Wednesday, February 19, 2025

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය


 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය*


ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ඇත. මෙම වැරදි අර්ථකථන බොහෝ විට පැන නගින්නේ ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික සම්මතයන් සහ භාවිතයන් වලින් වන අතර එමඟින් ආගමික ග්‍රන්ථවල මුල් පණිවිඩ විකෘති වන අතර එය පීතෘමූලික ව්‍යුහයන් සහ ස්ත්‍රී පුරුෂ අසමානතාවය ශක්තිමත් කිරීමට හේතු වේ.


විවිධ සම්ප්‍රදායන්ගෙන් ලැබෙන ආගමික ග්‍රන්ථවල බොහෝ විට බහුවිධ ආකාරවලින් අර්ථකථනය කළ හැකි ඉගැන්වීම් අඩංගු වේ. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි ධර්මයේ, බයිබලයේ ඇතැම් ඡේද ඓතිහාසිකව පුරුෂ ආධිපත්‍යය සහ කාන්තා යටත්කමට සහාය වීම සඳහා අර්ථකථනය කර ඇත. කාන්තාවන්ට තම ස්වාමිපුරුෂයන්ට යටත් වීමට උපදෙස් දෙන එපීස 5:22 වැනි පද සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සාධාරණීකරණය කිරීමට භාවිතා කර ඇත. මෙම තෝරාගත් කියවීමට අනුව  ලිංගිකත්වය අනුමත කිරීමට හේතු විය හැක. එහිදී කාන්තාවන් ඔවුන්ගේ පෝෂණය සහ සහායක ගුණාංග සඳහා අගය කරනු ලබන නමුත් නායකත්වය සහ තීරණ ගැනීමේ භූමිකාවන්ගෙන් එකවර සීමා වේ.


ඉස්ලාමයේ, සමාන වැරදි අර්ථකථන සිදුවිය හැකිය. කුරානය යුක්තිය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ප්‍රවර්ධනය කරන අතර, සමහර මුස්ලිම් බහුතර රටවල සංස්කෘතික භාවිතයන් බොහෝ විට මෙම ඉගැන්වීම් යටපත් කරයි.  ඇතැම් අර්ථකථන මගින් පුරුෂ අධිකාරිය සහ කාන්තාවන්ගේ භූමිකාවන් ප්‍රධාන වශයෙන් රැකබලා ගන්නන් ලෙස අවධාරණය කරන අතර එමඟින් අධ්‍යාපනය, රැකියාව සහ පොදු ජීවිතය තුළ කාන්තාවන්ගේ අවස්ථා සීමා කළ හැකිය. පාඨය සහ එහි යෙදුම අතර මෙම විෂමතාවය සමානාත්මතාවය සොයන කාන්තාවන්ට සැලකිය යුතු බාධක නිර්මාණය කළ හැකිය.


මෙම සංස්කෘතික වැරදි අර්ථකථනවල බලපෑම තනි පුද්ගල අත්දැකීම් ඉක්මවා යයි; ඒවා සමාජ ව්‍යුහයන් සහ අපේක්ෂාවන් හැඩගස්වයි. බොහෝ ප්‍රජාවන් තුළ, සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් ගැඹුරින් මුල් බැස ඇති අතර, පවුල් ගතිකත්වය පමණක් නොව ආර්ථික සහභාගීත්වය ද නියම කරයි. සමාජ සම්මතයන් ඔවුන්ගේ මූලික වගකීම් නිවස තුළ පවතින බව නියම කරන බැවින්, වෘත්තීන් හෝ නායකත්ව භූමිකාවන් හඹා යාමෙන් කාන්තාවන් අධෛර්යමත් විය හැකිය. මෙම සීමාව දරිද්‍රතාවයේ සහ යැපීමේ චක්‍ර පවත්වා ගෙන යා හැකි අතර, ස්ත්‍රී පුරුෂ අසමානතාවය තවදුරටත් මුල් බැස ගත හැකිය.


එපමණක් නොව, මෙම වැරදි අර්ථකථන ආගමික ප්‍රජාවන් තුළ කාන්තා හඬ කොන් කිරීමට හේතු විය හැක. යටත් භූමිකාවන් පිළිගැනීමට ඔවුන් බොහෝ විට සමාජගත වී ඇති බැවින්, කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හෝ සාම්ප්‍රදායික සම්මතයන්ට අභියෝග කිරීම අභියෝගාත්මක විය හැකිය. මෙය නිහඬ චක්‍රයක් නිර්මාණය කළ හැකි අතර, එහිදී ඇදහිල්ල සහ පිළිවෙත පිළිබඳ සාකච්ඡාවලදී කාන්තාවන්ගේ අත්දැකීම් සහ ඉදිරිදර්ශන නොසලකා හරිනු ලැබේ.


