Sunday, January 28, 2024

බෝරෝබුදුර් විහාරය


භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මුල්බැසගත් විවිධ රාජ්‍යයන්හි උන්වහන්සේ හා උන්වහන්සේ දෙසූ ධර්මය වෙනුවෙන් විහාරාරාම, දාගැබ් ආදීය නිර්මාණය විය.වර්තමානයේ එවැනි ඇතැම් රටවල බුදු දහම දක්නට නොමැති නමුත් ධර්මය වෙනුවෙන් අතීතයේ ඒ රාජ්‍යයන් කැපවූ අයුරු අදටද දැකගත හැකිය.

එවැනි ප්‍රෞඩ  බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති ඉන්දුනීසියාවේ විශිෂ්ට බෝරෝබුදුර් විහාරය පිහිටා ඇති අතර එය ලොව විශාලතම බෞද්ධ ස්මාරකය ලෙස සැලකේ. 8 වන හා 9 වන සියවස්වල මෙය නිර්මාණය වී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 600 - 800 දක්වා කාලය යනු ඉන්දියාව, ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව පුරා විහාරස්ථාන ඉදිකිරීමේ ස්වර්ණමය යුගයක් බව පෙන්වා දීමට මෙය කදිම නිදසුනකි.

ගිනිකඳු පාෂාණ වලින් ඉදිකර කිසිදු නවීන මෙවලමක් භාවිතයෙන් තොරව වසර 75ක කාලයක් තුළ ඉදිකරන ලද මෙම බෝරෝබුදුර් විහාරය බුද්ධ ප්‍රතිමා 504ක් පේකඩ පුවරු 2672කින් යුක්ත වන අතර මෙය මහායාන බෞද්ධ විහාරයක් ලෙස සැලකේ.1991 වර්ශයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කල බෝරෝබුදුර් විහාරය ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි කේඩු නිම්නයේ සශ්‍රික හරිත කෙත්වතු හා දර්ශනීය කඳුකරයක පිහිටා ඇති  ශෛලමය කලාවේ අද්විතීය නිමැවුමකි.

මහායාන බුදුදහම ප්‍රවර්ධනය කළ ශෛලේන්ද්‍ර අධිරාජ්‍ය සමයේදී බුද්ධ දේශනාවේ දෘෂ්‍ය ස්වරූපය  හා බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට අනුගමනය කළ යුතු පියවර ප්‍රායෝගිකව පෙන්වා දෙන අරමුණින් මහල් අටකින් යුක්තව මෙය නිමකර තිබේ.සමස්ත ගොඩනැගිල්ල පිරමීඩාකාර හැඩයකින් යුක්ත වන අතර මුල් අදියර චතුරස්‍රාකාර වේ. මෙය දේව මාලිගා කොටස ලෙස හැඳින්වේ.ඉහලින්ම ඇති වෘත්තාකාර වේදිකා තුළ විශාල දාගැබක් කේන්ද්‍ර කොට ගෙන කුඩා පරිවාර දාගැබ් 72ක් දක්නට ලැබේ.ඒ හැම දාගැබ් අභ්‍යන්තරයකම බුද්ධ ප්‍රතිමාව බැගින් නිර්මාණය ඇති ආකාරය දැකගත හැකිය .

බුදු දහමේ ඉගැන්වෙන කාම,රූප,අරූප යන තුන් ලෝකය සංකේතවත් කරන මෙම අපූරු නිර්මාණය අවිද්‍යාවෙන් මිදී බුද්ධත්වය කරා යන මාර්ගය පසක් කිරීමේ උත්සාහයක් බව විද්වතුන්ගේ මතයයි.

බොරෝබුදුර් විහාර සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව මෙන්දුත්,පාවෝ යන නමින් තවත් කුඩා විහාරස්ථාන ද්විත්වයක් දක්නට ලැබේ. මෙම විහාර ත්‍රිත්වය ම එක පෙලට පිහිටා ඇති අතර අතීතයේදී මෙම විහාර තුනම එකිනෙක සම්බන්ධ කරමින් ගඩොල් අතුරන ලද මං පෙතකින් පැවතෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

ඉන්දුනීසියාව ගිනිකඳු ආශ්‍රිත රටක් වන අතර වරින් වර ගිනිකදු පිපිරීමේ බලපෑම බෝරෝබුදුර් වලට එල්ල වුවද අතීත ඉදුනීසියානු බෞද්ධ ජනයා එය ආරක්ෂා කරගැනීමට  උත්සුක වූහ.ශ්‍රේෂ්ඨ බුදුරදුන් වෙනුවෙන් තැනූ නුවර යන අරුත් ඇති බෝරෝබුදුර්  විහාරාරාමය අග්නිදිග ආසියාවේ ආගමික ප්‍රබෝධය, ආධ්‍යාත්මික සංවර්ධනය, වාස්තු විද්‍යාත්මක දියුණුව පිළිබඳ කැටපතක් වෙනවා මෙන්ම ලෝකවාසි  බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන එමෙන්ම ලෝක සංචාරක ආකර්ශනය දිනු අපූරු ගමනාන්තයකි.

Leo Madhavi Maheshika

First Year

Faculty of Arts

Valentine's Day: Celebrating Love and Affection

 


Valentine's Day, celebrated annually on February 14th, is a day dedicated to expressing love and affection to those dear to us. Originating from ancient Roman traditions, this day has evolved into a global celebration of romantic love and companionship.

