Saturday, March 23, 2024

මැදින් පොහොයේ වැදගත්කම...


අද මැදින් මාසේ එනම් මාර්තු මාසයේ 24වනදා යි.බෞද්ධයන් වන ලෝකවාසී ලංකාවාසී සියලු ජනයාට වැදගත් වන මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත.දෙව් මිනිසුන්ගේත් ,තිලොවට අග්‍ර වූත් ගෞතම බුදුන් වහන්සේගේ සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රාශියක් ද උතුම් මැදින් පොහෝ දින සිදු වූ නිසා බෞද්ධයන් වන අප සැමට මෙය ඉතා වැදගත් පොහෝ දිනකි. මැදින් පොහෝ දින සිදුවූ වැදගත් සිදුවීම් රාශියකි.

♦️බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි කළ ඥාතීන්ට අමා මහ නිවන් මග පෙන්වාදීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කිරීම.

♦️ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳවමින් යමා මහ පෙළහර පෑම.

♦️සුද්ධෝදන රජතුමා තෙවන වරට බුදුන් වහන්සේට වන්දනා කිරීම.

♦️යශෝධරා දේවිය බැහැදැකීමට ගොස් ඇයට ඡන්න කින්නර  ජාතකය දේශනා කිරීම.

♦️සුද්ධෝදන රජතුමා උදෙසා 

 ධර්මපාල ජාතකය දේශනා කිරීම.

♦️රාහුල කුමරු හා නන්ද කුමරු සසුන්ගත කිරීම.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගිහිකළ තම ඥාති හිත මිත්‍රාදීන් සිටින කිඹුල්වත් පුරයට කාලුදායි ඇමතිවරයාගේ ආරාධනාවෙන් මැදින් මස පොහෝ දිනයේ දී වැඩම කරන ලදී.  බාල දරුවන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමට යවා ශාක්‍ය වංශිකයෝ එකත්පස්ව  බලා සිටියෝ ය.ඔවුන්ගේ මෙම  මානය බිඳ දැමීමට බුදුරජාණන් වහන්සේ අහසට නැගී සිය ශරීරයෙන් ජලධාරා ගිනි ධාර  විහිදුවමින් යමා මහ පෙළහර පෑහ.මානයෙන් උදම් වූ ශාක්‍ය වංශික පිරිසගේ මානය දුරු කිරීම හා බුදුන් වහන්සේ පිළිබඳ ඔවුන් පැහැදීම මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

බුදුන් වහන්සේගේ ගිහි කළ තම පියා වූ සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට වැඩම කර එහි දී රජතුමා උදෙසා ධර්මපාල ජාතකය දේශනා කළ අතර එහිදී සුද්ධෝදන රජතුමා අනාගාමී ඵලයට පත්විය. සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේට තෙවන වරට වන්දනාමාන කිරීම මෙහිදී සිදු විය.එමෙන්ම බුදුන් වහන්සේයි යශෝධරා දේවී බැහැදැකීමට ගොස් ඇයගේ පති භක්තිය පිළිබඳව  වර්ණනා කරමින් චන්න කියන ජාතකය දේශනා කිරීම ද සිදු වූයේ මැදින් පුර පොහෝ දිනයේ දී ය.

මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ රාහුල කුමරු හා නන්ද කුමරු සසුන්ගත කිරීම යි.දායාද ඉල්ලමින් තමා පසුපස පැමිණි රාහුල කුමරු සසුන්ගත කිරීමෙන් ද නන්ද කුමරුද සසුන් ගත කිරීමෙන්   සුද්ධෝදන රජතුමා ඇතුළු පිරිස ශෝකයට පත්විය.එහිදී සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේගෙන් දෙමාපියන් කැමැත්තකින් තොරව දරුවන් සසුන් ගත කිරීම  නොකරන ලෙස ඉල්ලා සිටියේය .බුදුන් බුදුන් වහන්සේ දෙමාපිය අවසරයකින් තොරව දරුවන්

 සසුන් ගත කිරීම නොකරන බවට  දේශනා කළහ.

මැදින් පොහොයේ තවත් එක් විශේෂතාවයක් වන්නේ, උතුම් සිරිපා කරුණාව සිදුකිරීමට සුදුසුම කාලසීමාව මේ කාලසීමාව වන  නිසාය.මෙම සිදුවීම් රාශිය නිසා ශාසනික වශයෙන් මෙන්ම සම්බුද්ධ චරිතය තුළ වූ අසිරිමත් සිදුවීම් සිදු වූ වැදගත් පොහොයක් ලෙස මැදින් පුර පසළොස්වක බොහෝ දින ලංකාවාසී ලෝකවාසී බොදු ජනයාට වැදගත් වේ.

ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම අසිරිමත් මැදින් පුන් පොහෝ දිනයක් වේවා.!!

Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...