නන්දා මාලනී
එම්.ඒ.නන්දා නැතිනම්
නන්දා මාලනී ගෝකුල යන නම් වලටත්
වඩා ඔබ අප කවුරුත්
හොඳින් හඳුනන නාමය වන විශාරද නන්දා
මාලනීයන් යනු හෙළ ගී ආගමනයෙහි සඳහන්
නොකරම බැරි, පරම්පරා ගණනාවකට රැව්පිළිරැව් දෙන රසබර චරිතයකි. එතුමිය තමාට ම ආවේණික වූ
ශෛලියකින් ගායනා කරනු ලබන ගීත, එම ගීත වල
පද රචනයෙහි, තනු නිමැවුමෙහි මෙන්ම මාලනියන්ගේ හඬ පෞරුෂයෙන් එක්
කරන රාවය සමග මුහුකොට රසික හදවත් තුළ තදින්ම කාවැද්දීමට සමත්ව ඇත. තව ද ඇය
2023 අගෝස්තු මස 23 වන දිනට වසර
80ක සාඩම්බර දිවිසැරියක මතකයන් මතින් 81 වන වියට පා
තැබීමට නියමිතයි.
නන්දා මාලනීය සිය ගායන කෞෂල්‍යය මනාකොට විදහාපාමින් හොඳ ම සහ ජනප්‍රිය
ම ගායිකාව ලෙස සරසවි සම්මාන 12ක්ද, ජනාධිපති සම්මාන 10ක්ද දිනාගැනීමට ඇය සමත් වන්නීය.
පණ්ඩිත් අමරදේවයන්ගේ අධ්‍යක්ෂණය යටතේ දිගහැරි "රන්මුතුදූව" සිනමා පටයේ "ගලන ගඟකි ජීවිතේ" ගීතයට සිය කුළුඳුල් දායකත්වය නාරද දිසාසේකරයන් හා එක්ව ලබාදෙන
අතර එම ගීතය හරහා
මෙතුමිය ජන හදවත් අතරත
ආදරණීය චරිතයක් බවට පත්වීම ආරම්භ විය. තව ද අමරදේවයන්ගේ
"මධුවන්ති"
නම් වැඩසටහනෙහි "සන්නාලියනේ", "රන් දහදිය බින්දු බින්දු" වැනි ගීත හරහා මෙන්ම "පෙරදා මහරෑ, මල්මද බිසවු, අරලිය ලන්දට, මලට රේණු" වැනි ගීත හරහා තවදුරටත් ඇය රසික සිත්
ඇද බැඳ ගැනීමට සමත් වන්නීය. "බුදු සාධු, බුද්ධානු භාවේන වැනි සිත් පහන් කරවන බොදු ගීත ද ඇයගේ ගීත
ලැයිස්තුවේ අඩංගු වූ අතර "සාධු
නාද" කැසට් පටයේ එන "දන්නෝ බුදුන්ගේ" ගීතය දෙවන ජාතික ගීය ලෙස ද ප්‍රචලිත වන්නට
විය. කුඩා දරුවන් සඳහා ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස යන රචකයන්ගේ නිර්මාණ
රැගත් "හඳහාමි" ගීත ඇල්බමය මැයගේ හඬින් රසගන්වා ඇත. යස ඉසුරු චිත්‍රපටයේ
"අම්මාවරුනේ",
සාරවිට චිත්‍රපටයේ "මේ සිංහල අපගෙ
රටයි" ගීත ඉඳහිට හෝ කෙනෙකුගේ මුවින්
පිටවන්නේ මිනිස් හද ගැබෙහි පිළිසිඳගන්නට
තරම් ඒවා ළයාන්විත වන නිසාමය.
සුනිල්
ආරියරත්නයන් විසින් රචිත ගී පදවැල් වලට
පණ පොවමින් නන්දා මාලනියන් සිය සජීවී ඒක පුද්ගල ප්‍රසංගය
"පවන" නමින් ජනතාව අතරට ගෙන එන අතර එම
ගීත හරහා එවක පැවති දූෂිත පාලනයට එරෙහිව නොබියව හඬ නැගීම නිසා
එවක රජයෙන් එම ගීත සඳහා
වාරණ පැනවීය. "රණ දෙරණේ, වහින්නට
හැකිනම්, එලයියා එලාඩෝ" මේ පවන ගී
එකතුවෙහි විය. සිය හැකියාවන් මෙසේ ජන හදවත් වලට
නව අරුත් එක් කරන්නට "පවන" ගත් වෑයම හේතුවෙන් මැය "පොදු ජනතාවගේ ගායිකාව" යන විරුදාවලියට හිමිකම්
කීය.
"රට වෙනුවෙන් සටනට
වැද දිවි දුන්
රණවිරුවෙකුගේ අවසන් ගමනට
යන මහජනතා පා
දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්..."
පණ්ඩිත්
අමරදේවයන් වැනි ශ්‍රෙෂ්ඨ ගායකයින් සේම නන්දා මාලනි නාමයද එක් චරිතයක් ම පමණක් බව
ඒ ගීත අසා ඇති, අසන, මතුවටත් අසන ළබැඳි සිත් ඇත්තෝ පසක් කරගනු නිසැකය...
