Wednesday, January 24, 2024

ශ්‍රී ලංකා අලියා (Nature Eye - Article 19)


පොදු නාමය - ශ්‍රී ලංකා අලියා

විද්‍යාත්මක නාමය - Elephas maximus maximus

ඉංග්‍රීසි නාමය - Sri lanka elephant 

ශ්‍රී ලංකා අලියා යනු දකුණු ආසියානු අලියාගේ පිළිගත් උප විශේෂ තුනෙන් එකක් වන අතර, ශ්‍රී ලංකා අලියා දකුණු ආසියාවේ දූපත් රටක් වන ශ්‍රී ලංකාවටම ආවේණික වේ.මෙම අලින් ආසියානු අලින්ගේ උප විශේෂයන් අතර විශාලතම උප විශේෂය වූවත් අප්‍රිකානු අලින්ගේ උප විශේෂයන් දෙකටම වඩා කුඩා ය.1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා අලියා IUCN රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

මෙම අලි ඇතුන් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඉතා ගෞරවයට පාත්‍රවන අතර සැලකිය යුතු සංස්කෘතික හා ආගමික වැදගත්කමක් දරයි.

ශ්‍රී ලංකානු අලියා ශාක භක්ෂක සතෙකු වන අතර; තණකොළ ,ගස්වල පොතු, ඉදී වැටුනු පළතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයයි.විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්‍රෑම් දෙසීයක් පමණ ආහාර අවශ්‍යයි.මොවුන්ගේ දැවැන්ත ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඔවුන් දිනපතා විශාල වෘක්ෂලතා ප්‍රමාණයක් පරිභෝජනය කරයි.

ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථාන නිම්න භූමි වැසි වනාන්තරත් ,කඳුකර වනාන්තරත් ,වියලි කලාපීය වනාන්තරත් වේ.නමුත් මෙකල වියළි ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර සහිත ප්‍රදේශය ඇතුළු විවිධ භූ දර්ශනවල වාසය කරයි.කඳුකර වනාන්තර වලින් අලින් වඳ වී යන අතර වැඩි වශයෙන් වියළි වනාන්තරවල දැකගත හැකිය.

මෙම අලි ඇතුන් ඔවුන්ගේ සමාජ හැසිරීම් සඳහා ප්‍රසිද්ධ වන අතර සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වැඩිහිටි හා පලපුරුදු ගැහැණු සතෙකු විසින් මෙහෙයවන රංචුවලය.

උඩවලව ජාතික වනෝද්‍යානය ,මින්නේරිය ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය ,යාල ජාතික වනෝද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන්ය.

ශ්‍රී ලාංකීය අලින් ;මිනිස් ආක්‍රමණය ,වන විනාශය සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීම වැනි තර්ජන වලට මුහුණ දෙති.මීට අමතරව බෝග වැටලීම් සහ වෙනත් අන්තර්ක්‍රියා හේතුවෙන් අලි ඇතුන් බොහෝ විට ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ ගැටුම් ඇති ඇතිකර ගන්නා බැවින් අලි මිනිස් ගැටුම සැලකිය යුතු අභියෝගයක් මතුකරයි.එසේම අලි ඇතුන් දඩයම ,වන විනාශය, නියඟය හා කුසගින්න අනෙකුත් තර්ජනයි.

අලින් සුරැකීමට ජාතික වනෝද්‍යාන ,අභයභූමි පිහිටුවා ඇත .කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය ගිලන් වූ අලින් හා අනාථ වූ අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් හැත්තෑවක් පමණ වෙසෙති.

ශ්‍රී ලංකාවේ අලින් වඳවී යාම ප්‍රධාන වශයෙන් සිදුවූයේ මිනිස් ක්‍රියාකාරකම් සහ වාසස්ථාන අහිමිවීම හේතුවෙනි.ශ්‍රී ලංකාව; ආසියානු අලියා සහ දැනට වඳ වී ගොස් ඇති ශ්‍රී ලංකා අලි උප විශේෂය යන දෙකෙහිම නිවහන වේ.ඔවුන් වඳවී යාමට තුඩුදුන ප්‍රධාන සාධක අතර පුළුල් වන විනාශය  කෘෂිකාර්මික ව්‍යාප්තිය, දඩයම් කිරීම සහ අලි මිනිස් ගැටුම ඇතුළත් වේ.

දහනම වන සියවසේ අග භාගයේ සහ විසි වැනි සියවසේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය විශාල ලෙස අඩුවිය.ශ්‍රී ලංකාවේ ඉතිරව ඇති අලි ගහනය ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ ප්‍රයත්නයන් ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවේ අලි උප විශේෂය වඳ වී යාම සහ රට තුළ අලි ඇතුන්ගේ සමස්ත පරිහානිය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ ඓතිහාසික පාරිසරික වෙනස්කම් වල කොටසක් ලෙස පවතී.අදටත් රට තුළ වෙසෙන ශ්‍රී ලංකා අලි ගහනය සංරක්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දරයි.

Leo Sayuri Maleesha

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...