 කෙසේ වෙතත්, ආගමික ඉගැන්වීම් වඩාත් සාධාරණ ආලෝකයකින් නැවත අර්ථකථනය කිරීම සඳහා විද්වතුන්, ක්‍රියාකාරීන් සහ ආගමික නායකයින් අතර වර්ධනය වන ව්‍යාපාරයක් පවතී. බොහෝ දෙනා තර්ක කරන්නේ සාම්ප්‍රදායික අර්ථකථන බොහෝ විට ආගමික ග්‍රන්ථවල දක්නට ලැබෙන අනුකම්පාව, යුක්තිය සහ සමානාත්මතාවය පිළිබඳ පුළුල් ආචාර ධර්ම පණිවිඩ නොසලකා හරින බවයි. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි ධර්මයේ සහ ඉස්ලාමයේ ස්ත්‍රීවාදී දේවධර්මාචාර්යවරුන් ඇදහිලිවන්ත ප්‍රජාවන්ට කාන්තාවන්ගේ දායකත්වය ඉස්මතු කරන සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන කියවීම් සඳහා පෙනී සිටිති.


පුරුෂයින් සහ කාන්තාවන් යන දෙපිරිසටම ඔවුන්ගේ ඇදහිල්ලේ මුල් ඉගැන්වීම් පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් මුලපිරීම් මෙම වැරදි අර්ථකථනවලට අභියෝග කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. වැඩමුළු, ප්‍රජා සාකච්ඡා සහ අධ්‍යාපනික වැඩසටහන් මගින් ආගමික ග්‍රන්ථ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කළ හැකි අතර ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පිළිබඳ වඩාත් ඇතුළත් අර්ථකථනයක් දිරිමත් කළ හැකිය.


තවද, අන්තර් ආගමික සංවාද මගින් විවිධ ආගමික ප්‍රජාවන් අතර බෙදාගත් ඉගෙනීම සහ අවබෝධය පහසු කළ හැකිය. සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන පොදු වටිනාකම් සහ ඉගැන්වීම් ගවේෂණය කිරීමෙන්, මෙම සංවාද ඒකාකෘති විසුරුවා හැරීමට සහ ස්ත්‍රී පුරුෂ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමේදී සහයෝගීතාව දිරිමත් කිරීමට උපකාරී වේ.


අවසාන වශයෙන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ. ආගමික ග්‍රන්ථ විවේචනාත්මකව පරීක්ෂා කර නැවත අර්ථකථනය කිරීමෙන්, කාන්තාවන්ගේ භූමිකාවන් සහ දායකත්වයන් සීමා කරන බාධක ඉවත් කිරීමට සමාජවලට කටයුතු කළ හැකිය.  බොහෝ ආගමික සම්ප්‍රදායන් තුළ ආවේණික වූ යුක්තිය සහ අනුකම්පාව පිළිබඳ ආචාර ධර්ම මූලධර්ම අවධාරණය කිරීමෙන්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම පුද්ගලයින්ට සමෘද්ධිමත් වී ඔවුන්ගේ විභවය සපුරා ගත හැකි වඩාත් සාධාරණ අනාගතයකට මග පෑදිය හැකිය.

Tuesday, February 18, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට මත්ද්‍රව්‍ය වල බලපෑම

 

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව පැන නැගුණේ මෑතකදී නම් නොවේ. එය පෘතුගීසි යුගය දක්වා දිවයන්නකි. එනම් පෘතුගීසින් විසින් ලංකාවට අබිං යන මත්ද්‍රව්‍ය හඳුන්වා දෙන ලදී. මෙම මත්ද්‍රව්‍ය ලංකාවට විශාල බදු ආදායමක් ලබා දුන්නත් රට තුළ ගැටළු රාශියක් ඇති කරන්නක් බවට පත්විය.  කාලයත් සමඟ හෙරොයින්, ගංජා ,කසිප්පු, සිගරට්, සුරුට්ටු, අරක්කු, හෂ්හිෂ්, කංසා ,කැනබිස් ආදී මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රට පුරා ව්‍යාප්ත විය.වර්තමානයේ ලොකු කුඩා කා අතරත් වෛරසයක් ලෙස පැතිර යන මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලංකාවේ සංවර්ධන ක්‍රියාන්විතය අභියෝගයට ලක්වී තිබෙන ආකාරය මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කර තිබේ.

   ශ්‍රී ලංකාව යනු තවමත් සංවර්ධනය වෙමින් පවතින්නාවූ රටකි. ආදායම් මාර්ග වැඩි වූ පමණින් රට තුළ මුදල් භාවිතය වැඩි වූ පමණින් එය සංවර්ධන රටක් ලෙස නම් නොකරයි. ඒ සඳහා තවත් බොහෝ අංශ සංවර්ධනය විය යුතුය. නමුත් ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට මෙම මත්ද්‍රව්‍ය උවදුර මරු පහරක් වී තිබේ.

   🛑රටක් සංවර්ධනයට එම රටේ පුද්ගලයන්ගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. නමුත් වර්තමාන ලංකාවේ පුද්ගලයන්ගේ සාක්ෂරතා මට්ටම කෙබඳුදැයි ඔබට වටහා ගත හැකිද. මත්ද්‍රව්‍යවලට ශීඝ්‍ර ලෙස යොමු වන්නේ පාසල් සිසුන්ය. ඔවුන් අනාගත රටේ උරුමක්කාරයන්ය. නමුත් මෙම මත්ද්‍රව්‍ය හේතුකොට ගෙන පාසල් සිසුන්ගේ අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දමා තිබේ. එමෙන්ම රට තුළ නූගත් පිරිසෙන් වැඩි පිරිසක් මෙම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවී තිබේ.මේ ආකාරයට අධ්‍යාපන අංශය හා සාක්ෂරතා මට්ටම පිරිහීමට රටක් තුළ සංවර්ධන ක්‍රියාවලිය අඩපන කරන්නකි.