        Traditionally, couples exchange gifts, such as flowers, chocolates, and cards, as tokens of their affection. However, Valentine's Day isn't limited to romantic love; it's also an opportunity to show appreciation for friends and family members. In recent years, the holiday has become more inclusive, with people celebrating all forms of love, including self-love and platonic relationships.

        Valentine's Day has a complex history that dates back to ancient Roman times. One popular belief is that it originated from the ancient Roman festival of Lupercalia, which was celebrated on February 15th. During Lupercalia, people would pair off through a lottery system and engage in fertility rituals.

        Another theory suggests that Valentine's Day is named after Saint Valentine, a Christian martyr who was executed on February 14th in the 3rd century AD. There are several stories about Saint Valentine, but the most popular one is that he secretly performed weddings for soldiers who were forbidden to marry.

        Many choose to commemorate the day with special dinners, romantic gestures, or intimate getaways. However, others opt for more unconventional celebrations, such as volunteering or spending quality time with loved ones.

        Critics argue that Valentine's Day has become overly commercialized, with pressure to spend money on extravagant gifts. However, proponents argue that the holiday serves as a reminder to cherish and appreciate the people we love, regardless of the commercial aspects.

        Ultimately, Valentine's Day is a time to celebrate love in all its forms and to cherish the meaningful connections in our lives. Whether it's a romantic dinner for two or a heartfelt gesture to a friend, the spirit of Valentine's Day lies in spreading love and kindness.

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts

Saturday, January 27, 2024

ඉතින් රොබරෝසිය...


රොබරෝසියන් මලේ,

මතක ද ඇවිද ගිය හැටි

මල් ඉහිරුණු සවසක

ආල හිත් දෙකක්


ඉතින්, 

නුඹට කොයින් ද මතක

රොබරෝසියන් මල් පිපුණදා ට

ආල හිත් නැවතෙන්නෙ ම 

මල් ඉහිරුණු මේ රූස්ස ගහ යට


ඒත්, රොබරෝසිය

දන්නව ද ? 

ආල හිත්, මල් වාරෙ දී

නුඹව හමු වුණාට

මල් නොපිපෙන අවාරෙක

මේ රූස්ස ගහ යට හිටියේ

අපි දෙන්නා විතරක් බව....


Leo Umessha Hansanie

First Year

Faculty of Arts

කළුමැදිරිය ශාකය [ Nature Eye - Article 26]


පොදු නාමය :- කළුමැදිරිය/කලමන්ද/කඩුබේරිය

විද්‍යාත්මක නාමය :- Diospyros quaesita

ඉංග්‍රීසි නාමය :- Calamander tree

පවුල :- Ebenaceae

කුලය :- Diospyros

USDA දෘඪතාව :- 10-12

        අග්නිදිග ආසියාවට ආවේණික මෙම කළුමැදිරිය ශාකය ඒකදේශික ශාක ගණයට අයත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි. නිවර්තන වැසි වනාන්තර වල දක්නට ලැබෙන මෙම ශාකය දිගින් 35m පමණ උසට වැඩේ. 8-18cm අතර දිගින් යුක්ත දිලිසෙන පත්‍ර පවතී. තද කළු පැහැති කයිරු මුල් සහිතයි. ඉතා කුඩා කහපැහැති පුෂ්ප හටගනියි. ගෝලාකාර ඵල හටගනී. දැවමය වටිනාකමකින් යුක්ත කඳ කළු සහ කහ ඉරි සහිත බැවින් ගෘහ අලංකරණ භාණ්ඩ නිපදවීමට යොදා ගැනේ. මෙම කළු සහ කහ පැහැති ඉරි අද්විතිය රටාවන්ගෙන් යුක්ත බැවින් ද, කළුමැදිරිය ශාකය කළුවර වල එක් වර්ගයක් බැවින්ද  අධික වටිනාකමකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,වලව්වේවත්ත, වතුරාන වගුරු වනාන්තරය තුළ දක්නට ඇත.

         මෙම ශාකය අග්නිදිග ආසියාවට ආවේණික වුවද ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දක්නට ඇත. මෙහි ඉංග්‍රීසි නාමය වන Calamander යන නම එන්නේ මෙම දැව මුලින්ම අපනයනය කළ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයෙනි. තවද කොරමැන්ඩල් යන්න නිවර්තන ආසියානු ගසක තද දුඹුරු පැහැ ලීයක නමකි.

         සාමාන්‍යයෙන් ඩයස්පයිරෝස් විශේෂයේ බීජ ඉතා කෙටි ශක්‍යතාවක් ඇති බැවින් හැකි ඉක්මනින් වපුරා ගත යුතුය.  එහි ප්‍රරෝහණ නිෂේධක අඩංගු බැවින් මස් ඉවත් කළ යුතුය.  තවාන් බීජ පාත්තියක සෙවන සහිත ස්ථානයක බීජ වපුරන්න.  කළුවර සඳහා වපුරන මාධ්‍ය 3:1 අනුපාතයට පස් සහ සිහින් වැලි භාවිතා කරයි.  බීජයේ ඝනකම මෙන් 1 1½ ගුණයක ගැඹුරකින් යුත් වපුරන ගැඹුරක් සහිතව, බීජය තිරස් අතට හෝ සිරස් අතට සිටුවනු ලැබේ.  බීජ අතර දුර 35 සෙ.මී.  බීජ ප්‍රරෝහණය සහ මුල් වර්ධනයේදී වියළීමට ඉතා සංවේදී බැවින් මෙම අවස්ථාවේදී නිතිපතා වතුර දැමිය යුතුය.  සාමාන්‍යයෙන් සතියකට පසු බීජ ප්‍රරෝහණය වේ.           

