෙමගින් සිදුවෙ.

පරිගණක දෘඩාංග සාමාන්‍යයෙන් ආරක්‍ෂා කරනු ලබන්නේ අනෙකුත් වටිනා හෝ සංවේදී උපකරණ ආරක්‍ෂා කිරීමට භාවිතා කරන ආකාරයටමය. - එනම් අනුක්‍රමික අංක, දොරවල් සහ අගුල්  වැනි ක්‍රම යොදා ගැනීමෙනි.

💻පරිගණක ආරක්ෂණ දිනය සමරන්නේ කෙසේද?

ශක්තිමත් මුරපද යෙදීම,  ඒවා යාවත්කාලීන කිරීම සිදු කල හැක.පරිගණක දැනුවත් කිරීමේ දිනය සැමරීම සඳහා ඔබට කළ හැකි තවත් දෙයක් වන්නේ ඔබේ මෘදුකාංග  යාවත්කාලීන කිරීමයි. මින්  අවසාන ප්‍රතිඵලයක් ලෙස ඔබට වඩාත් ආරක්ෂිත පරිගණකයක් ලබා ගත හැක.

💻පරිගණක ආරක්ෂණ දැනුවත්භාවයේ ප්‍රතිලාභ මොනවාද?

දත්ත සොරකම් කිරීම්, මෘදුකාංග යාවත්කාලින නොකිරීමෙන් ඇති වන හානි ආදිය අවම වේ. එමෙන්ම මෙම ආරක්ශන පද්දතිය හරහා  සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා විය හැක.

💻පරිගණක ආරක්ෂාව පිළිබඳ සිත්ගන්නා කරුනු  මොනවාද ?

සයිබර් ප්‍රහාරවලින් 95%ක් සඳහා හේතුව මානව කටයුතු වල ප්‍රතිපල වෙ.

පර්යේෂන මගින් පෙන්නුම් කරන්නේ උල්ලංඝනය කිරීම් 19/20 ක්ම කිසියම් ආකාරයක මානව දෝෂයක ප්‍රතිඵල බවයි.

💻පරිගණක ආරක්ෂාවේ පියා කවුද?

1883 දී ජර්මානු භාෂාව පිළිබඳ වාග් විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන ඕගස්ට්  ක්ලිෆස්ට්  පරිගනක ආරක්ශනයේ පියා වේ. මොහු විසින් හමුදා විද්‍යා සඟරාවේ ලිපියක් පළ කළේය.

💻පරිගණක ආරක්ෂණ වර්ග 3 කුමක්ද?

ඉලෙක්ට්‍රොනික පද්ධති සහ  පරිගනක ජාල වල ගබඩා කර ඇති දත්ත ආරක්ෂා කිරීම සඳහා විවිධ වර්ගයේ පරිගණක ආරක්ෂණ ඉතා වැදගත වේ.

1. යෙදුම් ආරක්ෂාව.

2.තොරතුරු ආරක්ෂාව.

3. ජාල ආරක්ෂාව.

💻පරිගණක ආරක්ෂාව අභියෝගයක් වන්නේ ඇයි?

අද පරිගනක ආරක්ෂණයේ ඇති ලොකුම අභියෝගය වන්නේ සයිබර් තර්ජන වල නිරන්තරයෙන් වෙනස් වන ස්වභාවයයි. සයිබර් අපරාධකරුවන් ජාල සහ පද්ධතිවල ඇති අවදානම් ප්‍රයෝජනයට ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රම සහ උපාය මාර්ග නිරන්තරයෙන් නිර්මාණය කරයි.

💻 සයිබර් ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි?