   🛑මත්ද්‍රව්‍ය උවදුරේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වනුයේ කාන්තාවන්ය.බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහාද කාන්තාවන් උපයෝගී කර ගනී.ඇතැම් කාන්තාවන් මෙම මත්ද්‍රව්‍යවලට කෙතරම් ඇබ්බැහි වී තිබෙනවාද යන්න පැවසුවහොත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගනු ලබන්නේ ගණිකා වෘත්තිය වැනි සමාජ සම්මත නොවන ක්‍රියාමාර්ග වලිනි.රටක් සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය ඉතාමත් වැදගත්ය .මන්ද ලංකාවේ පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් බහුතරයක් සිටීමයි. නමුත් මෙවන් වූ අකටයුතුකම් රට තුළ ක්‍රියාත්මක වීමෙන් රටක් සංවර්ධනය කරා ගෙන යාම ඉතාමත් දුෂ්කර වී තිබේ. 

   🛑රටක අනන්‍යතාවය විදහාපානා ප්‍රධාන සාධක ලෙස එම රටේ ආගම හා සංස්කෘතිය මහඟු කාර්යයක් ඉටු කරයි. නමුත් ශ්‍රී ලංකාවේ ආගම හා සංස්කෘතිය අද වන විට මුළුමනින්ම විනාශ කිරීමට මත්ද්‍රව්‍ය උවදුර සමත් වී තිබේ. මන්දයත් මත්ද්‍රව්‍ය හේතුවෙන් පුද්ගලයන්ගේ සදාචාරය පිරිහීමට ලක්වී තිබේ. වංචා දූෂණ ළමා අපයෝජන ශීඝ්‍ර ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් පවතී. තමන්ගේ ආරක්ෂාව පවා ස්ථිර නොමැති රටක් කෙසේ සංවර්ධිත රටක් වන්නේද .මෙම ගැටලුවට පිළියම් යෙදීමට බලධාරීන් බොහෝ ක්‍රියාමාර්ග ගත්තත් ඔවුන් තුළද වැඩිමනක් සිටිනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රුකුල් දෙන්නාවූ පිරිසක් බව ඇතැම් මාධ්‍ය හෙළි කර තිබේ. ඉදින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනුයේ කවදාද? මෙය පිළිතුරක් නොමැති පැනයක් පමණක් බවට පත්වී තිබේ.

   🛑මත්ද්‍රව්‍ය ජාවාරම හේතු කොටගෙන පුද්ගලයාගේ මෙන්ම රට තුළ ධනය විශාල වශයෙන් පිරිහීමට පත්වේ. එනම් ආර්ථික ප්‍රශ්න රාශියක් රට තුළ උද්ගත වේ.පවුල් ප්‍රශ්න රැකියා ප්‍රශ්න මේ නිසා පැන නගී.එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ සේවයේ නියුතු පුද්ගලයන්ට අවශ්‍ය වැටුප් දීමනා ආදිය ලබාදීමට විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවේ .එමෙන්ම විදේශ විනමය බොහෝ ප්‍රමාණයක් වෙනත් රටවලට සේන්දුවේ.ලංකාව තුළ ආර්ථික අංශය පිරිහීමට ලක්වීම් හේතුවෙන් සංවර්ධනය ප්‍රමාද වේ.

   🛑ලංකාවේ රෝහල් තුළ සිටින රෝගීන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඵල භුක්ති විඳින්නන් වේ.පුද්ගලයන්ගේ ආයුෂ කාලය සීමා වීමට හදවත් රෝග පිළිකාරෝග ආදී නොයෙකුත් රෝග වැළඳීමට මෙන්ම බොහෝ රිය අනතුරු වීමටද මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී තිබේ. රටක නීරෝගී ජන පිරිසක් සිටීම එම රටේ සංවර්ධනයේ ප්‍රධාන අංශයකි. මන්ද රටක් පවත්වාගෙන යාමට නීරෝගී ශක්තිමත් ජන බලකායක් තිබිය යුතුය. නමුත් මේ තත්ත්වය යටතේ ලංකාවේ සංවර්ධන ක්‍රියාන්විතය පිළිබද ගැටලුවක් පැන නගී.

   ඉදින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන මේ ගමන මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් කෙතරම් ප්‍රමාද වනවාදැයි ඔබටම වැටහෙනු ඇත.ශ්‍රී ලංකා මාතාව අනාගත පරපුරට සංවර්ධිත රටක් ලෙස පවරාදීමට අපගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට නොමඳව උත්සහ කරමු.

අධ්‍යාපනය හා කාන්තාව

 

අධ්‍යාපනය හා කාන්තාව


අධ්‍යාපනය යනු සමාජ සංවර්ධනයේ මූලික සාධකයකි. එමෙන් ම අධ්‍යාපනය කාන්තාවකට නම්  සුවිශේෂි ආභරණයකි. කාන්තාවන් සඳහා, අවස්ථා, ස්වාධීනත්වය සහ සමානාත්මතාවය අගුළු ඇරීමේ යතුර එයයි. විශේෂයෙන්ම කාන්තා අධ්‍යාපනය යනු එක් පවුලක් පමණක් නොව සමාජයම ව්‍යාප්ත ලෙස ඉදිරියට ගෙන යාමේ නියමිත මාර්ගයකි. ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ තත්ත්වය දශක ගණනාවක් තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. කෙසේවෙතත්, තවමත් මතු වන අභියෝග රැසක් පවතී.  