        කළුමැදිරිය ශාකය මන්දගාමී වේගයෙන් වර්ධනය වන සෙවණේ නොවැඩෙන ශාකයකි. වියළි හෝ තෙත් පසකට වැඩි කැමැත්තක් දක්වයි. (වැලි,ලෝම සහ මැටි පස - PH අගය මෘදු අම්ල, උදාසීන සහ මූලික පස්) මේවා බීජ හරහා ප්‍රජනනය සිදුකරයි. බීජ ස්වභාවිකව හෝ සතුන් උපකාර කරගෙන පැතිරේ. සාරවත් පසක් හා සුදුසු පරිසරයක් හමු වූ විට බීජ ප්‍රරෝහණය වී ගස බවට පත් වේ. ක්ලෝන කිරීම හෝ බද්ධ කිරීම වැනි ක්‍රම සඳහා අනුගත නොවේ.

        වනාන්තර විනාශය නිසා වාසස්ථාන අහිමි වීම, වටිනා දැව නීතිවිරෝධි ලෙස කැපීම, දේශගුණ විපර්යාස නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. සංරක්ෂණ ප්‍රයත්නයන් හා තිරසර වගා පිළිවෙත් අවශ්‍ය වේ.

Sources of information and photograph credits:- Thuru.lk, lakshmanillangakoon.blogspot.com, lankaanews.com, pfaf.org, wikipedia.org, herbal.organic.com, Pinterest.com

Leo Hiruni Aththanayake,

First year,

Faculty of Arts

දුම්බර අං කටුස්සා [ Nature Eye - Article 25]


පොදු නම :- දුම්බර අං කටුස්සා

විද්‍යාත්මක නාමය :- Ceratophora tennentii

ඉංග්‍රීසි නාමය :- Leaf-nosed lizard, Rhinoceros agama, Horn-nosed lizard

වසම :- Eukaryota

රාජධානිය :- Animalia

කුලය :- Chordata

         නකල්ස් හෙවත් දුම්බර වනපෙතට ආවේණික රතු දත්ත පොතට ඇතුළත් වූ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කටුසු විශේෂයකි. මෙම සත්වයා මුලින්ම අනාවරණය කරගන්නා ලද්දේ 1861 දී ගන්තර් විසිනි. ශ්‍රී ලංකාවේ හිටපු ආණ්කාරවරයෙක් වූ Sir James Emerson Tenent ගේ නමින් නම්කර ඇති නිසා මෙම කටුස්සා ටෙනන්ට්ගේ අං කටුස්සා ලෙසත්, අඟ ශාකපත්‍ර හැඩැති නිසා පත්‍ර අං කටුස්සා ලෙස ද හඳුන්වයි. සාමාන්‍ය නාමය වන “Ceratophora” යන්නෙහි තේරුම අං දරන්නා යන්නයි. “tennentii” යන නිශ්චිත නාමය, ලංකාවේ යටත් විජිත ලේකම්වරයා වූ අයර්ලන්ත දේශපාලඥ ජේම්ස් එමර්සන් ටෙනන්ට්ට ගෞරවයක් වශයෙනි.

        නකල්ස් වනාන්තරයේ 750-1200m උස බෑවුම් වල පොලොවට ආසන්න ගස් කඳන් මත මොවුන් දක්නට අත.. සියුම් පරිසර වලට ප්‍රිය කරන මෙම සත්ව විශේෂය රතු දත්ත පොතට එකතුවන්නේ 2006 වසරේදීය. මෙම කටුසු විශේෂයේ පිරිමි සත්වයා ගැහැණු සත්වයාට වැඩියෙන් කොළ පැහැ ගනී. රතු දුඹුරු පැහැයට වර්ණය වෙනස් කල හැකිය.

          පැහැදිලි පෙනුම සඳහා මෙම කටුසු විශේෂය ප්‍රසිද්ධ වී ඇත. කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ පඳුරු මක හා ගස් මතයි.

       සාමාන්‍යයෙන් ගැහැණු සතාගේ නාසයේ කෙටි උපග්‍රන්ථ ඇත. රෝස්ට්‍රල් උපග්‍රන්ථය මාංසමය, පාර්ශ්විකව සම්පීඩිත හැඩැති අතර කෙලවර මොට ලෙස කේතුකාකාර පරිමාණයක් ඇත. පෘෂ්ඨය රතු දුඹුරු සිට ඔලිව් කොල දක්වා පරාසයක විහිදේ. විශාල පැති කොරපොතු වඩාත් කොල පැහැතිය. බෙල්ලේ ගුලර් කලාපය සහ දෙපස අඳුරු පැහැ සලකුණු ඇත. වල්ගයේ තද දුඹුරු පැහැති හරස්පටි 20ක් ඇත.

          මෙම කටුසු විශේෂය දිවා කාලයේදී ක්‍රියාකාරී වේ. කෘමින් සහ අනෙකුත් කුඩා ආත්‍රොපෝඩාවන් මත පෝෂණය වේ. කඩිසර නැත. විලෝපිකයන් වලක්වා ගැනීමට වේගයට වඩා ශරීර වර්ණය උපකාර කොට ගනී. සැඟවීම සඳහා හිස ආධාර වේ.  බිත්තර දැමීමෙන් පැටවුන් බිහිකරයි. අලිංගික ප්‍රජනනය සිදුකරයි. වලක බිත්තර 2-4 පමණ දමයි. පුළුල් සමතල ව්‍යුහය මගින් කම්පන හෝ වායුධාරා වල වෙනස්වීම් හඳුනාගැනීමට, ගොදුරු සොයාගැනීමට උපකාරී වේ.

