Monday, February 17, 2025

කාන්තා ශ්‍රමය හා වැටුප


 කාන්තාවන් මුහුණ දෙන වැටුප් පරතරය යන සංකල්පය වර්තමානයේ අවධානය යොමු කර සාකච්ඡා කළ යුතු කාලීන ගැටලුවකි. 

වැටුප් පරතරය යනු එකම වෘත්තීය ක්ෂේත්‍රයක, එකම සුදුසුකම් සහිතව වැඩ කරන පිරිමි සහ ගැහැණු සේවකයින් අතර වැටුප් වෙනසයි. මෙය ලෝකයේ බොහෝ රටවල්වල පවතින සාමන්‍ය ගැටලුවක් වන අතර, ශ්‍රී ලංකාවේද එය තවමත් දැකිය හැක.

වැටුප් පරතරය ඇති වීමට මූලික හේතු මෙසේ විමසා බලමු.

රැකියා වර්ගීකරණය සහ පිරිමි-කාන්තා වෘත්තිය බෙදීම මූලික හේතු සාධකයක් ලෙස හඳුනා ගත හැකිය. කාන්තාවන් වැඩි වශයෙන් රැදී සිටින්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ලේඛණ සහ පරිපාලන සේවා වැනි ක්ෂේත්‍රවලය.මෙම රැකියා බොහෝ විට අඩු වැටුප් සහිත වේ.පිරිමින් වැඩි වශයෙන් ඉලෙක්ට්‍රොනික්ස්, ඉංජිනේරු, තාක්ෂණික සහ කළමනාකරණ ක්ෂේත්‍රවල නියැළෙන අතර, මෙවැනි රැකියා උසස් වැටුප් ගෙවීම සිදු කරනු ලබයි.



ගෘහස්ථ වගකීම් සහ ගර්භණීභාවය කාන්තාවන්ට සිදු කරන බලපෑම ද මේ සඳහා හේතු සාධක වේ.බොහෝ කාන්තාවන්ට පවුල් වගකීම් (දරුවන් සහ මව්පියන්ට සැලකීම) නිසා නියමිත වේලාවල වැඩ කිරීමට අපහසු වේ.මව් පදවිය ලැබීම හෝ ගර්භණීභාවය නිසා වැඩි අවස්ථා අහිමි විය හැක.කාන්තාවන්ට ලැබෙන වැටුප් සහිත උපස්ථ විවේක (maternity leave) ප්‍රතිලාභ නිසා රැකියා ස්ථානයේ වටිනාකම අඩු වීමට ද ඉඩකඩ පවතී.



නායකත්ව තනතුරු ලබා ගැනීමේ බාධක ද සමාජය තුළ කාන්තාවට පවතින අතර වැටුප් විෂමතාවයට මෙම හේතුව ද බලපායි.පිරිමි සේවකයින්ට වඩා කාන්තාවන්ට ප්‍රධාන තනතුරු, කළමනාකරණ සහ නායකත්ව අවස්ථා අඩු වශයෙන් හිමිවේ."ග්ලාස් සිලින්ඩරය" (Glass Ceiling) යන සංකල්පය යටතේ, කාන්තාවන්ට උසස් තනතුරුට පත් වීමට නොදැනිම බාධා මතුවේ.නායකත්වය සඳහා පිරිමි සේවකයින් වඩාත් සුදුසු වේ ලෙස ද සමාජය තුළ මතයන් නිර්මාණය වී තිබීම ද මේ සඳහා ප්‍රබල හේතු සාධකයකි.


කාන්තාවන් ලිංගික පීඩනයට සහ එම හේතු මත සේවය මගහැරීම් ද වර්තමානයේ  කතා බහට ලක්වන පැතිකඩක් බවට පත් වී ඇත.සමහර කාන්තාවන් සේවය කරන ස්ථානවලදී ලිංගික පීඩනයට හෝ ලිංගික අපහසුතාවයට ලක්විය හැක.මෙවැනි අත්දැකීම් නිසා ඔවුන්ට ස්ථායී රැකියාවල සිටීම හෝ උසස් වීමට ඉදිරිපත් වීම අපහසු වේ.



වැටුප් සාකච්ඡා කිරීමට ඇති බාධාවන් ද සමාජයේ වැටුප් පරතරය ඇති වීමට බලපෑම් කරයි. පිරිමි සේවකයින් සාමාන්‍යයෙන් තම වැටුප් ඉහළ දැමීම සඳහා වැඩි අවස්ථා ඉල්ලා සිටිති. කාන්තාවන්ට මෙම සාකච්ඡා කිරීමේ හැකියාව අඩු විය හැකි අතර, මෙය සමාජීය නොසන්සුන් භාවයට හේතු විය හැක.


වැටුප් පරතරයේ දිගුකාලීන බලපෑම

අධික ආර්ථික අනීතිය හේතුවෙන් අඩු වැටුප් නිසා කාන්තාවන්ට මුදල් ඉතිරි කර ගැනීමට හා දේපළ ලබා ගැනීමට බාධා වේ.

විශ්‍රාම ආරක්ෂාව අඩුවීම නිසාවෙන් දිගු කාලීනව අඩු වැටුප් ලැබීම නිසා, ඔවුන්ගේ විශ්‍රාම භාරකාරත්වය අඩුවිය හැක.

අධ්‍යාපන හා වෘත්තීය උත්සහයන් අඩු වීම හේතුවෙන් ඇතිවන අඩු ආදායම් හේතුවෙන්, කාන්තාවන්ට අධ්‍යාපනයට වැඩි මුදල් වැයකිරීමට නොහැකි විය හැක.

මානසික සහ සමාජීය ආතතිය වැඩිවීම පාදක කොටගෙන අඩු වැටුප් සහිත රැකියාවල සිටීම නිසා ආර්ථික පීඩනයට ලක්වීම ද සිදුවේ.

සමාජයේ ජීවත් වන කාන්තාවන් මුහුණ දෙන වැටුප් පරතරය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විසඳුම් මොනවාද?

සාධාරණ වැටුප් නීති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

 කාන්තා නායකයින්ට වඩාත් වැඩි අවස්ථා ලබාදීම.

වැටුප් සාකච්ඡා සහ ස්ථායී සේවා තත්ත්වය වඩාත් විශේෂීකරණය කිරීම.

ගෘහස්ථ වගකීම් සහ සේවා ස්වභාවය මත කාන්තාවන්ට සහන සැලසීම.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය

 *ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේදී සංස්කෘතිය* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආගමික ඉගැන්වීම්වල සංස්කෘතික වැරදි අර්ථකථන ලොව පුරා සමාජ වල ව්‍යාප්ත වී ...