විශේශයෙන්ම පාසල් සිසුන් ට සයිබර් ආරක්ෂාව වැදගත් වේ.මක් නිසාද යත් ඔවුන්  වන්නේ බොහෝ විට සයිබර් ප්‍රහාර ඉලක්ක කරන බැවිනි. මෑත සිදුවීමක්, එක්සත් ජනපදයේ විද්‍යාලයක සිසුන් පිරිසක් ඉලක්ක කර ගත් හැකර්වරුන් ඔවුන්ගේ සමාජ ආරක්ෂණ අංක සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ඇතුළු ඔවුන්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගෙන ඇත.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

නිරාගමිකවාදය හා ආගම අතර ගැටෙන නූතන තරුණයා


ආගම හුදෙක්ම මනූෂ්‍යයා විමුක්ති මාර්ගයේ ගමන් කරවීමට හා යහපත් දිවියක් ගත කරලීමට පූර්වාදර්ශ සපයන දර්ශනයකි . ලොව ප්‍රමුඛ පෙළේ ආගම් ලෙස කිතුනු දහම , බුදු දහම , හින්දු , ජෛයින , ජුදා හා ඉස්ලාම් වැනි ආගම් දැකිය හැකිය .ආගමික ශාස්තෘවරුන් ආගමින් ආගමට වෙනස් වුවද ඔවුන්ගේ පණිවිඩ හා ඉගැන්වීම් තුළින් ගම්‍යමාන වන හරය සමාන බව කීම කිසිවිටෙකත් අසත්‍යය නොවේ. නමුදු ආගම යන්න වර්තමානයේ මූල්‍යමය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතී . ඇතැම් ආගමික නායකයන් ගෙවන සුඛෝපභෝගි දිවිය එහි අනුගාමිකයන්ට ආගම පිළිබඳ පවතින විශ්වාසය දිනෙන් දින අහිමි කරමින් ඇත. 

මෙම තත්තවය තුළ නිරාගමීකවාදය යන සංකල්පය ඉස්මතු වේ . ආගම් ප්‍රතික්ෂේප කරමින් දිවි ගෙවීමට වර්තමාන තරුණයා උත්සහා ගෙන ඇත . නිරාගමීකවාදය හමුවේ  තරුණයා අත්කර ගනිමින් ඇත්තේ සැබවින්ම යහපත් ජීවන රටාවක්ද ?නැතිනම් තවදුරටත් මනුෂ්‍යත්වය පරිහානීයට පත් කරන ජීවන ක්‍රමයක් ද ? යන්න ගැටළු සහගතය  . බොහෝ යූරෝපා රටවල මිනිසුන් නිරාගමීකවාදීන් වන අතර ඔවුන්ගේ ආකල්ප හා හැසිරීම් රටාවන් ඒ හරහා දූෂණය වී නොමැති බව බැලූ බැල්මට අපට ගම්‍යමාන වේ . නමුත් දකුණු ආසියානු කලාපයේ ජීවත් වන්නන්ට මෙම සංකල්පය කෙතරම් ප්‍රායෝගික දැයි ප්‍රශ්නයකි. මක්නිසාදයත් ආසියානු සංස්කෘතිය හා ආගම අතර පවතින අවියෝජනීය සබදතාව බිද දැමීමට නිරාගමීකවාදයට නොහැක. නමුත් නූතන තරුණයන් එය එසේ කළ ද ඒ හරහා සමාජය තුළින් එල්ල වන පීඩනය මෙන්ම යහපත් මානූෂීය ගුණධර්ම පෝෂණය කිරීමෙහිලා ආගම තුළින් කරන කාර්‍යයභාරය් හස්තයෙන් මිදීමට ඔවුන්ට නොහැක. 

නිරාගමිකවාදය අයහපත් දෙයක් යැයි කීමට වඩා ඒ හරහා නිර්මාණය වන තරුණ ස්වාධීන හා නිදහස් මතයන්ට ගරු කිරීම වටී . නමුත් ආගම තුළින් ලබන ආත්මීක පෝෂණය හා මානසික නිදහස නිරාගමීකවාදය තුළින් ලැබිය හැකිද ? යන්න ප්‍රශ්න කළ යුතුමය . නූතන තරුණයාගේ මානසික අසහනය , සියදිවි නසා ගැනීම් , ආකල්ප හා හැසිරීම්වල පවතින දුෂ්කරතාවයන් මගහරවා ගැනීමට ආගමීක ඉගැන්වීම් අසමත් නොවේ . 