        වනාන්තර විනාශය, පළිබෝධනාශක භාවිතය, දේශගුණික විපර්යාස හා ලැව්ගිනි ආදිය මෙම සත්වයින්ට ඇති තර්ජන වේ. නීතිවිරෝධි දැව කැපීම හා එනසාල්, කෝපි, තේ, රබර් වැනි වගාවන් සඳහා කැළෑ එළිකිරීම නිසා වාසස්ථාන අහිමිව ඇත.

Sources of information and photograph credits:- Chat.openai.com, wikipedia.org, animaldiversity.org, theartofgreen14.blogspot.com, Srilankawanderlust.wordpress.com, researchgate.net

Leo Hiruni Aththanayake,

First year,

Faculty of Arts.

Friday, January 26, 2024

වල්ලපට්ටා ශාකය[ Nature Eye - Article 24]

 

විද්‍යාත්මක නාමය :- Gyrinops Walla

පොදු නාමය :- වල්ලපට්ටා ශාකය.

 වල්ලපට්ට ශාකය අයත් වන්නෙ Thumeloeaceae කුලය යටතෙ එන Gyrinops ගණයට වේ.මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන අතර මීටර් 15 ක් පමණ උස ශාකයක් වන මෙහි පත්‍ර දිගැටි හැඩයෙන් යුක්ත වේ.අනෝදා ශාකයෙ පත්‍ර වලට සමාන වේ.හොදින් වැඩුණු කද තද දුඹුරු පැහැයට හුරු අලු පැහැති වර්ණයෙන් යුක්ත වේ.කද දැඩි ලෙස කෙදි සහිතය.මෙම ශාකයෙ  ඵල රතුවන් දුඹුරු වර්ණයෙන් යුක්ත වේ.

මෙම ශාකය අතරමැද සහ  තෙත්කලාපයේ ව්‍යාප්තව පවති.ගාල්ල ,මාතර,ගම්පහ,කළුතර,මහනුවර,රත්නපුර,මාතලේ හා තරමක් දුරට නුවරඑලිය දිස්ත්‍රික්කයෙත් දැකගත හැකි ශාකයකි.ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට නොලැබුන මුත් ඉන්දියාවෙ කේරළ හා තමිල්නාඩු ප්‍රාන්ත වල බහුලව දක්නට ලැබේ.තෙත් කලාපයේ වනාන්තර වලද ගෙවතුවලද දක්නට ලැබේ.පහතරට වැසි වනාන්තර වල යටි ස්තරයෙ බහුලව දක්නට ලැබෙන මෙම ශාකය 2012 රතු දත්ත වාර්තා පොතට අනුව තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස නම් කර තිබේ.

වල්ලපට්ටා ශාකයෙ මල් හට  ගැනීම අප්‍රේල් සිට ජුලි  දක්වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරු ගෙඩිද දැකිය හැකි වේ.පුෂ්ප මංජරියක මල් හට ගන්නා අතර ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක් ගනී.පුෂ්පිකාවක දිග 2cm පමණ වේ.පළල 5mm පමණ වේ.පුශ්පිකාවක පෙති පහක් දක්නට ලැබේ.ඒවා නාලාකාර මුකුට නලයකින් සම්බන්ද වන අතර මුකුට නලයෙ ඇතුලත ඉහළ කෙලවරෙහි පරාගදානි පහක් සම්බන්දව පවති.පරාගදානි වල පහතින් කලංකය පිහිටා තිබේ.

පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලයකදි සිදු වේ.මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2 - 3 ක් උස ගස්වල පවා ගෙඩි හට ගැනිම සිදු වේ.එක් කුඩා ගසකින් ඵල 20 - 30 ක් අතර ප්‍රමාණයක් නෙලාගත හැකි අතර විශාල ගසකින් ඊට වඩා වැඩි ඵලදාවක් ලබා ගත හැක.ශාකයෙ පොත්ත පහසුවෙන් ගැලවීයාමත් ශාක පත්‍ර වල නාරටිය පිහිටා ඇති ආකාරයත් ඵලයෙ විශේෂිත ස්වභාවයත් බීජයේ ඇති පුලුන් වැනි ස්වභාවයත් ශාකය නිවැරදිව හදුනා ගැනීමට භාවිතා කල හැකි සුවිශේෂී උපාංගයන් වේ

රන්වලටත් වඩ මිලෙන් අදික ඇගාර් නිස්සාරණය කර ගැනීමට මෙම ශාක විශේෂය මහා පරිමාණයෙන් කපා ඉවත් කෙරේ.මේ හේතුවෙන් වනාන්තර වලට ඇතිවන බලපෑම වළක්වාලීම සදහා ඇගාර් නිපදවන ශාක අන්තර්ජාතික වෙළදාමේදී පාලනයට ලක් කර ඇත.ඒ අනුව අන්තරායට ලක් වූ වන ජීවී විශේෂ ජාත්‍යන්තර වෙළදාම පිළිබද (CITES) සම්මුතියේ දෙවනි උප ලේඛනයට 1995 වසරේදි ඇකියුලාරියා මෙලන්සිස් විශේෂයද 2004 වසරේදි ඇගාර් නිපදවන සියලුම ශාක විශේෂද ඇතුළත් කර තිබේ

Leo Sachini Maduwanthi

First Year

Faculty of Arts



උණහපුලුවා [Nature Eye -Article 23]

 

විද්‍යාත්මක නාමය :- Loris tardigradus.