අධ්‍යාපනය කාන්තාවන් සඳහා වැදගත් වන්නේ ඇයි? යන්න විමසා බැලිමේ දී, අධ්‍යාපනය යනු කියවීම සහ ලිවීමට වඩා වැඩි දෙයකි. එය පුද්ගලික වර්ධනය, ආර්ථික ප්‍රගතිය සහ සමාජ සංවර්ධනය සඳහා පදනමයි.  කාන්තාවන් අධ්‍යාපනය ලබන විට:ඔවුන් නිදහස ලබා ගනී , අධ්‍යාපනය ඔවුන්ගේ වෘත්තීන්, සෞඛය හා අනාගතය පිළිබඳ දැනුවත් තීරණ ගැනිමට පෙළඹේ. ඔවුන් ආර්ථිකයට දායක වේ,උගත් කාන්තාවකට ශ්‍රම බලකායට සහභාගී වීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ රටක ආරථිකය නංවාලීමට උපකාරී වේ.


ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ ඉතිහාසය සැලකු කල,  අධ්‍යාපනය සෑම පුද්ගලයෙකුටම අයිතියක් වුවද, අතීතයේදී කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අඩු අවස්ථා තිබුණි. නමුත් නිදහස ලැබූ පසු ශ්‍රී ලංකා රජය නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ පාසල් ජාලය පුළුල් කිරීම මඟින් කාන්තා අධ්‍යාපනය වර්ධනය විය.  

 වර්තමාන තත්ත්වය  යටතේ ශිෂ්‍යාවන්ගේ  අධ්‍යාපන සහාභාගිත්වය  ඉතා ඉහළ ය. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි තරග  විභාගවලදී කාන්තා ශිෂ්‍යාවන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිති.  

උසස් අධ්‍යාපනය යටතේ විශ්වවිද්‍යාලවල සහ වෘත්තියමය පුහුණු මධ්‍යස්ථානවල කාන්තා ප්‍රමාණය වැඩිවෙමින් පවතී. විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු, ගණිතය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් වැඩි ලෙස සම්බන්ධ වේ. මෙලෙස ශ්‍රී ලංකාවේ කාන්තා අධ්‍යාපනයේ තත්ත්වය දශක ගණනාවක් තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. කෙසේවෙතත්, තවමත් මතු වන අභියෝග රැසක් පවතී.   

සමාජ හා සංස්කෘතික බාධක – කිසියම් ප්‍රදේශවල තවමත් කාන්තා අධ්‍යාපනයේ වැටුප්මය හා පවුල් වගකීම් බලපෑම් ඇත.  

-රැකියා වෙළඳපොළේ සීමා– උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන්ට මෙන්ම විශේෂිත ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සීමිත වීම.  

විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු සහභාගීත්වය– විශේෂයෙන් STEM (Science, Technology, Engineering, Mathematics) ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ අඩු සහභාගීත්වය දැක්විය හැක.  

අධ්‍යාපනය හා  කාන්තාව අතර ඇති මෙම අභියොග බිදලීමට නම්,වඩාත් සමානාත්මක අධ්‍යාපන ප්‍රවේශයක් ඇති කිරීම ,STEM ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම,  

රැකියා වෙළඳපොළෙහි සමානාත්මක අවස්ථා ඇති කිරීම හා කාන්තා නායකත්වය දිරිමත් කිරීම සිදු කල හැක.

 

ශ්‍රි ලංකාවේ කාන්තා අධ්‍යාපනය පිළිබඳව දැන් දැන් ඉතාමත් යහපත් ප්‍රවණතාවයක් පවතින නමුත්, තවමත් ජාතික සංවර්ධනයට අනුකූල වන පරිදි ප්‍රායෝගිකව එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය සැලකිල්ලට ගැනිය යුතුය.  

මෙම කරුණු විස්තරාත්මකව සලකා බලමින්, කාන්තා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ සමානාත්මක පදනමකින් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට මූලික මඟකි.

Monday, February 17, 2025

මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ ඇයි?


 මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ ඇයි?


මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට විවිධ හේතූන් පදනම් වේ. මෙය මනස ශරීරික සහ ආර්ථික කරුණු මත පදනම්ව සිදුවේ. ඒවා මෙසේ සඳහන් කළළ හැකිය.


01. මානසික පීඩනය.

 ආතතිය විශාදය හුදෙකලා බව යනාදී හේතූන් නිසා ඒ තත්ත්වයන් මගහරවා ගැනීමේ අරමුණින් මිනිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී ඇත.


02.සමාජීය බලපෑම් සහ ගැටලු.

සමාජීය බලපෑම් සහ සමාජික රීති. එනම් මිතුරන් හෝ පවුලේ සාමාජිකයන්ගේ බලපෑම් නිසා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇත මිතුරන් සහ පවුල් පරිසරය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක්් සිදුවෙයි.


