Thursday, March 28, 2024

සූරියකාන්ත


සූරියකාන්ත මල් ගැන ඔයාලා මේ දේවල් දන්නවද??

සූරියකාන්ත කියන්නේ ඇදහිය නොහැකි ප්‍රයෝජනවත් මලක්.

උතුරු ඇමරිකාවේ තමයි වසර 4500කට කලින් මේවා වගා කරලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ සූරියකාන්ත ශාකය සම්පූර්ණයෙන්ම ආහාරයට ගත හැකි බැවින්. මීට අමතරව සූරියකාන්ත පිටි වගේම තෙල් දැන් තියෙනවා.

සූරියකාන්ත ඉතා ධනාත්මක මලක්. මේකෙන් උණුසුම, වාසනාව, නමස්කාරය සහ මිත්‍රත්වය වගේ හැඟීම් තමයි ප්‍රකාශ කරන්නේ. ප්‍රීතිමත් අවස්ථා සැමරීමට මෙන්ම දුෂ්කර කාලයක් ගත් කරන කෙනෙක්ව සතුටු කරන්න දෙන්න පුළුවන් පරිපූර්ණ මලක්....

සූරියකාන්ත මල සූර්‍යයා අනුගමනය කරන බව ඔයාලා දන්නවද?

සූරියකාන්ත මල් කුඩා සූර්‍යයන්ට සමාන වනවා පමණක් නෙවේ මල් පිපීම ද සූර්‍යයා අනුගමනය කරනවා. දවල් කාලයේදී සූර්‍යයා නැගෙනහිර සිට බටහිරට ගමන් කරන විට සූර්‍යයා අනුගමනය කිරීමටත් පසුව රාත්‍රීකාලයේදී ඒවායේ මුල් ස්ථානයටත් යාමටත් ඔවුන්ට ඔවුන්ගේම ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් තියනවා...

ග්‍රීක මිථ්‍යා කථාවලදී, සූරියකාන්ත මල් බොහෝ විට ක්ලයිට් සහ ඇපලෝ මිථ්‍යා කතාවක් සමඟ සම්බන්ධ වෙනවා.

ක්ලයිට් ජල නිම්ෆා කෙනෙක් වූ අතර, ඇපලෝ හිරු දෙවියන් විය. ක්ලයිට් සහ ඇපලෝ ආදරයෙන් බැඳී ඇත. නමුත් පසුව ඔහු ඇයව අතහැර වෙනත් දේවතාවියක් වන ලියුකෝතෝ සමඟ ආදරයෙන් බැඳී ඇත. පසුව ක්ලයිට් ඇගේ ඊර් ෂ්‍යාව නිසා, ලියුකෝතෝගේ පියාට ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන පැවසූ අතර ඔහු ලියුකෝතෝව පණපිටින් වළලමින් දඬුවම් කළේය.

පසුව ඇපලෝ කෝපයට පත් වී ඔහු ක්ලයිට්ව මලක් බවට පත් කළේය.මල් ස්වරූපයෙන් පවා ඇය තවමත් ඔහුට ආදරය කර ඇති අතර ඇපලෝ තම අශ්ව රථයෙන් අහස හරහා සූර්‍යයා දෙසට ගමන් කරන විට ඔහු දෙස බලා දින ගත කර ඇත.සූරියකාන්ත මල් සෑම විටම සූර්‍යයා මුහුණලා සිටින්නේ මේ නිසා යැයි ජනප්‍රවාදවල කියනු ලැබේ...

සූරියකාන්තවලට ලෝකය පිරිසිදු කරන්න පුළුවන් කියලා දන්නවද?

සූරියකාන්තවලට විෂ සහිත ලෝහ සහ විකිරණ ඇතුළු විෂ අවශෝෂණය කිරීමේ විශිස්ට හැකියාවක් තියනවා. චර්නෝබිල් සහ ෆුකුෂීමා වැනි න්‍යෂ්ටික ව්‍යසනයන්වලින් පසුව යථා තත්වයට පත් කිරීමට සූරියකාන්ත මල් හිටවලා තියනවා...

Pam

Bak Full Moon Poya Day 2026

Bak Full Moon Poya Day 2026 – A Sacred Day of Peace, Wisdom & Reflection ☸ ✦ ✦ ✦...