පොදු නාමය :- උණහපුලුවා

ඉංග්‍රීසි නාමය :- slender loris

උණහපුලුවා වානර වර්ගයේ උප කොට්ටාසයක් වන ප්‍රොසිම් (prosimii) ගණයේ ලොරිසිඩේ(Lorisidae)  පවුලෙ සාමාජිකයෙකි.ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙකටම ආවේණික සත්ව කොට්ටාසයක් ලෙස මොවුන් හදුන්වා දිය හැකිය.මොවුන් රතු හා අලු වශයෙන් වර්ග දෙකක් යටතෙ දැකගත හැකි අතර ලංකාවෙ වැඩි වශයෙන් රතු පැහැති උණහපුලුවන් දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප වලට අයත් උප විශේශ 4 ක් දැකිය හැකිය.ඒ අතරින්  ශ්‍රී ලංකාවෙ පහතරට තෙත් කලාපයෙ දක්නට ලැබෙන්නෙ The western ceylon slender loris යන ඉංග්‍රීසි නාමයෙන් හැදින්වෙන උප විශේෂයයි.මෙහි දක්නට ලැබෙන කුඩාම උණහපුලුවන් වර්ගය මොවුන් වන අතර ලංකාවට ආවේණික සත්වයෙකු වන මෙම සත්වයාගෙ විද්‍යාත්මක නාමය loris tardigradus tardigradus වේ.

 මෙම සත්වයාගෙ සිරුර කුඩාය,දිගටිය,සිහින් ය.හිස රවුම් වන අතර විශාල වේ.වලිගයක් දක්නට නොමැති අතර අවයව දිගු සහ සිහින් ස්වභාවයක් ගනී.මොවුන්ගෙ දබරැගිල්ල කෙටි වන අතර මහපටැගිල්ල දිගු වේ.මුඛ්‍යයේ තාවකාලිකව ආහාර ගබඩා කර ගැනීමට හැකි වන පදිරි සැකසි ඇති (cheek pauches ) දක්නට නැත.නාසය ආසන්නයෙන් දිවෙන සුදු පැහැති රේඛාවකින් පමණක් ඇස් පෙදෙස ඉස්මතුව පෙනේ.මොවුන්ගෙ ආයු කාලය වසර 15 ක් පමණ වේ.මෙම සත්වයාගෙ සිරුරේ මුළු දිග 200cm පමණ වේ.මොවුන්ට කෙටි ලෝම සහිත සමක් පවතින අතර පාද සහ අත් කෙටි ලෝම වලින් යන්තමින් ආවරණය වී පවති.උණහපුලුවාගෙ හිසේ සහ පිටෙ වර්ණය රතට හුරු දුඹුරු පැහැයක් ගන්නා අතර රෝම අග්‍රයෙහි අදුරු පැහැයක් දැකගත හැක.අදුරු පැහැති රේඛාවක් පිටමැදින් ඇදි ඇති අතර මොවුන්ගේ සිරුරේ යටි ප්‍රදේශයෙ ලෝම කහ පැහැයක් ගන්නා අතර එහි  අග්‍රයෙහි තද අළු පැහැයක් දැකගත හැකිය.පාද වල සහ අත්වල ඇති කෙටි රෝම සුදු පැහැතිය.හොම්බ සහ මුහුණ වටා විරලව පැතිරුණු සුදු රෝම මුහුණට කැපී පෙනෙන සුලු පෙනුමක් ගෙන දේ.ඇස් ප්‍රදේශය තද දුඹුරු පැහැයක් ගන්නා අතර ඇසිපිය ආසන්නයට එත්ම ලා වර්ණයක් ගනී.කම්මුල් තද පඩු පැහැති වේ.

මොවුන් නිශාචර සත්ව කොට්ටාසයක් වේ.මොවුන් ගස්බෙනයක් හෝ පදුරක දෙබලයක් තම වාසස්තානය ලෙසයොදා ගනි.බෝලයක් මෙන් වකුටු වී අතු රිකිලි කිහිපයක් පාද හා අත් වලින් අල්ලාගෙන හිස පහතට වන්නට හිදිනු දැකගත හැකිය.තනි තනිව හෝ යුගල වශයෙන් මොවුන්ව දැකගත හැකිය.මොවුන්ගෙ ආහාර ලෙස කුඩා කෘමීන්, උරගයින් ,ශාක රිකිලි සහ පලතුරු ආදිය පෙන්වා දිය හැකිය. 

උණහපුලුවන් තම වර්ගයා බෝ කරනු ලබන ආකාරය පිලිබදව එතරම් තොරතුරු හමු නොවන අතර ගැහැණු උණහපුලුවන් මාස තුනක් වැනි කාලයක් ගැබ්බරව සිටි.වරකට එක් පැටවෙකු පමණ බිහි කරන අතර කුඩා පැටවුන් මවගෙ බඩෙ එල්ලි ගමන් කරයි.මෙම සත්වයා නිවර්තන වැසි වනාන්තර,ලදුකැලෑ, අර්ද පතනශීලි වනාන්තර හා වගුරුබිම් ආශ්‍රිතව දැකගත කැකිය.ගම්පහ,කැස්බෑව,රයිගම් කෝරළය,බණ්ඩාරගම වැනි ප්‍රදේශයන් වල මොවුන් දැකගත හැකිය.