ආගම යන්න ඇදහීම හෝ එසේ නොකිරීම පුද්ගල අයිතියකි. එය පුද්ගල නිදහසකි .එයට අප සැම ගරු කළ යුතුමය. ඇතැම් ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපයන් මෙන්ම ඇතැම් මූලධර්මවාදීන්ගේ අදහස් හමුවේ නිර්මාණය වන ත්‍රස්තවාදී ආකල්ප හා ඒ හරහා සිදුවන මනූෂ්‍යය ඝාතන සමස්ත ආගම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමට තරුණයාට සාධක සැපයුවද එය එසේ කිරීමෙන් මෙවැනි ප්‍රශ්න අවසන් යැයි සිතීම දුෂ්කරය . මනූෂ්‍යයා නිවන , සුවපත් කරන හා ආත්මීක සැනසීමක් ලබා දෙන ආගම අත් හැරීම නොකළ යුතුය. තරුණයන් වශයෙන් එහි හරය වටහා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම සමාජයේ පවතින දුර්මත තුරන් කිරීමට අවශ්‍යය පූර්වාදර්ශයන් සපයනු නොඅනුමානය. එබැවින් නිරාගමීකවාදය හා ආගම අතර ගැටෙන තරුණයා තම ස්වාධීන මත දරමින් ආගමීක වටිනාකම් හා හරයන් මෙන්ම මානූෂීය වටිනාකම් රැක ගනිමින් දිවි ගෙවීම කළ යුතු බව  පැහැදිලියි. 

Leo Shashin Dewthilina

First Year

Faculty of Arts

Monday, December 4, 2023

ලෝක පාංශු දිනය

 


ලෝක පාංශු දිනය (WSD) සෑම වසරකම දෙසැම්බර් 5 වේ. මෙම දිනයේදී, පස අපගේ ස්වාභාවික පද්ධතිවල තීරණාත්මක අංගයක් ලෙසත්, ආහාර, ජලය සහ බලශක්ති සුරක්ෂිතභාවය තුළින් මිනිස් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දායකත්වයක් ලෙසත් අපි හඳුනා ගනිමු. පසෙහි ජෛවවිවිධත්වය නැතිවීම සහ දේශගුණික විපර්යාසවලට එරෙහිවීමට ද මෙම දිනයේ අරමුණු වේ.

සෞඛ්‍ය සම්පන්න පසෙහි වටිනාකම ඉස්මතු කිරීමට සහ පාංශු සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 5 වන දින ලෝක පාංශු දිනය (WSD) සමරනු ලැබේ.

 ලෝක පාංශු දිනය පාංශු සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම ගැන සලකා බැලීමට පුද්ගලයන්ට බල කරයි. පාංශු හායනය නිසා ඇති විය හැකි ඛාදනය, කාබනික ද්‍රව්‍ය නැතිවීම සහ පාංශු සාරවත් බව පහත වැටීම වැනි සැලකිය යුතු පාරිසරික ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම  මෙම දවසේ ප්‍රධාන අරමුණයි.

🪵පාංශු දිනයේ වැදගත්කම කුමක්ද?

ලෝක පාංශු දිනය (WSD) වාර්ෂිකව දෙසැම්බර් 5 වන දින පවත්වනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න පසෙහි වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම සහ පාංශු සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා පෙනී සිටීමේ මාධ්‍යයක් වශයෙනි. පස සැමරීම සඳහා ජාත්‍යන්තර දිනයක් ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය (IUSS) විසින් 2002 දී නිර්දේශ කරන ලදී. 

🪵ලෝක පාංශු දිනයේ කතාව කුමක්ද?