03.තෘප්තිමත් කිරීමේ හැකියාව.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ලැබෙන අත්දැකීම් හෝ මනෝභාවයන් මගින් මිනිසුන්ට මතකයන් හෝ සතුටක් ලබා ගත හැක මත්ද්‍රව්‍ය භාවිතය නිසා මනෝභාවයන් වලට ආකර්ෂණය වීමක්සිදුවෙයි.


04.සංස්කෘතික හා ආගමික මතයන්.

සමහර කාලයන්හි විවිධ සමාජවල සහ සංස්කෘතික පරිසරයන්හි මත්ද්‍රව්‍ය භාවිතය සාමාන්‍ය ක්‍රියාවක් වශයෙන් පැවතිය හැක මත්ද්‍රව්‍ය භාවිතය සමහර සංස්කෘතික උත්සවයන්හි සහ ආගමික ක්‍රියාකාරකම්වලද සාමාන්‍ය දෙයක් ලෙස මතුවේ .


උදා: ක්‍රිස්තියානි ආගමික  සමාජය.


05.ජීවන ගමනේ අභියෝග.

කාර්යබහුල ජීවිතයක් ආර්ථික දුෂ්කරතා පෞද්ගලික ගැටලු යනාදිය නිසා මිනිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත.


මේ ආකාරයට මිනිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ විවිධ මානසික ශාරීරික සහ ආගමික මෙන්ම සමාජය හේතූන් නිසාද බව පැහැදිලිවෙයි.

කාන්තා ශ්‍රමය හා වැටුප


 කාන්තාවන් මුහුණ දෙන වැටුප් පරතරය යන සංකල්පය වර්තමානයේ අවධානය යොමු කර සාකච්ඡා කළ යුතු කාලීන ගැටලුවකි. 

වැටුප් පරතරය යනු එකම වෘත්තීය ක්ෂේත්‍රයක, එකම සුදුසුකම් සහිතව වැඩ කරන පිරිමි සහ ගැහැණු සේවකයින් අතර වැටුප් වෙනසයි. මෙය ලෝකයේ බොහෝ රටවල්වල පවතින සාමන්‍ය ගැටලුවක් වන අතර, ශ්‍රී ලංකාවේද එය තවමත් දැකිය හැක.

වැටුප් පරතරය ඇති වීමට මූලික හේතු මෙසේ විමසා බලමු.

රැකියා වර්ගීකරණය සහ පිරිමි-කාන්තා වෘත්තිය බෙදීම මූලික හේතු සාධකයක් ලෙස හඳුනා ගත හැකිය. කාන්තාවන් වැඩි වශයෙන් රැදී සිටින්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ලේඛණ සහ පරිපාලන සේවා වැනි ක්ෂේත්‍රවලය.මෙම රැකියා බොහෝ විට අඩු වැටුප් සහිත වේ.පිරිමින් වැඩි වශයෙන් ඉලෙක්ට්‍රොනික්ස්, ඉංජිනේරු, තාක්ෂණික සහ කළමනාකරණ ක්ෂේත්‍රවල නියැළෙන අතර, මෙවැනි රැකියා උසස් වැටුප් ගෙවීම සිදු කරනු ලබයි.



ගෘහස්ථ වගකීම් සහ ගර්භණීභාවය කාන්තාවන්ට සිදු කරන බලපෑම ද මේ සඳහා හේතු සාධක වේ.බොහෝ කාන්තාවන්ට පවුල් වගකීම් (දරුවන් සහ මව්පියන්ට සැලකීම) නිසා නියමිත වේලාවල වැඩ කිරීමට අපහසු වේ.මව් පදවිය ලැබීම හෝ ගර්භණීභාවය නිසා වැඩි අවස්ථා අහිමි විය හැක.කාන්තාවන්ට ලැබෙන වැටුප් සහිත උපස්ථ විවේක (maternity leave) ප්‍රතිලාභ නිසා රැකියා ස්ථානයේ වටිනාකම අඩු වීමට ද ඉඩකඩ පවතී.



නායකත්ව තනතුරු ලබා ගැනීමේ බාධක ද සමාජය තුළ කාන්තාවට පවතින අතර වැටුප් විෂමතාවයට මෙම හේතුව ද බලපායි.පිරිමි සේවකයින්ට වඩා කාන්තාවන්ට ප්‍රධාන තනතුරු, කළමනාකරණ සහ නායකත්ව අවස්ථා අඩු වශයෙන් හිමිවේ."ග්ලාස් සිලින්ඩරය" (Glass Ceiling) යන සංකල්පය යටතේ, කාන්තාවන්ට උසස් තනතුරුට පත් වීමට නොදැනිම බාධා මතුවේ.නායකත්වය සඳහා පිරිමි සේවකයින් වඩාත් සුදුසු වේ ලෙස ද සමාජය තුළ මතයන් නිර්මාණය වී තිබීම ද මේ සඳහා ප්‍රබල හේතු සාධකයකි.