Leo Sachini Maduwanthi
First Year
Faculty of Arts

 

 

 

Thursday, January 25, 2024

ඉරු රාජ ශාකය (Nature Eye - Article 22)

 


·         උද්භිද විද්‍යා නාමය: Zeuxine Regia

·         පවුල් නාමය: Orchidaceae

·         සිංහල පොදු නාමය: ඉරු රාජ, ඉර රාජ

                ශ්‍රී ලංකාවේ හෙළ වෙදකමෙහි භාවිතා කරනු ලබන ඉතා වටිනා ශාක වර්ගයක් ලෙස" රාජ" කුලයේ ශාක හඳුන්වා දිය හැකිය. මෙම රාජ කුලයේ ශාක වලින් වඳවීගෙන යන සොයා ගැනීමට අපහසු ශාකයක් ලෙස ඉරු රාජ ශාකය හඳුනා ගත හැකිය. මෙම ශාකය ශ්‍රී ලංකාවේ පමණක් දැකගත හැකි පැළෑටි විශේෂයකි.

               දියසීරාවන් ඇති ස්ථාන වල පමණක් ඉරු රාජ ශාකය වර්ධනය වන අතර මෙය ඉතාමත් අලංකාර ශාක විශේෂයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ශාකයෙහි පත්‍ර දිගින් අඟල් දෙකක් තුනක් පමණ වේ. පළලින් අඟල් තුනකට වඩා විශාල ද නොවේ. මෙහි කොළ වල යටි පැත්තේ බූවක් දැකගත හැකි අතර කොළය උඩ පැත්තේ රන්වන් පැහැයක් දැකගත හැක.

             මෙම ශාකයෙහි කුඩා දණ්ඩක් උඩට ගොස් මල සෑදේ. ශාකයේ මල් වල වර්ග අනුව වර්ග  තුනක් හඳුනාගත හැකිය. එනම්,

1) සුදු ඉරු රාජ

2)කහ ඉරු රාජ

3)රතු ඉරු රාජ               

                      වශයෙනි.

                           දේශීය බෙහෙත් වට්ටෝරු සෑදීම සඳහා ඉරැ රාජ ශාකය භාවිතා කරනු ලබන අතර මෙම ශාකය ඉතා දුර්ලභ ඖෂධයක් නිසා සාමාන්‍ය බෙහෙත් වට්ටෝරු වල දක්නට නොලැබෙන අතර ඉතා ප්‍රත්‍යක්ෂ රහස් බෙහෙත් වට්ටෝරු සෑදීමට භාවිතා කරනු ලබයි. ඉරු රාජ ශාකය භාවිතා කොට එසේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ  වර්ග කිහිපයක්   හඳුනාගත හැකිය.

1) හෙන රාජ තෛලය

2) මහා විෂ නීල තෛලය

3) ඝටීකාර මහා නාගදී තෛලය

4) වියරු රාජ තෛලය

5) වියරු රාජ ගුලිය

                                        ඉන් කිහිපයකි.

              ඉතා දුර්ලභ වටිනා පැළෑටියක් වීම නිසාම ඉරු රාජ ශාකය තිබෙන ස්ථානයකින් උදුරා දැමීම,  අලෙවි කිරීම, ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම ශාකය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

Leo Achini Madhumali

First Year

Faculty of Arts

විල් මුවා (Nature Eye - Article 21)

 

·         


කුලය: Cervidae

·         විද්‍යාත්මක නාමය: Axis Porcinus

·         ඉංග්‍රිසි නම්: Hog Deer, Ceylon Hog Deer, Paddy Field Deer, Swamp Deer

            ශ්‍රී ලංකාවේ දැක ගත හැකි මුව පවුල් වර්ග 04කි. ඉන් ඉතා දුර්ලභම මුව විශේෂය වන්නේ විල් මුවාය. ජන සමාජයේ මෙම මුවා ගෝන මුවා ලෙසින්ද හඳුන්වනු ලබයි.

          විල් මුවා 60cm-65cm අතර උසකින් යුතු අතර ශරීර වර්ණය ඒකාකාර ළා  දුඹුරු පැහැති වේ. ශරීර ප්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර ඕලු මුවාට වඩා තරමක් විශාල වේ. රතු දුඹුරු වර්ණයක් ගන්නා නිසා ඕලු මුවාගෙන්ද සුදු තිත් දක්නට නොලැබෙන නිසා තිත් මුවාගෙන්ද විල් මුවා වෙන් කර හඳුනාගත හැකිය. පිරිමි සතුන්ට කොටස් තුනකට බෙදුනු අං යුගලක් දැක ගත හැකිය. තරමක් දික් වූ වලිගයක් ඇති මේ සතුන්ගේ පාද තරමක් කෙටිය. ඇස් පැහැදිලිව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්තය.

           ශ්‍රී ලංකාවේ සීමිත ව්‍යාප්තියක් ඇති මෙම සතුන් තෙත් කලාපයේ කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක දෙකෙහි රට තුළට වන්නට ස්ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශිත පහත් බිම් ප්‍රදේශ වල පමණක් වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපීනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්මංහන්දිය හා මාදු ගඟ ආශිත දූපත් වල සුළු වශයෙන් ජීවත් වේ.