ලෝක පාංශු දිනයේ ඉතිහාසය පිලිබද හැදෑරීමේදි  මෙම දිනය සැමරීමට දෙසැම්බර් 5 තෝරා ගැනීම සිදු වූයේ එය H.M.King Bhumidul Adulyagith රජුගේ ජන්ම සංවත්සරයට සමගාමිව ය..  මොහු  තායිලන්තයේ රජු වූ අතර ලෝක පාංශු දිනය ගොඩනැගීමට තුඩු දුන් ක්‍රියාකාරීත්වයේ විශාල කාර්යභාරයක් ඉටු කිරිමට මෙහු දායක විය. 

🪵2023 ලෝක පාංශු දිනයේ තේමාව කුමක්ද?

පස , ජලය 💦හා ජීවය. 

🪵පසෙහි වැදගත්කම කුමක්ද?

පස මිනිසුන්ට සහ පෘථිවියට තීරණාත්මක සේවාවන් රාශියක් සපයයි. පස අපගේ ආහාර අවශ්‍යතා සපුරයි,  අපගේ ජලය පිරිසිදු කරයි, ගංවතුරෙන් අපව ආරක්ෂා කරයි සහ නියඟයට එරෙහිව සටන් කරයි.

එය විශාල කාබන් ප්‍රමාණයක් ග්‍රහණය කර ගබඩා කරන බැවින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ද එය ප්‍රධාන වේ. සෞඛ්‍ය සම්පන්න පසකින් තොරව ආහාර සුරක්ෂිතතාවයක් නොමැත.

🪵ලෝක පාංශු දිනය වෙනුවෙන් ඔබට කුමක් කළ හැකිද?

• නිවසේදී ම  කොම්පෝස්ට් ගොඩක් සාදන්න. ඔබට ඔබේම ගෙවත්තේ හෝ මහල් නිවාසයේ සිටම සෞඛ්‍ය සම්පන්න පසකට සහ සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයකට දායක විය හැක.

• පස දූශනය වන කටයුතු සිදු නොකිරීම

• පාංශු ජීවින් ආරක්ශා කිරීම .

🪵 පස පිළිබ ඇති  අර්ථ දැක්වීම් මොනවාද ?

පස යනු පෘථිවි පෘෂ්ඨයේ ඉහළම ස්ථරයේ වර්ධනය වී ඇති ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී සහ සිදුරු සහිත මාධ්‍යය වේ. එය ජලය සහ පෝෂ්‍ය පදාර්ථ සංචිතය ලෙසත්, හානිකර අපද්‍රව්‍ය පෙරීම සහ බිඳවැටීම සඳහා මාධ්‍යයක් ලෙසත් සේවය කරයි. එය ගෝලීය පරිසර පද්ධතිය හරහා කාබන් සහ අනෙකුත් මූලද්‍රව්‍ය චක්‍රීය කිරීමට ද උපකාරී වේ. 

🪵පාංශු ද්‍රව්‍ය   යනු කුමක්ද?

පසෙහි ඝන කොටස සෑදී ඇත්තේ කාබනික ද්‍රව්‍ය, රොන්මඩ, වැලි සහ මැටි වැනි අංශු වලින් වන අතර ඒවා සමස්ථයක් ලෙස සෑදේ.

සමස්ථයන් මැටි අංශු සහ කාබනික අංශු මගින් පාංශු පැතිකඩ එකිනෙක සම්බන්ධ කර  තබා ඇත. කාබනික ද්‍රව්‍ය පාංශු සමූහ සඳහා ප්‍රධාන බන්දන කාරකයකි. 

🪵ගෝලීය පස් හවුල්කාරිත්වය යනු කුමක්ද? (GSP)

ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය සඳහා වන ගෝලීය පාංශු හවුල්කාරිත්වය (GSP) පාංශු ආරක්ෂණය සහ තිරසාර කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික සංවිධාන එකට එක්ව නිර්මාණය කර ගෙන ඇති කමිටුවයි.

🪵පස මිනිසුන්ට බලපාන්නේ කෙසේද?

මිනිස් සෞඛ්‍යයට සහාය වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පස ඉතා වැදගත් වේ.