කාන්තාවන් ලිංගික පීඩනයට සහ එම හේතු මත සේවය මගහැරීම් ද වර්තමානයේ  කතා බහට ලක්වන පැතිකඩක් බවට පත් වී ඇත.සමහර කාන්තාවන් සේවය කරන ස්ථානවලදී ලිංගික පීඩනයට හෝ ලිංගික අපහසුතාවයට ලක්විය හැක.මෙවැනි අත්දැකීම් නිසා ඔවුන්ට ස්ථායී රැකියාවල සිටීම හෝ උසස් වීමට ඉදිරිපත් වීම අපහසු වේ.



වැටුප් සාකච්ඡා කිරීමට ඇති බාධාවන් ද සමාජයේ වැටුප් පරතරය ඇති වීමට බලපෑම් කරයි. පිරිමි සේවකයින් සාමාන්‍යයෙන් තම වැටුප් ඉහළ දැමීම සඳහා වැඩි අවස්ථා ඉල්ලා සිටිති. කාන්තාවන්ට මෙම සාකච්ඡා කිරීමේ හැකියාව අඩු විය හැකි අතර, මෙය සමාජීය නොසන්සුන් භාවයට හේතු විය හැක.


වැටුප් පරතරයේ දිගුකාලීන බලපෑම

අධික ආර්ථික අනීතිය හේතුවෙන් අඩු වැටුප් නිසා කාන්තාවන්ට මුදල් ඉතිරි කර ගැනීමට හා දේපළ ලබා ගැනීමට බාධා වේ.

විශ්‍රාම ආරක්ෂාව අඩුවීම නිසාවෙන් දිගු කාලීනව අඩු වැටුප් ලැබීම නිසා, ඔවුන්ගේ විශ්‍රාම භාරකාරත්වය අඩුවිය හැක.

අධ්‍යාපන හා වෘත්තීය උත්සහයන් අඩු වීම හේතුවෙන් ඇතිවන අඩු ආදායම් හේතුවෙන්, කාන්තාවන්ට අධ්‍යාපනයට වැඩි මුදල් වැයකිරීමට නොහැකි විය හැක.

මානසික සහ සමාජීය ආතතිය වැඩිවීම පාදක කොටගෙන අඩු වැටුප් සහිත රැකියාවල සිටීම නිසා ආර්ථික පීඩනයට ලක්වීම ද සිදුවේ.

සමාජයේ ජීවත් වන කාන්තාවන් මුහුණ දෙන වැටුප් පරතරය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විසඳුම් මොනවාද?

සාධාරණ වැටුප් නීති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

 කාන්තා නායකයින්ට වඩාත් වැඩි අවස්ථා ලබාදීම.

වැටුප් සාකච්ඡා සහ ස්ථායී සේවා තත්ත්වය වඩාත් විශේෂීකරණය කිරීම.

ගෘහස්ථ වගකීම් සහ සේවා ස්වභාවය මත කාන්තාවන්ට සහන සැලසීම.

Sunday, February 16, 2025

මත්ද්‍රව්‍ය හා එහි අහිතකර බලපෑම

 


මත්ද්‍රව්‍ය හා  එහි අහිතකර බලපෑම


මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබන්නේ ශරීරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන කාලයක් භාවිතා කළ විට ඇබ්බැහිවීම ඇති කරන කවර ප්‍රමාණවලින් භාවිතා කළත් ශරීරයට හානිදායක වූ රසායන ද්‍රව්‍ය පොදුවේ මත්ද්‍රව ලෙසැඳින්වේ .    මත්ද්‍රව්‍යයන් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය ආරක්කු, ගංජා, හෙරොයින්,  අයිස් , කොකේන් මර්ජුවානා , කුඩු , දුම් කල වැනි දෑ මේ අතරින් කිහිපයක් වේ .  මත්ද්‍රව්‍ය මගින් කායික මෙන්ම මානසික වශයෙන් විශාල රෝග ප්‍රමාණයක් ඇතිවේ .සිරෝසීස්, ලිංගික බෙලහීනතාවය හෘද රෝග,  අධි රුධිර පීඩනය ,පිළිකාමය තත්ත්වයන්  , වකුගඩු රෝගී තත්ත්වයන් , පෙනහළු වලදුර්වලතාවයන් , අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයන් , ශරීරය වියැකීයාම වැනි කායික රෝගී තත්ත්වයන් මෙන්ම මානසිකාව පීඩනයන්ද  ඇතිවේ .  වත්මන් සමාජය තුළ වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව දැඩි ලෙස මත්ද්‍රවය⁣ට  ඇබ්බැහි වී තිබුණු දැක ගත හැකිය . ශ්‍රී ලංකාව තුළ වැඩි ප්‍රතිශතයක් වශයෙන් දුම්වැටිවලට ගොදුරු වී ඇත්තේ ස්ත්‍රීන් වීම මෙයට කදිම නිදසුනකි . මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වීමට හේතු සාධකයන් විශාල ප්‍රමාණයක් දැක ගත හැකිවේ . විරැකියාව නිසා ඇතිවන මානසික අව පීඩනය  , රැකියාව මත ඇතිවන මානසික අව පීඩන තත්ත්වයන් , පවුල් ප්‍රශ්න , මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මිතුරන් ආශ්‍රය කිරීම , සමාජ මාධ්‍ය මගින් ඇතැම් විට මත්ද්‍රව්‍ය  පිළිබඳ තොරතුරු ප්‍රචාරණය කිරීම , රූපවාහිනී වැඩසටහන් සිනමාපටයන්  ටෙලි නාට්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම , මත්ද්‍රව්‍ය විකුනුම සිදු කරනු ලබන ව්‍යාපාරිකයන්ගේ  කූට  උපක්‍රමවලට හසුවීම  වැනි තත්ත්වයන් මත මෙම මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම සිදුවේ .  මේ ආකාරයට  මත්ද්‍රව්‍ය විකුණුම් සිදු කරනු ලබන ව්‍යාපාරිකයන්ගේ කෝටු උපක්‍රමයන් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වීම ඇතැම් අවස්ථාවන්වලදී දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර අයිස් පැකට් ටොපි වැනි පැණිරස හරහා මත්ද්‍රව්‍ය වලට හසු කර ගැනීමේ උත්සාහයන් අවස්ථාවන් කිහිපයකදීම හඳුනා ගැනීමට හැකි විය. මෙම තත්ත්වයන්   මගහරවා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට හැකිය .  නීතිමය ක්‍රියාමාර්ගය ගැනීම , පාසල් මගින් දැනුවත් කිරීම් , සිදුකිරීම උපදේශනයන් සැපයීම ,සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අහිතකර ප්‍රතිඵලයන් පිළිබඳව තොරතුරු ප්‍රචාරණය කිරීම , රූපවාහිනිය හරහා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව  ප්‍රචාරණය කිරීම , මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මත්ද්‍රව්‍යයට අධික ලෙස ඇබ්බැහි වූවන් උපදේශනයට යොමු කිරීම හා පුනරුත්ථාපනයට ලක් කිරීම  වැනි කටයුතු  සිදු කිරීමට හැකිය .  කෙසේ වුවත් මත්ද්‍රව්‍ය යනු  තුරන් කිරීමට අත්‍යවශ්‍යම පිළිලයකි .