           දැනට විල් මුවා වාර්තා වන බොහෝ ස්ථාන එළිපෙහෙළි වීම හේතුවෙන් මෙම සත්ත්ව ගහණය ශීඝ්‍රයෙන් පහළ  යමින් පවතී. එසේම ගොවි ජනතාව විල් මුවා බෝග වගා ආහාරයට ගන්නා සතුරෙකු ලෙස සලකයි. කිරිවදින ගොයම්, කුරුඳු දලු, එළවළු බෝගවල දලු ආහාරයට ගැනීමට මෙම සතුන් රාත්‍රී කාලයේ වගා බිම් වෙත පැමිණෙන අතර විදුලිසැර යෙදීමෙන් හා මළපුඩු වැනි උගුල් ඇටවීමෙන් මෙම සත්ත්වයා මරණයට පත් කෙරේ. මෙම සතුන් මස් කර විකිණීමක් බහුලව දැක ගත හැකිය. විල් මුවා ලංකාවට හඳුන්වා දුන් විශේෂයක් ලෙස ඇතමුන් සැලකුවත් අතීතයේ සිටම විල් මුවා ලංකාවේ ජීවත් වූ බවට සාක්ෂි වසර 14 000ක් පමණ පැරණි අලවල පොතුගල් ලෙනෙන් හමුවී ඇත.

         මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට වාසස්ථාන ආරක්ෂා කළ යුතු අතර ඒ සඳහා පුළුල් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. මීට අමතරව මෙම සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තිය තුළින් මෙම සතුන්ට තුවාල සිදුකිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්,උගුලක්,තුවක්කුවක් පොල්ලක් හෝ වෙනත් උපකරණයක් භාවිතා කිරීම, මරණ ලද හෝ අල්ලා ගන්නා ලද සතෙක් හෝ කොටස් ළඟ තබා ගැනීම, මස් විකිණීම හෝ විකිණීමට ප්‍රදර්ශනය කිරීම, සම් හෝ අං තට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වුවහොත් රුපියල් 20 000ට නොඅඩු හා රුපියල් 50 000කට නොවැඩි දඩ මුදලක් හෝ  අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දෙකටම යටත් විය යුතුය.

Leo Achini Madhumali

First Year

Faculty of Arts

Wednesday, January 24, 2024

වඳවී යන ගොඩපර ශාකය (Nature Eye - Article 20)


පොදු නම - ගොඩපර

විද්‍යාත්මක නාමය - Dillenia retusa                   

ඉංග්‍රීසි නාමය - Dillenia retusa

ශ්‍රී ලංකාවට ආවේණික වූ වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතේ සඳහන් ශාකයන් බොහොමයක් අප රටේ පවතී.

ගොඩපර ශාකය යනු එලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි.ගොඩපර ශාකය මීටර් විසක් පමණ උසට සහ සෙන්ටිමීටර හැත්තෑවක් පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය හරිත ශාකයකි.මෙම ශාකයේ විශේෂිතම ලක්ෂණය වන්නේ දාර සහිත පත්‍ර පිහිටා තිබීමයි.

ඉතා අලංකාර සුදු පැහැති පුෂ්පයක් ගොඩපර ශාකයේ හටගනී.එම මල් වලින් හටගන්නා ඵල අමුවෙන් කොළ පැහැයෙන්ද ඉඳුණු පසු කහ පැහැයෙන්ද යුක්ත වේ.

ගොඩපර ශාකය පංචාංගයෙන්ම ප්‍රයෝජනවත් ශාකයකි.

ගොඩපර ශාකය වර්ග දෙකකින් දක්නට ලැබේ.

1.දිය ගොඩපර

2.ගොඩ ගොඩපර

විශේෂයෙන්ම දිය ගොඩපර කුඹුරු ආශ්‍රිතව හා ජලය ආශ්‍රිතව පඳුරු වශයෙන ද, ගොඩ ගොඩපර වනාන්තරවල විශාල වශයෙන් ද හටගනී.

බිඳුනු අස්ථි තිස්පැයක් ඇතුලත සවිමත් කළ හැකි ආයුර්වේද වටිනාකමකින් යුත් මේ ශාකය කැඩුම් බිඳුම් වෛද්‍ය ක්ෂේත්‍රයේදී භාවිතා කරන ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් ශාක විශේෂයකි.

කැඩුම් බිඳුම්, අතීසාරය, උණ, පිපාසය, දැවිල්ල, මුඛ රෝග, ඇඳුම, හිස කෙස් ගැලවී යාම, හිස්වරි වැනි රෝග රාශියකට බෙහෙත් සෑදීම සඳහා මෙම ගොඩපර ශාකය ගෙඩි ,කොළ, පොතු යොදා ගනී.වාතය දුරු කිරීමට, සෙම්පිත් මර්ධනයට මෙන්ම හෘද රෝග වලටද හිතකර ශාක විශේෂයකි.

ගොඩපර ශාකයේ මල් ,ගෙඩි, පොතු සේම ගොඩපර ලී ද ඉතා ප්‍රයෝජනවත් වේ.ගොඩපර ලී ඉතා ශක්තිමත් දැව වර්ගයකි. නිවාස සෑදීමේදී යට ලී බාල්ක ලෙස ගොඩපර ශාකයේ ලී භාවිතා කරයි.තවද ගොඩපර ලීයෙන් ශක්තිමත් ගෘහභාණ්ඩ සාදයි. ගොඩපර මල් ,ගෙඩි ව්‍යංජන සඳහාද යොදා ගනී.

උද්භිත කුලයට අයත් දේශීය ශාක විශේෂයක් වන ගොඩපර ශාකය වර්තමානය වන විට පලිභෝධ සහ රෝග, අධික උෂ්ණත්වය,දැව ලෙස ලබාගැනීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇත.