ආහාර, ජෛව ස්කන්ධ සහ තන්තු නිෂ්පාදනය, ඇතැම් ඖෂධ නිෂ්පාදනය, ජලය රඳවා තබා ගැනීම සහ පෙරීම සඳහා පස අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න පස ද කාබන් සහ පෝෂක චක්‍රවල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

🪵පස ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද?

1. පාංශු සෞඛ්‍ය කළමනාකරණ පද්ධතියක් අනුගමනය කරන්න.

2. සංරක්ෂණ වගාව.

3. ආවරණ බෝග.

4. බෝග මාරුව

5. නොඉඳුල් වගා පද්ධති ක්‍රම අනුගමනය 

6. පෝෂක කළමනාකරණය.

7. තෘණ කළමනාකරණය.

8. මතුපිට බෝග අපද්‍රව්‍ය නඩත්තු කිරීම.

Leo Nadeesha Mayomi

First Year

Faculty of Arts

ජාත්‍යන්තර ලියෝ දිනය

 


ජාත්‍යන්තර ලියෝ දිනය 

"යහපත් සමාජයක් තුළින් යහපත් රාජ්‍යයන් ගොඩ නගයි යහපත් සමාජයක් ගොඩ නැගීමේ අඩිතාලම තාරුණ්‍යයයි  "ලියෝ සමාජයේ සමාජිකයන් 'සිංහයන්' ලෙස හැදින්වේ.ලොව පුරා සිටින තරුණ තරුණයින් සෞඛ්‍ය සේවා ,වැඩිහිටියන්,ළමුන්,ආබාධිත පුද්ගලයන් ,සාක්ශරතාවය සහ අද්‍යාපනය සහ ස්වයං - සංවර්ධනය යන ක්ශේත්‍රවල විවිධ  ව්‍යාපෘති පවත්වයි.ගෝලීය වශයෙන් ලියෝවරුන්ගේ දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 5 වන දිනටය.මෙය සිංහ ව්‍යාපාරයේ තරුණ අංශය ලෙස සැලකිය හැක. ලියෝ යන වචනය පහත ආකාරයෙන් නිර්වචනය කර හැක.

L - Leadership - නායකත්වය

E - Experience - අත්දැකීම්

O - Opprtunity - අවස්තාව

පළමු ලියෝ සමාජය 1957 දී ආරම්භ කරන ලද්දේ ඇබිංටන් උසස් පාසලේ පෙන්සිල්වේනියා බේස්බෝල් කණ්ඩායමේ පුහුණුකරු වන ජිම් ග්‍රේවර් විසිනි. ඔහු Glenside Lions Club හි ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. තවත් සිංහයෙකු වන විලියම් අර්නස්ට්ගේ සහාය ඇතිව මෙම සමාජය ආරම්භ කරන ලදී. එය උසස් පාසලේ මෙරූන් සහ රන්වන් වර්ණ භාවිතා කළේය. සමාජය ලියෝ යන වචනය සඳහා නායකත්වය, අත්දැකීම්, අවස්ථාව යන කෙටි යෙදුම ද නිර්මාණය කළේය. සමානාත්මතාවය යන වචනය පසුව අත්දැකීම් ලෙස වෙනස් විය.

1964 දී ලියෝ සමාජ වැඩසටහන ජාත්‍යන්තර සිංහ සමාජවල අනුග්‍රහය ලත් වැඩසටහනක් බවට පත් විය. එය පෙන්සිල්වේනියාව සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බට වර්ධනය විය. 1967 වන විට මෙම වැඩසටහන රටවල් 18 ක සමාජ ශාලා 200 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වූ අතර ජාත්‍යන්තර Lions Clubs හි නිල තරුණ වැඩසටහනක් බවට පත් විය. ඊළඟ වසරේ, ලියෝ ක්ලබ් වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත වූ අතර, 1968 අවසානය වන විට රටවල් 48ක සමාජ ශාලා 918ක් බිහි විය.අද වන විට ලියෝ සමාජ ශාලා 7400+ වැඩි ප්‍රමාණයක් ලෝක ව්‍යාප්තව පවතින අතර ලියෝ සමාජිකයක් 160,000 + ප්‍රමාණයක් සමාජිකත්වය දරනු ලබයි.වර්තමානය වන විට ගෝලිය වශයෙන් ලියෝවරුන් සුවීශේශී කර්තව්‍යයක් සිදු කරනු ලබයි 