Saturday, February 15, 2025

කාන්තාවන්ගේ ආත්ම වටිනාකම සහ අභිලාෂයන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම.*

 

*කාන්තාවන්ගේ ආත්ම වටිනාකම සහ අභිලාෂයන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම.*


සමාජ මාධ්‍ය වර්තමාන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර, පුද්ගලයන් තමන් මෙන්ම තම අභිලාෂයන් වටහා ගන්නා ආකාරය හැඩගස්වා තිබේ. Instagram, TikTok සහ Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා ස්වයං ප්‍රකාශනය සහ ජාලකරණය සඳහා අවස්ථා ලබා දෙන අතර, ඒවා විශේෂයෙන් කාන්තාවන් සඳහා අභියෝග ද මතු කරයි. මෙම වේදිකාවල පවතින සංක්ෂිප්ත අන්තර්ගතය, සමාජ අපේක්ෂාවන් සහ රූපලාවන්‍ය ප්‍රමිතීන් කාන්තාවන්ගේ ආත්ම වටිනාකම සහ අභිලාෂයන් කෙරෙහි සැළකිය යුතු ලෙස බලපායි.වර්තමානයේ වාර්තාවන සිදුවීමවලින් ඒ පිළිබදව මනාව පසක් වේ.


කාන්තාවන්ගේ ආත්ම වටිනාකම් සඳහා සමාජ මාධ්‍ය විවිධාකාරයෙන් බලපෑම් කරයි. යථාර්ථයක් නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් එලෙස කාන්තාවන්ගේ ආත්ම වටිනාකමට බලපෑම් කරන එක් ආකාරයකි.සමාජ මාධ්‍ය බොහෝ විට සුන්දරත්වයේ පරමාදර්ශී රූප නිරූපණය කරන අතර, කාන්තාවන්ට බලපෑම් කරන්නන්, කීර්තිමත් පුද්ගලයින් සහ සංස්කරණය කරන ලද ඡායාරූප සමඟ සංසන්දනය කිරීම සිදු කරයි. පෙරහන් සහ සංස්කරණ යෙදුම් බහුලව භාවිතා කිරීම අත් කරගත නොහැකි ප්‍රමිතියක් නිර්මාණය කරයි. බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාභාවික පෙනුම ගැන අතෘප්තිමත් හැඟීමක් මෙතුළින් ඇති කරයි. අධික සමාජ මාධ්‍ය භාවිතය ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටළු, කාංසාව සහ අඩු ආත්ම අභිමානය සමඟ සම්බන්ධ වී ඇති බව අධ්‍යයනයන් විසින් සොයාගෙන ඇත. සමේ පැහැය වඩාත් සුදු කර ගැනීම සඳහා වන අහිතකර නිෂ්පාදන වෙත කාන්තාවන් යොමු වන්නේ ඔවුන්ගේ සැබෑ පැහැය නිසා ඔවුන් සමාජයේ අවතක්සේරුවට ලක් වේ යැයි බියෙනි. එම හැඟීම ඔවුන් තුළ නිර්මාණය කර ඇත්තේ සම සුදු කර ගැනීම සඳහා ආලේපන අළෙවි කරන සමාගම්වලින් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය කරන වෙළද දැන්වීම් හරහා ය.


තවද සමාජ මාධ්‍ය පළ කිරීම්වල කැමැත්ත සහ අදහස් හුවමාරු කීරීම බොහෝ කාන්තාවන් සඳහා ආත්ම-වටිනාකමේ මිනුමක් බවට පත්විය හැකිය.  