Leo Hiruni Aththanayaka
First year
Faculty of Arts
Nanda Malini
Nanda Malini (Sinhala:නන්දා
මාලනී) (born August
23, 1943) is a Sri Lankan singer. She is one of the best known and most
respected singers of Sri Lanka. Her choice of lyrics depicts many real life
situations, and most intricate human relationships and emotions that stem out
of those. She has been credited as starting a new chapter in Sri Lankan
classical music.She has won eleven Sarasaviya Awards and eight Presidential
Awards for Best Singer.
Malini was born to a rural family of nine in Lewanduwa in
Aluthgama, Sri Lanka. She moved to Kotahena in Colombo as an adolescent and was
admitted to Sri Gunananda Vidyalaya where she came under the tutelage of T. N.
Margaret Perera. After winning a poetry contest, Malini was invited to Radio
Ceylon by W. D. Amaradeva and sang the song "Budu Sadu" on
Karunaratne Abeysekera's popular program Lama Mandapaya.
Malini continued her training after achieving fame, learning
under B. Victor Perera. She studyied for a year at Heywood and moving on to
Bhatkhande Music Institute in Lucknow, India in 1963. She would later return to
the University to obtain a Visharada degree in 1984. Upon her return to Sri
Lanka, Malini appeared on Amaradeva's programme Madhuvanthi singing the songs
"Sannaliyane" and "Ran Dahadiya Bindu Bindu."
Malini has had a string of successful releases. Her lyrics
depict realistic life situations, love, relationships, and emotions. The songs
"Pipunu Male Ruwa", "Sudu Hamine", and "Kada
Mandiye" attest to her effort to expose the hearts of women. Some of
Nanda's popular songs, such as "Manda Nawa Karanawa", show a humorous
and sensitive account of a young woman's experience of loneliness.
In 1971, Nanda collaborated with Pandit Amaradewa in the
Srawana Aradhana concert. In 1973 she started her first solo concert series,
and after having 530 shows the series ended on May 22, 1979. In August 1981 she
started another concert series ‘Sathyaye Geethaya’. She played 500 shows and ended
in August 1984. She conducted her next solo musical concert series Pavana in
June 1987 which ran for 18 months with 205 shows. After 22 years her newest
solo musical concert titled ‘Shwetha Rathriya’ was held with the collaboration
of Sirasa FM in 2010.
Leo Ilanka Laksiri
Second year
Faculty of Arts
நந்தா மாலினி
இலங்கையை சேர்ந்த
இவர் எல்லோராலும் நன்கு அறியப்பட்ட புகழ்பெற்ற பாடகர் ஆவார். இவருடைய பாடல்கள் அனைத்தும்
உண்மையான வாழ்க்கை மற்றும் சமூக கலாச்சார சூழல்களை கருப்பொருளாக கொண்டவை.
நந்தா மாலினி அவர்கள் 1943ம் ஆண்டு ஆகஸ்ட் 23ம்
திகதி அலுத்கம எனும் பிரதேசத்தில் பிறந்தவர். சிறி குணானந்த வித்தியாலயத்தில் கல்வி
பயின்ற இவர் பிற்பட்ட காலத்தில் தனது வாழ்க்கை துணையாக சுனேத் கோகுல என்பவரை தெரிவு
செய்தார். வருணி சரோஜா , அமா சாரதா என்ற இரு புதல்விகளுக்கு தாயும் ஆனார். எல்லோராலும்
இவர் பாராட்டப்படுவதற்கு காரணம் இவருடைய பாடல்கள் அனைத்தும் மனித வாழ்க்கையின் உண்மைகள்,
உறவு சிக்கல்கள், வாழ்க்கை சூழல், உணர்ச்சிகள் என்பவையை அடிப்படையாகக் கொண்டு பாடப்பட்டவையாக
இருப்பதனால் ஆகும்.
மாலினி அவர்கள் இலங்கையில் கர்நாடக இசையில் ஒரு
புதிய அத்தியாயத்தை உருவாக்கினார். இவரின் படைப்புகளில் "பிபுனு மலே ருவ"
, "சுது ஹாமினி", "கட மந்தியே" போன்ற பாடல்கள் இன்று வரை எல்லோராலும்
போற்றப்படுகின்றன. நந்தா மாலினி அவர்கள் சிறந்த பெண் பாடகருக்கான எட்டு குடியரசுத்
தலைவர் விருதுகளையும் ஒன்பது சரசவிய விருதுகளையும் வென்றார். இவரால் இலங்கையின் இசை துறைக்கு மட்டுமன்றி முழு
சமூகத்திற்கும் ஆற்றப்பட்ட பணி மிகையானது.
ஆகஸ்ட் 23ம் திகதியான இன்று தனது 79வது பிறந்தநாளை கொண்டாடுகின்ற
தாங்களின் வாழ்வில் வெற்றிகள் மற்றும் சாதனங்கள் மேலும் அமையட்டும் என வாழ்த்துகிறோம்!
Leo Nifla Najeem
Second year
Faculty of Arts