"මිනිස්සුන් එකිනෙකා සමග එකමුතුව වැඩ කරනුයේ නම් සමාජ පරමාර්ථයන් ඉතාමත් පහසුවෙන් සාක්ශාත් කරගැනීමට හැකිවේ"

Leo Prabuddya senarathna

First Year

Faculty of Arts


Leo International Day 

International Leo day is celebrated every year on 5th December when Leos the world over shift the focus to their youth-our Leos. In 2023 theme of International Leo Day is “Let’s Go Green”. Leos say from it, that they try to make the world better place to to live. 

Leo club members are addressed as “Leos”. They conduct various projects in the field of health care, elders children disabled people, literacy and education and self development. Leos raise funds by conducting fund raising projects.

World first Leo club is Abington High School Leo Club in US. 

In 1969 the first ever Leo club was inaugurated in SriLanka, the Leo club Wattala, comprising of a team of cricketers.

On 5th December, Leos everywhere celebrated Introducing Leo Day to recognize Leo clubs for their service in the community. 

It is a day set aside to celebrate the work of our young people service to humanity.

International Leo Day also helps encouraging Leos to continue their services as Leos.

Leo Imasha Nilushi

First Year

Faculty of Arts


Leo' சர்வதேச தினம்

Leo சர்வதேச தினமானது ஒவ்வொரு ஆண்டும் டிசம்பர் 5ஆம் திகதி கொண்டாடப்பட்டு வருகின்றது. இத்தினத்தின் இவ்வாண்டு கருப்பொருள் 'LeosGoGreen' என்பதாகும். 

Leos 65 ஆண்டுகளாக ஒன்றிணைந்து தனித்துவம் வாய்ந்த ஆற்றலுடன் சேவை செய்து வருகின்றனர். தங்கள் சமூகங்களின் பல்வேறு தேவைகளைப் பூர்த்தி செய்வதற்கும் leo கிளாப்களை உருவாக்குவதற்கும், மற்றவர்களுக்கு ஊக்கமளிப்பதற்கும் பல்வேறு வழிகளில் சேவைகளை வழங்கி வருகின்றனர்.

உலகெங்கிலும் உள்ள லியோ கிளப்கள் இந்த நாளை பல சமூக திட்டங்களுடன் கொண்டாடுகின்றன.  லியோஸ் 140 க்கும் மேற்பட்ட நாடுகளில் 6.000 லியோ கிளப்களின் சொந்த உலகளாவிய வலையமைப்பைக் கொண்டுள்ளது.

லியோ கிளப்புகள் இளைஞர்களுக்கு உள்ளூர், தேசிய மற்றும் சர்வதேச சமூகத்தின் பொறுப்பான உறுப்பினர்களாக தனித்தனியாகவும் கூட்டாகவும்  பங்களிப்புக்கான வாய்ப்பை வழங்கி வருகின்றது.

லியோ கிளப் திட்டத்தில் இளைஞர்கள் லியோ கிளப் செயல்பாடுகள் மற்றும் சேவை திட்டங்களில் பங்கேற்பதன் மூலம் தலைமை மற்றும் சமூக திறன்களை வளர்த்து கொள்கிறார்கள். இதன் செயற்திட்டங்களில் ஈடுபடுவது சமூகத்தை மேம்படுத்தும் அதே வேளை மற்றவர்களுக்கு சேவை செய்வதற்கான வாய்ப்பையும் வழங்குகிறது.

மேலும் லியோ கிளப்களானது பல தசாப்தங்களாக உலகளவில் வெற்றிகரமாக எல்லா இடங்களிலும் தனது சேவையை தொடர்ந்தும் நிலைநாட்டி வருகிறது.

Leo Nifla Najeem

First Year

Faculty of Arts 

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...