එම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වී ඇති මෙම ගොඩපර ශාකය ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි පරම්පරාවට සංරක්ෂණය කිරීම ඔබගේත් මගෙත් මහඟු යුතුකමකි.

ඔබ ගසක් බේරා ගන්නේ නම් ඔබ වෛද්‍යවරයෙකුට සමානයි. ඔබ ගසක් සිටුවන්නේ නම් ඔබ මවකට සමානයි. ඔබ ගසක් කපා දමයි නම් ඔබ මිනීමරුවෙකුට සමානයි.

Leo Sayuri Maleesha

First Year

Faculty of Arts

ශ්‍රී ලංකා අලියා (Nature Eye - Article 19)


පොදු නාමය - ශ්‍රී ලංකා අලියා

විද්‍යාත්මක නාමය - Elephas maximus maximus

ඉංග්‍රීසි නාමය - Sri lanka elephant 

ශ්‍රී ලංකා අලියා යනු දකුණු ආසියානු අලියාගේ පිළිගත් උප විශේෂ තුනෙන් එකක් වන අතර, ශ්‍රී ලංකා අලියා දකුණු ආසියාවේ දූපත් රටක් වන ශ්‍රී ලංකාවටම ආවේණික වේ.මෙම අලින් ආසියානු අලින්ගේ උප විශේෂයන් අතර විශාලතම උප විශේෂය වූවත් අප්‍රිකානු අලින්ගේ උප විශේෂයන් දෙකටම වඩා කුඩා ය.1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා අලියා IUCN රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

මෙම අලි ඇතුන් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉතා ගෞරවයට පාත්‍රවන අතර සැලකිය යුතු සංස්කෘතික හා ආගමික වැදගත්කමක් දරයි.

ශ්‍රී ලංකානු අලියා ශාක භක්ෂක සතෙකු වන අතර; තණකොළ ,ගස්වල පොතු, ඉදී වැටුනු පළතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයයි.විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්‍රෑම් දෙසීයක් පමණ ආහාර අවශ්‍යයි.මොවුන්ගේ දැවැන්ත ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඔවුන් දිනපතා විශාල වෘක්ෂලතා ප්‍රමාණයක් පරිභෝජනය කරයි.

ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථාන නිම්න භූමි වැසි වනාන්තරත් ,කඳුකර වනාන්තරත් ,වියලි කලාපීය වනාන්තරත් වේ.නමුත් මෙකල වියළි ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර සහිත ප්‍රදේශය ඇතුළු විවිධ භූ දර්ශනවල වාසය කරයි.කඳුකර වනාන්තර වලින් අලින් වඳ වී යන අතර වැඩි වශයෙන් වියළි වනාන්තරවල දැකගත හැකිය.

මෙම අලි ඇතුන් ඔවුන්ගේ සමාජ හැසිරීම් සඳහා ප්‍රසිද්ධ වන අතර සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වැඩිහිටි හා පලපුරුදු ගැහැණු සතෙකු විසින් මෙහෙයවන රංචුවලය.

උඩවලව ජාතික වනෝද්‍යානය ,මින්නේරිය ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය ,යාල ජාතික වනෝද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන්ය.

ශ්‍රී ලාංකීය අලින් ;මිනිස් ආක්‍රමණය ,වන විනාශය සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීම වැනි තර්ජන වලට මුහුණ දෙති.මීට අමතරව බෝග වැටලීම් සහ වෙනත් අන්තර්ක්‍රියා හේතුවෙන් අලි ඇතුන් බොහෝ විට ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ ගැටුම් ඇති ඇතිකර ගන්නා බැවින් අලි මිනිස් ගැටුම සැලකිය යුතු අභියෝගයක් මතුකරයි.එසේම අලි ඇතුන් දඩයම ,වන විනාශය, නියඟය හා කුසගින්න අනෙකුත් තර්ජනයි.

අලින් සුරැකීමට ජාතික වනෝද්‍යාන ,අභයභූමි පිහිටුවා ඇත .කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය ගිලන් වූ අලින් හා අනාථ වූ අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් හැත්තෑවක් පමණ වෙසෙති.

ශ්‍රී ලංකාවේ අලින් වඳවී යාම ප්‍රධාන වශයෙන් සිදුවූයේ මිනිස් ක්‍රියාකාරකම් සහ වාසස්ථාන අහිමිවීම හේතුවෙනි.ශ්‍රී ලංකාව; ආසියානු අලියා සහ දැනට වඳ වී ගොස් ඇති ශ්‍රී ලංකා අලි උප විශේෂය යන දෙකෙහිම නිවහන වේ.ඔවුන් වඳවී යාමට තුඩුදුන ප්‍රධාන සාධක අතර පුළුල් වන විනාශය  කෘෂිකාර්මික ව්‍යාප්තිය, දඩයම් කිරීම සහ අලි මිනිස් ගැටුම ඇතුළත් වේ.

දහනම වන සියවසේ අග භාගයේ සහ විසි වැනි සියවසේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය විශාල ලෙස අඩුවිය.ශ්‍රී ලංකාවේ ඉතිරව ඇති අලි ගහනය ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ ප්‍රයත්නයන් ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවේ අලි උප විශේෂය වඳ වී යාම සහ රට තුළ අලි ඇතුන්ගේ සමස්ත පරිහානිය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ ඓතිහාසික පාරිසරික වෙනස්කම් වල කොටසක් ලෙස පවතී.අදටත් රට තුළ වෙසෙන ශ්‍රී ලංකා අලි ගහනය සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දරයි.

Leo Sayuri Maleesha

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...