එමෙන් ම කාන්තාවන් බොහෝ විට මාර්ගගත හිරිහැර හා ශාරීරික අවතක්සේරුවට ලක් වේ. සෘණාත්මක අදහස් සහ සයිබර් හිරිහැර කිරීම ගැඹුරු මානසික බලපෑමක් ඇති කළ හැකි අතර, එය ස්වයං සැකයට, මානසික අවපීඩනයට සහ ස්වයං-වටිනාකම පිළිබඳ අඩු හැඟීමකට මග පාදයි.මුහුණු පොත හරහා මේ ආකාරයෙන් සිදුවන අපහාස කිරීම් නිසා තරුණියන් සියදිවි නසා ගැනීම්වලට පවා පෙළඹී ඇති ආකාරය මෑතකාලීන සිදුවීම්වලින් වාර්තා වේ.


සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට අභියෝග තිබියදීත් බලගැන්වීම සඳහා වේදිකාවක් ලෙසද ඒවා ක්‍රියාත්මක වේ. බොහෝ කාන්තාවන් ව්‍යවසායකයින්, බලපෑම් කරන්නන්, ක්‍රියාකාරීන් සහ වෘත්තිකයන් ලෙස වෘත්තීන් ගොඩනැගීමට සමාජ මාධ්‍ය භාවිතා කර ඇත. LinkedIn වැනි වේදිකා ජාලකරණ අවස්ථා සපයන අතර, Instagram සහ TikTok කාන්තාවන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සහ ව්‍යාපාර ගොඩනැගීමට ඉඩ සලසා තිබේ.කේක් නිර්මාණය කරන,මැහුම් ගෙතුම් කරන කාන්තාවන් තම ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය හරහා ඉහළ වෙළදපලක් නිර්මාණය කරගෙන තිබේ.ඔවුන් තම නිෂ්පාදන මාර්ගගත ක්‍රමය යොදාගෙන පාරිභෝගිකයන් වෙත සමීප කරයි.


සමාජ මාධ්‍ය, කාන්තාවන්ට කාන්තා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් දක්වා පුළුල් පරාසයක ආදර්ශ නිරාවරණය කරයි.වෘත්තීය අභිලාෂයන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම රඳා පවතින්නේ විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ නියෝජනය මත ය.Instagram, TikTok සහ Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සේවා ස්ථාන අයිතිවාසිකම් සහ කාන්තා නියෝජනය වෙනුවෙන් පෙනී සිටීමේදී කාන්තා හඬ පුළුල් කර තිබේ. #MeToo සහ #BodyPositivity වැනි ව්‍යාපාර කාන්තාවන්ගේ ඒකාකෘතිවලට අභියෝග කිරීමට සහ ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ බාධක බිඳ දැමීමට බලය ලබා දී ඇත.


සමාජ මාධ්‍ය කාන්තාවන්ගේ ස්වයං-වටිනාකම සහ අභිලාෂයන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බව සහතික කිරීම සඳහා ස්වයං-ආදරය, අධ්‍යාපනික වර්ධනයට දායකවන අන්තර්ගතයන් සිදුකරන නිර්මාණකරුවන් අනුගමනය කිරීම,සමාජ මාධ්‍ය බොහෝ විට මිනිසුන්ගේ ජීවිතයේ කැපී පෙනෙන අවස්ථා පමණක් ප්‍රදර්ශනය කරන බව තේරුම් ගැනීමෙන් සංසන්දනය සීමා කිරීම සහ නව කුසලතා ඉගෙනීම සහ ජාලකරණය වැනි පුද්ගලික අවශ්‍යතා සහ වෘත්තීය සංවර්ධනය සඳහා සමාජ මාධ්‍ය භාවිතය අත්‍යවශය වේ.


සමාජ මාධ්‍ය කාන්තාවන්ගේ ස්වයං-වටිනාකම සහ අභිලාෂයන් කෙරෙහි ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් ඇති කරයි.  එය යථාර්ථවාදී නොවන ප්‍රමිතීන් සහ කාන්තවන් තුළ මානසික පීඩනය නිර්මාණය කළ හැකි වුවද, එය වෘත්තීය වර්ධනය, බලගැන්වීම සහ උපදේශනය සඳහා අවස්ථා ද ලබා දෙයි.නිසි අයුරින් සමාජ මාධ්‍ය භාවිතයට මාර්ගෝපදේශ ලබා දීමෙන් සහ ඉගෙනීමට මෙන්ම සම්බන්ධතා පවත්වා ගැනීමට මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කිරීමෙන්, කාන්තාවන්ට තම ආත්ම විශ්වාසය සහ අභිලාෂයන්වලට හානියක් සිදු නොවන ආකාරයෙන් මෙම වේදිකාවල සැරිසැරීමට හැකිය.

ලෝක පියවරුන්ගේ දිනයයි....

 අද ලෝක පියවරුන්ගේ දිනයයි....  රැකවරණයේ   සංකේතය ඒ  නුඹයි  තාත්තේ..... මෙම විශේෂ දිනයට තේමාවක් නොමැති වුවත් එයට හේතුව වන්නේ පියවරුන්ගේ නොනිම...