Thursday, March 28, 2024

මහා සිකුරාදා


මහා සිකුරාදා යනු දෙව්පුත් කිතු සමිදානන්ගේ කුරුසියේ ඇණ ගැසීම හා කල්වාරි කදුමුදුනේ සිදුවු උන්වහන්සේගේ මරණය සිහිපත් කරන කිතුනු ආගමික දිනයකි.ජේසුස් වහන්සේ මිනිසා පවින් මුදා ගැනීම සඳහා තම දිවි පූජා කළ මහා සිකුරාදා කිතුණු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන් වලට එක්වෙමිනි.

එම දුක්ප්‍රාප්තිය සිහිකරමින් දින 40 ක් පුරා සිදුකරන ආගමික වත් පිළිවෙත් වල අවසන් දිනය අදයි. මහ සිකුරාදා බොහෝ කිතුනුවන් නිරාහාරව පසුතැවිලි වන දිනයක් වන අතර එය  මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ජේසුස් වහන්සේ කළ කැප කිරීම මෙනෙහි කිරීමට කාලයකි. එමෙන්ම ක්‍රිස්තියානි දින දර්ශනයේ වඩාත්ම උතුම් ශුද්ධ වූ දිනවලින් එකක් ලෙස මෙම දිනය සැලකේ.

රෝම පාලනය යටතේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ දී ජෙරුසලමේදී ජේසුස් වහන්සේගේ කුරුසයේ ඇණ ගැසීම සිදුවිය.ජේසුස්  වහන්සේ තමා පාවාදුන් ජුදාස් ඉස්කාරියස්  සහ අනෙකුත් ගෝලයන් සමඟ අවසන් රාත්‍රී භෝජනය ගත් දිනට පසු දින අත්අඩංගුවට ගෙන රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිළාත් හමුවට ගෙන එන ලදී.උන්වහන්සේ  කළ කිසිදු වරදක් සොයා  නොගත මුත් අවසානයේදී සමූහයාගේ ඉල්ලීම මත කසපහර ලබාදී කල්වාරිහිදි  මරණ දණ්ඩනය ලෙස කුරුසියෙ තබා ඇණ ගැසීම සිදුකර ඇත.

ඒ මොහොතේ තමාව මරණයට පත් කිරීමට සැරසෙන සියල්ලන් වෙනුවෙන් ජේසුස් වහන්සේගේ අවසන් වරට ප්‍රකාශ කර ඇත්තේ "පියාණෙනි ඔවුන්ට සමාව දෙන්න; ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනිතියි"යනුවෙනි.

කිතුණු විශ්වාසයට අනුව ජේසුස් වහන්සේ කැමැත්තෙන්ම කුරුසයේ මියගියේ මනුෂ්‍ය වර්ගයාගේ පව් කමාව සඳහා පූජාවක් ලෙසයි.

 පසුව උන්වහන්සේගේ දේහය සොහොන් ගෙයක තැන්පත් කර ඇත.කෙසේ වෙතත් දින තුනකට පසුව කිතුනුවන්  විශ්වාස කරන්නේ උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වු බවයි. එය "නැවත නැගිටීම" ලෙස හැඳින්වන සිදුවීමක් වන අතර එය ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රිය විශ්වාසයන් තවදුරටත් ශක්තිමත් කරන්නකි.උන්වහන්සේගේ මරණය උන්වහන්සේ විශ්වාස කරන පිරිසට සදාකල් ජීවනය පිළිබඳ පොරොන්දුවත් සමඟ ප්‍රේමය පිළිබඳව පණිවුඩයද  ලබාදී තිබේ.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...